Saturday, May 18, 2019

ඉස්ලාම් ප්‍රශ්නය ගැන කෙලින් කතාකරමු


                            ඉහත දැක්වෙන්නේ ඉස්ලාම් ප්‍රශ්නය ගැන සිදුකරන අපුරු විස්තරයකුයි 

නාලක මහත්මයාණනි,


ලියන දල ලිපිය ගැන මගේ අදහසයි මෙය.

අපි ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන කතා කිරීමේදී, අප තේරුම් ගත යුතුයි මෙසේ සියදිවි නසාගන ඇති මිනිසුන් සිංහලයන් විසින් පිඩනයට පත්කළ පිරිසක් වත් ආර්ථික දුෂ්කරතා නිසා පන්ති වෛරය නිසා පෙලබුන මිනිසුන් පිරිසක් වත් නෙමෙයි, මෙහි `ඇත්ත කතාව මම හිතන විදියට නම් ඔබත් දන්නවා නමුත් ප්‍රසිද්ධියේ කියන්න බයයි සමාජයෙන් කොන් වෙයි කියල.

දැන් මේ කතාව නොදන්නා මිනිසුන්ට පැහැදිලි වන ලෙස මම කියන්නම්.

මුස්ල්ලිම් පවුලක කුඩා දරුවෙකු ගේ මනස පිලියල වන ආකාරය බලමු.

මුස්ලිම් කුඩා දරුවෙකුට ඉස්ලාම් ආගම හදුන්වා දෙන්නේ බිලිදු අවදියේමයි එහිදී කුරානය ගැන අදාළ දරුවාගේ මනස දැඩි ලෙස භක්තියක් ඇති කරනු ලබනවා, කුරානයේ කිසිවක් විචාරශිලිව ප්‍රශ්න කිරීම සපුරා තහනම් වන අතර ඉස්ලාම් ආගමේ චාරිත්‍ර අන්ද භක්තියෙන් කිරීම අදාළ ජනතාව පොලබවනු ලබනවා.


මෙවනි පරිසරයක තමයි දරුවා හැදී වැඩෙන්නේ,


                                                  සංස්කෘතිකව කුඩා දරුවකුගේ මොළ සෝදන අයුරු 

දැන් කුරානය දෙස මදක් බලමු කුරානයේ සදහන් කරුණු මුලික කොටස් 2 ට වෙන්කළ හැකියි එනම් කොටසක් එනම් මොහොමඩ් තුමා මක්කම සිට සිදුකල දේශනාත් පසුව මදිනාවේ කල දේශනා වලත් එකතුවයි 




ඔබ ඉස්ලාම් ජාතිකයකු ගෙන් විමසුවොත් ඉස්ලාම් ආගම සාමය ගැන කියන්නේ කුමක්ද කියා, ඔහුගේ පිළිතුර වනු ඇතිතේ ඉස්ලාම් ආගම යනු සාමය ප්‍රචාරය  කරන දහමක් ලෙසයි! එහිදී ඔහු කරන්නේ මොහොමඩ් තුමා මක්කම දී කරන ලද දේශනා ඔබ වෙත ගෙනහැර දැක්වීමයි, නමුත් ඔබ නොදන්නා යමක් තියනවා එනම් මක්කම දී  සාමය ගැන දේශනා සිදුකලත් ඔහු මදිනා වලට පැමිණි විට ඉතා යුදවාදී දේශානා කල බව ඔවුන් කියන්නේ නෑ, එච්චර විතරක් නෙමෙයි මුලදී සාමය ගැන කරුණාව  ගැන කල දේශනා පසුව යුද්ධය ගැනත් තම දහම අදහන්නේ නැති මිනිසුන් මරා දමියයුතු බවත් කියන දේශනා මහින්, මුල් දේශනා අහෝසි කරනු ලබනවා  මෙය ඉංග්‍රීසියෙන්  කියන්නේ "abrogate" ලෙසයි එනම් මුල් අදහස් හකුලවාගැනීම නොහොත් මුල් අදහස් පිලි නොගන්න තත්වයට පත්කිරීමයි.

එනම් දන් වලංගු වන්නේ මොහොමඩ් තුමා පසුව කියනලද අදහසුයි උදාහරණ.


"And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful."

ශුද්ධ වූ මාස වලින් පසු අන්‍ය ආගමිකන් සොය සොයා ඝාතනය කරනු වැනි අදහසකුයි.

දැන් ඔබ අසයි මෙවැනි භයානක දේ සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් දැන නොසිටියාද කියා ? 

ඔවුන් දැන සිටියත් නැතත් ඔවුන් එසේ ක්‍රියාත්මක විය යුත්තේ කුමන අවස්තාවකදීද කියලත් කුරානයේ සදහන් වනවා එනම් මුස්ලිම් ජාතිකයන් බලය සුළු නම් තමන්ට බලය ලැබෙන තුරු අන්‍ය ආගමිකයන්ට හොද මුණ පෙන්වමින් සිටින අතර සිතතුළ ඔවුන් පිළිබද තරහව තබා ගත යුතු බව සදහන් වනවා.


එතකොට මේ සිදුවන්නේ කුමක්ද ?
 
අද වනවිට මුස්ලිම් ජාතිකයන් අගනගරයේ ජනතාවගේ ජනගහනයට සමාන වෙමින් පවතිනවා දැන්  අරාබියේ සිටින මුලද්ර්මවාදින් ශ්‍රී ලංකාව තුලට ආනයනය කරන්නේ සාමාන්‍ය මුස්ලිම් දරුවන් ගේ මොළ සෝදා අන්‍ය ජාතිකයන් මරා මුස්ලිම් රටක් ඇති කිරීමේ ඉලක්කයට යාමටයි.

එහිදී ඔවුන්ට මොළ සේදීමට මාහා උත්සහයක් කරන්න ඕනේ නෑ ඔවුන්ට උවමනා කරන්නේ කුරානයේ සදහන් මිනීමරු අදහස් ටික පෙන්වීම පමණයි, මෙයයි රහස කොච්චර පෝසත් උනත් සියදිවි නසාගන්න මට්ටමේ ක්‍රියාවක් කිරීමට පෙලබවිමට.


මෙවැනි අති සරල ක්‍රියාවලියක් ඔබවැනි කෙනෙකුට නොතේරෙනවා   කියන්නේ විහිළුවක් නෙමෙයිද ?

නාලක මහතාණනි,

ලෝකයේ සිදුකලයුතු මුලික කරුණ නම් සියලු ඉස්ලාම් විද්වතුන් මේ කරුණ ගැන කියන්නේ කුමක්ද කියා අසා, ඔවුන්ගේ මුල ග්‍රන්ථ නිසා සමාජ ප්‍රචණ්ඩත්වයට හේතු වනවානම් අදාළ  ග්‍රන්ථ සමග ඔවුන්ගේ ඉගැන්වීම් තහනම් කිරීම නොවේද ?



හැංගි හොරා නැතුව කෙලින්ම නිවැරදි පිළිතුර දෙන කාන්තාවක් 


8 comments:

  1. සත්‍ය වශ්යෙන්ම ලාංකීය ද්‍රවිඩ ජනතාවට සාපේක්ෂව මුස්ලිම් ජනයා ලංකාව තුල වඩාත් වරප්‍රසාද විඳින පිරිසක්. සත්තකිනම ඔවුන්ද පිළිගනු ලබන්නේ මැවුම්කාර දෙවියෙකු පිළිබඳ විශ්වාසයයි.
    වරක් ගංගොඩවිල සෝම හාමුදුරුවන් ලස්සන කතාවක් කිව්වා. සතුන් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට නම් ද ඔවුන්ට පන දී ඇත්තේ මස් පරිභාජනයට සුදුසු ආකාරයෙන් නැවුම්ව තබා ගැනීමටත් නම් ඇයි අපි කුකුළෙකු මරණ්නට යන විට ඌ පන බේරා ගැනීමට දිව යන්නේ? ඇයි මරණ කොට බෙරිහං දෙන්නේ?"

    මෙය ඉතාමත් ප්‍රාථමික තර්කයක් ලෙස කිසිවෙකුට හුවා දැක්වීමට පුළුවන. එහෙත් මෙයට දිය හැකි පිළිතුරක් නොමැත.

    එසේම ඉපදී කෙටි කලකින් "ඇජස් " කරණ්න්ට අවශ්‍යවන පරිදි සර්ව බලධාරී අල්ලා විසින් මිනිසුන් මැව්වේ ඇයි?

    සත්තකින්ම මුල මැද අග කොතණින් ගත්තද ඉතාමත් තර්කාණුකූල ලෙස ඇති එකම ආගමික දර්ශනය වන්නේ බුද්ධ දර්ශනයයි. ඉතාමත් අන්ධ භක්තියකින් යුතුව ඔවුන් එය අදහනවා පමණක් නොව එම සාස්තෲන් වහන්සේලා දෙසා වදාල අතිශයින් අද පවතින සදාචාර සම්පන්න ලෝකයට නොගැලපෙන "විහිළු" කරයි.

    බෞද්ධයෙකු හට පින් - පව් හෝ කුසල - අකුසල් හෝ එසේත් නැතිනම් පරලොව හෝ මරණින් මතු ජීවිතය ගැන විශ්වාස කල හෝ නොකලද තමා විෂයෙහි පිහිටා අනුන් ගැන සිතන්නට බෞද්ධ දර්ශනය තුලින් ඇති කරවන්නාවූ හික්මීමම සදාචාර සම්පන්න ලොවක පැවැත්ම තහවුරු කරණු ලබයි. අට්ඨානං උපමං කත්වා - නහෙයිය න ඝාතේ කියා බුද්ධ වචනයෙන් පවසන්නේ මෙයයි.

    ලෝකයේ සෑම සියළු රටකම පවතින ව්‍යවස්ථාව්, හා සම්මත නීති යනු ශික්ෂා වන්ය. බෞද්ධයන් යනු ස්වේච්ඡාවෙන්ම ශික්ෂාවන්ට පිහිටවන්නාවූ පිරිසකි. කරුමෙට මේ වන විට මේ ශ්‍රේෂ්ඨ දර්ශනය අප කති! හාමුදුරුවන් වළඳති!

    ReplyDelete
    Replies
    1. Thattayagekolama,

      බෞද්ධ ඉගැන්වීම තුල මුල්කාලයේ මුල ග්‍රන්ථ වන සුත්‍ර පිටකයේත් පසුකාලයේ ඇතිවූ අටුවා ටීකා වලත් එක දෙයෙක් කිව හැකියි එනම් ආගමේ නාමයෙන් මනුෂ්‍ය හෝ සත්ව ඝාතනයක් නිසා ස්වර්ගයට යාහැකි යයි කියා කිසිම තැනක සොයාගත නොහැක.

      සමර ධර්ම කරුණු විවිද පුද්ගලයන් විවිද අයුරින් අර්ථකථනය කලත් බුදු දහම තුලින් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සාදාරනිකරණය කල නොහැක, නමුත් මුස්ලිම් දහම තුල කෙලින්ම ඔවුන්ගේ කුරානයේම ප්‍රචණ්ඩත්වය පවතිනවා.

      Delete
    2. මම කිසිම ආගමක් විශ්වාස නොකරන බැවින් කිසිදු ආගමක් වෙනුවෙන් පෙනී නොසිටි මින් මෙම ගැටළුව දෙස බැලීමට මට හැකියාව තිබෙනවා . මුස්ලිම් ආගම ද අනෙක් ආගම් මෙන් ම අදට ගැළපෙන ලෙස වෙනස් විය යුතුයි. මා ඉන් අදහස් කරන්නේ බුදු දහම සහ කිතු දහම කාලයත් සමඟ ඒ වෙනස් වූ බවයි . ඒ ආගමට අවනත නොවූ පිරිස් මරා දමන අතීතයක් කිතු දහමට තිබුණා . බුදු දහමට ද ඒ වලංගුයි . සිය දරුවා නාගයකු ලවා මිය යන්නට හැර අනතුරු ව ලබන දාන මානාදිය බුදුන් ට පූජා කිරීමෙන් (ගෞතම බුදුන් නෙවෙයි ) දෙව් ලොව සම්පත් ලද ජාතක කතා බුදු දහමේ පැවති බව ඔබ විශ්වාස කරන්නේ නැති බව මම දන්නවා . නමුත් සත්‍යය එයයි . එබැවින් එක් ආගමක් උසස් යයි අන් ආගම පහත් යයි මේ කියන අදහසට මම එකඟ වන්නේ නෑ . සිදු විය යුත්තේ මුස්ලිම් ආගම ද අන් ආගම් ලෙස ම ශිෂ්ට සමාජයට ගැළපෙන සේ වෙනස් වීමයි .

      Delete
    3. thirdeyelk

      //මුස්ලිම් ආගම ද අනෙක් ආගම් මෙන් ම අදට ගැළපෙන ලෙස වෙනස් විය යුතුයි. මා ඉන් අදහස් කරන්නේ බුදු දහම සහ කිතු දහම කාලයත් සමඟ ඒ වෙනස් වූ බවයි//

      මුලින්ම කියන්න ඕනේ අප ආගම් පිළිබද අදහස් පලකරන විට එක එක්කෙනාගෙන් අහගන තමන්ට සිතෙන දේ නොකිය යුතුයි, මුලින්ම කල යුත්තේ අදාළ ග්‍රන්ථයේ කොතැනක එම අදහස තිබෙනවාදැයි කෙලින්ම පෙන්වාදී අදහස් පල කිරීමයි.

      මුලින්ම බුදු ධහම ගැන කිව්වම, අප බැලිය යුතු මුලික දේ පවතින්නේ අදාල මුල ග්‍රන්ථ වලයි එනම් සුත්‍ර පිටකය විනය පිටකය සහ අභිධම්ම පිටකය යන ග්‍රන්තයි.

      ඔබ මේ ග්‍රන්ථ මුල සිට අගට බැලුවත් ඔබ කියන අකුසලයක් කරමින් අදාළ අකුසලයේ විපාක ලෙස සැප ලැබෙනවා කීම අමුම මුලාවක්. මෙවැන්නක් තිබෙනවානම් ඔබට පහසුවෙන් අදාළ ස්ථානය පෙන්වා දිය හැකියි.

      ක්‍රිස්තියානි ආගම ගැන උනත් කිව යුත්තේ අදාළ ස්ථානය පෙන්වා දෙන ලෙසයි මාවිසින් කරන ලද උපුටා ගැනීම කරන ලද්දේ ඉසලාම් දහමට විරුඋද්ධව අදහස් ප්‍රකාශ කරන තැනකින් නොව ඔවුන්ග්ගේම ආගමික අඩවියක් තුළිනුයි.

      ඔබට අභියෝග කළහැකිනම් බුදුදහමේ මුල ග්‍රන්ථවල, අන්‍ය ආගමිකයන් මාරා දැමියයුතුයි වැනි අදහසක් ඇත්තේ කෙහේදැයි පෙන්වාදෙන්න. මේ මුලග්‍රන්ථ මෙම අඩවියෙන් නොමිලේ බාගත කල හැකියි
      https://www.aathaapi.org/


      අනෙක් අදහස මුස්ලිම් ආගම කිසිකලක වෙනස් කල හැකිනම් එසේ කල හැක්කේ මොහොමඩ් නබි තුමා වැනි දෙවියන් වහන්සේ ගේ නියෝජිතයකු කරන වෙනස් කමකින් පමණයි.

      ඉස්ලාම් දහම තුල පාප් වහන්සේ වැනි තනතුරක් නොපවතින බව කරුණාවෙන් සලකන්න.

      Delete
  2. කොන් වෙන්න බැරි නිසා විතරක් නෙමෙයි ඡන්ද නිසාත් ඇත්ත යට ගහනවා..

    ReplyDelete
    Replies
    1. HarshaLulzSec,

      //ඡන්ද නිසාත් ඇත්ත යට ගහනවා//

      මේක අපුරුවට දැකගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ සිටින බුද්ධිමතුන් ලෙස හදුන්වන හර්ෂ ද සිල්වා වැනි අය මේ වනවිට අනුගමනය කරන නිහඩ පිළිවෙත බලපුවහම තේරුම් ගන්න පුළුවන්

      Delete
  3. Thattayagekolamඅ

    සතුන් මවන ලද්දේ මිනිසාගේ පාරිභෝජනය සඳහා නම් සතෙකු මරණයට තැත් කරන විට වේදනාවෙන් පැන යන්නට උත්සාහ ගන්නේ ඇයි?

    සතුන් මිනිසාගේ පරිභෝජනයට යොදා ගැනීමේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් එය සිදුවිය යුත්තේ එම සතාට මම ම වේදනාවක් ඇති වන ලෙස බවයි මගේ අදහස.
    නමුත් එය වරදක් ලෙස ඔබ සිතනවා නම් පහත කරුණු සඳහා ද ඔබට පිලිතුරක් තිබිය යුතුය .
    1. ඔබ මුහුද මැද අතරමං වී ඇතැ යි සිතන්න. දින කිහිපයක් සිටිය හැකිනම් ඔබව බේරාගැනීමට යමෙකු පැමිණිය හැක. මසුන් සහ කුරුල්ලෙකු මරා අනුභව කළොත් ඔබට දින කිහිපය ගෙවා ගත හැකිය ය. ඔබ කරන්නේ කුමක්ද ?

    2. මස් කඩයක මරණයට පත්වන වන ගවයන් සහ වනාන්තර තුළ ගොදුරට ලක්වන වෙන ගවයන් එකසේ මරණ වේදනාව ලබයි. ඇත්ත වශයෙන්ම වනයේ ගොදුරට පත්වන ගවයා ලබන වේදනාව අධික ය . වේදනාව ගැන සිතන්නේ නම් වනයේ ගවයන් ද අප බේරාගත යුතුයි නේද ?

    ReplyDelete
    Replies
    1. //01// මෙහිදී සත්ව ඝාතනයක් සිදුවෙනවා, බුදු දහමට අනුව බැලීමේදී මෙහදී මාලුවා මැරූ කර්මය අදාළ පුද්ගලයාට ලැබෙනවා ඒ වගේම ඔබ කියන ආකාරයට ඔහුට එම ආහාරය නිසා ජීවිතය බේරාගන්න පුළුවන්, නමුත් මෙය බැලිය යුත්තේ දීර්ග සංසාරය සමගයි අදාළ පුද්ගලයා කුසගින්නේ මිය ගියානම් ඔහුට අදාළ වන්නේ මෙතෙක් කල කුසල් අකුසල් පමණයි නමුත් මාළුන් මැරීම නිසා සංසාරේ ඉදිරි භාව දහස් ගණනකට උවමනා අකුසල කර්මයක් පිලියල කරගන්නවා.

      //02//

      වනාන්තරය තුල මරණයට පත්වෙන ගවයා ගැන බලපුවහම අදාළ සත්වයා විදින දුක අතීත සංසාරයේ කරන ලද අකුසලයක විපාක ගෙවීමක් වෙනවා, මස් කඩය තුල අදාළ සත්වයා විදින දුක අතීත සංසාරයේ කරන ලද අකුසලයක විපාක ගෙවීමක් වගේම අදාළ ඝාතනය කරන තැනැත්තා රැස්කරන අකුසලයකුත් වෙනවා.

      Delete