Friday, January 26, 2018

මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?





මාතලන්ගේ "නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...? - Hanged and Died Till Win"
කියවපු මට මේ ටික කොමෙන්ටුවක් නොදා කෙලින්ම පොස්ට් එකක්ම  දාන්න හිතුන

උඩ තියන මාතෘකාව දැක්කම මම මහින්දට කඩේ යන්න හදනවා කියල කියයි, මම වැඩිය පොස්ට් ලියල නැති උනාට විවිද අයගේ අඩවි වල මගේ අදහස් කොමෙන්ටු කරලා තියනවා.

මගේ අදහස් කියවපු අය  දන්නවා ඇති මම මුල ඉදලම මහින්දගේ ඒකාධිපති රජයට පහර ගහපු බව සහ යහපාලනයට සහයෝගය දක්වපු බව, යම් විදියකින් මට අතීතයට ගිහින් මගේ චන්දය වෙනස් කරගන්න පුලුවන්නම් මම යහපාලනයට දුන්න චන්දය ඒ විදියටම දෙනවා එකට හේතුව මහින්ද නිර්මාණය කල රට බිහිසුණු අනාගතයක් ඇති තත්වයට ගෙනයාමට හොදටම ඉඩ තිබු නිසයි.

දැන් එහෙනම් අහයි මොන ලබ්බකට පොහොට්ටුවට චන්දය දෙන්න යන්නේ කියල ? පොඩ්ඩක් ඉවසන්ඩලා !!! එක තමයි මේ කියන්නේ 

ගිණුම්කරණයේදී අපි සලකාබලන වැදගත් ලියවිල්ලක් තමයි ශේෂපත්‍රය එහෙම නැත්නම් "Balance sheet" එක

දැන් අපි බලමු මේ යහපාලානේ ශේෂපත්‍රය (එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ) :--

යහ පාලනය බලයට පැමිණීම නිසා රටට ඇතිවීමට තිබුන ආර්ථික සම්බාධක පැනවීම නතර උනා මෙය යහපාලනයේ දකින වැදගත්ම සාධනීය ලක්ෂණයයි,
මිට හේතු උනේ මේ යහපානනයේ විදේශ ප්‍රතිපත්තියේ දක්ෂ බව නෙමෙයි යහපාලනය බලයට ගෙන එන්න සහයෝගය දුන්නේ මෙරටේ ජනතාව විතරක් නෙමෙයි  ඉන්දියාවත් ඇමරිකාවත්  ඇතුළු බටහිර රටවල් උවමනා කරන ආවරණය ලබාදුන්නා.

මම හොද උදාහරණයක් දෙන්නම් ඔබට මතකද මහින්දගේ කාලයේ ඔහුට විරුද්ද උන අයට සිදුවුණ දේ ? ඔබට මතකද බලවත්ම තනතුර දරපු සරත් ෆොන්සේකා ට අත්වුන ඉරණම ? මෙවැනි භයානක වැඩ කරන මහින්ද වැනි කෙනෙකුට එරෙහිව යන්න ඇමතිකමක් කල සිරිසේනට රැකවරණය දුන්නේ කවුද ? මගේ තක්සේරුව නම් ඇමරිකාවේ සහ ඉන්දියාවේ ආරක්ෂණයක් සිරිසේනට නොලැබුණා නම් ඔහු කිසි දිනක මහින්දට විරුද්ද වන්නේ නෑ
මේ ක්ලිප් එක බලන්න



හිතන්න මේ කියන්නේ මොනවද කියල සහ දැන් ඔහු කියන්නේ මොනවද ?

දැන් අපි දුෂණ නැවතීම පැත්තෙන් බැලුවොත් යහපාලනය මහින්දගේ පාලනයෙන් වෙනස් වෙන්නේ අතිවිශාල සොරකම් කීප දෙනෙකු සිදු කිරීමත් මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් රටේ අතිවිශාල ජනතාවක් සමග කිරීමත් කියන දෙයයි.

මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් කලේ අතිවිශාල සන්වර්දනයක් සමගයි යහපාලනය තුල නම් මේ කියන අතිවිශාල සංවර්දනය දෘශ්‍ය මාන නොවේ.
මේ අතින් යහපාලනය තම ලකුණු විශාල විදියට කපාගෙන හමාරයි   


දැන් බලමු ජනතා විමුක්ති පෙරමුණේ තත්වය (ශේෂපත්‍රය)  :- 

//අර අනිත් වේසිගේ පුතාලා ගානක් උන්ගේ සාක්කුවේ දාගෙන හදන,
පාලම් පාරවල් බෝක්කු ටිකවත් හරියට හැදෙයි..//

ඉහත මාතලන්ගේ අඩවියේ මාතගේ අදහස් තමයි පලකරලා තියෙන්නේ, අපිට පිරපාහරන් කියන මිනීමරුවා සිංහලයන්ට මතක සති 2කයි කියන කියමන මනාව ඔප්පු කරපු දෙයක් තමයි ඔය.

ඔබට මතකද ජනතා විමුක්ති පෙරමුණට විශාල මන්ත්‍රී ආසන ප්‍රමාණයක් සමග අමාත්‍යංශ කීපයක් ලැබුන, ඔබට මතකද ඔවුන් එයින් මොනවද කලේ කියල ?
ඔවුන් කල එක දෙයක් තමයි චන්ද්‍රිකාගේ රජයේ ඇමති දුර සිමා කරලා රට පාලනය කිරීම මෙයින් ඔවුන් මේ මිනිසුන්ට ගෙවපු දීමනා කෙටිකාලයකට අඩුකලා තමයි නමුත් රටට කල සේවයක් නෑ.

 ඔබට මතකද විමල් විරවංශ, නන්දන ගුණතිලක, පුබුදු ජාගොඩ වැනි අය ඉතා අවංක මුණක් දාගෙන ඔය පක්ෂයේ සිටිය, දැන් කෝ මේ අය ?

//මොකෝ උන්ගේ පක්ෂයේ විනයක් තියෙන නිසා..//

ඔය විනය නම් බොහෝවිට මෙරටට කොඩිවිනයක් උන බව නම් මතකයි

දැන් බලමු මහින්ද රාජපක්ෂ (මහරජානෝ) ගේ ශේෂපත්‍රය :-

මොහු 2004 දී බලයට එනවිට රටට සුනාමිය ආව, ඔහු මුලින්ම සුනාමි මුදල් වලට විදපු එකෙයි කලේ
 , හැබැයි ඔහු බලයට එනවිට වසර 30 ක යුද්දයක් තිබුන සුද්ද රට දාල යනකොට ඉතුරුකරපු පාරවල් සහ රේල් පාරවල් ටික දියුණු කරන්න තියා සුද්ද කරලා දීපු ටිකවත් පවත්වන්න බැරි තත්වයකයි රට තිබුනේ යුද්දයෙන් රට පන අදිමින් තිබුන, හමුදාවට තරුණයන් බැදීම නතර වෙලා තිබුන, ග්‍රාමාරක්ෂක රැකියාව කල අය හැදින්වුයේ ගම්බට්ටන් කියල, මෙනිසා ආත්ම ගරුත්වයක් ඇතිව එම රක්ෂාව කල නොහැකි මට්ටමක තිබුන, මෙහෙම තත්වයක තමයි ආරක්ෂක ලේකම් තනතුරට මහින්දගේ සොහොයුරු ඝෝටාභය පැමිනෙන්නේ.

ඔහු පැමිණි පසු හමුදාවට නව ජීවයක් දෙනවා



ඔහු රටේ හාමුදාව වුර්තිය මට්ටමට ගේන්නේ හමුදාව පුහුණුවට පමණක් යොදල නෙමෙයි ඔහු රටේ ම යුද මානසිකත්වයක් ඇතිකරනවා මොකද එහෙමෙ මනස සකස් කරන්නේ නැතුව නව බදවාගැනීම් කරන්න බැරි බව ඔහු දැනගන්නවා.

මෙහෙම කියන්නේ 1995 කාලයේ චන්ද්‍රිකා යුගයේ එක් පැත්තකින් රටේ සාමයට  අදාළ මානසිකත්වයක් ඇතිකරන ගමන් රටේ යුද්දයක් කිරීමට උත්සාහ ගැනීම නිසා සිදුවන්නේ සාමයත් නැති මිනිසුන් මැරෙන කාලකන්නි වටපිටාවක් ඇතිවීමයි, මංගල සමරවීර එක්පසක සිට "සුදු නෙළුම පිපුනා" වැනි නපුන්සක ගීත ගයන විට අනෙක් පසින් ජෙනරාල් රත්වත්තේ ලවා අසර්ථක යුද්දයක් කරවනවා. 

පසුව රනිල් ගේ සාම ගිවිසුමෙන් රටම සොහොන් පිට්ටනියක් වෙන්න තිබුන මොහොත සාර්ථක ලෙස යුද්දය කිරීම නිසා වසර 3ක වැනි කෙටිකලකදී ලෝකයේ ප්‍රවීනයන් දිනන්න බැහැයි කියපු යුද්දය දිනනවා.
       
ඉන් පසු මෙයින් උද්දාමයට පත්වන මහින්ද හිතනවා තමන්ට කල නොහැකි කිසිවක් නෑ කියල විසාල ලෙස දුෂණ වල නියැලෙනවා, නමුත් මේ හැම දුෂණයක් වගේම කරන්නේ රටට වටිනා යටිතල පහසුකම් නිර්මාණය කරමින්, කියමනක් තියනවා "කිබුල කන එක ඉවසන්න පුළුවන් නමුත් කොහිල කටු ඇනීම ඉවනන්න බෑ " කියල මේ වගේ මේ විශාල දුෂණ ඉවසුවත් මර්වින් සිල්වා මිනිසුන් ගස්බදීම සහ අදාළ ගස්බදීම මහින්දගේ කමිටුවක් විසින් අදාළ සමුර්ධිලාබිය තමන්ව උවමනාවෙන් ගස්බැදගත් බව යයි කීමෙන් රටේ බුද්ධිමත් මිනිසුන්ගේ මනසට සමච්චල් කරන බව නොතෙරෙන තරමට මහින්ද මෝඩයෙක් උනා. 


මෙහෙම තත්වයක් තිබියදී ඇයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ  ?

මම මේ තත්වය දකින්නේ චෙස් ලෑල්ලක ඉත්තන් හසුරවන විදියට. මහින්ද බලවත් වෙනවා කියන්නේ රනිල් මයිත්‍රී දුර්වල වෙනවා කියන දේටයි, මේ චන්දයේ මහින්දගේ බලය වැඩි උනාම එය ඔහු පාවිච්චි කරනවා තමන්ගේ පවුලේ දුෂණ චෝදනා වහගන්න නමුත් මෙයින් සිදුවෙන අනික් දේ තමයි මයිත්‍රී ඇතුළු පිරිස තුල මරබයක් ඇතිවෙනවා සොරකම් කිරීමට, මොකද ඔහු දන්නවා බලය ගිලිහෙන අවස්ථාවේ තමන්ට දඩුවම් ලැබෙන බව මෙනිසා රනිල් මයිත්‍රී දෙපලට යම් සංයමයකින් රට පාලනය කිරීමට සිදුවෙනවා.

මිට අමතරව අපට විදේශ බලපෑම් ගැනත් යමක් තේරුම් ගන්න තියනවා, මෙය අපේ රට තුලින් පිට උදාහරණයක් පෙන්වන්නම්.

මෙය කියවන අය හේටිය Haiti කියන රට දන්නවා ඇති අපේ රටෙත් හමුදා සෙබළු Haiti වල එක්සත් ජාතික හමුදාවේ සේවය කරනවා, හැබෑට මේ අය මොකද කරන්නේ ? උතුරු Haiti වල තියනවා පස් වර්ගයක් මෙය ධන නිදානයක් වන්නේ මේවයේ රත්රන්, රිදී ගුවන් යානා වලට උවමනා කරන  ලෝහ, ඉතා ඉහල සන්ද්රන වලින් තියනවා, හිටපු පාලකය මේවා තම රටට උවමනා බව කිව්වම ඔහුව කුමන්ත්රණයක් මගින් ඉවත් කරනවා ඉන්පසු බලයට පත්වූ නායකයා එකග වෙනවා මේ සම්පත් බහුජාතික සමාගම් වලට කොල්ල කෑමට ලබාදීමට දැන් අපේ රටේ හමුදාවත් කරන්නේ මේ කොල්ලකන පතල්  මුරකරන එකයි. 

ඇමරිකාව ප්‍රධාන එක්සත් ජාතීන් ගේ බලවතුන් තමරටවල බහුජාතික සමාගම් වෙනුවෙන් ලෝකයේ රටවල ආර්ථිකය විනාශ කරන අයුරු අපුරුවට පෙන්වපු තැනක් තියනවා ඒ කටත් Haiti වලම උදාරහරනයක් බලමු.

බිල් ක්ලින්ටන් බලයට අපු වහාම  Haiti වල රජයට උපදෙස් දෙනවා සහල් ආනයන සදහා බදු වලින් සම්පුර්නයන් නිදහස් කරන්න. එහෙම කලාම බිල් ගේ රජය කරන්නේ ඇමරිකානු අකෙන්සා (බිල් ක්ලින්ටන් ගේ මැතිවරණ කලාපයේ ) ගොවීන්ට සහල් අපනයනය කිරීමට අවස්තාව ලබාදීමටයි මේවයේ මිල   Haiti  වැසියන්ට දරන්න පුළුවන් ආකාරයට ගැනීමට ඇමරිකානු බදු ගෙවන්නන් ගේ මුදල් පාවිච්චි කරනවා.

මෙහම කරලා  Haiti  සහල් වල මිලට වඩා අඩුමිලට ඇමරිකානු සහල් සහ තිරිගු Haiti  වලට විකුනනවා සිදුවන්නේ Haiti  වල ගොවින් ගොවිතැනින් ඉවත්වීමයි පහත ක්ලිප් එකෙන් පෙන්වන්නේ බිල් ක්ලින්ටන් වරදට සමාව යදින ආකාරයයි



එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආවොත් සිදුවෙන්නේ කිසිම තරගයක් නැතුව මේ ලෝක බලවතුන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමයි .

දැනටමත් හර්ෂ දසිල්වා කියන්නේ ගොවින් ශක්තිමත් කිරීමට ඉඩම් විකිණීමේ බලය දෙන්න කියල වෙන මොකවත් නිසා නෙමෙයි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි, මෙය ලෝක මට්ටමින් සිදුවෙන්නක්  අපට යහපාලනයත් සමග අහන්න ලැබුන වචනයක් තියනවා එක තමයි මෙගාපොලිස් කියන වචනය, මේ වචනය ආවේ කොහෙන්ද කියන දේ කිසිවෙක් ප්‍රශ්න කලේ නෑ එක්සත් ජාතීන්ගේ සංවිදානයේ AGENDA 21 ගැන නිවැරදි සෙවීමක් කලානම් ඔබට දැනුවත් වීමට ලැබෙයි, මේ සංකල්ප ශ්‍රී ලංකික දෙසපලන්යයකුගේ මනසේ ඇතිවූ දේවල් නෙමෙයි ඔබට මතක ඇති මෙගාපොලිස් කියන වචනය දෙසපලකයෙක් නිර්වචනය කලේ විශාල පොලිසියක් කියල මට මතක විදියට මෙය සිරසේ විකාශනය උනා 




අද ශ්‍රී ලංකාවේ සම්මත වන සියලුම වගේ පනත් වල මුලික සැලසුම් පමණක් නෙමෙයි බොහෝවිට මුලික ලියවිලි පවා සකසන්නේ එක්සත් ජාතීන්ගේ සන්විදානය ප්‍රධාන බහුජාතික සමාගම් වලින් තමන් සම්මත කරන්නේ මොනවාද කියලවත් මේ දේසපාලුවෝ දන්නේ නෑ.

යම් විදියකින් රනිල්ට වැඩි බලයක් ලැබුනොත් සිදුවෙන්නේ ඉවක් බවක් නැතිව මේ විදේශ බලවේග වලට අප යටවිමයි.

රනිල් ට බය නැතුව  ඉන්න පුළුවන් වෙලා තියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි රනිල් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයා, මෙනිසා ඉදිරියේ ඔබ දකියි ඔහු බැදුම්කර නඩුවෙන් නිදහස් වෙන ආකාරය.     

යම්විදියකින් මහින්දට බලය ලැබෙනවා කියන්නේ සිරිසේනට පීඩනයක් ලැබෙනවා කියන දෙයි, සිරිසේනට පීඩනයක් ලැබෙනවානම් ඔහු රනිල්ට ඕනේ විදියට නටන්නේ නෑ, මෙනිසා රනිල් ව පාලනය කිරීමට මහින්දට බලයක් ලැබීම වැදගත්.

මහින්ද කියන්නේ කියන්නේ රනිල්ට විරුද්ද කෙනෙක් නොවුනත් ඔහු සිරිසේනට විරුදැයි මහින්දව ඕනේ වෙනවා සිරිසේනවත් රනිල් වත් බැලන්ස් කරන්න.

මෙහිදී මේ පාර්ශව 3ම ජනතා කැමැත්ත පවත්වන්න උත්සාහ ගන්න නිසා ජනතාවට වැඩි ආරක්ෂාවක් තියනවා.

යම් විදියකින් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවනම් සිරිසේනට බලය නැති වෙයි කියන පීඩනය ඇතිවෙන්නේ නෑ බොහෝවිට සිරිසේන සමග සන්දානයකට උනත් යන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් ඕනෑම විදේශ බලවේගයකට මේ පිරිස නටවන්න පුළුවන්, එහෙම උනොත් ජනතාවගේ කැමැත්ත අදාළ වෙන්නේ නෑ.

මෙන්න මේ කරුණ නිසයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ.