Saturday, August 8, 2015

සියදිවි නසාගැනීමේ නිවේදනය !!

// I have been feeling very sad and depressed for the last two weeks. I feel responsible for the occurrence of this unfortunate incident and I feel I should accept full responsibility. As an honourable oriental gentleman I feel it is only right that I should pay the highest penalty for my mistake

පසුගිය සති 2 දී කණගාටුවෙන් සහ මානසික පීඩනයෙන් ගත කෙරුවෙමි. මේ අවාසනාවන්ත සිදිය පිලිබදව හර්ද සාක්ෂිය මා පිඩාවට පත්කරයි, තවද මෙහි වරදෙහි වගකීම මුළු මුනින්ම මා බාරගනිමි. ගවුරවයට බාජනය වූ මහත්මයකු ලෙස මෙම වරදට හැකි උපරිමයෙන් වන්දි ගෙවමි.//

ඉහත සදහන් වන්නේ සියදිවි නසාගැනීම පිලිබදව සිංගප්පුරුවේ ඇමතිවරයකු ලියන අවසාන් ලිපියයි.

     http://www.straitstimes.com/singapore/teh-cheang-wan-case-no-way-a-minister-can-avoid-investigations

මෙය සිදුවී ඇත්තේ "Teh Cheang Wan" ඇමති  තමා  ඩොලර් 500,000 අල්ලසක් ලබාගත් බව සිංගප්පුරු බලදරින් දැනගත් පසු අගමැති ලීක්ව්න්යු දැනුවත් කරනවා  අදාල ඇමතිවරයාට විරුද්දව නිතිය ක්‍රියා කලයුතු බව තදින් ම සිටීම නිසා වැරදි කරුවකු වීමට අකමැති වූ ඇමතිවරයා සියදිවි නසාගනිමයි.

මෙය සිදුවුයේ  ලීක්ව්න්යු  අගමැතිගේ ඉතා දැඩි ප්‍රතිපත්තිය නිසයි.

දැන් අපි හදවත උණුවන පුද්ගලයන් ලෙස ඔහු ඉතා දරුණු පුද්ගලයකු ලෙස සිතෙනු ඇති නමුත් ඔහු දුෂණයට ඉඩ දුන්නායයි සිතමු.

කුමක් සිදුවේවිද ?

සිංගප්පුරුව අවම ලෙස ජලය වත් නැති කිසිදු සොබාවික සම්පතක් නැති රටකි, මෙලෙස දුෂණය සිදුඋනානම් සිංගප්පුරුවේ ආයෝජනයට කිසිදු විදේශීය ආයෝජකයකු ඉදිරි පත් නොවන අතර ආසියාවේ ඉතියෝපියාව (මේ යන විදියට ගියොත් ආසියාවේ ශ්‍රී ලංකාව ) වීමට තිබුණි.


දැන් අපි ශ්‍රී ලංකාව දෙසට යොමුවෙමු, ශ්‍රී ලංකාවේ අපි දුර දිග බලා තීරණ ගැනීමට අසමත් ජාතියකි.
1949 දී අයවැය අතිරික්තයක් පවතී අපරට ආසියාවෙන් දෙවැනි වුයේ ජපානයට පමණි.

දිගින් දිගට අප දිලිදු වුයේ වාමන්සික බලපෑම් නිසා සහනාදාර තරගයට රජයන් ජනතාවට ලබාදීමයි.
දෙසපලන්යයන්ට ඇතිතරම් හොරකම් කිරීමට දිගටම බලය ලබාගතයුතු වූ අතර, දිගටම බලය ලබාගැනීමට තරගයට සහන සැලසිය යුතු විය.

මෙනිසා තමාට වැඩිම සහනාදාර දෙන රජයට චන්දයදුන් ජනතාවට නොවැටහුණ දෙය නම් දෙසපලන්යයන් සහනාදාර දෙන්නේ තමාගේ සාක්කුවෙන්
ගන්න බදුමුදලින් බවයි. ඉතා පහසු කර්යක්ෂම බදු එකතු කිරීමේ විදිය වක්‍ර බදුවලින් වන අතර ජනතාවට තමාට සහන දෙන රජය තමාගෙන් පික්පොකට් ගසා මුදල් ගන්නාබව බහුතරය  නොදනී.

1990 දසකයේ උසස්පෙළ පන්තියේ ආර්ථික විද්‍යාව උගැන්වූ බන්දුල ගුනව්ර්දනයන්, ඇමති වරයකු වී අත්දැකීම් තිබියදී මෙපමණ සහන දෙන්නේ කෙසේදැයි කිසිවිටකත් ප්‍රශ්න නොකරන්නේ දෙසපලනික තක්කඩි කම නිසයි, මෙය පොදුවේ සියලුම දෙසපලන්යයනට අදාල අතර සියලු දෙනා තරගයට ජනතාව රවටමින් සිටි.

මට මෙහිදී සිතෙන දෙයක් නම් දුම්වැටි පෙට්ටියේ අවවාද සදහන් කරන ලෙස දෙසපලන්යයන් පොරොන්දු දෙන විට "උදාහරණ :- අපි රජයේ රැකියා කරන යට රුපියල් 5000ක් අපි බලයට ආවොත් ලබාදෙන අතර රජයේ නොවන ජනයාගෙන් බදු ගසා අදායම සොයාගන්නෙමු" ලෙස සදහන් කිරීමට නීති ගෙන එන වානම් ඉදිරියේදී මෙතරම් නොරැවටෙනු ඇති.

විශාල සංවර්දන වැඩ පටන්ගැනීමට මුලික හේතු කීපයක් පවතී.

01 සියලු ජනයාට හොදින් පෙනීම
02. වැඩි කොමිස් මුදලක් ලබාගත හැකි වීම.
03. කර්මාන්තශාලා කීපයක් ආරම්බ කිරීම් තුලින් ජනතාවට රැකියා ලබාදිය හැකි උවත් දෙසපලන්යයා සිතන්නේ මෙවැනි වියාප්පෘති කිරීමට තමාගේ ගෝලයන්ට දැනුමක් නොමැති නිසා අසාර්ථක උනොත් රජය ජනයා අතර දැඩි කොන්විමකට ලක්වීමට ඇති බයයි .
04. අසාර්තක් උනොත් පමණක් නෙමෙයි එවැනි වියප්පෘති සාර්තක උනත් ඇති ප්‍රශ්නය වන්නේ අදාල වැඩසටහන ක්‍රියාත්මක කරන දෙසපලන්යයා ජනතාව අතර ජනප්ප්රිය වීමෙන් ඔවුන්ට ඉහලින් සිටින දේසපාලන බලවතාට තර්ජන මතුවීමයි.
උදාහරණ :- පාටලී චම්පක රණවක ඇමතිවරයා විදුලිබල සහ බලශක්ති ඇමති ලෙස ජනයා අතර පිළිගැනීමක් ඇති වන විටදී මහින්ද ජනාදිපති සිදුකරන්නේ ඔහුව කිසි වැඩකට නැති අමත්යන්සයකට මාරුකර පවිත්‍රා වැනි තැනැත්තියක් පත්කිරීමයි.


අප තේරුම් ගතයුත්තේ අප රට පවතින ස්ථානයේ හැටියට අපට පවතින අවස්ථා අසීමාන්තික වන නමුත් අපට විදෙස ආයෝජන ලබාගැනීමට සිදුවන නිසා රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලයුතු වෙනවා මෙනිසා ආයෝජකයන් බියවීම වලක්වාගතහැකියි.

හම්බන්තොට වරාය පසුගිය රජයේ කරන ලද හොද වියාපෘතියක් බව කුහක බැවින් තොරව අපි තේරුම් ගත යුතු අතර වරද ඇත්තේ එය සම්පුර්ණ නොකර
(තෙල් පිරිසිදු කරන සහ ගබඩා කරන ) පහසුකම් නොමැතිව කිසිදු අදායමක් උපයා ගත නොහැකි වීමයි, මෙහිදී මත්තල ගුවන් තොටුපල සහ අනෙකුත් අනවශය වියදම් නොකර හම්බන්තොට වරාය සියලුම පහදුකම් ඇතිකරන තැනට ගියානම් අපට විසාල ආදායමක් උපයන තැනක් වීමට තිබුණි.

අප තේරුම් ගත යුත්තේ මුලින්ම ඉතාම වැදගත් වන්නේ නිතිය දැඩිව ක්‍රියාත්මක වන රටක් ඇති කිරීමයි.

එසේ නොකලොත් ඉදිරි අනාගතයේ සිදුවන දෙය ඉතා සරලයි

 අපට ණය වාරික සහ පොලිය ගෙවීමට නොහැකි වනු ඇති, දැන් කිසිවක් නොදන්නා සාමාන්‍ය පුද්ගලයකුට මෙය ගැන සිතනු ඇත්තේ "රටට මොනවා උනත් අපි හම්බ කරනවානම් අපට මදයි!" යන්නයි නමුත් මෙය අපට කලින් සිදුවූ ග්‍රීසියේ සිදුවීම් දෙස බැලුවොත්, සිදුවන්නේ වාණිජ බැංකු සතු මුදල් සැපයුම අඩපන වීමයි මෙහිදී ගනුදෙනුකරුවන් බන්කුවින් මුදල් ආපසු ගැනීමට පෙලබෙන අතර මෙය පාලනය කල නොහැකි වන විට බැංකුව සිදු කරන්නේ ඔබට       ATM මගින් ගතහැකි මුදල දිනකට නැත්නම් සතියකට සිමා කිරීමයි, මෙවිට ඔබට ලක්ෂ 5 බැංකුවේ ඇත්නම් දිනකට රුපියක් 5000 පමණ ගැනීමට අවසර දෙනු ඇති මෙහිදී රජයේ මුල්ම මැදිහත් වීමෙන් සිදුවන්නේ සියලුදෙනාට තම මුදල් ශේෂයේ න් ගත හැක්කේ 50% පමණ බව තීරණය කිරීමයි පසුගිය දශකයේ රටවල් කීපයකට මෙය සිදුවූ අතර අප ශ්‍රී ලංකාවද මෙවැනි අවදානමට ලක්වී ඇති බව අප තේරුම් ගතයුතුයි.

මහින්ද රාජපක්ෂ යුගයේ කරනලද බොහෝ ඉදිකිරීම් ෂණිකව ආයෝජනයේ පලදාව ලැබෙන වත්කම් නොවන අතර අවම ලෙස නය ගෙවීමට ඉතා විශාල මුදලක් වැයවෙනු ඇති. මහජනයා ලෙස අප දැනගත යුත්තේ කුමන රජයක් පැමිණියත් අනාගතයේ ඉතා දුෂ්කර කාලයකට මුහුණ දිය හැකිඅතර වැඩි වැඩි සහන යනු අනාගතයේ දැඩි දුස්කර ලෝකයකට මුනුන දිය යුතු වනු ඇති.

ඔබේ චන්දය කාට ලබාදුන්නත් මෙම වෙබ් අඩවිය http://www.manthri.lk/en/politicians    යොදා ගෙන අතීතයේ වැඩක් කල උගත් පුද්ගලයන්ට චන්දය ලබා දෙන්න.