Saturday, April 22, 2017

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

අද මම ලිපිය පටන්ගන්නේ  "ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්" යන සිරස් තලය යටතේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා ලක්බිම පුවත්පතට ලියපු පහත ලිපිය සම්බන්දවයි

කරුනාකර මේ ලිපිය කියවන්න ලිපිය 

//මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම කළ පසුව ඔහු මගෙන් ‍මෙවන් ප්‍රශ්නයක් අසා සිටියේය.

“ඩොක්ට’මට මේ බෙහෙත් නොබී මස්බැද්ද වගේ දේකින් සීනි අඩු කර ගන්න බැරිද?”

“මොනවද මස්බැද්ද කියන්නේ? මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ; අනික මම දන්න තරමින් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම දෙයක් ගැන කියැවෙන්නෙත් නැහැ; ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්න බැහැ. මට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන විතරයි.” ඒ මොහොත් මම ඔහුට කීවෙමි.//

ඒවගේම අදාළ විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා මෙහෙමත් කියනවා

//මා ඉහත සඳහන් කළ මස්බැද්ද ශාකයේ ඇති ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමේ ජෛව රසායනික බලය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව මම මුලදීම කීවෙමි. එහෙත් එම ශාකය ඖෂධයක් ලෙස නියම කිරීමේ දී ඒ සම්බන්ධ සායනික දත්ත (Clinical data) විස්තරයක් වෛද්‍යවරයකුට ලැබිය යුතුමය. //

මෙතැනදී  "වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන" කිව්වහම සාමාන්‍ය මෙය කියවන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕනෑම බටගිර බෙහෙතක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ විතරයි වෙලදපොලේ තියෙන්නේ කියල. මෙය ඉතා නොමගයවන සුළුයි විශාල බටහිර ඔවුෂද සමාගම්වල බෙහෙත් තියනවා මෙවැනි කිසිදු පරික්ශාවකින් තොරව කෙලින්ම වෙළදපොලට එන fast track Drugs ඔවුෂද



අද වනවිට මේ වෙළදපොලට එන බොහෝ ඔවුෂද තත්ව පරික්ෂාව සිදුකරන්නේ අදාළ ඔසුව නිපදවන සමාගම විසින්මයි, නැත්නම් අදාළ ඔසුව ගුනාත්වය පරික්ශාකිරිම රජයේ FDA වැනි ආයතනයක් කරනවානම් එම පරික්ෂණයට මුදල් වැයකරන්නේ අදාළ සමාගම විසිනුයි.

ඕනෑම ඔසුවක් වෙළදපොලට පැමිණීමට පෙර ඩොලර් ලක්ෂ ගණනක් වියදම්  යුතු වෙනවා, මෙනිසා සොබාවික ශාකයක් කිසියම් රෝගයකට ප්‍රතිකාරයක් උනත් එය වෙළදපොලට එවීමට උවමනා පරීක්ෂණ කරන්නේ නෑ මොකද පේටන්ට් ලබාගැනීමට ඇති අපහසුව නිසා මෙනිසා විශාල සමාගම් කරන්නේ පෙති ආකාරයට ඔසු නිපදවා විශාල ලබා ලබාගැනීමයි.

මේ කියන Gymnema sylvestre "මස්බැද්ද" ගැනනම් විශාල පරීක්ෂණ සිදුවෙලා තියනවා මිට මුලික හේතුව ඉන්දියාව මෙය මහාපරිමාණයෙන් නිපදවන් නිසා      https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2170951/

නමුත් මෙය ඔස්ට්‍රේලියාව වනිරටවලත් http://www.ebay.com.au/sch/i.html?_from=R40&_trksid=p2380057.m570.l1313.TR0.TRC0.H0.XGymnema+sylvestre.TRS0&_nkw=Gymnema+sylvestre&_sacat=0

විකිණීමෙන් පෙනෙන්නේ මිට උවමනා කරන නීති වලට අනුව විකිනෙන බවයි.

මෙවනි දෙයක් පාවිච්චි කරනවානම් ඔබම Glucometer මගින් රුදිර පරික්ෂා කරන ගමන් liver function එකක් කලින් කලට කරලා බලන්න මේවායෙන් හානියක් නැත්නම් සහ ඔබේ රුධිරයේ සිනි පාලනය වෙනවනම් සොබාවික බෙහෙතක් ඔබට ගුණදායක වනු ඇති.

අනික සිංහල වෙදකමේ කිසිම බෙහෙතක් ඔය කියන බටහිර අනුමත වීම වෙලා නෑ නමුත් ඒවායින් බොහෝ රෝගීන් සුවය ලබල තියනවා.

අද වෙනවිට  මස්බැද්ද තෙපානයක් ලෙස වෙලදපොලේ තියනවා.

Ayurvedic Regestered number 6/2/1/08/19



17 comments:

  1. වෙළඳපලේ තියෙන්නේ ඇත්තටම මස්බැද්ද ද කියල කවුද දන්නේ , ඔය බෙලිමල්, රණවරා තේ පානය කියල එන අර පැකට් වල ඇත්තටම තියෙන්නේ ඒවාද කියල හොයන්න විදිහක් නෑනේ , අපේ ඇති දක්ෂ මිනිස්සු ඩයි දාලා ලීකුඩු දෙනවද කියල කවුද දන්නේ ,අපේ මිනිස්සු ඒ තරං විශ්වාසයි

    ReplyDelete
    Replies
    1. //වෙළඳපලේ තියෙන්නේ ඇත්තටම මස්බැද්ද ද කියල කවුද දන්නේ//

      මේකෙනම් බොරු කරන්න දෙයක් නෑ මොකද මස්බැද්ධ කියන්නේ හරියට වල්පලයක් වගේ වැවෙන පැලයක් ශ්‍රී ලංකාවේ , මේක ආයුර්වේදයේ දියවැඩියාව සදහා දෙනවා, නමුත් මිට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ සහ ප්‍රවර්දනය කරන්නේ ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවයි. නමුත් ශ්‍රී ලංකාව තුල කිරිවන්දෙනියේ මස්බැද්ද තේ ලෙස විකුනනවා මෙම තේකක් හදන්න ඕනේ යෝගට් හැදී 2 වැනි සුළු ප්‍රමාණයක් සහ අඩු කෝප්ප බාගයක උණුවතුර එකක්
      මේ තේ වලින් වේගයෙන් රුදිරයේ සිනි මට්ටම අඩු කරනවා ඔබ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2170951/
      අඩවිය (ඇමරිකානු රජයේ පර්යේෂණ කරන ) බැලුවොත් පෙනෙයි මෙය ඉතා හොද ප්‍රතිකර්මයක් වියහැකි බව, මෙහි ඇති මුලිකම ප්‍රශ්නය විශාල සමාගම්මබින් FDA පරීක්ෂණ ප්‍රතිපල මත මිනිසුන්ට ලබාදී නැති වීමයි (මම පුද්ගලිකව හිතනවා මෙය ඉතාහොද ඔසුවක්නම් මෙය හදුන්වාදීමෙන් වෙන්නේ මේ ඔවුෂද සමාගම් වලට විශාල පාඩු සිදුවීමයි ) මොකද දැනටමත් ඔවුන් දියවැඩියාව නිසා ඩොලර් බිලියන ගණනක් අලවියක් තියනවා.

      මෙනිසයි මම කිව්වේ මෙය ගන්න අය liver function ටෙස්ට් එකක් කලින් කලට කරන අතර රුදිර සිනි පරික්ෂා කරගන්නවානම් හොදයි කියල, මොකද මේ බෙහෙතින් මම දන්නා අයගේ රුදිර සිනි ප්‍රමාණය පාලනය කිරීමට හැකිවී තියනවා, නමුත් මම දෙන උපදේසය නම් ඉහත පරීක්ෂණ කර ගන්න කියන එක මොකද යම් අහිතකර දෙයක් තියනවනම් වහාම හදුනාගන්න පුළුවන්.

      Delete
  2. ///නමුත් ශ්‍රී ලංකාව තුල කිරිවන්දෙනියේ මස්බැද්ද තේ ලෙස විකුනනවා මෙම තේකක් හදන්න ඕනේ යෝගට් හැදී 2 වැනි සුළු ප්‍රමාණයක් සහ අඩු කෝප්ප බාගයක උණුවතුර එකක් ///

    කිරිවන්දෙණිය තියෙන්නේ කොහෙද...
    ඒ ඇර කොළඹ කිට්ටුව මේවා ගන්න තැනක් තියෙනවද...

    ReplyDelete
    Replies
    1. හොයා ගත්තොත් මටත් හරිය..

      Delete
    2. ලොකු පුතා සහ කල්‍යාණ මිත්‍ර,

      මම ශ්‍රී ලංකාවේ මෙය නිතියානුකුලව නීපදවන නම සහ එම ආයතනයේ ලියාපදිංචි අංකය සදහන් කළා නමුත් මම හිතනවා මේගැන මගේ අදහස ඉදිරිපත් කලොත් හොදයි කියල.

      දියවැඩියාවෙන් දීර්ග කාලින ව බටහිර බෙහෙත් ගත්ත කෙනෙකුගේ ලිවර් එක සහ වකුගඩු සැහෙන තරමින් හානිවී තිබිය හැකියි මෙනිසා මගේ අවවාදය මේ බෙහෙත ගැනීමට කලින් liver function test එකක් සහ fasting blood test කරගැනීම සුදුසු බවයි. ඉන්පසු ඔබ මස්බැද්ද ගැනීම පටන්ගත්තාම fasting blood test කීපයක් කරලා බලන්න ප්‍රගතිය පිලිබදව ටික කලකින් liver function test එකක් කලාම ඔබටම තේරුම් ගන්න පුළුවන් ඔබට මස්බැද්ද නිසා ප්‍රගතියක් සිදුවී ඇත්ද නැද්ද කියා.

      මිට අමතරව වෙළදපොලෙන් මිලදීගන්න පුළුවන් glucometer එකක් තිබුනානම් ඔබට කොපමණ ප්‍රගතියක් ඇතිවී ඇද්ද කියන දේ තේරුම් ගන්න පුළුවන්. කලකට පෙර මගේ එංගලන්තයේ මෙතුරෙකු (දියවැඩියාව සහ liver එකේ ප්‍රශ්න තිබුන ) ශ්‍රී ලන්කාවට පැමිණ කසාය පාවිච්චි කළා වෙදමහතෙකුගේ උපදෙස් මත, ඔහුගේ පවුලේ අය ඊට තදින් විරුද්ද උනත් ඔහු තමුන්ගේ මාස 3ක විවේකය මේ බෙහෙත් ගැනීම සිදුකලා (මේ කියන්නේ මස්බැද්ද ගැන නෙමෙයි ) මෙය බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රායෝගික නොවීමට පුළුවන්, මිල මුදල් තිබුන ඔහුට හැකියාව තිබුන කසාය තම්බා බොන්න, මෙය පිලියල කිරීමට ඔහුට ප්‍රශ්නයක් නොවුනේ ඔහුට සේවකයක් ඊට සිටි නිසා. මෙසේ ප්‍රතිකාර කර එක්සත් රාජදානියේ Medical Test සිදුකල ඔහුගේ දොස්තර වරයා පවසා තිබුනේ ඔහුගේ LIVER එක තිබුනට වඩා ප්‍රකුර්ති තත්වයට පැමිණි බවයි, මොකද ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මේ පර්යේෂණ කරගෙන පැමිණි නිසා සංසන්දනය පහසු වුනා.

      මට බටහිර ඔව්ෂද මාෆියාව ගැන දැඩි විවේචන තිබුනත් ඔවුන් ගේ පර්යේෂණ ක්‍රම ගැන විශ්වාසය තියන්න පුළුවන් දේවල් තියනවා, ටිකක් මොලේ පාවිච්චි කලොත් මේ ක්‍රම 2න් ම ප්‍රයෝජන ගන්න පුළුවන්.

      ජයවේවා ඔබට!

      Delete
    3. ඒ අංකය ඔස්සේ කතා කරලා කොළඹ අවට ගන්න තියෙන තැන් කීපයක දුරකථන අංක ලබා ගත්තා...
      බොහොම ස්තුතියි ඒ විස්තරේ ලබා දුන්නට...

      Delete
    4. ලොකු පුතා,
      මගේ නම් උපදේශය මෙය පාවිච්චි කරනවානම් මුල් සති 2ට රුදිර සිනි පරික්ෂාවක් කරගන්නවානම් වටිනවා මොකද ඔබේ මෙට්ෆෝමින් වැනි බෙහෙත් අනුක්‍රමිකව අඩුකරන්න පුළුවන් හරියටම, මොකද මෙයින් සැලකියයුතු රුධිර සිනි ප්‍රමාණයක් අඩුවෙනවා.

      දැනට මාස 9 ක පමණ කලක සිට මගේ පියා මෙය පාවිච්චි කරනවා ඔහුට හැකි වුනා සම්ප්ර්නයෙන් මෙට්ෆෝමින් නතර කරන්න, හැබැයි මම දිනපතා රුදිර සිනි පරික්ෂාව කරන නිසා ඔහුගේ රුදිර සිනි පාලනය සාර්ථක උනා. මම සිංහල බෙහෙත් වලට යොමුවුණ නිසා ඔහුට කසායත් ලබාදෙන්න සිදුවුනා (තනිකරම මස්බැද්ද ලබාදුන්නේ නෑ ) නමුත් පටන්ගනිමේදී රුදිර පරික්ෂාව කල නිසා මෙට්ෆෝමින් අඩුකළ හැකි උනා මසකින් පමණ සම්පුර්ණයෙන් නතර කිරීමට හැකිවුනා.

      මගේ එකම උපදේසය නම් පළමු සතිය තුල සිනි පරික්ෂාවක් දිනපතා කරන්න පුලවන් නම් හොදයි කියන දෙයයි.

      Delete
    5. ඔබ මස්බැද්ද හොයාගත්තේ කොහෙන්ද පාවිච්චි කලේ කොහොමද ? විස්තර ටිකක් කියන්න පුලුවන්ද අනේ ලොකු උදව්වක්

      Delete
    6. ඔබ මස්බැද්ද හොයාගත්තේ කොහෙන්ද පාවිච්චි කලේ කොහොමද ? විස්තර ටිකක් කියන්න පුලුවන්ද අනේ ලොකු උදව්වක්

      Delete
    7. මස්බැද්ද පාවිච්චි කරනවානම් ඔබ මුලින්ම සිනි පරීක්ෂාවක් කරන්න වෙනවා, ඉන්පසු මස්බැද්ද පාවිච්චි කිරීමේදී දිනක් ඇර දිනක් වත් මුල් සතියට සිනි පරික්ෂා කරන්න වෙනවා එතැනදී ඔබට ඉංග්‍රීසි බෙහෙත් නිසිලෙස අඩු කරන්න පුළුවන් .

      ඔබ මතකතබාගන්න ඕනේ දේවල් කීපයක් තියනවා එනම් හැකිපමණ දේශීය රතු සහල් , කුරක්කන් වැනි දේ සමග එළවලු (දබල ) වැනි දේ පාවිච්චි කරනවානම් රුදිර සිනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන්.

      මස්බද්ද නම් "කිරිවද්දෙනියේ මස් බැද්ද

      මෙතනින් බලන්න

      Delete
    8. ලිපිය අගට ලංකාදීප පුවත්පගේ පුවත එකතු කළා

      Delete
  3. සයිඩ් ඉෆෙක්ට්ස් ගැන හොයලා තියනවද? හුඟක් ශාඛ බෙහෙත්වල ලෙඩේට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් එකට අමතරව තව දේවල් තියනව නෙ

    මස්බැදුම් හොඳ නෑ නේද? :-)

    ReplyDelete
    Replies
    1. Pra Jay,
      මෙහි නම Gymnema Sylvestre මෙය අලවි කරන්නේ තෙපානයක් ලෙසයි මෙහි අතුරු ආබද ගැන වැඩි විස්තරයක් නෑ නමුත් මගේ පුද්ගලික අදහස මෙහි යම් අහිතකර දෙයක් තියනවනම් මෙලහකට වාර්තාවෙනවා මොකද මෙය ඉන්දියාවේ පරිබෝජනය කරන නිසා, ඉන්දියාව මේ ගැන දක්වපු උනන්දුව නිසා වෙන්න පුළුවන් ඇමරිකාවේ මේ ගැන තරමක ප්ර්යේෂනයක් සිදුවී ඇත්තේ.

      මෙය සම්පුර්ණ සොබාවික කොලය කුඩු කිරීමෙන් පිලියල වෙන නිසා වෙන බෙහෙත් වගේ අහිතකර නොවීමට පුළුවන්, මෙන්න මේ කාරණය නිසයි මම liver Function ටෙස්ට් එකක් සහ රුදිර පරීක්ෂාවක් කරගැනීම හොදයි කිව්වේ.

      Delete
  4. ඔබ මස්බැද්ද හොයාගත්තේ කොහෙන්ද පාවිච්චි කලේ කොහොමද ? විස්තර ටිකක් කියන්න පුලුවන්ද අනේ ලොකු උදව්වක්. ගන්න පුලුවන් තැනක් ගැනත් කියන්න

    ReplyDelete
    Replies
    1. මස්බැද්ද පාවිච්චි කරනවානම් ඔබ මුලින්ම සිනි පරීක්ෂාවක් කරන්න වෙනවා, ඉන්පසු මස්බැද්ද පාවිච්චි කිරීමේදී දිනක් ඇර දිනක් වත් මුල් සතියට සිනි පරික්ෂා කරන්න වෙනවා එතැනදී ඔබට ඉංග්‍රීසි බෙහෙත් නිසිලෙස අඩු කරන්න පුළුවන් .

      ඔබ මතකතබාගන්න ඕනේ දේවල් කීපයක් තියනවා එනම් හැකිපමණ දේශීය රතු සහල් , කුරක්කන් වැනි දේ සමග එළවලු (දබල ) වැනි දේ පාවිච්චි කරනවානම් රුදිර සිනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන්.

      මස්බද්ද නම් "කිරිවද්දෙනියේ මස් බැද්ද
      ලිපිය අගට ලංකාදීප පුවත්පගේ පුවත එකතු කළා

      Delete