Wednesday, July 29, 2015

අනේ අපව මංකොල්ලකත්වා !


මුල් මාතෘකාවේ සදහන් වන්නේ මහජනතාව දෙසපලන්යයනට නොකියා කියන උපදෙසයයි (Implied Instructions)

ඉහත මාතෘකාවට පැමිණීමට ප්‍රථම අද චන්දය ඉල්ලන දෙසපලන්යයකු ගේ පැත්තෙන් සිට සිදුවන දෙය බලමු.
සිතන්න ඔබ චන්දය ඉල්ලනවා යයි කියා, ඔබ චන්දය ඉල්ලීමට පෙලබවන හේතුව (ජනතාවට කියන එක නෙමයි ) බලමු එනම් ඔබට ලැබෙන වාසි ගැන සිතමු. පහත සදහන් වන්නේ නිතියනුකුලව සිදුවන සිදුවීම් ජාලයයි )

01. මසකට රුපියල් 200000  පමණ ශුද්ද අදායමක් වසර 5 පුරා ලබාගැනීම
02. හැම දාම රුපියක් 3000 පමණ ආහාර වේලක් රුපියල් 150 පමණ ලබාගැනීම
03. විදුලිබිල ජල බිල්පත් දුරකථන බිල් රජය ගෙවීම.
04 විශ්‍රාම ගිය පසු මසකට රුපියල් 20000 පමණ මුදලක් වසර 5 අවසාන වූ පසු ලැබීම.

දැන් ඔබට මන්ත්‍රී වරයකු වීමට යන මුදල බලමු අද කාලයේ අවම මුදල ලක්ෂ 500 පමණ වේ.

01. ඔබේ වයස අවුරුදු 50 නම් ඔබ ඉදිරියට ජිවත් වීමට ඇත්තේ වසර 20 නම්   ඔබට ලැබෙන මුදල ලක්ෂ 48කි
02 වසර 5 ට ශුද්ද  අදායම ලක්ෂ 120 කි
03 ආහර සදහා දලවසයෙන් ලක්ෂ 40

දලවසයෙන් නිතියනුකුලව ඔබට දේසපාලනය කිරීම නිසා (120 + 48+ 40) = ලක්ෂ 208 ලැබෙනු ඇති
මෙහිදී මතක තබාගත්යුත්තේ මෙම මුදලෙන් ලක්ෂ 48 ලැබීමට වසර 20 ගතවන අතර ලක්ෂ 160 ලබගමින්මට වසර 5 ගතවනු ඇති

ප්‍රශ්නය වන්නේ මැතිවරණය පවතින මාසයේ ම ඔබට ලක්ෂ 500ක් වියදම් වීමයි

නීතියනුකුල ක්‍රමයට දෙසපලන්යයකු යනු ලක්ෂ 292 පින් පිණිස දනය දෙන පුද්ගලයන්ටයි.

මෙම මැතිවරණය සදහා මෙවැනි පින්වතුන් 6000 පමණ ඉදිරිපත් වී ඇත.

සාක්ෂරතාවයන් ඉතා ඉහල රටක් වන ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්ය ආදීන් ගේ කිසිදු අඩුවක් නැති නමුත් ඔවුන් සියලුදෙනා ඉහත චිත්‍රය දැක්කත් නොදැක්ක සේ සිටි.

දැන් අපි අපේ මුලික මාතෘකාවට පැමිණිවිට මහජනතාව ලෙස අප නිර්මාණය කරන්නේ සොරුන් 225 සමන්විත පාර්ලිමේන්තුවකි, මෙසේ ඇති කරගන්නලද පාර්ලිමේන්තුවෙන් අප නොකියා ඉල්ලා සිටින්නේ "අපව මංකොල්ලකත්වා ! " යන්නයි  
 
මෙහි හාස්‍යජනක සිද්දීයනම් ජන මාද්‍ය නිදහස් මතදාරින් සියලුදෙනා දෙසපලන්යයන් ගෙන් ඉල්ලන්නේ කෙසේහෝ ඔවුන්ට අයතා ලෙස මුදල් උපයා ගැනීමට ඇති අවස්ථාව නැතිකිරීමට ඔවුන්ටම නීති සම්පාදනය කරන ලෙසයි.

නිදහස් මනසින් බැලුවිට පෙනෙන්නේ සියල්ලන්ම සියල්ලන් රවටා ගනිමින් කරන මහාපරිමාණ ආත්ම වංචාවයි.