Friday, March 31, 2017

හම්බන්තොට වරාය කියන්නේ මොකද්ද ?

මම හිතාගෙන සිටියේ Lionbridge මගින් Google ආයතනයේ මට ලැබුන අද්දැකීමක් ලියන්න , එම ලිපිය ටිකක් දීර්ග ලෙස ලිවීමට සිදුවෙනවා මොකද පෙන්වාදෙන්න ඕනේ කොහොමද අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් ප්‍රායෝගිකව පරිපාලනය කරන්නේ කියන කාරණය. , මිට මගේ බ්ලොග් අඩවිය කියවන කෙනෙකුත් ඉල්ලා සිටිය. මම හිතං හිටියේ එම ලිපිය ලියන්න උනත් ඉට වඩා වැදගත් ලිපියක් ලිවියයුතුයි කියල මට හිතුන. මේ සතිය ඇතුලත් Lionbridge  ගැන ලිපිය ලියන්නම්.

    දැන් මම හිතන්නේ අපි රටක් ලෙස අවදානය යොමුවිය යුතු වැදගත්ම දෙයක් ගැන සිතිය යුතුයි ඒ තමයි හම්බන්තොට වරාය, ඉතා ඉක්මනින් මෙය ශ්‍රී ලංකාවට නැතිවෙනවා කියන දේ අපේ මිනිසුන්ට තවම තේරිලා නෑ.

මුලින් මෙහි ඇති වැදගත්කම බලමු. මෙය පිගිටල තියෙන්නේ ඉන්දියන් සාගරයේ ක්ර්යබහුලම තැනක. ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකියයුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් නමුත් තවම මේ වරායෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙන්නේ මම හිතන්නේ පාලකයන්ට උවමනා කරනවා මෙය අලාබ ලබන සුදු අලියෙක් ලෙස පෙන්වල හැකි ඉක්මනින් විකුණලා අතිවිශාල කොමිස් කුට්ටියක් තම සාක්කු වලට දමාගන්න.

දැන් පිගිටීම බලමු    


දැන් ඔබට මෙමගින් පේනවා වගේ මෙතෙක් සිංගප්පුරුවට ලැබුන වැදගත්කම තයිලන්තයේ ක්‍රාඇල මගින් නැතිවෙනවා (Kra Canal) ඉන්පසු ශ්‍රී ලංකාව පසුකල පසු වරාය පහසුකම් සදහා තායිලන්තයේ තමයි මුලික වෙන්නේ.

ශ්‍රී ලංකාවට මේ නිසා ස්වර්ණමය  අවස්තාවක් තමයි ලැබිල තියෙන්නේ ඒ වගේම ඉතා අනතුරු දායක තත්වයක තමයි අපි ඉන්නේ, අනතුර කියන්නේ ශ්‍රී ලංකාව විශාල මුල්‍ය අර්බුදයක සිටිනවා මෙයින් තාවකාලිකව ගොඩඑන්න හම්බන්තොට වරාය චීනයට විකුනන්න තමයි යෝජනා වෙන්නේ.

දැන් අපි පොඩ්ඩක් හම්බන්තොට වරාය ඉතාම විශාල ලෙස පහසුකම් සහිත දියුණු වරායක් වෙනවනම් සිදුවෙන්නේ මොකද්ද කියල බලමු

01. හම්බන්තොට වරාය චීනය ලබාගත්තට පසු ඔවුන් විශාල ලෙස දියුණු කරයි, එහෙම වෙනවනම් මුලින්ම වෙන්නේ වෙන මුක්ක් වත් නෙමෙයි කොලබ වරාය බංකොලොත් වීමයි, යම්විදියකින් කොලබ වරාය නැවත ආර්ථික ලෙස ස්තාවර වෙන්නේ හම්බන්තොට වරාය තමන්ගේ මුළු ධාරිතාවෙන් වැඩකරන විට පමණයි.

02. මෙය චීනය ලබාගැනීම නිසා ආර්ථිකයට නරකම වෙනවා කියන්න බෑ නමුත් අපි මේ දෙන්න හදන්නේ ඉතා සැලකියයුතු මුදලකින් ක්‍රියාකාරී තත්වයට පත්කර ජාතියට අතිවිශාල ධනයක් නිපදවන්න පුළුවන් ආයතනයක් බව බොහෝදෙනා දැනුවත් වී නෑ

ටිකක් කල්පනාකලොත් මහබැංකු ගනුදෙනුවෙන් ශ්‍රී ලාකා රජයට වුන පාඩුව අපි මේ වරායේ තෙල්පිරිපහදු සහ ටැංකි ඉදිකිරීමට යෙදුවනම් මේ වෙනකොටත් අතිවිශාල ආදායමක් ජනනය කරන්න තිබුන.

මේ රජය ට උවමනා වෙලා තියෙන්නේ නැවත නැවතත් මේ වරාය පාඩු ලබන බව පෙන්වල චීනයට විකිණීමයි, මෙහිදී අපුරු සෙල්ලම් තියනවා ඔබ දකින්න ඇති අර්ජුන රණතුංග මිට විරෝදය පලකලා, මෙය සිදුවෙන්නේ රටට ආදරය නිසා බව බොහෝදෙනාට පෙනුනත් මෙව තුල තියෙන්නේ තමන්ගේ කොමිස් මුදල වැඩිකිරීම මිසක් වෙන මුකුත් නෙමෙයි.

මම එහෙම කියන්නේ ඇයි ? සියුම්ව කල්පනා කරන්න ඔහු කියන්නේ නෑ තෙල් පිරිපහදු අතිකර වරාය දියුණු කිරීම ගැන ඔහු මෙතන කරන්නේ නහයෙන් අඩන එකයි මේ අඩන වාරයක් ගානේ තම කොමිස් කුට්ටිය වැඩිවෙනවා.

මම මහින්ද ව දැඩිලෙස විවේචනය කරලා තියනවා නමුත්  මම මහින්ද පරදින්න ඉස්සරත් කිව්වා ඔහු කරපු හොදම දේ මේ වරාය ගොඩනැගීම තමයි කියල        

බුද්ධියක් තියන කෙනෙකුට ඔය පෙන සිතියම දැක්කම මම කියන දේ තේරුම් යයි කියල මට හිතෙනවා 

ජනතාව හාම්පුතුන් වියහැකිව සිටියදී වහල් සේවය තෝරාගන්නවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් වහලුන් උනත් මේ ගනුදෙනුව නිසා කෙටිකලකින් අපට ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් නේද සහ චීනය විසින් හම්බන්තොට විවුර්ත කරන වියාපර වලින් අපටත් යමක් ලැබෙයි නේද කියන දේ ආර්ථික ඔස්ත්ර් ල අපට කියල දෙයි. 

ඔව් එක ඇත්ත තමයි එක විදියකින්, මොකද රටට සැබෑ ලෙස ආදරය කරන දෙසපාලකයන් නෑ, මෙවැනි ධනනිදානයකින් ප්‍රයෝජන ගන්න ශක්තිමත් අවංක දෙසපාලකයන් සහ දක්ශ නිලදාරීන් වගේම හොද තානාපති සේවයක්  උවමනා කරනවා, මෙවැනි පුද්ගලයන් නැත්නම් කළහැකි දේ තුට්ටු දෙකට විකිණීමයි.

අපි මතක තියාගන්න ඕනේ මේ විකුනන්නේ වරායක් පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ආර්ථික මර්මස්තානයක්, මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ  

අලුත් එකතු කිරීම :- http://www.divaina.com/2017/04/01/news26.html

මෙහෙම වෙන රටක හම්බන්තොට ගැන කවර කතාද

Sunday, March 19, 2017

බ්ලොග් සම්මාන ගැන මගේ අදහස.



මේ ගැන අදහස් ඉදිරිපත් කිරීමෙන් කොටසක් අකමැති වෙන්න ඉඩ තියනවා, විවිද චොදනා ඉදිරිපත් කර ගනිමින් මේ ගැන වාද විවාද ඉදිරිපත් වන මේ අවස්ථාවේ මම කිසිවෙකුට චෝදනා නොකරන්නේ බොහෝදෙනෙක් මේවා අවන්කවම කරන නිසයි.

නමුත් පුරවැසි මාද්‍ය ගැන කතා කිරීමේදී මම කැමතියි දෙසපාලකයන් හැකි තරම් දුරින් තියාගන්න. බ්ලොග් අඩවියේ ඇති එක හොදක් තමයි තමා කැමති අදහස  කිසිදු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට ලැබීම මෙහිදී අදාළ අදහස් ඉදිරිපත් කරන්නා අන්වර්ථ නාමයකින් පෙනී සිටින නිසා තමාගේ අදහස් ඉදිරිඅප්ත් කිරීමේදී බාහිර බලපෑම අවම වෙනවා, නමුත් යම්දිනකදී අදාළ පුද්ගලයා හදුනා ගත්ත විට දෙසපාලනයයකුට විරුද්දව වගේම බ්ලොග් අවකාශයේ තවත් කෙනෙකුට විරුද්දව අදහස් පළකිරීම කරන්න බොහෝ දෙනා පසුබට වෙනවා.

ඇනෝ ඇවිත් කරන සමහර කොමෙන්ට් දකින කොට මම දකින දෙයක් තමයි පුද්ගලිකව දන්නා මිනිසුන් ඇනෝ ඇවිත් කොච්චර නිවට විදියට හැසිරෙනවද කියන දේ, මෙහිදී අප තේරුම්ගන්න ඕනේ සංස්කෘතිය ගැන මොන බයිලා ගැහුවත් මානසිකව සමහර මිනිසුන් කොච්චර පහත්ද කියන එක.

පසුගිය දවසක මම බ්ලොග් අඩවියක දැක්ක කෙනෙක් ඇනෝ ඇවිත් තවත් බ්ලොග් කරුවෙකු ගැන ඔහුගේ පුද්ගලික ජිවිතේ අතිශයෙන් පුද්ගලික තොරතුරක් කෙමෙන්ටුවක් ලෙස මුදාහැරලා තියනවා, මෙය දැක්කම හරිම පිළිකුලක් ඇතිවෙනවා මොකද මේකෙන් පේනවා තමන්ට හොද මුණ පෙන්වගන පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිසුන් කොච්චර ඉන්නවද කියල.

මෙහෙම සමාජයක දේසපාලුවන් එකතු කරගන තමාන්ගේ අදහස් ඉදිරිපත් කරනවා කියන්නේ නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමට බාදාවක් වෙනවා, අනෙක් අතට හරි දේ සහ වැරදි දේ ගැන හිතට එකගව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම කියන්නේ පුරවැසියන් ලෙස එයයි සිදුවිය යුත්තේ.

Sunday, March 12, 2017

නවීන විදාවේ Thalidomide කෙදවාචකය




1960 දශකයේ මුල Thalidomide ලෝකයට හදුන්වා දුන්නේ කිසිම
අහිතකර අතුරු ප්රතිඵල රහිත බෙහෙතක් ලෙසයි, මෙය කොතරම් හොද දෙයක්ද කියනවනම් ගර්බනි මව් වරුන්ටත් හොද බෙහෙතක් ලෙසයි ප්‍රසිද්ධ උනේ.
නමුත් මෙම බෙහෙත ලබාගත්  ගර්බනි  මව් වරුන්ට ලැබුන දරුවන්නේ අතපය අංගවිකල වීම සිදුවුනා.

අද බොහේ දෙනා සිටිනවා විද්‍යාත්මකව යමක් ඔප්පුකරල පෙන්වන තුරු බටහිර නිපදවන සහ අනුමත වෙන ඕනෑම බෙහෙතක් කිසිදු සොයාබැලීමකින් තොරව ලබගත්යුතුයි කියන මුග්ද මානසිකත්වයෙන්.

ඉහත සදහන් කරන   Thalidomide අහිතකරයි කියල දැනගත් වහාම ඇමරිකාව එය තහනම් කරනවා නමුත් මෙය නිපදවන සමාගම කිසිවිටක පිළිගන්නේ නෑ තමා නිපදවූ බෙහෙත නිසා මෙය සිදුවී ඇතිබව, ඔවුන් ඊට විවිද පරිසර හේතු සිදුවිය හැකි බවයි කියන්නේ නමුත් 2012 දී වසර 50 ට පසු මේ ජර්මන් සමාගම පිලිගන්නවා මේ වරද තමා අතින් සිදුවී ඇති බව සහ මෙතක් කලක් ඇත්ත නොකිව්වේ ඔවුන් මෙතරම් කලක් කම්පනයෙන් සිටිනිසා බව.

පසුගිය ලිපියට පිළිතුරු ලියපු මම පෙන්වා දුන්න Thiomersal වල විෂ ගැන  කිසිම සැලකියයුතු  පර්යේෂණයක් සිදු වී නැති බව සහ
https://www.ncbi.nlm.nih.gov/pubmed/23401210

"However, our knowledge on this subject is still incomplete, and studies are required to address the predictability of the additive or synergic toxicological effects of etHg and meHg (or other neurotoxicants).   "

මෙහිදී ඔවුන් පෙන්වාදෙනවා ඔවුන්ගේ දැනුම  සම්පුර්ණ නැති බවත් තව මේ ගැන අද්‍යනය කලයුතු බවත් හැබැයි බුද්ධිමත් ජනතාව දැනගන්න ඕනේ ඔවුන් එහි හානිකර බව සොයන තුරු ඔවුන් දිගින් දිගටම වැක්සින් වලට යොදනවා

ඔවුන් මෙය ඇමරිකාවේ වැක්සින් වලින් ඉවත් කලත්


තුන්වෙනි ලෝකයේ වැක්සින් වල තවම දමන බව ඉහත කොන්ග්‍රස් මණ්ඩලයේ දී සදහන් වෙනවා.

කිසිම වග විබාගයක් නැතිව විදාය්වේ නාමයෙන් එන ඕනෑම බලු බෙට්ටක් ඇගේ උලාගන්න මිනිසුන් සිටින රටක එකඅතකින් මේගැන පුදුම වියයුතු නෑ

Saturday, March 11, 2017

හැරී මකොපොලස් පෙන්වාදුන් ලෝකයේ වවිශාලම සොරකම කුමන්ත්රණ න්යාක් ලෙස බැහැර කිරීම නිසා ඇමරිකාව ගෙව්ව වන්දිය.


ලෝකයේ ඩොලර් බිලියන 50 ට වැඩි වංචාවක් මෑතදී සිදුවුනේ Bernard Madoff නමැති ලොව පිළිගත් පුවත්පත් රැසක් අයිති වූ ප්‍රකොටිපති වියාපාරියෙක් ලෙස කිරුළු පලදා අවසානයේ ලෝකප්‍රසිධ්ධ කෝටිපතියන්ගේ ධනය අතුරුදහන් කර ජිවිත කාලයම එකතුකළ තම විශ්‍රාම වැටුප ඔහුගේ වියාපාර වල ආයෝජනය කර අවසන් ලෙස හිගන්නන් වූ මිනිසුන් රැසක් ගැන කෙදවාචකයයි .


ඇමරිකාවේ නිෂ්පාදනය කරන 60 Minutes නමැති වැඩසටහනේ පෙන්වාදෙන්නේ ඇති නවීන ලෝකයේ දියුණු යයි කියන රටේ කිසිම නියාමන ක්‍රමයකට අසුනොවන ලෙස වසර 20කට වැඩි කලක් කරන ලද සොරකම පිළිබද වසර 2001 දී පමණ Harry Markopolos නමැති ගනකාදිකාරි වරයා  Bernard Madoff  ගේ ආයෝජන ක්‍රම විමර්ෂණය කරන විට ඔහු නීති විරෝදී යමක් කරන බව ඇමරිකාවේ විනිමය කොමිසමට පැමිණිලි කල විට මොහු ගේ චෝදනාව බැහැර කන්නේ eccentric 

(විකාර) අදහසක් යයි කියමින් නමුත් ඔහු අකණ්ඩව වසර ගණනාවක් පුරා කරපු උත්සාහය පලදරන්නේ 2009දියි.


අද ලෝකයේ අපට මානසිකව පුනුනු කරලා තියනවා සමහර දේවල් කිසිදු වගවිබාගයක් නැතුව විස්වාසකල හැකි බව, මේ නිසා අද ලෝකයේ මිනිසුන් තමන්ගේ ආර්ථික සවුක්ය වැනි මුලික ජීවන උවමනාවන් ලබාගන්න ආයතන කිසිදු වගවිබාගයකින් තොරව විශ්වාස කරනවා, කිසියම් පුද්ගලයෙක් මේ අතිශයෙන් විශ්වාසනීය ආයතන ගැන දෝෂයක් පෙන්වාදුන්නොත් බොහෝදෙනාගේ මනස සැකසී ඇත්තේ මේකියන පුද්ගලයා පිස්සෙකු ලෙස අර්ථකථනය කිරීමටයි.


මෙය ඉතා පහසු වැඩක් උනත් මේ කියනදේ කොච්චර ඇත්තද යන්න විමර්ශනය කිරීමට යන්නේ නෑ 


මගේ පසුගිය ලිපිය

http://lankasithuwili.blogspot.com/2017/03/blog-post_7.html

 ඉකොනෝ මැට්ටා වැක්සින්  වල අඩන්ගු තිමරසොල් නොහොත් රසදිය ගැන කරපු  විස්තරය ගැන මම ප්‍රශ්න කළා 


 මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත  තැන පෙන්වන ලෙස.


නමුත් අද වනතුරු ඔහු පිළිතුරක් දුන්නේ නෑ (සමහර විට ඔහු මගේ ලිපිය නොදකින්න ඇති  )


මේ විදියට අපි පිළිගත් පුඋද්ගලයෙක් යමක් කිව්වහම ඔහු කියන දේ ප්‍රශ්න කලයුතු වෙනවා අන්ද ලෙස  විශ්වාස නොකර    

Tuesday, March 7, 2017

ඉකොනෝ මැට්ටා ගේ වැක්සින් ලිපියට පිළිතුරු.



අජිත් ලියපු https://kolambagamaya.blogspot.com/2017/03/blog-post.html  ලිපියෙන් ඉකොනෝ මැට්ටා ගේ අඩවියේ පලවී ඇති ලිපි 2ක් ගැන දැනුවත් උනා.

මේ තියන්නේ ඒ ලිපි 2කයි

01 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_20.html
02 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_26.html

මෙනිසා කොමෙන්ටුවක් ලිවීමට හිතුවත්  ඉකොනෝ මැට්ට හේතු දක්වල තියන දේ එකින් එක විහ්ස්ලේෂණය කලයුතු යයි සිතනවා.

ඉකොනො මෙහෙම කියනව 

//මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය.

ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි.   //

වැක්සින් නිසා ඔවිසම් තත්වය ඇතිවියහැකි ජාන සක්‍රිය වීමෙන් ඔටිසම් වැළදිය හැකි බව මේවනවිට පිළිගන ඇත්තේ ඩොලර් බිලියන 3ට වඩා රෝගීන්ට ඇමරිකානු රජය ගෙවීමෙන් පසුවයි.

උදාහරණ



දැන් වැක්සින් සහ ඔට්සම් අතර සිදුවෙන වැඩේ ගැන අපුරු වගේම සරල විස්තර කිරීමක් තියනව  




දැන් අපි ඉකොනෝ Thimerosal ගැන කියන දේ බලමු 

//මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.//


 මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත  තැන පෙන්වන ලෙස.


මොකද ලෝකයේ  Thimerosal කරන ලද පර්යේෂණ ඇත්තේ 3කට අඩු ප්‍රමාණයක් මේ 3න් 1 ක්  සිදුවී ඇත්තේ 1940 ගණන් වල 
මේතියෙන්නේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය කරනලද පර්යේෂණයයි 



මේ  ඉහත පර්යේෂණය යොදාගන ඇමරිකානු කොන්ගසයේ ඉහලම දොස්තර වරුන්ගෙන් ප්ප්‍රශ්න කරනවා 



මෙහිදී අසන ප්‍රශ්නය මේ Thimerosal නිසා ඔටිසම් හැදෙනවද ? එහෙම නැද්ද ? කියන එකයි ලෝක ප්‍රසිද්ද ඉහලම වක්සින් ප්‍රමිතිය හදන ආයතනයේ දොස්තර වරිය කියනවා Thimerosal වැලින් ඔටිසම් හැදෙනවද නැද්ද කියනදේ කියන්න බැරිබව, හැබැයි ඉකොනෝ කියනවා එය මල සමග ශරීරයෙන් පිටවෙන බව.

දැන් අපි බලමු Andrew Wakefield කතාව ඉකොනෝ කියනවා වගේ තමයි ඔය සිද්දිය වෙන්නේ හැබැයි ඉකොනෝ කතාව සම්පුර්ණයෙන් කින්නේ නෑ එංගලන්ත අධිකරණයෙන් වයිද්‍යසහතිකය අහෝසි කරන්නේ   Andrew Wakefield විතරක් නෙමයි මේ පරීක්ෂණයට සම්බන්ද තව දොස්තර වරු දෙදෙනෙකුගේ සහතික තගනම් කරනවා, මේ නඩුව සදහා එක දොස්තර වරයකුට පවුම් ලක්ෂ 5ක් වැයකරන්න ඕනේ, මෙනිසා අධිකරණය ඉදිරියට යන්නේ doctor John Walker-Smith පමණයි ඔහු 


නවුවෙන් දිනපු බව වාර්තාවන්නේ ඉතා සුළු මාද්‍ය වල පමණයි.

//මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය.//

ඕක තමයි දොස්තර විලියම් තොම්සන් වසර 10 ට පමණ පසු සදහන් කරන්නේ තමන් විසින් කළු ඇමරිකානු දරුවන්ට වැක්සින් වලින් පසු ඔටිසම් වැළදීමේ අවදානම 340% බව සනාත වූ තොරතුරු විශාල කුණු බක්කියකට එකතු කර විනාශ කල බව කියනවා, එම කියමන ඉකොනෝ කිව්වා  වගේ අනවසරයෙන් පටිගත කරනවා විතරක් නෙමෙයි දොස්තර තොම්සන් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මාර්ගයෙන් කොන්රසයට ඉදිරි පත් කරනවා 



ඉකොනෝ කියන //කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට //
නොමග යන්න පුළුවන් බොහෝදෙනා ඔබ ඉහත කොන්ග්රස් සභික බිල් පොසි ගේ කතාව අසුවනම් පැහැදිලියි එම තොරතුරු විනාශ කලබව.
නමුත් පරිගණක වල අදාළ තොරටුහ්රු දත්ත ලෙස පවතිනවා Freedom of Information Act: FOIA තුලින් මේවා සොයාගන්න පුළුවන් 
නමුත් ප්‍රශ්නය තියෙන්නේ හරියට අදාළ ප්පරීක්ෂණය ගැන දන්නේ කල පුද්ගලයන් පමණයි, මෙතන වෙන්නේ බ්‍රයන් හුකර් විසින් තොම්සන් ගේ ආදාර ඇතුව අදාළ පර්යේෂණ තොරතුරු සොයාගන නැවත පෙන්වනවා.

මෙහිදී කොන්ග්‍රසයට යන බිල් පොසි කියන්නේ මේගැන පර්යේෂණයක් කර කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලෙසයි මෙය සිදුවි වසර 2ට ආසන්න උනත් තවම කිසිම පර්යේෂණයක් කරන්නේ නැත්තේ ශ්‍රී ලංකාවේ බැදුම් කර සොරුන් බේරාගැනීමට ප්ර්ලිමේන්තුව විසුරුවා හැරිය වගේ යම්විදියකින් මෙය ලෝකයට සනාත උනොත් ඇමරිකානු ජනතාවට ඩොලර් ට්‍රිලියන ගණනක් වන්දි ගෙවා ඇමරිකානු රජයට බංකොලොත් බාවය ප්‍රකාශ කිරීමටයි සිදුවෙන්නේ.

මෙනිසා මේ සිදුවීම කාලයත් සමග යටයයි.

ඉකොනෝ කියනවා බ්‍රයන් හුකර් සහ විලියම්  තොම්සන් වංචනිකයන් නොවන බව, ඔහු මෙහෙම කියන්න වැදගත් හෙතුව්වක් තියනවා දැනට විලියම් තොම්සන් ට කිසිම චෝදනාවක් කිසිම මාද්යකින් ඉදිරිපත් වෙලා නෑ මෙනිසා මෙ ලිපිය ලියන මොහොතේදීත් ඔහු ඇමරිකාවේ https://www.cdc.gov/ ආයතනයේ සේවය කරනවා විතරක් නෙවයි පසුගිය ඔබාමා රජයෙන් විලියම් තොම්සන් ට whistleblower status ලබාදී ඇති බව ඉකොනෝ කියන්න මැලි වෙනවා.


ඇමරිකාවේ සමාන අධිකරණ ක්‍රමයක් තියන ඉතාලියේ http://www.ageofautism.com/2015/01/recent-italian-court-decisions-on-vaccines-and-autism.html

ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් ඇතිබව අධිකරණ  තීන්දුවක් ලබාදීමට හේතුවෙන්නේ වැක්සින්  නිපදවන සමාගම GlaxoSmithKline ලබාදී ඇති රහසිගත වාර්තාවක් මගිනුයි.

මිට අමතරව දියුණු ලෝකයේ රටක්වන ජපානය MMR වැක්සිනය ලබාදෙන්නේ නෑ https://vactruth.com/2016/06/23/japanese-government-bans-mmr-vaccine/  

තව වැදගත් දෙයක් තියනවා මෙතන ප්‍රශ්නය තියෙන්නේ MMR වැක්සිනයේ පමණක් නෙමෙයි තවත් වක්සින් 56 පමණ දරුවා වසර 5 වන විට ලබාදෙනවා මෙහිදී වැක්සින් පාවිච්චි නොකරන විශාලම ජනගහනයක් ඇමරිකාවේ සිටිනබව බොහෝ දෙනා දන්නේ නෑ  මෙනිසා වැක්සින් ලබාගන්න ළමයින් සහ වැක්සින් ලබා නොගන්න ළමයින් ආතර පහසුවෙන් පර්යේෂණයක් කරලා පෙන්වන්න පුලුවන් වැක්සින් ලබානොගන්න අය මෙතරම් පිරිසක් රෝගී වන බව. 

සමහර දොස්තර වරුන් ගෙන් අහපුවහම කියනවා මෙවැනි පර්යේෂණයක් කර ඇති බව නමුත් මෙය සම්පුර්ණ මුසාවක් බව තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත්




හොද කල්පනාවෙන් බලන්න මෙතන ඉකොනෝ කරපු විදියට අපුරු නොමගයවිමක් මේ දොස්තර වරිය කරලා අවසාන ලෙස පිලිගන්නවා කිසිම පර්යේෂණයක් සිදුකර නැතිබව 

     

ඉහත තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ Dr. Oz  විසින් කියන දෙයක් ඔහු ගෙන් අහනව ඔබේ දරුවන්ට වැක්සින් ලබාදුන්නද කියල මෙහිදී ඔහු කියනවා "මට දරුවන් සතර දෙනෙක් ඉන්නවා මම ගෙදර කියාම මිසටර් oz, මගේ බිරිද කැමති නෑ වැක්සින් දෙන්න මෙනිසා වැක්සින් දුන්නේ නෑ කියල.
ඉකොනෝ කියනවා වගේ Dr OZ ගේ ළමයින්ට මේ වටිනා බෙහෙත් ලබාදෙන්නේ නැත්තේ දොස්තරගේ අහවල් එක කසන නිසා වෙන්න ඇති.

හොදට මතක තියාගන්න වැක්සින් වෙළදාම කියන්නේ ඩොලර් බිලියන ගණනක වෙළදාමක් කිසියම් කෙනෙක් මිට විරුද්ද වෙනවනම් ඔහුව විනාශ කිරීම හරිම පහසුයි. ඩොලර් බිලියන 2ට වැඩි මුදලක් යොදාගන ඕනෑම බයානක බෙහෙතක් දිව්‍ය ඔසුවක් කියල වෙළද පොලට යවන්න පුළුවන් වගේම පහත උදාහරණවලින් පෙනෙයි මේ සමාගම් එහෙම කරලත් තියනවා.


ඔය තින්නේ ඇමරිකානු අධිකරණයේ පලවී ඇති ලිපියයි දැන් ඔබ ඔය පුවතම කියවන්නේ ඕනෑම ජනමාද්යක් තුල කෙසේ පලවී ඇද්ද කියල, ඔබට පෙනෙයි මේ පුවත් කොතරම් දියාරු කරලද මිනිසුන්ට යවන්නේ කියල.

මේවා පෙන්වන මිනිසුන්ව හදුන්වන්නේ conspiracy theorists (කුමන්ත්‍රණ අදහස් ඇති මිනිසුන් ) ඉදිරිපත් කරන්නෙ කෙනෙක් විදියට ඉකොනොත් කරලා තියන්නේ ඕකයි පසුගිය ඇමරිකානු ජනපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන බව කිව්වෙත් conspiracy theorists ල විතරයි ප්‍රසිද්ධ මාද්‍ය කිව්වේ හිලරි දිනන බවයි අපේ මිනිස්සුන්ට කෙටි මතකයක් තියන නිසා ඉහත සිදුවීම මතක තියාගත්තොත් ප්‍රමාණවත්.

Sunday, March 5, 2017

ලෝකයේ සමාගම් වලින් කරන මොළ සේදීම සහ ශතවර්ෂ බාගයක් මිනිසුන්ට වස කැවීම.




පසුගිය වසර 80 ක පමණ කාලයකදී සිදුවූ හරිත විප්ලවය මගින් ලෝක ජනතාවට උවමනා ආහාර නිපදවිය කැකි උන බව තමයි අපි ඉගනගන තියෙන්නේ, නමුත් මෙය කොපමණ නිවැරදිද කියන දේ අපි කිසි කලක සොයාබැලීමට ලක් නොකළේ, මේ අදහස් ඉදිරිපත් කල බහුතරය ඉහල උගත් කමක් ලබපු ආචාර්ය උපාධි ලබපු බහුතරයක් නිසා මේ මිනිසුන් කියන දේ දෙවවක්යක් ලෙස පිළිගැනීමට අප පෙළබි සිටිය, මෙහිදී මේ මිනිසුන් බොහෝදෙනෙකුගේ මොළ සෝදා ඇතිබවත් තවත් පිරිසක් බහුජාතික සමාගම් විසින් මිලට ගෙන ඇතිබවත් දන්නේ බොහෝ සුළු මිනිසුන් පිරිසකුයි.

පසුගිය කාලයේ වසවිස නැති සහල් වගාකිරීම ගැන මාතෘකාව පැමිණි විට මේ උගතුන් කිව්වේ රසායනික පොහොර යොදා අක්කරයට බුසල් 120 ට වැඩි නිෂ්පාදනයක් කළහැකිව තිබියදී පාරම්පරික වි වර්ග මහින් ලබාගන්න පුළුවන් බුසල් 60 පමණ රසායනික පොහොර මහින් ලබන අස්වැන්නෙන් හරි අඩක් බව සදහන් උනා, දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අක්කර දහස් ගණනක දේශීය විවගාවෙන් ලබන ප්‍රතිපල අනුව අක්‌කරයට බුසල් 125 ක පලදාවක් ලබාගන්න පුළුවන් වී ඇති බව සදහන් වෙනවා http://www.divaina.com/2017/03/06/news20.html

මේ සිදුවී ඇත්තේ කුමක්ද ? මෙය ලබාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වැලිඔය වස විස නැති ගොවි කලාපයෙනි. මෙහි පස වසවිස යොදා වසර ගණනක් වගාකළ කුබුරු නොවෙයි, වසර 30ක යුද්දය නිසා මේ කලාපයට පොහොර ගෙනයාම තහනම් උනා මෙනිසා පසේ ශුද්‍ර ජීවින් සහ ගොයමට හිතකර පනුවන් බහුලව මේ පසේ සිටිනවා මේ නිසයි මෙවැනි පලදාවක් ලැබී තියෙන්නේ නමුත් කාලාන්තරයක් රසායනික පොහොර දමපු ඉඩමක මෙවැනි ප්‍රතිපල ගැනීමට කාලයක් ගත වෙනවා.

දැන් මෙයින් ඔප්පු වී තිබෙන දෙය නම් වසවිසෙන් තොරව කරන ගොවිතැනින් වසවිස දමල කරන ගොවිතැනට සමානව අස්වැන්න ලබාගන්න පුළුවන් වෙලා තියනවා. හැබැයි දැන් ගොවින් දැනගන්න ඕනේ දෙයක් තියනවා වසවිසෙන් තොරව කරන ගොවිතැනට දේශීය බිජ උවමනා කරනවා, මේ දේශීය බිජ වලින් කරන ගොවිතැනට කෘමිනාෂක සහ රසායනික පොහොර යොදා වගා කිරීම කල හොහැකියි මොකද දේශීය ගොයම් පැලය රසායනික පොහොර් වලට ඔරොත්තු දෙන්නේ නෑ, මේ වගේම සමාගම් වලින් නිපදවන ලද බිජ යොදා කාබනික පොහොර පමණක් පාවිච්චියෙන් ගොවිතැන කලොත් සිද්දවෙන්නත් මේ දේමයි, මොකද රසායනික පොහොර සහ කෘමි නාශක නැතුව විදේශ වලින් සමාගම් වලින් ගෙනඑන බිජ වවන්න බෑ.

මේ සරල සත්‍ය ගැන අවබෝදයෙන් ඉදිරියට යෝයානම් අපට කෘමිනාශක සහ පොහොර වලින් තොරව වසවිසෙන් තොර සහල් ලබාගන්න පුළුවන්.