Monday, December 28, 2015

මධ්‍යස්ථ මතධාරියා ගේ සමුගැනීම



මෙය ලියන්න හිතුනේ මෙම බ්ලොග් අවකාශය තුල හරවත් යමක් ඉදිරිපත් කල බ්ලොග් කරුවකුගේ සමුගැනීම ගැන මට සිතෙන දෙය විස්තර කිරීමටයි.
ඇත්තටම අද සමාජය ගැන බැලුවහම ඉනිසුන් සිදුකරන්නේ රැල්ලට යාමයි, මෙම රැලි නිර්මාණය කරන්නේ ඉතා උගත් වගේම මිනිස් මනස පිළිබද පුළුල් අවබෝදය සහිත වියාපාරික පැලැන්තියක්, ඔවුන්ට උවමනා සිතන්න බැරි මිනිසුන් සමුහයක්, මෙය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමයි ලෝකයේ ඇමරිකාව වැනි දියුණු රටවල සිදුවෙනවා.

මේ ක්‍රියාවලිය ඉතා සාර්ථකයි අද සමාජය මුළුමනින්ම ක්‍රියාත්මක වන තත්වයට පැමිණ අවසන්. අද ඉතුරුවෙලා ඉන්නේ හිතන්න පුළුවන් මිනිසුන් ගෙන් ඉතා සුළුතරයක් පමණයි ඔවුන් කට ඇරියම  මධ්‍යස්ථ'ට වෙච්ච දෙය තමයි වෙන්නේ (මෙය වෙන්නෙත් අදාළ අඩවිය ජනප්‍රිය වීම ඇරබු විට බවයි මගේ අදහස )     

මෙහිදී මධ්‍යස්ථ මතධාරියා සමග එකග නොවන තැනුත් පවතින බව කිවයුතුයි "බටහිර නොවන සංස්කෘති එහිදී හෙළා දකිනු ලැබේ." ඇත්තටම සිංහල රජබස කල S. W. R. D. Bandaranaike ක ගැන රසිකගේ අඩවියේ http://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html (Lankika Sithuwili29 December 2015 at 14:41) කොමෙන්ටුවකින් සදහන් කළා.

මෙහිදී මා පෙන්වා දුන්නේ සිංහල ජාතිය ගැන කතාකරමින් සිදුකරන ලද මහා රැවටීම ගැන කියන්නයි.

ඔබ හිතන බුධිමත් සංවාද කලකට මේ බ්ලොග් අවකාශයේ ඇති නොවනු ඇති, මගේ නම් මුලික අරමුණ ඉදිරිපත් කරන කරුණු වලින් කීප දෙනෙක් වත් කරුණු සොයන පුද්ගලයන් බවට පත් කිරීමයි, දැනට මට ඇනෝ ප්‍රහාර නොලැබී ඇත්තේ මේ අඩවිය ජනප්ප්‍රිය නොවී ඇති නිසා බවයි මගේ අදහස.
ඉදිරියදී තෙවැනි ප්ර්ශවයකට අපහාසයක් වෙන කොමන්ටු දැමීමකදී හෝ අසබ්ය වචන භාවිතයක් සිදුඋනොත් හැර කුමන හෝ පුද්ගලික මඩ ගැසීමක් සිදු වුනෝත් හැර  මා එය වාරණය නොකරමි.

සංවාද ගැන කීමේදී කිවයුතු යමක් තිබෙනවා, එනම් බොහෝ අය කොමෙන්ටුවක් එකතු කිරීමට බොහෝ කල් යනවා, මේ ලියන මමත් වසර කීපයක් බොහෝ බ්ලෝග් කියවා ඇතත් කොමෙන්ට් කිරීමට පෙලබුනේ  කාලයකට පසුවයි.

ඉතින් මම සිතනවා බොහෝ අය මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නවා.

මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ පුද්ගලිකව අනෙක් අය හදුනාගන ඇති නිසයි, මගේ යෝජනාවනම් ලියන දෙයක් අන්වර්ථ නාමයකින් ලියන්න ඔබේ අදහස ලෝකයට ලබාදෙන්න කිසිවිටක පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගන්න එපා, මෙම බ්ලෝගය ඔබ ලියන බව කියන්න එපා මෙමගින් ඔබට පහසුවෙන් මෙය කළහැකි අතර මානසික පීඩනයක් ඇති නොවනු ඇති.

මම මෙතක් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන අතර මටම පනවගෙන ඇති වාරණයක් නම් අන්වර්ථ නාමයකින් ලියන නිසා කිසිවෙකුට පුද්ගලිකව අපහාස නොකිරීමයි.

අවසාන ලෙස කිව හැක්කේ මෝඩයන් බොහෝ සිටියත් නුවන ඇති අය ටිකක් හෝ  සිටින බවයි, පරමාර්ථය වියයුත්තේ විමර්ශානාත්මකව සිතන මිනිසකු ඇති කිරීමට උදව් වීමයි.                 

Thursday, December 24, 2015

ශ්‍රී ලංකාවේ විසද ගතයුතු නියම ප්‍රශ්නය.



ඇත්තටම බොහෝ සොබාවික සම්පත් පවතින ශ්‍රී ලංකා දීපයට දියුණු විය නොහැක්කේ ඇයි ? බොහෝ ප්‍රශ්න තිබුනත් මා හදුනාගෙන ඇති මුලික ප්‍රශ්නය  පහත පරිදි වේ (මට තවම නිසි අවබෝදයක් නොමැත්තේ මෙයට දෙන පිළිතුරු පිලිබදවයි )


අපි අද ශ්‍රී ලංකාව අපනයනය කරන්නේ මොනවාදැයි බලමු ඇගලුම් සදහා මුළු අපනයන ආදායමෙන් 40% කුත්  තේ අපනයන වලින් 17% කුත්  ලැබේ එතකොට 43% පමණයි අනෙක් සියලු අපනයන සදහා අපට ලැබෙන්නේ, සම්පුර්ණයෙන් අපනයන සදහා බදු නිදහස් කර ඇති රටක වියාපරිකයෝ අපනයන සදහා නොපෙලබෙන්නේ ඇයි ?


මිට මුලිකම හේතුව රජය නිල නොවන ලෙස අපනයන විනාශ කරන ප්‍රති පත්තියක් අනුගමනය කිරීමයි. දැන් මෙය සිදුකරන ආකාරය බලමු. හිතන්න ශ්‍රී ලංකාවේ කිසිවකු නිෂ්පාදනය නොකරන ටයර් කර්මාන්ත ශාලාවක් කුඩාවට පටන් ගත්ත කියල, මෙය කුඩාවට කලත් ප්‍රාග්ධනය සොයාගත යුත්තේ ඉතා අපහසුවෙන්, අන්තර්ජාතික තරග කරුවකු මෙය දැනගත් වහාම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ අදාළ විෂය බාර ඇමතිවරයාට විශාල කප්පම් මුදලක් ගෙවීමයි ලක්ෂ 100 වැනි මුදලක් විශාල සමාගමකට සුළු මුදලක්, මෙය ලබාගත් වහාම ශ්‍රී ලංකික සුළු පරිමාන නිෂ්පදිතයා විනාශ කිරීමට අදාළ ඇමති වරයාට සුලුදෙයක්, ඔහුට කල හැක්කේ විදේශ වලින් අදාළ භාණ්ඩය ආනයනය  සදහා පනවා ඇති බදු මුදල ඉවත් කිරීම හෝ ශ්‍රී ලංකික අපනයන කරුවාට පරිසර සංවිදාන හෝ කුමන හෝ උගුලක් ඇටවිමයි.


    මේ ආකාරයට තමයි ශ්‍රී ලංකික අපනයන කරුවන් පැවති රජයත් පවතින රජයත් විනාශ කරනේ.


ශ්‍රී ලංකාවේ සිටින වියාපාරිකයන් මේ සිදුවීම දකිනවා ඔවුන් මේ අවදානම ගැනීමට සුදානම් නෑ.


දැන් මා ඔබෙන් අසන ප්‍රශ්නය සරලයි දුෂිත ඇමතිවරුන් සහ නිලදාරීන් අල්ලස් ගෙන ඉහත ක්‍රියාවලිය කරනවානම් මොන ආණ්ඩුව ආවත් මෙය කරනවානම් ජනතාව ලෙස අප කලයුත්තේ කුමක්ද ?       


Wednesday, December 23, 2015

දෙසපාලනය, ජනමාධ්‍ය, ජාතිවාදය සහ ආගමික උමතුව නිසා නිතිපතා රැවටෙන ජනතාව.



ඉහත මාතෘකාව යොදාගත්තේ අද ලෝකයේ සිදුවන මායාව හදුනාගැනීමට  අපහසු කරන පාට කන්නාඩි සමුහය හඳුනාගැනීම, පහසුකරණ උදාහරණ සැපයීම සහ මේ විනාශයෙන් ගැලවීමට අප සිතියයුතු අයුරු දැනගැනීමයි. පහත සදහන් වාර්තා වැඩසටහන වැදගත්  පැතිකඩක් විවර කරනවා.

 


මෙහි මාතෘකාව "how media lies documentary film - CNN CBS FOX NEWS channel distorted contents"
ජනමාද්‍ය බොරුකියන අයුරුත් ( CNN CBS FOX NEWS ) වැනි චැනලයන් තොරතුරු වසන් කර වැරදි තොරතුරු ලෝකයට ලබාදෙන අයුරුයි.

මෙහි පෙන්වා දෙනවා ඊශ්‍රායල ජාතිකයන් පලස්තීන ජාතිකයන් ගේ ඉඩම් මංකොල්ලකන අයුරුත් එම පලස්තීන ඉඩම් වල  ඊශ්‍රායලය  තම ජනාවාස ඉදිකරන ආකාරයත්, මෙසිදුවීම් ඇමරිකානු ජනමාද්‍ය තම ජනයාට වසන්කර කරනු ලබන මාහා වංචාවත් කදිමට විදහා දක්වනවා.

මෙහිදී ඇමරිකානු මාධ්‍ය ආයතන වල ට ඊශ්‍රායලය  රජයත් ඔවුන්ගේ පෝසත් සමාගම් ජාලයත් මුදල් යොදවන ආකාරයත්, අපි ඉතා විශ්වාසයෙන් බලන ඉහත සදහන් ජනමාද්‍ය  ඊශ්‍රායල හමුදා නිලදාරියකු මියගියවිට වීරයෙක් ලෙස ලොවට පෙන්වාදීමත් දහස්ගණනින් මියයන පලස්තීනුවන් ගැන වාර්තාකරණ විට "කීපදෙනෙක් මියගියා" වැනි සැර  බාල කිරීමත් වැනි කාරනා බහුලව දැකිය හැකියි.

මට පෙන්වාදීමට උවමනා කල කාරනා අතර

01. අප සිතාසිටින  ( CNN CBS FOX NEWS )  අපව කොපමණ රවටනවද යන්න
02. අප බටහිර දියුණුයි යයි සිතුවත් කොතරම් ගෝත්‍රික මට්ටමක තිබෙනවාද යන්න ( සිංහලයන්  වන අපි තුලත් මේ  ගෝත්‍රික බව ඇති බව තේරුම් ගන්න )
03. මෙවැනි දෙබිඩි චරිත ගතකරන සියලු රටවල් කොපමණ දිවුණු වුනත් මරණ බියෙන් ගත කිරීමට සිදුවීම සහ සිතේ සැනසීමෙන් ගත කල නොහැකිවීම.

මිනිසුන් ලෙසට අපි විවිද ජාතීන්ට අයිති වෙමු, විවිද ආගම් වලට අයිති වෙමු, විවිද සමාජ ස්තර වලට විවිද කුලවලට අයිති වෙමු. අවංකවම සිතුවොත් ඔබ අයත්වන ඉහත සදහන් කුමන හෝ කුලකයකට විශේෂ වාසියක් ලැබෙනවානම් ඔබ කැමතිද ? අකමැතිද ?

අපි මෙහිදී නොසිතන පැත්තක් තිබෙනවා, එනම් ඔබ අයත් ඉහත කුමන හෝ කුලකයකට රටේ රජයෙන් විශේෂ වාසියක් ලැබෙනවානම් බොහෝවිට එය ලබාදෙන්නේ ඔබ අයත් නොවන කුලකවලට පාඩු සිදුකරවමින්, මේ නිසා අනෙක් අය ඔබේ වාසි ලැබූ කුලකය පිළිබද ඉරිසියාව ඇතිකරගන්නවා, නමුත් මෙය ලබන ඔබ හෝ මම මිට කැමති වෙනවා. අපි කිසි සෙත් සිතන්නේ නෑ මේ ක්‍රියාව ජිවිත දහස්ගණන් විනාශ කරන විනාශකාරී යුද්දයක පෙර නිමිති බව.

මෙහිදී තව වැදගත් සිදුවීමක් වෙනවා එනම් සෑම සමාජයකම සිටිනවා කාරනා වැටහෙන අවංක මිනිසුන්, මේ අය ඉහත සදහන් සෑම කුලකයකම සිටිනවා ඔවුන් සමාජයේ මෙවැනි අසාදාරනයක් සිදුවෙන විට නැගිසිටිනවා. ජනමාද්‍ය හසුරවන බලවේග මුලින්ම සිදුකරන දෙය තමයි මේ මිනිසුන් නිහඩ කිරීම, එය සිදුකරන්නේ කෙසේද ? හිතන්න ඔබ සිංහල ජාතිකයෙක් කියල මාධ්‍ය මගින් පෙන්වනව සිංහලුන්ට අසාදාරනයක් සිදුවෙනවා (ඇත්තටම යම්පමනකට එසේ වෙනවා වෙන්න පුළුවන් ) නමුත් එම ජාතියේ ප්‍රතිවාදියන් ලෙස පෙනීසිටින දමිල ජාතිකයන්ට  සිදුවන විනාශය සිංහල මාධ්‍ය තුල පෙන්වන්නේ නෑ නමුත් මෙය විදේශීය දමිල  මාධ්‍ය තුල පෙන්වනවා, ඇත්තන්ම දමිල මාධ්‍ය විසිනුත් කලේ එම සෙල්ලමමයි.
දැන් මේ දෙපාර් ශවයේම සිටන සාධාරණ මිනිසුන්ට නිහඩ වීමට සිදුවෙනවා, මන්ද ඔවුන් තම ප්‍රතිවාදී මිනිසුන්ට සිදුවන අසාදාරනය තම මිනිසුන්ට පෙන්වාදීමට ගියොත් ඔවුන්ට ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසෙනවා.

මෙහිදී දෙපාර්ශවයේ සිටින ජනතාව රැවටීමයි සිදුවී ඇත්තේ, මෙසේ රවටන්නේ යුද්දයේ පමණක් නෙමෙයි රටේ සියලු ආර්ථික කටයුතු වලදී වර්ග බේදයෙන් තොරව මිනිසුන් ව රවටනු ලබනවා.

ශ්‍රී ලංකාවේ මෙවැනි ගණනය කිරීම සිදුවනවාද යන්න මා දන්නේ නෑ



ඉහත උපුටාගැනීමට අනුව 1950 සිට 1980 දක්වා කාලයේ දී සමාජය පහලම ස්ථරයේ 90% ක ගේ ආදායම ඩොලර් 13222 කින් ඉහල යන්නේ 75% ක වැඩිවීමක් දක්වමින් නමුත් 1980 සිට 2008 දක්වා ඩොලර් 303 ක වර්ධනයක් 1% පමණ, සිදුවී ඇත්තේ.

ඒවගේම ඇමරිකාවේ ඉහලම සිටින 1% ක 1950 සිට 1980 දක්වා ආදායම වැඩිකරගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.4 පමණ වන අතර එය 80% පමණ වැඩිවීමක් දැන් 1980 සිට 2008 දක්වා ඉහත 1% ආදායමේ වැඩිවීම ඩොලර් මිලියන 22 කින්  එනම් 403% පමණ වැඩිවී ඇත.

දැන් මෙවැනි වෙනසක් සිදුවනතුරු මෙතරම් උගත් සමාජය රවටා තැබුවේ කෙසේද ?
මෙය සිදුවෙන්නේ රොනල්ඩ් රේගන්  ජනාධිපති වරයා තම දේශපාලන වියාප්පෘතියට උපකාර කල රටේ ධනවත් මිනිසුන්ගේ බදු ප්‍රමාණය අඩු කිරීම මගින් සහ රටේ අනෙක් මිනිසුන්ගේ බදු වැඩි කිරීම මගින් කරන ලද වෙනසයි , මෙය බොහෝ දෙනාට නොතෙරුනේ ඇමරිකානු කොන්ග්‍රස්මණ්ඩලයේ ගෙනෙන ජනතාවට අහිතකර නීති පිළිබද මාද්‍ය සියුම්ව පවත්වාගන යනු ලැබූ වාරණයයි.

මේ වෙනසම ශ්‍රී ලංකාවේ සිදුවී ඇති බව ඔබට වැටහෙනු ඇති නමුත් මෙලෙස කරුණු සහිතව පෙන්වාදෙන්නේ කවුද ?

    
දැන් ආර්ථිකය නිසා  රටේ වැඩි මිනිසුන් කොටසකට අපහසු තාවයක් ඇතිවන මොහොතේ රට හසුරවන බලවතුන් සිදුකරන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී පරිසරයක් නිර්මාණය කිරීමයි. ඔබ සිංහලයකු නම් ඔබට පෙනෙයි මුස්ලිම් මිනිසුන් මෙය කරන බව, මුස්ලිම් මිනිසුන්ට මෙය පෙනෙන්නේ සිංහලයන් කරන බවයි, මෙය මේ දෙපක්ෂයටම පෙන්වන්නේ ජන මාධ්‍ය විසිනුයි, නමුත් ඔබ සිවුම් ව මෙදෙස බැලුවොත් ඔබට වැටහෙයි මෙම ප්‍රශ්නය තුල සිංහල අන්තවාදය පවතින බව උදාහරණ :- බොදුබල සේනාවේ  ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලික වන විට මුස්ලිම් පැත්තෙන් හලලාල්  කිරීමේ හලලාල් සහතික නිකුත් කිරීමේ පිස්සුව ඇතිඋනේ කෙසේද ? මෙච්චර කල් සාමාන්‍ය වතුර බිව්ව සිංහල මිනිසුන් සමග එකපත බෙදාගෙන කාපු මිනුස්න් ට හලලාල් ඕන වුනේ කෙසේද ? මුස්ලිම් මිනිසුන් අමුතුවිදියට අදින්න, රටේ නිතිය නොසලකා හරින්න හැකිඋනේ කෙසේද මේවා පිටිපස්සේ සිටින්නේ කවුද ?

යන ප්‍රශ්න අපි කිසිවිටක අසන්න පුරුදු වී නැත, කල්පනාවෙන් බැලුවොත් මෙවැනි ප්‍රශ්න විවිද පාර්ශව විසින් තම වාසිය සදහා නිර්මාණය කරයි බහුතරය මෙවැනි ප්‍රශ්න ගොන්නක වේලි සිටින කල් රටේ ඉහලම සිටින සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන් පහලම සිටින  සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන් සුරා කෑමයි සිදුවන්නේ.

                  George Carlin ~ The American Dream



ඇමරිකාවේ ආර්ථික අවපාතයක් ඇතිවූ සෑම අවස්ථාවකටම පසු රටේ ආර්ථිකය දියුනුවී විශාල මද්‍යම  පන්තියක් ඇතිවූ බවයි කියවෙන්නේ, නමුත් මෙවර එය එසේ සිදු නොවීමට බොහොදුරට ඉඩ ඇත ඊට හේතුව මා දකින ලෙස ප්‍රාග්ධනය සතු මිනිසුන්ට අපහසුවකින් තොරව වැඩිම ඵලදායිතාව ඇති රටේ ආයෝජනය කිරීමේ හැකියාවයි.

අද මුදල් සංසරණය රටවල් අතර දේශ සිමාවන් වලට කොටුනොවී විවිද මාර්ග වලින් විවිද ලෙස ආයෝජනය කලහැක. මෙනිසා ඉදිරියේ ලෝකය ගැන තීරණ ගැනීමේදී ඔබ කිසිදු කුලකයකට කොටු නොවී සිදුවෙන්නේ කුමක්දැයි බැලීමට දක්ෂ වියයුතුයි.

සමාජයක් ලෙස අපි සැමවිටම සැම පාර්ශවයකටම වාසි ලැබෙන තීරණ ගැනීමට පෙළබුනොත් වඩා ආරක්ෂාකාරී සමාජයක් ඇතිකලහැකි වනු ඇති, රාජ්‍ය තීරණ ගැනීමේදී කිසිදු ජාතියක් උසස් හෝ පහත් නොකර සම අයිතිවාසින් ලබා දියයුතුයි.

මෙවැනි සමාජයක් තුල පුරවැසියන් ලෙස වඩා සාදාරන තීරණ ගැනීමට රජයට බල කිරීමයි මිනිසුන් ලෙස කලයුතු වන්නේ.             


 it's called the American dream because you have to be asleep to believe it - George Carlin

ඒකට කියන්නේ ඇමරිකානු සිහිනයයි මොකද ඔබට නිදා ගතයුතු වෙනවා එය විශ්වාස කිරීමට - ජෝර්ජ් කාර්ලන්

 





Monday, December 21, 2015

Edward Snowden යෝද ඇමරිකාව නිරුවත් කල පුංචි කුහුඹුවා !



 Edward Snowden යනු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ {(NSA) National Security Agency} හි සිටි දක්ෂ පරිඝනක විශේෂන්යයෙක් මොහු ලෝකයට හෙළි කරනලද රහස් පිළිබද බොහෝදෙනා තුල දැනුවත් බාවයක් නෑ.

මේ සිදුවීම වුනේ ඇමරිකාවේ උනත් මේ සිද්ධියෙන් ලෝක දෙසපාලනය පමණක් නෙමෙයි ශ්‍රී ලංකික පුරවැසියන් වන අපටත් බලපාන්නේ කෙසේද යන්න ගැන හොද විග්ග්‍රහයක් කරගත හැකියි.
පහත දැක්වෙන්නේ පැයක පමණ දීර්ග වර්තා වැඩසටහනක්

    

මෑත කාලයේ ඇමරිකා එක්ෂත් ජනපද රජය, ඇමරිකාවේ සහ විදේශ වල සිදුකරන නීතිවිරෝදී වැඩ පිළිබද විස්තරයක් පමණක් නෙමෙයි ඔවුන් එම නීතිවිරෝදී ක්‍රියා සිදුකරන ආකාරයත් ලොවට හෙලි කලේ මොහු විසින්.

 ඇමරිකාව වියරුවැටුන සිදුවීමක් වූ මෙය ලෝකයේ කොපමණ බලයක් ඇමරිකාවට ඇත්දැයි දැනගැනීමට මෙය හොද පරීක්ෂණයක් උනා.

සිදුවීම් ජාලය කරලියට පැමිණෙන්නේ 2013 ජුනි 23 හොන්කොන් වල සිටයි එනම්   Edward Snowden විසින් විශාලම ඇමරිකානු රහස් ලෝකයට හෙළිකරනවා, මෙය මෙතක්  ඇමරිකානු ඉතිහාසයෙම මෙවැනි විශාල රහස් පිටකිරීමක සිද්ධියක් සිදුවී නෑ.

එවක පරිගණක ඉංජිනේරු වරයෙක් වූ ඔහු පිටකරන තොරතරු අතර රහසිගතව එකතුකරනලද පුද්ගලයන්නේ අන්තර්ජාල සෙවුම් දුරකථන විස්තර සහ අද අපි භාවිතාකරන සියලු අන්තර්ජාල සේවාවන් අපගේ තොරතුරු රැස්කරන්නේ කෙසේද සහ ඒවා ඇමරිකානු රජයට ලබා දෙන්නේ කෙසේද යන කාරනා විස්තර කරනවා.

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය වඩාත්ම බය වන්නේ රටේ ආරක්ෂක අධිකාරිය මිනිසුන්ගේ සියලුම පුද්ගලික තොරතුරු, නීතිවිරෝධී ලෙස රැස්කර ගනිමින් සිදුකරන ලද අතිවිශාල වංචාව ලොවට ප්‍රදර්ශනය වීමටත් වඩා තම රටේ පුරවසියන්ට හෙළි වීම ගැනයි.

අපි  දැන් බලමු මෙය සිදුකරන්නේ කෙසේද කියා.

හිතන්න මෙතන මේ බ්ලොග් කියවන සියලු දෙනාට පාහේ තිබෙනවා පරිඝනකයක්, ස්මාර්ට් ෆෝනයක්, facebook ගිණුමක් gmail ලිපිනයක්, ඔබ හිතන්න ඔබ මේ සියලු සමාජ මාද්‍ය යොදා සිදුකරන සියලු තොරතුරු අද වනවිට වියාපාරික ලෝකයත් ඇමරිකා එක්සත් ජනපද රජයත් පාවිච්චි කරනවා
ඔබ හිතන්න ඔබට    facebook  සහ  gmail  ඔබ ලබාගන්නේ නොමිලේයි නමුත් මෙම සේවාවන් නොමිලේ සපයන විට ඔබ ගෙවන මිලක් තිබෙනවා එම මිල තමයි ඔබේ අන්තර්ජාලයට එකතුකරන තොරතුරු. මෙහිදී මිනිසකුගේ හෝ ගැහැනියක ගේ මනස වැඩකරන අයුරු දැනගැනීම මෙම සේවා සපයන ආයතනවලට  ඉතා පහසුයි.

එපමණක් නෙමෙයි විවිද රටවල මිනිසුන්ගේ විවිද උවමනා එපාකම් දැනගැනීමත් පහසුයි, google වැනි සමාගමකට අද ශ්‍රී ලාංකිකයන් නගර වශයෙන් මොනවට කැමති දැයි සොයාගත හැකියි, රටක් ලෙස අපි වැඩියෙන් ම සොයන්නේ "SEX" යන අකුරු 3 බව http://www.dailymirror.lk/24551/sri-lanka-is-no-1-nation-in-sex-searches-on-google සදහන් වෙනවා, ඔබ දැනගත් යුත්තේ මේ සියලු තොරතුරු මෙම විශාල සමාගම් ගබඩා කරන බවයි.

මතක තබාගන්න ඔබට රහසක් තබාගැනීමට උවමනානම් කිසිවිටක එය අන්තර්ජාලයට මුදාහැරිමෙන් වලකින්න්න.

වාණිජ ලෝකයේ මෙම තොරතුරු යොදාගන්නේ විවිද භාණ්ඩ සහ සේවා සදහා ඇති ඉල්ලුම සහ සැපයුම වැනි තොරතුරු ලබගෙන අලවි කරණය කිරීමටයි.

    දැන් නැවත Edward Snowden කතාවට යොමු වුනොත්, ඔහු පෙන්වාදෙනවා මෙම අන්තර්ජාල සේවා සපයන ආයතන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ {(NSA) National Security Agency} වලට තොරතුරු රුජුවම ලබාදෙන බව.

මෙහිදී ඔහුගේ මේ හෙළි කිරීම් වලින් පසු ඔහුව දඩයම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාකරනවා, එවක හොංකොං වල සිටින  Edward Snowden වහාම ඇමරිකාවට බාර දෙන ලෙසට උපදෙස් හොංකොං වලට ලබාදෙනවා, මේ අතර චිත්‍රපටි ජවනිකාවක් ලෙස  Edward Snowden සිදුකරන්නේ wikileaks හි Julian Assange සමග සම්බන්දතා ගොඩනගා ගැනීමයි.

Julian Assange පවසනවා  හැකි ඉක්මනින් හොංකොං වලින් පිටවන ලෙස, අවසානයේ හොංකොං සිට රුසියාවට පැමිණීමට Edward Snowden හැකිවන්නේ ඇමරිකාවෙන් එවනලද පිටුවහල් කිරීමේ ලියවිලි වල Edward Snowden ගේ මැද නම වැරදියට ලියා එවීම නිසා, ඉතා හදිස්සිය නිසා ඇමරිකාවට සිදුවූ එම වැරදීම නිසා නිරුපද්ධිතව   Edward Snowden  ට රුසියාවට පැමිණිය හැකි වෙනවා.

නමුත් මොස්කොව් ගුවන් තොටුපලේදී ඔහු දැනගන්නවා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඇති බව, ඔහුව ආරක්ෂා කරිව රැගෙන ඒමටWikiLeaks යොදාගන්නේ  Sarah Harrison නමැති ඔස්ට්‍ර්ලියානු ජාතික මාධ්‍යවෙදිනියයි.

මේ අතර ඇමරිකාව CIA සංවිදානය විසින් කෝපන්හේගන් වෙත ගුවන් යානයක් යවනවා Edward Snowden ව පැහැරගැන ඒමටමේඅතර රුසියාවේ පුටින් ජනාධිපති කරන්නේ Edward Snowden ට රුවියාවට ඇතුළු වීමට අවසර නොදීමයි, මෙනිසා  Sarah Harrison  ටත් Edward Snowden සිදුවෙනවා ගුවන් තොටුපලේ නතර වීමට මාසයක් ඔවුන්ට ජිවත් වීමට සිදුවන්නේ මෙවැනි පරිසරයකයි.

මේ අතර නවතම රහස්  WikiLeaks මගින් එලි දැක්වුනා ඇමරිකානු රජය පුරවැසියන්ගේ තොරතුරු නීති විරෝදිව සොරකම් කරන ආකාරය , මෙනිසා යුරෝපයේ  Edward Snowden  වීරයකු වීමයි සිදුවුනේ මෙනිසා Edward Snowden  විසින් තමාට පුරවැසි බාවය ලබාදෙන මෙන් යුරෝපයේ රටවල් 21 න් ඉල්ලා සිටිනවා, මෙහිදී ඇමරිකාව සිදු කරන්නේ මේ රටවල් වලට බලපෑම් කිරීමයි
මෙහිදී වෙනිස්වෙලවත් බොලිවියාවත් මිට ඉදිරිපත් වෙනවා.

මේ අතර ඔහුව යැවීමට පුද්ගලික ගුවන් යානාවක් යොදාගැනීම අනතුරු දායක බවයි සදහන් වන්නේ මන්ද ඇමරිකාව සුදානම් වෙනවා අදාළ ගුවන් යානාව අහසේදී වෙඩිතබා විනාශ කිරීමට, මේ අතර අපුරු සිදුවීමක් සිදුවනවා එනම් බොලිවියාවේ ජනපති රුසියාවට පැමිණීමයි.

නැවත තම රටට යාමට සැරසෙන බෝලිවියා ජනපති   Edward Snowden ව රැගෙන යනු ඇති බවයි ඇමරිකාව සැක සිතන්නේ, වියානා සම්මුතියට අනුව ජනාධිපති වරයකු ගෙනයන ජෙට් යානාවක් සලකනු ලබන්නේ එම රටේ පවතින ඉගිලෙන ඉඩමක් ලෙසයි, මෙහිදී ප්‍රන්සයත් පෘතුගාලයත් තම රටවලට තෙල් ගැසීමට වත් ගොඩබෑමට අවසර දෙන්නේ නෑ මෙහිදී සිදුවන පුදුම සහගත දෙය නම් අදාළ ගුවන්යානය ඇමරිකාවට හිතවත් යුරෝපා රටක  බලෙන් ගොඩබස්වා පරික්ෂා කිරීමයි. මෙම සිදුවීම ඇමරිකාවට ඉතා ලජ්ජාදායි සිදුවිමක් වෙනවා පමණක් නෙමෙයි ලතින් ඇමරිකානු රටවල දැඩි පිළිකුලට ලක්වෙනවා  මේ සිදුවීම නිසා Edward Snowden ට රුසියාවට ඇතුල්වීමට අවසර ලැබෙනවා.

මේ සිදුවීම බැලුවොත් ඔබට පැහැදිලි වෙයි ලෝකයේ රජයන් හැසිරෙන අයුරු සහ අප විසින් අන්තර්ජාලයට ඇතුළු කලයුත්තේ කවර තොරතුරුද ඒ කොහොමද? කියන වග,  ආරක්ෂාකාරී ලෙස තම අනන්‍ය තාවය හසු නොවන ලෙස තොරතුරු මුදාහැරිම වැදගත් වෙනවා. . මේගැන මිට පෙර ලිපියක සදහන් කළා http://lankasithuwili.blogspot.com/2015/12/how-to-protect-your-anonymity-online.html





      

Friday, December 18, 2015

අති විශාල රජය සේවය යොදා සුළු සහ මද්‍ය පරිමාන වියාපාර අපනයනය සදහා සුදානම් කිරීම.



උපුටා ගැනීම http://economatta.blogspot.com/2015/12/blog-post_17.html

{මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.}

ඉහත ඉකොනොමැට්ටා අඩවියේ සදහන් කාරණය අනුව ශ්‍රී ලංකාව අවදානම් කලාපයට ලගා වී ඇති බව කිව යුතුයි. දැනට අපිට වාසියකට තිබෙන්නේ ලෝක තෙල් මිල පහළයාම මගින් ඇති සහනය වැනි කරනා කීපයක් පමණයි.

  නමුත් අදුරු වලාවක් මැද ඇති රිදී රේඛාවක් බදු මේ තත්වයෙන් රජය ප්‍රයෝජනය ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් පෙන්වාදීමයි මගේ අරමුණ.

මුලින්ම අපනයන කරුවකු මුහුණ දෙන මුලික ගැටලුව බලමු.

01. අපනයනය කලයුතු භාණ්ඩය සදහා රේගුවෙන් අවසර ගැනීම සහ මිට යන වියදම පිළිබද රජයේ වෙබ් අඩවියකින් එකවර තොරතුරු ලබා ගත නොහැකි වීම.

02. උවමනා කරන ලියවිලි පිලිබදව තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවියක් නොමැති වීම සහ මෙම ලියවිලි බිලිබදව රජයේ නිලදාරීන් ගේ නොදැනුවත් බව

උදාහරණ :- මගේ විදේශීය සැපයුම් කරුවකුට සම් භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට උවමනා වුන විට මා මුලින්ම ඇමතුවේ http://www.customs.gov.lk/ ඔවුන් මාව තව රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙත යොමුකරන ලද අතර ඉන්පසු මා දෙපාර්තමේන්තු 5 පමණ මාරුවෙන් මාරුවට යොමුකර අවසාන වුයේ වන හා වුක්ෂලතා අදිකාරිය තුලයි.

ඔබ මේ අඩවියට නවකයකු ලෙස ගියවිට ඔබ අපනයනය කරන භාණ්ඩය අදාළ සෙවුම් යන්ත්‍රය තුල ඇතුලත් කල පසු ඔබට උවමනා සියලු ලිපිලේඛනත්
අවසර ගතයුතු ආයතන පිළිබද විස්තරත් ගෙවියයුතු මුදලුත් පහසුවෙන් පෙන්වා දීමට තක්ෂණය දැනටමත් ලෝකයේ තිබෙනවා.

දැන් පවතින වෙබ් අඩවිය  මගින් ඔබට උවමනා තොරතුරු ලබාගැනීමට අනිවාර්යෙන් ඔබ ශ්‍රී ලංකා රෙගු දෙපාර්ත මේන්තුවට යාමට  සිදුවිය යුතුයි  මන්ද කලයුතු අනු පිලිවල ගැන කිසිවෙක් හරියට නොදන්නා නිසා

මේ බලන්න සිංගප්පුරුවේ http://www.customs.gov.sg/businesses/exporting-goods/quick-guide-for-exporters
මෙය සිදුවන අයුරු අනුපිලිවලින් සදහන් වෙනවා, ඔවුන්ට ඉතා වේගයෙන් ක්‍රියාකළ හැකි වීමට පුදුම වියයුතු නෑ.

අප දෙරටේ ඉහත සදහන් සරල වෙනස සිදුකිරීමට මේ රටේ සිටින ආචාර්ය, මහාචර්ය, දුරාචාරය වරුන් සමන්විත අතිවිශාල රාජ්‍ය සේවයට  නොහැකිවීමයි පුදුමය.

අනෙක් පුදුමය මේ රටේ සිටින සිවිල් සමාජය කියාගන්නා විවිද සංවිදාන මේ පිළිබද කාරනා සහිතව පවතින රජයට බල නොකිරීම.

ඉහත සදහන් කාරනා නොදැන තමා ගන්නා අවදානම පිලිබදව කිසිම ත්ක්සේරුවක් කල නොහැකි වියාපරිකයෙක්, අපනයන වෙළදාමට පෙලබෙන්නේ කෙසේද ?

දැන් අපි බලමු රජය මෙම අංශය ප්‍රවර්දනය කිරීමට කෙසේ ක්‍රියාකළ යුතුද? කියල
මුලින්ම රජය විසින් පවතින විශාල ඵලදායි නොවන වැඩවල යොදවා සිටින දක්ෂ සේවකයන් යොදවා ඉහත ක්‍රියාවලිය සම්පුර්ණයෙන් අපනයන කරුවා වෙනුවෙන් කරන ආයතනයක් ඇතිකිරීම.

දැන් උදාහරණ :- ඔබට යමක් අපනයන කිරීමට උවමනානම් ඔබ කලයුත්තේ අදාළ භාණ්ඩය, එහි ප්‍රමාණය, යැවීය යුතු රට, කුමන කාලයක් තුල යැවිය යුතුද යන්න වැනි මුලික තොරතුරු අදාළ ආයතනයට සැපයු වහාම යන සියලු වියදම අදාළ රජයේ ආයතනය මගින් විනාඩි 20 පමණ ලබාදිය හැකි වියයුතුයි.

අදාළ අපනයන කරුවට සිදුවිය යුත්තේ අදාළ මුදල ගෙවීම පමණයි සියලු උවමනා ලිපි ලේඛන අදාළ ආයතනය පරිගණක දත්ත ගබඩා අනුසාරයෙන් විනාඩි කීපයකින් සිදුකල හැකි ක්‍රමයක් ඇති කල යුතුයි.

මෙම සේවය නොමිලේ සපයා දියයුතු නැති අතර ණය පහසුකම් අපනයන කරුවන්ට ලබා දෙනවිටදී අදාළ සේවා ගාස්තුව ණයක් ලෙස සහනදයිව සපයා දිය හැකියි.

විදේශික ආනයන කරු මුදල් ගෙව්ව වහාම අදාළ ණය මුදල කපාගෙන අපරටේ අපනයන කරුට ලබාදියයුතුයි.

මෙවැනි ක්‍රමයක් සිදු කිරීමටයි PayPal වැනි ක්‍රමයක් උවමනා වන්නේ.

දැන් බලමු අපනයන කරු භාණ්ඩ අන්තර්ජාලය තුලින් විකුනන්නේ කෙසේද? කියලා.

ඔබ හිතන්න මිනිසෙකු සිටිනවා දක්ෂ ලෙස ලී කැටයම් කල හැකි නමුත් ඔහුට වෙබ් අඩවියක් පවත්වාගන යන්නවත් අන්තර්ජාලය ඔස්සේ තම බැංකු ගිණුමට මුදල් ලබාගැනීමට නොදන්නා. මෙවිට ඔහුට මෙවැනි සේවා සපයන ආයතනයකින් සේවයක් ගත හැකියි.

අදවනවිට Opensource මෘදුගකාංග මගින් උදාහරණ https://www.oscommerce.com/ , https://www.prestashop.com/en/ ,http://www.opencart.com/, වැනි නොමිලේ ඉතා වටිනා මෘදුකාංග නොමිලේ බාවිතා කිරීමට අවස්තාව ලැබෙනවා. මෙහිදී අදාළ අපනයන කරුවට උවමනා වන්නේ
01. වෙබ් ලිපිනයක් මිලදී ගැනීම.
02.   Purchase hosting space (අදාළ වෙබ් අඩවියේ තොරතුරු තබාගැනීමට ස්ථානයක් "මෙය පැය 24 ම අන්තර්ජාලයට සම්බන්ද පරිඝනකයක දෘඩ තැටියේ (Hard Disk space) ඉඩ ප්‍රමානයකුයි

තමුන්ම දැනුවත්වී ඉහත කරුණු සම්පාදනය කරනවානම් වසරකට රුපියල් 20,000 වැනි මුදලක් වැයකර මෙය කළහැකි වනු ඇති.

උවනමානම් ඉහත සේවය ලබාදීමටත් තවත් රාජ්‍ය ආයතනයක් ඇරබිය හැකියි. http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_16.html                
චීනයේ ඇති https://www.taobao.com/  මෙම ආයතන සදහා නව බදවාගැනීම සිදු නොකර සිටින අතිරේක පිරිස මිට යොදාගත හැකියි.

මේ ලිපියට http://lankasithuwili.blogspot.com/2015/11/escrow.html මගින් වඩා වැඩි විස්තරයක් සදහන් වෙනවා.

මෙමගින් එක එක වියාපාරිකයාට වෙනවෙනම වෙබ්පිටු ලබාදී කිසියම් අඩු මුදලකට සේවය ලබාදිය හැකියි.


 
          

Saturday, December 12, 2015

ශ්‍රී ලංකාවේ ඉදිරි මාස 6 දී



පහත දැක්වෙන්නේ lankatruth (ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගන යන අඩවියක තොරතුරුයි )
"කෙළින්ම ඇත්ත කියන්න... එ.ජා.පය ඇමතීන්ට උපදෙස් දීලා
පවතින ආර්ථික අර්බුදය ප‍්‍රකාශ කෙරෙන සංඛ්‍යාලේඛන දත්ත හෙළි කරමින්, ආර්ථික සහ වෙනත් දේශපාලන කරුණුවල දී සෘජු පිළිතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට සහ ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව හෙළි වේ
."
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17151:2015-12-12-01-46-05&catid=36:2011-10-17-04-27-38&Itemid=72


මිට අනුව රජය මහජනයා දැනුවත් කිරීම දැම්මම  පටන්ගෙන ඇති බවයි. අප රට පවතින්නේ ඉතා අවදානම් තත්වයකයි හරියට බැලුවොත් අපට ඇත්තේ 6 මාසයකට ආනයන වලට පමාණවත් විදේශ සන්චිතයි.

රජයේ උසස් නිලදරින්ටත් දොස්තර වරුන්ටත් නිකුත් කරන වාහන බලපත්‍ර සදහා වාහන ශ්‍රී ලංකාවට ආනයනය කලවිට මේ සංචිත ප්‍රමාණයත් පිරිහීමට ලක්වනු ඇති.

මිට අමතරව බදු වැඩිකර ගැනීමට කල විවිද යෝජනා අකුලාගනිමත් දැකිය හැකියි.

අද වනවිට අපට ජපානයෙන් හෝ චීනයෙන් ණය මුදලක් ලබාගැනීමේ අපහසු මට්ටමට පැමිණ ඇත.

අයවැයට අන්තර්ගත බොහෝ යෝජනා රවී කරුණානායක මහතා ඉදිරිපත් කල යෝජනා ලෙස දකින්න ලැබුනත් ඒවා බොහොමයක් ලෝක බැංකුවේ යෝජනා බව ඔබ කල්පනාවෙන් තොරතුරු සෙවීමේ දී පැහැදිලි වනු ඇති.

ඇත්තෙන්ම එසේ උනත් මෙහි සාධනීය පැතිත් පවතී. උදාහරණ ඩිජිටල් හැදුනුම් පත මේ මගින් මින් පසු පුද්ගලයකු ලබන සියලු ආදායම සොයාගත හැකි අතර ඔහු විසින් කරන සියලු වියදම් ගැන විස්තර සොයාගනු ඇති.

මෙහිදී කිසියම් පුද්ගලයකු ගේ ආදායම වසරකට  ලක්ෂ 25 සිමාව ඉක්මවාගිය වහාම ඔහුව බදු දැලට අසුවනු ඇති.
මේ නිසා සියලු දෙනා තම වියදම් ආදායමෙන්  අඩුකරගැනීමට වැඩිවැඩියෙන් ණයපත් මගින් ගනුදෙනු කරන අතර මුදල් භාවිතය අවම කරනු ඇති.

මේ නිසා වැඩි පිරිසක් බදු බර උසුලනු ලබන අතර මෙය ආර්ථිකයට ඉතා හොද ප්‍රවනතාවක් ලෙස සිදුවුනත් මෙම අයවැය තුල සීනි තවරන ලද වස පවතින බව බොහෝ දෙනා තේරුම් ගෙන නැත.

අයවැයේ මතුවූ අදහසක් නම් අපේ රටේ "විනිමය නීති ඉතා ගොරෝසු බවයි" මේ කිව්වේ කුමක්දැයි බොහෝදෙනාට නොවටහෙනු ඇති.

මෙය හරියට අලියන හිල් තිබියදී කූබි යන ගුල් වැසීම වැනි දෙයකුයි.

මෙය පැහැදිලි කරගැනීමට අද විනිමය ලෝකයේ පවතින නවීනතම තක්ෂණික උපක්‍රමයක් ගැන සාලකා බලමු.

Bitcoin  " Bitcoin is a digital asset and a payment system invented by Satoshi Nakamoto who published the invention in 2008and released it as open-source software in 2009.The system is peer-to-peer; users can transact directly without needing an intermediary. Transactions are verified by network nodes and recorded in a public distributed ledger called the block chain.The ledger uses bitcoin as its unit of account"

බිට්කොයින්  මෙය ඩිගිටල් වත්කමක් සහ ගෙවීම් මාද්‍යක් වන අතර නිර්මාණය කල බව සදහන් වන්නේ Satoshi Nakamoto නමැති අන්වර්ථ නාමය ඇති පුද්ගලයකුයි මෙම මෘදුකාංගය open-source ගණයට වැටෙන බලපත්‍රයකින් නිකුත් කරන අතර ඕනෑම පුද්ගලයකුට මෙහි පවතින කේතය කියවිය හැකි නිසා වංචාවක් සිදුකල හැකි අයුරින් මෙය බාවිතා කල නොහැකියි තවද මෙහි හුවමාරු විදික්ක්රමය  "peer-to-peer" පරිගණක දෙකක් අතර "encrypt" ආරක්‍ෂිත කේත යොදා සිදුකරන නිසා යම් පුද්ගලයකු සතුව කොපමණ  බිට්කොයින්  තිබේදැයි සොයා ගත නොහැකියි.

අද වනවිට http://www.oanda.com/currency/converter/
Bitcoin1   = රුපියල් 60,390

මා මෙපිලිබද වසර 3 පමණ පෙර දැනගත් විට සිතුනේ මෙය තවත් ප්‍රෝඩාවක් වනු ඇති බවයි මෙය වසර 2 ට පමණ පෙර බිට්කොයින්1  ඩොලර් 1000පමණ ගිය අතර එවිට මට සිතුනේ වැඩිකල් නොගොස් මෙය ඇමරිකානු රජය විසින් තහනම් කරනු ඇති බවයි.

නමුත් පුදුමයකට වගේ ලොව පුරා ATM මගින් අදාළ මුදලට මාරුකරන තක්ෂණය එමින් පවතී




Bitcoin ජනප්ප්‍රිය වීමට කාරනා කීපයක් බලපෑවා.

01. ඇතිකළ හැකි  මුලු Bitcoin ප්‍රමාණය සිමා සහිත වීම.
02. අලුතින්  Bitcoin පිළිගන්නා වියාපාර පටන්ගැනීම.

මෙය තමයි මං හිතන්නේ මෙය ජනප්ප්රිය වීම සහ විශ්වාසය ඇති වීමට මුලික හේතුව උනේ.
හිතන්න ඔබ කඩ හිමියකු කියා ඔබ ඔබේ ගනුදෙනු කරුවන්ට කියනවා ඔබ Bitcoin මගින මුදල් ගෙවීම බාරගන්නවා කියල, දැන් ඔබ හිතන්න ඔබ   Bitcoin ප්‍රමාණයක් තබාගත් විට ඔබට අවදානමක් දැරීමට සිදුවනවා (යම් විදියකින් Bitcoin වල අගය අඩු වුනෝත් ඔබ විශාල පාඩුවක් ලබනු ඇති ) මෙය ට විසදුමක් ලෙස සිදුවුයේ අදාළ ගනුදෙනු කරුවා Bitcoin වලින් ගෙවූ වහාම ඔබට ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය වී බැංකු ගත වීමේ තක්ෂණය ඇතිවීමයි.

03. වෙන විනිමය මෙන් නෙමෙයි මෙහිදී තුන්වැනි ප්ර්ශවයකට කොමිස් මුදල් ගෙවීම අවමයි.
04. මේ කරුණ නිසයි මම මේ ගැන කිව්වේ එනම් Bitcoin පාවිච්චියෙන් ඔබට බදු ගෙවීමෙන් වැළකිය සිටිය හැකියි.

අපේ සාකච්චාවට වැදගත් මෙහි 4 වැනි කරුණයි, යම් විටක ශ්‍රී ලංකාවේ විනිමය නීති ලිහිල් කලොත් සිදුවන්නේ රටේ ධනපතියන් සහ දෙසපල්න්යයන් රටේ විනිමය Bitcoin වැනි තක්ෂණ ඔස්සේ රටින් පිට කිරීමයි.

පසුගිය වසර වල Bitcoin වල දියුණුව ගැන සිතීමේදී මට වැටහුණු කරුණක් නියනවා (මෙය වැරදි විය හැකියි ) එනම් ඇමරිකානු රජය Bitcoin සදහා දක්වපු ඇල්මැරුණු සැලකිල්ලයි, මන්ද Bitcoin යනු ඇමරිකානු ඩොලරයට අබියෝගයක් වන ගෙවීම් මාද්‍යක් වීමයි නමුත් ඇමරිකාව මෙය තහනම් කිරීමට කිසිවිට පෙලබුනේ නෑ. ඒ වෙනුවට මෙය ලෝකය පුරා ප්‍රචලිත උනා.

මිට හේතු වන කාරනා කීපයක් තිබෙනවා ඇමරිකාවේ කොන්ග්‍රසයේ නීතියක් සම්මතවිමේදී විවිද පාර්ශව කරුවන් (lobby) මගින් රටේ නිතිය තම ආයතනයේ උවමනාව පරිදි වෙනස් කරගැනීමට හැකියාව පවතිනවා
         
  මට වැටහෙන ආකාරයට ලොව බලවත් රටවල් වල සිටින බලවත් වියාපාරිකයන් මෙම Bitcoin ක්‍රමය වෙනුවෙන් අප්ප්‍රසිද්ධියේ පෙනිසිටිනවා, මෙය ඔවුන් රටේ බදු ක්‍රමයට හසු නොවී වත්කම් ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙස බාවිතා කරනවා මක්නිසාද ඔබ Bitcoin බවට වත්කම් පරිවර්තනය කල විට  ඔබව බදු දැලට හසුකරගැනීම සීමිත වෙනවා, මන්ද ඔබ සතුව Bitcoin කොපමණ ඇද්දැයි කිසිවෙකුට දැනගත නොහැකි නිසා.

ඔබට උවමනා ඕනෑම අවස්තාවක මෙය මුදල් බවට පරිවර්තනය කිරීමේ තක්ෂණය තිබෙනවා. මෙයට ඇති එකම බාදාව මෙහි සාමාන්‍ය පුද්ගලයාට ඇති සංකීර්ණ බවයි, නමුත් විශාල වියාපාර වලට මෙවැනි දුර්වල තාවයක් පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් මන්ද සාමාන්‍ය පුද්ගලයන් ට මේ තක්ෂණය නොහැකි වීම නිසා රජය ට බදු නොලැබීමේ ගැටලුව තදින් නොදැනෙනු ඇති, මේ නිසා ලොව සිටින කොටිපතියන්ට තම අරමුදල් රටින් රටට කිසිවකුට නොදනී හොවමාරු කරගත හැකි වනු ඇති.

මෙහි ඇති වැදගත්ම දෙය මෙම ක්‍රමය ආරක්ෂා කිරීමට

01. දෙසපල්න්යයන්
02. බලවත් වියාපරිකයන්
03. මෙම තාක්ෂනය දන්නා පිරිස තම වත්කම් ආරක්ෂා කිරීමට යොමුවනු ඇති.

කිසි ලෙස රජයකට මෙය තහනම් කල නොහැකි වන්නේ ලෝකයේ පිළිගත් රජයන් ගණනාවක් මෙය පිළිගන්න නිසා මෙය ශ්‍රී ලංකාවේ තහනම් උනොත් වහාම ඇමරිකානු ඩොලර් බවට පරිවර්තනය කල හැකියි.

මෙය තහනම් කරනවානම් ලෝකයේ සියලු රටවල් මෙය තහනම් කලයුතුයි, මෙය ප්‍රයෝගිකව සිදු නොවනු ඇති. 

ආරම්බයේ(2009) Bitcoin 5000 = $27
2013 දී     Bitcoin 1 = $780 වැනි මිලකටත්
Bitcoin 1 = $412 දැන් මිලකටත් අලවි වෙනවා.

මෙය වටිනාකම් රැස්කිරීමේ මාද්‍ය කට වඩා රහසිගත හුවමාරු  මාද්‍යක් ලෙස යොදාගන්නවා


නමුත් මෙහි ඇති අවදානම් නම් විශාල වශයෙන් මිල උච්චාවචනය සිදුවීමයි.




Kentucky police chief to be paid in Bitcoin (ඇමරිකාවේ කෙන්ටකි පොලිස් ප්ප්‍රධානියාට පඩිය Bitcoin ගෙවීම )
http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/10496993/Kentucky-police-chief-to-be-paid-in-Bitcoin.html

මේ පිළිබද දීර්ග විස්තරය


මෙන්න විනාඩි 5 විස්තරය



මගේ අරමුණ ඔබට Bitcoin  ගැන දැනුවත් කිරීම නෙමෙයි මේ තාක්ෂනය යොදා මේ රටේ ඉහලම ආර්ථිකය හසුරවන මිනිසුන් නීතියට හසුනොවී විදේශ විනිමය රටින් ඉවත් කරන විදිය දැනුවත් කිරීමයි.

අවසාන කරුණ වන්නේ බොහෝ දෙනාගේ මනසේ තිබෙන වැරදි මතකය් නිවැරදි කිරීමයි.

බොහෝ දෙනා සිතා විටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තමන්ට උවමනා විදියට නටවන බවයි, නමුත් ඇත්ත එය නෙමෙයි රටවල් රටවල් පාලනය කිරීම අවසානවී දැන් දශකයකට වඩා කාලයක් ගතවී ඇත.

අද පවතින්නේ ලෝකයේ බලවත් සමාගම තම වෙළද අදිරාජ්‍ය පුලුල්කරන තරගය සහ එම සමාගම් වල අයිතිකරුවන බදුවලින් ගැලවීමට කරන විවිද උපායන් තමයි.

උදාහරණ :- GOOGLE සමාගම පමණක් නෙමෙයි ලොව බලවත් ම සමාගම් බදු ගෙවීමෙන් බේරීමට Bermuda වැනි රටවල මුදල් තැන්පත් කරයි අපි GOOGLE සමාගම ගත්තොත් ඩොලර් බිලියන 12 පමණ බදුගේවිමෙන් බේරීමට කර ඇත්තේ 0% බදු ඇති  Bermuda නමැති රටේ මුදල් තැන්පත් කිරීමයි.

ඉදිරියට ශ්‍රී ලංකාවේ මෙවැනි තද බදු ප්‍රතිපත්තියක් පැමිණියොත් බොහෝ දෙනා තම අරමුදල් මෙවැනි රටවල ආයෝජනය කරනු ඇති.
අනෙක් අතට  ශ්‍රී ලංකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇත්තේ ඉතා මෝඩ බදු ප්‍රතිපත්තියකුයි හිතන්න ඔබ මාසයක ඉහල ආදායමක් ලැබුවා කියල බැරිවෙලාවත් ඔබ බදු දැලට හසු උනොත් සිදුවන්නේ දිගින් දිගටම බදුගේවිමට සිදුවීමයි, මෙහිදී ඔබ ඉදිරි මාස වල කිසිදු ආදායමක් නොලැබුවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබේ පෙර ගෙවූ මුදලම බලාපොරොත්තු වේ බොහෝ විට සිදුවන්නේ ඔබට උසාවි යාමට සිදුවීමයි, මේ සිදුවීම වලකා ගැනීමට මිනිසුන් කරන්නේ මහාපරිමාණයෙන් පාගා ගෙවීමයි.

ශ්‍රී ලංකාවේ පාලකයන් දක්ෂනම් කලයුත්තේ ආදායම සොයන මිනිසුන්ගේ නිවැරදි ආදායම ගණනය කරන දිවුණු පරිගණක ක්‍රමයක් පිහිටවා ලැබෙන ආදායමට අනුව සාධාරණව බදු ගෙවීමට සැලැස්වීමයි.

අනෙක් අතට ඉහත සදහන් සමාගම් ශ්‍රී ලංකාව වැනි රටවලට ආකර්ෂණය කරගැනීමට පැහැදිලි බදුසහන එම සමාගම් වලට ලබාදෙනවානම් ආර්ථිකය දියුණු කලහැකිවනු ඇති.        



http://www.bloomberg.com/news/articles/2012-12-10/google-revenues-sheltered-in-no-tax-bermuda-soar-to-10-billion

http://www.forbes.com/sites/robertwood/2014/10/14/ireland-corks-double-irish-tax-deal-closing-time-for-apple-google-twitter-facebook/   




        


            

Thursday, December 10, 2015

AIDS පර්යේෂණයේ වංචාව!!



AIDS පිළිබද දීර්ග වාර්තා වැඩසටහනින් කරනලද උපුටාගැනීම ලෙස, වැදගත්ම තොරතුරු ටික සාරාංශ කර පහත ඔබට නැරබිය හැක.
මෙහිදී මා තෝරාගත්තේ AIDS රෝගියකු හදුනාගැනීමට කරන ක්‍රමයේ පවතින වංචනික බවයි!

දීර්ග විස්තරය http://lankasithuwili.blogspot.com/2015/12/hiv-aids.html








Tuesday, December 8, 2015

HIV AIDS විශාලම රැවටීම !!



"විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේදී එච්. අයි. වී ඇතුළු අනෙකුත් රෝග සම්බන්ධයෙන් රුධිර පරීක්‍ෂාව අනිවාර්ය කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම රුධිර පරීක්‍ෂාව එච්. අයි. වී. සඳහා බව නොපවසා සිදු කිරීමට අදහස්‌ කරන බව කී ඇමැතිවරයා සියලු පාසල් සිසුන් ද, තරුණ සංවිධානවල සාමාජිකයන් ද මෙවැනි රුධිර පරීක්‍ෂාවකට ලක්‌ කෙරෙනු ඇතැයි ප්‍රකාශ කළේය.
http://www.divaina.com/2015/12/08/news02.html"

ඉහත ප්‍රවුර්තිය පලවන්නේ ඊයේ  දිවයින පුවත් පතයි.

Dr. Robert C. Gallo තමයි AIDS වයිරසය සොයාගත් තැනැත්තා ලෙස ලෝක ප්‍රසද්ධ වන්නේ නමුත් පසුව දැනගන්න ලැබෙනවා ප්‍රංශ විද්යත්නයන් සමුහයක් විසින් කරන ලද පර්යේෂණයක තොරතුරු Dr. Robert C. Gallo සොරකම් කරන ලද බව
මෙන්න මේ වංචාවට පිලිගතගකි සාක්ෂි http://query.nytimes.com/gst/fullpage.html?res=9F0CEFDA103DF932A05751C1A964958260&pagewanted=all

"After three years of investigations, the Federal Office of Research Integrity today found that Dr. Robert C. Gallo, the American co-discoverer of the cause of AIDS, had committed scientific misconduct. The investigators said he had "falsely reported" a critical fact in the scientific paper of 1984 in which he described isolating the virus that causes AIDS.

The new report said Dr. Gallo had intentionally misled colleagues to gain credit for himself and diminish credit due his French competitors. The report also said that his false statement had "impeded potential AIDS research progress" by diverting scientists from potentially fruitful work with the French researchers."

මෙම පුවත සදහන් වෙන්නේ ලෝක ප්‍රසිද්ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙයි (ඔබ දැන් කල්පනා කර බලන්න මෙය මිට පෙර ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබට කිසියම් ම මාද්‍ය කින් අසන්න ලැබුනාද කියා ) ප්‍රවුර්තිය ට  අනුව වසර 3 ක විමර්ශනයකින් පසු,  ඇමරිකාවේ "Federal Office of Research Integrity"
සොයාගන්නවා Dr. Robert C. Gallo නමැති AIDS වයිරසය සොයාගත් තැනැත්තා වංචා සහිත ලෙස විද්‍යාත්මක තොරතුරු නොමගයවන සුළු ලෙස වාර්තා කොට ඇති බවත්, අලුත් වාර්තාවෙන් Dr. Robert C. Gallo  උවමනාවෙන් අනෙක් වෛද්‍යවරු නොමග යවා ඇති බවයි.

 

Dr. Robert C.  තමයි ප්‍රංශ විද්‍යත්නයන්  ගේ සොයාගැනීම සොරකම් කර අතිශයෙන් භයානක ප්‍රතිකර්මයක් ලෙස සදහන් වූ Zidovudine (ZDV), also known as azidothymidine (AZT) නමැති ඖෂධ ය රෝගීන්ට  නියම කරන්නේ, මේ නිසා දහස්ගනනක මිනිසුන් දින කීපයක් ඇතුලත මියයනවා.

 ඉතිහාසයේ සිට සියලු කරුණු සබැදි සහිතව ඉදිරිපත් කරමි ඔබ හැකිපමණ ලබාදෙන තොරතුරු විමසන්න.

මේ පිළිබද ඇමරිකාවේ පළවූ වාර්තා වැඩසටහන දීර්ග පැය  2 පමණ වන



මුලින්ම HIV (Human immunodeficiency virus infection) එච් අයි වී ලෝක ප්‍රසිද්ධ වුනේ කෙසේදැයි බලමු. මෙය ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ සම ලිංගික පිරිමින්ට පමණක් ඇති වූ ලෙඩක් ලෙසයි ප්‍රසිද්ධ වන්නේ. මෙය පිළිබද විශේෂම හෙළිදරව්ව කලේ Dr Robert E. Willner MD PHD
ඔහු මෙය හෙළිදරව්ව කිරීමට කොපමණ දුර ගියාද කියනවානම් AIDS රුධිරය මගින් බෝ නොවෙන බව පෙන්වීමට ඔහු මුලින්ම තමන් ම HIV පර්යේෂණයකට පෙනිසිට තමන්ට HIV  නැතිබව සහතික කරගත් පසු HIV  ආසාධිත පුද්ගලයකු ප්‍රසිද්ධියේ ගෙන්වා ප්‍රසිද්ධ මාද්‍ය ඉදිරියේ අදාළ රෝගියාගේ ශරීරයට INJECTION SYRINGE ගසා එම SYRINGE තම ශරීරයට එන්නත් කරගැනීමෙන් මෙය පෙන්වා දීමට ඔහු එඩිතර වෙනවා   පහත වීඩියෝවේ විනාඩි 40 තප්පර 20 සිට බලන්න  




ඔහු මෙහිදී පෙන්වා දෙනවා HIV පර්යේෂණයෙන් සිදුකරන්නේ ඔබේ ශරීරයේ HIV වියිරසය තිබේදැයි බැලීම නෙමෙයි මිට යොදාගන්නේ PCR (The polymerase chain reaction) මෙය සොයාගන්නේ නොබෙල් ත්‍යාග ලාබී  Dr. Kary Banks Mullis Phd  විසිනුයි. PCR මගින් HIV  ආසදිතයන් හදුනාගතහැකි බව Dr. Gallo සහ ඔහුගේ පර්යේෂකයන් කීමත් සමග Dr. Kary Banks Mullis අබියෝග කරනවා PCR මගින් එසේ සෙවිය නොහැකි බව



මිට අමතරව HIV AIDS පිළිබද පර්යේෂණයට මුලිකත්වය ගන්නේ මහාචාර්ය  Peter Duesberg සදහන් කරන මෙවැනි කිසිදු රෝගයක් නැතිබව, මෙය පැවසීමත් සමගම ඔහුව අදාළ පර්යේෂණයෙන් ඉවත්කිරීමයි සිදුකරන්නේ  
මෙන්න විද්‍යාත්මක විදික්රමය



සරලව කිව්වොත් HIV ලෙස හදුනාගන්නා රෝගීන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සහ විවිද ලිංගික රෝග ඇත්තන් HIV පර්යේෂණයකට සහබාගි වු විට ඔවුන් HIV ආසාදිතයන් ලෙස හදුනාගැනීම සිදුකරන අතර මෙය සිදුවූ වහාම අදාළ පුද්ගලයාට රජය විසින් ඉතා විශාල මිලක් දරමින් ප්‍රතිකාර කිරීම පටන්ගන්නවා.
ඇත්තෙන්ම Dr Robert E. Willner MD PHD පැහැදිලිව පෙන්වාදෙනවා මෙම බෙහෙත් මගින් තමයි ලෙඩා මරාදැමීම සිදු කරන්නේ කියල.

ඔහු තවදුරටත් අදාළ බෙහෙතේ අතුරු ආබාධ  ගැන කියන විට පෙන්වා දෙනවා  හදුනා ගෙන  ඇති HIV රෝග ලක්ෂණ එම බෙගේත් ගැනීමෙන් ලබන බව උදාහරණ ලෙස Zidovudine (ZDV) යනු DNA terminator ලෙස එනම් DNA විනාස කිරීම සිදුකරනවා. මේ නිසා තමයි  AIDS රෝගීන් කෙට්ටුවී මැරෙන්නේ.

මෙහිදී අපි තේරුම් ගත යුතු දෙයක් වෙනවා එනම් AIDS ලෙස හදුනාගන ඇති වෛරසය Retrovirus ගණයට ගන්නව මෙම Retrovirus ඉතා පැරණි බවයි කියවෙන්නේ, මේවා කිසිදු හානියක් ගෙන නොදෙන සයිල වන අතර HIV Retrovirus මගින් AIDS රෝගය වැළදෙන බවට කිසිදු පිළිගතහැකි සාක්ෂික්යක් මෙතෙක් ඉදිරිපත් වී නෑ.

අනෙක් අතට ඔබ වැරදි ලෙස ලිංගික සහකරුවන් ගණනාවක් සමග සම්බන්ද නැත්නම් ඔබ කිසිවිටකත් මෙවැනි පර්යේෂණයක් සදහා මුහුණ දෙන්නේ නෑ
මෙය කියවන අයට මතක ඇති මිට ටික කලකට පෙර දොස්තර වරියකට AIDS ඇතිබව සදහන් උනා මෙහිදී තීරණය වුනේ ඇයට රුධිරය ලබාදිමකදී මෙය වැළදුන බවයි නමුත් අපි තේරුම් ගතයුත්තේ,  ඔබේ ශරීරයේ HIV වයිරසය ඇතිබව අන්වීක්ෂයකින් බලා නෙමෙයි මෙම තීරණයට පැමිණෙන්නේ.

මෙම අඩවිය කියවන දොස්තර වරුන්ට දැන් පුළුවන් එසේ පර්යේෂණ තොරතුරු ඇත්නම් සබැදි සහිතව ඵල කරන්න.  

මෙය මිනිසා විසින් දියුණු කරන ලද බව



HIV යනු රජයන් විසින් බිලියන  ගණන් මුදල් වැයකර මිනිසුන් දහස්ගනනක් මරාදැමීමට කරන ලද විශාලම කුමන්ත්‍රනයයි වෙනස මරාදැමීම සිදුකරන්නේ ඖෂධ මගින් වන අතර HIV AIDS යනු අදාළ පුද්ගලයා මේ උගුලට හසුකරගැනීමට කරන කුමන්ට්‍ර්නයයි


Saturday, December 5, 2015

ශ්‍රී ලංකා අය වැය 2015




පහත තොරතුරු උපුටා ගත්තේ පැරා ගේ අඩවියෙන්  http://www.w3lanka.com/2015/12/blog-post_5.html

මෙහිදී ඉතා වටිනා තොරතුරු සමුහයක් මතුකර පෙන්වීමට උත්සාහ කරමි

//

සෙල්ලං සේනDecember 5, 2015 at 8:25 AM

මම ජනවාරි 8 වන දා මෛත්‍රීපාලටත්, අගෝස්තු 17 වන දා රනිල්ටත් ඡන්දය දුන් කෙනෙක්. එහෙම ඡන්දය දුන්නේ රටේ යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී අඩු තරමේ ගිනිකොණදිග ආසියානු රටවල ජීවන තත්ත්වයවත් මේ රටේ ඇති වේ යැයි බලාපොරොත්තුවෙන්. දැන් හොඳටම පැහැදිලියි රනිල් ඇතුලු නඩය ඔවුනට ඡන්දය දුන් ජනතාව මහා රැවටීමකට ලක් කර ඇති බව. වසර ගණනාවක් තිස්සේ වාහනයක් මිළ දී ගැනීමේ සිහිනය කුඩු කළ මේ රජයට විරෝධය පෑමක් වශයෙන් මීළඟට එන පළාත් පාලන ශ පළාත් සභා මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂයට ඡන්දය දීමට මම තීරණය කළා.



සෙල්ලං සේනDecember 5, 2015 at 10:44 AM
ලංකාව කාර්මිකකරණය වන එක නැවතුනේ මෙරට මාක්ස්වාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා. 1988/89 සමයේ ඒ මාක්ස්වාදීන් බිහි කළ අවජාතක දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය අවුරුදු 15 ක් පසුපසට ගිය එක කවුරුත් දන්නා කාරණයක්.

මම නිතරම රට වටා යන කෙනෙක්. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කොට තනන මහාමාර්ග පිට පළාත්වල බොහෝ විට හිස්. ඒ තියා අධිවේගී මාර්ගත් බොහෝ විට හිස්. කොළඹ වාහන තදබදයක් තියෙන නිසාවෙන් තදබදය නැති පළාත්වල ජනයාට වාහන මිළදී ගැනීමට ඇති අයිතිය නැති කරන්නේ ඇයි? කොළඹ තදබදය වැඩි නම් කොළඹ නගරයට ඇතුල් වන සෑම වාහනයකින්ම රුපියල් 2000 ක් අය කර ගන්නකෝ. සෑම කෙනාටම කාරයක් තිබෙන රටවල කරන්නේ එහෙමනේ.

MaxDecember 5, 2015 at 12:23 PM

මේ ආර්තික අර්බුධය කොහොමත් රටට එන්න තිබ්බ එකක්...
රාජපක්ෂලා ඒක දන්න නිසා තමා අවුරුදු 2 කලින් චන්දෙ තිබ්බෙ..
ඇයි මරා ඇලඩින්ගෙ පුදුම පහන ගෙනල්ල චීන ණය ගෙවන්නද? ඇයි ණය අරන් ප්ලේන් නො එන එයාපෝට්, මාසෙකට නැව් 10 එන්නැති වරායවල් හැදුවෙ? මරා රටට විදේෂ් විනිමය ගෙන ආ හැකි එක කර්මාන්ත පුරයක් හැදුවද? ගෘහ සේවිකාවො වෙනුවට බුද්ධිමය ශ්‍රමය අපනයනය කල හැකි (ඉන්දියාවේ බැංගලෝර් වල තියෙනව වගේ ) BPO centres හදන්න උදව් කලාද?

MaxDecember 5, 2015 at 12:13 PM
ආර්තික අර්බුධයට හේතුව මරා පිස්සෙක් වගේ අවුරුදු 10 තිස්සෙ චීනෙන් ණය ගැනීම, ඊලගට ඉතා විෂාල රාජ්‍ය සේවයක් අනවශ්‍ය තරමේ දීමනා එක්ක ඇතිකිරීම...
ඊලගට මරා ඇතිකරපු දූෂිත දේශපාලන පැලැන්තිය

Ajith Perakum JayasingheDecember 5, 2015 at 12:31 PM
එහෙත්, අධික වාහන තදබදය හා රටේ මුදල් නිරර්ථකව පිටරට යන එක වළක්වන්නට වාහන භාවිතය අධෛර්යය කිරීම මේ වෙලාවේ කරන්නට සිදු වන දෙයක්.

මේ රටේ මේ වෙලාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේක නෙමෙයි. එය එක්තරා හයියෙන් කෑගහන්න පුළුවන් මිනිසුන් පිරිසකගේ ප්‍රශ්නයක්. දුප්පතුන්ට ඔයිට වඩා ඕනැ තරම් ප්‍රශ්න තියෙනවා.

//


මෙහි සිටින සියලු දෙනා ඉතා ප්‍රගතශීලි මෙන්ම ආත්මාර්ථකාමී යෝජනා ඉදිරිපත් කරනබවයි මගේ හැගීම.

මුලින්ම අපිට සිදුවී ඇත්තේ කුමක්දැයි බලමු (කරුණාකර ප්‍රයෝගික පැත්ත වගේම රටගැනත් ඉදිරි වසර 20 ගැනත් අවංකව හිතන්න )
 
http://www.economist.com/content/global_debt_clock

ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
2003 public debt for person $993.51 එනම් නිදහස ලැබූ දිනයේ  සිට  2003 දක්වා ශ්‍රී ලංකාව එකපුද්ගලයකු ණය වී ඇත්තේ $993.51 නමුත්
2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
වැඩිවී ඇත.

මහින්ද  රජයේ  හොදකියන පුද්ගලයකු කියයි  2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරයි නම්  සත්‍ය ලෙස  දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.  

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය ඔබ ඔස්ට්‍රේලියාව ගත්තොත් ඒකපුද්ගල ණය 2015 දී $16786.39 එය ශ්‍රී ලංකාවේ $2617.73 දැන් ඔබට ආඩම්බරයක් ඇතිවනු ඇති අපි ඕස්ට්‍රේලියාවටත් වඩා ණය අඩුවෙන් නේද ගත්තේ කියල.

නමුත් මෙහි ඇත්ත තත්වය ඕස්ට්‍රේලියාවේ මුළු ණය දලදේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශත ලෙස 27.4% වන විට ශ්‍රී ලංකාව එම අගය 81.4%
නමුත් මේ 81.4%  ත් නිවරදි අගය නෙමෙයි.

අනෙක් පැත්තෙන් ඔස්ට්‍රේලියාව ණය ලබාගෙන කරන ලද ආයෝජන වලින් විශාල ප්‍රතිලාභ ලැබෙන අතර ශ්‍රී ලංකාව ණය ලබාගෙන කරන ලද ආයෝජන මුලික ලෙස මහාමාර්ග සහ සම්පුර්ණ නොකරන ලද වරාය සහ මත්තල ගුවන් තොටුපොල වැනි අසාර්ථක ආයෝජන නිසා මුදල් ජනනය නොවේ.

දැන් අපි පැමිණ සිටින්නේ ඉතාම අවදානම් සහිත තැනකටයි මීට පෙර මා මෙය විස්තර කරලා තියනවා, බොහෝ දෙනාට පැරා "ආර්ථික නිදහස කියන්නේ මැද පෙරදිග ගල් ගැසුම් කන ගෘහ සේවිකාවන් උපයා එවන මුදලින් වෙනත් අයට සැප විඳින්නට වාහන ආනයනය කරන එක නම්, ඒ ආර්ථික නිදහස නැති කරන එකට මම පක්ෂයි." කියන හරුපය තේරෙන්නේ නෑ 

මේ කියන්න දේ තේරුම් ගැනීමට අපි පහත විස්තරය සලකාබැලිය යුතුයි.

එනම් ඔබ හිතන්න ඔබ කන බොන දේවල් ශ්‍රී ලංකාවේ පමණක් නිපදවන දෙය ද ? එහෙම නිපදවුවත් පිටරටින් ආනයනය කල යෙදවුම් වල වටිනාකම කොපමණද? හරියට බැලුවොත් අපි කන සහල් පවා නිපදවීමට සැලකියයුතු යෙදවුම් (පොහොර, කෘමිනාශක ) පිටරටින් ගෙන්විය යුතුයි, එතකොට  අදින ඇදුම් වල රෙද්දේ සිට නුල ඉදිකට්ට දක්වා සියල්ල ආනයනය කරමු.

ඔබ නිකමට කඩයකට හෝ පොළකට ගොස් කොපමණ දේවල් ඔබ ශ්‍රී ලංකාවේ නිපදවන දෑ මිලදී ගන්නවද ඔබේ පාවිච්චියට ගන්නවද කියල බලන්න.

අද වනවිට මුළුමුනින්ම අපි සියල්ල පිටරටින් ආනයනය කරන තත්වයට පත්වී හමාරයි.

ප්‍රශ්නය මේ සියලු දෙයම ආනයනය කිරීමට අපි ලංකාවේ මහබැංකුව අච්චු ගසන රුපියල් ශත වලට හැකියාවක් නෑ  එයට ඩොලර් උවමනා කරනවා.

අපිට ඩොලර් ලැබෙන ක්‍රම කීපයයි ඇත්තේ

01. විදේශික ශ්‍රමික යන් මැදපෙරදිග සිට එවන මුදල්
02. අපනයන ආදයම
03. ශ්‍රී ලංකාව ගන්නා විදේශ ණය
04. ශ්‍රී ලාකික වුර්තිකයන්  ශ්‍රී ලංකාවට ගෙනෙන ඩොලර්
05. ශ්‍රී ලංකාවට විදේශ වලින් ලැබෙන ප්‍රධාන
06. විදෙස් ආයෝජන

වැනි දේවල් වලින් තමයි අපට ඩොලර් ලැබෙන්නේ. දැන් හිතන්න විදේශයක සේවය කරන ගෘහ සේවිකාවක් ඇගේ සැමියාට ඩොලර් 500 එව්වා කියල එම ඩොලර් 500 කිසිවිටක ඇගේ සැමියාට ලැබෙන්නේ නෑ (මොකද්ද ඒ හරුපේ ) සිදුවන්නේ එම ඩොලර් 500 ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය වර්දනයට එම මුදල යොදවන අතර ශ්‍රී ලංකාවේ මහබැංකුව විසින් මුද්‍රණය කරන රුපියල් ඇගේ සැමියාට ලබාදීමයි.

එතකොට මේ විනිමය සංචිතය යොදාගන්නේ යම් විදියකින් අපි භාණ්ඩයක් ආනයනය කරනවානම් හෝ වාහනයක් ආනයනය කරනවානම් අදාළ විදේශ සමාගමට ගෙවන්නේ රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්, එතකොට විශාල පිරිසකට වාහන ගෙන්වීමට අවසර දෙනවා කියන්නේ අපට මුලින්ම විශාල වෙදේශ විනිමයක් වැයවන අතර ඒවා සදනා පෙට්‍රල් වලට ඊට වැඩි විනිමයක් ගෙවීමට සිදුවෙයි.

//සෙල්ලං සේනDecember 5, 2015 at 10:44 AM මම කාරයක් ගන්න මුදල් උපයලා තියෙන්නේ මගේ සේවාවන් කෙළින් ම පිටරටවලට අපනයනය කිරීමෙන්. මැද පෙරදිග සේවක සේවිකාවන් එවන මුදල් මට අදාළ නැහැ. ඒ නිසා ම මට නරක හෘදය සාක්ෂ්‍යයකුත් නැහැ. //
මෙන්න හොද කතාවක් මෙය කියන  "සෙල්ලං සේන" වගේ ම මේ ලිපිය ලියන මමත් (lankasithuwili.) ශ්‍රී ලංකාවෙන් උපයන රුපියල්  ආදායම් ඉතා සුළු ප්‍රමාණයක් මගේ මුළු ආදායමෙන් සමහර විට 10% වන්නේ නෑ.

නමුත් අපි මතක තබා ගතයුතුයි මේ පහසුකම් ලබන බහුතරය එසේ නොවන බව.

රාජ්‍ය සේවය මුලිමනින්ම පාහේ ඩොලර් උපයාගැනීමට කල දායකත්වය සමහර විට 1% නැතුව ඇති.

හිතන්න මැදපෙරදිග දුක්විදින ඇත්තටම මේ සංචිතය වර්දනය කිරීමට දායක වූ ගැහැනුන්ට ලැබිල තියන පහසුකම මොකද්ද?     

දැන් // Max මේ ආර්තික අර්බුධය කොහොමත් රටට එන්න තිබ්බ එකක්.. // කතාව බැලුවොත් සම්පුර්න ඇත්ත රාජපක්ෂ පාලනය දිගටම පැවතුණා නම් සිදුවන දෙය බිහිසුණුයි. ඔහු වසර 2 තිබියදී චන්දය ඉල්ලන්නේ එන පොට හෝද නැති නිසයි නැතුව සුමනදාස තුමාගේ අවවාදය නිසා නෙමෙයි.

දැන් බලමු සිදුවන දෙය මෙහි වැදගත්ම මුදල් සෙවීමේ මාර්ගය ට යතුර වන්නේ ඩිගිටල් හැදුනුම් පතයි. මින් පසු අලුත ඉපදුන දරුවකුට අංකයක් ලබාදෙනු ඇති මේ සියල්ලම පරිගණක ගතකරන අතර ඔබ මුදල් ගෙවීමේ දී අදාළ අංකය යොදාගන්නා අතර ඔබේ ණය පත් බැංකු ගිණුම් සියල්ලම එකෂණයකින්
අදාළ අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල ඇති පරිගනකයක ඇතුළු කල විට ඔබට වසරේ ඇති සියලු ආදායමත් සියලු වියදමත් ගණනය කර ගෙවිය යුතු බදු මුදල ගෙදරටම එනු ඇති.

මෙය යොදාගන්නේ ඉහල මද්‍යම පන්තියෙන් බදු අය කිරීමටයි. මෙහිදී ඉහලම ආදායම උපයන මිනිසුන් මිට පෙර ගෙවූ බද්දට වඩා බදු ගෙවනු ඇති උනත් ඔවුන් ලෝකයේ ඇති නවතක්ෂණික උපක්‍රම මගින් රටින් මුදල් ඉවත් කරනු ඇති.

ලෝකයේ මෙපිලිබද ඇතිවුන නවීනම තක්ෂණය නම්




මේ පිළිබද වෙනම ලිපියකින් පැහැදිලි කරන්නම්

මෙහිදී සිදුවන්නේ ඉහලම පිරිස තම ආදායම බදුවලට අසු නොවන පරිදි ආරක්ෂා කර ගැනීමයි. මෙවැනි තක්ෂණික උපායන් ගැන සාමාන්‍ය ජනයාට ලැබෙන අවස්ථාව අවමයි.

මිට අමතරව ඔබට ඉදිරියේදී දැකගත හැකිවෙයි  රේගුව සම්පුර්ණයෙන්ම පරිගණක ගත කිරීමක් සිදු නොවනු ඇති. මක්නිසාද යත් මෙරටේ ඉහලම ධනපතියන් ආදායම සොයාන්ගන්න පාවිච්චි කරන මෙවැනි මෙවලම් කීපයක් ආරක්ෂා වනු ඇති.

මේවගේම රජය ඉතා හොද තීරණයක් ගෙන තිබෙනවා බදු ප්‍රමාණය ලක්ෂ 25 පමණ ඉහල නැංවීමට මේ මගින් සිදුවන්නේ ආදායම් නිලදාරීන්ට මුදල් ඇති පුද්ගලයන් පිලිබද යන කාලය අවම කිරීමයි. දැන් ඔවුන් දන්නවා තම අවදානය තබා ගතයුතු පුද්ගලයන් කවුද කියා මෙනිසා මෙම ඩිගිටල් හැදුනුම් පත සමග ඉහත යෝජනා සලකා බැලීමේදී වැඩි බදු ප්‍රමාණයක් අයකර ගත හැකි බවයි මගේ අදහස.  

කෙසේවෙතත් සාමාන්‍ය දුප්පත් ජනයාගේ පැත්තෙන් සිදුවීමට ගිය අනතුරට වඩා යහපාලනය බොහෝ දුරට හානිය අඩු උනත් මහජනයා මෝඩ විදියට (කලයුතු ප්‍රති සංවිදාන පිළිබද ) දිගින් දිගටම රජයට බල කිරීම නොකලොත් මේ රජයත් ඉදිරියට ජනතාව සුරාකනු ඇති.                    

Thursday, December 3, 2015

ඖෂධ මාෆියාව සමග සටන්වදින වීර වෛද්‍යවරු 2



දොස්තර Andrew Wakefield :-

1998 දී දොස්තර Andrew Wakefield, මහාචාර්ය දොස්තර John Walker-Smith සහ මහාචාර්ය දොස්තර Simon Murch, යන වෛද්‍යවරු thelancet.com නමැති ලොවපිලිගත් වෛද්‍ය සගරාවේ පර්යේෂණ ලිපියක් පලකරනවා, මෙයින් කියවුනේ MMR vaccine ත් ඖටිසම් Autism (කුඩා දරුවන් බොහොගනනක් ශ්‍රී ලංකාවේ 1/100 පමණ ) අතර සම්බන්දයක් ඇති බව පර්යේෂණ මගින් පෙන්වාදුන්න.
http://www.divaina.com/2013/10/15/feature03.html

//1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා.//


වසරකට vaccine  මනින් ඩොලර් බිලියන ගණනක් ආදායම් ඇති  ඖෂධ සමාගම් සිදුකරන්නේ මේ වෛද්‍යවරු  තුන්දෙනාට සහ මිට සම්බන්ධ සෙසු කනිෂ්ට  වෛද්‍යවරුට විරුද්දව දුෂණ චෝදනා එල්ල කිරිමයි.

මෙහිදී කනිෂ්ට වෛද්‍යවරු මෙම පර්යේෂණයෙන් තම නම් ඉවත් කරගන්නා අතර මුලික වූ ජෙෂ්ට  වෛද්‍යවරු 3 දේනා මිට මුනුනදෙනවා.
මෙහිදී Brian Deer නම් මාධය වේදියකු ලවා මේ දුෂණ චෝදනා එල්ල කිරිමයි   https://en.wikipedia.org/wiki/Brian_Deer සිදුවුනේ.

එක්ෂත් රාජදානියේ (UK ) සිදු වූ මේ සිද්ධිය ලොවපුරා ප්‍රසිද්ධ වුන නිසා ඇමරිකාවේ cdc.gov (Centers for Disease Control and Prevention (CDC) ) සිදුකරන්නේ MMR vaccine ත් Autism අතර සම්බන්ධය සෙවීමට පර්යේෂණයක් පැවැත්වීමයි. 

මේ පර්යේෂණයට සම්බන්ද වන්නේ දොස්තර Frank DeStefano (CDC Director of Immunization Safety) , දොස්තර Coleen Boyle සහ දොස්තර William Thompson යන තුන් දෙනයි, මෙහිදී සොයා ගන්නේ  MMR vaccine ත් Autism අතර සම්බන්දය පමණක් නෙමෙයි මෙහි අවදානම
කළු ජාතික පිරිමි දරුවන් මෙම එන්නත ලබාගැනීම නිසා Autism ඇතිවීමේ අවදානම 340% බව සොයාගන්නවා  (මෙය පිළිගත් මාධ්‍යක් ලෙස මුල්වරට ඵල කරන්නේ 2014 දී  cnn.com හි පුරවැසි වාර්තා කරුවකු විසිනුයි  http://ireport.cnn.com/docs/DOC-1164794) මෙය වේගයෙන් ප්‍රචාරය වීම සමග cnn.com ආයතනය විසින් වාරණයකට ලක්කරනවා, නමුත් ඇතිවූ ජනතාවගෙන්  බලවත් විරුද්දත්වය මත නැවත මෙය ස්ථාපනය කිරීමට cnn.com ආයතනයට සිදුවනවා )

මෙය සිදුවී ඇත්තේ 2004 දී මෙහිදී මේ දොස්තරවරු තීරණයකට එනවා අදාළ පර්යේෂණයේ තොරතුරු සියල්ලම රැගෙන  CDC  ආයතනයේ කාමරයකට ගොස් MMR vaccine ත් Autism අතර සම්බන්ධය පවතින සියලුම තොරතුරු විනාශ කිරීමට, ඔවුන් කුනුබක්කියක් රැගෙන අදාළ තොරතුරු විනාශ කරන
අතර  මෙහි සිටි දොස්තර William Thompson ඔහු සතු තොරතුරු ආරක්ෂා කරන්නේ මෙය නීති විරෝධි බව දැනගෙනයි.

කෙසේ වෙතත් අවසාන තීරණය වන්නේ  MMR vaccine ත් Autism අතර කිසිදු සම්බන්දයක් නැතිබව ප්‍රකාශ වීමයි, මෙම තොරතුරු පදනම් කරගෙන එක්සත් රාජධානියේ (UK ) සිටින  දොස්තර Andrew Wakefield, මහාචාර්ය දොස්තර John Walker-Smith සහ මහාචාර්ය දොස්තර Simon Murch යන වෛද්‍යවරු තුන්  දෙනාගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන අතර මිට විරුධව බ්‍රිතාන්‍ය අධිකරණය තුල සටන් වදින්නේ මහාචාර්ය දොස්තර John Walker-Smith පමණයි, මිට හේතුව බ්‍රිතාන්‍ය මහාදිකරණය තුල අසන මෙම නඩුව සදහා යන වියදම පවුම් ලක්ෂ 5 පමණ වීමයි, මෙවැනි විශාල මුදලක් වියදම් කිරීමට හැකියාව තිබුනේ  මහාචාර්ය දොස්තර John Walker-Smith පමණයි.

මෙම නඩුව බ්‍රිතානයේ මේ ගනයේ නඩුවලින් පවතී දිර්ගම නඩුව වන අතර වසර 8 කාලයෙන් පසු




http://www.independent.co.uk/life-style/health-and-families/health-news/mmr-doctor-john-walker-smith-wins-high-court-appeal-7543114.html

අධිකරණය තීරණය කරන්නේ මෙම වෛද්‍යවරයාට විරුධව එල්ල කරන ලද තොරතුරු පදනම් විරහිත බවයි. මේ පිළිබද ජනමාධය වාර්තා කලේ ඉතා සුළු වශයෙන්, ඔවුන්ට විරුද්ධව චෝදනා කිරීමේදී ලෝක ජනමාද්‍ය මිට සහබාගි උනත් සම්පුර්ණයෙන්ම නිදහස් වූ මෙම  වෛද්‍යවරයා ගැන පළවුණේ නොසලාකා හැරිය හැකි ප්‍රසිද්ධියක් තමයි මාද්‍ය ලබාදුන්නේ.

මෙසේ වසර 10 ගෙවුන තැන 2014 දී  දොස්තර William Thompson තමා අතින් වූ මේ වරද පිළිබද පාපොච්චාරණය කරනවා






ඉහත කෙටි වාර්තා වැඩසටහනින් පැහැදිලි වන්නේ ජනතාවට ආරක්ෂාව සපයන ආයතන වල කෙරුවාවයි.

දොස්තර William Thompson මෙහිදී සදහන් කරන්නේ ඔහු සම්බන්ද වූ මේ තීරණය නිසා තමාට පසුගිය වසරවල දී Autism හැදී ජිවිත නාස්ති වූ දරුවන් දකිනවිට දැඩි මානසික කම්පනයක් ඇතිවන බවයි, ඔහු මෙසේ පපොච්ච්රණය කරන විට එය පටිගත කරන්නේ  Autism රෝගයට ගොදුරු වූ දරුවකු සිටින ඉන්ජිනේරු පියෙකුයි.

මෙම හඩ පටය අන්තර්ජාලයට නික්කුත් වූ පසු  දොස්තර William Thompson සදහන් කරනවා ඔහුගේ නීතිගඥයා මාර්ගයෙන් මෙය සිදුවූ බව 
http://www.morganverkamp.com/august-27-2014-press-release-statement-of-william-w-thompson-ph-d-regarding-the-2004-article-examining-the-possibility-of-a-relationship-between-mmr-vaccine-and-autism/

ඇත්තටම ඔහු මේ ප්‍රවුර්තිය එලියට ගැනීමට උත්සාහ කරන්නේ 2004 පමණ ඔහු එවක CDC  ආයතනයේ ප්‍රධානියා වූ   Dr. Julie Gerberding (මේ තැනැත්තිය පසුව ලෝක ප්‍රසිද්ධ Merck ඖෂධ සමාගමේ ප්‍රධානියා බවට පත්වෙනවා ) පවසනවා තමාට මාද්‍ය ඉදිරියේ ඇත්ත කීමට සිදුවන බව, මෙහිදී
Dr. Julie Gerberding සිදුකරන්නේ ඔහුව අදාළ අංශයෙන් ඉවත් කිරීමයි. 

* Merck  තමයි මේ හනිකර MMR vaccine නිපදවන්නේ

මේ පිළිබද ලෝක ප්‍රසිද්ද ABC News හි සේවයකළ sharyl attkisson ට රස්සාව අහිමි වීමට හේතුවත් මෙම කරුණු හෙළි කිරීමයි
https://sharylattkisson.com/cdc-scientist-we-scheduled-meeting-to-destroy-vaccine-autism-study-documents/ 

මේ පිළිබද ඇමරිකානු කොන්ග්‍රස් සභික Bill Posey  මිට වහාම පර්යේෂණයක් අරබන ලෙස ඉල්ලමින්







දිර්ගව මේ පිළිබද දොස්තර Andrew Wakefield දිර්ගාව පැහැදිලි කරමින්

Wednesday, December 2, 2015

නියම ඇනෝ කෙනෙක් වෙන්නේ කෙසේද ? how to protect your anonymity online





මේ මාතෘකාව කතා කලයුතු යයි සිතුනේ, මේ බ්ලොග් අඩවියේ සටහන් වුන පහත කොමෙන්ටුව නිසයි.

//සාරිකා විචාරනීDecember 1, 2015 at 11:19 PM
අවදානම දැක දැකත් ඔබලියන මේ වටිනා පෝස්ටු එකත් කරන ඔබට ස්තුති කරන්නේ කෙලස දැයි මටසිතාගන්නට නොහැකියි//

ඇත්තම කිව්වොත් ඉහත ප්‍රසංසාව ලබාගැනීමට සුදුසු යයි මම නොසිතමි. මිට හේතුව කිසිදු අවදානමකින් තොරව මෙය ලිවීමට ක්‍රමයක් මා භාවිතා කරන බැවිනුයි.

මේ විෂය පිළිබද විද්වතුන්ට තම අදහස් ඵල කිරීමට පහසු වීම පිණිස ගත යුතු තාක්ෂණික උපාය මම පැහැදිලි කරන්නම්. ඊට හේතුව බොහෝ  දෙනා
දෙසපල්න්යයන්ට බය වුනත් ඔවුන්ට ඇමරිකාවේ blogspot  සේවාව සපයන ආයතන වලින් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයාගත නොහැකියි.

නමුත් ඔබ මෙවැනි බහුජාතික සමාගම් පිළිබද අදහස් ඵල කිරීමේදී ගතහැකි සියලුම ආරක්ෂණ ක්‍රම පිළිබද අවදානය යොමුකරන්න. බටහිර ලෝකයේ නිදහස පිළිබද කතාකලත් ඔවුන් ගේ ආධිපතයට අබියෝග වන හැම අවස්ථා වකදීම අදාළ පුද්ගලයන්ගේ සියලුම මානව අයිතිවාසිකම් කඩාදැමීමට පසුබට නොවේ.    

මුලින්ම ඔබ
01. තම අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට වෙනම google profile එකක් යොදාගන්න, කිසිවිටකත් තමන් අහවල්  profile මගින් අදහස් ඵලකරන බව කිසිවෙකුට නොකියන්න. ඒවගේම වෙන කෙනෙකුගේ වෙබ් අඩවියේ මෙම සම්මාගම් පිලිබදව දැඩිලෙස විරුද්ධවියහැකි යමක් විද්‍යාත්මක කරුණු සහිතව පෙන්වා දෙනවානම්  Tor Browser යොදාගෙන අදාළ පණිවිඩය ලබාදෙන්න.  

02. The Tor Project:-




ඉතිහාසය :- 1990 මැද බාගයේ  United States Naval Research Laboratory (ඇමරිකන් එක්සත් ජනපදයේ නාවික පර්යේෂනාගාරයේ ) ආරම්භ වූ මෙය ඇතිකිරීමේ මුලිකම පරමාර්ථය නම් ආරක්ෂා සහිතව රහස් හුවමාරු කර ගැනීමයි. නමුත් 2004 දී United States Naval Research Laboratory  මෙය මජනතාව වෙත නිදහස් කරන්නේ නොමිලේ බාවිතා කල හැකි ලෙසයි.

මෙය ජනතාවට ඔවුන් කේත සහිතව ලබාදෙනවා මෙය සිදුකරන්නේ අන්තර්ජාලය තුල ආරක්ෂිතව තොරතුරු හුවමාරු කළහැකි මෙවලමක් ලෙසයි.
මෙය ඇමරිකාව කරන්නේ හොද චේතනාවෙන් නෙමෙයි, ලෝකයේ විවිද රටවල සිට ඇමරිකාවට තොරතුරු යැවීමේදී අදාළ රටේ ආරක්ෂක අංශ වලට අසු නොවී ආරක්ෂිතව තමන්ට  තොරතුරු ගැනීමයි උවමනා උනේ.

නමුත් ඔවුන්ට නැවැත්විය නොහැකි දෙය උනේ මෙම තාක්ෂනය Hacker වරුන් අතටත් නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙතත් යාමයි.

නමුත් මෙහි ඇති හොද දෙයනම් තම අනන්‍ය තාවය ආරක්ෂා කරගෙන සිදුවන සිද්ධිය පිළිබද පුරවැසියන් වන අපට අදහස් ඵලකිරීමට හැකිවීමයි.

ඔබ මෙවැනි අදහස් ඉදිරිපත් කරන විට සැම අවස්ථාවේම සබැදි ඉදිරිපත් කිරීමට වගබලාගන්න. වාසනාවට මේ ලියන මට වඩා ජිවිත  අවදානම් වලට මුහුණ දුන් විද්යානයන්, පර්යේෂකයන්, දොස්තරවරුන් ඔනෑ තරම් ලෝකයේ සිටිනවා ඔවුන්ගේ පර්යේෂණ වාර්තා ඔබට අන්තර්ජාලය තුලින් කියවිය හැකියි, මේ  සමහරුන්ගේ ජිවිත නැතිවී ඇති අතර සමහරුන්ගේ වසර ගණනක රැකියාව නැතිවී ඇත, වෙනස මේ වීරවරයන් සහ වරියන් පිළිබද ලෝකයා නොදනිම පමණයි.          



මෙම තක්ෂණය යොදාගන්න අයුරු.

මෙහිදී මුලින්ම https://www.torproject.org/ මගින් බාගත කලහැක.

මෙය පරිගණකයේ ස්ථාපනය කල පසු http://mxtoolbox.com/WhatIsMyIP/ ගොස් බැලුවිට තවදුරටත් ඔබ අදාළ වෙබ් අඩවියට සම්බන්ද වන්නේ ශ්‍රී ලංකාව තුල සිට නෙමෙයි.

මෙහිදී සිදුවන්නේ ඔබ "Start Tor Browser" වෙත ගිය  විට ඔබගේ අන්තර්ජාල සම්බන්ද ආරක්‍ෂිත කරනුයේ  Tor මෘදුකාංගය මගින් ඔබ google.lk වෙත සම්බන්ද කරන්නේ වෙනින් රටක වෙබ් ලිපිනයක් මගිනුයි. යම් විදියකින් blogspot.com මහින් ඔබ කුමන රටකින් පැමිණ ඇත්දැයි සේවුවොත් ඔවුන්ට
ඔබව ලුහුබදවා යාහැක්කේ  Tor  විසින් ඔබට ලබාදුන් IP ADDRESS වෙත පමණයි.

ඔබත්  Tor Browser අතර සම්බන්දය encrypt (කිසිදු තුන්වැනි පාර්ශවයකට බලාගත නොහැකි ලෙස සංස්කරණය වී ඇති නිසා ) ඔබගේ අනන්‍යතාවය
ආරක්ෂාවේ. Julian Assange ත් WikiLeaks සදහා යොදා ගන්නේ මේ ත්ක්ෂනයම තමයි.

දැන් මේ සමාගම් පිළිබද ඔබේ අදහස් වේනම බ්ලොග් අඩවි මගින් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ලෝකය දැනුවත් කල හැකියි. 

  

Tuesday, December 1, 2015

මරණයේ බීජ නොහොත් ජානමය දියුණු කරන ලද ආහාර (Genetically modified food) GMO



අද ආහාර නිෂ්පාදනයෙන් අඩකට වැඩිය ඇත්තේ ජානමය ලෙස දියුණු කරන ලද ආහාරයි. අප මෙම ආහාර හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලව ලස්සනට සුපිරි වෙළද සල් වලින් වැඩි මිලක් ගෙවා මිලදී ගන්නෙමු.

අප නොදන්නා දේ නම් මෙම ආහාර කොතරම් හිතකරද එම ආහාර වෙළද පොලට පැමිණීමට පෙර මොන විදියේ පර්යේෂණ වල යොදවා තිබෙනවද යන්නයි.



යුරෝපයේ මෙන් නෙමෙයි ඇමරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මෙසේ ජාන වෙනස් කරන ලද ආහාර පිළිබද ලේබල් කිරීමක් නැති බැවින් අපි දිනපතා මෙම ආහාර ගනිමින් ස්ටින්නෙමු.

මෙයට සහල්, තිරිගු, බෝංචි, අල,  සොයා වැනි බොහෝ ආහාර මෙලෙස ජාන වෙනස්කර නිපදවන ලද ආහාරයි.
මෙය සත්ව මාංශ වලටත් පොදුවන අතර සැමන්  සහ කිරි වලත් මෙය පොදුයි.

අප ආහාරයට ගන්නා ආහාර වලින් 60% ක පමණ ගැනීමෙන් වැළදෙන රෝග අතර  වැඩීමේ දුර්වලතා, අසාත්මිකතා, වද බාවය වැනි ප්‍රශ්න හටගනී.

ලොව 1946 දී කරන ලද පර්යේෂණයකින් සත්ව සහ ශාක වල DNA තව සත්ව කොටසකට හුවමාරු කළහැකි තාක්ෂනය සොයාගන්නලද අතර මෙනිසා ලෙඩරෝග වලට සහ පලිබෝදිත යන්ට ඔරොත්තු දෙන බීජ  නිපදවන ලදී. මෙය ඩොලර් බිලියන 85 ඇමරිකාවේ අලවියෙන් ආදායම් ලබයි .

නමිත් 1998 දී දොස්තර Arpad Pusztai කල නව සොයාගැනීම නම් ඔහු මියන් යොදා කරන ලද පර්යේෂණයේ මීයන් ජාන දියුණු කල ආහාර (අල ) ලබා දුන්  විට මීයන් ගේ බඩවැලේ පිළිකා සයිල ඇතිවන බවයි, ඔහුගේ පර්යේෂණය ප්‍රසිද්ධ වූ විට ඔහුට දැඩි විවේචන වලට මුහුණ දීමට සිදු වුණා.

නමුත් නෙස්ලේ ක්‍රාෆ්ට් වැනි විශාල සමාගම්  GMO ආහාර තම නිෂ්පාදන සදහා යොදාගන්නේ නෑ.

පලිබොධ වලට ඔරොත්තු දෙන ආහාර යනු, කිසියම් පලිබොධ කාරක පණුවකු මෙම බෝග ආහාරයට ගත් විට සිදුවන්නේ එම සත්වයාගේ ආගාර ජීර්ණ පද්දතියට හානි සිදුවී ඔවුන් මියයයි.

මෙය විශාල සත්වයන් වන මිනිසුනට ඒතරම් හානියක් එකවර කල නොහැකි උනත් දීර්ග කාලයක එම හානිය කල හැක

http://www.dailymail.co.uk/sciencetech/article-1320507/Cancer-purely-man-say-scientists-finding-trace-disease-Egyptian-mummies.html

අතීතයේ පිළිකාව සමහර විට තිබෙන්න ඇති නමුත් අද තරම් නොවන්නේ මේ හේතු නිසයි.

1985 දී උරන් කීපයකට මනුෂ්‍ය වැඩීමේ හෝමෝන එන්නත් කරන ලද අතර ප්‍රතිපලය වුනේ විකුර්ති වූ උපත් ඇතිවීමයි.

මෙම GMO ආහාර ලොවපුරා බෙදාහරින්නේ මොන්සන්ටෝ වැනි විශාල සමාගම් වලින් නමුත් ඔබ දැනගත යුත්තේ මෙම සමාගම් වල සිටින සේවකයන්
මෙම ආහාර බාවිතා නොකිරීමයි.



තව විස්තර සහිතව




දැන් ඔබ දැනගත යුත්තේ අප කන පාන් පිටිවලින් කරන ලද සියලුම නිෂ්පාදන GMO  වන අතර දැනට අවුරුදු 20 ට පෙර අප පාසැල් යන අවදියේ කැන්ටිමෙන් ගත් මාළු පාන් සහ අද ඔබේ දරුවා ගන්න මාළු පාන්  අතර ලොකු වෙනස් පවතී.

මේක තමයි බොහෝ දරුවන්ට කුඩා වයසේම දියවැඩියාව වැළදෙන්නේ.

මේ පිළිබද හොදින් හිතන්න තව තොරතුරු සොයන්න.    
 
ඔබට මේ පිළිබද දිර්ගව දැනගැනීමට කැමතිනම් බලන්න


අවසාන වශයෙන් ඔබට යමක් මතක්කර දෙන්න කැමතියි, ඔබ හිතන්න එපා මේ දේවල් දෙසපලන්යන් නොදන්නා දේවල් කියල,  මේක කියවන අය මතක්කරන්න පසුගිය මැතිවරණ සමයේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ Monsanto සමාගම කරන මේ ක්‍රියාවලිය ගැන විස්තර කලා. නමුත් ප්‍රයෝගික ලෝකයේ බලයට පත්වූ පසූ මේ පිළිබද වැඩිය අහන්න්න ලැබෙන්නේ නෑ.

එක අතකින් මෙය ඔවුන්ට දොස් කියන්න බෑ  මොකද මේ සමාගම් මේ රටේ ජනාධිපතිට වඩා බලවත්, ඔබ බලන්න මේ පිළිබද මුලික ජනමාධය අනුගමනය කරන අද ගොළු බිහිරි ප්‍රතිපත්තිය. මිට හේතුව මේ සමාගම් සමග හැප්පීමට කිසිවෙක් කැමති නොවීමයි.

කැනඩාවේ මෙම සමාගම බීජ වර්ග හදුන්වා දී කරන මංකොල්ලය ගැන දන්නේ අතලොස්සක් පමණයි, අද ශ්‍රී ලාංකිකයන් නොදන්නවා උනාට අපි මේ බීජ සදහා හිතාගත නොහැකි මිලක් ගෙවනවා.

ඉදිරි ලිපියකින් මේ පිළිබද වැඩි විස්තර ලබාගේන්නම්.         

ශ්‍රී ලංකාව යන්නේ ග්‍රීසිය ගිය පාරේද ?




ඉහත විස්තරය මට ග්‍රීසියට සිදුවූ ප්‍රශ්නය පිළිබද හමුවූ කෙටිම සහ හොදම විග්ග්‍රහයයි.

මුලින්ම 2009 අවසානයේ හටගත් මෙම ප්‍රශ්නය කෙටියෙන් බලමු 2001 දක්වා ග්‍රී සියේ විනිමය උනේ "Drachma" 2001 දී ග්‍රීසිය යුරෝ කලාපයට සම්බන්ද උනා, ඉන්පසු ඔවුන් පාවිච්චි කලේ යුරෝවයි, යුරෝව රටවල් 19  බාවිතා උන නිසා එහි ප්‍රශ්න තිබුන, ග්‍රීසියට අච්චු ගැසිය හැකි මුදල් ප්‍රමාණය පාලනය කලේ යුරෝපිය මධ්‍යම බැංකුවයි, නමුත් ග්‍රීසියේ ෆිස්කල් ප්‍රතිපත්තිය (කොපමණ මුදලක් වියදම් කරනවද යන්න ) පාලනය කලේ ග්‍රීසියේ රජයයි. ප්‍රතිපත්තියක් ලෙස අයවැය පරතරය 3% පමණක් තබාගත යුතුයි යන ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කලේ නෑ.

 1990 මැද භාගයේ සිට ග්‍රීසියේ සිටි රජයන් වංචනික ලෙස වාර්තා කලේ අඩු ණය ප්‍රමාණයක් හා අඩු අයවැය පරතරයක්, හැම රජයක් ම පත්වන විට පසුගිය රජය මෙයට වගකිවයුතු බවයි සදහන් වුනේ (ඔබට ශ්‍රී ලංකාව ගැන මතක්වෙනවද ?) නමුත් අලුත් රජයත් එම බොරුවම තමයි කරන්නේ,2009 වසරේ අයවැය පරතරය 13.9% පමණ දළජාතික නිෂ්පාදිතයෙන් වෙන බව සදහන් උනා, මෙයට හේතුව හිටපු රජය තොරතුරු  වසන්කර ඉදිරිපත් කළබවයි කියවුනේ, තව මිට හේතු විවිද ලෙස සදහන් උනා එක හේතුවක් උනේ යුරෝ කලාපයට එක්වීමෙන් පසු වේතන ඉහල ගිය බවයි තව දුරටත් බදු ගෙවීම පැහැර හරින විශාල පිරිසක් සිටින බව (  නැවත ඔබට ශ්‍රී ලංකාව ගැන මතක්වෙනවද ? ) අවසානයේදී 2008 ලෝක ආර්ථික අවපාතය පැමිණි විට සංචාරක වියාපරයත් නාවික වෙලදාමත් යන ඔවුන්ගේ   මුලික වෙළද අංශ වල පහත වැටීම සිදුවුනා.

2001 යුරෝ කලාපයට එකතු වූ ග්‍රීසියට පහසුවෙන් අඩු පොලියට  ණය ගැනීමට හැකි උනා, දිගින් දිගටම සිමාරහිතව ණය ලබාගැනීමෙන්  2009 දී ඇතිවූ තත්වය නිසා ආයෝජකයන් බියට පත්වුනා, මේ නිසා සිදුඋනේ ණය පොලිය ඉහල යාමයි, ග්‍රීසියට ඉහල පොලියක් යටතේ උනත් ණය ගැනීමටයි සිදුඋනේ, මේ නිසා තිබුන නරක තත්වය 2010 දී ඉතා නරක අතට පත්වුනා, අවසානයේ යුරෝපා කොමිසම ඩොලර් බිලියන110  ණය ආදාර ලබාදුන්නා තවදුරටත් යුරෝපා මද්යම බැංකුව ග්‍රීක බැදුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් වුනා පමණක් නෙමෙයි අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීමට උපකාර කලා.

මෙහි ප්‍රශ්නය මෙය ණයක් පමණක් වීමත් ප්‍රදානයක් නොවීමත්, මේ කාලයේ මෙවනිම ප්‍රශ්නයක් පෘතුගාලයේත් ඇති වුනා, තවදුරත් ග්‍රීසියේ ණය වැඩි හරිය  මුලික ලෙස ජර්මන් සහ ප්‍රංශ බැංකු වලට සිදුකර තිබුන නිසා ණය පොලිය සහ වාරික ගෙවීමට රටේ මුල්‍යය අංශය විදිමත් කරන ලෙස ණයදෙන යුරෝපා කොමිසම උපදෙස් දුන්න, මෙනිසා ග්‍රීසිය බදු වැඩිකළ අතර අර්ථසාදක ලබාදීම කපාහැරීමට යෝජනා උනා මෙය අයවැය  පරතරය අඩුකරගැනීමට උදව් උනත් මිනිසුන් අතර පැවති මුදල් අඩුවුනා, මෙනිසා වියාපාර බංකොලොත් වූ අතර රැකියා හිගය උග්‍ර උනා.

මෙහිදී ආර්ථිකය හැකිලීමට ලක්වූ විට බදු ආදායම පහල ගියා, මෙනිසා නැවත නරක තත්වයක් ඇති උනා 2012 දී, නැවත ඩොලර් බිලියන130 ණය  ලබාදිය යුතු වුනා, කෙසේවෙතත් යම් ප්‍රගතියක් තිබුනත් රැකියා විරහිත බාවය තිබුන, ජනතාවගෙන් 1/5 ට උවමානා ආහාර ලබාගැනීම දුෂ්කර වූ අතර  මෙහිදී නව රජයක් පත්වුණ අතර තවදුරටත් මුල්‍ය ප්‍රතිපත්තිය ඉවසිය නොහැකි බව කියවුනා, මෙනිසා ණය ලබාදීම යුරෝපා කොමිසම නතර කල අතර රටේ ජනමත විමසුමකට යොමුවුණේ තවදුරටත් මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරනවද නැත්නම් නැතිනම් යුරෝපා මද්යම බැංකුව මහින් තවදුරටත් ආධාර  ලබා නොගන්නවාද යන්නයි. මෙහිදී ග්‍රීක වැසියන් තවදුරටත් තමන්ට ණය අනවශ්‍ය බව තීරණය කළා.  සිදුවුනේ බැංකු වල ද්‍රවශීලතාව අඩු වීම  (බැංකුවේ ඇති මුදල් ගනුදෙනු කරුවන්ට ගෙවීමට ප්‍රමාණවත් නොවීමයි  ) ට මුණ දීමට සිදුවීමයි,  මෙහිදී එක පුද්ගලයකු වෙනුවෙන් ලබාදිය හැකි උපරිම මුදල යුරෝ 45 වැනි මුදලක් බවට පත්වුනා.

ATM යන්ත්‍ර වල මුදල් හිග වුන අතර දැන් ග්‍රීසියට මුදල් අච්චු ගසා තමයි විශ්‍රාමිකයන්ට මුදල් ගෙවිය හැකි වෙන්නේ, නමුත් ඔවුන් යුරෝ කලාපයේ නිසා මුදල් අච්චු ගැසීම කල නොහැකි වුන අතර ජර්මනිය කැමති උනේ නෑ මුදල් අච්චු ගසා ග්‍රීසියට යැවීමට.




මෙය ලොවවටා සිදුවන ක්‍රියාවලියක් දැන් බලමු ලංකාවට වෙන දේ

මෙය බුධිමත් ලෙස ඔබ සිතනු ඇතයි  කියල සිතනවා http://www.dailymirror.lk/96905/govt-to-tax-cash-withdrawals
//The national unity government’s maiden Budget has proposed to tax the people who withdraw their own money from the banks while measures are also being taken to confiscate the moneys lying in their accounts unless they operate their accounts from January 1, 2016.

The Budget 2016 proposed to charge 2 percent withdrawal charge for cash withdrawals between Rs.1 million and Rs.10 million and 3 percent for anything above. -  //


මෙයට අනුව මිලියන 1 ත් 10ත් අතර මුදලක් බැංකුවෙන් ගන්නවානම් 2% බැංකුවට ගෙවියතු අතර එනම් මිලියන 1 මුදලක් සදහා (රුපියල්  20000) ගෙවිය යුතුයි. මිලියන 10ට වැඩිනම් 3% බැංකුව තබාගනී, තවද ඔබේ භාවිතයට නොගන්නා ගිණුම් "Dormant Account" වල මුදල් 2016 ජනවාරි 1දා සිට රජයට පවරා ගන්නවා.

මිට අමතරව //The Budget also proposed to bar commercial banks from leasing activities and provide 100 percent government guarantee for deposits in finance companies.//  

වාණිජ බැංකුවලට ලිසිං පහසුකම් ලබාදිය නොහැකි අතර මුල්‍ය සමාගම් වලට 100% ක සහතිකයක් රජය   මෙම  සමාගමේ තැම්පතු කරුවන් ට ලබාදෙනු  ලැබේ.
මෙනිසා සිදුවන්නේ බැංකු වල ඇති මුදල් පුද්ගලයන් විසින් මෙම සමාගම් වල තැන්පත් කිරීමයි.

මෙහිදී බැංකු ක්‍රමය මුළුමනින්ම කඩාවැටීම සිදුවිය හැකි අතර මෙපිලිබද මෙරටේ ජනතාව බුද්ධිමත් ලෙස රජයට බලපෑම් කරනු ඇතයි සිතමි.

දැන් ටිකක් හිතන්න වැඩි පොලිය ලබාදෙන මුල්‍ය සමාගම් වල ආයෝජනය නොකරන්නේ තැම්පතු කරුවන්ට ආරක්ෂාව බැංකු වල මෙන්  ලබා නොදෙන නිසයි නමුත් මුල්‍ය සමාගම් වලට මෙවැනි ආරක්ෂණයක් රජය ලබාදුන් විට සිදුවන්නේ සාමාන්‍ය බැංකු වල ගනුදෙනු කරුවන් මෙම සමාගම් වල ආයෝජනයයි.

අනෙක් අතට බැංකුවල මෙන් නෙමෙයි මුල්‍ය සමාගම් වල නියාමනය ඉතා අවමයි, මෙනිසා සිදුවන්නේ අවදානම් සහගත ගනුදෙනු වල වැඩි වැඩියෙන් මෙම සමාගම් නියැලී පාඩු ලබා බංකොලොත් වුවිට  රජය සහතික වී ඇති නිසා අදාළ පාඩුව රජය විදදරා ගැනීමයි, අවසානයේ මෙය රටේ පුරවැසියන්ට විදදරා ගැනීමට සිදුවනු ඇති.

මා දකින අනතුර නම් රජය කිසිදු පිලිගත හැකි වැඩපිළිවලක් අන්තර්ජාතික වෙළදාම වැඩි දියුණු කිරීමට  ගන්නා බව නොපෙනීමයි
උදාහරණ Pay Pal මුදල් ලංකාවේ වාණිජ බැංකු වලට ගැනීමට වැඩපිළිවලක් නොමැතිවීම. http://lankasithuwili.blogspot.com/2015_09_01_archive.html  

මේ සේ වේගයෙන් විදෙශ සංචිත ඉහල නංවාගැනීමට ඇති අවස්ථා ප්‍රයෝජනයට නොගෙන විවිද පැලැස්තර විසදුම්, නැත්නම් රටේ ආර්ථිකය සමග සුදු කෙලන ආකාරය  නම් අනුමත කල නොහැකියි.   

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්  http://www.dailymirror.lk/97549/withdrawal-taxada