Wednesday, August 4, 2021

ජනතාවගෙන් වසන්කරන කොරෝනා වැක්සිනය පිළිබද තොරතුරු.

 මහජනතාව නොමග යවමින් ශතවර්ෂයේ පවත්වන විශාලතම  රසායනාගාර අත්හදා බැලීම !



ඉහත වීඩියෝව ඉතා කල්පනාවෙන් බලන මෙන් ඉල්ලා සිටිනවා, මෙය ඔබේ ජීවිතයත් මරණයත් තීරණය කරන සිදුවීමක් වනු ඇති.

මුලින්ම ඉහත වීඩියෝවේ ඇන්තනි ෆවුචි නමැති (Anthony S. Fauci, M.D., NIAID Director) ඇමරිකා එක්සත්ජනපදයේ මෙන්ම ලෝකයේම කොරෝනා පිළිබද පරීක්ෂණ කරන National Institute of Allergy and Infectious Diseases (NIAID) ආයතනයේ ප්‍රදාන අධ්‍යක්ෂක වරයා. ඔහු  කියන්නේ කුමක්දැයි ඔබ මුළු අවදානම යොදා කල්පනා කරන මෙන් ඉල්ලා සිටිනවා   ඔහු මෙහෙම කියනවා 

"The issue of safety is something I want to make sure the American public understand "

ඇමරිකානු මහජනතාවට මා පැහැදිලිකිරීමට උවමනා කාරණය වන්නේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයයි 

There’s safety associated: does the vaccine make you worse ?
ආරක්ෂාව ගැන ප්‍රශ්නයේ දී : වැක්සිනය ලබාගැනීම නිසා ඔබට තිබුනාට වඩා භයානක ප්‍රතිවිපාක ලැබෙයිද ?

And there are diseases, in which you vaccinate someone, they get infected with what you’re trying to protect them with, and you actually enhance the infection.
තවද, ඔබ යමෙකුට එන්නත ලබා දෙන රෝග තිබේ නම්, ඔබ ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන දෙයින් ඔවුන් ආසාදනය වන අතර ඇත්ත වශයෙන්ම ඔබ ආසාදනය වැඩි කරයි.

You can get a good feel for that in animal models, so that’s going to be interspersed at the same time that we’re testing we’re going try and make sure we don’t have enhancement

සත්ව ආකෘති තුළින් ඔබට ඒ ගැන හොඳ හැඟීමක් ලබා ගත හැකිය, එබැවින් අපි පරීක්‍ෂා කරන අතරම එය මැදිහත් වීමට ඉඩ ඇති අතර අපට වර්ධනයක් නොමැති බවට වග බලා ගන්න. 

 somebody to prevent infection and actually make them worse 
ආසාදනය වීම වැළැක්වීම සඳහා යමෙකුට එන්නත ලබා දී ඔවුන් වඩාත් නරක අතට හැරීම

මෙහිදී ඔබ විසින් මේ enhancement ලෙස සදහන් වන්නේ කුමක්දැයි සිතනු ඇති කරුණාකර පහත වීඩියෝව මගින් ඒ කුමක්දැයි තේරුම් ගන්න 



ඉහත වීඩියෝවේ පෙන්වා දෙන සංකල්පය මෙයයි,  ශරීරයට වයිරසයක් අතුල්වුවිට සිදුවන්නේ ශරීරයේ ඇති සෛල වලට බැදී ආසාධනය වීමයි, මෙය වැලක්වීමට සිදුකරන්නේ  වයිරසයක්  ආසාධනය වීමට කලින් වැක්සිනයක්  ලබාදීමයි එහිදී ශරීරයේ වයිරසයට විරුද්ද ප්‍රතිධේහ නිපදවීම සිදුකරනවා, දැන් ශරීරයේ ප්‍රතිධේහ වලින් සිදුකරන්නනේ යම් විදියකින් වයිරසය ශරීරයට ඇතුළුවූ වහාම එම වයිරස 
සෛල වලට බන්දනය වීම මගින් වයිරසය ශරීර සෛල වලට බන්දනය වීම වළක්වනවා, මේ ක්‍රියාවලියට කියනවා (Virus neutralization by antibodies).
එනම්  වයිරසයක් උදාසීන කරන්නවා කියල. 

ඉහත ක්‍රියාවලිය සිදුවෙනවානම් කොරෝනා ආසාධිත රෝගින් ඉක්මනින් සුව වීමයි වෙන්නේ ප්‍රශ්නය තිබෙන්නේ එහෙම සිදු නොවුනොත් වෙන්නේ මොකද්ද කියල 
මේ ක්‍රියාවලියට කියනවා ANTIBODY DEPENDENT ENHANCEMENT කියල මෙහිදී සිදුවෙන්නේ ඉහත කී වයිරස උදාසීන කිරීම neutralization සිදු නොවීමයි, මෙහි ඇති භයානක බව නම් ඉතා කෙටි කලකදී වයිරසය ශරීරය පුරා වේගයෙන් පැතිරීමට වැක්සිනයෙන් හටගත් ප්‍රතිධේහ උදව් වීමයි මෙහිදී ඉතා වේගයෙන් ශරීරය ආසාදනය වීමයි වෙන්නේ.

දැන් අපි බලමු සිදුවන්නේ කුමක්ද කියල දැනට වැක්සින් ක්‍රියාවලිය පටන් අරගන මාස 6 පමණ වෙනවා ලොවපුරා මුලින් කියවුනේ මේ වැක්සිනය සාර්ථක වූ බවයි මේ නිසා ආසාධිතයන් වර්දනය උනත් මරණ ගණන සැලකියයුතු පමණින් අඩුකර ගැනීමට හැකිවූ බවයි කියන්නේ, මෙය සිදුවීමට මුලික වෙන්නේ මුල් වයිරසයට ක්‍රියාකරන වැක්සිනයක් නිපදවීමයි මෙය සාර්ථක වන්නේ උදාසීන කිරීම neutralization කරණය ඉතා හොදින් සිදුවීමයි නමුත් කල්යාමේදී මේ වයිරසය නොයෙක් ප්‍රභේධ වලට විබෙදනය වීම සිදුවෙනවා විතරක් නෙමෙයි ඉතා වේගයෙන් පැතිරීමත් වෙනවා.

මෙන්න මේ අවස්ථාවේ තමයි විද්යාඥයන් මහජනයා අදුරේ තියන්න පටන්ගන්නේ මොකද යම් විදියකින් ඔවුන් කිව්වොත් ANTIBODY DEPENDENT ENHANCEMENT නිසා වේගයෙන් වයිරසය පැතිරෙනවා කියල ඔවුන්ට සිදුවෙනවා පිළිගන්න එන්නත්කරණය නිසා වැඩි ජිවිත ගණනක් හානියට පත්වෙනවා කියල.

දැන් අපි ශ්‍රී ලංකාව ගැන බලමු රටේ සෞඛ්යය අංශ කියන විදියට ශ්‍රී ලංකාව තමයි වේගයෙන්ම එන්නත් කරණය කරන රට, හැබැයි ඔබ දැක්කද සිදුවුනේ කුමක්ද කියල මාසයකට පෙර දිනකට 40 මියගිය රටේ දැන් මියයන්නේ 80 බැගින්, ඒ කියන්නේ එන්නත් කරණය වේගවත් වීමත් සමග මරණ ප්‍රමාණයත් වේගවත් වෙලා.

මෙය ශ්‍රී ලංකාව තුල මියගිය මිනිසුන් ගණන බැලීමේදී තේරුම් ගන්න පුළුවන් 
 





ඔබට පෙනෙනවද එන්නත්කරණය වේගවත් වීමත් සමග මරණ ගණන වැඩි වන ආකාරය ? මතක තියාගන්න මැයි මාසයේදී මහජනයාට ගමනාගමන සිමා කිරීම පවා පැවතුන බව. 

තව කිවයුත්ත වන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාව හෝ ප්‍රංශය මෙන් වැක්සිනයට විරෝදය පාන්නන් නැතිබවත් හැතැම්ම ගණන් පෝලිමේ සිට කිසිම අවබෝදයක් නැතිව හරක් මෙන් එන්නත් ලබාගන්න බවයි.


 අපි මෙහිදී දැනගත යුත්තේ මේ වැක්සිනයක්  නිසිපරිදි වැඩකරනවාද යන්න දැනගැනීමට නම් වසර ගණනාවක පරීක්ෂණ තොරතුරු උවමනා බවයි, මෙන්න මෙනිසයි හදිසි අවස්තාවක් යටතේ මේ එන්නත් ලබාදෙන්නේ, මෙහිදී FDA අනුමැතිය නොමැති අතර මේ එන්නත් නිපදවන සමාගම් වලට විරුද්දව නඩු පැවරීමට කිසිදු අවස්තාවක් ලැබෙන්නේ නෑ ඔවුන්ට මුක්තිය හිමිවෙනවා. 

රටේ මිනිසුන් බුද්ධිමත් නම් මේ විශේෂඥයන් ගෙන් අසන්න ඕනේ මේ වේගවත් පැතිරීමට ANTIBODY DEPENDENT ENHANCEMENT කොපමණ හේතුවී තිබේද යන්නත් මේසදහා කරනලද පරීක්ෂණ මොනවද යන්නත් යන කරුණුයි.