Wednesday, September 27, 2017

ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක වීරයෙක් ද? දුෂ්ටයෙක්ද ?



පසුගිය දිනක පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාව හදුන්වාදී ඇත්තේ මහා යුග පුරුෂයකු ලෙසයි, මෙතනින් බලන්න, අපට තවම හරි වැරදි තේරුම් ගැනීමට තවම දුෂ්කර වී අත්තේ අපේ විචාර බුද්ධියේ ඇති බලවත් අඩුව නිසයි, අපට හැකියාව නෑ කෙනෙකුගේ කතාවත් ඔහුගේ ක්‍රියාවත් අතර වෙනස තේරුම්ගන්න.

එංගලන්තයේ ලොව පිළිගත් University of Oxford වල ඉහල අධ්‍යාපනයක් ලබපු මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පර්ලිමෙතුවට ඇමතිවරයෙක් ලෙස තේරී පත්වෙලා කල්පනා කරනවා තම ඉදිරි අනාගතය ඉහල තනතුරක් වන අගමැති කම ගන්න ඕනේ නම් එක්සත් ජාතික පක්ෂයේ සිට එය කල නොහැකි බව (වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් මාද්‍යවේදියකු අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට ඇගේ ස්වාමියා කල්පනා කලේ කියල, ඇයගේ පිළිතුර වෙන්නේ ඩි එස් සේනානායක මැතිතුමා තම ස්වාමියාට අගමැති දුරය ලබාදීමට කෙනෙහිලි කම කල නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ බවයි )

මෙයින් පේනවා ඔහු කොතරම් අවස්තාවදියෙක් ද කියල ඔහු කොච්චර කපටියෙක්ද කියනවනම් ආරිය සිංහල ඇදුම අදින්නේ රටේ මිනුසුන් රවටන්නයි, ඉන්පසු ඔහු දෙසපාලකයෙක් ලෙස අඩුම වියදමක් යන ක්‍රමයක් වන ජාතිවාදය පාවිචිචි කරනවා, එනම් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි, මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට එම වර්ප්ප්‍රසාදය නැතිව යනව මෙය මනාව සිරසේ දවස වැඩසටහනට සම්බන්ද වෙමින් සිඩ්නි චන්ද්‍රසේකර මහතා මනාව පැහැදිලි කරනවා.



මෙහිදී ජෙය ශ්‍රී රංග මහතා කියනවා තමා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටින කල ජනාධිපති චන්ද්‍රිකා පැමිනිල තියනව කතාවක් පැවැත්වීමට එහිදී කතාව අතරතුර

චන්ද්‍රිකා :- එස් බි coincidence කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල අහල තියනවා

ආයි අහනනවලු      එස් බි productivity කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල ?

රංග අයිත් මතක්කරනවා අනුර බණ්ඩාරනායක මහතා විරුද්ද වෙලා තියනවා මහින්ද රාජපක්ෂ ට අගමැති කම දෙනවට එහිදී ඔහු කියල තියනවා අක්ක මහින්ද කියන්නේ street fighter කෙනෙක් ඔහුට අගමැති කම වගේ තනතුරක්  දරන්න බෑ කියල.

දැන් ටිකක් කල්පානාවෙන් බලන්න සිංහල ජාතියට අපමණ සේවයක් කිරිමයට කැපවුන  ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තම දරුවන්ව යවල තියෙන්නේ සිංහල පාසල් වලට නෙමෙයි ඉංග්‍රීසි මාද්‍ය තුලින් උගන්වන පාසල්වලට තම දරුවන් යවන අතර රටේ පොදු දරුවන්ට ලැබෙමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකිරීමයි කරලා තියෙන්නේ,



භාෂා ප්‍රශ්නයේදී සිංහල  භාෂාව රජ බස කල ඔහු බලයට එනවිට රහසින් දෙමල පක්ෂ සමග ගිවිසුමක් ගසනවා දෙමල භාෂාවට නිසි තැන දෙන්න, නමුත් ඔහු අවංක දෙසපලකයකු නම් ජනතාව ඉදිරියේ තමා කරන්න යන දේ කියල බලය ලබාගන්න තිබුන ඔහු එසේ නොකර කරපු දෙයින් වෙන්නේ මොකද්ද ?
සිංහල ජනයා විරුද්ද වෙනවිට අදාළ ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දමිමයි.

එතනින් නතර නොවෙන ඔහු බෞද්ධ ස්වාමින් වහන්සේලා රාජ්‍ය සේවකයෝ බවට පත්කරන්නේ ගුරුවරුන් ලෙස මුදල් ලබන පිරිසක් කිරීමට අවසර දීම   මගින්.

ඔහු කරන ලද වැඩවලින් වසර 30 කට වැඩි යුද්ධයක් අතිවීමට අමතරව බෞද්ධ සංස්කෘතියටත් සිදු වුයේ හානියක් බව තේරුම් ගැනීමට අදත් මිනිසුන්ට අපහසු වීම නම් කණගාටුදායක දෙයකි.

Monday, September 18, 2017

කලූ සල්ලි සුදු කිරීමේ නිතියානුකූල ක්‍රමය.



දැනට සමාජයේ වෙන දේවල් කල්පනා කරමින් සිටින විට මේ ක්‍රමය ගැන මට කල්පනා උනා, කනගාටුවට කරුණ නම් ලංකික වන මට මේ ක්‍රමයේ නිර්මාතෘ වීමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්න බැරි වී තිබෙන්නේ මෙය මුලින්ම  සොයාගැනීමේ ගවුරවය හිමිවන්නේ වෙනකෙනෙකුට නිසයි, නමුත් මෙය සොයාගත් වෙනකෙනා මේ ලාංකික ට ආර්ථික විද්‍යාව  දශක දෙකකට පෙර උගන්වන ලද ගුරු දේවයෙක් වීම නිසා සියුම් ආඩම්බරයක් හටගනී.

වටේ නොගිහින් දැන් මාතෘකාවට එමු, ලෝකයේ වගේම අපේ රටෙත් යම් පුද්ගලයකුට මුදලක් ලැබී ඇත්නම් අදාළ මුදල උපයන ලද ක්‍රමය නිසි අවස්ථාවල පෙන්වා දිය හැකි විය යුතුය, නමුත් අද ශ්‍රී ලංකාවේ මම දකින තරමට ලෝකයේ බොහෝ රටවල ධනපතියන්ට සමාන ධනයක් තියන මිනිසුන් සිටියත් අදාළ ධනය තමා කැමති විදියට වියදම් කල නොහැකි වී ඇත්තේ අදාළ මුදල උපයන ලද ආකාරය පෙන්වන්න බැරි කමයි, යම් විදියකින් තමා රුචි පරිධි අදාළ මුදල් වියදම් කිරීමට ගියොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොටු වීමට වැඩි කලක් ගත නොවෙයි.

පසුගිය සති කීපයේදී මේ ප්‍රශ්නය මනාව නිරාකරණය කල හැකි ක්‍රමයක් මගේ ගුරු  බන්දුල ගුනවද්දනයන් විසින් හෙළිකරන ලදී. දැන් නිතිය දන්නා උතුමන් මට පහත විස්තර කරන්න යන ක්‍රමය නීති විරෝදී බව ඔප්පු කරන්නේ කෙසේදැයි පවසත් වා.

ඔබ හිතන්න ඔබට රුපියල් කොටි 100 තිබෙනවා මෙය ඔබට නිතියානුකුල මුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ නම් මුලින්ම ඔබ නමින් පුණ්‍යාධාර  පදනමක් විවුර්ත කරන්න, ඉන්පසු ඔබ හිතවත් සීලය ගැන කිසිම අවබෝදයක් නැතත් ආර්ථිකය ගැන අවබෝදයක් ඇති භක්ෂුන් වහන්සේලා කීපනමක් පාරේ මුදල් සම්මාදන් කිරීමට යැවීමයි කලයුතු, ඉන්පසු අදාළ පන්සලේ නායක ස්වාමින් වහන්සේට රුපියල් ලක්ෂ 5 වැනි මුදලක් දී ඉතිරු කොටි 99.95 ඔබේ පදනමට බැර කිරීම මහින් සත 5ක බද්දක් නොගෙවා විශාල කළු මුදලක්  සුදුකිරිම කළහැකි වනු ඇති.

මෙවැනි ක්‍රමයක් මගින් මුදල් විසුද්ධිකරණය ට අධාල කිසිම නීතියකින් දඩුවම් කල නොහැකි වන්නේ මෙමුදල ඔබවහන්සේලාට ලැබුනේ කෙසේදැයි ඇසුවහම මෙය ශ්‍රද්ධාවත් මිනිසුන් අපේ පාත්‍රා වලට දමාගියා (අර අලිපැටියා පන්සලේ දමාගියා ) කිව්වා වගේ නිදහසට කරුණු  දැක්විය  හැකි අතර අදාල නිලදාරීන් නිරුත්තර වනු ඇති,  මෙසේ ලබාගත් මුදල් ඔබට කැමති දෙයක් මිලදීගැනීමට යොදවන්න හැකි වෙයි.

ඉදිරි අවුරුදු කිපයේ විවිද පුද්ගලයන් මේ ක්‍රමය පාවිච්චි කිරීම පටන්ගත්තාම අපේ වගකිවයුතු නායක ස්වාමින් වහන්සේලාට ඇති මහජන ගරුත්වය සිදියාමත්  තමන්ට ලැබෙන ලාබ සත්කාර අඩුවීමත් සිදුවෙන විට ස්වාමින්වහන්සේලා සම්මාදමේ යැවීමට විරුද්දව ඉදිරියට එනු ඇති, එවිට මේසේ කරන  ස්වාමින් වහන්සේලා කියයි ඇයි දැන් මේගැන විරුද්ද වෙන්නේ? බන්දුල ගුනවද්දනයන් මෙය පටන්ගත්ත වෙලාවේ ඔබවහන්සේලා කොහෙද හිටියේ කියල ?

බුදුරජානන් වහන්සේ සදහන් කරනවා මුදල් පරිහරණය කරන කෙනා පංච කාමයම පරිහරණය කරන බව.
ස්වාමින් වහන්සේ නමක් මද්‍යාන 12.00 පෙර පිණ්ඩපාතයේ යනවනම් මිනිසුන්ට ආහාර පුජා කළහැකි අතර මද්‍යාන 12.00  පසු පත්‍රය රැගෙන යනවනම් සිනි තේකොල හෝ තෙල් වැනි පන්සලට ප්‍රයෝජනවත් දෙයක් පුජාකළ හැකි උනත් කිසිවිටක මුදල් පුජකිරිම සුදුසු නොවෙයි.
වසර 2500 පෙර ස්වාමින්වහන්සේලට පනවන ලද නීති අතර රටේ නීතියට කිකරුවිමත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ලෝකයේ ප්‍රයෝගිකම දහම බුදුදහම නිසයි.  
           

Thursday, September 14, 2017

බැදුම්කර අන්දරය



ශ්‍රී ලංකාවේ අපුරු දේ සිදුවෙමින් පවතී, රටේ සාමාන්‍ය මිනිසුන් සිතනවාට හාත්පසින් වෙනස් සිදුවීම් ධාරාවක් සිදුවෙමින් පවතී.
රටේ මිනිසුන් බොහෝ දෙනා සිතා සිටින්නේ බැදුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමෙන් අදාළ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවයි, මුලින්ම බලමු මේ ජනාධිපති කොමිසම කියන්නේ කුමක්ද කියල, මේ පත්කරලා තියෙන්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් මෙයට පුළුවන් කරුණු ගොනුකරගැනීමට පමණයි, මෙය විශේෂ ජනාධිපති කොමිසමක් උනානම් වැරදිකරුවන් වන අයට පාර්ලිමේන්තුව පාවිච්චි කරලා දඩුවම් කරන්න තිබුන.

යම්විදියකින් මේ කොමිසම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන්න ගියොත් වෙන්නේ ඉදිරි දිනකදී ශ්රේෂ්ඨාධිකරණය තුල නඩු පැවරිමකදී අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිවෙදින්ට කියන්න පුළුවන් කොමිසම පක්ෂපාතිව ක්‍රියාකළ බව කියමින් අදාළ වාර්තාව විසිකරන තැනට ගෙනියන්න, මෙහිදී කොමිසම අදාළ අවදානම තේරුම් ගෙන  ක්‍රියාකළ අයුරු විශිට්ටයි, මෙය දකින මෝඩ මිනිසුන් කොමිසමේ පණනැති බව  කියයි නමුත් පහත හේමන්ත වර්ණකුලසුරිය මහතා ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිසම ගැන මතක්කිරිමේදී අදාළ වර්තා විසි වූ ආකාරය අපුරුවට පැහැදිලි කරනවා.


 

ඇත්තටම මේ ජනාධිපති කොමිසම පත්කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි ජනතාවගේ ඇති විරුද්දතාවය ක්‍රමයෙන් යටපත් කිරීමටයි, නමුත් මෙම කොමිසමේ සිටින දප්පුල ලිවේර සහ කෝදාගොඩ ඇතුළු දක්ෂ නිලදාරින් සහ රහස් පොලිසියේ නිලදාරීන් ඉතා දක්ෂ ලෙස තම කාර්ය සිදුකර තිබෙනවා, මම දකින විදියට මේ විශාල සොරකම Perpetual Treasuries Limited  තනිව කල සොරකමක් නෙමෙයි බලවත් දෙසපළුවන් කීපදෙනෙක් විසින් වසර ගණනාවක් මුදල් තත්වය දුර්වල වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට උවමනා මුදල් සම්පාදනය මුලික කරගෙන කරපු වැඩක්, එහෙම කියන්නේ  අර්ජුන මගේන්ද්‍රන් මහබැංකුවේ අධිපති වෙන්න ඉස්සල්ලම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් අදාළ ආයතනයේ වගකිවයුතු තනතුරු වලින් ඉවත්වීමෙන් පේනවා සැළසුම.

මම දැක්ක බොහෝදෙනෙක් මේ කොමිසමට ගරහනවා ඇයි බැරි  අර්ජුන ඇලෝසියස් ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට කියල, මෙහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ දක්ෂ ජනාධිපති නීතිවේදියෙක් වන ගාමිණී මාරපන මහතායි. ඔහු උපදෙස් දී ඇත්තේ මෙම කොමිසමට සාක්කි නොදෙන ලෙසයි, මෙයින් අදාළ ඇලෝසියස් මහතාට උවමනා කාලය ලබාගැනීමට ලැබෙනවා මේ ලැබෙන කාලයේ දී මෙහි වරද වෙනින් පුද්ගලයෙකුට යොමුකරන්න පුළුවන්, මෙහිදී මම දැක්ක ගාමිණී මාරපන මහතාටත් බොහෝදෙනා දොස් කියනවා, මම දකින්නේ ගාමිණී මාරපන මහතා කරන්නේ තමන්ගේ රස්සාවයි ඔහුට තමාගේ සේවාදායකයා වෙනුවෙන් දෙන්න ඕනේ හොදම විසදුම ලබාදීමයි ඔහු කරන්නේ, මෙතැනදී නීතියේ හිල් පාවිච්චි කිරීම පුරවැසියන් වන අප වරදක් ලෙස දැක්කත් අදාළ නිතිවෙදියාගේ රැකියාව මෙවැනි දුර්වලතාවලින් තම සේවාදායකයා ගලවා ගැනීමයි.

හැබැයි නීතියේ හිල් වලින් මේ මිනිසුන් බේරී යනවනම් ඊට වැරදි කරුවන් ඔවුන් නෙමෙයි චන්දදායකයන් වන අපියි, දැන් අහන්න එපා ඒ මොන කුනුහරුපයක් කියල, මතකතියාගන්න නීති හදන්නේ සහ අනුමත වෙන්නේ පර්ලිම්න්තුවෙන් බව, මේ හිල් වැසිය යුත්තේ මහජනයා වන අපේ නියෝජිතයන් විසින් (ඔව් මැති ඇමැති වරුන් තමයි )

මේ විශාල වංචාව නිසා රජයට සිදුවී ඇති වංචාව සාමාන්‍ය මිනිසාට බලපාන විදිය සරලව කිව්වොත්, සාමාන්‍ය 4 දෙනෙකුගේ පවුලට වසරකට රුපියල් 15000 වැනි මුදලක් රජයට බදු ලෙස ගෙවීමට වෙනවා (වෙනස ඔබට රිසිට් පතක් ලැබෙන්නේ නෑ මහබැංකු වංචාව නිසා ලබාගත් බදු මුදල බවට )

අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි, මෙහි හරි මිහිහ හිරේ ගියොත් රටේ අගමැති තුමත් හිරේ යන්න ඕනේ.

මම නැවත කියනවා මෙවැනි තත්වයකට වගකියන්න ඕනේ රටේ මිනිසුන් වන අප බව මොකද අපි කැමති රුපියල් කෝටිගණන් වැයකර දෙසපලුවෝ චන්දය ඉල්ලනවට, අපි කැමතියි අපට රජයේ රැකියා දෙනවට, අපි කැමතියි අපට බදු ගසන්නේ නැත්නම්, අපි කැමතියි කෝටිගණන් වැයකර බලයට ආපු මිනිසුන් සතයක් වත් සොරකම් නොකර තමන් හිගන්නෝ වෙමින් ජනතාවට සේවය කරනවානම්, අපි කැමති නෑ මේ ජනතා නියෝජිතයෝ විශාල වැටුප් ගන්නවට.

මෙනිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කියල බලයට ඇවිල්ල පරම්පරා 7ට මුදල් හම්බකිරීම කරනවා, සිංගප්පුරුව වැනි රටක් මෙහෙමයි ගෙවන්නේ
https://statestimesreview.com/2017/04/29/singapores-total-ministerial-salaries-cost-53-million-a-year-most-expensive-in-the-world/

හැබැයි හොරකම් නෑ මෙතන මනොවිදාව ගැන දන්නා උදවිය පැහැදිලි කලොත් හොදයි, දැඩි දඩුවම් සමග විශාල වැටුප් නියම කලාම දඩුවමට ඇති බය නිසා වරදට පෙලබෙන්නේ නෑ වගේම තමාට විශාල ආදායමක් ලැබෙන නිසා අනවශ්‍ය අවදානම් ගැනීමට පෙලබෙන්නේ නෑ, මේ සරල තර්කය තේරුම් ගණන බැරුව ජනතාව අගාදයට යනවා.                    

එකතු කිරීම:-

www.lankatruth.com/si/ඇලෝසියස්-cope-කමිටුවට-බොරු-කි/

ඊයේ මෙම පොස්ට් එක දාන විටදී මම කිව්ව
{අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි}

ඇත්ත වෙමින් පවතී, පහත් තැනින් ජලය ගලා බසී