Sunday, March 29, 2015

සුද්දන් ලංකාව යටත්කර නොගත්තානම්, නොහොත් අපට තවම රජෙක් ඇත්නම් !




මා ඉතා කුඩා අවදියේ දී පටන් බොහෝ ස්වාමීන් වහන්සේලා සහ සිංහල බෞද්ධයන් පැවසු දෙයක්නම් " මේ පරසුද්දන් නොහිටින්න අප ස්වාදීන දියුණු ජාතියක් බවයි " 

වැඩිපුර සිතන්නැති සිංහලයන් අපට රජෙක් ඇත්නම් ඉතා සතුටු වනු ඇති. 

අපි ටිකක් බලමු අපට රජෙක් ඇති කාලයේදී ජනසමාජය කෙසේ සංවිදානය වී තිබුනද කියා.

මුලින්ම කිව යුත්තේ අපට රාජාණ්ඩු ක්‍රමයක් තිබුනානම් අද බොහෝදෙනාට ලැබී ඇති අයිති වාසිකම් නොලැබී යනු ඇති බවයි.

01. සියලු දෙනා රජයට බදු ගෙවිය යුතුය මහජනයාට නොමිලේ කිසිදු සේවාවක් රාජාණ්ඩු සාමය වල නොලැබූ බව (බුද්ධදාස රජු ගේ කාලයේ ආරෝග්‍ය ශාලා පහසුව නොමිලේ ලබාදී ඇත ) 

02. සුළු වරදට අමානුෂික දඩුවම් ලබාදීම (මෙනිසා සමාජය ඉතා නීතිගරුක සමාජයක් වී ඇත )

03. ආකර්ශනීය නිර්මාණ කරන ලද අතර මෙසියලුදෙයට ප්‍රවර්දනය සපයා ඇත්තේ "මරණ බය" විසිනුයි.

04. බොහෝ දෙනා පවසන්නේ බුදුදහම ඉතා දියුණු ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බවයි, අනුරාදපුර යුගයේ එසේ දියුණු බුදු දහමක් පැවතිඇතත් ඊට පසු යුගවල සිදුවී ඇත්තේ බොහෝවිට සංස්කෘතිකමය   බුදුදහමකි. පාලකයා බලයේ සිටීමට බුදුදහම මෙවලමක් ලෙස යොදාගත් බව පරිසමින් බැලීමේදී පෙනී යයි.

05. අවශ්‍යතා අවම නිසා එක්තරා සංහිදියාවක් තිබුනත් සාමාන්ය ජනය කුල පීඩනය නිසා ඉතා අසහන කාරී සමාජයක ජිවත් විඅතිබව තෙරුම්ගතහැක.

06. රජය වෙවේචනය කිරීම මරණයෙන් කෙලවරවන දඩුවම් ලැබියහැකි වරදකි 

අප කැමති උනත් නැතත් බොහෝ ජනයට වඩා නිදහස් ලෝකයක් ලැබී ඇත්තේ අප කියන "පර සුද්දන්ගේ " "ප්‍රජාතන්ත්‍රවදයට" පින්සිදු වෙන්ට බව ප්‍රසිද්දියේ නොකියන්ට සිංහල ජාතිවාදීන් ප්‍රවේසම් වෙති.

අප ජනතාවට ශතවර්ෂ ගණනක් පුරුදු සුද්දන්ගේ "ප්‍රජාතන්ත්‍රවදයට"  නොව දැඩි බලයක් යොදා ජන මර්දනයකින් ලැබෙන පෙනීමට තිබෙන නිතියනුකුල බවයි.

මෙහිදී අප වරදවා ගතයුතු නැත්තේ "බටහිර ඇත්තේ ස්වයන් හික්මීමෙන් සංවිදානය වූ සමාජයක් ! "යන කල්පනාවයි. පෙරදිග මෙන් කසපහර නොදුන්නත් 
බටහිර පවා වරදට දඩුවම් ක්‍රම පවතී බොහෝවිට එය මුල්‍යමය දඩයක් වන අතර අදාල දඩය පුද්ගලයාගේ පඩියෙන් අඩුවී ඉතිරිය ලැබෙන ලෙස සංවිදානය විඇත. මෙහිදී පවතින නවීන තාක්ෂනය යොදාගන නොදැනෙන ලෙස මෙය සිදුවේ.  ලගදි උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙපිලිබද කදිම උපමාවක් ලබාදෙන ලදී https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ
විනාඩි 5 පසු බලන්න               

අප නුවණැති තීරණයට එලබේ නම් කල යුත්තේ හැකිතරම්  බටහිර දැනුම උකහා ගැනීමයි මෙයට ඉංග්‍රීසි බාෂාව උපකාර වේ.

දැනගත යුතු කරුණනම් විදේශීය ආක්‍රමණ නිසා පුරවැසියන් ලෙස අප ඉතා වැඩි පුද්ගල නිදහසක් බුක්ති විදින බවය.  

Saturday, March 7, 2015

ජනතා විමුක්ති පෙරමුණේ හර්ධ සාක්ෂිය :- (දන්නා යක්ෂය හොදයිද? නොදන්නා දේවියා තරම්!)



මෙය ලිවීමට සිතුනේ http://www.w3lanka.com/2015/03/blog-post_64.html දැකීමෙන්.
Ajith Perakum Jayasinghe මහතා පෙන්වාදෙන කරුණ උපුල් ෂාන්ත සන්නස්ගල ස්ත්යාගාරය ඉදිරිපත් කරන විටදී මගේ මනසට පැමිණිය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොද සාදනිය  ලක්ෂණය නම් ඔවුන්ගේ විනයයි.


01. කුමාර් ගුණරත්නම් ගැන ඇසුවිට අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නය මගහැර යාම මහින් මට වැටහුනේ ඔවුන්ගේ සංවිදානයේ පවතින රහසිගත බවයි.ජනතාව ලෙස ඔවුන්ගේ සංවිදානයේ පවතින ගුප්තබව අප තේරුම් ගත යුතු යයි සිතමි.
ප්‍රශ්නය වන්නේ බලය ලැබුවිට ඔවුන් බොහෝ ප්‍රජචන්ට්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමට ඉඩ ඇති බවයි.

02. අනුර කුමාර දිසානායක මහතා විවුර්ත ආර්ථිකය පවත්වන අයුරු විස්තර නොකරයි:-

මෙය තරමක් පැහැදිලි කරගත යුතු යයි සිතමි, ජනතා විමුක්ති පෙරමුණ පහත ප්‍රශ්න කෙසේ  විසදනු ඇතිදැයි අප ඇසිය යුතුය.

01. පුද්ගලික දේපල අයිතිය පිළිබද ඔවුන්ගේ මතය.
02. නිදහස් වෙළදාම පිළිබද ඔවුන්ගේ අදහස්
03. රැකියා වර්දනය පිළිබද ඔවුන්ගේ සැලසුම
04. විදේශ වෙළදාම පිළිබද ඔවුන්ගේ ප්‍රතිපත්තිය.
05. රජය විවේචනය කිරීමට මහජනයාට ඇති අයිතිය සහ දේසපාලන පලිගැනීම් වැළකීමට ඇති වැඩපිළිවල.
06. විදේශ ආයෝජන ලබා ගෙන රට සංවර්දනය කරනවද නැතිනම් දේශීය ආයෝජනයෙන් එය කරනවද ?
07. අපේ විදේශ වෙලදාමේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන රටවල් සහ අපනයනය කරන දේ
08. රජයේ බදු ප්‍රතිපත්තිය (අදායමෙන් කොපමණ රුජු බදු වනවද බදු නිදහස්ව කොපමණ මුදලක් තබාගත හැකිද ?)
09. ආයෝජනය දිරිගැන්වීමට යොදාගන්න උපක්‍රම මොනවද ?
10.රජය මැදිහත් වන්නේ කෙලෙසද ? කුමන කර්මාන්ත වලටද ? කෙසේද ?

අප මතක තබා ගතයුතු කරුණ නම් ඉදිරියේ පවතින මැතිවරණයෙන් බොහෝවිට විපක්ෂය බවට හෝ රජය මෙහෙවයන පාර්ශවයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පැමිණෙනු ඇති බවයි. එහිදී ඔවුන් අතට තව අවුරුදු 6 දී බලය ලබුනවිට ඔවුන්ගේ හැසිරීම දැනගැනීමට ඉහත ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබාගත යුතුය, මතක තබා ගතයුත්තේ විනය ඉතා ආකර්ශනිය දෙයක් උවත් පැසිස්ට්වාදී සන්විදානයක් පවතින්නේ විනය මතයි උදනරන LTTE සංවිදානයේ ඉතා දැඩි විනයක් තිබුනත් සිදුකරනලද්දේ ට්‍ර්ස්තවාදී ක්‍රියා බැවිනි.  

ජනතා විමුක්ති පෙරමුණ ඉහත අසනලද දෙය පැහැදිලි කලොත් ඔවුන්ගේ අවංක බව අපට බල ගත හැකි වනු ඇත.