Sunday, February 28, 2016

PAYPAL පහසුකම වෙගයෙන්න්ම ලබාගතහැකි ක්‍රම සහ ඉංග්‍රීසි භාෂාව අවම හැකියාවක් ඇති දක්ෂ උපාධිදාරින්ට විදේශ රැකියා ඇතිකිරීම.





මෙය ලිවීමට පෙලබුනේ මාතා ලියපු කොමෙන්ටුවක් ගැන කල්පනා කිරීම තුලින්
{ මේවා නොකර ගොඩ එන විදියක් කියන්නකෝ අර පේ පැල් වගේ...
එතකොට අපි ඒවා යොමු කරන්නම් දන්න කියන අයට..  }

මෙහිදී යෝජනා 2 ක් කිරීමට තිබේ මෙහි ප්‍රථම යෝජනාව නම් හොදම විකල්පය වන අතර මෙය පිළිබද නීතිමය බාදා ඇතිවීමට ඉඩ තිබේ, නමුත් දෙවැනි විකල්පය නම් කිසිදු නීතිමය ප්‍රශ්නයක් හට නොගනී.
01.   අද වනවිට තවම PAYPAL මගින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට මුදල් ගැනීමේ පහසුකම ඇති කිරීමට අපහසු වී ඇත, මිට හේතුව ශ්‍රී ලංකාවේ මහබැංකුවේ නිලදාරීන් සහ දක්ෂ පරිගණක මෘදුකාංග කරුවන් එකතුව කරන මෙම වැඩපිළිවල සදහා ඉතා විශාල කාලයක් ගතවිය හැකියි. අපට යාහැකි හොදම විකල්පය නම් එංගලන්තයේ ඇති ශ්‍රී ලංකික බැංකුවක පහසුකම ලබාගනිමයි,
මේ වනවිට ලංකා බැංකුව සතුව Bank of Ceylon (UK) Ltd ලන්ඩනයේ පවත්වාගන යන ශාකාවක් පවතිනවා, ශ්‍රී ලාංකිකයන්ට මේ ශාකාවේ විදේශ ගිණුම් විවුර්ත කිරීමට පහසුකම් ලබාදුන්නොත් අපට මුදල් කෙලින්ම මෙම ශාකාවට paypal මගින්  ගෙන්වාගෙන  කෙලින්ම ශ්‍රී ලංකාවේ තම ගිණුමට ගෙන්වා ගත හැකියි.
ප්‍රශ්නය නම් අපට ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජදනියේ මෙම ගිණුම ආරම්භ කිරීමට පහසුකම් ඇද්ද සහ එය එංගලන්ත නීතියට අනුකුලද යන්නයි.

02.   ක්‍රමය නම් ශ්‍රී ලංකාවේ රජයේ සමාගමක් එක්සත් රාජදානියේ හෝ ඇමරිකාවේ පිහිටවිමයි මෙම ආයතනයට පහත සේවාවන් ලෝකයේ ඕනෑම රටකට ලබාදිය හැකියි
(I)                 පරිගණක ආදාරයෙන් ගෘහ නිර්මාණ සැලසුම් සකස් කිරීම :-
මෙහිදී ශ්‍රී ලංකා රජයට සිදුවෙනවා ඉතා හොද ඉංග්‍රීසි දැනුමක් ඇති තරුණ තරුණියන් 300 ක් පමණ පුහුණු කරනු ලබනවා, ඔවුන්ගේ එකම කාර්ය ගැනුමකරුට  ට උවමනා ගෘහ නිර්මාණ සැලසුම ඇදීම ට උවමනා මුලික සාකච්චාව පැවැත්වීමයි , ශ්‍රී ලංකික නියෝජිතයත් විදේශීය ගනුම්කරුවත් අතර වන සංවාදය පටිගත වන අතර අදාළ සංවාදය අවසානයේ අදාළ හඬ පටය ශ්‍රී ලංකික (ඉංග්‍රීසි දැනුම අඩු නමුත් AUTDESK මෘදු කාංග පිළිබද හසල දැනුමක් http://www.autodesk.com/industry/architecture-engineering-construction/architecture-design
ඇති නිර්මාණ කරුට සිංහලෙන් පැහැදිලි කරනු ලබනවා )
දැන් අදාළ පැහැදිලි කිරීම මගින් දැනුවත් වූ  නිර්මාණ කරුට තියෙන්නේ තම සැලසුම නිර්මාණය කිරීමයි මෙවැනි සැලසුම් සදාහා පහසුවෙන්ම රුපියල් 100,000 සිට 1000,000   වැනි මුදලක් අයකළ හැකියි)

දැන් බලමු මේ අයට උවමනා සුදුසුකම් සදාහා යන වියදම.

ශ්‍රී ලංකාවේ සරසවියකින් උපාදියක් ලබා තිබීම (ඔව් අර කදුළු ගෑස් ගහපු 30000 න් මේසදහා උවමනා අය තෝරාගත හැකියි )

දැන් මේ මෘදුකාංග පිළිබද පුහුණුව ලබාදෙන ආකාරය බලමු, නිකම්ම හතු පිපෙනවා වගේ ඇතිකළ මෘදුකාංග උගන්වන තැන් වලින් අපට වැඩක් නෑ, අන්තර්ජාතික මට්ටම සදහා අන්තර්ජාතික ක්‍රම උවමනා කරනවා.

මෙවැනි වැඩසටහන් ඉංග්‍රීසි මාධයෙන් උගන්වන හොදම ක්‍රමය නම්

දැන් සාමාජිකයන්ට යන වියදම http://www.lynda.com/promo/trial/default.aspx?lpk35=8006&bnr=loginfreetrial_newsite

රජයට වසරක් සදහා ඩොලර් 5000 වැනි රුපියල් 730,000 වැනි මුදලකට පුද්ගලයන් 1000 ක් පුහුණු කිරීමට උවමනා විශේස පැකේජයක් ලබාගත හැකියි.

රජයට මේ වියදම නම් ටොෆි චොකලට් වියදමකුයි, උවමනානම් මේ වැඩසටහන් සිංහලයට පරිවර්තනය කල හැකියි (මම නම් බණ්ඩාර නායක ලොක්ක රටම සිංහල මාද්ය කරපු විනාසය ගැන ඇත්තේ පිළිකුලක් නමුත් අද වනවිට ජිවිත කාලයක් සිංහලෙන් ඉගනගත් මේ අය සදහා  වේගයෙන් මෙය මේ ළමයි වෙත ගෙනයන්න සිදුවෙන එකම විදිය තමයි මෙය )

මේක කිව්වහම මට මතක්වෙනවා 2001 දී මම ලංකාවේ සමාගමක වැඩ කරන විට අදාළ සමාගමට තිබුන එකේම ප්‍රවර්දන අංශයේ තමයි සියලුම ARTWORK සිදුකෙරුණේ, මේ කේ හිටිය පුද්ගලයෙක් මම හිතන විදියට ඔහුට තිබුනේ උසස් පෙළ පමණයි ඔහුට ඉංග්‍රීසි දැනුම ඉතාම අල්ප ලෙස තිබුනත් කියන දේ තේරුම් ගැනීමේ දැනුමක් තිබුනේ නෑ, නමුත් Computer Mouse මගින් cartoon ඇදීමට පවා ඔහුට හැකියාවක් තිබුන.

ඔහුගේ හැකියාව පුදුම එලවන සුළුයි ඉතා අඩු පඩියට වැඩකළ ඔහුට ඉංග්‍රීසි දැනුම තිබුනානම් ඒ කාලයේම රුපියල් ලක්ෂ 10 ට වැඩි ආදායමක් මසකට උපයාගැනීමේ හැකියාව තිබුන.

මෙහිදී මට මුන ගැසුන ඔහුට පුහුණු කල ගුරුවරයා, ඔහු ඒවනවිට අවුරුදු 19ක තරුණයෙක්, අන්තර්ජාතික පාසලකින් අඩුවයසෙන් London AL සමත්ව සිටි ඔහු ඒ වනවිට තම BSC උපාදියේ අවසාන වසර කරමින් සිටි බවයි මට මතක.

මේ තරුණයා ශ්‍රී ලන්කිකයක් උනාට වැඩිම කලක් ජීවත්වී තිබුනේ විදේශ රටවල, එයට හේතුව ඔහු ගේ මාපියන් විදේශ සේවයේ නිලදාරීන් වීම. සිංහල අකුරක් වත් ලියන්නවත් කියවන්නවත් නුපුළුවන් ඔහුට ඉතා හොදින් සිංහල කතා කල හැකි උනා.

මම ඒවනවිට ඇවුරුණු අවුරුදු 24 වූ මට ඔහුගෙන් ඉගනගත්  දේ බොහෝයි.    
මේ තරුණයාට තිබුන විශේෂ හැකියාවක් තමයි ඉතා සංකීර්ණ සංකල්ප සරල සිංහලෙන් ඉංග්‍රීසි වචනයක් නොදන්නා අයට කියාදීම, මගින් ඇති විශාල දක්ෂතා ඇති පිරිසක් ගොඩනැංවීම,
සිංහලයන් බොහෝදෙනාට තිබෙන කුක්හක කම සහ ඉර්ශියාව මම ඔහු තුලින් දැක්කේ නෑ.

ඔහු මට කියපු වැදගත් දෙයක් තියනවා ඒ තමයි පරිගණක මෘදුකාංග පාවිච්චියේදී ඔහුට මෙතරම් දේ මතක ඔහු නැවත නැවත නොදන්නා අයට කියාදීම නිසා තම මතකය අලුත්විම නිසා බවයි ඔහු සදහන් කලේ.
(II)               අන්තර්ජාලයේ යොදාගන්න infographics 
මෙය ඇත්තටම කෙටියෙන් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ගැන හදුන්වා දීමට හොදාගන්න 2009 ඩි බිහිවූ නව මාද්යකි 900% වේගයෙන් වර්දනය වූ මෙයට ඇති වෙළදපොල විශාලයි
උදාඝරන :-  
 
       
මෙයටත් ඉහත සදහන් කල ආකාරයට ඉගනගැනීමට උවමනා අයට

ලෝකයේ විවිද රටවල ඉතා විශාල වෙළදපොලක් මේ සදහා තිබේ. මෙයටත් මා කලින් සදහන් කල ආකාරයම පාවිච්චි කල හැකියි.

මෙවැනි අංශ අති විශාල ප්‍රමාණයක් ඇත. අපට මේ වනවිට බුගත නල 5 ක මගින්  fiber optic cable සම්බන්ද තාවය මගින් ඕනෑම දිවුණු රටක ඇති අන්තර්ජාල පහසුකම රටේ අගනගරයේ සහ ප්‍රධාන නගර මොබෝමයක පවතී දැන් අප මේ සදහා උවමනා ආයෝජනය සිදුකර අවසන් අපට දැන් උවමනා වන්නේ නිසි අද්යාපනයක් ලබාදීමයි.

දැන් මම මුලින් සදහන් කළා සමාගමක් එක්සත් රාජදානියේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා රජයේ නමින් පැවැත්විය හැකි බව. මේ නිසා අපට ඇති වාසිය නම් paypal හෝ ලෝකයේ පවතින ඕනෑම ගෙවුම් මාද්යක සේවය ලබාගන්න.

එතකොට අදාළ ගෙවීම් සිදු කිරීමට විදිශිකයා පසුබට වෙන්නේ නෑ මොකද ඇමරිකාවේ පවතින ආයතනයක් නිසා, අනෙක් අතට PAYPAL මගින් මුදල් කෙලින්ම ඇමරිකානු බැංකුව මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකියි.

මේ ආකාරයට දියුණු උපායන් පාවිච්චි කර දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව විදේශ වෙළදාමේ යෙදුනොත් අපට දියුණු වීම ඉතා පහසුයි.        
           
මෙලෙස මාදන්නා අංශ සියගණනක් පෙන්වාදියහැකියි නමුත් මා නොදන්නා අංශ දහස්ගනනක් පැවතිය හැකියි, මේ ලිපිය දික්වන නිසා මම නතර කරනවා  මේ ගැන දැනුවත් උදවිය අදහස් දක්වුවනම් තමා වටින්නේ.  

Friday, February 26, 2016

අද ලෝකයේ නිදහස් වෙළද ගිවිසුම් කාවෙනුවෙන්ද ?




අපේ නවතම සාකච්චාව ETCA ගිවිසුම පිලිබදවයි, මිට කැමති අය ඉතා ප්‍රගතශීලි  ටෝයියන් වන අතර මෙයට අකමැති අය මෝඩ ප්‍රතිගාමී  බයියන් ලෙස වර්ගීකරණය කරනු ලබයි.
ලෝකයේ මෙවැනි ගිවිසුම් ඇති වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ඉතා දිරුණු රටක් ලෙස බොහෝදෙනා පිළිගන්නා ඇමරිකා එක්සත් ජනපදයත් මෙවැනි ගිවිසුම් වලට සහබාගි වෙනවා, මෙහිදී බොහෝදෙනා සිතන්නේ තම රටවැසියා ගේ දියුණුව මෙමගින් ඇතිවන බවයි.

දැන් බලමු ඇමරිකාවේ මෑතදී අත්සන් කල (Trans-Pacific Strategic Economic Partnership Agreement)

කවුරුන් විසින් කාවෙනුවෙන් සිදුකලාද කියල මෙම ගිවිසුමට කෙටියෙන්


 

මෙයින් සිදුවෙන්නේ ඇමරිකාව ලෝකයේ විසාල බහුජාතික සමාගම් වලට විකිණීමේ ක්‍රියාවලියයි මෙමගින් බහුජාතික සමාගම් වලට බලය ලැබෙනවා අදාළ ගිවිසුමට එළබි රටේ නිතිය වෙනස් කිරීමට, සහ තම භාණ්ඩයේ මිල ඉතා විශාල ලෙස වැඩි කිරීමට පමණක් නෙමෙයි අන්තර්ජාල නිදහස සිමා කිරීමටත් දැනටමත් නීති ගෙනවිත් අවසානයි

 

   
මෙම ගිවිසුම් ඉතා රහසිගතව අනුමත්කර්වාගැනීම ලෝකය පුරා දැන් වනවිට සිදුවෙමින් පවතිනවා, මොකද රටවැසියන් මෙවැනි ගිවිසුම් වලට අනුමැතිය ලබාදීමේදී රටට අවාසි ගිවිසුම් වලට යෑම වලක්වන නිසා.
ඇත්තටම අපේ  ශ්‍රී ලංකාව ගැන වූ ගිවිසුම අත්සන් කරන්නේ  දියුණු අනාගතයක් සදහා පියනැගීමට කරන දෙයක් නම් කලයුත්තේ මේ පිළිබද විවුර්ත සංවාදයකට එලබිමයි, ඊයේ හිරු නාලිකාවේ හර්ෂ ඇමතිතුමා පිළිගත්තා දැනට නිලදාරීන් මන්ත්‍රී වරුන්ට ලබාදී ඇති පිටපත නිවැරදි නොවන බව, මේ කියන්නේ කුමක්ද ? රජයට ඇයි බැරි එළිපිට සිදුකරන්න යන මාහා දියුණුව සදාහා පවතින සැලසුම හෙළි කරන්න.
මිට මුලින්ම කලයුතු සරල දෙය නම් අප ඉන්දිය්යාව ට අපනයනය කරන්නේ  මොනවාද ? ඉන්දියානුවන්ට ශ්‍රී  ලංකාවට ආනයන කිරීමට දෙන්නේ මොනවාද කියන සරල භාණ්ඩ සහ සේවා ගැන විස්තරයක් ජනතාවට ලබාදියයුතුයි.
මෙය කිරීමට සැලසෙන්නේ කේක් ගෙඩිය මත අයිසින් දැමීමෙන් අනතුරුවයි, උදාහරණ ඉන්දියාව ප්‍රදානයක් ලෙස ලබාදෙන ගිලන්රථ සේවය ලබාදෙන්නේ මිට උවමනා අල්ලසක් ලෙසයි.
අද මෙහෙම තත්වයක් තියන ලෝකයේ සිංගප්පුරුව වැනි රටවල් මෙවැනි ගිවිසුම් වලට එලබ්න්නේ       
{ India Govt decries CECA violation by Singapore” (Business Standard, Feb 17), which said “Those of you planning to make it big in Singapore might be in for a setback. Singapore recently made certain changes to its Employment Pass Framework law to reduce inflow of foreign workers significantly to create more job opportunities for local professionals. The move is expected to impact even those Indians working there at present across various sectors.

The step has irked India as the new law does not give India a preferential treatment incorporated in the Comprehensive Economic Partnership Agreement (CECA) between the two countries, operational since 2005. This stance by the Singapore Government is expected to affect Indians working as middle-level managers, executives and technicians.

}

ඉහත තොරතුරු අනුව සිංගප්පුරුව දැන් සිදුකරන්නේ තම රටට විදේශ වලින් පැමිණෙන වුර්තිකයන් සිමා කිරීමයි, මේ මගින් ඔවුන් තම රට වාසීන්ට වැඩි රැකියා අවස්ථා ලබාදීමට අරමුණු කරයි.
අප රටේ 30000 ක්‌ උපාධිදාරීන් රැකියා ඉල්ලමින් උද්ගෝෂණය කරන වාතාවරණයක අපි ඉන්දියානුවන්ට වෙළදාම විවුර්ත කිරීමට කතා කරමු.
   
දැන් මේ වෙළදාමෙන් සිදුවෙන ආර්ථික වෙනස් වීම් බලමු.
මෙම වෙළද ගිවිසුම්මේ මුලික අරමුණ ඉන්දියාවට ට කරන අපනයන වලින් ලැබෙන ආදායම ඉන්දියාවෙන් ආනයන කිරීමට යන වියදමට වඩා වැඩි  කිරීම නෙමෙයි, උදාහරණයක් ගමු
හිතන්න ශ්‍රී ලංකාවේ නිපදවනවා ප්ල්ස්සටික් බදුනක් මෙය රුපියල් 200 වෙනවා දැන් අපි මෙය ඉන්දියාවෙන් ආනයනය කරනවා රුපියල් 50 ට දැන් වෙන්නේ කුමක්ද ? බැලුබැල්මට ශ්‍රී ලංකික පාරිබෝගිකයාට රුපියල් 150 ක ලාබයක් වෙනව, මෙයට ඔහු සතුටුයි, නමුත් අර ගෙවපු රුපියල් 50 ඩොලර් වලට පරිවර්තනය වෙලා රටින් පිටවෙනවා. දැන් අපට ආනයන වියදම ඉහල යෑම සිදුවෙනවා අපේ ඩොලර් සංචිතය පිරිහෙනවා, දැන් රුපියල් 50ට   ප්ල්ස්සටික් බදුන මිලදී ගත්ත පුද්ගලයට සිදුවෙනවා වෙළදපොලෙන් තමාට උවමනා අනෙක් භාණ්ඩ මිලදී ගන්න, මේ භාණ්ඩ ආනයනය කරනවානම් සිදුවෙන්නේ කුමක්ද වැඩි වැඩියන් රටේ විදේශ විනිමය වැය වීමයි, දැන් විනිමය අනුපාතිකය පිරිහෙනවා රුපියල් 130 ට වූ ඩොලරයක් මිලදී ගැනීමට දැන් රුපියල් 145 ගෙවීමට සිදුවෙනවා මෙනිසා ආනයනය කරන සියලු භාණ්ඩ වල මිල කිපගුනයකින් වැඩි වෙනවා, දැන් ඔබට වැටහෙනවා ඇති නිසි අපනයන විදියකින් විදේශ විනිමය සෙවීමේ ක්‍රමයක් නැතිව ආනයනය මුලික කරගන වෙළදාමට යෑම කෙටිකාලින සහනයකුත් දිර්ගකාලින මහා විනාශයකුත් වන බව.
සරලව කිව්වොත් රුපියල් 200 භාණ්ඩය රුපියල් 50ට ගැනීම නිසා ඇත්ත වාසිය පාරිබෝගිකයාට ගැනීමට උවමනානම් අපට වෙනත් භාණ්ඩයක් අපනයනය කිරීමෙන් ආදායම උපදවන්න වෙනවා.
මේ සරල සත්‍ය නොදැන සිහින මවමින් ඉන්දියාවෙන් අඩුමිලට භාණ්ඩ ගැනීමේ සිහිනයේ සිටින අයත් මේ ගිවිසුම කිසිවිටකත් අත්සන් නොකලයුතුයි කියන අයත් සිතිය යුත්තේ අප කරන්න යන්නේ කුමක්ද කියන කාරණය පැහැද්ලිලිව දැනගැනීමට රජයට බල කල යුත්තේ මුලිකව අපනයන ලැයිස්තුවන් ආනයන ලැයිස්තුවන් ලබා ගැනීමයි, මෙය නොමැතිව මේ ගැන කරන ඕනෑම කතාවක් වංචාවක් සහ සකකටයුතු දෙයක් ලෙස බැලීමට පුරුදුවිම අප කාටත් හොදයි.