Saturday, March 19, 2016

නවීන විද්‍යාවේ නාමයෙන් වැනසෙන අපි








ඉහත විද්යාත්නයන් පෙන්වාදෙන්නේ නවීන ජාන තාක්ෂණයෙන්  කෘමින් විනාශ කරන විදියයි.
මෙහිදී කෘමීන්ට ඔරොත්තු දෙන බිජ නිපදවීම සදහා අදාළ බිජයේ ජාන වලට කෘමීන්ට විෂ දායක ජාන එක්කරනු ලැබේ මෙහිදී සිදුවන්නේ අදාළ බෝගය ආහාරයට ගන්නා කෘමින් මියයාමයි.
මෙහිදී මෙය මිනිසුන්ට කොතරම් අහිතකර දැයි විමසීමට කිසිම පර්යේෂණයක් නොකරන අතර විද්යාත්නයන් පවසන්නේ මිනිස් ජාන වලට කිසිම හානියක් නොකරන බවකි.
නමුත් මොවුන් නොකියන දෙයක් පවතී එනම් අප ශරීරයේ ආහාර ජීර්ණ පද්දතියේ බඩවැල අශ්‍රිතව ශරීරයේ ආහාර ජීර්ණයට උපකාර වන බ්ක්ටිරියා කොටිගනනක් සිටිනවා, මෙම ජාන වෙනස්කල බෝග පාවිච්චියෙන් සිදුවන්නේ මිනිස් ශරීරය තුල මේ හිතකර බ්ක්ටිරියා විනාශ වීමෙන් විවිද අසාත්මිකතා ඇතිවීමයි.
මිට අමතරව සිදුවන අතිබයානක තත්වයක් පවතී එනම් මෙම ජාන වෙනස් කල බෝග වලට් ප්‍රතිශක්තිකරණය වූ නව කෘමින් බිහිවීමයි, මෙම කෘමින් පාලනයට අදික විස සහිත පලිබොඩ නාශක උවමනා වෙයි.
අද බොහෝදෙනා නොදන්නා සතයක් පවතිනවා එනම් රසායනික ද්‍රව්‍ය නොමැතිව කරන කාබනික ගොවිතැන (කොම්පෝස්ට් පොහොර දැමීම විතරක් නෙමෙයි ) වෙත ලෝකයේ දිවුණු රටවල් වෙගයෙන් යොමුවීමයි.

ඇත්තටම මෙම නව ආහාර නිෂ්පාදනය මුලින් සදන් වුයේ Green Revolution යන නමින් යුරෝපයේ 1930 දශකයේ පටන්ගත් මෙය ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ ඇත්තේ 1970 දශකයේ අගබාගයේ දියි.
නමුත් ලොව ඉතා ආරක්ෂිතව පවත්වපු රහසක් තිබෙනවා, එනම් මේ ආහාර ඉතා විෂ සහිත බව ලොව සිටින පෝසත් බලවත් පුද්ගලයන් කිසිවිටක මෙවැනි ආහාර මෙය ආරම්බ කල කාලයේ වත් පාවිච්චියට නොගැනීම කැපී පෙනෙන සිද්ධියක්.

මෙනිසා වෙනමම සිදුකල පාරිසරික ගොවිතැනක් ලොව පැවතුන බව ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනා නොදන්නා දෙයක්.

මේගැන අපුරු මතකයක් මට තිබෙනවා එක කෘෂිකර්මයට අදාළ මහාචර්ය වරයෙක් (මට ඔහුගේ නම මතක නෑ ) කිව්වා ඔහු උපාදියෙන් පසු සාශ්‍රපති උපාදිය සදහා Cambridge University ගොස් තිබෙනවා මෙහිදී ඔහුගේ මුළු කාලය තුලදීම මේ පරිසර ගොවිතැන පිළිබද කිසිම ඉගනගනිමක්  කර නෑ, තම පාටමාලාව අවසානයේ ඔහු තමන්ගේ ආචර්ය උපාධිය (PhD) සදහා ඉගනුම කරන විට තෝරාගත් පිරිසකට මේ පාරිසරික ගොවිතැන ගැන උගන්වා තියනවා, ඔහුටත් වාසනාව ලැබිල මෙය ඉගන ගන්න. ඔහු සදහන් කරන්නේ ඉතා දියුණු විදි පාරිසරික ගොවිතැනට අනුගමනය කලත් මේ ක්‍රම ගැන තමුන් ආචර්ය උපාදිය සදහා ඉගන ගන්නා තෙක් කිසිම දැනුවත් කිරීමක් නොතිබූ බවයි.

දැන් ඔබට පැහැදිලි ඇති මෙම පාරිසරික ගොවිතැන පවතින්නේ ලෝකයේ කිසියම් පිරිසක් සහදහා බව.
දැන් මේ රසයන පොර යොදා කරන ගොවිතැනේ පලදායිතාව ඉතා වැඩි බවයි මුලින් සදහන් වුනේ නමුත් අපි මෙහි ඇති සත්‍ය තත්වය ගැන බැලීමේදී එසේ නොමැති බව තේරුම් ගත හැකියි.
මුලින්ම මේ අර්බුදය කුමක්දැයි බලමු.

ආරම්බයේ රසායන පොහොර දැමීම නිසා පලදායි තාවය ඉහල ගියත් කල්යාමේදී පලදායිතාව ලබාගැනීමට වැඩි වැඩියෙන් රසායන ද්‍රව්‍ය යෙදිය යුතුයි. මෙම රසායන ද්‍රව්‍ය සදහා යන වියදම රටේ මහජනතාව දරන නිසා (රජය ගොවියාට සහනාදාර දීම මගින් ) එනම් රුපියක් 9000 ක් වන පොහොර මිටිය රුපියල් 350 ට දීම මගින් ඉතාවිශාල හානියක් සිදුවෙනවා.

යම්විදියකින් මේ රුපියල් 9000 ගොවියන්ට කාබනික පොහොර සදහා  ලබාදුන්නා නම් මේ අර්බුදය ඇතිවෙන්නේ නෑ, මේ සමග තව ප්‍රශ්නයක් තියනවා රසායන පොහොර නොදමා වගාකිරීම මගින් රසායනික පොහොර යොදාගන්නා අස්වැන්නට සමාන ඉහල අස්වැන්නක් ලබාගැනීමට හොවියා විශාල ලෙස දේශීය බිජ වගාකිරීම ගැන දැනුවත් වියයුතුයි, අද වනවිට රජයේ වී පර්යේෂණ ආයතනය සහ එහි ඉහල නිලදාරීන් මේ රසායනික පොහොර විකුණන ආයතන වල නියෝජිතයන් වී අවසන්.

මෙය තේරුම් ගැනීමට සරලම දෙයනම් අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මිලදීගන්නා බිජ බොහොමයක් මොන්සේන්ටෝ සමාගමේ නිජෝජිත සමාගමක් මහින් මිලදී ගත් ජාන තක්ෂණය දියුණු කල බිජ වීම.
අපේ කෘෂිකර්ම අමාත්‍යංශයේ නෑ දේශීය බිජ, සරල යත්ර්තය මෙයයි.

නවරජය වසවිසෙන් තොර වගාව මම ඉතා අගය කරන ආතර මිට උවමනා පොහොර නිෂ්පාදනය සග ගොවින් දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවලක් මම නම් දකින්නේ නෑ.

අද නවීන තක්ෂණය ඈත ගම්වලට ගොස් ඇති කාලයක මේ පාරම්පරික බෝග වගාකරන ක්‍රම විදි ගැන DVD කීපයක් වත් මේ ගොවීන්ට ලබාදෙනවා නම් ඉතා වටිනා දෙයක්.

තවම රජයට YOUTUBE ඔස්සේ මේගැන කරන දැනුවත් කිරීමක වත් නැතිවීම කණගාටුවට කරුණක්.
අනෙක් අතට වසවිසෙන් තොර බෝග සදහා අද මා සිටින ප්‍රදේශයේ නම් ඇත්තේ විශාල ඉල්ලුමක්.
මේගැන විවිද පුද්ගලයන් ප්‍රසන්සනිය කර්යක් කර ඇතිබව කිව යුතුයි.



චාර්ල්ස් කුමරුගේ ගොවිතැන 




                                   

27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. // අද බොහෝදෙනා නොදන්නා සතයක් පවතිනවා එනම් රසායනික ද්‍රව්‍ය නොමැතිව කරන කාබනික ගොවිතැන (කොම්පෝස්ට් පොහොර දැමීම විතරක් නෙමෙයි ) වෙත ලෝකයේ දිවුණු රටවල් වෙගයෙන් යොමුවීමයි. //

    මොන පිස්සුද?
    නයින්ටීන් බර ගනන්වලටත් එහා ඔකට කීවේ චේනා කල්ටිවේශන් කියලා...

    ReplyDelete
    Replies
    1. සරසා තුමෝ,

      මේ රටේ ඉන්නේ මොනතරම් මිහාරක් රැලක්ද කියල තෙරුම්බන්න
      https://www.youtube.com/watch?v=xcHXZV74BL4

      ඕක බලන්න එංගලන්තේ චාර්ල්ස් කුමාරයා අවුරුදු 30කට කලිනුයි මේ වැඩේ පටන්ගෙන තියෙන්නේ

      Delete
  3. // අද වනවිට රජයේ වී පර්යේෂණ ආයතනය සහ එහි ඉහල නිලදාරීන් මේ රසායනික පොහොර විකුණන ආයතන වල නියෝජිතයන් වී අවසන්. //

    කුරුසිකර්ම පීටේ හිටපු පීටාදිපති බුද්දි මාරඹේ CIC ඇග්‍රි ඩිවිසොන් එකේ අජ්ජස්සක මන්ඩලේ සිටිමි...

    http://www.cic.lk/about_us/board_of_directors.php

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔවයි කතා මේවා කිසිම මාද්යක යන්නේ නෑ.
      ඇත්තටම මම නිකම් ගෙදර පටන්ගත්ත දේශීය බෝග කීපයක් වවන්න තවම කල් මදි ප්‍රතිපල ගැන කියන්න නමුත් මම කිසිම කෘමිනාශකයක් පාවිච්චි කලේ නෑ හැබයි මේ හැම දෙයකටම ත්ක්ෂණයක් තියනව. චාර්ල්ස් කුමාරය අවුරුදු 30තට කලින් මේක කරන්නේ අහවල් එක කහනවට නෙමෙයි, නමුත් අපේ මෝඩයෝ හිතං ඉන්නේ සුපර් මාර්කට් එකේ දිලිදී දිලිසි තියන කොට ඕනෑම ගානක් දීල මිලදී ගන්න

      Delete
    2. ලංකාවේ කුරුසිකර්මේ එක තැන පල් වන්නේ විස්සවිජ්ජාල වලින් බිහිකර ඇති කුරුසිකර්ම පීඨාධිපතිලා ගණන ප්‍රමාණවත් නොවන නිසා බව පැහැදිලිය.

      Delete
    3. ඇණයා,

      එක නෙමෙයි ඇත්ත කතාව ඔය උඩ සරසා තුමා කියල තියන තියෙන්නේ
      "Prof. Buddhi Marambe is currently the Director of the Agriculture Education Unit (AEU) of the Faculty of Agriculture"

      රජයේ පර්යේෂනායතනයේ සිටිමින් ඔහු කෙලින්ම තම ආයතනයේ තරගකරුවකු වන CIC ආයතනයට සේවය සැපයීමෙන් ම ඔබට ඇත්ත තත්වය තේරෙන්නේ නැද්ද ?

      පාරම්පරිකව අඩු මිලට බෝග වගාකළ හැකිනම් ඔහු එය ප්‍රවර්දනය කරයිද ? මොනවද මේ කතා.

      Delete
    4. ‍/රජයේ පර්යේෂනායතනයේ සිටිමින් ඔහු කෙලින්ම තම ආයතනයේ තරගකරුවකු වන CIC ආයතනයට සේවය සැපයීමෙන් ම ඔබට ඇත්ත තත්වය තේරෙන්නේ නැද්ද ? /
      මමත් ඉස්සර එහෙම හිතුවා, ඒ තමා අපේ ඇතුලේ ඉන්න ජේවීපී කාරයා සිතන හැටි. CIC ලංකාවේ කොම්පැණියක්, අපට ඒ වගේ කොම්පැණි ගොඩාක් ඕන. දියුණුවේ පෙරගමන් කරුවෝ වෙන්නේ කොම්පැණි, පලදායීතාව නංවන්නේ එයාල, අවුල තියෙන්නේ ගොයියෝ කියන කම්මැලි යැපෙන්නෝ කොටසේ ඡන්ද නිසා ආන්ඩු හදන පිස්සු ප්‍ර‍ිපත්ති නිසා හොඳ කොම්පැනි කෘෂි අංශයට එන්න මැලි වීමයි. විශ්වවිද්‍යාල සහ රජයේ ආයකන කෘෂි කොම්පැණි සමඟ සහයෝගයෙන් වැඩ කරන්න ඕන එතනොටයි රට දියුණු වෙන්නේ.

      Delete
    5. කුරුසි උපාදිදාරියෝ කොම්පැණි වල සේල්ස් රෙප් ලා වීම සහ කොම්පැනි වල ගමන හරි දිසාවට හරවා රටට සෙවයක් කිරීම අතර බොහෝ විසාල පරතරයක් ඇත.....

      ඔච්චර පොරක් යැයි නම් දරා සිටි එඩ්වින් ආරියදාසත් සක්විති ලොක්කාට සේල්ස් රෙප් ජොබ් එකක් කොර හිරේ නොගිහින් බේරුනේ අනූ නවයෙන් බව කරුනාවෙන් සලකන්න

      Delete
    6. මම පෞද්ගලිකව බුද්ධි මාරඹෙිට කැමති නෑ ඒ ඔහුගේ උඩඟු කතා විලාශයට, නමුත් ඔවුන් තමා ලංකාවේ ඇග්‍රි බිස්නස් වල පෙරගමන් කරුවෝ, හැසිරීම රොහාන් සමරජීවලා වගේමයි.

      Delete
    7. ඇණයා,

      මෙතන තර්කය සරලයිනේ, CIC ආයතනය දේශීය වේවා විදේශීය වේවා විකුනන්නේ රසායනික පොහොරනේ, මේ ආයතනයේ අද්යක්ෂක වරයෙක් වෙන Prof. Buddhi Marambe සොයාගන්නවා රසායනික පොහොර බාවිතයෙන් තොරව පලදාව ඉහල දමියහැකි දේශීය බෝගයක් තියනවා කියල, ඔබ හිතන්නේ ඔහු Agriculture Education Unit (AEU) of the Faculty of Agriculture හි අද්යක්ෂක වරයා ලෙස ඒම බෝගය ප්‍රවර්දනය කරරිද? එහෙම දේවල් කියක් මෙතක් වෙලා තියනවද ?

      ඉංග්‍රීසියෙන් හරි අපුරු එඅගන්තියක් තියනවා මේ ක්‍රියාවලිය තේරුම් ගැනීමට එකට කියන්නේ "conflict of interest" කියල

      ඔබ කියන //ගොයියෝ කියන කම්මැලි යැපෙන්නෝ//
      සම්පුර්ණ ඇත්ත නමුත් ඔබ නොකියන්නේ එහෙම උනේ කොහොමද කියන එකයි.

      මමත් මේ බෝගවවිම ගැන විනෝදයක් ලෙස වත්තේ කලකට ඉහතදී උත්සාහ ගත්ත නමුත් සියල්ල අස්ර්තය්කයි, නමුත් පසුගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වීම මගින් කරපු වගාවෙන් යම් සාර්ථකත්වයක් දකිනවා. මට අන්තර්ජාලය මහින් තොරතුරු සොයාගත හැකි උනා මට හොදටම විශ්වාසයි මේ ගොවියෝ ගොවියෝ උනාට මම දැනගත් දේ වත් නොදන්න බව.

      ඔවුන් මේ තත්වයට පත්කරලා තියෙන්නේ ඔය සමාගම් තමයි.

      Delete
    8. කොම්පැණියක් සහ රජයේ ආයතනයක් තරකරුවෝ වෙන්නේ, රජයේ ආයතනයත් කොම්පැණියක කාර්යය කරන්න ගියාමයි. ඒ වැඩේට මහජන බදු වැය කරන එක වැරදියි,

      බුද්ධි මාරබේ මහජන බදු මුදල් වැය කරල ලබාගත් දැණුම එක කොම්පැණියකට විතරක් ලබා දෙනව නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. නමුත් ලංකාවේ මහජන මුදලින් නඩත්තු වන ආයතන වලින් කොම්පැණි වලට ඉගෙන ගන්න මහලොකු ලබ්බක් නැති නිසා වෙන්නේ කොම්පැණියේ වැඩකර ලබාගත් කළමණාකරණ පලපුරුද්ද රජයේ ආයතනයට ප්‍රයෝජනවත් වීමයි

      Delete
    9. //අපේ ඇතුලේ ඉන්න ජේවීපී කාරයා සිතන හැටි.// ජේවීපී කියන්නේ අමුම කාලකන්නි හැත්තක් ඔවුන් උත්සාහ කරන්නේ ලාබ දේශපාලනයේ ප්‍රයෝජන ගන්නයි. ඔවුන් කියන්නේ නෑ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ඇතිකරන්න කියල රජයට, ඔවුන් කියන්නේ පොහොර මිටිය 350 ට දෙන්න කියල මොන තරම් කාලකන්නිද මුන්.

      බුද්ධි මාරඹෙි විතරක් නෙමෙයි මේ රටේ බලවත් තැන්වල ඕක තමයි ඇත්ත.

      මෙතන කිසි පෙරගමනක් නෑ රටේ මුළු ජනගහනයම ලෙඩ්ඩු වෙලා ඉවරයි. ඔබ බලන්න අවුරුදු 10ට අඩු ළමයි කිදිනෙකුට දියවදියව තියනවද කියල. මටනම් මගේ ලමාකලයේ දියවැඩියාව ඇති ළමයකු ගැන අස්සන්න ලැබුනේ එකම එක වතාවක් පමණයි.

      Delete
    10. /ඔබ කියන //ගොයියෝ කියන කම්මැලි යැපෙන්නෝ//
      සම්පුර්ණ ඇත්ත නමුත් ඔබ නොකියන්නේ එහෙම උනේ කොහොමද කියන එකයි. /

      ඒ චෝදනාව කොම්පැණි වලට දාන්න එපා. එහි මූලිකයා ජාතියේ පියා,DS. ගම්වල වේලි වෙලි හිටිය කම්මැලියන්ට රජයෙන් අස්සද්දපු ඉඩම් පුංචි පුංචි කෑලි වලට කඩල බෙදල දීලා, නිකම් කන්න බොන්න හුරු කරා, දැන් අපි ඒ මිනිසුන්ගේ පරම්පරාව නඩත්තු කරනවා. මගේ සීයා සහ පියාත් ඔය ගොඩට අයත්. වනාතවිල්ලුවේ, කමන්දළුවේ එහෙම වැඩි ආදායම් ලාබීන් කියා හඳුනා ගත් පිරිස් වලට අක්කර 50ක් කැලේ රජයට බද්දක් ගෙවා ලබා ගැනිමට හැකිවූ තැන්වල ඔය සහනාධාර මත යැපෙන්නෝ නෑ.

      Delete
    11. අපි හැමෝම අතුලාන්තයේ ඉන්නා ගොඩාක් සත්තු අතර එක ජේවීපි කාරයෙක් ද සිටී.

      Delete
    12. ඇණයා,
      DS. නොහිටින්න LTTE යුද්දේ පටන්ගන්නේ අනුරාධපුරේ හරියේ, කෙසේවෙතත් එක වෙනම කතාවක්.

      නොමිලේ කෘමිනාශක සහ පොර දීම පටන්ගත්තේ DS නෙමෙයි මට මතක විදියට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සහ මහින්දගේ ආණ්ඩුවේ. මේක මහා අපරාධයක් තමයි. අපරාධයක් වෙන්නේ මහජන මුදල් සහනදීම පමණක් නෙමෙයි පරිසරයට සිදුවූ හානියයි.

      දේශීය භෝග බෙහෙත් නොගහ වවන්න පුළුවන් මෙන්න උදාහරණ
      https://www.youtube.com/watch?v=msZ-_fCtcSc

      පලදාවත් කිසි අඩුවක් නෑ.

      රසායනික බෝග ලෝකයේ මිත්‍යාව කොච්ච්ර බලවත් ද කියනවනම් පසුව මම එක්කල චාර්ල්ස් කුමාරයා ස්වබාවික ගොවිතැන අප්ටන්ගත් විට මාද්‍ය මගින් කරන ලද කවටකමම හොද උදාහරණයක්.

      Delete
  4. // රජයේ පර්යේෂනායතනයේ සිටිමින් ඔහු කෙලින්ම තම ආයතනයේ තරගකරුවකු වන CIC ආයතනයට සේවය සැපයීමෙන් ම ඔබට ඇත්ත තත්වය තේරෙන්නේ නැද්ද ?

    පාරම්පරිකව අඩු මිලට බෝග වගාකළ හැකිනම් ඔහු එය ප්‍රවර්දනය කරයිද ? මොනවද මේ කතා. //


    රෙශ්පැක්ට්!

    ReplyDelete
  5. එවැනි පොහොර හෝ කෘමිනාශක නොගැසූ කැලැවෙන් සොයාගත් ගඩා ගෙඩි වැනි දෑ අලෙවි කරනා රාත්‍රී වෙලෙඳපොලක් ගැන ඉරිදා රිවිර පත්තරේ ලිපියක් පලවී ඇත...

    http://www.rivira.lk/epaper/sunday/2016/03/20/index.html#32

    ReplyDelete
    Replies
    1. මේක අපුරුයි

      Delete
    2. ලංකාවේ විසූ ආදිමානවකයා ආහාරයට ගෙන ඇත්තේ ගස් බෙල්ලෝ.

      Delete
    3. කරපිංචා පොල නේද? තඹුත්තේගමින් රෑට ලොරියක් පටවනවා, කඩන්නේ විල්පත්තුව සහ අවට කැලෑ වලින්, සෝදලා මිටි බඳින්නේ තඹුත්තේගම වැව කියන ඌරු වලෙන්, කොළඹ මාර්කට් වල සිල්ලරට විකුණන අය තමා ගැණුම් කරුවෝ.

      Delete
    4. මේක දැනගත්තේ අදයි බලන්න ඕනේ වෙලාවක ගිහිල්ල

      Delete
  6. මචෝ. මම දන්න තරමට ඇග්රි එකෙන් අවුට් වෙන එකෙක්වත් ඒ ෆීල්ඩ් එකේ රස්සාවක් කරන්නෙත් නෑ ඔව්ව දියුණු කරන්ට උදව් වෙන්නෙත් නෑ. එක්කො උපාදියක් තියෙන නිසා රජයේ බැංකුවක රස්සාවක් හොයාගන්නවා. එක්කෝ ඔය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අයිස් ගගහ ඉන්ට පුළුවන් ජොබක් හොයාගන්නවා. මොකද ඔය දෙකෙන්ම උන්ට විශ්‍රාම වැටුපත් ලැබෙනව. මේ ඔක්කොම වෙන්නෙ සිස්ටම් එක අප්සට් නිසා බන්.

    ReplyDelete
    Replies
    1. Tilan Athur,

      මම මුලින්ම හෙක්ටෙර් කොබ්බැකඩුව මද්යස්තානයට (HARTI) ගියේ 2003 වගේ තමයි මතක එතකොට මම මෙහේ IT සමාගමක රැකියාව කලේ, මම මේ ආයතනය ඇතුලට ගියාම දැක්කේ බුලත් කකා විවිකව ඉන්න සේව්වකයෝ.

      බොහෝදෙනා ගෙදර වගේ තෙමෙයි හිටියේ, මම එදා තේරුම් ගත්ත මෙහි තත්වය, හැබැයි //මම දන්න තරමට ඇග්රි එකෙන් අවුට් වෙන එකෙක්වත් ඒ ෆීල්ඩ් එකේ රස්සාවක් කරන්නෙත් නෑ ඔව්ව දියුණු කරන්ට උදව් වෙන්නෙත් නෑ. //

      එකට වෙනත් හෙටුහ්වක් තියනවා ඒ තමයි මෙහි ඉහල නිලදාරීන් සියලු දෙනාම පුද්ගලික අංශයෙන් මිලදීගන තිබීම

      රසායන ද්‍රව්‍ය වලින් තොර ගොවිතැන මගින් ලබාදෙන පලදාව රසායන ද්‍රව්‍ය බාවිතයෙන් ලබන පලදාවට වඩා වැඩියි හරියට කරනවානම්.

      නමුත් මෙයින් ලබන පලදාව දිගුකලක් තියාගන්න අපහසුයි, ඔබ පච්චපෙරුමාල් කිලෝවක් සහ සම්බා කිලෝවක් මාස කීපයක් පැත්තක තියල බලන්න පච්චපෙරුඅමාල් වලට ගුල්ලෝ ගහනවා.

      දේශීය කෘෂිකර්මය ඇත්තටම පලදායිතාවයෙන් වැඩියි නමුත් කරන විදිය දැනගන්න ඕනේ.
      https://www.youtube.com/watch?v=a4ytWDuKEWQ

      Delete
  7. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      මෙය ලෝකයේ බොහෝ රටවල් දැනුවත්
      https://www.youtube.com/watch?v=HnN6FFjZBZQ

      නමුත් අපි අදුරේ සිටිනවා

      Delete
  8. http://mallepol.blogspot.com/2016/03/etca.html

    ReplyDelete