Wednesday, January 27, 2016

නුතන ඉන්දියානු ආක්‍රමණය, හුබස් බියක් ලෙස දැකීමේ විපාක.





මුලින්ම  “හුබස් බිය” කියන සම්ප්‍රදායික කියන්නේ තේරුම් දැනගැනීම වටින්නේ අපට අතීතය අමතකවීමේ රෝගය ඇති නිසයි. හුබස් සාදනු ලබන්නේ වේයන් විසිනුයි කලක් යන විට මෙම ගුහා ආකාරයට සැකසී ඇති හුබස් වල නයින් පදිංචියට පැමිණෙයි.

කුඩා දරුවන් පුරුද්දක් ලෙස මේ අනාර්ක්ෂිත හුබස් වලට අත් දැමීම නිසා සර්ප දෂ්ටයෙන් මියගිය ගණන වැඩි නිසා, කුඩා කල පටන් මෙවැනි තැන් වලට අත් නොදමන ලෙසට වැඩිහිටියන් අවවාද කරනු ලබයි. මේ නිසා සෑම තුබසේම නයෙක් සිටි යන සාමාන්‍ය කරන නිගමනය නිසා නයි නැති හුබස් වලටද මිනිසුන් බියක් දක්වයි.


මේ බිය නිසා ඇත්තටම සිදුවන්නේ වාසියක් බව බොහෝ දෙනා නොදනිම කණගාටුවට කරුණයි, මොකද හිස් හුබහකට අත දැමීම නිසා ලැබෙන ලාබයක් නැතුවා සේම නයකු සිටිය නම් සිදුවන හානිය විශාල නිසයි.
දැන් අපි බලමු මේ හුබස් කතාව නුතන ලෝකයට ගලපල  මෙය තේරුම් ගැනීමට පහත වගුව බැලිය යුතුයි



මිට අනුව විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් ගණන මිලියන 37.2 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 20.3කි, එකියන්නේ  ශ්‍රී ලංකාවේ මුලු ජනගහනයට වඩා විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් වැඩියි.  ශ්‍රී ලංකාවේ විරැකියාව 0.35 මිලියන , දැන් අපි උත්සාහ කරන්නේ යම් තරමින් මිලියන 37.2 ක වෙළදපොලකට ශ්‍රී ලංකාව විවුර්ත කර ශ්‍රී ලංකාවේ රැකියා ඇති කිරීමටයි.

මෙය සාදාරණියකරන්නේ කෙසේද ? රජය කියන්නේ ඉන්දියාවේ විශාල වියාපර ශ්‍රී ලංකික පොලවේ ක්‍රියාත්මක කිරීමට අවසර දීම නිසා ශ්‍රී ලංකාවේ රැකියා ඇතිවන බවයි එනම් විශාල ආයතනයක් ඇතිකිරීමේදී රජයට කියන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් 20% වත් ආයතනයේ සේවය කල යුතු බව, මෙනිසා රැකියා ඇතිවන බව ඇත්තක් නමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ කුමාරතුංග මුනිදාස මහතා ලියපු හතර රියන් සහ දෙරියන් ගේ කතාවට සමාන දෙයක්, හතරරියන් (උස මිනිසා ) මෝඩ පහේ කෙනෙක්  හරියට අපේ රනිල් වගේ , දෙරියන් තරමක් කොටයි  (කපටි මිනිහ ) හරියට මෝදී වගේ  සමහර විට සිංහල මිනිස්සු හිතනවා ඇතිමේ මිනිහගේ නමත් නිකම් මෝඩි වගේ නිසා අපේ රනිල් ලොක්කට මෝඩ විදියට රැවටෙයි කියල.




මේ මිනිස්සු දෙන්න කිරි එළදෙනක් මිලදී ගෙන ලනුවකුත් මිලදී ගන්නවා. හවුලේ ගත්ත මේ දේපල බෙදන්නේ දෙරියන්, ඔහු කියනවා එළදෙනගේ බඩ ලගින් ලනුවෙන් දෙකට බෙදන දෙරියන්, හතරරියන්ට කියනවා ඔබට මම නම්බුකාර කොටස දෙනවා එනම් එළදෙනගේ මුකය කොටසයි, ඉතා ආඩම්බරයෙන් මෙය බාර ගන්න හතර රියන්ට සිද්දවෙනවා එළදෙනට කන්න දෙන්න, කිරි, ගොම සහ පැටව ලබාගන්නේ දෙරියන් විසිනුයි.

දැන් අපි නවීන ලෝකය රනිල් විකුම්සින්හයන්ගේ වික්‍රමයත් මේවගේ බව නුවනින් බලන කෙනාට වැටහිය යුතුයි.


හිතන්න ඇයි ඉන්දියාව ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්න මෙහෙ එන්නේ? ඔවුන්ට ඔවුන්ගේ රටේ මේ ප්‍රශ්නය විසදගන්න බැරිවී තියනවා. ඔවුන්ට මෙහෙ ආවහම ලැබෙන්නේ මොනවාද ? අපිම කියනවා අපිට උවමනා කරන පරිගණක වුර්තිකයන් නැතිබව දැන් එහෙනම් ඔවුන් මෙහෙ ආව කියල අපිට වුර්තිය්කයන් ඇතිවෙන්නේ කොහොමද? මේ නිසාම සිදුවෙන්නේ ඔවුන්ගේ රැකියා ප්‍රශ්නයට ශ්‍රී ලංකාව තුලින් පිලියම් දීමයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතාම දියුණු අන්තර්ජාල සේවයක් පවතිනවා ප්‍රශ්නයට ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇති නොදැනුවත් කමයි ඔබ පරිගණක දැනුම ඇතිකර ගැනීම කිව්වහම මොනවද අපට ඉගනගැනීමට ඇත්තේ MS Office මෘදුකාංගය තමයි බහුලවම පුරුදු කරන්නේ මිට අමතරව Adobe Photoshop වැනි මෘදුකාංග වලට අමතරව දහස් ගණනක් තියනවා බොහෝදෙනා අහලවත් නැති   උදාහරණ මේ බලන්න http://www.lynda.com/3D-Animation-training-tutorials/1-0.html?bnr=NMHP_blocks
ත්‍රිමාන සජීවිකරණ වැඩසටහන් ගත්තම කොතරම් අන්ශ තියනවද ?

මේ විෂයන් අපට ඉගනගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? මුලිකම දෙය ලෝක භාෂාව වන ඉංග්‍රීසි නොදැනීමයි, දැන් ඉන්දියානුවන් මෙහෙ ආවහම ඉංග්‍රීසි දැනුම ඇති වෙනවානම් අඩුගානේ ඔවුනේ ගේ ආයතනයක වැඩ කිරීමට වත් අපට හැකිවෙයි. නමුත් බොහෝදෙනා නොදන්නා මේ මමත් දැනගත්තේ බ්ලොග් අඩවියේ සිටින සමරසේකර මහතට පින්සිදුවෙන්න, ඒ තමයි ඉන්දියානුවන් පස්වෙනි පන්තියෙන් ඉහලට ඉගැනීම කරන්නේ ඉංග්‍රීසියෙන් බව.

 
ශ්‍රී ලංකාව විදේශ වෙළදපොල තමන් යටතට ගන්නවා කියල ඉන්දිය්නුවන් මෙහෙ ගෙන්නනවා කියන්නේ ශ්‍රී ලංකික යටිතල පහසුකම් යොදා ඉන්දියානුවන් ට රැකියා ඇති කිරීමට උපකාර කිරීමත් අවසානය ශ්‍රී ලංකාවට විශාල ආදායමක් මේ අංශයෙන් ලැබුන බව පෙන්වුනත් අවසානයේ ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ඉන්දියානුවන් ගෙනයාමයි සිදුවන්නේ.

මෙහි ඇති අපුරු දෙයක් තියනවා, එනම් දැනට ඉන්දියාවේ PAYPAL මගින් ඉන්දීය වාණිජ බැංකුවලට මුදල් ගැනීමේ  පහසුකම තිබෙනවා.

බැරිවෙලාවත් මෙය ක්‍රියාත්මක කලොත් සිදුවන්නේ ඔවුන්ට කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නැතිව කෙලින්ම තම රටේ බැංකුවට යැවීමට හැකි වීමයි.

එනම් ශ්‍රී ලංකාවට සත පහක බදු මුදලක් නොලැබී යාමයි. දැන් මෙය සිදුවන්නේ කෙසේදැයි බලමු.

උදාහරණ

ඉන්දියාවේ තියනවා   Modi outsourcing පුද්ගලික සමාගම මෙය කරන්නේ මෘදුකාංග අලවියයි. ඔවුන් මෙම  මෘදුකාංග විකුනන්නේ අමරිකාවටයි, එනම  Modi outsourcing හි වෙබ් අඩවියේ තියනවා
 විකුණන මෘදු කාංග ගැන විස්තර අමරිකානුවෙකුට පුළුවන් කෙලින්ම මේ වෙබ් අඩවිය තුලින්  දැනගෙන   මිලදී ගන්න, ගෙවීම PAYPAL මගින් කෙලින්ම ඉන්දියානු  බැංකුවට  ප්‍රේෂණය කරන අතර ඉන්දියානුවන් සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ සිටයි. මෙහිදී කිසිම විදේශ මුදලක් ශ්‍රී ලංකාවේ දේශ සීමාවට නොඑන අතර ශ්‍රී ලංකාවේ
ඔවුන් පවත්වන ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගැනීම මගින් බදු ගෙවීමෙන් වැළකිය හැකියි.




දැන් සිදුවන දේ මෙයයි ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් යොදා ඉන්දියාව ඇමරිකාව සමග වෙළදාම කරන අතර ඩොලරයක් වත් ශ්‍රී ලංකාවේ බැංකුවලට නොයන ආතර කෙලින්ම ඉන්දියානු බන්කුවවලට ගෙවනු ලබයි.
ඉතාමත් දියුණු ත්ක්ෂණයක්, විශාල අවබෝදයක් ඇති දෙසපලන්යයන් සිටින ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නේ ඩිජිටල් කියන වචනයේ තේරුම නොදන්නා ඇමති වරයකු සමගයි.
   ශ්‍රී ලංකාව තුල ඉන්දියාව පැමිණීමෙන් රැකියා ඇතිවෙන බව කීම මිරිගුවක් වන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට පැමිණෙන්නේ ඉතාම දක්ෂ පුද්ගලයන් නොවෙයි, මෙහෙ එන බොහෝ අය අපෙ අයට වඩා දුර්වල නමුත් අපේ අයට වඩා අඩු පඩියට වැඩකිරීමට කැමති අයයි.
අනෙක් වැදගත්ම අංශය වරාය සහ නාවික කටයුතුයි මේ අංශ දෙකම අත්පත් කරගත් විට මේ කලාපයේ බලවතා වීමට පුලුවන් වීම ඉන්දියාවේ සිහිනයයි.

දැන් අපි බලමු මෙය සිදුකිරීමට රනිල් මයිත්‍රී දෙදෙනා මොකද කැමති කියල ?

මගේ දැනුම අනුව අද ශ්‍රී ලාකාව පත්වී ඇති තත්වය ඉන්දියාව ඉතා හොදින් ප්‍රයෝජනය ගනිමින් සිටි, මොකද ඩොලර් බිලියනයක මුල්‍ය ප්රේෂණයක් ඉන්දියාව කර ඇත්තේ (currency swap agreement  ) ඔනෑම වෙලාවක මේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගැනීමට හැකි ලෙසයි, මිට අමතරව මේ සෙල්ලම ජෝර්ජ් සෝරස් සහ බෙලජියම් ආයෝජයයා ගේ ඩොලර් බිලියනයත් ප්‍රේෂණය වීම මගින් පෙන්වන්නේ කෙලින්න යන සුදුවේ තරමයි.
තව සරලව කිව්වොත් අද රටපාලනය කරන්නේ රටේ පුරවැසියන් ගේ උවමනාවට නොව මිනිසුන් කීපදෙනෙකුගේ උවමනාවටයි. 
අද ලොකුවට කියනවා සිපා ගිවිසුම අත්හල බව සහ කිසිවිටක මිට සමාන ගිවිසුමක් නොගෙනෙන බව නමුත් කෝ මේ අලුත් ගිවිසුම ඇයි මේ රජයට බැරි මේ ගිවිසුම ජනතාවට විවුර්තව ලබාදෙන්න, අපට
මතකයි   2002 දී විකුම්සිහයන් කොටින් සමග ගිවිසුම් ගැසුවේ රටේ නායිකාවට සහ කැබිනේට්ටුවට පමණක් නෙමෙයි රටේ හමුදා පති පවා නොදනුවත්වයි.
 

ශ්‍රී ලංකාවට දියුණු වීමට උවමනාම්නම් කලයුත්තේ PAYPAL මගින් මුදල් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව රටතුල ඇතිකිරීමත් ONLINE TRACKING පහසුකම ඇති තැපැල් සේවයක් ඇති කිරීමයි මෙහිදී   ONLINE TRACKING ගැන සරලව කිව්වොත් ඔබ තැපැල් කන්තෝරුවට අදාළ භාණ්ඩය ලබාදුන් අවස්ථාවේ සිට ලබියයුත්තට ලැබෙන තෙක් සියලුම දේ වාර්තා ගතවීමත් ඕනෑම විටක අදාළ අංකය ඇතුලත් කලවිට ඔබේ භාණ්ඩ තිබෙන්නේ මොනරටේ කොතනද අවශ්‍ය පුද්ගලයාට ලැබුනද යන්න බලාගැනීමට හැකි වීමයි.

මේ අංග 2 කළහැකි නම් මට බය නැතුව කිවහැක්කේ මෙය ක්‍රියාත්මක කරන මුල් වසරේ ඩොලර් බිලියන 4 ට ආසන්න මුදලක් විදේශ විනිමය ලෙස ලබාගත හැකිවීමයි. මේ දෙක මුලින් ක්‍රියාත්මක කර වසරකට පසු මෙවැනි මුදලක් උපයන්න බැරිනම් ඕන ඉන්දියානුවෙකුට රටට ගෙන්වා ගත්තට කමක් නෑ මොකද මෙහෙම දෙයක් වත් මෙරටට කරන්න බැරිනම් කල යුත්තේ පුළුවන් රටකට මේ රට විකිණීමයි.        
 


                     

25 comments:

  1. පිස්සු කතා කියන්න එපා...

    එක්ටා ගිවිසුම විවේචනය කොරන්න රනිල් තුමාට වැඩි බුජ්ජියක් ඔහේට තියෙනවැයි?

    අනික අර සරත් විජේසූරිය කියන පිනාචාරියත් කීවේ ඔය ගිවිසුම ගැන නරක කතා කියන්නේ බේසමේ කිඹුල්ලු දකින ඈයෝ කියලා....

    ReplyDelete
  2. Sa rasa තුමෝ,
    තවම ගිවිසුම විවේචනය කරන්නේ කොහොමෙයි ? තවම එක ආණ්ඩුව ප්‍රසිද්ධ කරලත් නෑ නේ.
    මේක ගිවිසුම විවේචනයක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ තොරතුරුතාක්ෂනය ගැන මෙලෝ මලදානයක් දන්නැති මිනිස්සු කොටසක් කෙලින පිස්සුවක් නිසයි විරුද්ධ.
    එහෙමෙ නැතුව ඉන්දියාවේ තක්ෂණික විද්‍යාල ශ්‍රී ලංකාවේ පටන්ගන්නවනම්, ඉන්දියාවේ මහාචාර්යවරු ශ්‍රී ලංකාවේ ඉගැන්වීම සදහා ශ්‍රී ලංකාවට එනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ.
    මේ ගැන බැලීමේදී අපුරු අඩවියක් හමුවුනා http://sanjiva.weerawarana.org/2016/01/understanding-sri-lankan-it-industry.html
    මෙයින් පෙන්වාදෙනවා IT වල බොහෝ අංශ පිලිබදව මේවයේ වාසි පාඩු තිබෙනවා.
    නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතා දැනුවත් උදවිය ඉහලම තීරණ ගන්න පිරිස අතර නොසිටි නම් සිදුවන විනාශය හිතාගන්න බැරි තරම් විශාලයි.
    ප්‍රශ්නය මේ ඉහලම දැනුම ඇති මිනිසුන් කිසිවිටකත් ඉන්දියාවෙන් මෙහෙට එන්නේ නෑ, එන්නේ අපේ මට්ටමට හෝ අපටවඩා අඩු මට්ටමේ අවබෝදයක් ඇති පිරිසයි, මෙය තමයි ප්‍රායෝගික තත්වය.
    ශ්‍රී ලංකාවේ මාසිටින ප්‍රදේශයේ දැන් Smartline (FTTx) - Packages
    ලබාදෙනවා ශ්‍රී ලංකාව මේ සදහා මුලික ආයෝජනය කලේ දැනට දශකයට පෙරයි. අපේ යටිතල පහසුකම් අකණ්ඩව ඉහලයමින් තිබෙනවා, ඉන්දියාව මෙයින් ප්‍රොයෝජන ගනු ඇති, නමුත් මෝඩ මිනිසුන් පිරිසකට ඉන්දියාවෙන් ගතයුතු ප්‍රයෝජනය ගැන අවබෝදයක් නෑ. සරල කතාව PAYPAL

    ReplyDelete
    Replies
    1. // නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතා දැනුවත් උදවිය ඉහලම තීරණ ගන්න පිරිස අතර නොසිටි නම් සිදුවන විනාශය හිතාගන්න බැරි තරම් විශාලයි. //

      ඔහේ ගේ කතාව ස ර ස තුමා ට පිලිගන්නට බැරිය. ඔහේ ඔය නොනවත්වා කියන මෝඩ කතාව රනිල් තුමා ගේ නිර්මානාත්මක ගිවිසුම් ගැසීම ගැන වූ ඊරිසියාවෙන් බව පෙනේ....

      අපේ රනිල් තුමා ගේ තීක්ශන මොලයෙන් නිර්මානය කරපු ඉක්ටා ගිවිසුමේ හැම අකුරක් පාසාම වෑහෙන්නේ සිරි ලන්කාවට වාසිදායක කිරි සහ පැනි ය.

      රනිල් තුමා වැනි ඇඟ පුරා ම මොලේ ඇති පින්වන්ත, සමලින්ගික, උගත්, ඤානවන්ත දේසපාලු උත්තමෙයෙක් අබ මල් රේනුවක් තරම් වත් කරදරයක් සිරි ලන්කාවට සිදු වේ නම් ඔය වැනි ගිවිසුමක් අස්සන් කරයිද...

      නැද්ද හා?

      Delete
    2. //අබ මල් රේනුවක් තරම් වත් කරදරයක් සිරි ලන්කාවට සිදු වේ නම් ඔය වැනි ගිවිසුමක් අස්සන් කරයිද.//
      ඉස්සල්ල හිටපු රජ්ජුරුවොත් ඔහොමලු හිතුවේ, අද උන්නැහැ ගත්ත ණය ගෙවන්න තමයි රනිල් ලොක්කට ලංකාව උගස් තියන්න වෙලා තියෙන්නේ.

      Delete
    3. // ඉස්සල්ල හිටපු රජ්ජුරුවොත් ඔහොමලු හිතුවේ, අද උන්නැහැ ගත්ත ණය ගෙවන්න තමයි රනිල් ලොක්කට ලංකාව උගස් තියන්න වෙලා තියෙන්නේ //

      ගනන් ගන්න එපා ලොක්කා...

      පාවෙන රුපියලේ ශීග්‍රගාමී අවපාතය වලක්වා ගන්න ඩොලර් බිලියනයක් ආයෝජනේ කල රහස් ආයෝජකයාත් එම කලින් හිටි මෑන්ස් ම තමා

      Delete
    4. සරසා තුමෝ,
      මතකද රුපියල එක දවසක දී රුපියල් 113 සිට 135 ට ගියා මහින්දගේ කාලේ ?
      දැන් වෙන්නේ එකේ දෙවැනි කොටස.
      හුග දෙනෙක් කියනවා හාල් කිලෝව රුපියල් 95 කියල නමුත් ගොඩක් දෙනෙකුට අමතකයි හාල් රුපියල් 90 ට ගියේ මහින්දගේ කාලයේ බව.
      මටනම් කියන්න තියන්නේ මිනිස්සු මිට වඩා රටට ආදායම ඇති වන දේ ගැන පීඩනය දැමිය යුතුයි නැත්නම් දිගින් දිගටම ආර්ථිකය පිරිහීම සිදු වේවි.

      Delete
    5. මතකද රුපියල එක දවසක දී රුපියල් 113 සිට 135 ට ගියා මහින්දගේ කාලේ ?

      Could you pl give me a link?

      Delete
    6. සමාවන්න දවසකින් නෙමෙයි මාස 2 කින් 114 සිට 127 දක්වා වැඩිවී ඇත.

      Delete
    7. Feb 7, 2012 = 114
      Feb 29, 2012 = 121
      Mar 31, 2012 = 127
      April 04/28/2012 = 130.062
      Jun 30, 2012 = 133.86

      Delete
    8. // මතකද රුපියල එක දවසක දී රුපියල් 113 සිට 135 ට ගියා මහින්දගේ කාලේ ? //

      // සමාවන්න දවසකින් නෙමෙයි මාස 2 කින් 114 සිට 127 දක්වා වැඩිවී ඇත.//

      අහු නොවෙන්න හොරකම් කල අපේ ලොක්කාට මඩ ගසන්නට ගොස් මඩ තලියක් ම නා ගත්තා නේද ලොක්කා?

      Delete
    9. Sa rasa ලොක්ක,

      ඔබට පෙන්නේ නැද්ද රුපියල් 13 කින් එකවර මාස 2දි රුපියල බාල්දුවී ඇති බව. මට හොදට මතකයි කබ්රාල් ගොය්ය කිව්වා මෙය ඉතා තාවකාලික දෙයක් බව නමුත් ඉන්පසු 137 සිමවටත් මහින්දගේ කාලයේම ගියා.
      මේ ලදී නාලක ගොඩහේවා ප්‍රසිද්ධියේ පිළිගත්තා මේ අනුපාතය කෘතිමව පවත්වන්න විදේශ සංචිත යොදාගත් බව.
      ඔච්චර විශාල සන්වර්දනයක් කලානම් ඇයි මේ රුපියල පිරිහෙන්නේ ? ඇයි අපනයන වැඩි නොවන්නේ ? මොකද මේ දැවැන්ත සංවර්දනය නිසා යටිතල පහසුකම් දිවුණු නිසා අලුතින් වියාපර බිහිවී අපනයන වැඩිවෙන්න ඕනනේ, පුද්ගලික අංශය පැත්තක තියන්න රජය ලක්ෂ 6 සිට 14ක් කරපු එකේ රජයට පුළුවන්නේ මේ ශ්‍රමය යෝදාගෙන විශාල ලෙස අපනයන දියුණු කරන්න.

      මහින්ද කලේ විශාල හොරකම් සහ දුෂණ, නමුත් කිසිවිටකත් ඔහු නිතිය ඉදිරියේ දඩුවම් ලබන්නේ නෑ මොකද අපු කට්ටිය දන්නවා එහෙම කලොත් ඔවුන්ට ත් හොරකම් කරන්න බැරිබව.
      මේකේ විවිද කොමිසම් දමන්නේ මහින්දව පාලනය කරන්න, දැන් බලන්නකෝ මහින්ද නිකන් බබා වගේනේ, මෙලහකට ඔහු පිරිසිදු නම් විපක්ෂයට ගොස් විශාල උද්ගොශ්න කරනවා (මතකනේ පාද යාත්‍රා ) කෝ ඒවා, මොකද ඔහු දන්නවා වැඩිය නැටුවොත් ඔහුට කුඩුවේ ලගින්න වෙන බව.

      Delete
    10. කෙලපු පිස්සු කෙටියෙන්,
      https://www.youtube.com/watch?v=nd_kGS2Qj2Q
      https://www.youtube.com/watch?v=S3Nsva9MwD8

      Delete
    11. // මොකද ඔහු දන්නවා වැඩිය නැටුවොත් ඔහුට කුඩුවේ ලගින්න වෙන බව.//

      ඔහේ කියන මහින්ද ලොක්කා කොලැයි කියන අතිවිසාල දූසන වන්චා තිබියදී මේ ආන්ඩුව මහින්ද ලොක්කාව "ඇතුලට" නොදමා බලා ඉන්නේ ඇයි?

      අපි අභියෝග කරනවා... ඇතුලට දමන්න.... නඩු අහන්න දඬුවම් දෙන්න...

      එහෙම නොකොලොත් ඔහේ කියන විදියට මහින්ද ලොක්කා හොරකම් දූසනේ කොරලා නැහැ...

      හැබැයි ඔහේ කියනා විදියට ඔයතරම් හොරකම් කරලත් ඇතුලට නොදමා බලා ඉන්නේ මහින්දටත් වඩා හොරු බව පිලිගන්නවාද???

      Delete
    12. Sa rasa ලොක්ක,
      // එහෙම නොකොලොත් ඔහේ කියන විදියට මහින්ද ලොක්කා හොරකම් දූසනේ කොරලා නැහැ...//
      එහෙමද මතකද කිව්වා රනිල් බටලන්දේ මිනි මරපු බව කියල මැතිවරණ සමයේ මහින්ද ලොක්ක චෝදනා කළා ඔහු කවදාවත් ඇතුලට ගියාද ? එකෙන් ඔහේ කියන්නේ රනිල් කිසිම මිනීමැරුමක් කරලා නෑ කියලද ?
      ඔහෙට මතකද 1994 දුෂණ බිෂන මිලියන බිලියන කියල අම්මන්ඩියෙක් බලයට ආව කවුරුත් ඇතුලට ගියාද? එකෙන් කියන්නේ 17 අවුරුද්දක් කිසිම දුෂණයක් සිද්ද නොවුන කියලද ?
      ඊට පස්සේ මතකද පචමල්ල එලවමු කියල කට්ටියක් 2002 දී ආණ්ඩුව ගත්ත කවුරුත් ඇතුලට ගියාද ? එකෙන් කියන්නේ සියලු අය නිර්දෝෂී කියලද ?
      රනිල්ව පක්ෂයෙන් එලවන්න හදනකොට ඔහුව ආරක්ෂා කලේ කව්ද? ඒ ඇයි ?

      // හැබැයි ඔහේ කියනා විදියට ඔයතරම් හොරකම් කරලත් ඇතුලට නොදමා බලා ඉන්නේ මහින්දටත් වඩා හොරු බව පිලිගන්නවාද??? //
      ලොක්ක තේරුම්ගන්න පාර්ලිමේන්තුව කියන්නේ club එකක් එතන ඔය පක්ෂ සියල්ලම ඉන්නවා නැත්තේ ජනතාව වන පි විතරයි.
      මහින්දට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොකරන්නේ ඔහු නිර්දෝෂී නිසා නෙමෙයි අද ඉන්න අය ටත් මේ වගේම දුෂණ කිරීමට උවමනා නිසා.

      ජනවාරි 8 සිදුවුණ වෙනස තමයි වේගයෙන් රට දුෂණය කල අයගෙන් අරගන අලුත් දුෂණයට කැමති පිරිසකට ලබාදීම, මෙතන වැදගත් දේ තමයි මේ ගනුදෙනු වේ කරපු කේවල් කිරීම නිසා රටේ මිනිසුන්ට යම් බලයක් ලැබීම, මා අදත් කියන්නේ මෙය සිදුවිය යුතුව තිබුන දෙයක්, එකම දෙය මිනිසුන් දක්ෂ නෑ මෙයින් ප්‍රයෝජන ගන්න.

      Delete
    13. //එහෙමද මතකද කිව්වා රනිල් බටලන්දේ මිනි මරපු බව කියල මැතිවරණ සමයේ මහින්ද ලොක්ක චෝදනා කළා ඔහු කවදාවත් ඇතුලට ගියාද ? එකෙන් ඔහේ කියන්නේ රනිල් කිසිම මිනීමැරුමක් කරලා නෑ කියලද ? //

      නැතුව! අපේ රනිල් තුමා වෙජිටරියන්..... අන්තිම අහින්සක ධ්‍යානවඩන තපසෙක් වගේ.... ගෑනියෙක් දිහාව ඇහැක් අරල බලන්නෙ නැහැ....

      ඒ වගේ උත්තමයෙක් මිනී මැරුවා කියලා චෝදනා කරන එකම ඇති අපාගත වෙන්න...

      දැන් සාදු කියන්න පින්වතුනි!

      Delete
  3. ඉන්දියාවේ උන්ට ඕන් තරම් මැද පෙරදිග යන්න පුළුවන්. උගත් ඉන්දියානුවන්ට ළෝකේ ඕන රටකට යන්න පුළුවන්. උන් ඔක්කොම මෙහේ එන්නේ නෑ.. අනික ආවත් මොකද..? එතකොට තමයි තරඟයක් තියෙන්නේ... මෙහේ උන් හැම දේටම බයයි.. නොම්මර එකේ ෆෝබියා කාරයෝ... මම හිතන්නේ ඔහේ පිටරටක රැකියාවක් කරලා නෑ.. එහෙම කරලා තියෙනවා නම් මෙහෙම බය වෙන්නෙත් නෑ...

    මේකෙන් පෙන්වන්නේ හීනමානය. වෙන කිසිවක්ම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මාතා,
      මම කියන්නේ මේකෙන් කිසිම වාසියක් ඇතිවෙන්නේ නෑ කියල නෙමෙයි මාත,
      මේකෙන් හරි මිනිසුන් ගෙන්වාගන්න පුවන් උනොත් වාසිත් තියනවා,
      http://sanjiva.weerawarana.org/2016/01/understanding-sri-lankan-it-industry.html
      මෙන්න බලන්න IT ගැන ඉතාම හොද විස්තරයක් මේකේ තියනවා.
      මම පෙන්වන්නේ ශ්‍රී ලංකා රජයට හරි නියාමන විදියක් නැත්නම් අපට ලැබෙන්නේ වාසි වලට වඩා අවාසියි.
      IT දියුණු කිරීමට රජයට ඕනේ නම් කරන්න පුළුවන් අන්තිම සරල දේ PAYPAL මගින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට මුදල් ලබාගැනීමට පහසුකම් සැලසීමයි, මගේ ප්‍රශ්නය ඇයි මේ සරල වැඩේ නොකර ඉතා සංකීර්ණ වැඩකට අතගහන්නේ?
      මම නම් දැනටත් ශ්‍රී ලංකාවේ වෙළදපොලට සපයන්නේ මගේ සේවයෙන් 5% වගේ ප්‍රමාණයක් 95% විදේශ වලට තමයි සේවය සපයන්නේ, ඉන්දියානුවන් මෙහෙ ආවත් එකයි නැතත් එකයි මට, උන් ආවත් නාවත් මට ඉන්දියානුවන්ගෙන් ඇතිවන තරගයේ වෙනසක් නෑ, මොකද සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය තුලින් නිසා.
      මම කියන සරල දේ මචෝ රනිල් ගැන මොන පුරසාරම් කිව්වත් ඔහු නවීන තොරතුරු තක්ෂණය ගැන කිසිම දැනුමක් නෑ . ඔහුට එහෙමෙ දැනුමක් තිබුනානම් ඩිජිටල් කියන වචනය දන්නැති මිනිහෙක් ඇමති වෙන්නේවත් නැතුව විතරක් නෙමෙයි ඉස්සල්ලම් කරන දෙය බවට PAYPAL පත්වෙනවා.

      Delete
    2. ඒ රනිල් ක්‍ර‍මය, රනිල්ගේ ඉස්සෙල්ලා ආන්ඩුවේ ජොනියට ස්පෝර්ට්ස් දුන්නා. මෑන්ස්ට ජේ ආර් ගෙන් අ‍‍ධ්‍යාපනේ / තරුණ කටයුතු ලැබීම මතක් වෙනවා ඇති. තරුණයන්ට ක්‍රියේටිව් තැන් දෙන්න ඕන, වැඩ නොදුන්නොත් ඇන වෙනවා, එයාල උපදේශකයන්ට සවන් දෙනවා, යටවෙන්නෑ. වයසක උදවිය එක්කෝ උපදේශකයන්ට සවන් දෙන්නේ නෑ, නැතිනම් යටවෙනව.

      Delete
    3. ඇණයා Nut Man,
      රනිල් ප්‍රමුකතාවය දෙන්න ඕනේ දේට ප්‍රමුකතාවය දෙන්නේ නෑ.
      මුලින්ම කරන ඕනේ PAYPAL සහ ONLINE TRACKING ඇති තැපැල් සේවයක් ඇති කිරීමයි ඉතිරි ටික පුද්ගලික අංශය සහ පොඩි පොඩි ශ්‍රී ලංකික වියාපරිකයන් කරනු ඇති.
      මේ පහසුකම දීල මාස 6 ක් බලන්න වෙනස තේරෙයි.
      මෙය බොහෝ දෙනාට තේරෙන්නේ නැත්තේ ලෝක තත්වය ගැන ඇති නොදැනුවත් බව නිසයි
      ඔබට මෙය තේරුම් ගැනීමට http://qz.com/547701/alibabas-singles-day-shopping-total-was-bigger-than-facebooks-revenue-last-year/
      චිනේ අලිබබා ආයතනයේ දවසක විකුණුම් අදායම ඩොලර් බිලියන 14.3 මේ අවුරුද්දක නෙමෙයි දවසක.
      ඔහු කලේ මොනවද කියල හොයන්න ඔබට බාරයි.
      මේ නිසා මම කියන්නේ paypal සහ ONLINE TRACKING ඇති තැපැල් සේවයක් ඇත්නම් පහසුවෙන් පළමු වසරේ ආදායම අපට ඩොලර් බිලියන 4ට වැඩි කරන්න පුළුවන්.
      අවාසනාව කියන්නේ මා දන්නා බොහෝ උගතුන් paypal ගැන දන්නේ නෑ මගේ විදේශීය ගනුදෙනු කරුවන් පුදුම වෙනවා මේ වැඩ ගැන.
      ඒ අතර මුන් වදිබන කියන්නේ.

      Delete
    4. පිස්සිද, ඕක ලැබුනාම අනික නෑ කියල අඩන එක තමා අපේ ජාතික චිංචනේ.

      Delete
    5. ඉස්සල්ල මේක දීල බලමු, රටක් ලෙස රජය තොරතුරු තාක්ෂණයට දීපු දෙයක් නෑ නේද ?
      SLT එක දියුණු උනේ පුද්ගලික අංශයෙන්

      Delete
  4. ඉන්දියානු-ලංකා ආර්ථික ගිවිසුමෙන් ලංකාවට හෝ ඉන්දියාවට අවාසියක් සිදු වෙතොත් එසේ වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළද පොළ මුළුමනින් ම විවෘත නොකර තෝරාගත් අංශ, අසමාන ආකාරයට විවෘත කිරීමෙනුයි.

    නිසි වෙළඳ ගිවිසුමකින් වෙන්නේ රටවල් දෙකටම තමන්ට competitive advantage ඇති සේවා සහ නිෂ්පාදනවල විශේෂඥයින් වෙමින් දෙරටේම ආර්ථිකය පුළුල්කර ගැනීමට හැකි වීමයි.

    ReplyDelete
    Replies
    1. රසික,
      ඔබකියන “ භාණ්ඩ හා සේවා වෙළද පොළ මුළුමනින් ම විවෘත කරම්න්න “ කියන එකට මම කියන්නේ තව කාරනාවක් එකතු වියයුතුයි එනම් ශ්‍රී ලංකාව් මෙය සමාන පහසුකම් ඇති පරිසරයක් ලබාදිය යුතුයි (Level playing ground)
      මහා බැංකු අධිපති කියනවා paypal ශ්‍රීලංකාවට දීමට තව 6 මාසයක් යන බව, මොකද ඊට උවමනා නීති වෙනස් කිරීමට මේ කාලය උවමනා බව කියනවා.
      මෙවැනි පසුගාමී රටක් තමයි ඔබ කියන්නේ වෙළද පොළ සම්පුර්ණයෙන් විවිර්ත කලයුතු බව.
      ඉන්දියාව සමග අලුතින් කරන්න යනදෙයට වඩා වැදගත් මෙතෙක්කල් කරපු දෙය මොකද්ද කියල බලන එක
      http://www.cepaepa.com/what-is-cepa/
      2003 සිට 2014 දක්වා කාලයේ ඇමරිකානු ඩොලර් මිලියන 1000 සිට 4000 ට අපනයන ඉන්දියාව වැඩිකරන අතර ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 241 සිට 625 වැඩි කර ගන්නවා

      ඒවගේම ඉහත ශ්‍රී ලංකික අපනයනවලින් සැලකියයුතු මුදලක් සොයාගන ඇත්තේ ඉන්දියානු සමාගම් විසින්
      (The above exports from Sri Lanka to India were inclusive of Vanaspathi and Copper which were mainly handled by some organized Indian businessmen and these had no real economic benefit to Sri Lanka.)
      රජය කල යුත්තේ ඉන්දියානු නිෂ්පාදකයාට ඉන්දීය රජයෙන් ලබාදෙන පහසුකම් වලට සමාන පහසුකම් ශ්‍රී ලංකාවේ අදාළ අංශයටත් ලබාදී ඉන්දියාව සමග තරග කරන ලෙසයි.
      මෙහෙම කලහම ඔබේ කතාවට එකග විය හැකියි.

      Delete
  5. This article has a whole lot of information and proper way of explaining the content.training for devops

    ReplyDelete