Tuesday, July 31, 2018

කංසා පිළිබද සංවාදයක් උවමනායි


ඉහත පලවී තියන්නේ  Harvard Medical School හි සිදුවූ ඉතා වැදගත් සංවාදයකුයි.

මම හිතන්නේ කිසිම වැඩකට නැති දේසපාලන සංවාද ඇති අප රටේ මෙවැනි සංවාදයක් ආචාර්ය වසන්ත සේන වැලිඅංග වැනි විද්වතුන්, සිංහල දේශීය වෛද්යවරුන් සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පිළිගත් වෛද්යවරුන් සමන්විත දේශන මණ්ඩලයක් කංසා පිළිබද විද්වත් සාකච්චාවක් කළා නම් ඉතා වටිනවා.

Saturday, July 28, 2018

මෑත කාලයේ මම කියවන ලද විශිෂ්ටම පොත !!

පසුගිය ලිපිය මම ලිව්වේ කංසා නොහොත් ගංජා ගැනයි, මෙය ලිවීමට හේතු උනේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග " ත්‍රෛලෝක්‍යවිජයා " නමින් ලියන ලද ග්‍රන්ථය පිළිබද 



සදහන්වූ විනාඩි 21 ක පමණ වැඩසටහන නැරබීමෙන් පසු මම පුදුමයට පත්වුනේ මොහු කියනදේ ඇත්තද ? යන්නයි, වැදගත් ආචාර්ය වරුන් බොරු වපුරන මේ කාලයේ ආචාර්ය වසන්ත එසේ නොවන්නේ ඇයිද යන්න සෙවීමට මුලික හේතු වුනේ ඔහු බොරුවක් කියනවනම් මේ කරන්නේ ඉතා පහසුවෙන් ලෝකය හමුවේ බොරුකාරයක් වන මෙවැනි අවදනාමක් ගන්නේ ඇයි කියලයි.

මෙය සෙවීමට මම රුපියල් 1400 වන ඔහුගේ පොත මිලදීගැනීමට ඉක්මන් නොවුවෙමි, මා සිදුකලේ විද්‍යාත්මක ලෝකයේ කංසා Cannabis පිළිබද සිදුකල විද්‍යාත්මක පත්‍රිකා කියවීමයි, කංසා (Cannabis) පිළිබද සිදුකරන ලද පරීක්ෂණ වලින් 99% පමණ සිදුකර ඇත්තේ කන්සවල ඇති අහිතකර තත්වය සෙවීම පිණිසයි, පුදුමය වන්නේ මේ සියලු පර්යේෂණ වලින් මතුවී ඇත්තේ කන්සවල ඇති ගුණයයි.

මේ දේ ගවේෂණය කිරීමෙන් ආචාර්ය වසන්ත සේන වැලිඅංග ගැන වඩා පැහැදුන මම ඔහුගේ පොත මිලදීගැනීමේ අරමුණින් නුගේගොඩ සරසවි සහ බොරැල්ලේ සදීප පොත්හල්වලින් විමසු විට දැනගන්න ලබුනේ සියලු ග්‍රන්ථ විකිණී ඇති බවයි.

අවසානයේ සති කීපයකට පසු ඔහුගේ පොත මිලදීගැනීමට මට හැකිවුනා පිටු 350 පමණ වන මේ ග්‍රන්ථය කිසිදු ආයාසයකින් තොරව කියවිය හැකි උනා.

කලකින් මෙවැනි විශාල ග්‍රන්ථයක් මම එකදිගට කියවල නෑ! ඔහු මිනිස් ඉතිහාසයේ  පරිනාමයේ සිට නුතනත්වය දක්වා කංසා වල ඇති සම්බන්දය පෙන්වාදෙන්නේ අපුර්ව ආකාරයටයි.

මෙවැනි දීර්ග ඉතිහාසයක් ඇති ලෙඩරෝග සියගනනකට බෙහෙතක් වන කප්රුකක් වන මේ ශාකය ලෝකයේ තනහම් වන්නේ ලෝක බලවත් වියාපාර වලට තම විකුණන භාණ්ඩ වලට කංසා ශාකයෙන් කරන ඉහල ගුණත්වයෙන් යුතු අඩු මිලෙන් නිපදවියහැකි විවිද නිස්පාදන වලින් ඇති තර්ජනය ඉවත් කිරීම සදහායි.

බොහෝ මිනිසුන් මෙවැනි විෂයන් පෙන්වා දෙද්දී මෙසේ පෙන්වා දෙන පුද්ගලයන්ව හදුන්වන්නේ කුමන්ත්රණ නියායන් (Conspiracy Theory) ඉදිරිපත්කරන මිනිසුන් ලෙසයි, නමුත් වසර ලක්ෂගනනක් මිනිසා විවිද ලෙස ඔසු ලෙස පාවිච්චි කල කංසා ශාකය කිසිම සෞඛ්ය වැදගත්කමක් නැති සිත වුකුර්තිකරන බලවත්ම රසායනිකයක් ලෙස නම්කර කිසිම පරීක්ෂණයක් කල නොහැකි ලෙස වසර 70 වැනි කාලයක් තහනම් කල ආකාරය බැලුවනම් තේරෙයි මහජනතාවගේ මොළ විවිද බලවතුන් සොදන්නේ කෙසේද කියල.

මේ පිළිබද CNN ආයතනයේ වෛද්යවරයෙක් වන Dr. Sanjay Gupta


සදහන් කරනවා තම මතය වෙනස් කරගත් ආකාරය.

මිට අමතරව ලෝකයේ විශිෂ්ට සොයාගැනීම් ඉදිරිපත් කල පුද්ගලයන් කංසා පාවිච්ච් කරලා තියනවා



මෙය බැලීමේදී තේරෙන්නේ කංසා පාවිච්චිය වෙනස් චින්තනයකට උපකාර වන බවයි.

හැබැයි මම ආචාර්ය වසන්ත ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියනවා ඒතමයි කංසා වල THC වල මාත්‍රාව අද වනවිට විවිද පරාගන ක්‍රමවලින් ඉහල යවල තියනවා 1970 දසකයේ තිබුන කංසා වලට වඩා 20 ගුණයක් THC (Tetrahydrocannabinol) ප්‍රමාණය වැඩි වෙලා තියනවා  THC වලින් තමයි මත්ගතිය ඇතිකරන්නේ නමුත් THC බෙහෙත් වලත් පාවිච්චි කරනවා මිට අමතරව Cannabidiol    (CBD) ප්‍රමාණය වෙලදපොලේ (නිතියානුකුල රටවල ) සහ නීති විරෝධී නිෂ්පාදන වල ඉතා අඩුවෙන් හෝ නැති තරම්.

CBD කියන්නෙත් උවමනාම රසායනයක් මෙය බොහෝ ලෙඩරෝග සුවකිරීමට  උවමනා බවයි සදහන් වන්නේ, හැබැයි CBD ප්‍රමාණය වැඩි නම් කංසා වල මත්ගතිය අඩුවෙනවා, මෙනිසා මෙය නිපදවීම වන්නේ අඩුවෙන් .

මෙපිලිබද විග්‍රහයක් ආචාර්ය වසන්ත  ට කරන්න පුළුවන් නම් වටිනවා.

මිට අමතරව වයස 14 ත්  20 ත් අතර වයසේ දරුවන් කංසා පාවිච්චිය ඔවුන්ගේ මොලයේ වර්දනයට හානිකර ලෙස බලපෑ හැකිබව කියන මතය වසන්ත මහතාගේ මතය ඉදිරිපත් කල හැකි නම් වටිනවා.

අවසාන ලෙස කියන්න ඕනේ මේ ග්‍රන්ථය ලිවීමට  ආචාර්ය වසන්ත ට ලැබුන එඩිතර කම සහ ඔහු සමග ප්‍රසිද්දියේ තම අවංක අදහස ඉදිරිපත් කිරීමට එඩිතර වූ සියලු දෙනාටම මා ප්‍රණාමය පිරිනමනවා.