Sunday, August 6, 2017

අවංක දේශපාලනඥයගේ අනාගතය.



බොහෝදෙනෙක් මෙහෙම අය නැතිබව කියයි, නමුත් අපි සුරංගනා කතා වලට කැමති මිනිසුන් වෙමු.
දැන් අපි  අවංක දේශපාලනඥය බලයට එන්නේ කොහොමදැයි බලමු, අපි බොහෝදෙනා දන්නා විදියට බලයට එම සදහා අවම ලෙස රුපියල් ලක්ෂ 350 ක් වත් උවමනා කරනවා, දැන් මේ මුදල් ඔහු පරම්පරා දේපල විකිණීමෙන් හෝ උගස් කිරීමෙන්  මිතුරන් ගෙන් ලබාගැනීමෙන් බලයට ආවයි කියමු ඔහුට මසකට උපරිමව නීතියට අනුකුලව 120000 පමණ මුදලක් ලැබෙනවා, මේ මුදල අවංකව ඔහු වියදම් කරනවානම් ඔහුට හෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටවත් ප්‍රමාණවත් නෑ දැන් වසර 6ට ඔහු ලබන උපරිම මුදල  (120000 x 12 x 6 ) = 8,640,000 වැනි මුදලකුයි.

දැන් මේ මුදල් ලබන මිනිහ ගෙන් අපි පහත දේවල් බලාපොරොත්තු වෙනවා.

 රටේ  දුෂණ වල යෙදී  සිටින පිරිස් වලට නිතිය ක්‍රියාත්මක කිරීම :-

        දැන් එහම කරන්න පටන්ගත්ත කියල හිතමුකෝ මේ බලවත් දුෂකයන් මේ අවංක දේශපාලනඥයට විරුද්දව නීති මාර්ගයෙන් කටයුතු කිරීමයි, දැන් මේ අවංක දේශපාලනඥයට මිට උවමනා මුදල් තම චන්දදායකයන් සපයන්නේ නැතිබව ඔබ සියලු දෙනා දන්නවා ඇති.

දැන් ඉහත තබෙන සරල තත්වය ගැන නොසිතන අපි ඉබ්බන්ගෙන් තටු බලාපොරොත්තු වෙනවා වගේ සොරුන්ගන් අවංක කම බලාපොරොත්තු වෙයි.

දැන් මේ තත්වයෙන් ගොඩ ආපු සිංගප්පුරුව වැනි රටක් එය කල විදිය ගැන බලමු.

සිංගප්පුරුවේ සියලුම ඇමතිවරුන්ට අතිවිශාල වේතනයක් දීම නිසා අනවශ්‍ය අවදානම් ගැනීම මානසිකව සීමාකරන අතර දැඩි දඩුවම් සියලුම දෙනාටම වරදක් කලවිට ලැබීමෙන් දැඩි විනයක් ඉහලම තැන්වල පවතී.

දඩුවම දැඩි නිසා සහ අවංක මිනිසාට ජීවිතය ජය ගැනීමට මාවත් වැටි තිබීමෙන් මේ රටවල් ඉබේම වගේ දියුණු වෙයි.

රටට ලෝකයට සම්බන්දවිමට උවමනා ඉංග්‍රීසි භාෂාව නම් ජාතීන්වල මොන අයිතිවාසිකම කැඩුනත් රටේ පරිපාලන භාෂාව ඉංග්‍රීසි කරන ලදී, විරුද්ද වෙන අය සිරකිරීම කරන ලදී.

මෙවැනි ප්‍රයෝගික ක්‍රමවේදයක් තිබියදී ප්‍රජාත්න්ත්රවාදය වැනි වැදී බන කියමින් මෝඩ මිනිසුන් නටන විකාරය ගැන විවුර්ත මනසකින් අපට බලන්න ලැබේව.

දේශපාලනඥයනට විශාල වැටුපක් සහ දැනට නොමිලේදෙන සියලු පහසුකම් නතර කිරීම මහින් මෙරට දියුණු කළහැකි බව අප තේරුම් ගන්නේ කවදාද ?      

 

27 comments:

  1. මන්ත්‍රීලගෙ ඇමතිලගෙ පඩි වැඩි කරන්න කියල ඔබ යෝජනා කරන්නෙ ඔබ බ්ලොග් වලට ආ දවස් වල ඉදන්. නමුත් ඒකෙන් වෙන්නෙ ලොකු පඩිත් අරන් හොරාකන දේශපාලක පිරිසක් බිහිවීම.

    ඒ නිසා මේ අදහසට එකඟ වෙන්න බහැ. ලංකාවෙ ඔය මුදල දුන්න කියල දූශන නැති වෙන්නෙ නෑ. දූෂණ වලට චෝදනා එල්ලවුන අය හිගන්නො නෙමෙයි. එහෙම වෙලත් ඒ අයට ඕන තව තව සල්ලි කදු ගොඩගහගන්නයි. හොරාකන්නෙ සල්ලි නැති නිසා නෙමෙයි. බැදුම්කර හොරු හොරාකෑවෙ සල්ලි නැති නිසාද

    ඔය විදියට පඩි වැඩි කලත් ඊට පස්සෙ කියයි අපට දැන් මෙච්චරපඩි. එහෙම පඩි අරන් අපි හොරාකනවද කියල අහයි. ඒකම නිදහසට කාරනාවක් වෙයි. අනික සිංගප්පූරුවෙ වාගෙ සාපේක්ෂ සාධාරනයක් ලංකාවෙ වෙන්නෙ නෑ. හොරු එකිනෙකාගෙ පිට කසා ගන්න නිසා. මොන දහම් ගැටයක් දාල හරි බේරෙනවා. සිංගප්පූරුවෙ ඒකාධිපති පාලනයත් හොරකම් මඩින්න හේතුවුනා. නමුත් ලංකාවෙ හැම හොරෙක් පිටුපසම ජනබලයක් තියනව ටකරන් බෙදල රස්සාවලට දාල. ඉතින් හොරුන් චන්දවලට වැදගත්. පඩි වැඩි කිරීම පනින රිලවුන්ට ඉනිමන් බැදීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      //මන්ත්‍රීලගෙ ඇමතිලගෙ පඩි වැඩි කරන්න කියල ඔබ යෝජනා කරන්නෙ ඔබ බ්ලොග් වලට ආ දවස් වල ඉදන්.//

      එහෙම කියන්නේ මම දකිනවා ප්‍රායෝගිකව ඔවුන් කොච්චර චන්දෙට වියදම් කරනවද කියල, මේ ප්‍රමාණය කොච්චර වැඩිද කියනවනම් වසර 6 තුල උපයන මුදල වගේ කීප ගුණයක් මුදල් වියදම් කරනවා. ඔවුන්ට තමන් වියදම් කල මුදල සොයන්න අනිවාර්යෙන් නීතිවිරෝදී වැඩ කරන්න වෙනවා.

      ඔබ ටිකක් හොයල බලන්න oracle programmers සිටිනවා බැංකුවල දිනකට ලක්ෂ 2 පඩි ගන්න, ඇයි එහෙම පඩි දෙන්නේ ? එකක් ඔවුන්ගේ දක්ෂතාවය අනෙක් වැදගත්ම කාරණය ඔවුන් සොරකම් කරන්න පෙළබුනොත් අදාළ බැංකුවට නැතිවන මුදල කොටිගනනක්.

      //අනික සිංගප්පූරුවෙ වාගෙ සාපේක්ෂ සාධාරනයක් ලංකාවෙ වෙන්නෙ නෑ. //
      ඔබ ටිකක් සිංගප්පූරුවෙ ඉතිහාසය බලන්න ඔවුන් ලංකාවට අන්ත ක්‍රමයක් තිබුනේ ලී කවන් යු මුලින්ම කරන්නේ සියලු ඇමතිවරුන්ගේ පඩි ලක්ෂ ගනනින් වැඩිකිරීම, මෙහිදී ඔහුත් ඔහුගේ අගමැති පඩිය කීප ගුණයකින් වැඩි කරගන්නවා.

      මෙහෙම කළාහම ඔහු දන්නවා ඔහුට ඕනෑම කෙනෙකුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ගොස් අදාළ පුද්ගලයා අනාගත දිනකදී තමාට විරුද්දව නඩු පැවරීමට කටයුතු කලොත් ඊට උවමනා නීතිඥ වරුන්ට ගෙවන්න ඕනේ මුදල් ඔහු ලග තියනවා.

      //සිංගප්පූරුවෙ ඒකාධිපති පාලනයත් හොරකම් මඩින්න හේතුවුනා. //
      සිංගප්පුරුවේ ඒකාධිපති පාලනයත් තියනවා කියන්න බෑ අදාළ පක්ෂය සෑම මැතිවරණයකින් 60% වඩා චන්දය ලබාගෙන තියනවා, ඒවගේම රටේ අධිකරණයට බලපෑමක් නෑ.

      සිංගප්පූරුවෙ ඒකාධිපති පාලනයකට වඩා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කල පාලනයක් එය ඒකාධිපති නොවන්නේ සියලුම තීරණ අගමැතිවරයාගේ තනිමතයට නෙමෙයි ක්‍රියාත්මක වන්නේ ඉතා උගත් වගේම බුද්ධිමත් ඇමතිවරුන්ගේ ඒකාබද්ද මතයකටයි ක්‍රියාත්මක වන්නේ,
      සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියන්නේ

      01. මිනිසුන්ට රැස්වීමට විශේෂ අවසරයක් උවමනා කරනවා, මෙමගින් වෙන රටක සහ පිරිසකගේ උවමනාවට මුදල් යොදවා ආර්ථිකය අස්තාවර කිරීමකට යන්න බෑ.

      02. පුවත්පත් පාලනය කිරීම වෙන්නේ අසත්‍ය පුවත් වාර්තා කල විට අතිවිශාල වන්දි ඉල්ලා නඩු පැවරීමෙන් අදාළ ආයතනය බංකොලොත් වීමයි.

      මෙවැනි ක්‍රම නිසා මෙරටට පිටතින් ඇගිලි ගහන්න බෑ.

      වැඩිම මුදලක් ගෙවීම සහ දැඩි දඩුවම් කියන දිවිත්වය මගින් වෙන්නේ සොරකමට ඇති පෙලබවිම අඩු කිරීමයි, එහෙම උනත් සොරකමට කෙනෙක් පෙළබිම සිදුවියහැකියි, එහෙම දයක් ලී ගේ ලගම දෙසපාලකයකුට වෙනවා, ඔහුට ලී දෙන අවවාදය වසර 20ට හිරේ යාම හෝ සියදිවි නසාගැනීම තෝරාගන්න ලෙසයි, මෙහිදී ඔහු සියදිවි නසාගැනීම තෝරාගන්නවා.

      ඉහත උදාහරණයෙන් ලී අමානුෂික මිනිසෙක් වගේ පෙනුනත් ඔහු ගේ ක්‍රියාකාරකම් වලින් බෙරිච්ච ජිවිත විශාලයි, මොකද ඔයිට වඩා කාරුනුක ජේ ආර් තුමා තම හිතවතුන්ට සොරකම් කිරීමට ඉඩදීම නිසා සහ පාලනය නිසි ලෙස ගෙන නොගිය නිසා නැතිවෙච්ච ජිවිත විශාලයි.

      උදාහරණ :- අමිර්තලිංගම් බොරු කියමින් මිනිසුන් කුපිත කරන වෙලාවේ ජේ ආර් නීති ගෙනල්ල ඔහුව වසර 20ට පමණ හිරේ දැම්ම නම් අද ඔහුත් ජිවත් වෙනවා බොහෝ තරුණ ජිවිතත් බේරගන්න පුළුවන් වෙනවා.

      Delete
  2. api horakamata kamthi jaathiyak. apita hrakam karanna bari unath horakam karana ewun ha ewa allana hati dakala athala ganna kastiyak

    ReplyDelete
    Replies
    1. රන්සකු,
      එක තමයි මේ ක්‍රමය දිගටම ගෙනියන්නේ

      Delete
  3. Lankika Sithuwili,

    ඇත්තටම මරාවාදී කුමාර කළුආරච්චි/අතවරආරච්චි කෙරෙහි මට ඇත්තේ පිළිකුලක්.

    ///(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ. ///

    මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් ලැබිය යුතු අතවරආරච්චි ගැන දාපු / මිනිහාගේ වැඩ ගැන හැමෝම දැනුවත් කරන්න ඕනි. ඔබට උනත් කොච්චර මඩ ගහනවද එයා???

    ReplyDelete
    Replies
    1. අතවරආරච්චියා දැන් කොමෙන්ටුත් වහගෙන හැංගිලා. හිකිස්‌.

      ආන්න එළකිරි (www.elakiri.com) එකේ ත්‍රෙඩ් එකක් යනවා කොමෙන්ට් 100 පැනලා, අතවරආරච්චිගේ ෆොටෝස් ටෙලිෆෝන් නම්බර් එක්කම.

      එතනටත් වරෙන් ආතල් එකක් දෙන්න.

      Delete
    2. ඉයන්,

      http://www.elakiri.com/forum/showthread.php?p=22044654

      ඔබට සතුටුයි ද දැන්?

      Delete
    3. මෙහෙමයි ඇනෝ,

      //මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් ලැබිය යුතු අතවරආරච්චි ගැන දාපු / මිනිහාගේ වැඩ ගැන හැමෝම දැනුවත් කරන්න ඕනි. ඔබට උනත් කොච්චර මඩ ගහනවද එයා???//

      කෙනෙකුට අයිතියක් තියනවා තමාගේ අදහස වෙනුවෙන් පෙනිසිටින්න, මම චන්දය දුන්නේ යහපාලනයට ඔහු චන්දය දුන්නේ මහින්දට
      ඔහු මහින්ද වෙනුවෙන් පෙනිසිටිනවා මම යහපාලනයට චන්දය දුන්නත් යහපාලනයේ වැරදි වලදී විවේචනය කරනවා මේ දෙකම අපි දෙදෙනාගේ අයිති වාසිකම් පුරවැසියන් ලෙස.

      ඔහු ට විරුද්දව තියන චෝදනා මම කිසිම පිළිගත් ජනමාද්යක දැකල නෑ, ලංකා ඉ නිවුස් කියන්නේ මම හිතන විදියට කැලෑ පත්තරයක් විතරයි, මම සරසට උන දේ ගැන පුදුම වෙන්නේ නෑ ඔහු බය නැතිව තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්දියේ තියාගෙන පවතින රජය විවේචනය කළා, මෙහෙම නොකළ නම් ඔහුට මෙවැනි ත්වයකකට මුහුණදෙන්න සිදු නොවෙන්න පුළුවන්.

      දැනට මේ සිද්දිය ගැන හරියටම දන්නේ සරසයි අදාළ තරුණියයි විතරයි මෙතන ඉන්න බොහෝ අය දඩුවම් දෙන්නත් ලාස්තිවෙනවා.

      මට තේරෙන විදියට ඔහු අවංක පුද්ගලයෙක් වෙන්න පුළුවන් මොකද මෙවැනි දුෂිත ජිවිතයක් ගෙවනවනම් ලෝකේ බලවත් මිනිසුන්ට පහර දෙන්න යන්නේ නෑ. මොකද දන්නවා සතුරන් තමන්ට තමන්ගේ දුර්වල කම්වලින් පහර දෙන බව.

      මතකයට ගන්න මහාදිකරන විනිසුරු මහානාම තිලකරත්න ට විරුද්දව පොලිසිය බොරු චෝදනා කල අවස්තාව
      http://www.sundaytimes.lk/981206/mudli.html

      මේ නිසා ඇනෝ බෝතල් පත්තර කාරයන් දෙන තීන්දුවලට වඩා හරි තීරණය එනකම් බලමු.

      Delete
    4. එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

      හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

      ඉයන් බලකාය

      Delete
    5. ඉක්මනින් ප්‍රතිකාර ගන්න පින්වත

      Delete
  4. //මෙවැනි ප්‍රයෝගික ක්‍රමවේදයක් තිබියදී ප්‍රජාත්න්ත්රවාදය වැනි වැදී බන කියමින් මෝඩ මිනිසුන් නටන විකාරය ගැන විවුර්ත මනසකින් අපට බලන්න ලැබේව.//

    ඉන්ගලන්තයේත් ප්‍රජාතන්තවාදය දියුණුවුනේ අවු 1000 විතර කාලයක් තිස්සේ.
    එහෙම දියුණුවුන ප්‍රජාතන්ත්‍රවාදයක් වැඩවසම් මතවාදවලින් පිරුණු අපේ රටට ඉතා කෙටි කාලයක් තුල ලැබුනා. ඒක තේරුම් ගැනීමට අපේ ජනතාවට හැකියාවක්වත් , තේරුම් කරදී එලෙස ක්‍රියා කිරීමට අපේ දේශපාලකයින්ට උවමනාවක්වත් තිබුනේ නෑ

    ReplyDelete
    Replies
    1. බයිල ගහන්න එපා බොල, එතකොට නොර්වේ, ස්වීඩන් වැනි ස්කැන්ඩිනේවියානුරටවල ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කළේ හිට්ලර් නිසාද? ආච්චිගේ රෙද්ද.

      Delete
    2. එංගලන්තයේ සුද්දන් පිරිසිඳු අවංක දේශපාලනයක් කරනු ඇතැයි අපි සිතුවද එහි අගමැති කම් කළ මාගරට් තැචර් මහත්මිය විශ්‍රාම ගිය පසු කීවේ දේශපාලනය යනු ජරා ගොඩක් බවය. එංගලන්තයේත් එසේ නම් අපේ රට ගැන කවර කතාද?

      Delete
    3. England (Anglo-Saxon) - Witan
      Scandinavia - Thing

      Delete
    4. ඇනෝ,

      ක්‍රිස්තු වර්ෂ 7 සිට 11 වන සියවස දක්වා වූ ඇන්ටොක්සෙක්ස් (Anglo-Saxon) එංගලන්තයේ වෙටන්ගෙමොට් (Witenagemot) හෝ විතන් (Witan) යනු ආයතනයකි. පැරණි ඉංග්රීසි නම සහ ප්රඥාවන්ත මන්ත්රණ සභාවයි. ආරම්භයේ දී වයිටා යනු wita (ප්රඥාව) නමුත් එය ඒකීය ලෙස භාවිතා කරන ලදී. මෙම සභාව ජර්මන් Thing සම්මේලනයට සමාන විය.

      වින්ටෙගෙමොට්ගේ අරමුණ වූයේ පරිපාලනය සහ රාජ්යය පිළිබඳ සංවිධානය පිළිබඳ අදහසක් ලබා දීමයි. නීතිය සංවර්ධනය විය යුත්තේ කෙසේද යන්න ගැන ඔවුහු කතා කළහ. ඔවුහු රජු තෝරා පත් කරගත්හ. රජෙකු ඉවත් කිරීමට විතන්ගෙමෝට බලය ද තිබිණි. එය 755 දී වෙස්සේක් හි සිග්බර්ට් (Sigeberht of Wessex) එලවා දැමූ එය 765 දී නෝතම්බ්රියාහි ඊට්ම්බර්බියර්හි ඊට්ලම්බර්ඩ් මොල් ( Æthelwald Moll of Northumbria) එලවා දැමීය. සාමාන්යයෙන් බොහෝ විට. බොහෝ ආකාරවලින් නවීන දින පාර්ලිමේන්තුවට සමාන විය. පාර්ලිමේන්තුව මෙන් නොව, ඒවා පැවැත්වූ ස්ථානය වෙනස් විය. විතානුන්ට හෝ රජුට රැඳී සිටීමට ස්ථිර ස්ථානයක් නොතිබුණි.

      1066 දී නෝර්මන්වරුන් එංගලන්තය ආක්රමණය කළ විට, ඔවුන් වෙනත් ආයතනයකින් විිතනේගෙමොට් ප්රතිස්ථාපනය කරන ලදි. 12 වන ශතවර්ෂය දක්වා මෙම ආයතනය වයිටන්ට හෝ විතානගෙමොට් ලෙස හැඳින්වීය.

      කෙසේ නමුත් කිතුවසින් 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ "මැග්නා කාටා" ප්‍රඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ දැක්‌ වේ. 17 වැනි සියවසේ දී රාජාණ්‌ඩුවාදීන් හා ජනරජවාදීන් ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම කණ්‌ඩායම් දෙක විග්ස්‌ සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වූයේ එම ක්‍රියාදාමය තුළින් බවත් අප අමතක නොකළ යුතුය.

      Cont'd...

      Delete
    5. Cont....

      මේ අනුව ඉහත අප කතාකල පරිදි ප්‍රජාතන්ත්‍රවාදය සියවස්‌ ගණනක්‌ මුළුල්ලේ වර්ධනය වෙමින් බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වෙද්දී එම ප්‍රජාතන්ත්‍රවාදයේම තවත් පරිවර්තනයක්‌ ලෙසින් විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්‌ නැතහොත් ඇමෙරිකානු විප්ලවය (1765 - 1775 - 1783) දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්‌ථාවර රජයක්‌ නිර්මාණය කිරීමටත්, කාර්යක්‍ෂම පාලනයක්‌ ඇති කිරීමටත්, ජනවාර්ගික සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්‍රියාදාමය වේගවත් හා විධිමත් කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්‍ය නායකයා බිහිකර ගැනීමටත් හැකි ක්‍රමයක්‌ වශයෙන් විධායක ජනපති ක්‍රමය රටකට වඩාත් ප්‍රශස්‌ථ ක්‍රමයක්‌ බවට ප්‍රථමයෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදයේත්, දෙවනුව ප්‍රංශයේත් ක්‍රියාවට නැඟිණි.

      මේ වනවිට ලොව වේගවත් සංවර්ධනයක්‌ අත්කර ගනිමින් සිටින චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක මෙම ජනාධිපති පාලන ක්‍රමය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවැති රටවල පමණක්‌ තවමත් සාම්ප්‍රදායිකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් ප්‍රකට කාරණයකි. විධායක ජනපති ක්‍රමය නාමමාත්‍රික ජනපති ක්‍රමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය පමණක්‌ වුව ඔප්පු කර ඇත.

      නූතන මැලේසියානු රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් 1957 දී නිදහස ලබන විට එරට තුළ විශ්වවිද්‍යාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන යැමට සිදු වූයේ ලංකාවෙනි.

      ඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්‍යයක්‌ව තිබුණි. නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්‍යයක තත්ත්වයට පත්වීමට සමත්ව තිබේ. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු කළේ ආචාර්ය මහතීර් මොහමඩ් ය.

      තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර් පළමු වර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි.

      ධුර කාල 04 ක්‌ ලෙසින් වසර 20 ක්‌ මැලේසියාව පාලනය කළ මහතීර් ප්‍රථමයෙන් තමන් භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්‌ බවට පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත් වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු සැකයක්‌, විවාදයක්‌ තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්අතෙන්ම දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්‍රොටෝන් සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර් රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි.

      ඇමෙරිකානු ජනපති රූස්‌වෙල්ට්‌ දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ධුර කාල 04 ක්‌ එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින් දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්‍රිතාන්‍යය යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත් කිරීමට එම රූස්‌වෙල්ට්‌ ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු ඉතිහාසයේ දැක්‌ වේ.

      එවැනි සුවිශේෂ අවස්‌ථා රටකට එළඹිය හැකිය. එහිදී නීතිය හෝ සම්ප්‍රදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන් උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්‌ථාවර භාවයට ලබා ගැනීම සර්ව සාධාරණය. නමුත් අවාසානවට අපට එවන් සුවිශේෂී සොඳුරු ඒකාධිපතියකු වියහැකි නැණැති අව්ංක නායකයෙක් නොමැත.

      අපට ඉන්නේ කාලකණ්ණි හොර රැලකි. මරා එලවා දමා අප පත්කරගත්තේ ඊටත් වඩා මෙලෝ රහක් නැති මළවිකාර මළපෙරේත නීලකාස කම්බා හොර රැලකි.

      ලාංකික සිතුවිලි, ඔබ සිංගප්පූරුව ගැන් කී නිසා මා මැලේසියාව ගැන කීවෙමි. ඔබටත් මීට යමක් එක්කළ හැකිනම් ඉතා අගෙයි සිතුවිලි මිත්‍රයා.

      Delete
    6. AnonymousAugust 8, 2017 at 11:35 PM

      ඉතා වැදගත් තොරතුරු සමුහයක්,

      මෙයට පොඩි එකතු කිරීමක් තියනවා පලවෙනි චාර්ල්ස් රජු ජනවාරි 30, 1649 හිස ගසා මරණයට පත්කරන්නවා ඔලිවර් ක්‍රොම්වෙල් නමැති පාර්ලිමේන්තුවට බලය ලබාදීමට ප්‍රතිසංස්කරණ කල පියුරිටන් වරයා.

      මිනිසා තමයි මම හිතන විදියට ජනතාවට පිස්සු කෙලිමට බටහිර රජවරු බයවුන පලවෙනි හේතුව, සහ ජනබලයේ තරම දැනගත් මුල්ම අවස්තාව, ඉන් හරියටම අවුරුදු 150 වෙන විට ප්‍රංශ විප්ලවය සිදුවෙනවා.

      මේවා තමයි ලෝකයේ රජවරු තිගස්වපු හේතු මෙනිසා දැනට බ්‍රිතානයේ රැජිනට බලය තිබෙනවා ඕනෑම පාර්ලිමේන්තු පනතක් සදහා තම අත්සන ලබා නොදීම මගින් බල රහිත කරන්න නමුත් වසර 200කින් මේ බලය පාවිච්චි කර නෑ.

      අපේ රටේ වෙලා තියන්නේ මෙවැනි උදාහරණ නෑ ජනතාව පාලකයන්ට දඩුවම් දුන්න මෙනිසා ඔවුන් හිතනවා ඕනෑම පිස්සුවක් කෙලින්න පුළුවන් කියල.

      හැබැයි මට ඔබට යමක් කියන්න ඔනේ ,

      මේ දවස් වල රජයේ එක්තරා අමතයන්ෂයක තොරතුරු පරිගණක ගත කිරීමට මගේ පුද්ගලික ආයතනය සහබාගිවෙනවා, මා දැකපු මුලික දේ තමයි අදාළ අමාත්‍යංශයේ සේවකයන් කැමති නෑ මේ වැඩපිළිවලට මොකද මේ වැඩෙන් පස්සේ නිලදරින්ට වැඩකිරීමට වෙනවා, ඔවුන්ට ඊට පස්සේ බෑ නිකන් ඉදල වටුප්ගන්න.

      නමුත් අදාළ ඇමතිවරයාට උවමනයි මෙය ක්‍රියාත්මක කරන්න මොකද මෙය පරක්කු උනොත් පාඩුව ඔහුට නිසා නමුත් අදාළ සේවකයන් කැමති නෑ

      Delete
  5. Man - Hey, I'm a politician and an honest man!
    Woman - Oh really? Well, I'm a prostitute and a virgin!

    ReplyDelete
  6. ලාංකික සිතුවිලි,

    මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින බුකියේ පිටු අතරින් ප්‍රධානතම පිටුව වන්නේ “A Brighter Future for Sri Lanka” FB පිටුවයි. එහි ප්‍රධාන ඇඩ්මින් වන නුවන් නිරෝධ (https://www.facebook.com/nuwan.nirodha) ගැන ලංකා ඊ නිව්ස් එකේ තිබූ සටහනක් ඇසුරිනි.

    ලංකා ඊ නිව්ස් එකේ තැබූ සටහනක් අපේ අවධානයට ලක්විය. එහි සදහන් වන ආකාරයට ඒකාබද්ධ විපක්ෂ බුකියේ නියමුවෙක් ලෙස පෙනී සිටි ඔහුට නාමල් බේබිගේ හෙන්චයියන් විසින් බෙල්ලෙන් ඇදදමා, පයින් පහර දීමක් ගැන කියවේ. අපට වාර්තා වන අන්දමට බුකියේ දේශපාලන සටනේ රැයක් දවාලක් නැතිව තම මුළු ජීවිතයම ඒ වෙනුවෙන්ම කැපකළ නුවන් ඇතුළු ඇඩ්මින් මඩුල්ලට මෙය කනේ පහරක් වී ඇත.

    Nuwan Nirodha Alwis, Mavomec (Private) Ltd., Construction & Engineering Company, Email: nuwannirodha@gmail.com, #55/3/A, Sri Maha Vihara Road, Kalubowila, Dehiwala.

    මේ සියළු දේ අවසානයේ අපට කීමට ඇත්තේ එක දෙයක් පමණි, මැදමුලන වලව්වේ මහින්දගේ පුතා නාමල් බේබිය, උඹ නිකන්ම නිකං අල්විස් මාමගේ පුතාය. උඹලා උන් වෙනුවෙන් පෙනී සිටින බැල මෙහෙවරකම් කරන වහලුන් රැළක් පමණි.

    නුවන්, මෙච්චර කඩේ යන උඹට මෙහෙම උනානම්, බත් පැකට් එකට, අරක්කු බෝතලේට එදා වේලට මහින්දට කඩේ යන අසරණයන් ගැන කවර කථාද?

    මහින්ද යනු, තම පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන,බේබිලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඒකාධිපති අප්පච්චි කෙනෙකි. උඹලා වගේ උන්ගේ කර මතින් බලය ගන්න උත්සාහ කරන බේබිලා, වැරදිලාවත් බලයට අවොත් උඹලට මොන විදියට සලකාවිද?රටට මොන කලක් යාවිද? හිතන්නට යමක් තියනවා කොල්ලනේ, බුකියේ උඹලට වහල්ලු කියන්නේ නිකන් නෙමේ කියල උඹලට දැන්වත් තේරුම් යනවනම්? මේවා දැක්කම හෙට නාමල් බේබි උඹට කන්න බොන්න දීලා ශේප් වෙයි,පොඩ්ඩක් පරිස්සමට කාපල්ලා මොකද දිරවගන්න බැරි උනොත් වෙනදේ උඹලටවත් හිතා ගන්න බැරි නිසා.

    (ලංකා ඊ නිව්ස් ගැන බොරු චෝදනා එපා ලොක්කා, ඇත්තෙන්ම ලංකා ඊ නිව්ස් කියන්නේ තිබුන ආණ්ඩුව වෙනස් කරන්න වැඩ කරපු ලොකුම හස්තය. අපි ඒ කාලේ විපක්ෂයේ හිටපු කාලේ එජාප මන්ත්‍රීවරු විවාද වලට යද්දී අන්ත දූෂිත මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවට විරුද්ධව කරුණු හොයාගත්තේ ඊ නිව්ස් එකෙන්. අපිට ගවේෂණ කණ්ඩායම් හිටියෙ නෑ. අපි සේරම ඒ වගෙ තොරතුරු දැනගත්තෙ ලංකා ඊ නිව්ස් එකෙන්. අපි ඒ තොරතුරු මුල් කරගෙන තමයි එදා ඒ ආණ්ඩුවට ගැහුවේ. අපි එහෙමයි ඊ නිව්ස් එකෙන් ඒ කාලේ වැඩ ගත්තෙ. දැනුත් ලංකා ඊ නිව්ස් අවංකව ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ ජනහිතකාමී වටිනා වෙබ් අඩවියක්)

    ReplyDelete
    Replies
    1. ලංකා ඒ නිව්ස් රවිට කඩේ යන හැටි දැක්කම හොදටම ඇති හොරු ඔවුන්ගේ අපක්ෂපාති බව දැනගන්න
      http://lankaenews.com/news/6165/si

      Delete
  7. අවංක දේශපාලකයෝ හොයන්න බැරි නිසා සමාජවාදී පක්ෂ වල අවංක දේශපාලකයෝ ඉන්නවයි කියල හිතන් හිටිය. සෝවියට් දේශයට ගියාට පස්සේ දැනගත්ත අවංක එවූන් මරල දුශිතයෝ බලය ඩහැගෙන කියල. ඉතාමත් ස්වාධින මාධ්‍ය කියල දේකුත් නැහැ. එනිසා මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය 100% දීල අපක්ෂපාති මාධ්‍ය , සමාජජාල වැඩි වෙනකොට විතරක් ඕක හැදෙයි.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මෙහෙමයි අජිත්, මම දකින දේ තමයි මිනිස් මනස ගැන මිට වඩා අවබෝදයක් තියන්න ඕනේ නීති ගෙන කොට, මේක තමයි ලී කවන් යු කලේ ඔහු සාමාන්‍ය ඇමතිවරුන්ට විශාල වැටුපක් ගෙව්වා ඔහු ඒ වැටුප තීරණය කලේ තමරටේ ඉහලම වැටුප් ලබන වුර්තිකයන් 10 දෙනාගේ වැටුප් වල සාමාන්‍ය අරගෙනයි.

      මෙවැනි විශාල වැටුපක් ගෙවීමේ ප්‍රතිපලය තමයි මේ ඇමතිවරු කිසිදු සොරකමකට සහබාගි නොවීම සහ ඔවුන් යටතේ සිටින නිලදාරින්ට කිසිදු සොරකමක් කිරීමට ඉඩ නොදීම.

      ඉහලම පුද්ගලයට විශාල වැටුපක් ලැබෙන නිසා සහ සොරකම් කලොත් වසර 20 වැනි කාලයකට සිරගතවීමට සිදුවෙන නිසා මේ ගැන අවදානමක් ගැනීමේ සීමාව අවම වීම (අවදානම ගත්ත එකම පුද්ගලයා සියදිවි නාසා ගැනීම නිසා එය හොද පාඩමක් උනා )

      නමුත් මම මේක කියන හැම විටම කිසිදු පුද්ගලයෙක් ඒ ගැන එකග නොවීමෙන් මේ ගැන අවංකව විසදීමට මිනිසුන්ට උවමනාවක් නැතිබව තේරෙනවා.

      Delete
    2. ලි ගේ ක්‍රමය හොඳයි. පොලිස් නිලධාරීන්ට වැඩි වැටුපක් ගෙවල අල්ලස් ගත්තොත් අවුරුදු 20 කට විතර හිරේ යන්න සලසුවම හරි. ජර්මනිය වගේ රටවල් පොලිස් නිලධාරීන්ගේ වැටුප හොඳයි.

      Delete
    3. ජර්මනියේ පොලිස් නිලධාරියෙ මසකට යුරෝ 3000 (පළමු) සිට මසකට යුරෝ 4500 පමණ ගන්නවා. අලල්ස් අනොගැනීමට එක හේතුවක්.

      Delete
    4. එක තමයි මම මේ කලක ඉදල කියන්නේ හරියට ගනන් බැලුවොත් මෙවගේ ඉහල වැටුප් නිසා සොරකම් අවම වීම නිසා ඉතුරුවන ජාතික ධනය විශාලයි.
      කෙනෙක් කියයි විශාල දඩුවමක් දුන්න නම් මේවා අවම කිරීමට පුළුවන් නේද කියල ? නමුත් මෙතන වෙන්නේ මිනිසුන් තමාන්ට ලැබෙන අතිවිශාල මුදල නිසා අවදානම ගන්න පෙලබෙනවා (මොකද දැනට ලැබෙන්නේ සොච්චම් වැටුපක් නිසා )

      එච්චර විතරක් නෙමෙයි මෙහිදී තමන්ට උවමනා අතිරේක ආරක්ෂාවට තමන්ගේ මුදලින් ගෙවන්න සැලසුවනම් අනවශ්‍ය ආරක්ෂාවට යන වියදම අවම කරන්න පුළුවන්

      Delete