Monday, February 20, 2017

නිවසක් කුලියට ගෙන නවකවදය දීමෙන් හසුවූ සිසුන් 15 දෙනා රක්ෂිත බන්දානගරයට.




ශ්‍රී ලංකාවේ නවකවදය පිළිලයක් ලෙස දශක ගණනාවක් පවතී, ලෝකයේ විශ්වවිද්‍යාල අතර 2000 වන ස්ථානයට පහලින් සිටින ශ්‍රී ලංකාව කිසිම වැඩක් හරියට කිරීමට නොහැකි පර පිඩක කාමුකත්වයන් පෙලෙන උපාධිදාරීන් ජනතා මුදලින් බිහිකරන රටක් බවට පත්වී ඇත.

මේ ව පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සිහිබුද්ධියක් ඇති මිනිසුන්ට දන්නා නමුත් ඔවුන් කිසිවක් නොදන්නා තොත්න බබාල වගේ හැසිරෙන ආකාරය ඔවුන් ගේ නිල වෙබ් අඩවිය බලීමෙන්
 http://www.lankatruth.com/site/  තේරුම් ගන්න පුළුවන්, රජයේ හෝ මහින්දගේ වරදක් වේගයෙන් පලවෙන මෙම අඩවියේ මේ පුවත ගැන හාන්කවිස්සියක් පලනොවිමෙන් "පුහුල් හොරා කරෙන් දැනේ" කියන පිරුල මැනවින් ඔප්පු වේ.

මම නම් යෝජනා කරන්නේ මෙවැනි වරදක් කර අසුවුනොත් බරපතල වැඩ සහිතව වසර 2 කක බන්දානාගාර කර ඉන්පසු නැවත විශ්වවිද්යාලට ගියවිට ඔවුන්ට නොමිලේ අද්‍යාපනය නොදී උපාදියට රජයට වැයවන මුදල කොටස් වශයෙන් ගෙවන විදියක් යෙදුවනම් ඉදිරියට මෙවැනි දේ සිදු නොවනු ඇති.

මිට හරියටම වසරකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ මෙවැනි දෙයක් උනා මතක ඇති. මෙවැනි තිරස්චින වැඩ කිරීමට නිවාස කුලියට ගැනීමට තරම් මුදල් ලබාදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැට හොල්ලන හාමුදාව සහ මේවට සම්මාදන් කරන මෝඩ මිනිසුන් බව සැකයක් නෑ.

මෙපාර නම් බඩු බනිස් වී ඇතිබව දිවයින පුවත් පතේ පලවී ඇති

//විත්තිකරුවන් පහළොස්‌ දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක්‌ ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.//

විත්තිකරුවන් ගේ නීතිඥ මහතුන් ගේ කියමනෙන් ම සනාතවෙනවා  {අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි} විත්තියේ නිත්ඥයනට මෙහෙම කියන්න වෙන්නේ මෙනිසා.

මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නියම මුහුණ, මේ විශ්වවිද්‍යාල වලින් එලියන එන මිනිසුන් කිසිම වැඩකට නැති මිනිසුන් බවට පත්කරන්නේ මේ හීනමානයෙන් පෙලෙන රෝගීන්, වරක් ඉංග්‍රීසි භාෂාව පන්තියේ කතාකිරීමට උපදෙස් දුන්න විට, ඉංග්‍රීසි යෙන් කතාකරන සිසුන්ට නවකවදය දීමත් පුස්තකාල වලට යාමට අවසර නොදීමත් දේශන තියෙනවෙලාවට නවකවදය දීමට රැගෙන යාමත් මේ තිරිසනුන් කරනු ලබනවා.

මෙය කියවන අයට මතක ඇති වාරප්‍රගෂ් සිද්ධිය දක්ෂ සිසුවෙකු වූ මේ සිසුවා CIMA වලිනුත් ඉහලින් ම සමත්ව තිබියදී තමයි විශ්වවිද්‍යාලයේ සිටියේ http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=98657
ඔහුව මේ මිනීමරුවන් විසින් ගාතනයට ලක්වෙන්නේ 1990 දශකයේ අග හරියේ බවයි මට මතක

මේවා ගැන සලකල මේ මෝඩ මිනිසුන්ට දඩුවම්  කලයුත්තේ ජනතා විමුක්ති පෙරමුණට උන ගැනෙන්න.


21 comments:

  1. ජවිපෙට දැන් ඔයතරම් බලයක් නෑ නේද.
    අර පෙරටුගාමීන් නේද අන්තරේ බලේ අල්ලන් ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය දේට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ද නැත්නම් ඔවුන් මේ පුවත දැක්ක පරක්කුවෙන් තම අඩවි තුලින් ප්‍රතික්ෂේප කරයි එහෙම නොකරන එකෙන්ම මිට පිටිපස්සෙන් ඔය කවුරු කවුරුත් ඉන්න බව පැහැදිලියි.

      Delete
    2. ලාංකික සිතුවිලි නම් නියමාකාරයෙන් ම ලාංකිකයි. පුදුම තර්කයක් නේ.

      1. ඔබ ලංකාවේ ඉන්නවා නම්, අවිශිබමයේ බලය ඇත්තේ, ජවිඵෙට නොව පෙසපෙට බව දැන සිටිය යුතුයි.

      2. ජවිපෙ කිසිවක් නොකියන්නේ- ඔවුන් නවකවදය දෙන නිසා ම නොව පක්‍ෂව හෝ විපක්‍ෂව කිසිවක් කීවොත් ඔවුන්ට එක්කෝ බලයක් නැති බව හෙළිදරව් වෙන නිසා හෝ නවකවදය දෙන බහුතර සිසුන් ගේ අප්‍රසාදයට ඔවුන් ලක්වෙන ණිසා බව සිතිය හැකියි නේද?

      Delete
    3. //ඔබ ලංකාවේ ඉන්නවා නම්, අවිශිබමයේ බලය ඇත්තේ, ජවිඵෙට නොව පෙසපෙට බව දැන සිටිය යුතුයි.//
      ඒ කතාවේ ඇත්තේ සාමාන්‍ය සතයක් පමණයි, මේ සංවිදාන 2 ටම අයත් සිසුන් විශ්වවිදයාල වල ඉන්නවා, නමුත් මුදල් බලය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි.

      //2. ජවිපෙ කිසිවක් නොකියන්නේ- ඔවුන් නවකවදය දෙන නිසා ම නොව පක්‍ෂව හෝ විපක්‍ෂව කිසිවක් කීවොත් ඔවුන්ට එක්කෝ බලයක් නැති බව හෙළිදරව් වෙන නිසා හෝ නවකවදය දෙන බහුතර සිසුන් ගේ අප්‍රසාදයට ඔවුන් ලක්වෙන ණිසා බව සිතිය හැකියි නේද?//

      ඔවුන් අනාගතයේ ශ්‍රී ලංකාවේ බලය ලබාගැනීමට උවමනාවක් තියනවනම් ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ක්‍රමවේදය කොහොමද කියල කියන එක.

      සිංගප්පුරුවේ ලී කවන් යු ඉතා දැඩි පාලකයෙක් බවයි කියවුනේ ඔහුගේ පක්ෂය PAP සෑම මැතිවරණයකදීම 60% වැඩි චන්ද ගත්තේ ඒ රටේ මිනිසුන් දැනසිටිය වෙන කෙනෙක් යටතේ ඔවුන්ට මිට වඩා අපහසු කම් වලට මුණ දෙන්න වෙන බව. ජනතා විමුක්ති පෙරමුණ සමාජයේ බහුතර ජනයා තුලට යන්න ඕනේ නම් ඔවුන්ට සිදුවෙනවා රට දියුණු කිරීමට තමන්ගේ වැඩ පිලිවල රටේ බහුතරයක් කැමතිවෙන විදියට ඉදිරිපත් කරන්න. මෙහිදී බහුතරය කැමතියි කියන්නේ සුළුතරය අකමැතියි කියන දේට තමයි මෙවැනි දෙයක් කිරීමට බැරිව වැනි වැනි දේශ පාලනය කිරීම තුලින් ඔවුන්ට බලය ලබාගන්න බෑ

      Delete
  2. අපි අල්ලපු ගෙදර එකාට, වැඩ කරන තැන එකෙකුට, පාරෙ යන එකෙකුට හිංසා කලොත් කිසිම කතාවක් නැතුව නඩු දාල දඬුවම් කරනවනෙ.
    නවකවධ අපරාධකාරයින්ට විරුද්ධව විශ්ව විද්‍යාලයෙන් ක්‍රියා කරනකොට නිදහස් අජ්ජාපන මන්තරේ ඉඳන් ලෝක බැංකුව ගැන දක්වා මර ලතෝනි දෙනවා.

    උන්ගේ දේශපාලනේ සලකන්න ඕනෙ නෑ, මුං හිරේ දාන්න ඕනෙ සාමාන්‍ය අපරාධකරුවන් මිසක් වෙන තත්වයක් දෙන්න ඕනෙ එවුන් නෙමෙයි නෙ.

    විශ්ව විද්යාලවල දඬුවමුත් තද කරන්න ඕනෙ. පන්ති තහනම් මදි , නෙරපා දැමීම කරන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      මෙතන විශාලම වැරදි වැඩේ කරන්නේ මේ 15 ක් වෙන වදකයෝ ටික නෙමෙයි, මිට පිටිපස්සෙන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ විවිද නම්වලින් පෙනීසිටින ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වලපල්ලට ගෙනයන සන්විදානයි. මේ ව අතර විවිද විරුද්ධ වාදී කම් තියනව නමුත් තම කාඩරය එකතු කරන්නේ මෙවැනි කුරිරු ක්‍රම වලින්
      අද සමාජය මේ ගැන ඉතා දැනුවත් http://www.lankadeepa.lk/index.php/articles/508432

      මෙතැන බහුතරයක් ඉදිරියේ කීපදෙනෙක් සාධාරනිකරණය කරන්න හදන මෝඩ තර්ක දැක්කහම තේරෙනවා කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියල.

      ඉතා දිලිදු නිදහස් අද්යාපනයේ පිහිටෙන් විශ්වවිද්‍යාල වලට එන සිසුන් ගෙවල් කුලියට ගෙන නවකවදය දෙනවා කියන්න දේ ගැන පොඩ්ඩක් හිතන්නේ ඔවුන්ට කොහෙන්ද මේවට සල්ලි ? මේවට මුදල් සපයන්නේ ජනතාවිමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි NGO වල සහය ලබාගත්ත සංවිදාන පමණයි. රටක දියුණුව අඩාල කරන්නේ මොවුන්.

      ගෙවන ආයතන තුල මෙවැනි දේ සිදුනොවෙන්නේ අයි ? එම සිසුන් දන්නවා විභාගය අසමත් උනොත් ලක්ෂ ගණන් ගෙවන්න වෙන බව මෙනිසා හැකි ඉක්මනින් ඉගනුම සම්පුර්ණ කිරීමට ඔවුන් උනන්දු වෙනවා.

      අද්‍යාපනය අනෙක් වැදගත් ම දේ තමයි දිස්ත්‍රික් කොටා ක්‍රමය අහෝසි කිරීම මෙමගින් අඩු ලකුණු අරගෙන සරසවි වලට පැමිනෙන මේ රෝගීන් ගෙන් රට බේරන්න පුළුවන්. එතකොට අඩුගානේ කියන්න පුළුවන් නියම දක්ෂයෝ සරසවි වලට ආව කියල දැන් වෙන්නේ අගනගරයේ වැඩිම ලකුණු තියන කෙනා ඉදිද්දී ඈත පිටිසරින් අඩු ලකුණු ගත් කෙනෙක් සරසවි වලට ඇවිල්ල තමන්ගේ හීනමානයට අනුව වැඩ කරනවා.

      Delete
    2. වධකයන්ව හිරේ දානව නම් , විශ්වවිද්‍යාලයෙන් නෙරපනවනම් ජේවීපී/පෙරටුගාමී දේශපාලකයින්ට ඕවා මෙහෙයවන්න අය හොයා ගන්න අපහසුවෙනවා. නාකි වෙනකම් වෘත්තිමය ලෙස විශ්ව විද්‍යාල දේශපාලනය කරමින් ඉන්න උන් ටික දෙනෙක් ඉතුරු වෙයි. එච්චරයි.

      Punishments as a deterrent ක්‍රමය ඉතා හොඳින් කරන්න පුලුවන් අවස්ථාවක් තමයි නවක වධකයින් හිරේ යැවීම. හොරකම මිනීමැරුම ස්ත්‍රී දූෂණය දඬුවම් දීමෙන් අඩුවෙයිද නැද්ද කියන එක ගැන විවිධ මත තිබුනත්. මුන්ව හිරේ දැම්මොත් නවක වධය අඩු/නැති කරන්න පුලුවන් බව මගේ මතයයි.

      මුදල් ගෙවිය හැකි තත්වයේ අයගෙන් රජයේ විශ්ව විද්‍යාල මුදල් අය කර මුදල් ගෙවිය නොහැකි අයට කාර්යක්ෂම ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කල යුතුයි.

      දිස්ත්‍රික් පදනම යටතේ නොමිලේ අධ්‍යාපනය නොමිලේ දෙන අසාධාරණ අධ්‍යාපනයක් මිස නිදහස් අධ්‍යාපනයක් නොවේ

      Delete
  3. එදත් විරුද්දයි
    අදත් විරුද්දයි!

    ReplyDelete
    Replies
    1. සිරිපාල හෙට්ටිආරච්චිFebruary 21, 2017 at 9:49 PM

      //එදත් විරුද්දයි
      අදත් විරුද්දයි!//

      සා රසයත් බලාගෙන ගියාම එළ කොල්ලෙක්නේ..

      හැබැයි පුතෝ පස්සෙන් පහු " සර ස තුමා විසින් අවිශිබම යෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා නවක වදය යනු වදයක් නොව ෂෝයි පොෂ් වැඩක් බව සරස තුමා අවධාරනය කර සිටී!" වගේ හරුපනම් කියන්න ඔට්ටු නෑ හරිය..

      මොකද බොලා සතපහකට විශ්වාස නැති බුවෙක්නේ.

      Delete
    2. සාරස මා මිතුරු කොළඹ රාජකීය විදුහල් සිසුවෙක්ට Z-ස්කෝර් ලකුණු ටිකක් මදිවී කොළඹ පරිගණක විද්‍යාවට ගිය අලුත පුරප්පාඩුවක් පිරවීම (බෝට්ටු - ඔබ දන්නවානේ?) මගින් පේරාදෙණි ඉංජිනේරු පීඨයට තේරී එහි ගියා. ඉහල මධ්‍යම පාන්තික නීතිඥයකුගේ පුතෙකු ලෙස තරමක් බටහිර ආරෙට සැදුනු මෙන්ම ඉතා දක්ෂ, හොන්දිනින්ග්‍රීසි බසත් පාසැල් විවාද වලටත් මුහුණ දුන් නමුත් නමුත් සාමකාමී අහිංසක සිසුවකු වූ ඔහුට පලමු දිනයේ ජ්‍යෙෂ්ට පාහරයින් ඇමතුවේ මෙලෙසලු;

      තෝ කොහෙන්ද ආවෙ? - කොළඹින්
      කොහෙද ####ගෙ පුතෝ ස්කෝලෙ? - රෝයල් කොලේජ්
      රෝයල් කීයක් තියෙනවද #රි #කෝ? තෝ පොළොන්නරු රෝයල්ද? - නැ කලම්බු වල

      අම්#### $##@% කැ@$^& ##### තොට සුද්දෙක් #කේ ඇරියද #රිය කඩ්ඩෙන් වනන්න කියා ඔහුව සිය ග්‍රහනයට ගත් ජ්‍යෙෂ්ඨ #ත්තම පාහරයින් ඔහුට අතිශය ජුගුප්සාජනක ලෙස වධ දුන් නිසා (වැසිකිළිවල පවා ගෙන ගොස් පුශ්-අප්ස් ගස්සවා) ඔහු පාඨමාලාව හැර යාමට සිදුවුණා. අවසන ඔහුට කොළබ සරසවියත් පේරාත් දෙකම අහිමි වුණා. පසුව ඔහු විදෙස් සරසවියකට ස්කොල් එකක් ලබා පිටව ගියේ මෙරට සරසවි ගැන දැඩි කලකිරීමෙන්. මෙබඳු සිසුන් කොපමන ඇත්ද ? මේ කාලකණ්ණි උපකුලපති පාහරයා මුලින්ම පන්නා දැමිය යුතුයි. සරසවි නවක වධ පාහර ත්‍රස්තවාදය වනසා දමමු.

      Delete
    3. මේ හීනමාන තත්ව වලට ප්‍රතිකාර ගන්න ඕනේ

      Delete
  4. මා දන්නා පරිදි පේරාදෙනියේ දෙවන වසරේ සිසුන්ට ශාලාවල නේවාසිකාගාර පහසුකම් නෑ. මේ ගෙදර ඔවුන් නවාතැන් ගත් එකක් මිස නවක වදය සඳහාම කුලියට ගත් එකක් විය නොහැකියි. කෙසේ වෙතත් නවක වදය නැවැත්වීමට නම් මේ වගේ අහුවෙන අයට උපරිම දඩුවම් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව්න් කුලියට අරන් තියෙන්නේ ගෘහනිර්මාණ ශිල්පින් ලෙස පෙනිසිටිමින්

      Delete
    2. serendipity,

      //මා දන්නා පරිදි පේරාදෙනියේ දෙවන වසරේ සිසුන්ට ශාලාවල නේවාසිකාගාර පහසුකම් නෑ//
      පුදුමේ කියන්නේ මෙහෙම අතින් ගෙවල මේ සිසුන් විස්වාවිදාලයේ කිසියම් ඉදිකිරීමක් කළා කියල මම නම් අහල නෑ

      Delete
  5. මේ අයට මොකක් හෝ බියකරු මුහුණක්/ හිසක් තිබෙනවා යයි මට හැඟෙනවා.
    වෙනත් ලෝකෙක ජීවින් පිරිසක් වෙන්ඩ ඇති මයේ හිතේ. ඔලු ඔක්කොම වහගෙන යන්නේ.
    චන්ඩි නං පේන්ඩ යන්ඩ එපාය.

    ReplyDelete
    Replies
    1. චන්ඩි වගේ ලෝකෙට පෙන්නලා හිටියට ඇත්තටම මුන් නොන්ඩි වෙනවා නිසි පරීක්ෂණ කලාම

      Delete
  6. ඇත්තම කියනවනම් ලංකා. කියන්න කිසිම දෙයක් නැහැ. සා රස තුමා වගේම ඔබ තුමාත් කොමෙන්ට් තුමාලත් ඔක්කොම කියල තියෙනව.

    දැන් පොඩ්ඩක් රබර් බෝලේ වතුරට ඔබල තිබ්බ වගේ කාටවත් මේක නැත්තටම නැති කරල දාන්න උවමනාවක් නැහැ.

    මොකද මේ රැග් කරන එක නැති උනහම නිකං කෑවේ නැහැ වගේ ජාතියකුත් ලංකාවේ ඉන්න නිසා.

    උදාහරණ එමටයි. මම මෙහේ තුන් වෙනි වසරේ ඉන්නකොට ලංකාවේ ස්කොල් එකකින් ආව අනුරපුරේ ඩයල් එකක් බලෙන්ම මට සෙට් උනා. සයිකෝ කාරයෙක්. මම සෙට් වෙන්න ගියේවත් මම එක්ක සිංහල වචනයක් කතා කරන්න එපා කියල මම කියල තිබ්බ. වොර්නින් එකක් විදිහට.

    උගේ ගැන පොස්ට් එකක් ලියන්ට පුළුවන්.

    අපරාදේ උන් වගේ ඇවුන්ට දෙන ශිෂ්‍යත්ව. උගෙන්ම හිතා ගන්න පුළුවන් ලංකාවේ නිදහස් අද්‍යාපනය කියන කුණුහබ්බෙන් ඉගෙන ගෙන එලියට එන සමහරක් ගැන. ගොඩක් ඇවුන් මානසික රෝගීන්. ඇරියස් කවර් කරන්න එන ඇවුන්. තමන්ගෙ අඩුව උපාදියකින් අයිසින් කරගන්න එන අවුං. මුන් තමයි මේ රටවලුත් කෑවේ... 😡😡😡

    ReplyDelete
    Replies
    1. Tilan,

      //දැන් පොඩ්ඩක් රබර් බෝලේ වතුරට ඔබල තිබ්බ වගේ කාටවත් මේක නැත්තටම නැති කරල දාන්න උවමනාවක් නැහැ. //

      මෙන්න මේක තමයි ඇත්ත කතාව, මේවග ප්‍රශ්න තියනකන් ඇත්ත ප්‍රශ්නය යටගහන්න බෑ, මේ සිසුන් කවුරුත්ම උපවාස කරලා නෑ විෂය නිර්දේශය වර්තමානයට අදාළ නෑ කියල කියන්න, මේ වෙන විට ලෝකයේ වුර්තිය විශ්වවිද්‍යාල තම සිසුන් පුහුණු කිරීමට https://www.lynda.com වැනි අඩවි තුලින් තම සිසුන්ට අද්‍යාපනය ලබාදෙනවා,
      මේ තියෙන්නේ
      University of Cambridge https://www.training.cam.ac.uk/event/746907 තම සිසුන්ට පුහුණුව ලබාදෙන විදිය
      University of Oxford http://help.it.ox.ac.uk/courses/lynda/index තම සිසුන්ට පුහුණුව ලබාදෙන විදිය
      Harward university lynda.comhttp://lynda.harvard.edu තම සිසුන්ට පුහුණුව ලබාදෙන විදිය
      මේ තියෙන්නේ ලෝකයේ ඉන්දියාව ඇතුළු රටවල් බොහෝ ගණනක් පුහුණු කරන විදියයි
      https://www.lynda.com/international

      මෙහෙම තියෙද්දී ශ්‍රී ලංකාවේ විශවවිද්‍යාල වත් ආචර්ය වරුන් වත් මේවැනි පුහුණු වීම සදහා ඉන්ලනවා මමනම් අහල නෑ

      Delete
  7. නවකවදය දී එමගින් ශිෂයයින් ගේ සහයෝගය ලබාගත හැකි යැයි දේශපාලන පක්‍ෂයක් හෝ ශිෂ්‍ය සංවිධානයක් හෝ හිතන්නේ නම් එය විහිළුවක් බවයි මගේ අදසහ.

    නමුත්, මේ අමානුෂික නවකවදය නිසා සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම සමාජය තුල අගරුවට ලක්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය සපයන අය නවකවදය පිළිබඳව තම ස්ථාවර පැහැදිළි නොකරන්නේ ඇයි? ඔවුන් නවකවදයට විරුද්ධ නම්, දහස් සංඛ්‍යාවක් සිසුන් සයිටම් විරෝඳී සටනට එකතු කර ගන්නට හැකියාව ඇති කළ, නවකවදය තුරන් කර දැමීමට කිසිවක් නොකරන්නේ ඇයි? යන ප්‍රශ්නවලට මා සිතන පරිදි හේතුව නම්, තමන් නවක වදයට විරුද්ධ වූවොත්, තමන්ට පොදු සිසුන් ගේ සහයෝගය නැති වේය යන බිය නිසා ඔව්හූ එසේ නොකර අන්ධයින් මෙන් සිටින බවයි!

    ReplyDelete
    Replies
    1. රසික,

      //තමන් නවක වදයට විරුද්ධ වූවොත්, තමන්ට පොදු සිසුන් ගේ සහයෝගය නැති වේය යන බිය නිසා ඔව්හූ එසේ නොකර අන්ධයින් මෙන් සිටින බවයි!//

      ඔය තියෙන්නේ ඇත්ත කතාව මේකෙන් තේරෙනවා මේ සංවිදාන සහ සිසුන් සමාජය ගැන හරි තක්සේරුවක් නැතිබව, උඩ Tilan ට දාපු කොමෙන්ටුවෙන් මම පෙන්වාදුන්න විස්වාවිද්යාල සිසුන් ඉල්ලනවානම් ඉල්ලන්න ඕනේ මොනාද කියල.

      Delete