Saturday, December 3, 2016

වසර 2020 සර්වජන චන්ද බලය කෙසේ සංවිදානය විය යුතුද ?



සැලකිය යුතුයි :- පහත දැක්වෙන්නේ හුදු පරිකල්පනයක් බව කරුණාවෙන් සලකන්න.

"ප්‍රජාච්න්ට්‍රවාදය" යනු Democracy වචන්නයේ සිංහල අරුතයි, මෙහි ඉතිහාසයට ග්‍රීසියේ ඇතෑස්  නුවර දක්වා දිවෙනවා, මුලින් රටේ මහජනයා විශාල ස්තානයකට එක්කාසු වී තමන්ගේ නියෝජිතයන් තෝරාගැනීමයි සිදුවෙන්නේ, මෙහිදී මේ තෝරාගත් නොයෝජිතයන් විසින් තාමා නියෝජනය කරන ජනතාවගේ අබිමතය පරිදි තමතිරණය පර්ලිමෙන්තුවට දන්වන අතර මෙහිදී සිදුවන්නේ වැඩිදෙනාගේ උවමනා එපාකම් අනුව රට පාලනය වීමයි.

ලොව සියලු දෙය කල්යාමේදී වෙන්නස් වීමට ලක්වනවා යන නියාය සපත කරමින් සිදුවුයේ මුදල් සහ බලය ඇති මිනිසුන් විසින් මේ නියෝජිතයන් මිලදී ගැනීමයි, මෙම ක්‍රියාවලිය තරමක කැත වැඩක් උනත් එය ලස්සනට කිරීමට ඇමරිකාව යොදාගන ඇති නම්බුකාර වචනය "Lobbying"  එනම් මෙම වැඩපිළිවල තුලදී අදාළ මන්ත්‍රීවරුන්ට තමන්ගේ නමින් විවිද පදනම් පිහිටවන්න හැකිවූ අතර එම පදනම් මාර්ගයෙන් නම්බුකාර ලෙස අල්ලස්  ලබාගැනීමට  පහසුකම් සැලසී  ඇත.

මේ තත්වය ඉතා දියුණු අවදියක ශ්‍රී ලංකාව කියන රට පවතී.

මෙහිදී ජනතාවට උපරිමයෙන් බොරුකියා චන්දය ගෙන බලයට පත්වන මිනිසුන් තමා හට බලය දුන් ජනතාව සත පහකට මායිම් නොකර කරන සෙල්ලම ගැන අටුවා ටීකා උවමනා නැත.

අනාගතය ගැන ප්‍රබන්දය ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

දැන් අපි බලමු ග්‍රීසියේ ඇතිවූ තත්වය ජනතාවගේ වාසියට හරවන්නේ කෙසේද කියල, හිතන්න ඔබට ජනතා නියෝජිතයන් ඉවත්කිරීමේ බලය වසර 5කට වරක් නොව හැම මසකම  තියනවයි කියල මෙවැනි ක්‍රමයක් ප්‍රායෝගිකව සිදුකිරීමට තක්ෂණය අද වනවිට ලෝකයේ තිබෙන බව තේරුම් ගැනීමට ඇති සරලම නිදර්ශනය බැංකුවල ATM යන්ත්‍රයයි, මෙහිදී මිනිසුන් ලක්ෂ ගණන් තම බැංකුවල තන්පත් කර ATM මගින් විශ්වාෂනිය ලෙස මුදල් ඉවත් කරගැනීමට පහසුකම් සලසා ඇත, ඔබ හිතන්න ඔබට ඔබේ ජනතා නියෝජිතයා ඉවත් කිරීමට මෙවැනි ATM යන්ත්‍රයකින් හැකිය කියල අපේ ලෝකය කොතරම් වෙනස්වීමකට ලක්විය හැකිද ?

එනම් සෑම මසකම ජනතාවට තම නියෝජිතයා තවදුරටත් තබාගත යුතුද නැද්ද යනවග පහසුවෙන් ATM කාඩ් පත යොදා චන්දය දුන් වහාම වැඩිම මනාප ප්‍රමාණයක් ඇති පුද්ගලයා ඊලග මාසයේ බලයට පැමිණෙනවා නම්, ජනතා නියෝජිතයන්ට සිදුවෙනවා උපරිම සේවයක් තම චන්ද දායකයන්ට ලබාදීමට.

දැන් පනත් සකස්කිරිමටත් මේ ආකාරයේ ක්‍රියාවලියක් යොදාගන්න පුළුවන්, ඔබ හිතන්න https://en.wikipedia.org/ අඩවියට තොරතුරු එක්කරන විට කිසියම් අදහසක් විශාල පිරිසක් අතින් සම්මත වුනහම අදාළ අඩවියේ පිළිගත් තොරතුරක් බවට පත්වෙනවා, මේ ආකාරයට පනතක් සම්මත වීමේදී විශාල පිරිසක් එකගවන අදහස නිතිය බවට පත්කිරීමේ ක්‍රියාවලියක් සිදුවුනානම් ජනතාවට වැඩිම ප්‍රතිලාභ නොලැබී යයිද ?

මෙහිදී කෙනෙකු අසයි එහෙනම් ජනතාවට අවාසි සහගත බදු පනත් සම්මත කරගන්නේ කොහොමද ? සහ ජනතාව ගේ සුභ සාදනයට අදාළ දේ දිගින් දිගටම ජනතාව යෝජනා කලොත් ඒවා නිසා රට බංකොලොත් විම වලකා ගන්නේ කොහොමද? කියන කාරණය

මෙහිදී ද අරමුදල් සම්පාදනයට ක්‍රම යෝජනා කළහැකි අතර මේවා සදහාද මිනිසුන්ට තම කැමැත්ත අකමැත්ත පලකිරීමට අවස්තාව දීම මගින් ජනතාව කැමති අවම අප්‍රසාදයක් සහිත ක්‍රම වලින් මුදල් සම්පාදනය කළහැකි වනු ඇති (අරමුදල් සම්පාදනය කිසිවිටකත් ජනතාව කැමති නෙවන ක්‍රියාවකි )
මෙහිදී කිසියම් යෝජනාවක් සදහා

උදාහරණ දඩමුදල් 25000 කිරීම මහින් අරමුදල් සම්පාදනයට කැමති කවුදැයි ඇසුවහම
5000 ක පිරිසක් මිට කැමති වන අතර 500000 පිරිසක් අකමැති කියල කියමු
ජනතාවගේ ආදායමේ ලක්ෂය ඉක්මවන සියලු දෙනාගෙන්ම රුපියල් 5000 ක් අයකිරීම සුදුසුද කියන ප්‍රහ්නයේ දී
100000 අකමැති වෙද්දී 80 000ක් කැමති වනවා නම්

අඩුම අප්‍රසාදය ඇති යෝජනාව ක්‍රියාවේ යොදවන්න පුළුවනි.

මේ ආකාරයේ ක්‍රමයක් ආරක්ෂා කරිව ක්‍රියාවේ යොදවන්න හැකිනම් ඉදිරි අනාගතයේ බහුතරයකගේ සුබසිද්දිය සිදුකර ගැනීමට හැකිවෙනු ඇති.

සැලකිය යුතුයි :- මෙහි සදහන් සියල්ල බුද්ධිමත්ව බැලුවොත් ක්‍රියාත්මක කළහැකි නොවේදැයි කල්පනා කර බලන්න