Sunday, August 14, 2016

ඔබේ ආහාරය ගැන දැනුවත් වියයුත්තේ කෙසේද ?



බොහෝ කලකින් ලිපියක් ලියන්න බැරිඋනා, අදත් ලිපියක් ලියන්න මට අදහසක් නොතිබුනත් පහත ලිපිය නව ලිපියක් ලිවීමට පෙළබිම සිදුකලා

 http://www.divaina.com/2016/08/14/nimna01.html

මට ඔබට කියන්න උවමනා කලේ හාත්පසින්ම වෙනස් කතාවක් මිට මුලබිජය සැපයුනේ ලිපියේ අවසාන චෙදයයි.

"මම ඇමරිකාවේ පදිංචි වෙලා හිටියත් ගමේ විදියට තමයි, එහේ ජීවත් වෙන්නේ. ගෙදරට අවශ්‍ය එළවළු අපි වගා කරගන්නවා. බණ්‌ඩාක්‌කා, වැටකොළු, පතෝල, ලීක්‌ස්‌, කොළ වර්ග, වට්‌ටක්‌කා, පුහුල්, ආදිය වගා කළා. මම තාම කන්නේ ගමේ කෑම. හවස වැඩට ගිහින් ආපු ගමන් යන්නේ එළවළු කොරටුවට. ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ කීවේය."

මෙය කියවන බොහෝ අය සිතන්න පුළුවන් මොනතරම ඉහලට ඉගනගත්තත් මේ ඉන්නේ තවත් බයියෙක් නේද  කියල, නමුත් මගේ කාතාව පටන්ගන්නේ  "ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය" කියන ආයතනය කියන්නේ මොකද්ද කියල සරල පැහැදිලි කිරීමක් කිරීමෙන්,
මෙය තමයි සරලව U S Food and Drug Administration නැත්නම් FDA ලෙස සදහන් වන්නේ, ලෝකයේ පවතින අති නවීන ත්ක්ෂනයත් ලෝකයේ දක්ෂම මිනිසුන්ගේත් එකතුවක් තමයි  FDA කියන්නේ, ප්‍රශ්නයකට තියෙන්නේ ලෝකයේ බලවත්ම සමාගම් මෙම ආයතනය මුදල් බලයෙන් පාලනය කිරීමයි.



බොහෝවිට මේ විශාල බහුජාතික සමාගම් වල ඉහලම නිලතල දරන උදවිය ඊට වසර කීපයකට පෙර සේවය කරලා තියෙන්නේ   FDA  ආයතනයේයි, දැන් ඔබට තේරෙනව ඇති මම කියන්න යන්නේ මොකද්ද කියල, එනම් මෙම ආයතනය විසින් බලවත් බහුජාතික සමාගමක් විසින් වෙළදපොලට සපයන කිසියම් ආහාරයක් මිනිසුන්ට අහිතකර නම් ඔවුන් සිදුකරන්නේ විවිද ක්‍රමවේද යොදා අදාළ ආහාරය හෝ බෙහෙත එතරම් අහිතකර නොවන බවට සහතික ලබාදී වෙළදපොලට යැවීමයි.

මෙහිදී යම් විදියකින් මෙවැනි විද්‍යාඥයකු විරුද්ධ උනොත් ඔහුගේ ඉදිරි අනාගතය ඉතා අදුරු කිරීමට මෙම බලවත් සමාගම් වගබලාගනී, නමුත් ඔබට මේ විද්‍යාඥයා (ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ) නොකියා කියන පාඩමක් තිබෙනවා, එනම් තම ආහාරය තමන්ම නිපදවා ගත යුතු බවයි. මෙවැනි ඉහල ආදායමක් ලබන මිනිසෙකු තමන්ට උවමනා ආහාරය ගෙවත්තේ වවන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඔහු දන්නවා සාමාන්‍ය මිනිසුන්ට කන්න ලැබෙන ආහාර කොතරම් විෂ සහිතද කියල.

මෙනිසා මෙවැනි දැනුම ඇති මිනිසුන් තමන්ගේ ආහාරය තමන්ම වවාගැනීම සිදුකරනවා, මා විසින් සොයාගන්නා ලද ආහාරය කොපමණ විස එක්කරනවද යන්න දනුවත් අය කිසිවිටක කෘෂි නාශක ගසපු එළවලු පලතුරු පාවිච්චි කරන්නේ නෑ

මහා බ්‍රිතාන්යේ  ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයත් මෙවැනි කෙනෙක්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විට පැවසුවේ තමන්ට බෙහෙත් ගසනලද කිසිදු ආහාරයක් නොදියයුතු බවයි.

මේ තියෙන්නේ චාර්ල්ස් කුමාරයාගේ ගොවිපොලයි.



තව කිවයුතු දෙයක් තියනව අද වෙලදපොලේ තියනවා වසවිසෙන් තොර ආහාර ලෙස වෙනම විකුණන වැඩිමිල ආහාර විශේෂයක්, ප්‍රශ්නය මේ ආහාර කොපමණ වසවිසෙන් තොරද කියන එකයි. මෙනිසයි මම ඔබට කියන්නේ කුඩා හෝ ගෙවත්තක් ඇත්නම් පොඩියට හෝ වවන ලෙස.

මෙහිදී ඔබට කළහැකි වැදගත් දෙයක් තියනවා එනම් ඔබ පැරණි දේශීය බිජ සොයාගන්න (කෘශි කාර්ම දෙපාර්තමේන්තුවේන් මේවා ලබාගැනීමට නොහැකි බව දැනගන්න )

තම යහළුවන් මිතුරන් මගින් මෙවැනි බිජ ලබාගෙන, මේ බිජ යහළුවන් මිතුරන් ආතර හුවමාරු කරගන්න.

මේ දේශීය බෝග කොතරම් වටිනාවද කිව්වොත් උදාහරණයක් විදියට "වදුරු මෑ" වැනි දේශීය ආහාර වල අදික ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතිනවා. නමුත් මේවා වෙලද පොලින් මිලදිගනිමටත් අපහසුයි.

අවසාන ලෙස ඔබට කියන්නේ මෙවැනි විද්‍යාඥයන් නොකියා කියන දේ තේරුම් ගන්න,
"තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්න (J R Jayawardene) "
මෙකියමනට බොහෝ දෙනා බනිනවා නමුත් මේ කියමන අවවාදයක් ලෙස ගත්තනම් අප බොහෝ දෙනාගේ ජිවිත ආරක්ෂා කාරී වීමට තිබුන.

ඔබට ජය !