Thursday, March 31, 2016

වස විසෙන් තොර ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර සකස් කර ගැනීම


මුලින්ම වස සහිත Arsenic සහිත සහල් පිරිසිදු කර ගැනීම සදහා ක්‍රම කීපයක් බලමු


මෙහිදී සිදු කරන්නේ අදාළ සහල් ප්‍රමාණය ක්‍රම කීපයකට සේදීම මගින් විශාල හානිකර අර්සනික් ප්‍රමාණයක් ඉවත් කර ගැනීමයි.

මේ වනවිට ඇමරිකානු වෙලදපොලේ ගෙදරදීම Arsenic හදුනාගැනීමේ සරලඋපකරණ මිලදීගැනීමට ඇත.



අද වනවිට ශ්‍රී ලංකාවේ වෙළදපොලට කිසිම ප්ර්ක්ෂාවකින් තොරව  පැමිණෙන විවිද සහල් වල ඉතා අධික අර්සනික් පමණක් නෙමෙයි තවත් ඉතා භයානක විස සහිත රසායනික  ආහාර සමග  පැමිණෙන බව අප නොදනී.

මේවා ගැන වැඩියම දැනුවත් පිරිස වන්නේ විශාල ධනවතුන් වන කෘෂිකර්ම ක්ෂේස්ත්රයේ සිටින අයයි.
මෙනිසා අද වනවිට කාබනික ගොවිතැන කරන ආයතන අතරට CIC ආයතනය පැමිණ සිටි මෙහිදී රටේ මිනිසුන් දැනගත යුත්තේ මේ සමාගම රටේ බහුතර ජනතාවට වස ලබාදෙන අතර තම සමාගම වල ඉහල සේවකයන්ට කාබනික ආහාර ද්‍රව්‍ය පහසු මිලට ලබාදෙනු ලබයි.

  මේ සිදුවීම ශ්‍රී ලංකාවේ විශාල සමාගම් කීපයක් අනුගමනය කරයි, එනම තම ආයතනයේ සේවකයන්ට සහ එහි අයිතිකරුවන් සදහා සිමිත ප්‍රමාණයක් වස විසෙන් තොර ආහාර වගාකිරීම කරනු ලබයි.

තත්වය මෙසේ පවතිද්දී අප සොයා බැලිය යුතු සහ දැනුවත් වියයුතු වැදගත් කරුණක් පවතී

කාබනික ගොවිතැනේ අස්වැන්න   අක්කරයට වී බුසල් 80ක් පමණ වන විට රසායනික පොගොර වලින් අක්කරයට වී බුසල් 120 ක් ලබා ගැනීමට හැකියි.

නමුත් වාර්ෂිකව පස විනාශ වීම නිසා යෙදිය යුතු රසානන පොහොර වැඩිකළ යුතු වීමයි, එසේ නොමැති වුනොත් වසර 10 කදී කිසිවක් වගාකළ නොහැකි වනවාට අමතරව රසායනික පොහොර වැඩි නොකලොත් අස්වැන්න සීග්‍රයෙන් අක්කරයට බුසල් 60 ටත් අඩුවිය හැකියි.

මෙහි අප සලකා නොබලන කාරනයමේ බුසල් 40 නිපදවීමට ගොවින් රුපියල් 30000 ට ආසන්න මුදලක් වැයකරන අතර ආදායම රුපියල් 15000 කට කිට්ටු වේ.

මෙහිදී ගොවියන් මෙය තේරුම් නොගන්නේ මේ 30000 ට ආසන්න මුදල ඔවුනට ලැබෙන්නේ සහනාදාර මත වීමයි එනම් මේ වියදම රටේ මහජනයා දරන ආතර සියලු ආදායම බහුජාතික සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටවේ.

මෙහිදී විවිද වැරදි සහ දුර්වල තා ඇතත් මම අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උත්සාහය අගය කරමි.
අප ලොකුවට කෘෂිකර්මය ගැන කිව්වත් කන සියලුම එළවලු සහ පලතුරු වස සහිත බව බොහෝ දෙනා වටහා නොගැනීම කනගටුවයි.

ටිකක් සිතන්න දැනට වසර 20ත පෙර පාසල් ගිය මට දියවැඩියාව වැලදී ඇති එකම සිසුවෙක් වත් දක්නට නොලැබුණි. දැන් තත්වය මිට හාත්පසින්ම වෙනස් අත්තර වසර 10 වැනි වයස් සීමාවල දරුවන් අතර දියවදියා රෝගීන් ප්‍රමාණය 10% බව සදහන් වේ.

මම මේගැන ගවේෂණය කිරීමේදී එක්තරා බටහිර උගතකු කිව්වා අපේ පරම්පරාව තුල එක සුවිශේෂ ලක්ෂණයක් පවතිනවා එනම් අපේ පරම්පරාව තමයි පළමු වතාවට "දෙමාපියන් විසින් දරුවන් ව බුමදාන කරන්නේ  "  කියල මොකද මෙතක් සිදුවී අත්තේ "දරුවන් විසින් දෙමාපියන්ව බුමදාන කිරීමයි "

ඇත්තටම වසර ගණනාවක් රසායනික පොහොර යොදන ලද පසක් තුල මුලින්ම කාබනික වීමේදී ලැබෙන පලදාව අඩු විය හැකියි නමුත් වසර 2කදි පමණ විශාල දියුණුවක් ලබාගැනීමට හැකියි.

අනෙක් වැදගත් කාරණය ගොවියන්ට රසායනික පොහොර වෙනුවට කාබනික ද්‍රව්‍ය (කාබනික පොහොර වෙළදපොලෙන් මිලදීගැනීමට නෑ ඒවා නිපදවන්නේ ශුද්‍ර ජීවින් විසිනුයි) මිලදී ගැනීමටත් උවමනා උපකරණ ගැනීමටත් වැඩපිළිවලක් රජය සැදිය යුතුයි.

දැන් බලමු සොබාවික ගොවිතැනේ සාර්ථකත්වය.


     මේ සදහා තිලක් කන්දේගම මහතා පාරිසරික ගොවිතැන ගැන අපුරු උපදෙස් සදහන් කරලා තියනවා (මෙය ලියන මමත් ඔහුගේ උපදෙස් සාර්ථකව නිවාස තුල අත්හදා බලා  තියනවා )

01



      02



03



04



05



06


මේගැන එංගලන්තේ චාර්ල්ස් කුමරු අපුරු දෙයක් කිලය තියනවා


Wednesday, March 30, 2016

කපටියා හදුනාගන්න CCTV දර්ශන මැකී යයි !!



මා මිට පෙර මේ ගැන සදහන් කල විට පෙර ලිපිය මේ බ්ලොග් අවකාශයේ සමහරුන් කිව්වේ මෙය මහින්දගේ සහ ගමන්පිල පිරිසේ  රැවටීමක් බවයි, නමුත් අපට සිදුවෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට තියුනු ඇසක් සහ මනසක් අති කර ගත යුතුයි.

මා කිව්වා මෙයට පාටලී සම්බන්ද නැත්තනම් මුලින්ම කරන්නේ මේ CCTV දර්ශන ඉදිරිපත් කර තම  නිර්දෝෂී බාවය ඔප්පු කරන බව.

දැන් එම දර්ශන මැකී ගොස් අවසන්, නිතිය ඉදිරියේ මොහු නිර්දෝෂී උනත් බුධිමත් මිනිසුන්ගේ මනසේ මොහු ඉදිරියට වංචනිකයකු ගේ බුමිකාව රගපානු ඇති.


මිට අමතරව මෙම සිදුවීම තේරුම් ගැනීමට අපහසු වූ අයට කියන්න තියෙන්නේ ETCA ගිවිසුම ගැනත් ඔබට තේරුම ගත නොහැකි බවයි.

මහින්ද කියන්නේ කපටියෙක් සහ දුෂිතයෙක් කියන දේ ට කිසිම සැකයක් නෑ නමුත් ඔහු කරන දේ සහ නොකරන දේ ගැනත් අපි දනුවත් විය යුතුයි.

සියලු කුණු බේරුවෙල බොක්කට කිව්වා වගේ සියලු වැරදි මහින්දට බැර කිරීමට කිසිවිටකත් අප ඉඩ දිය යුතු නෑ.


Saturday, March 26, 2016

ශ්‍රී ලංකාවේ විනාශකාරී ආහාර

 


අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතා විනාශකාරී ලෙස කෘමිනාශාක දමමින් පවතී, මිට හේතුවූ කාරණා කීපයක් පවතී.
01. දිගින් දිගටම රසායන පොහොර දීම නිසා පසේ සියලුම ශුද්‍ර ජීවින් මැරීම හෙතුවෙන් පලදාව වැඩිකිරීමට වැඩි වැඩියෙන් පොහොර දැමීම සිදුකල යුතුයි.

මෙසේ ප්‍රමාණය ඉක්මවා ගසන පොහොර නිසා ඇති වන භෝගයට විශාල වශයෙන් හානිකර කෘමින් ගේ හානිය සිදුවේ, මිට හේතුව මේ හානිකර කෘමින් ආහාරයට හන්නා අනෙක් ජීවින් මේ වනවිටත් මරා දමා තිබීමයි.

02. ජානමය ලෙස දියුණුකරන ලද භෝග ආහාරය නිසා, එම භෝගයට හානිකර කෘමින් ගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී විස  වී අදාළ කෘමියා මැරෙන ලෙස ට ජාන දියුණු කල බිජ පවතී, මේ ක්‍රියාවලිය ආකාර කීපයක් නිසා අහිතකරයි

මුනින්ම අහිතකර මිනිස් සිරුරට කරන බලපෑම මොනවාදැයි අදාළ භෝගය ආහාරයට ගත වහාම සහ දින 7 ක වැනි සුළු කලකදී තීරණය කිරීමට නොහැකි වීමයි, වැදගත් ම කාරණය මෙම බිජ අනුමත කරවාගන ඇති ක්‍රමවේදය වංචා සහගත වීමයි.


     
මෙය සොයාගැනීමට මුලික වූ විද්යාත්නයෙක් වන Dr  Arpad Pusztai


මොහු තමයි GMO (ජාන දියුණු කල ආහාර නිසා පිළිකා වැළදෙන බව ඔප්පු කලේ )

ඔහු මේ සදහා ජාන දියුණු කල අල මියන්ට දින 10 තුල ආහාරයට ගැනීමට සලස්වන ආතර මේ කාලයේ දී මියන්ගේ බඩවැල් තුල පිළිකා සයිල ඇති වන බවත් පොඩි මොලයක්, පොඩි අක්මාවක් සහ කුඩා අන්ඩ කෝෂ ඇති  වන බව නිරීක්ෂණය කරනවා මෙය ගැන ඔහු රූපවාහිනියෙන් තමා දැනගත් දේ හෙළි කරනවා මෙය ලෝකයට ගිය වහාම ඔහු වීරයෙක් වනවා දවස් 2 ක ට ඉන්පසු එංගලන්ත්න අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයේ සිට පැමිණි දුරකථන ඇමතුම් 2 කින් ඔහුගේ සේවය අත්හිටවනවා.

නමුත් ඔහුට විරුධව ඇති චෝදනා පාලිමේන්තුව තුලින් ඉවත් කල වහාම   GMO වල හානිය ගැන  දහස් ගණන් ලිපි පලවනවා, ඉන්පසු යුනි ලිවෙර් සමාගම තම යුරෝපිය භාණ්ඩ සදහා GMO බාවිතය අත්හිටවනවා.

මිට හේතුව යුරෝපයේ පාරිබෝගිකයන් මේ පුවත ගැන දැනුවත් වීමයි නමුත් ඇමරිකාවේ ජනමදය මෙම පුවත වාරණයට ලක්කරනවා.

යුනි ලිවෙර්   වාරණයට පසු නෙස්ලේ ආයතනය GMO වාරණය කරනවා ඉන්පසු සතියේ සියලු යුරෝපිය  ආයතන GMO බෝග තම භාණ්ඩ වලින් ඉවත් කරනවා . 

අවසාන වශයෙන් GMO පාවිච්චි වන්නේ සත්ව ආහාර සදහායි.

මිට අමතරව සමහර කෘමින් මේ GMO වලට ප්‍රති ශ්ක්තිකරණය  ඇති කරගන්නවා, මේ නිසා සිදුවෙන්නේ වඩා විසෙන් යුතු කෘමිනාශක යෙදීමයි අද වනවිට වේගයෙන් බෝනොවන රෝග ඇතිවීමට මුලිකම හේතුව මෙයයි. 

අපි දැන් බලමු ඇයි දියුණු ඇමරිකාවේ මේ සදහා ප්‍රතිරෝදයක් නැත්තේ කියල 

1991 දී ප්‍රථම බුෂ් යුගයේ මේවා වේගයෙන් වෙළදපොලට ගෙනයාම සදහා FDA (Food and Drug Administration) ආයතනයට උපදෙස් දෙනවා, මෙහිදී  FDA ආතතනය අලුත් තනතුරක් ඇති කරනවා එනම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රදනියා ලෙස Michael R. Taylor නම් මොන්සේන්ටෝ සමාගමේ නීතිඥයෙක් පත් කරනවා.

Michael R. Taylor මේ පත්වීම සමග ප්‍රතිපත්තිය තීරණය වෙනවා "අපි GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක් නොදකින බවත් මිට කිසිම ආරක්ෂක පරීක්ෂණයක් උවමනා නැති බවත් කිසිදු ලේබල් කිරීමක් උවමනා නැති බවත් " තීරණය ගන්නවා.

ඉන්පසු Michael R. Taylor මොන්සේන්ටෝ ආයතනයේ vice president  බවට පත්වෙන ඔහු දැන් ඔහුයි එක්සත් ජනපදයේ ආහාර ප්‍රතිපත්තිය තීරණය කරන්නේ, වසර 7 ට පසු නඩුවකදී  ලේකන හමුවෙනවා "GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක්නැතිබව  කීම " සම්පුර්ණ බොරුවක් බව 

FDA ආයතනයේ විද්යත්නයන් සදහන් කර ඇත්තේ GMO නිසා විවිද අසාත්මිකතා, විස වීම්, අලුත් රෝග ඇතිවන බවත් මේ ය මිනිසුන් තුලත් පපරීක්ෂා කල යුතු බවත්ය.

නමුත් ඇමරිකානු දෙසපලන්යයන් මෙය යටපත් කිරීමට හැකි සියලු දෙය කරනවා අවසානයේ සොයාගන්නේ බඩවැල් ආශ්‍රිත රෝග ඇති වන බවයි, වේගයෙන් මහලුවීම, වද බාවය වැනි රෝග ගණනාවක් මිට හේතුවන බව සොයායන්නවා, සහ වහාම මෙය ඉවත්කළ යුතු බව සදහන් වෙනවා මිට අමතරව සියලුම දොස්තර් වරු GMO නොවන ආහාර තම රෝගීන්ට දියයුතු බව සදහන් වෙනවා.

මෙගිදී මෙසේ උපදෙස් දුන්න දොස්තර වරුන් ගණනාවක් සමග අදහස් හුවමාරුවේදී තම රෝගීන් GMO ආහාර ඉවත් කිරීමේදී සුවය ලැබුබව සදහන් කරනවා.

මිට අමතරව ගවයන් සහ උරන් GMO ආහාර ඉවත් කල විට මේ සතුන්ද සුවවන බව සදහන් වෙනවා 

තවදුරටත් roundup (glyphosate) වැඩි වැඩියෙන් පාවිච්චියෙන් පසු බොහෝ දෙනාට stroke, dementia, ස්ථුල බාවය, පිලිකා, Autism, දියවැඩියාව.

මෙහිදී අප දැනගත යුතුයි ශ්‍රී ලංකාවේ 1996 කුඩා දරුවන් 10000 ට 6 ක් සිටි Autisum අනුපාතය 2013 වනවිට 100 ට 1 ක් දක්වා වර්දනය වී ඇති බවයි.


මේ කුඩා දරුවන් කතාකිරීමේ පරක්කුවීම්, සහ මානසික මන්ද භාවයෙන් පෙළෙනවා.

මෙහිදී   Jeffrey M. Smith සදහන් කරන වැදගත් දෙයක් තමයි මෙවැනි
Autisum දරුවන්ට කෘමිනාශක නොදමන ආහාර ලබාදීමෙන් මේ දරුවන්ගේ මානසික මට්ටම සුව අතට හැරෙන බවයි.

මෙහිදී අපුරු සදහනක් වෙනවා (Massachusetts Institute of Technology) MIT විශ්ව විද්‍යාලයේ
විද්යාත්න වරියක් කරන ලදවිශ්ලේෂණයකින් සොයාගන්නවා ඇමරිකාවේ
glyphosate පරිහරණය ඉහල යාමත් Autisum වර්දනයත් සමානුපාතික වන බව.

අප මෙහිදී තේරුම් ගත යුත්තේ අතිවිශාල ධනයක් ඇති මෙවැනි සමාගම් නිතිය තමාට උවමනා විදියට සකස්කිරීමට හැකි බවයි.

මෙය කියවන බොහෝදෙනා අසා ඇති වචනයක් තමයි  "Tobacco Science" මේ වචනයට හේතුව වසර ගණනාවක් දුම්බීම ශරීරයට අහිතකර නොමැති බව කීමට විවිද ප්‍රසිද්ධ දොස්තර වරු ලෝකයේ මුදලට විකුණුනා කියන දෙයි.

මෙන්න අතීතයෙන් මතකයක් 


 
 මෙහිදී මේලෝකය මුදලට විකිනෙන හැටි තේරුම් ගතහැකියි. මෙවැනි වෙස්මුහුණු පලදිලීමින් ජනතාව මුලාකරන හැටි ගැන මතක් කලයුතු වන්නේ තවමත් මේ GMO ලෝකයේ තහනම් වි නැති බව කියමින් සිටින බුද්ධිය නැති උගතුන් රොත්තක් නිසයි (මුන් තමයි ශ්‍රී ලංකාවේ වැඩියම ඉන්නේ )

 
          
 

Saturday, March 19, 2016

නවීන විද්‍යාවේ නාමයෙන් වැනසෙන අපි








ඉහත විද්යාත්නයන් පෙන්වාදෙන්නේ නවීන ජාන තාක්ෂණයෙන්  කෘමින් විනාශ කරන විදියයි.
මෙහිදී කෘමීන්ට ඔරොත්තු දෙන බිජ නිපදවීම සදහා අදාළ බිජයේ ජාන වලට කෘමීන්ට විෂ දායක ජාන එක්කරනු ලැබේ මෙහිදී සිදුවන්නේ අදාළ බෝගය ආහාරයට ගන්නා කෘමින් මියයාමයි.
මෙහිදී මෙය මිනිසුන්ට කොතරම් අහිතකර දැයි විමසීමට කිසිම පර්යේෂණයක් නොකරන අතර විද්යාත්නයන් පවසන්නේ මිනිස් ජාන වලට කිසිම හානියක් නොකරන බවකි.
නමුත් මොවුන් නොකියන දෙයක් පවතී එනම් අප ශරීරයේ ආහාර ජීර්ණ පද්දතියේ බඩවැල අශ්‍රිතව ශරීරයේ ආහාර ජීර්ණයට උපකාර වන බ්ක්ටිරියා කොටිගනනක් සිටිනවා, මෙම ජාන වෙනස්කල බෝග පාවිච්චියෙන් සිදුවන්නේ මිනිස් ශරීරය තුල මේ හිතකර බ්ක්ටිරියා විනාශ වීමෙන් විවිද අසාත්මිකතා ඇතිවීමයි.
මිට අමතරව සිදුවන අතිබයානක තත්වයක් පවතී එනම් මෙම ජාන වෙනස් කල බෝග වලට් ප්‍රතිශක්තිකරණය වූ නව කෘමින් බිහිවීමයි, මෙම කෘමින් පාලනයට අදික විස සහිත පලිබොඩ නාශක උවමනා වෙයි.
අද බොහෝදෙනා නොදන්නා සතයක් පවතිනවා එනම් රසායනික ද්‍රව්‍ය නොමැතිව කරන කාබනික ගොවිතැන (කොම්පෝස්ට් පොහොර දැමීම විතරක් නෙමෙයි ) වෙත ලෝකයේ දිවුණු රටවල් වෙගයෙන් යොමුවීමයි.

ඇත්තටම මෙම නව ආහාර නිෂ්පාදනය මුලින් සදන් වුයේ Green Revolution යන නමින් යුරෝපයේ 1930 දශකයේ පටන්ගත් මෙය ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ ඇත්තේ 1970 දශකයේ අගබාගයේ දියි.
නමුත් ලොව ඉතා ආරක්ෂිතව පවත්වපු රහසක් තිබෙනවා, එනම් මේ ආහාර ඉතා විෂ සහිත බව ලොව සිටින පෝසත් බලවත් පුද්ගලයන් කිසිවිටක මෙවැනි ආහාර මෙය ආරම්බ කල කාලයේ වත් පාවිච්චියට නොගැනීම කැපී පෙනෙන සිද්ධියක්.

මෙනිසා වෙනමම සිදුකල පාරිසරික ගොවිතැනක් ලොව පැවතුන බව ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනා නොදන්නා දෙයක්.

මේගැන අපුරු මතකයක් මට තිබෙනවා එක කෘෂිකර්මයට අදාළ මහාචර්ය වරයෙක් (මට ඔහුගේ නම මතක නෑ ) කිව්වා ඔහු උපාදියෙන් පසු සාශ්‍රපති උපාදිය සදහා Cambridge University ගොස් තිබෙනවා මෙහිදී ඔහුගේ මුළු කාලය තුලදීම මේ පරිසර ගොවිතැන පිළිබද කිසිම ඉගනගනිමක්  කර නෑ, තම පාටමාලාව අවසානයේ ඔහු තමන්ගේ ආචර්ය උපාධිය (PhD) සදහා ඉගනුම කරන විට තෝරාගත් පිරිසකට මේ පාරිසරික ගොවිතැන ගැන උගන්වා තියනවා, ඔහුටත් වාසනාව ලැබිල මෙය ඉගන ගන්න. ඔහු සදහන් කරන්නේ ඉතා දියුණු විදි පාරිසරික ගොවිතැනට අනුගමනය කලත් මේ ක්‍රම ගැන තමුන් ආචර්ය උපාදිය සදහා ඉගන ගන්නා තෙක් කිසිම දැනුවත් කිරීමක් නොතිබූ බවයි.

දැන් ඔබට පැහැදිලි ඇති මෙම පාරිසරික ගොවිතැන පවතින්නේ ලෝකයේ කිසියම් පිරිසක් සහදහා බව.
දැන් මේ රසයන පොර යොදා කරන ගොවිතැනේ පලදායිතාව ඉතා වැඩි බවයි මුලින් සදහන් වුනේ නමුත් අපි මෙහි ඇති සත්‍ය තත්වය ගැන බැලීමේදී එසේ නොමැති බව තේරුම් ගත හැකියි.
මුලින්ම මේ අර්බුදය කුමක්දැයි බලමු.

ආරම්බයේ රසායන පොහොර දැමීම නිසා පලදායි තාවය ඉහල ගියත් කල්යාමේදී පලදායිතාව ලබාගැනීමට වැඩි වැඩියෙන් රසායන ද්‍රව්‍ය යෙදිය යුතුයි. මෙම රසායන ද්‍රව්‍ය සදහා යන වියදම රටේ මහජනතාව දරන නිසා (රජය ගොවියාට සහනාදාර දීම මගින් ) එනම් රුපියක් 9000 ක් වන පොහොර මිටිය රුපියල් 350 ට දීම මගින් ඉතාවිශාල හානියක් සිදුවෙනවා.

යම්විදියකින් මේ රුපියල් 9000 ගොවියන්ට කාබනික පොහොර සදහා  ලබාදුන්නා නම් මේ අර්බුදය ඇතිවෙන්නේ නෑ, මේ සමග තව ප්‍රශ්නයක් තියනවා රසායන පොහොර නොදමා වගාකිරීම මගින් රසායනික පොහොර යොදාගන්නා අස්වැන්නට සමාන ඉහල අස්වැන්නක් ලබාගැනීමට හොවියා විශාල ලෙස දේශීය බිජ වගාකිරීම ගැන දැනුවත් වියයුතුයි, අද වනවිට රජයේ වී පර්යේෂණ ආයතනය සහ එහි ඉහල නිලදාරීන් මේ රසායනික පොහොර විකුණන ආයතන වල නියෝජිතයන් වී අවසන්.

මෙය තේරුම් ගැනීමට සරලම දෙයනම් අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මිලදීගන්නා බිජ බොහොමයක් මොන්සේන්ටෝ සමාගමේ නිජෝජිත සමාගමක් මහින් මිලදී ගත් ජාන තක්ෂණය දියුණු කල බිජ වීම.
අපේ කෘෂිකර්ම අමාත්‍යංශයේ නෑ දේශීය බිජ, සරල යත්ර්තය මෙයයි.

නවරජය වසවිසෙන් තොර වගාව මම ඉතා අගය කරන ආතර මිට උවමනා පොහොර නිෂ්පාදනය සග ගොවින් දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවලක් මම නම් දකින්නේ නෑ.

අද නවීන තක්ෂණය ඈත ගම්වලට ගොස් ඇති කාලයක මේ පාරම්පරික බෝග වගාකරන ක්‍රම විදි ගැන DVD කීපයක් වත් මේ ගොවීන්ට ලබාදෙනවා නම් ඉතා වටිනා දෙයක්.

තවම රජයට YOUTUBE ඔස්සේ මේගැන කරන දැනුවත් කිරීමක වත් නැතිවීම කණගාටුවට කරුණක්.
අනෙක් අතට වසවිසෙන් තොර බෝග සදහා අද මා සිටින ප්‍රදේශයේ නම් ඇත්තේ විශාල ඉල්ලුමක්.
මේගැන විවිද පුද්ගලයන් ප්‍රසන්සනිය කර්යක් කර ඇතිබව කිව යුතුයි.



චාර්ල්ස් කුමරුගේ ගොවිතැන 




                                   

Wednesday, March 16, 2016

15 නි දා එක්සත් ජාතික පක්ෂ උද්ගෝෂණය සහ අද 17 ත මහින්දගේ උද්ගෝෂණය ගැන මගේ අදහස.


 මුලින්ම 15 නි දා උද්ගෝෂණය ගැන මටනම් ඇත්තේ අපමණ සන්තෝසයක් මොකද මෙවගේ විහිලු අපි යහපාලනයෙන් බලාපොරොත්තු උනේ නෑ, රටේ පාලනබලය හොබවන රජයට ඉතා අඩු ජනතා සහබාගිත්වයක් ලැබුන මෙය (සහබාගිත්වයක් කිව්වට රජයේ ආයතනවල අහිංසක කම්කරුවන් ගම්වල සමුර්ධි ලාබින් ) යෝදාගෙන කරපු මෙම උද්ගොෂණය මගින් රනිල්ගේ වැඩපිළිවලට ජනතාවගේ ඇති දැඩි පිළිකුල මනාව පෙන්වනවා.

මේක රනිල්ට හොද පාඩමක්, ඉන්දියාව සමග ගිවිසුම් ගැසීමට ශ්‍රී ලංකාවේ මිනිසුන් පොරකකා සිටින බවයි රනිල් සහ ඔහුගේ   මෝඩ පිරිස සිතාගන ඉන්නේ.

මෙහි නිරුවත මනාව පෙන්වපි තැනක් තමයි  

 

මහාචර්ය රොහාන් සමරජීව මහතා හැසිරුණ විදිය, ඔහු මහාචර්ය වරයකු උනාට හැසිරුනේ හරියට පාතාලේ  මැරවරයෙක් විදියටයි.

මෙය බැලීමේදී ඔබ තේරුම් ගත යුත්තේ මේ අය මෙමෙ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කොපමණ පිඩනයකින් සිටිනවාද කියලයි.

මිට හේතුව කුමක්ද ඉහලම සිටින රනිල්ට දඩි පීඩනයක් ඉන්දියාවෙන් එල්ල වෙනවා මෙම ETCA ගිවිසුම ගැසීමට,

රනිල්ට උවමනාකලා ඔහුවටා ජනතාව සිටිනවා තමාට කැමති දෙයක් කළහැකි බව පෙන්වීමට නමුත් සිදුවුනේ අපේක්ෂා කල ජනතාවෙන් 10% වත් නොපැමිණිමයි.

ඔහුට වඩාත්ම පෙන්වීමට උවමනාකලේ තමාවටා තරුණයන් සිටින බව පෙන්වීමටයි, මෙය කොතරම් විහිලු මට්ටමට ගියාද කියනවනම් පහත පින්තුරයෙන් වටහාගත හැකියි 

 

https://www.facebook.com/abrighterfutuersl/videos/1733843416851539/


සාමන්ය මිනිසුන් ට මේගැන  ඇත්තේ දැඩි කෝපයක්

https://www.facebook.com/apearata/videos/931819510259184/

රටේ මහජනතාව රනිල් ගෙන් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂ නටපු නාඩගමේ දෙවෙනි කොටස නැරබීම නෙමෙයි මෙරට නවීන ලෝකයට සම්බන්ධ වීමට උවමනා කරන තාක්ෂනයත් රටේ අපනයන වර්දනය කිරීමට පැහැදිලි ක්‍රමවෙදයකුත් පමණයි නමුත් ඔහු වටේ සිටින කේවට්ට රැලට මෙය නොවැටහීම කණගාටුවක්.

එක්සත් ජාතිකප්ක්ෂයේ බුද්ධික පතිරණ වැනි අයට නිසි තැන නොදෙමින් හර්ෂ ද සිල්වාට මුදල් ඇමතිකම නොදී ඔහුට වඩා අඩු චන්ද ගත් රවී කරුණානායකට මුදල් අමාත්‍යංශයෙන් බාගයක් දී කරන මේ විගඩම එක්සත් ජාතික පක්ෂයට චන්දය දුන් කෙනෙක් ලෙස මටනම් පිළිකුල් සහගතයි.

දැන් අද මහින්දගේ උද්ගෝෂණය ගැන මට කියන්න වෙන්නේ, ජනතාව වන අපේ පැත්තෙන් මෙය ඉතා හොද බවයි, මේ මගින් රනිල් දැනගන්නවා වැඩිය නටන්න බැරි බව, මහින්දගේ පිල හොරු රැලක් තමයි, නමුත් මේ සොරුන්ට නිසි දඩුවම් නොකර රෙද්ද අස්සේ දාගෙන කන මේ මගුල ගැන හොද පාඩමක් රනිල් ඉගන ගන්නවා ඇති.

 

මෙනිසා මම මහින්දගේ උද්ගෝෂණය සාර්තකවෙවයි කියල ප්‍රාර්ථනා කරනවා (වෙලා තිබුනොත් මමත් යනවා )

2004 දී චන්ද්‍රිකා ඇමැති දුර පවරාගත් විට දොශාබියෝගය ගෙන එන්නේ නැතිව කරපු මෝඩකම වගේ මෝඩකමක් තමයි අද වෙන්නේ.

රනිල්ට කලයුතු වුනේ රටේ ඇත්ත තත්වය ජනතාවට පෙන්වා දුෂණයට විරුද්ධව නීති ගෙනත් දැඩි දඩුවම් කිරීම මගින් වේගයෙන් සංවර්දනය සදහා පියවර ගැනීමයි, නමුත් සිද්ද වුනේ මහින්ද කරපු හොරකම් තමුනුත් කිරීමේ බලාපොරොත්තුවෙන් ජනතාවට ඇස්බැන්දුම් පෙන්වන ප්‍රතිපත්තික්යකට යාමයි.

අද මා දකින විදියට මෙරජය හොද පාඩමක් ඉගනගන ගනි.

ජනතාවට ජය වේවා!!