Sunday, January 31, 2016

ලංකාවේ ඥානසාර ලකුණ !


ඉහත මාතෘකාවට පැමිණීමට පෙර අපි රටේ ස්වාමීන්වහන්සේලා සහ සාමාන්‍ය සිංහල බෞද්ධයා අතර ඇති සම්බන්දය ගැන යම් අවබෝදයක් ඇතිකර ගත යුතුයි. වසර  2500 ක ඉතිහාසයක් ඇති බුදුදහමේ පණිවිඩය මහජනයාට ලබාදුන්නේ ස්වාමින් වහන්සේලා විසිනුයි. 

කල් යාමේදී බුදුරජානන් වහන්සේ පනවා ඇති විනය ආරක්ෂා කිරීමේ උවමනාව භික්ෂුන් වහන්සේලා තුලින් ඉවත් වන්නේ සන්සාර විමුක්තිය පිළිබද බුදුදහමේ පණිවිඩය විවිද හේතු නිසා නවක ස්වාමීන් වහන්සේලාගේ මනසේ ඇතිකිරීමට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අසමත් වන නිසයි, නමුත් භික්ෂුව ඉන්පසු මනස යොමුකරන්නේ සමාජ සේවය දෙසටයි.

භික්ෂුන් වහන්සේලා ගිහියන්ට අනුශාසනා කරන අතර ගිහියන් භික්ෂුන් වහන්සේලා ට ආහාර පාන පුජාකිරිම සිදුකරයි. මෙම සම්බන්දය ගසට පොත්ත ලෙස සිදුවන්නේ ශතවර්ෂ ගනනාවක් ග්‍රන්ථ ඉගැන්වීම වෙදකම ඉගැන්වීම භික්ෂුන් වහන්සේලා විසින් කිසිම නිසයි (මුල් බුදුසමයට යනවිට මෙම කරුණු භික්ෂුන් වහන්සේලා නොකළයුතු දේවල් ලෙස ) සදහන් වුනත් පසු කාලයේ මෙය සාමානය සිද්ධි ලෙස ප්‍රවර්දනය වී ඇත.

අද වනවිට සිංහල සමාජයේ භික්ෂුන් වහන්සේලා ගේ ක්‍රියාකාරිත්වය බොහෝවිට අධිකාරිමය සොරුපයක් ගනී මෙහි බොහෝ වැරදි තිබුනත් බටහිර බලවතුන් මේ සම්බන්දයට අකමැති වන්නේ සිංහල සමාජය පාලනය කිරීමට ඔවුන්ට මේ සම්බන්දය මහත් බාදාවක් වන  නිසයි.

දැන් අපි 2009 කාලය බලමු වසර 30 ක යුද්ධය අවසාන වන්නේ සිංහලයන් ලබපු ජයග්ග්‍රහණයක් ලෙසයි (දෙමල ජනයා තමයි මේ නිසා නියම සැනසීම ලබා ගත්තේ ) මහින්ද රාජපක්ෂ මෙය තම බලය රැකගැනීමට පාවිච්චිකල මනා උපායක් උනා, මේ තත්වය ගැන භාහිරින් බැලුවහම තේරුම් යන්නේ බහිර බලවේගයකට මහින්දට අබියෝග කිරීමට නොහැකි බවයි.

නමුත් බාහිර අබියෝග නතර වුනේ නැත්තේ අන්තර්ජාතිකව ශ්‍රීලංකාවට විරුද්ධව මානව හිමිකම් අන්ශ යෙන් බලපෑම පැමිණීමත් සමගයි, මෙහිදී මහින්දට උවමනා වුනේ වැඩි වැඩියෙන් අන්තර්ජාතික බලපෑම වැඩි කර ගැනීමටයි මොකද අන්තර්ජාතික ව ශ්‍රී ලංකාවට විරුද්ධ වන සැම විටම මහින්දගේ රජය ශක්තිමත් උනා, රනිල් නිකම් ම පබයෙක් උන බව ඔබට මතක ඇති.

2012 අවදියේ තමයි  ඥානසාර තෙරුන් කරලියට වඩින්නේ ඔහු මුලින්ම ලෝකය දැනගන්නේ මත්පැන් පානය කර බලපත්‍ර රහිතව රිය පදවා  උසාවිය තුල වරද පිළිගනිම මගිනුයි.

මෙහෙම තැනැත්තා පසුව නොර්වේ රටට  ගොස් නැවත පැමිණ සිංහලයන් වෙනුවෙන් විශාල වියාපරක් අතිකර ගන්නේ ක්‍රිස්තියානි නිකායන්ට විරුද්ධ ආකාරයට වන අතර පසුව මුස්ලිම් විරොදයක් අතිකර ගනී.

මෙහි වැදගත්ම දෙය මෙවැනි වැඩ වලට ඔහුට මුදල් ලැබුනේ කෙසේද යන්න පිලිබදව කිසිදු හෝඩුවාවක් ලෝකය ඉදිරියයේ අනාවරණය නොවීමයි.

අද ලෝකය දෙස බැලීමේදී කිසියම්  රටකට අතපෙවීමට බටහිර රටවල් සිදුකරන්නේ රටට බාහිරින් කැරලි ගැසීම නෙමෙයි රට තුලින් කරැල්ල නිර්මාණය කිරීමයි, මෙහිදී අපි නොර්වේ රටට  මිට මෙතරම් උවමනා කරන්නේ මන්දැයි බැලිය යුතුය, නොර්වේ යනු තෙල් අපනයන කරන රටකි යම් විදියකින් ශ්‍රී ලංකාව තුල යම් පාලනයක් කිරීමට ඔවුන්ට හැකිනම්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලෝක තෙල් සැපයුමෙන්

සැලකියයුතු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලට ගෙන පිරිපහදු කිරීම පටන් ගත හැකිනම් අපට විශාල දියුණුවක් ඇති කර ගත හැකි වනවා පමණක් නොව කලාපයේ බලවත් රටක් වීමට හැකිවනු ඇත මෙසේ වුවිට නොර්වේ වැනි රටවලට තම වියාපර වලට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමෙන් ලබාගත හැකි වාසි නොලැබී යයි.

බොහෝ දෙනා අන්ද බාලයන් සේ “නොර්වේ අපෙන් මොනවා ගන්නද ?” වැනි ප්‍රශ්න අසන්නේ එක්කෝ මේගැන කිසිම අවබෝදයක් නෑ නැත්නම් මිනිසුන් නොමගයවිමට උත්සහ කරනවා   

නැවත ඥානසාර ප්‍රශ්නයට ගිය විට කරන්න උත්සාහ ගන්නේ සිංහලයන් ඇතුලින් ම බේද ඇතිකිරීමයි.

01.   මුලින්ම ඥානසාර තෙරුන් ගේ හැසිරීමෙන්  බෞද්ධයා ත්  සවමීන් වහන්සේලාත් අතර ඇති සම්බන්දය නැතිකරන්නේ ස්වාමින් වහසේනමකට නොගැලපෙන ලෙස හැසිරීම මගිනුයි, යම් දවසක භක්ෂුන් වහන්සේ පිළිබද සාමාන්‍ය බෞද්ධයා තුල ඇති ශ්‍රරද්දාව නැතිවුනේ යම් දවසකද එදා සිට බෞද්ධයා භක්ෂුන්ට ආධාර කිරීම නැවතී මේ නිසා බහිර පාර්ශවයකට ශ්‍රී ලංකාවට ඇගිලි ගැසීම පහසු වේ.

02.   මුස්ලිම් සහ සිංහල මිනිසුන් අතර ගැටීමෙන් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන බලය නැති කලේ මෙලෙසයි.

03.   රටේ ආර්ථිකය සුදුවක් ලෙස පැවැත්වීම මගින් රටේ නායකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙනවිවිද බාහිර බලවතුන් සහ බලවත් රටවල් ගිසිසුම් අත්සන් කරවා ගනු ලැබේ.


04.   මහජනයා යහපාලනය නමැති ඇස්බැන්දුම තුලින් සිදුවෙන දේ තේරුම් නොගනී.   ඉතිරි අය මහින්දට ගොට්ට අල්ලයි. රට දියුණු කිරීමට වේගයෙන්ම ගතයුතු ක්‍රියාමාර්ග තිබියදී මෙවැනි විවිද බලවේග රගදක්වන නාටක බලමින් අපි සිටිමු.             

Saturday, January 30, 2016

පවතින දේසපාලනය තේරුම් ගැනීම.



මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රථම වෙඩිමුරය අද පත්තුවී ඇත.
දැන් බොහෝ දෙනාට මයිත්‍රී පාලනය නිතිය ක්‍රියාත්මක වන අවංක පාලනයක් ලෙස ලෝකයට පෙන්වාදීමට, යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පෙන්වාදීමට පුළුවන්, මෙය ලියන මමත් චන්දය දුන්නේ   මයිත්‍රී පාල සිරිසේන මහතාටයි, මෙහිදී වැදගත්ම දෙය මෙතන පවතින දේශපාලනය තේරුම් ගැනීමයි.

මුලින්ම මහින්ද රාජපක්ෂ යනු කවුදැයි බලමු :-
ශ්‍රී ලංකාවේ වසර 30 පමණ පැවති යුද්ධය වසර 3 කින් අවසන් කල අසහාය නායකයයි.මුලින්ම ඔහුට අපි මේ ගැන කෘතන්ය විය යුතුයි, මක්නිසාද? දිනපතා මරුන සිංහල සහ දෙමල මිනිසුන් අද මියනොයන නිසයි, දකුණේ මව්වරුන් අද සහනයෙන් සිටින්නේ මහින්ද මුලික වී ගත් තීන්දු නිසයි (මමනම් යුධ්දය දිනීම ගැන වැඩි ගවුරවයක් ලබාදෙන්නේ ඝෝටාභය රාජපක්ෂ මහතා ටයි)
මෙසේ දිනාගත් රට තුල ඔහුගේ පිරිහීම ඇතිවන්නේ ඔහු විසින් සිදුකල මහාපරිමාණ දුෂණ වංචා සහ අශිලාචාර ගෝලයන්  පාලනය නොකිරීම වැනි කරනා නිසයි.

නව රජය පත්වූ පසු දිගින් දිගටම සිදුකරන ලද විමර්ශන වලින් මහින්ද මිට සම්බන්ධ බව සොයාගන්න ලද අතර මේවනවිට ඔහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඔහු ලබා ඇති යුද ජයග්ග්‍රහණය මගින් ඇතිකරන ලද කිර්තිනාමය නිසා  බව පැහැදිලියි,  බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහුට කෘතන්ය විය භාවය  ඇති බැවින් තම රජය අපහසු තාවයට පත් කරගැනීමට වත්මන් ජනාධිපති වරයා කිසිදු කැමැත්තක් නැත්තේ මේ නිසයි.
             
    මයිත්‍රී පාල යනු ඉතා කපටි මිනිහෙක් බව ඔබට පහත තොරතුරු බැලුවහම පැහැදිලි වෙයි.

01.   මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?
ඔහු මැතිවරණයට පෙර තමා ලග මත්ද්‍රව්‍ය ගෙන්වීමට වගකිවයුතු දෙසපලන්නයන් ගේ නම් ලැයිස්තුවක් තිබෙන බව පැවසුවා. මැතිවරණය දින්න!  සිදුඋනේ කුමක්ද ඔහුට නිසි ආරක්ෂාවක් රජයේ ඉහල මට්ටමින් ලබා දුන්නේ නෑ, ඔහුට මාද්‍ය අදාළ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස බලකරන අතර හදිසියේම
ඔහුගේ නිලය අහෝසි උන බවයි සදහන් උනේ, මිට ජනතාවගේ සහ මාද්‍යයේ පීඩනය රජය වෙත යොමු වූ විට සිදුඋනේ කුමක්ද ?

අගමැතිතුමාගේ නියෝගයෙන් ඔවුව තනතුරේ පිහිටවන ලද බව සදහන් උනා.

ඉන්පසු සිදුවුනේ ඔහු ඉවත් කිරීමට තිලක් මාරපන මහතා සම්බන්ද බවට ලිපියක් ඉදිරිපත් උනා, මෙන්න මෙතන තමයි අපි කල්පනා කල යුත්තේ
දැන් තිලක් මාරපන මහතා මෙයට සම්බන්ද නම් මෙය ඔහුගේ උවමනාවකට සිදුවූ දෙයක් ලෙසයි අපි මෙය දැක්කේ, මේ අතර සිදුවූ අපුරුම දෙයනම්
තිලක් මාරපන මහතා තම දුරයෙන් ඉල්ලා අස්වීමයි.

දැන් සිදුවුනේ කුමක්ද? තිලක් මාරපන මහතා නිලයේ නැති අතර  වෛද්‍ය නිලංග සමරසිංහට ඔහුගේ දුරයේ සිටීමට දින කීපයක් හැකි උනා, පුදුමය නම්
හදිසියේ දැන් වෛද්‍ය නිලංග සමරසිංහට එම දුරයෙන් ඉවත් කිරීමයි.

දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ටිකක් සිතන්න තිලක් මාරපන මහතා ගේ ඇගේ දැලි ගාල මේ රටේ ඉහලම පාලනය ගෙනයන මිනිසුන් පාරිශුද්ධ නායකයන්වී ඇති බව නොවේද ?

02.   ජනතාව ප්‍රතික්ෂේප කල මිනිසුන් පර්ලිමෙන්තුවට ගෙන්වා ඇමතිකම් ලබාදුන් අයුරු මතකද ?

03.   රිෂාඩ් බදුර්දීන් වැනි මහින්දගේ කාලේ අනවසරයෙන් කැලෑ කපපු සොරුන් අපුරුවට ලංකර ගෙන සිටින අයුරු කොහොමද ?

04.   සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගෙන එන බව කියා අද කරන්නේ කුමක්ද?

05.   සියල්ලටම වඩා ලගදි සිදුවූ නාඩගම “හිරුනිකා  කොලම “ ඔබට මතකද පුද්ගලයකු පැහැර ගැනීමට වරද කරුවූ ඇය පැය 2න් නිදහස් වීම.

06.   අබිලිපිටියේ තරුණයාගේ සිදුවීම තව උදාහරණයක්

07.   තව කරුණක් තියනවා  එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ද්‍යා එක්නැලිගොඩ ජිනීවා වලට ගොස් සදහන් කලේ අපේ හමුදා රසායනික අවි පාවිච්චි කල බවයි මෙය සම්පුරන අසත්‍යක් වන අතර එක්නැලිගොඩ වෙනුවෙන් කතාකරන අය සහ රජය මේ ගැන නුගමනය කරන්නේ නිහඩ් ප්‍රතිපත්තියක්.

මෙහෙම වැඩකරන මයිත්‍රී පාල දැන් කරන්නේ කුමක්ද ? අද යෝශිත අත්අඩංගුවට ගෙන ඇත, මිට ආසන්නම ගෙතුව මාදකින විදියට ඝෝටාභය ඉදිරි මැතිවරණයෙන් කරලියට ඒම සහ නව පක්ෂයක් ලියාපදිංචි වීමයි, මේ සිදුවන්නේ නිතිය ඉෂ්ට කිරීම නොවන අතර මහින්දට කරන තර්ජනයකුත්, එකාබද්ද විපක්ෂයේ බලය දියකර හැරීම හැර වෙන කුමක්ද ?

නමුත් මෙම ක්‍රියාවලිය  සම්පුර්ණයෙන් නරකක් ලෙස මම නොදකින්නේ, ඉදිරියේදී මේ රජය මහින්ද ගිය පාරේ ගියොත් අනිවාර්යෙන්   මයිත්‍රී පාලට විශාල විනාශයක් සිදුවීම වැළක්විය නොහැකියි.
මේ නිසා ඉදිරියේ මහින්දට විරුද්ද සියලු චෝදනා ගෙන ඔහුව යටපත් කිරීමට සිදුවනු ඇති, මයිත්‍රී පාල මතක තබා ගතයුත්තේ යම්විදියකින් මහින්ද ගිය පාරේ යාමට යහපාලනයට උපකාර කල ච්න්දදායකයන් කිසිවිට නොඉවසන බවයි මොකද පෙර කිව්වා සේ මහින්දට ඇති දේශපාලන ප්‍රාග්ධනය මයිත්‍රී පාල ට කිසිවිට නැති අතර ඉදිරියට ඇත්තේ ආර්ථික ලෙස ඉතා අපහසු තීරණ ගැනීමට වෙන කලකුයි.

මෙහිදී  ඔහුට හැකි උපරිම ලෙස දුෂණය අඩු ක්‍රමයක් අනුගමනය නොකලොත් ඔහුට පමණක් නෙමෙයි යහපාලන රජයම සිදුවුයේ කුමක්ද කියාවත් සොයාගත නොහැකි වනු ඇති.

ජනතාව ලෙස මේ අවස්ථාවේ මේ සිදුවෙන ක්‍රියාවලිය දෙස ඇස ගසා සිටියුත්තේ රටේ ආර්ථිකය මිනිසුන් කීපදෙනෙකු හසුරවන සුදුවක් බවට මේවන විටත් පත්වී ඇති නිසයි.
මගේ පුද්ගලික අදහස නම් මහින්දගෙන් කිසිවිටක පළිගත යුතු නැති අතර ඔහු වංචාවෙන් ලබාගෙන ඇති ධනය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සිදුකල යුතුයි.


අවසාන ලෙස වසර 30 යුද්දයෙන් පසු රටේ සැලකියයුතු සන්වර්දනයක් මහින්ද කලබව පිළිගත යුතුයි. මේ නිසා සියලු දෙනාම බුද්ධිමත්  ලෙස කටයුතු කිරීමට හැකි වේවි කියල ප්‍රර්ථනා කරමු.             

Thursday, January 28, 2016

නවීන බුද්ධිමතුන් ගේ දැනගැනීම පිණිස අපි ඉන්දියාව කල අතීත ගනුදෙනුවල සොභාවය





1998 දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශවිය ගනුදෙනු ඇතිවුනේ ජනාධිපති චන්ද්‍රිකා ඉන්දියාවට හෝස් අත්සන් කල ගිවිසුමක් මගිනුයි.
ක්‍රියාත්මක වුයේ 2004 පමණයි. මෙහිදී ඉන්දියාව පවත්වන වංක ප්‍රතිපත්තිය මනාව පිලිබිබු කරන අවස්ථාවක් තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල වියදමක් දරා ඉන්දියාවේ විවුර්ත කරන ලද වෙලද සංකීර්ණය ආරම්බ වී ටික කලකින් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව තුල භාණ්ඩ විකිනීමට පටන්ගත්ත නමුත් ඉතා කෙටි කලකින් ඉන්දියාව සිදුකලේ නව නීතියක් සම්මත කරගෙන ඉන්දියාව තුල සිල්ලර වෙළදාම නොකළයුතු බවත්, කැමතිනම් සාම්පල් පමණක් පෙන්විය හැකිබවත් සදහන් නීතියක් ගෙන ඒමයි.




අවසානයේ මෙය ගැන ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය දැනුවත් කලවිට සිදුවුනේ කුමක්ද ? ඉන්දියාව යෝජනාකලා එහෙනම් අපි CEPA ගිවිසුම් මගින් එය නිවැරදි කරමු යයි කියල.
ශ්‍රී ලංකාව විශාල ආයෝජනයක් ඉන්දියාවේ සිදුකිරීමෙන් අපට ලැබුන ප්‍රතිපලයයි මෙය. 


අනෙක් අතට මේ බුද්ධිමතුන් කිසිවෙක් මෙවැනි ගිවිසුම් ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ ජර්මනිය සමග ගැසිය යුතු බව නොකියා අපට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දියාව සමග ගැසිය යුතු බව තමයි සදහන් කරන්නේ.


 


අතීත තොරතුරු මත http://www.cepaepa.com/what-is-cepa/
අපට ඇති අද්දැකීම නම්
2003 සිට 2014 දක්වා කාලයේ ඇමරිකානු ඩොලර් මිලියන 1000 සිට 4000 ට අපනයන ඉන්දියාව වැඩිකරන අතර ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 241 සිට 625 වැඩි කර ගන්නවා

ඒවගේම ඉහත ශ්‍රී ලංකික අපනයනවලින් සැලකියයුතු මුදලක් සොයාගන ඇත්තේ ඉන්දියානු සමාගම් විසින්
(The above exports from Sri Lanka to India were inclusive of Vanaspathi and Copper which were mainly handled by some organized Indian businessmen and these had no real economic benefit to Sri Lanka.)
රජය කල යුත්තේ ඉන්දියානු නිෂ්පාදකයාට ඉන්දීය රජයෙන් ලබාදෙන පහසුකම් වලට සමාන පහසුකම් ශ්‍රී ලංකාවේ අදාළ අංශයටත් ලබාදී ඉන්දියාව සමග තරග කරන ලෙසයි.


Wednesday, January 27, 2016

නුතන ඉන්දියානු ආක්‍රමණය, හුබස් බියක් ලෙස දැකීමේ විපාක.





මුලින්ම  “හුබස් බිය” කියන සම්ප්‍රදායික කියන්නේ තේරුම් දැනගැනීම වටින්නේ අපට අතීතය අමතකවීමේ රෝගය ඇති නිසයි. හුබස් සාදනු ලබන්නේ වේයන් විසිනුයි කලක් යන විට මෙම ගුහා ආකාරයට සැකසී ඇති හුබස් වල නයින් පදිංචියට පැමිණෙයි.

කුඩා දරුවන් පුරුද්දක් ලෙස මේ අනාර්ක්ෂිත හුබස් වලට අත් දැමීම නිසා සර්ප දෂ්ටයෙන් මියගිය ගණන වැඩි නිසා, කුඩා කල පටන් මෙවැනි තැන් වලට අත් නොදමන ලෙසට වැඩිහිටියන් අවවාද කරනු ලබයි. මේ නිසා සෑම තුබසේම නයෙක් සිටි යන සාමාන්‍ය කරන නිගමනය නිසා නයි නැති හුබස් වලටද මිනිසුන් බියක් දක්වයි.


මේ බිය නිසා ඇත්තටම සිදුවන්නේ වාසියක් බව බොහෝ දෙනා නොදනිම කණගාටුවට කරුණයි, මොකද හිස් හුබහකට අත දැමීම නිසා ලැබෙන ලාබයක් නැතුවා සේම නයකු සිටිය නම් සිදුවන හානිය විශාල නිසයි.
දැන් අපි බලමු මේ හුබස් කතාව නුතන ලෝකයට ගලපල  මෙය තේරුම් ගැනීමට පහත වගුව බැලිය යුතුයි



මිට අනුව විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් ගණන මිලියන 37.2 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 20.3කි, එකියන්නේ  ශ්‍රී ලංකාවේ මුලු ජනගහනයට වඩා විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් වැඩියි.  ශ්‍රී ලංකාවේ විරැකියාව 0.35 මිලියන , දැන් අපි උත්සාහ කරන්නේ යම් තරමින් මිලියන 37.2 ක වෙළදපොලකට ශ්‍රී ලංකාව විවුර්ත කර ශ්‍රී ලංකාවේ රැකියා ඇති කිරීමටයි.

මෙය සාදාරණියකරන්නේ කෙසේද ? රජය කියන්නේ ඉන්දියාවේ විශාල වියාපර ශ්‍රී ලංකික පොලවේ ක්‍රියාත්මක කිරීමට අවසර දීම නිසා ශ්‍රී ලංකාවේ රැකියා ඇතිවන බවයි එනම් විශාල ආයතනයක් ඇතිකිරීමේදී රජයට කියන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් 20% වත් ආයතනයේ සේවය කල යුතු බව, මෙනිසා රැකියා ඇතිවන බව ඇත්තක් නමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ කුමාරතුංග මුනිදාස මහතා ලියපු හතර රියන් සහ දෙරියන් ගේ කතාවට සමාන දෙයක්, හතරරියන් (උස මිනිසා ) මෝඩ පහේ කෙනෙක්  හරියට අපේ රනිල් වගේ , දෙරියන් තරමක් කොටයි  (කපටි මිනිහ ) හරියට මෝදී වගේ  සමහර විට සිංහල මිනිස්සු හිතනවා ඇතිමේ මිනිහගේ නමත් නිකම් මෝඩි වගේ නිසා අපේ රනිල් ලොක්කට මෝඩ විදියට රැවටෙයි කියල.




මේ මිනිස්සු දෙන්න කිරි එළදෙනක් මිලදී ගෙන ලනුවකුත් මිලදී ගන්නවා. හවුලේ ගත්ත මේ දේපල බෙදන්නේ දෙරියන්, ඔහු කියනවා එළදෙනගේ බඩ ලගින් ලනුවෙන් දෙකට බෙදන දෙරියන්, හතරරියන්ට කියනවා ඔබට මම නම්බුකාර කොටස දෙනවා එනම් එළදෙනගේ මුකය කොටසයි, ඉතා ආඩම්බරයෙන් මෙය බාර ගන්න හතර රියන්ට සිද්දවෙනවා එළදෙනට කන්න දෙන්න, කිරි, ගොම සහ පැටව ලබාගන්නේ දෙරියන් විසිනුයි.

දැන් අපි නවීන ලෝකය රනිල් විකුම්සින්හයන්ගේ වික්‍රමයත් මේවගේ බව නුවනින් බලන කෙනාට වැටහිය යුතුයි.


හිතන්න ඇයි ඉන්දියාව ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්න මෙහෙ එන්නේ? ඔවුන්ට ඔවුන්ගේ රටේ මේ ප්‍රශ්නය විසදගන්න බැරිවී තියනවා. ඔවුන්ට මෙහෙ ආවහම ලැබෙන්නේ මොනවාද ? අපිම කියනවා අපිට උවමනා කරන පරිගණක වුර්තිකයන් නැතිබව දැන් එහෙනම් ඔවුන් මෙහෙ ආව කියල අපිට වුර්තිය්කයන් ඇතිවෙන්නේ කොහොමද? මේ නිසාම සිදුවෙන්නේ ඔවුන්ගේ රැකියා ප්‍රශ්නයට ශ්‍රී ලංකාව තුලින් පිලියම් දීමයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතාම දියුණු අන්තර්ජාල සේවයක් පවතිනවා ප්‍රශ්නයට ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇති නොදැනුවත් කමයි ඔබ පරිගණක දැනුම ඇතිකර ගැනීම කිව්වහම මොනවද අපට ඉගනගැනීමට ඇත්තේ MS Office මෘදුකාංගය තමයි බහුලවම පුරුදු කරන්නේ මිට අමතරව Adobe Photoshop වැනි මෘදුකාංග වලට අමතරව දහස් ගණනක් තියනවා බොහෝදෙනා අහලවත් නැති   උදාහරණ මේ බලන්න http://www.lynda.com/3D-Animation-training-tutorials/1-0.html?bnr=NMHP_blocks
ත්‍රිමාන සජීවිකරණ වැඩසටහන් ගත්තම කොතරම් අන්ශ තියනවද ?

මේ විෂයන් අපට ඉගනගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? මුලිකම දෙය ලෝක භාෂාව වන ඉංග්‍රීසි නොදැනීමයි, දැන් ඉන්දියානුවන් මෙහෙ ආවහම ඉංග්‍රීසි දැනුම ඇති වෙනවානම් අඩුගානේ ඔවුනේ ගේ ආයතනයක වැඩ කිරීමට වත් අපට හැකිවෙයි. නමුත් බොහෝදෙනා නොදන්නා මේ මමත් දැනගත්තේ බ්ලොග් අඩවියේ සිටින සමරසේකර මහතට පින්සිදුවෙන්න, ඒ තමයි ඉන්දියානුවන් පස්වෙනි පන්තියෙන් ඉහලට ඉගැනීම කරන්නේ ඉංග්‍රීසියෙන් බව.

 
ශ්‍රී ලංකාව විදේශ වෙළදපොල තමන් යටතට ගන්නවා කියල ඉන්දිය්නුවන් මෙහෙ ගෙන්නනවා කියන්නේ ශ්‍රී ලංකික යටිතල පහසුකම් යොදා ඉන්දියානුවන් ට රැකියා ඇති කිරීමට උපකාර කිරීමත් අවසානය ශ්‍රී ලංකාවට විශාල ආදායමක් මේ අංශයෙන් ලැබුන බව පෙන්වුනත් අවසානයේ ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ඉන්දියානුවන් ගෙනයාමයි සිදුවන්නේ.

මෙහි ඇති අපුරු දෙයක් තියනවා, එනම් දැනට ඉන්දියාවේ PAYPAL මගින් ඉන්දීය වාණිජ බැංකුවලට මුදල් ගැනීමේ  පහසුකම තිබෙනවා.

බැරිවෙලාවත් මෙය ක්‍රියාත්මක කලොත් සිදුවන්නේ ඔවුන්ට කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නැතිව කෙලින්ම තම රටේ බැංකුවට යැවීමට හැකි වීමයි.

එනම් ශ්‍රී ලංකාවට සත පහක බදු මුදලක් නොලැබී යාමයි. දැන් මෙය සිදුවන්නේ කෙසේදැයි බලමු.

උදාහරණ

ඉන්දියාවේ තියනවා   Modi outsourcing පුද්ගලික සමාගම මෙය කරන්නේ මෘදුකාංග අලවියයි. ඔවුන් මෙම  මෘදුකාංග විකුනන්නේ අමරිකාවටයි, එනම  Modi outsourcing හි වෙබ් අඩවියේ තියනවා
 විකුණන මෘදු කාංග ගැන විස්තර අමරිකානුවෙකුට පුළුවන් කෙලින්ම මේ වෙබ් අඩවිය තුලින්  දැනගෙන   මිලදී ගන්න, ගෙවීම PAYPAL මගින් කෙලින්ම ඉන්දියානු  බැංකුවට  ප්‍රේෂණය කරන අතර ඉන්දියානුවන් සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ සිටයි. මෙහිදී කිසිම විදේශ මුදලක් ශ්‍රී ලංකාවේ දේශ සීමාවට නොඑන අතර ශ්‍රී ලංකාවේ
ඔවුන් පවත්වන ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගැනීම මගින් බදු ගෙවීමෙන් වැළකිය හැකියි.




දැන් සිදුවන දේ මෙයයි ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් යොදා ඉන්දියාව ඇමරිකාව සමග වෙළදාම කරන අතර ඩොලරයක් වත් ශ්‍රී ලංකාවේ බැංකුවලට නොයන ආතර කෙලින්ම ඉන්දියානු බන්කුවවලට ගෙවනු ලබයි.
ඉතාමත් දියුණු ත්ක්ෂණයක්, විශාල අවබෝදයක් ඇති දෙසපලන්යයන් සිටින ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නේ ඩිජිටල් කියන වචනයේ තේරුම නොදන්නා ඇමති වරයකු සමගයි.
   ශ්‍රී ලංකාව තුල ඉන්දියාව පැමිණීමෙන් රැකියා ඇතිවෙන බව කීම මිරිගුවක් වන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට පැමිණෙන්නේ ඉතාම දක්ෂ පුද්ගලයන් නොවෙයි, මෙහෙ එන බොහෝ අය අපෙ අයට වඩා දුර්වල නමුත් අපේ අයට වඩා අඩු පඩියට වැඩකිරීමට කැමති අයයි.
අනෙක් වැදගත්ම අංශය වරාය සහ නාවික කටයුතුයි මේ අංශ දෙකම අත්පත් කරගත් විට මේ කලාපයේ බලවතා වීමට පුලුවන් වීම ඉන්දියාවේ සිහිනයයි.

දැන් අපි බලමු මෙය සිදුකිරීමට රනිල් මයිත්‍රී දෙදෙනා මොකද කැමති කියල ?

මගේ දැනුම අනුව අද ශ්‍රී ලාකාව පත්වී ඇති තත්වය ඉන්දියාව ඉතා හොදින් ප්‍රයෝජනය ගනිමින් සිටි, මොකද ඩොලර් බිලියනයක මුල්‍ය ප්රේෂණයක් ඉන්දියාව කර ඇත්තේ (currency swap agreement  ) ඔනෑම වෙලාවක මේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගැනීමට හැකි ලෙසයි, මිට අමතරව මේ සෙල්ලම ජෝර්ජ් සෝරස් සහ බෙලජියම් ආයෝජයයා ගේ ඩොලර් බිලියනයත් ප්‍රේෂණය වීම මගින් පෙන්වන්නේ කෙලින්න යන සුදුවේ තරමයි.
තව සරලව කිව්වොත් අද රටපාලනය කරන්නේ රටේ පුරවැසියන් ගේ උවමනාවට නොව මිනිසුන් කීපදෙනෙකුගේ උවමනාවටයි. 
අද ලොකුවට කියනවා සිපා ගිවිසුම අත්හල බව සහ කිසිවිටක මිට සමාන ගිවිසුමක් නොගෙනෙන බව නමුත් කෝ මේ අලුත් ගිවිසුම ඇයි මේ රජයට බැරි මේ ගිවිසුම ජනතාවට විවුර්තව ලබාදෙන්න, අපට
මතකයි   2002 දී විකුම්සිහයන් කොටින් සමග ගිවිසුම් ගැසුවේ රටේ නායිකාවට සහ කැබිනේට්ටුවට පමණක් නෙමෙයි රටේ හමුදා පති පවා නොදනුවත්වයි.
 

ශ්‍රී ලංකාවට දියුණු වීමට උවමනාම්නම් කලයුත්තේ PAYPAL මගින් මුදල් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව රටතුල ඇතිකිරීමත් ONLINE TRACKING පහසුකම ඇති තැපැල් සේවයක් ඇති කිරීමයි මෙහිදී   ONLINE TRACKING ගැන සරලව කිව්වොත් ඔබ තැපැල් කන්තෝරුවට අදාළ භාණ්ඩය ලබාදුන් අවස්ථාවේ සිට ලබියයුත්තට ලැබෙන තෙක් සියලුම දේ වාර්තා ගතවීමත් ඕනෑම විටක අදාළ අංකය ඇතුලත් කලවිට ඔබේ භාණ්ඩ තිබෙන්නේ මොනරටේ කොතනද අවශ්‍ය පුද්ගලයාට ලැබුනද යන්න බලාගැනීමට හැකි වීමයි.

මේ අංග 2 කළහැකි නම් මට බය නැතුව කිවහැක්කේ මෙය ක්‍රියාත්මක කරන මුල් වසරේ ඩොලර් බිලියන 4 ට ආසන්න මුදලක් විදේශ විනිමය ලෙස ලබාගත හැකිවීමයි. මේ දෙක මුලින් ක්‍රියාත්මක කර වසරකට පසු මෙවැනි මුදලක් උපයන්න බැරිනම් ඕන ඉන්දියානුවෙකුට රටට ගෙන්වා ගත්තට කමක් නෑ මොකද මෙහෙම දෙයක් වත් මෙරටට කරන්න බැරිනම් කල යුත්තේ පුළුවන් රටකට මේ රට විකිණීමයි.