Thursday, January 28, 2016

නවීන බුද්ධිමතුන් ගේ දැනගැනීම පිණිස අපි ඉන්දියාව කල අතීත ගනුදෙනුවල සොභාවය





1998 දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශවිය ගනුදෙනු ඇතිවුනේ ජනාධිපති චන්ද්‍රිකා ඉන්දියාවට හෝස් අත්සන් කල ගිවිසුමක් මගිනුයි.
ක්‍රියාත්මක වුයේ 2004 පමණයි. මෙහිදී ඉන්දියාව පවත්වන වංක ප්‍රතිපත්තිය මනාව පිලිබිබු කරන අවස්ථාවක් තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල වියදමක් දරා ඉන්දියාවේ විවුර්ත කරන ලද වෙලද සංකීර්ණය ආරම්බ වී ටික කලකින් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව තුල භාණ්ඩ විකිනීමට පටන්ගත්ත නමුත් ඉතා කෙටි කලකින් ඉන්දියාව සිදුකලේ නව නීතියක් සම්මත කරගෙන ඉන්දියාව තුල සිල්ලර වෙළදාම නොකළයුතු බවත්, කැමතිනම් සාම්පල් පමණක් පෙන්විය හැකිබවත් සදහන් නීතියක් ගෙන ඒමයි.




අවසානයේ මෙය ගැන ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය දැනුවත් කලවිට සිදුවුනේ කුමක්ද ? ඉන්දියාව යෝජනාකලා එහෙනම් අපි CEPA ගිවිසුම් මගින් එය නිවැරදි කරමු යයි කියල.
ශ්‍රී ලංකාව විශාල ආයෝජනයක් ඉන්දියාවේ සිදුකිරීමෙන් අපට ලැබුන ප්‍රතිපලයයි මෙය. 


අනෙක් අතට මේ බුද්ධිමතුන් කිසිවෙක් මෙවැනි ගිවිසුම් ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ ජර්මනිය සමග ගැසිය යුතු බව නොකියා අපට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දියාව සමග ගැසිය යුතු බව තමයි සදහන් කරන්නේ.


 


අතීත තොරතුරු මත http://www.cepaepa.com/what-is-cepa/
අපට ඇති අද්දැකීම නම්
2003 සිට 2014 දක්වා කාලයේ ඇමරිකානු ඩොලර් මිලියන 1000 සිට 4000 ට අපනයන ඉන්දියාව වැඩිකරන අතර ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 241 සිට 625 වැඩි කර ගන්නවා

ඒවගේම ඉහත ශ්‍රී ලංකික අපනයනවලින් සැලකියයුතු මුදලක් සොයාගන ඇත්තේ ඉන්දියානු සමාගම් විසින්
(The above exports from Sri Lanka to India were inclusive of Vanaspathi and Copper which were mainly handled by some organized Indian businessmen and these had no real economic benefit to Sri Lanka.)
රජය කල යුත්තේ ඉන්දියානු නිෂ්පාදකයාට ඉන්දීය රජයෙන් ලබාදෙන පහසුකම් වලට සමාන පහසුකම් ශ්‍රී ලංකාවේ අදාළ අංශයටත් ලබාදී ඉන්දියාව සමග තරග කරන ලෙසයි.


23 comments:

  1. ඔබතුමා චතුරකරනට ලක් වී රාජ්‍ය විරෝදී ජාත්වාදය අවුලුවන කතා දිගටම ලියාගෙන යැම පිලිබඳව ස ර ස තුමා ගේ බලවත් සන්තෝසය!

    ReplyDelete
    Replies
    1. ප ලි: ජාතිවාදය ඇවිලීම යනු ඇත්ත කතා කිරීමය

      Delete
  2. //අපට වඩා ඒකපුද්ගල ආදායම අඩු// එහෙම කම්කරු කොටස් ලංකාවේ සේවයට ගෙන්වා ගන්න ලැබුනොත් අපිට වාසියක් වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේක කම්කරුවෝ ගෙන්වන ගිවිසුමක් නෙමෙයි. කරුනාකර සිදුවෙන්නේ මොකද්ද කියල බලන්න.

      Delete
    2. /අපට වඩා ඒකපුද්ගල ආදායම අඩු/ හා අපට වඩා ජිවන වියදම අඩු
      මෙන්න තව උදාහරන
      පේපැල් වලින් හොටෙල් එකක් බුක්කරලා සල්ලි ගෙවන්න බැරි තරම් නොදියුනු රටක ටුවරිසම්.
      ඉන්දියන් ඔලුගෙඩි ගනන් කර මෙචච්රක් ආවා කියා දියුනුව පෙන්වන ටුවරිසම්.



      Delete
    3. malmi hi,
      මේ වගේ සේප්පඩ විජ්ජා වලට තමයි ශ්‍රී ලංකික දෙසපලන්යයන් පුරුදු වී සිටින්නේ.

      Delete
    4. !! ලාංකීය සිතුවිලි!! :)

      Delete
  3. ඉන්දීය ආනයන වලින් බෙහෙත් කෙතරම් ප්‍රතිශතයක් ද කියා සංඛ්‍යාලේඛන තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. රසික,
      //
      ඉන්දීය ආනයන වලින් බෙහෙත් කෙතරම් ප්‍රතිශතයක් ද කියා සංඛ්‍යාලේඛන තියෙනවා ද? //
      මේ කේ නම් හරිඅගය කියන්න දත්ත මට හමුවී නෑ නමුත් මෙය සැලකියයුතු ලෙස ඉහල බවයි මගේ හැගීම.
      එක නෙමෙයි රසික ඉන්දියානු රජය තම ඖෂධ සමාගම් පසුගිය දහසක කීපයේ ආරක්ෂා කල ආකාරය ගැන ඔබ ලිපියක් ලිව්ව් නම් වටිනවා

      Delete
    2. මා මේක කියවන්නේ අම්බානි ව්‍යාපාර සාර්තකත්වය ලෙසයි

      Delete
    3. ඉන්දියාව කියන්නේ රජය විසින් තම රටවසින්ගේ වාසිය පමණක් හිතන රටක්, මෙය ක්‍රියාත්මක උනොත් WIN – WIN තත්වයක් ඇති වෙන්නේ නෑ.
      ඔන්න චීනයත් ඉන්දියාවත් අතර ගනුදෙනු බලන්න මෙහිදී චීනය නම් උපරිම වාසි ගන්නවා නමුත් අනෙක් අතට ඉන්දියාවත් යම් මට්ටමක වාසි ලබනවා.
      ඉන්දියාව චීනය සමග හැසිරෙන විදියට නෙමෙයි ශ්‍රී ලංකාව වැනි දුර්වල රටක් සමග හැසිරෙන්නේ.
      https://www.youtube.com/watch?v=sUGGxHXjkEA
      මෙය විවිද අංශවලින් බැලිය යුතුයි.

      Delete
  4. මේ ඉන්දියානු විරෝධී ලිපි කිහිපය නිසා මේ බ්ලොගයට ලාංකික සිතුවිලි යන නම් ඉතා හොඳින් ගැලපෙන බව තේරුණා.
    ;-)

    ReplyDelete
    Replies
    1. රසික,
      // මේ ඉන්දියානු විරෝධී ලිපි කිහිපය නිසා මේ බ්ලොගයට ලාංකික සිතුවිලි යන නම් ඉතා හොඳින් ගැලපෙන බව තේරුණා.
      ;-) //

      මට ඇති ප්‍රශ්නය තමයි { ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල වියදමක් දරා ඉන්දියාවේ විවුර්ත කරන ලද වෙලද සංකීර්ණය ආරම්බ වී ටික කලකින් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව තුල භාණ්ඩ විකිනීමට පටන්ගත්ත නමුත් ඉතා කෙටි කලකින් ඉන්දියාව සිදුකලේ නව නීතියක් සම්මත කරගෙන ඉන්දියාව තුල සිල්ලර වෙළදාම නොකළයුතු බවත්, කැමතිනම් සාම්පල් පමණක් පෙන්විය හැකිබවත් සදහන් නීතියක් ගෙන ඒමයි.}
      ක්‍රියාකළ සහ ඉදිරියට කරන ඉන්දියාව පිලිබදව ඔබේ අදහස ශ්‍රී ලංකික වෙළදපොල සියල්ල ඔවුන්ට විවිර්ත කිරීම කියල කියන ඔබ මිට ප්‍රතිකර්මය කුමක්ද කියල නොකියන එක.
      වැඩිය දුර යන්න ඕනේ නෑ රසික, දිනපතා ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සිමාව ආක්‍රමණය කර ශ්‍රී ලංකාවේ මාළු අල්ලනවා, ඉන්දියාව දන්නවා එය නීති විරෝදී කියල, නමුත් ඉන්දියානු රජය මෙයට ඉඩදී සද්දනැතුව සිටිනවා.
      බැරිවෙලාවත් මේ ගිවිසුම ක්‍රියාත්මක වී ලංකාවේ වුර්තිකයන් ඉන්දියාවට ගියොත් ඉතා පහසු ආකාරයට අදාල පුද්ගලයන්ට ශ්‍රී ලංකාව බලා එවීමට කලයුත්තේ මේ මිනිසුන් කීප දෙනෙකුට දරුණු ලෙස පහර දීමයි.
      ඔබට මතක ඇති ශ්‍රී ලංකික ස්වාමීන් වහන්සේ කෙනෙකුට දුම්රියකදී පහර දුන්න.
      ඇත්තටම අවසාන ලෙස සිදුවන්නේ එක ප්ර්ශවිය ගිවිසුමක් ඇති වීමයි.
      මේ ලදී දෙරණ මගින් අන්තර්ජාලය තුලින් කල සමීක්ෂණයෙන් 90% වැඩි පිරිසක් මේ ගිවිසුමට අකමැත්ත පල කළා. එතකොට මේ ගිවිසුම උවමනා කාටද ?

      අනෙක් අතට අපිට බැරිද දන්නෑ ඔස්ට්‍රේලියාව සමග මෙවැනි ගිවිසුමකට පැමිණෙන්න 

      Delete
    2. රසික,
      ලගදීම සිදුවූ අපුරු දෙය ශ්‍රී ලංකික වෛද්‍ය වරුන්ට වකුගඩු ජාවාරම පිළිබද චෝදනා කලේ ඉන්දීය රජය විසින් නෙමෙයි ඉන්දීය මාද්‍ය යොදාගෙන. ඉන්දියාව දැනගත්ත ඉන්දියානුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සැත්කම් කරගන්නවා මේ නිසා ඉන්දියාවට විදේශ විනිමය නැතිවෙනවා ඔවුන් කලේ ශ්‍රී ලංකික වෛද්‍ය වරුන්ට මාද්‍ය යොදා අපහාස කිරීමයි දැන් සිදුවී ඇත්තේ එම ක්සේස්ට්‍රයම වාසි යාමයි.
      ඔබ හිතනවද මේ දේ ශ්‍රී ලංකාව ඉන්දියාවට විරුද්දව කලානම් මෙහෙම වෙයි කියල

      Delete
    3. සැබෑ ප්‍රශ්නය නම් ඒ බේත් නිසා ලංකාවේ රෝගීන්ට ලැබුණු මුදල් ඉතිරියයි.
      අනිත් ක්ෂේත්‍ර ද එසේ විය නොහැකි ද

      Delete
    4. ඉන්දියාව මෙය සිදුකරන්නේ මෙහමෙයි https://www.youtube.com/watch?v=F1U-1bjcYE8
      ඔබ දන්නවා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඔසුසලත් බේත් නිෂ්පාදනය කරනවා.
      ශ්‍රී ලංකාව කල යුත්තේ මෙයයි. එහෙම නැතිව ඔබ කියන ඉන්දිආවෙන් ආනයනය කිරීම නෙමෙයි.

      Delete
  5. වීඩියෝ එක නැරඹුවා.
    ද්වි පාර්ශවික ගිවිසුමක් ගැන ඒක පාර්ශවික සාකච්ඡාවක්.
    මෙහෙයවන්නා මාතෘකාව නොදනී. නැතිනම් පාර්ශවිකයි.

    ReplyDelete
    Replies
    1. රසික,
      අතීතයේ මෙය සිදුවුණ ආකාරය http://www.cepaepa.com/what-is-cepa/
      බැලුවහම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවට වාසියක් නෙමෙයි අවාසියක්.
      මේ අනුව තමයි අපට අනාගතය ගැන සිතන්න පුළුවන්,
      මම කියන්නේ නෑ ඉන්දියාවෙන් කිසිම වාසියක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නේ නෑ කියල මොකද ඔබ බලන්න අන්ත දුෂිත මහින්ද යුගයේ මහාමාර්ග සහ ඉදිකිරීම් වල නියැලී සිටි ඉංජිනේරුවන්ට රැකියා ලැබුන ඔවුන්ගේ ආර්ථිකය දිවුණු උනා, නමුත් ඔබ කියනවද එම පාලනය හොදයි කියල, රටක් හැටියට බලුවහම් සිදුවී ඇත්තේ අතිවිශාල ණය බරකට රට හිර වීමයි.

      දැන් මේ නව ගිවිසුම බැලුවහම මෙය කරන්නේ ශ්‍රී ලංකාව ට උවමනා නිසා නෙමෙයි දෙරණ රුපවාහිනියේ පැවති මත විමසීමේ 90% වඩා මිට අකමැති බවයි කියවුනේ (ඔබට කියන්න පුළුවන් මෙය නියැදියක් මෙය සැලකියයුතු නෑ කියල ) නමුත් මෙයට අකමැති මුලිකවම ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග කේවල් කිරීමට ඇති නොහැකියාව නිසා.
      අද වනවිට ඩොලර් බිලියන 1 (currency swap agreement ) ඉන්දියාව සමග පවත්වනවා, ඔනාම් වෙලාවක ඉන්දියාව මේ මුදල් ඉවත් කිරීමට හැකියි එහෙම නොවීමට අපට මෙවැනි ගිවිසුම් වලට එලබීමට තර්ජනය කිරීමකුයි මේ සිදුවෙන්නේ, රටේ දෙසපලන්යයනට මෙය ජනතාවට කියන්න බෑ.
      මෙතත්වය ඔබ දැනදැනත් ඔබ කියනවා වෙළදපොළ මුළුමනින්ම විවුර්ත කරන්න කියල, එතකොට ඇයි රසික ඔස්ට්‍රේලියාව මේ ආකාරයට වෙළදපොල විවුර්ත නොකරන්නේ ? මෙහෙම වෙළදපොල විවුර්ත කරලා දියුණු වූ රටක උදාහරණයක් දුන්නනම්.

      Delete
  6. /* ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල වියදමක් දරා ඉන්දියාවේ විවුර්ත කරන ලද වෙලද සංකීර්ණය ආරම්බ වී ටික කලකින් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව තුල භාණ්ඩ විකිනීමට පටන්ගත්ත නමුත් ඉතා කෙටි කලකින් ඉන්දියාව සිදුකලේ නව නීතියක් සම්මත කරගෙන ඉන්දියාව තුල සිල්ලර වෙළදාම නොකළයුතු බවත්, කැමතිනම් සාම්පල් පමණක් පෙන්විය හැකිබවත් සදහන් නීතියක් ගෙන ඒමයි. */

    රටවල් දෙකක් අතර වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ හන්දියක් ගානේ සිල්ලර කඩ දැමීමට නොවේ. මේ වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාමයි.

    ReplyDelete
    Replies
    1. රසික,

      ප්‍රශ්නය ඇති වී ඇත්තේ හන්දියක් ගානේ විකුණලා නෙමෙයි අදාළ ආයෝජන මණ්ඩලයේ ගොඩනැගිල්ල තුල විකිණීම නිසයි.
      එවැනි තැනක වත් අලවි කිරීමට අවසර දී නැත්තම් අදාළ භාණ්ඩය ප්‍රවර්දනය කරන්නේ කෙසේද ?
      අනෙක මේ නිතිය කලින් තිබුන නීතියක් නෙමෙයි ඔවුන් විකිණීම පටන් ගත පසු ඇතිවී ඇති තත්වයක්, මෙයට ඉන්දියාව දී ඇති පිළිතුර සීපා ගිවිසුම මගින් එය නිවැරදි කරමු යන්නයි.

      Delete