පාරිසරික ගොවිතැන රසායනික ගොවිතැනට වඩා වැඩි පලදාවක් ලබාදෙන බව.
Dr Vandana Shiva මහත්මිය ඉන්දියාවේ
ප්‍රාරාගොගිකව පෙන්වා දුන් සත්‍ය.
කොන්ටම් භවුතික විද්‍යාව ගැන ආචර්ය උපාදියක් ඇති මේ කාන්තාව අද ලෝකයට වැදගත් වන්නේ ඇයි දැයි බොහෝදෙනා අසනු ඇති.
1985 අවදියේ ලෝකයේ විශාල කෘෂි කාර්මික සමාගම් ලෝකයේ බිජ තම ග්‍රහණයට ගැනීමට නීති සම්පාදනය කරන බවට දැනුවත් වූ මෙතුමිය කරන වැදගත්ම දේ නම් ඉන්දියාවේ දේශීය බිජ සංරක්ෂණයට කණ්ඩායමක් ඇති කරගෙන ඉන්දියාව පුරා දේශීය බිජ එකතුකිරීමත් විවිද පුද්ගලයන් අතර බෙදා හැරීමත් නිසා මේ විශාල සමාගම් වලට සම්පුර්ණයෙන්ම බිජ තම ග්‍රහණයට ගැනීමට නොහැකිවෙනවා.
මිට අමතරව ජාන වෙනස්කරන ලද බිජ ඉන්දියාවට ගෙනඒමට අපහසු වෙන්නේ මෙතුමිය විසින් සංවිදානය කල ආයතන වලින් නඩු පැවරීම නිසයි.
මෙහි දී අප ආකාර කීපයකින් දැනුවත් විය යුතුයි.
01. දේශීය බිජ අභාවයට යාම සහ රසායන කෘෂි කර්මයට පාර කැපීම.
අද ශ්‍රී ලංකාව තුල වගා කරන සියලුම පාගේ බෝග යන්ගේ බීජ ආනයනය කරන බව වගාකරන ගොවියා පමණක් නෙමෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පවා නොදන්නා කාරණයක් වී ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලදාරීන් දැනුවත් අයත් මේවා කුමන විදේශීය සමාගමටකට අයත් දැයි නොදනී, විවිද නම්වලින් විදේශීය සමාගම් ඇතත් මේවා සියල්ලගේම මව් සමාගම් ලෝකයේ විශාල බිජ සමාගම් 5 ක් පමණ අතේ පවති.
මේ ආතර ප්‍රමුකයා මොන්සේන්ටෝ සමාගමයි, මේ වියාපාරයේ ඇති දක්ෂතාව බොහෝදෙනා නොදනී.
ටිකක් සිතන්න ශ්‍රී ලංකාවේ 90% වැඩි ගොවින් ආතර මේ සමාගම් වල බීජ ප්‍රවර්දනය කරන තුරා මේ රටේ කෘෂි විද්වතුන් බුධිමතුන්, ජාති හිත්ය්ෂින් ජනමාද්‍ය ආදී මෙකි නොකී අයටනොදනෙන විදියට මෙය සිදුකිරීමට හැකි වීමට මුලික හේතුව වුයේ දැනුම බෙදාහරින මුලික මාද්‍ය වන රුපවාහිනී සහ ගුවන් විදුලියත් පුවත් පත් වල විවේචනය කරන ජනමාද්‍ය නිහඩ කිරීමට මේ විශාල සමාගම් නිර්ලොබිව කරන ලද මුදල් ආයෝජනයයි.
අද වනවිට අන්තර්ජාලය මහින් බොහෝදෙනා මෙකරුණ ගැන දැනුවත් වීමට හැකිවී තිබේ.
මුලින්ම මේ සමාගම්වලට උවමනා වුනේ දේශීය බීජ සාමාන්‍ය ගොවීන්ගෙන් ඉවත් කිරීමයි.
එයට මුලික හේතුවක් තිබෙනවා, මේ බිජ මගින් නැවත නැවත අලුත් බිජ නිපදාවා ගැනීමට ගොවීන්ට හැකි වීමයි. අනෙක් කාරණය කෘෂි රසායන යෙදීමෙන් පලදාවේ වැඩිවීමක් ඇතිකිරීම කල නොහැකි වීමයි.
ඇත්තවශයෙන් මේ කෘෂි රසායන පැමිණියේ මේ වගාව දියුනු කිරීමට නොවන අතර බොහෝ කෘෂි රසායන යුද්ද කාලයේ බෝම්බ නිෂ්පාදනයට යොදාගන්න ලද රසායන ද්‍රව්‍යයි ලෝකයේ යුද්ධ අඩුවීම සමග මේ රසායන ද්‍රව්‍ය නිපදවන සමාගම් වලට සිදුවුනා නව වෙළදපොලක් මේ සදහා සොයාගැනීමට ඔවුන් මුලින් පලිබෝධ නාශකයක් ලෙස ප්‍රවර්දනය කිරීමේ දී ඇතිවූ මුලික ගැටලුව නම් ලෝකයේ සොබාවික බිජ වලට මේ පලිබෝධ සහ පොහොර නිසා එතරම් සැලකිය යුතු අස්වැන්නක් නොලැබෙන බවයි, මිට හේතුව පසට මේ විෂ ද්‍රව්‍ය යෙදීමේදී පස නිසරුවිමත් මේවායේ විෂ නිසා සොබාවික භෝගය මැරීමත් කියන කරුණයි.
මෙයට විසදුමක් ලෙස සොයාගන්නේ වස වලට ඔරොත්තු දෙන බෝග නිපදවීමයි. විශාල සමාගම්වන මේවා තම බලවත් ප්‍රචාරණ විධි යොදමින් ලෝකය පුරා මෙම බීජ ගොවීන්ට නොමිලේ ලබාදෙන ආතර මෙමගින් බංකොලොත් වීමට නියම්නිත රසායන කර්මාන්ත වලට නව ජීවයක් ලබාදෙනවා.
02. රසායන කෘෂි ක්‍රමයේ දෙවැනි ඉනිම පටන්ගන්නේ මෙසේ බීජ නිපදවීම මගින් විශාල වෙළදපොලක් ඇතිබව නිෂ්පාදකයාට වැටහීම තුලින් එනම් එකවරක් බීජ විකුනනවාට වඩා වගාකරන සෑම වාරයේම ගොවියාට බීජ විකිණිය හැකිනම් රන් ආකාරයක් ලැබෙන බව මේ ආයතන සොයාගන්නවා.
මෙහිදී මෙය සිදුකිරීමට ඇති මුලික ගැටලුව නම් වගාකිරීමට ලබාදෙන බිජ මගින් ඇතිවන භෝග වලින් නැවත බීජ පාවිච්චියට ගත නොහැකි බවට පත් කිරීමයි.
මෙනිසා ගොවියාට සෑම වසරකම බීජ මිලදීගන්න වෙනවා. මේය උගුලක් බව මෙරටේ කෘෂි විද්වතුන් ජනතාව දැනුවත් නොකිරීමට අපුරු හේතුවක් තියනවා.
එනම් රජයේ සියලු කෘෂි විද්යාපීට වල ඉහල තනතුරු දරන්නන් තම සමාගම්වලින් වැටුප් ලබන සේවකයන් බවට පත්කිරිමයි.
බොලොග් කරුවෙකු වන "සරසා තුමා"
http://mallepol.blogspot.com/
පෙන්වාදුන්න
Director of the Agriculture Education Unit (AEU) of the Faculty of Agriculture
හි ආචර්ය බුද්ධි මාරබේ CIC ආයතනයේ අද්යක්ෂක වරයෙක් කියල. අතුරලියේ රතන හිමියන් මෙගැන කිව්වා මතකයි.
මෙවැනි ඉහල තනතුරු වල තමන්ගේ ගැත්තන් පත්කරගන්න මේ සමාගම් (හෝව් දැන් කියයි CIC සමාගම දේශීය සමාගමක් කියල නමුත් දැනගත යුත්තේ මේ දේශීය සමාගම ආනයනය කරන්නේ විදේශීය රසායනද්‍රව්‍ය බව )
අවසානයේ පර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මිලදිහනිමත් සිදුකරනවා.
ඉතින් උවමනා නීති සම්පාදනය සුළු දෙයක්.
ඉතා ආකර්ශනිය නම්වලින් ජනතා විරෝධි පනත් සම්මත වීම ගැන කතාකලා.
නැවත මාතෘකාවට අවොත් මේවිදිය ක්‍රියාවලියක තුන්වන අධියර සහනාදාර සැපයීමයි.
03. ගොවියන් සහනාධාර උගුලේ සිරකිරීම සහ මහජනයාට වස කැවීම.
ඇත්තෙන්ම විශාල ප්‍රචාරන ජාලයක් මගින් මිනිසුන්ගේ මොලය සෝදලා තියන්නේ රසායන කෘෂි කර්මයෙන් තොරව වැඩිවෙන ජනතාවට ආහාර නිපදවීමට අපහසු බව.
ඇත්ත සත්‍ය තමයි රසායන කෘෂි කර්මයේ පලදායිතාව කාබනික කෘෂි ක්‍රමයට වඩා බෙහෙවින් අඩුයි,
එයට හේතුව මෙයයි රසායනික කෘෂිකර්මයේ පලදාව ලෙස පෙන්වන්නේ එක බෝගයක් විශාල ලෙස වැවීමයි මිනිසා පස නිසරු වෙනවට අමතරව කාබනික ව බෝග වර්ග කීපයක් වැවීම නිසා ඇති වන පලදාව ගණනය නොකරයි.
හිතන්න අක්කරයක් රසායන ද්‍රව්‍ය යොදල මිරිස් වවනවා කියල අපි හිතමු මිරිස් කිලෝ 1000 ක් ලැබෙනවා කියල නමුත් කාබනිකව මිශ්‍රව ගොවිතැන නිසා මිරිස් කිලෝ 500 ක් ලැබුනත් අදාළ ඉඩමේ වගාග්කරන ගම්මිරිස් කිලෝ 100 ත් බටු කිලෝ 100 ත් තක්කලින් කිලෝ 250 බණ්ඩක්ක කිලෝ 250 ක් වැනි මිශ්‍රව වගාකිරීමෙන් විශාල පලදාවක් ලබාගත හැකියි.
මෙහි වාසිය නම් මේවට හානිකරන කෘමින් විලෝපිතයන් විසින් කාදමිමයි.
රසායන කෘෂි කර්මය අපට නොගැලපුනත් බටහිර රටවල විශාල ලෙස වගා කරන නිසා ඔවුන්ට මිශ්‍ර බෝග වගාව වාණිජව කල නොහැකියි මක්නිසාද යත් විශාල වශයෙන් පලදාව නෙලන යන්ත්‍ර මහින් විවිද බෝග ඇති විට කල නොහැකි වීමයි.
නමුත් ශ්‍රී ලංකාවේ මෙය සිදුකරන්නේ කෙසේද ? අප යන්ත්‍ර වලින් අස්වනු කැපීම සිදුකරන්නේ ඉතා සුළු පරිමානවයි ගොවිතැන කරන පිරිස 90% පමණ සුලුපරිමාන නිෂ්පාදකයෝයි.
මෙවැනි තත්වයක් මත රජය උත්සාහ ගත්තෙත් ගනිමින් සිටින්නේත් මේ සුළු ගොවින් ගොවිතැනින් ඉවත් කර මහාපරිමාණ සමාගම් වලට කෘෂිකර්මය බාර දීමයි.
නියෝජ්‍ය ඇමතිවරයෙක් වන හර්ෂ සිල්වා මැතිතුමා ගොවීන්ට ඉඩම්වල අයිතිය ලබාදීම සිදුකල යුතු බවත් එමගින් ඔවුන්ට ණය පහසුකම් ලබාගැනීමත් තම වියාපාරය දියුණු කිරීමත් කලහකී බවත් කියන ආතර මෙගාපොලිස් නගර ඉදිකරමින් කෘෂි කර්මයෙන් ඉවත් කරන මින්සුන් නගරයට එකතු කිරීමේ නුතන වැඩපිළිවලට ඔහු පක්ෂපාති වේ.
මෙහිදී සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ බොහෝදෙනා සතුව පවතින ඉඩම් ධනවත් සමාගම් කීපයක් සතු කිරීමේ කුට වැඩ පිලිවලකි.
මෙය ක්‍රියාත්මක වන්නේ අපරටේ පමණක් නෙමෙයි ඉන්දියාවේත් සිදුවේ.
1991 ඉන්දියාවේ ජාන වෙනස් කරන ලද Bt cotton
මගින් සිදුවුනේ කුමක්ද ? ගොවීන්ට බිජ වෙළදපොලින් මිලදීගැනීමට සිදුවීමයි මෙතක් නොමිලේ ලැබුන මෙම බිජ මිලදීගැනීමට ඉන්දිවවේ ණය පහසුකම් ලබාදුන් ආතර ගෙවාගත නොහැකි ණය බර නිසා ගොවින් ලක්ෂ ගණනින් සියදිවි ඝානිකරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවිය, මෙහිදී වන්දනා ශිවා පෙන්වාදෙන්නේ මෙම සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවය මුලින්ම ඇතිවී අත්තේ බහුජාතික සමාගම් වලින් වගාකරන ලද
Bt cotton අශ්‍රිතව බව අනාවරණය කරයි.
ඇත්තටම මේ සිදුවන්නේ කුමක්ද ?මෙය තනිකරම බහුජාතික සමාගම් ජනමාද්යේ සහය ඇතුව සියලුම ඉහල අද්යාපන ආයතන වලට තම ඉත්තන් පත්කර ගෙන රටත් ජනතාවත් ගොනාට අන්දමින් කරනු ලබන නුතන මන්කොල්ලයයි.
මෙය කොතරම් දියුණුද කියනවනම් රසායනික පොහොර ගොවියාට නොමිලේ ලැබෙන බව පෙන්වමින් කරන ඇස්බන්දුමකි.
රසායනික පොගොර සදහා යන මිලත් එයින් ලැබෙන පලදාවත් කාබනික පොහොර සදහා යන මිලත් එයට ලැබෙන පලදාවත් සමග සංසන්දනය කිරීමේදී කාබනික ආහාර වල පලදායිතාව ඉතා ඉහල බව ලැබෙන තුරතුරු මගින් අනාවරණය වේ.
නමුත් මෙතෙක් රසායනික පොහොර යොදා පස විනාස කල පොළවක එකවර සමාගම් වලින් ලැබෙන බිජ යෙදුවොත් ලැබෙන අස්වැන්න ඉතා දුර්වල බව තේරුම් ගැනීමට සිදුවේ.
මෙනිසා මුලින්ම කල යුතු වන්නේ දේශීය බිජ ගොවීන්ට ලබාදීමයි. දෙවනුව කාබනික ක්‍රමයට පස සැකසීමට පහසුකම් ලබාදීමත් කාබනික පොහොර රජය විසින් ගොවීන්ට ලබාදීමත්, ජිවම්මෘතම් නමැති ශුද්ද්‍ර ජීවින් මනින් නයිට්‍රිජන් පොලවට එක්කර ගැනීමේ විදික්රමත් පසේ ශුද්‍ර ජීවින් වර්දනය කරන ක්‍රමවිදී ගැනත් ගොවියා දැනුවත් කල යුතුයි.
මෙසේ නිපදවන කාබනික බෝග සදහා වෙළදපොල සොයාදීම රජය කලයුතු නෑ මොකද දැනටමත් අති දැවැන්ත වෙළදපොලක් මේ සදහා තියනවා.
මෙම නිෂ්පාදනය මහාපරිමාණයෙන් කරන විට ගොවියාටත් හොදමිලකුත් පාරිබෝගිකයාට අඩු මිලට වසවිසෙන් තොර ආහාරත් ලග්බගත හැකියි.
හා හා පාර හොඳට බලා ගෙන යං නාත දෙය්යෝ මඟ හැරේවි.
ReplyDeleteඇලජික් නැත්නම් වියන්ගොඩ ඊයේ පෙරේද විතර ලියල තිබ්බ කොටස් දෙකක ලිපියක් රසායනික ගොවිතැන නැතුව බැරි ඇයි කියලා, අරුණි ශිෆාරෝ අවුරුදු කීපයකට පෙර ලියල තිබ්බා හරිත විප්ලවය අවශ්‍යවුනේ ඇයි කියලා.
මමත් ගෙදර කෑමට කියලා අමුවෙන් කන්න පුළුවන් දේ රසායනික නැතුව වගාකරගන්න උත්සහ කරනවා,ප්‍රතිඵල බොහොම අධෛර්ය කරවන සුළුයි. මීට ඉස්සර නිවැරදි මාත්‍රාවලට රසායනික භාවිත කරලා ගත්ත ප්‍රතිඵල වලින් 10න් එකකන් වත් ගන්න බෑ. යම් ප්‍රතිඵලයක් තියෙවි වී වගේ විශාල භූමියක පැතුරුණු බෝග වල, සහ පෝච්චි කීපයක කරන මයික්‍රො වගා වල. කොහොමටත් ලංකාවේ ප්‍රධාන වගා ප්‍රසේශවල පළපුරුදු වී ගොවියන් අතර අනවශ්‍ය පළිබෝධනාශක භාවිතයක් පසුගිය වසර 10තුල දක්නට ලැබුනේ නෑ, බොහෝ කන්න වල ඔවුන් වල්නාශක භාවිතයට පමණක්ම සීමාවුනා, උඩරට එළවළු වගා වලට භාවිත කරන රසායන ප්‍රමාණය වසර කීපයත් තිස්සේ අඩුවෙමින් පවතින බව මා නිරීක්ෂණය කර තියෙනවා, එසේවන්නේ වදා සාර්තක දියුණු පළිබෝධ නාශක අළුතෙන් පැමිනෙන නිසා.
ඇණයා Nut Man,
Delete//මමත් ගෙදර කෑමට කියලා අමුවෙන් කන්න පුළුවන් දේ රසායනික නැතුව වගාකරගන්න උත්සහ කරනවා,ප්‍රතිඵල බොහොම අධෛර්ය කරවන සුළුයි.//
මමත් වසර ගණනක් අස්ර්තකත්වයෙන් පසු වගාකිරීමට නව ක්‍රමයක් සොයාගත්තා, දැනටනම් ඉතා සාර්ථකයි. හැබැයි ඔබට කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවේ භෝග ගොදාගෙන මෙය කල නොහැකියි දේශීය බිජ ගොදාගන බලන්න.
අනෙක් කරුණ ශුද්‍රජීවින් යොදාගැනීම. සරල ක්‍රමයක් පැහැදිලි කරලා තිබුන සොබාවික හෝමෝනයක් ඇතිකර ගැනීමට, මිට මාළු ග්රෑම් 500ක් සක්කර (හකුරුත් )ගත හැකියි ග්රෑම් 500 ක් සමග මිශ්‍රකර (මාලු කුඩාවට කපාගන සහ හකුරු කුඩු කරගෙන ) දවස් 15ක් වසා තබන්න ඉන්පසු ඔබට පැනියක් වැනි දෙයක් ලැබෙයි, මෙය 1 ක ගොටසට වතුර 20 දමා මල් නොඑන ගෙඩි නොඑන ඇස්වලට ගසන්න.
මේවගේ බොහෝ විදික්රම තියනවා කාබනික ගොවිතැන කියන්නේ කොම්පෝස්ට් වලක් යොදාගැනීම කියලයි බොහෝදෙනා සිතන්නේ නමුත් බොහෝදෙනා දන්නේ නෑ කාබනිකව නිපදවන කෘමිනාශක පිලිබදව උදාහරණ නිදිකුම්බා සහ කොහොබ යොදාගැනීම.
ආවට ගියාවට කොම්පෝස්ට් ටිකකට ඇට ටිකක් විසිකරලා කරන්න බෑ.
සාමාන්‍ය වියදම කොම්පෝස්ට් සදහා අඩු උනත් මේසදහා අද්යාපනයක් උවමනා කරනවා, එක සමහරුන්ට ලාබ නෑ.
මට පර්යේෂණ ගොඩක් කිරීමට උවමනා උනේ නෑ දැනටමත් සාර්ථකව කරන විධි මම යුටියුබ් එකෙන් අහුල ගත්ත, අපොස සාමාන්‍යපෙළ මම කරේ කෘෂි කර්මය එහිදී පාවිච්චි කල සියලුම කමවේද අනුව නෙමෙයි මෙය සිදුකලේ.
ඔබ මටවඩා ඉහල කෘෂි දැනුමක් තියනවනම් ඔබ මට වඩා අමාරුවක වැටෙයි.
මෙනිසා තිලක් කන්දේගම මහතා ගේ වැඩසටහන් කීපයක් වත් බලන්න, කනගාටුයි කියන්න මේ පරිසර වේදීන් අඩුගානේ email ලිපියකට වත් පිළිතුරු දෙන්නේ නෑ. මෙතුමා ලියපු පොතක් මිලදීගන්න ඇති තැනක් මම ඇහුව නමුත් පිළිතුරක් නෑ.
නවීන ත්ක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීම කියන්නේ රසායනික විස දැමීම නෙමෙයි කණගාටුව මේ පරිසර වේදීන් ට තාක්සනය ගැන ලොකු ඇලජි එකක් තියනවා.
ලාංකික,
Deleteඔය ගාමිණී වියන්ගොඩ කියන පල් හොරා ඇතුලු පිරිසක් තමයි දැන් ඔය කාලකණ්ණි බහුජාතික සමාගම්වල සල්ලිවලට බොරු පච ප්‍රචාර පතුරවන්නෙ. මම ගාමිණීගෙ අදහස් රූපවාහිනියෙන් දැක්කා. ඔය යකා අඩුගානෙ ගෙදර මල් පැලයක් වත් හිටෝපු/ සාත්තු කරපු එකෙක් නොවන බව කතාවෙන් බොහොම ලෙහෙසියෙන් පැහැදිලි වුණා. ඌ කියන්නෙ ඔය කියන විශාල සමාගම්වල මුදලට පච ප්‍රචාරය කරපු කෘෂි විද්‍යාඥයින් 1970-80 කාලෙ ජර්නල් වලින් තමන්ගෙ මතේට ගැලපෙන කොටස් ටිකක් කටපාඩමින් කියවන එක විතරඉ. කෘෂි කර්මාන්තය ගැන මෙලවින් මෙලව දෙයක් නොදන්න මැටිමෝල් ගොබ්බයෙක්.
මගේ අත්දැකීමක් කියන්නම්. ගිය කන්නයේ අපේ එක කුඹුරකට (වී කුරණි 20ක විතර කුඹුරක් - වී මලු 50-60ක අස්වැන්නක් ෂුවර්) පැල ගොයම ටිකක් පීදීගෙන එනකොටම (පඳුරු දමන්න කලින්) එක පාරටම ලෙඩක් ආවා. පෙනුන හැටිය කීඩෑවො (දුඹුරු/ අළු පැල කීඩෑවෝ) වගේ. ඉතින් කීඩෑවන්ට ගහන නොයෙක් තෙල් ගැහුවත් කොහොමවත්ම හරිගෙයේ නැහැ. ඊට පස්සෙ කෘෂිකර්මෙ අයට කීවම එයාල ඇවිත් බලල කිව්ව මයිටාවො කියල. (පොල් වගාවේ මයිටා උවදුර ගැන දනිතැයි සිතමී). ඉතින් කුඹුරුවලට මයිටාවො ගැහැව්වම බෙහෙත් නැහැ. ආරංචි විදිහට මේ මයිටා උවදුර බෝ කරල තියෙන්නෙ රසායනික පෝර වලින්ලු. බොහොමයක් අලුත් ලෙඩ රෝග, විශේෂයෙන්ම වල් පැලෑටි (සාම්ප්‍රදායික නොවන අලුත් බැද්ද ගස්) මෙහෙම බෝ කරපු ආක්‍රමණික ශාක සත්ත්ව විශේෂ විය යුතුයි.
වී වගාවේ දී ගොයම් පැළයට අමතරව කුඹුරෙහි දක්නට ලැඛෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හඳුන්වනු ලැබේ . වල් පැළ පාලනය සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ වී වගාව ආරම්භක අවස්ථාවේ සිටමය. එබැවින් වගා ආරම්භයට පෙර සිටම සාර්ථක වල් පැළ පාලනයක් සිදු කර ගැනීමට නම් කුඹුරෙහි ඇති විවිධ වල් වර්ග කුමන ප්‍රමාණයකින් තිබේද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.
Deleteවී වගාවේ බලපෑම් ඇති කරන වල් පැළෑටි ද ප්‍රධාන කාණ්ඩ 03 ක් හඳුනා ගත හැක. එනම් ,
A. තෘණ වර්ගයේ වල් පැළෑටි
B. පන් වර්ගයේ වල් පැළෑටි
C. පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි
තෘණ වර්ගයේ වල් පැළෑටි
1. අශ්ව වලිග
2. ඇටවරා / ඇටෝරා
3. බැල තණ
4. බටදැල්ල
5. මහමාරුක් / බජිරි
6. ගොජරවාලූ / ගොම තණ / කුඩුකේඩු
7. හීන් මාරුක්
පන් වර්ගයේ වල් පැළෑටි
1. මහ කුඩමැට්ට
2. හීන් කුඩමැට්ට
3. කුඩමැට්ට
4. කලාදුරු
5. තුණැස්ස
6. මොට්ලූ
පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි
1. දිය හබරල
2. දිය ගෝවා
3. දිය සියඹලා
4. මහ ගිරාපලා
5. හීන් ගිරාපලා
6. ජපන් ජබර
7. වෙල් කරාඹු
වල් පැළෑටි මඟින් ගොයමට සිදුවන හානිය බිම් සකස් කරන අවස්ථාවේ දී ඇති වන අපහසුව නිසා අධික වියදමක් දැරීමට සිදුවීම . කුඹුරට යොදන පොහොර , ජලය , ලැඛෙන ආලෝකය වැඩි තරඟකාරීත්වයකින් වල් පැළ ලබා ගැනීම නිසාත් ගොයම් ගසේ වර්ධනය බාල වීම, වී වගාවට හානි කරන කෘමීන් , දිලීර , රෝගකාරකයන් සහ නෙමටෙඩා ධාරක ශාකයක් ලෙස ක්‍රියා කිරීමෙන් අස්වැන්නට සිදු කරන හානිය වඩාත් වැඩි කිරීමයි.
කුඹුරේ වැඩෙන වල් පැළවල බීජ සහ වර්ධක කොටස් ජලය මඟින් අවට ඇති ඇල , දොල සහ ගංගාවලට එකතු වී වාරි මාර්ගවලට අවහිර වීම, වී අස්වැන්නට හානි කරන මීයන් බෝවීමට හොඳ පරිසරයක් ලබා දීම, වල් පැළෑටි බීජ සමඟ මිශ්‍ර වීම නිසා වීවල ගුණාත්මක අගය අඩු වීම ආදී ඉහත කරුණු සියල්ලම හේතු කොට ගෙන අස්වැන්නෙහි ඇති ගුණාත්මක සහ ආර්ථික අගය බෙහෙවින් අඩු කරලයි.
වල් පැළ පාලනය/වල් පැළ වැඩීම නැවැත්වීම සඳහා කරන්නේ වල් පැළ වර්ධනය වී පැළවලට හා පශු සම්පත්වලට හානිදායක වීමට පෙර භෞතික හෝ රසායනික ක්‍රමවලින් ඒවායේ වැඩීම නැවැත්වීමයි. වල් පැළ වැඩීම නැවැත්වීම සඳහා බොහොමයක් වල් පැළ පාලන ක්‍රියා පිළිවෙලවල් වර්ධනය කර ඇත.
වඩාත් මූලික පැරණි සම්ප්‍රදායික ක්‍රමය වන්නේ නගුල් ගෑම වන අතර එහි දී වාර්ෂික වල් පැළවල මුල් කපා දමනු ලැබේ. වර්තමානයේ දී බහුලවම වල් නාශක ලෙස හඳුන්වන රසායනික වල් පැළ නාශක භාවිතා කරයි.
පලිබෝධනාශක වර්ගීකරණය සඳහා ක්‍රමවේද ගණනාවක් පවතී.
Delete01. වල් නාශක - අනවශ්‍ය ශාක වර්ග පාලනය සඳහා භාවිතා වේ.
02. කෘමිනාශක - කෘමීන් පාලනය සඳහා භාවිතා වේ. - මේවා කෘමි බිත්තර විනාශ කරන සංයෝග, කෘමීන්ගේ පිළා අවස්ථාව විනාශ කරන සංයෝග හෝ සුහුඹුල් කෘමීන් විනාශ කරන සංයෝග විය හැක.
03. කීඩෑනාශක - කීඩෑවන් පාලනය සඳහා භාවිතාවේ.
04. ඇල්ගීනාශක - මේවා ඇල්ගී පාලනය සඳහා භාවිත වේ.
05. ඇවිසයිඩ/ පක්ෂිනාශක - පක්ෂීන් පාලනය සඳහා භාවිතවේ.
06. බැක්ටීරියානාශක - බැක්ටීරියා පාලනය සඳහා භාවිත වේ.
07. දිලීරනාශක - දිලීර සහ ඌමයිසයිටාවන් පාලනය සඳහා භාවිත වේ.
08. මොලුස්කානාශක - ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් පාලනය සඳහා භාවිතා වේ.
09. නෙමැටෝඩානාශක - නෙමැටෝඩාවන් පාලනය සඳහා භාවිතා වේ.
10. කෘන්තකනාශක - කෘන්තකයින් පාලනය කිරීම සඳහා භාවිතා වේ. (කෘන්තකයින් කියලා කියන්නේ ලෑටි ගාන සතුන් උදා: මීයන්, ඉත්තෑවන් වගේ.)
11. වෛරස් නාශක - වෛරස් වර්ග පාලනය කිරීම සඳහා භාවිතා වේ. (උදා - H5N1)
පලිබෝධනාශක කෘතීම පලිබෝධනාශක සහ ජෛව පලිබෝධනාශක ලෙස ද වර්ගීකරණය කළ හැකි නමුත් ඇතැම් විට මේවා අතර වෙනස්කම් එතරම් පැහැදිලි නොවේ.
පුළුල් පරාස පලිබෝධනාශක ලෙස හැඳින්වෙනුයේ විශේෂ ගණනාවක් මරණයට පත් කළ හැකි පලිබෝධනාශක වන අතර පටු පරාස පලිබෝධනාශක ලෙස හැඳින්වෙනුයේ තෝරාගත් සීමිත විශේෂ සංඛ්‍යාවක් මරණයට පත් කළ හැකි පලිබෝධනාශක වේ.
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන පලිබෝධනාශක ශාකයක් මඟින් අවශෝෂණය කර ගැනීමෙන් අනතුරුව ශාකය පුරා පැතිරීම සිදුවේ. බොහෝ කෘමිනාශක සහ දිලීරනාශක මෙසේ පැතිරෙන්නේ ශාකයේ ඉහල ප්‍රදේශ දක්වා වන අතර මෙය සෛලම පටකය හරහා සිදු වේ. අනතුරුව මේවා ශාකයෙන් පිට වීම සිදුවේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශකයෙහි කාර්යක්ෂමතාව ඉහල යාම සිදු විය හැක. මෙම ක්‍රියාවලිය ඔස්සේ ශාකයක පරාග හෝ පුෂ්පයක අඩංගු පැණි තුළට කෘමිනාශක ඇතුළත් වීම සිදුවේ නම් මී මැස්සන් වැනි පරාගන කාරක ජීවීන් විනාශ කරයි.
පළිබෝධනාශක වෙනුවට ශාක නිස්සාරකයක් යෙදීම ඉතාම සාර්ථක ක්රමයකි. මෙම ශාක නිස්සාරක යොදාගෙන පළිබෝධ මර්දනය පරිසර හිතකාමී පියවරකි. ඇතැම් ශාකවලට තම සතුරන් මර්දනය කිරීම සඳහා ස්වාභාවික ක්රමවේදයක් ඇත. මෙම ස්වභාවික ක්රමවේදය උත්තේජනය කළහැකි ශාක නිස්සාරකයක් යෙදිය හැකිය. එබදු ද්‍රව්‍ය යෙදීමෙන් ශාකය පළිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති කර ගනියි.
Deleteශාක නිස්සාරකයන්හි පෝෂ්‍ය පදාර්ථ, වර්ධනයට අවශ්‍ය වන මූලද්‍රව්‍ය සහ විටමින් අඩංගු වේ. මෙම නිස්සාරකවල අඩංගු විෂ නිසා (උදාහරණ ලෙස පයිරතියන් වැනි ද්‍රව්‍යය) පළිබෝධකයන් වර්ධනය අඩපණ වේ.
කාබනික ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන් විසින් මෙබදු නිස්සාරක කලක් තිස්සේ භාවිතා කර ඇත. එහෙත් ඒ පිළිබඳ ක්රමානුකූූල අධ්‍යනයක් සිදුකර නොමැත. එසේම එම නිස්සාරකයන්ගේ ක්රයාකාරිත්වය නිසි පරිදි විස්තර කිරීමට මෙම වගා කරන්නන් අසමත් වී ඇත.
ඔවුහු තම අත්දැකීමෙන් ශාක නිස්සාරක යෙදූහ. සාර්ථකත්වයට පත්වූහ. කෙසේ වෙතත් මෙම නිස්සාරකයන්ගේ අතුරු ආබාධ, හිතකර ජීවීන්ට සිදුවන හානිය, රෝග ඇති නොකර ජීවීන්ට සිදුවන බලපෑම යන ක්‍ෂේත‍්‍ර පිළිබඳ ද අවධානය යොමු කිරීමට සිදුවේ. මෙම ක්රමවේදය ඉතා කාර්යක්‍ෂම විය යුතුය. නැතහොත් පරායෝගිකව භාවිතා කළහැකි දෙයක් විය යුතුය.
පළිබෝධ මර්දනයට යොදා ගත හැකි ශාක නිස්සාරක සහ ඒවා සාදා ගන්නා ආකාරය
කොහොඹ
කොහොඹ ඇට ජලය සමඟ මිශර කර ලබා ගන්නා නිස්සාරකය පළිබෝධ විශේෂ කිහිපයකටම එරෙහිව මෙන්ම දිලීර ආසාදනවලට එරෙහිවද භාවිතා කළ හැක. කෙසේ වෙතත් වාණිජ වශයෙන් සැකසූ නිෂ්පාදනය කරන ලද කොහොඹ නිෂ්පාදන භාවිතයට සුදුසු නැත. ඒවායෙහි විවිධ කාබනික ද්‍රාවකයන් අඩංගුවේ.
කොහොඹ ඇට 400g හොඳින් කොටා පොට්ටනියක දමා ගැට ගසා වතුර ලීටර් 2ක පැය 12ක කාලයක් බහා තැබිය යුතුය. මෙය විටින් විට මිරිකා වතුර එකතු කර ගත යුතුය. ඉසීම පහසු කිරීම සඳහා පරමාණවත් සබන් දියර පරමාණයක් එකතු කළ හැකිය. වගාවට පෙර එහි තෙත් ගතිය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. අවශ්‍ය නම් මෙම නිස්සාරකය සතියකට වරක් යෙදිය යුතුය.
සුදුලූනු
සුදුලූනු නිස්සාරකය දළඹුවන්, නෙමටෝඩාවන්, සමහර කුරුමිණියන් ආදී පළිබෝධකයන්ට එරෙහිව යොදා ගත හැකිය. සුදුලූනු මිරිකා ගත් යුෂ පැය 24ක් ඛනිජ තෙල්වල බහා තැබිය යුතුය. සබන් විසුරුවා හරින ලද වතුර, සුදුලූනු නිස්සාරකය සහිත ඛනිජ තෙල්වලට දමන්න. එය හොදින් මිශර කරන්න. හොදින් හැඳි ගාන්න. එය පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්න. මෙම නිස්සාරකය වතුර කොටස් 20ක් සමඟ මිශර කොට වගාවට යෙදිය හැකිය. නමුත් සමස්ත වගා භූමියට යෙදීමට පෙර කොටසකට යොදා පරීක්‍ෂා කර බැලීම යහපත්ය. බොහෝ සුළභ පළිබෝධකයන්ට එරෙහිව මෙම නිස්සාරකය භාවිතා කළ හැක.
මිරිස් - ගම්මිරිස්
හොඳින් අඹරන ලද මිරිස් සහ ගම්මිරිස් ජලයට දමා හොදින් හැදිගාන්න. එය රැය පුරා එලෙසම තිබෙන්නට ඉඩ හරිනු ලැබේ. පසුදින පිරිසිදු රෙදි කැබැල්ලකින් එය පෙරා ගනු ලැබේ. සබන් එහි විසුරුවා හැරීමෙන් පසු වගාවට යෙදිය හැකිය. මෙය එළවළු වගාවල වෛරස් ආසාදන සඳහා ඉතා සුදුසුය.
වියලි ලූනු පොතු
තක්කාලි සහ අර්තාපල්වල අංගමාරයට එරෙහිව වියලි ලූනු පොතු ඉතා සාර්ථකව භාවිතා කළහැක. වියලි ලූනු පොතු දෝතක් පමණ ගෙන එය වතුර ලීටර් 4.5 කට මිශර කරන්න. ජලයේ දීප්තිමත් කහ පැහැයක් ඇතිවන තුරු රත් කිරීම අවශ්‍යවේ. එය වගාවට යෙදිය හැකි අතර සති දෙකකට වරක් යෙදීමෙන් සාර්ථක පරථිඵල ලබා ගත හැකිය.
කොම්පෝස්ට්
කොම්පෝස්ට් සවලකින් එකක් ජලය ලීටර් 10 කට මිශරකොට දින දෙකක් තිබෙන්නට හරින්න. ඉන්පසු එය හොඳින් පෙරා වගාවට එක් කළ හැකිය. රෝග කාරක පළිබෝධකයන්ට එරෙහිව මෙය යොදා ගතහැකිය.
පළිබෝධ මර්දනය සඳහා ශාක නිස්සාරකයන්ට අමතරව සත්ත්ව අපද්‍රව්‍යද භාවිතා කළ හැකිය.
Deleteගව මුත්රා
දිලීර රෝග මර්දනය කිරීම සඳහා ගව මුත්රා ඉතා සකීය ලෙස භාවිතා කළ හැකිය. භාජනයකට එකතු කරගත් ගව මුතරා සති දෙකක කාලයක් හිරු එළියට නිරාවරණය වන සේ තැබිය යුතුය. ඉන් පසු එය ජලයට mix කර ගත යුතුය.
ප්රමාණවත් ලෙස ජලය එකතු නොකිරීමෙන් බෝගයේ පත්ර දැවී යා හැකිය. මේ නිසා ද්‍රාවණයේ සාන්ද්‍රණය බෝගය අනුව වෙනස් කර ගත යුතුය. එය අත්දැකීමෙන් වටහා ගත යුත්තකි. එළවළු වගාවට හානි කරන පළිබෝධකයන් විශාල පරමාණයකට එරෙහිව මෙය භාවිතා කළ හැකිය. මෙම ද්‍රාවණයට කොහොඹ වැනි නිස්සාරකයන් mix කිරීමෙන් වඩාත් සාර්ථක කර ගතහැකිය.
ගොම
වියලි ගොම වතුර බදුනකට දමා දිනපතා මිශ‍්‍ර කරමින් දින 14ක් තබා ගන්න. මින් නැගෙන අපරසන්න ගඳ අඩු කර ගැනීමට ගල් කුඩු ස්වල්පයක් හෝ මැටි කුඩු ස්වල්පයක් එකතු කර ගත හැකිය. බෝගයට යෙදීමට පෙර ජලය mix කර සාන්ද්‍රණය අඩුකර ගත යුතුය. පලතුරු එලවළු වගාවල සුලබ පළිබෝධකයන් මර්දනය කිරීම සඳහා මෙය සුදුසු වන අතර සිවුපාවුන්ගේ හානියද ඉන් අවම කෙරේ.
මෙයට අමතරව පරිසරයට හානි නොවන අන්දමේ ඛනිජ හා රසායනිකයන් කාබනික ගොවිතැනට යෙදීමට පුළුවන. සිලිකා අඩංගු (උදා: සෝඩියම් ටෙට්රා සිලිකේට්) කොට තැනූ ඇතැම් නිෂ්පාදන කාබනික ගොවිතැනට යෙදිය හැකිය.
එමගින් පළිබෝධ පරතිරෝධී ගුණය වැඩි කර ගැනීමට පුළුවන. ශාකවල පළිබෝධකයන්ට මුහුණදීම සඳහා යාන්තරණයක් පවතී. මෙම යාන්තරණය සවිබල ගැන්වීමත් ශාකයේ සෛල බිත්තිය ශක්තිමත් කිරීමත් සිලිකාවලින් සිදුකෙරේ.
නමුත් සිලිකා භාවිතා කළ යුත්තේ අස්වැන්න නෙළීමට ආසන්න කාලයේදීය. එය ගෙඩි ඉදීම දිරි ගන්වයි.
දිලීර රෝගවලට එරෙහිව සල්ෆර් (ගෙන්දගම්) සහ කොපර් (තඹ) යෙදීම අනුමත කෙරේ. නමුත් එය භාවිතා කළ යුත්තේ යම් සීමාකාරී තත්ත්වයන් යටතේය. මන්ද ඉන් පරයෝජනවත් කෘමීන්ට හානි පමුණුවයි.
පොටෑසියම් පර්මැංගනේට් (කොන්ඩිස්) ද යම් සීමාකාරී තත්වයකදී භාවිතා කළ හැකිය. එමගින් යම් දිලීර විනාශ කළහැක.
සබන් සහ ඛනිජ තෙල් සමහර කෘමීන් මර්දනය සඳහා භාවිතා කිරීමට පුළුවන. ඒවා සකස් කරන ආකාරය පහත විස්තර කෙරේ.
සබන් පැරෆීස්
සබන් හා පැරෆීස් ද්‍රව්‍යය පළිබෝධ මර්ධනයට යොදාගත හැකිය. වේයන්, මයිටාවන් වැනි කෘමීන් මේ මගින් විනාශ කළ හැකිය. භාවිතා කරන සබන් ග‍්‍රෑම් 125ක් උණු ජලය ලිටරයක විසුරුවා හරින්න. එයට පැරෆීස් ලීටර් දෙකක් දමා මිනිත්තු දෙකක් පමණ හොඳින් කලතන්න. එවිට ජෙලිමය ද්‍රව්‍යයක් සෑදේ. බෝගයට යෙදීම සඳහා 10 ගුණයක් තනුක කළ යුතුය.
දරවලින් ලැබෙන අළුද ඉතා කියාකාරීව කෘමි මර්දනයට යොදා ගත හැකිය. යුෂ උරාබොන කෘමීන් මෙම කරමය මගින් මර්දනය කිරීමට පුළුවන. දරවලින් ලැබෙන අළු කෝප්පයක් සහ දෙහි මිශරණයක් වතුර ලීටර් 4 කට දමා පැය දෙකක් තිබෙන්නට හරිනු ලැබේ. Mixture හොදින් කලතා වගාවට යෙදිය හැක.
භූමිතෙල්
දරවලින් ලැබෙන අළු 1kg භූමිතෙල් මේස හැදි 6 කට mix කරන්න. එළවළු පාත්තිය මත එය විසුරුවන්න. මෙය සතියකට දෙවරක් කළ යුතුය.
භූමිතෙල් සහ සබන්
සබන් වතුරට දමා සම්පූර්ණයෙන්ම දියවන තෙක් උණු කරන්න. එයට භූමිතෙල් දමා හොදින් mix කරන්න. භාවිතයට පෙර වතුර කොටස් 10 – 15 දමා මිශරනයේ සැර බාල කර ගත යුතුය. මකුණන්, මයිටාවන් වැනි යුෂ උරාබොන කෘමීන් මේ මගින් පාලනය කළ හැකිය.
කාබනික ගොවිතැනේදී කෘමි මර්දනය සඳහා ස්වභාවික techniques යොදා ගනියි. කාබනික ගොවිතැනෙහි නිතර ගොවින් විසින් සුලබ ස්වභාවික සතුරන් කවුරුන්දැයි වටහා ගත යුතුය.
ස්වාභාවික සතුරන් ගොදුරු අල්ලා කන සතුන් සහ පරපෝෂිතයන් ලෙස වර්ග කළ හැකිය. කුරුල්ලන්, සර්පයන්, ගෙම්බන්, විවිධ වර්ගවල කෘමීන්, ගොදුරු අල්ලා කන සතුන් උදාහරණ සේ දැක්විය හැකිය. පරපෝෂිතයන් ලෙස කෘමීන්, ක්‍ෂුද්‍රජීවීන් සහ නෙමටෝඩාවන් දැක්විය හැකිය.
පළිබෝධකයන්ගේ ගහණය ඉතා අඩු අවස්ථාවක වුවද ආර්ථික වශයෙන් හානියක් සිදු කළ හැකිය. මේ නිසා අතිරේක මැදිහත් වීමක් අවශ්‍ය කෙරේ. ඇතැම් අවස්ථාවල ගොදුරු අල්ලා කන සතුන් පරමාණවත් නොවන විට පළිබෝධකයන් වර්ධනය වීමට පුළුවන. මේ නිසා හානිදායක කෘමීන් ඉවත් කිරීම සඳහා සෘජු මැදිහත්වීමක් අවශ්‍යවේ.
AnonymousApril 4, 2016 at 7:47 AM,
Deleteමම හිතන්නේ හොදම විදිය සොබාවික විලෝපිතයන් මාර්ගයෙන් කෘමි උවදුර පාලනයයි, මේ සදහා බොහෝ දැනුම ඇති බව තිලක් කන්දේගම මහතා මෙසේ වවපු ඉඩමක් ගැන වෙනස වැඩසටහනේ කතා උනා.
මේ දැනුම ලබාගන්න පුළුවන් විදියක් නැද්ද ?
AnonymousApril 4, 2016 at 6:54 AM,
Deleteගාමිණී වියන්ගොඩ කියන්නේ සමාගම්වලට විකිණී ඇති කෙනෙක්, ඔහු ගේ කර්ය දක්ෂ කථිකත්වය යොදා රසායන ගොවිතැන හොද බව කීමයි ඔහු විතරක් නෙමෙයි මෙහි බයානක බව දන්නා ආචර්ය මහාචර්ය වරුත් ඔහුට අන්ත විදියට මේවට රැවටිලා ඉන්නවා.
රටේ ගොවියා වසකඩේ මුදලාලි සරනං ගච්චාමි කියන ත්ක්කාලයට ගොවියාට මිට වඩා බයානක උවදුරු වලට මුහුණ දෙන්න වෙයි.
වාසනාවට අද අන්තර්ජාලය ඇති නිසා මේ දැනුම මේ ගොවි ජනතාව ට ලබාදීමට හැකිනම් ලොකු පිනක් කියලයි මට හිතෙන්නේ.
මමත් හිතාගෙන හිටියේ රසායනික ගොවිතැන ඉහල පලදාවක් දෙන බවයි, අත්ත්ටම මෙය මහා රැවටීමක් බව තේරෙන්නේ බටහිර සිදුවෙන දේවල් දැකීමෙන් පසුවයි
වී වගාව දැන් කෘසි රසායන වලට සින්න වේලා....
ReplyDeleteදැන් ස්‍රී ලාන්කිකයන් කල යුත්තේ තවමත් සේල්ස් රෙප් අග්‍රි ග්‍රැජුවෙට්ස් ලා අත නොතබපු කෘසි රසායන පාවිච්චි නොකරනා කොස්, දෙල් හිඟුරල, හුලන්කීරියා වැනි පිටි ආහාර ද කොහිල වැනි එලවලු ද වැඩේයෙන් විවිදාන්ගීකරනය කර පාවිචියට ගැනීමයි!
Sa rasa,
Delete// අග්‍රි ග්‍රැජුවෙට්ස් ලා අත නොතබපු කෘසි රසායන පාවිච්චි නොකරනා කොස්, දෙල් හිඟුරල, හුලන්කීරියා වැනි පිටි ආහාර ද කොහිල වැනි//
හිඟුරල, හුලන්කීරියා ඇර අනෙක්ව වත්තේ තියනවා අපි කරන දේ තමයි කියනේ. ඔ ඉයස් !!
ඇඹිලිපිටි පැත්තේ නිවෙස තිබෙනා අප සමග සේවය කරනා දැරියක් තුඹ කරවිල අල ගෙනත් දෙන්න පොරොන්දු වුනා.... එයත් කෘසි රසායන නොයෝදා වගා කරන එලවලුවක්...
Deleteමුරුන්ගා වලටත් කෘසි රසායන දානවා කියලා ආරන්චියක් නැහැ...
අපි කුඩා ව්යාපෘතියක් ලෙස තවමත් කෘසි රසායන නොයොදා වගාකෙරෙන බෝග ලයිස්තුවක් හදමුද?
සරසා තුමා,
Deleteඑක නම් හොද අදහසක්, නමුත් මේ කාලකන්නි තත්වය කොච්චර දුරදිග ගිහිල්ලද කියනවනම් කිසිම කෘමිනාශකයක් නොදාන රසායනික පොගොර නොදාන ඕනෑම බෝගයක් කල්තබාගනිමටත් අඩු කාලයකදී ඉදවා ගැනීමටත් වස ගැසීම සිදුකරයි.
සාමන්යෙන් අපේ ගෙදර අබ ගසක් තියනවා බොහෝ වාරවල සිදුකරන්නේ අපට උවමනා ප්‍රමාණය තියාගන ඉතිරිය අබකඩන ලොරියට විකුනාදමනවා. මෙපාරනම් සත්තු කාල ගියත් මේ මිනිසුන්ට දෙන්නේ නෑ.
එළවලු සදහා ලැයුස්තුව හොදයි.
මම පසුවයි දැනගත්තේ මුකුණුවැන්න වලට පවා බෙහෙත් ගහන බව.
මම තිත්න්නේ කොහිල අල කොස්, පොලොස්, නමිනන් වැනි කියයක් ඇරුනම බොහෝ ආහාර වලට කෘමි නාශක ගසනවා.
මම ගෙදර ඇත්දළ වම්බොටු, ගොරක තක්කාලි ඇත්දළ බණ්ඩක්කා, ගොනා අන් මිරිස් වවල තියනවා.
පුළුවන් තරම් දේශීය එළවලු සහ බෙහෙත් පැල වැවීමට අදහස් කරනවා.
මේවා ලබාගතහැකි තැන් තියනවනම් දැනුවත් කරන්න.
ඉදිරියට වගාව සදහා සුර්ය පැනලයක් මගින් වැඩකරන වතුර මෝටරයක් දමල කුඩාවට වර්දනය කරන්නයි බලා ොරොත්තුව, මා මේගැන සේව්වහම ශ්‍රී ලංකාවේ මේ තක්ෂණික උපකරණ මිලදීගැනීමට නැතිබවයි මට තේරුනේ.
මිතුරෙකු මාර්ගයෙන් උවමනා සුළු ජල කලමනාකරණයට උවමනා තක්ෂණික උපකරණ ගෙන්වා ගන්න බලන්න ඕනේ.
ඕ මම ගියා කොටුවේ කැලෑ පොලට ඔබට ඉස්තුති, අන්න ගන්නවානම් වසවිස නැති එළවලු. මම ගියේ රෑ 10.00 ට පමණ ඔවුන් කිවී විදියට හොදම වෙලාව පන්දර 1 ත් 2 ත් ආතර.
බය නැතිව කියන්න පුළුවන් බෙහෙත් ගහපු නැති බඩු කියල පුලුවන්නම් ගිහින් බලන්න
මහ ගසක් ලෙස හැදෙන ලෙට්ට කොච්ච පලාවට ගන්න පුලුවනි. කෝප්ප කොල පැශන් කොල කුරිඤ්ඤන් කොල සහ අඟුන කොල
Deleteඑහෙම සම්බෝල හදතෑකි... ඔයි හැම වර්ගයම කෘසි රසායන නැතිව හොඳින් වගා කලෑකි. කැළැවෙන් ගන්නා බරු කොකු/කැරැන් කොකු එහෙමත් ගෙදර වත්තේ වගා කරන්න පුලුවන්ද කියා සොයා බැළිය යුතුයි
ඔබ IT ෆීල්ඩ් එකේ ඉන්න නිසා කෘසි රසායන වලින් තොර ගෙවත්තේ වගා කරගත හැකි බෝග ගැන සවිස්තරාත්මක වෙබ් අඩවියක් හැදුවොත් නරකද?
සරසා තුමා,
Deleteමම දැක්ක මේක යම් දුර කට කරලා තියනවා https://www.youtube.com/user/ANTSSHOWTUBE/videos
දැනට මම ගෙදර මේවා වවමින් තමයි මමත් දැනුවත් වෙන්නේ, මම කෘෂිකර්මය සම්බන්ද උගතෙක් නෙමෙයි, මම හිතාගන හිටියේ අපොස සාමාන්‍යපෙළ ට ඉගනගත් කෘෂිකර්මය මට මෙය තේරුම් ගැනීමට හැකි වෙයි කියල බලාගන යනකොට එක වාසියට වඩා අවාසියටයි හේතු උනේ.
මේ විෂය සම්බන්ද බුද්ධිය තියෙන්නේ කීපදෙනක් අතේ අවාසනවට මේ මිනිසුන්ට තක්ෂණය ගැන ලොකු ඇලජි එකක් තියනව.
මේ අයගේ දැනුම ලබාගත හැකි ක්‍රමවේදයක් තියනවා නම් ඒවා ප්‍රසිද්ද කිරීමට මට කළහැකි දේ කරනවා.
මට පෙනෙන වැදගත් දේ තමයි ජල කළමනාකරණය, මේසදහා නවීන තක්ෂණික උපක්ක්ර්ම පාවිච්චි කලොත් වියදම අවම කර වගාව කලහැකියි.
උදාහරණ අප නිවසේ පාවිච්චියට නොගන්නා පැරණි ළිදක් තියනවා මම කල්පනා කළා DC මොටෙර්යක් මගින් වතුර ටැංකියකට පුරවන්න මෙහි CD මෝටරය සොල පැනලයක් මගින් උදේ විදුලිය ලබාගෙන ටැංකිය පුරවන අතර අදාළ ටැංකියේ වතුර watering sprinkler හරහා ලබාදීමයි බැලුවේ, මෙය සොයන්ක්රියව සිදුකිරීමට ටයිමර් එකක් යොදාගන්නවා. ,මෙය බලපුවහම සංකීර්ණ උනත් ඇත්තටම කරන්නේ සරල විදියට.
මේසදහා ශ්‍රී ලංකාවේ උවමනා තක්ෂණික උපකරණ සොයාගැනීම අපහසුයි නමුත් මේවට යන වියදම එකවර්කදී වෙන වියදමක් නිසා දරන්න පුළුවන්.
සියල්ල වැඩකරන මට්ටමට පැමිණිවිට වතුර ප්‍රශ්නය විසදේවි.
/අප යන්ත්‍ර වලින් අස්වනු කැපීම සිදුකරන්නේ ඉතා සුළු පරිමානවයි ගොවිතැන කරන පිරිස 90% පමණ සුලුපරිමාන නිෂ්පාදකයෝයි./ වී වගා වේ ප්‍රධාන දිස්ත්‍රික්ක වල ගොවි බිම් 50 - 60% පමණ කොම්බයින් හාවෙස්ටර් වලින් අස්වැන්න නෙලනවා කියා මා අනුමාන කරනවා, එය වසර කිපයක් තුල 80% පමණ වේවි.
ReplyDelete/හිතන්න අක්කරයක් රසායන ද්‍රව්‍ය යොදල මිරිස් වවනවා කියල අපි හිතමු මිරිස් කිලෝ 1000 ක් ලැබෙනවා කියල නමුත් කාබනිකව මිශ්‍රව ගොවිතැන නිසා මිරිස් කිලෝ 500 ක් ලැබුනත් අදාළ ඉඩමේ වගාග්කරන ගම්මිරිස් කිලෝ 100 ත් බටු කිලෝ 100 ත් තක්කලින් කිලෝ 250 බණ්ඩක්ක කිලෝ 250 ක් වැනි මිශ්‍රව වගාකිරීමෙන් විශාල පලදාවක් ලබාගත හැකියි./
උදාහරණයට ගත්ත බෝග, ඉලක්කම් එච්චර ප්‍රායෝගික නෑ, කෘෂිකර්මාන්තේ ගැන ප්‍රායෝගිකව දන්න අය මේ වගේ උදාහරණ ගන්නේ නෑ. මිරිස් වත් බටු වත් පාත්ති කීපයකට වඩා කාබනිකව වගා කරන්න බැරි බව ගොවියෝ නම් දන්නවා. මිරිස් අක්කරයක් වගා කරගත්තොතින් දශ ලක්ෂපතියෙක් තමා, ලංකාවේ මිරිස් අක්කර 1/2 වඩා වගාතරලා රිස්ක් ගන්න ගොවියෝ ඉන්නේ කලාතුරකින්.
ඇණයා Nut Man,
Delete// වී වගා වේ ප්‍රධාන දිස්ත්‍රික්ක වල ගොවි බිම් 50 - 60% පමණ කොම්බයින් හාවෙස්ටර් වලින් අස්වැන්න නෙලනවා කියා මා අනුමාන කරනවා, එය වසර කිපයක් තුල 80% පමණ වේවි.//
ශ්‍රිලංකාවේ විවගාව ඇර වෙන කිසිම බෝගයක් මෙසේ යන්ත්‍ර යොදා මහපරිමනයෙන් අස්වනු කැපීම නොකරයි.
බදුල්ලේදී ගම්බිරිස් වවල ලක්ෂ 8 ක් උපයපු කෙනෙක් ගැන දැනගත්ත.
මේ මිනිස්සු හිගන්නෝ වෙලාතියෙන්නේ අද්යාපනයේ දුර්වල කමින්
කෘෂි රසායන බැලුවහම https://www.youtube.com/watch?v=Z0QVz4xdC5U
Deleteවිනාඩි 52.00 සිට බලන්න
මිරිස් වගාව පිලිබඳ ඉහත අදහස් පිළිගත නොහැක. දේශීය වශයෙන් වියලි මිරිස් මෙන්ම අමු මිරිස්වලටද හොඳ ඉල්ලුමක් පවතී. වැඩි ආදායමක් ලබාගත හැකි බෝගයක් ලෙස මිරිස්වලට ප්‍රධාන තැනක් හිමි වී තිබේ. මිරිස් වගාවේ ප්‍රධාන වාසි දෙකක් නම් අපහසුවකින් තොරව අස්වැන්න කල්තබා ගැනීමට හැකිවීම සහ පවතින ඒකාකාර හොඳ මිල යන කරුණුයි.
Deleteලංකාවේ මිරිස් වගාව ක‍්‍රමයෙන් ව්‍යාප්ත වී 1980 දශකයේ එහි වපසරිය හෙක්ටයාර් 35,000 ක් දක්වා ඉහළ ගියද, අද එය හෙක්ටයාර 18,000 ක් පමණ දක්වා පහත බැස තිබේ. අපේ ජාතික අවශ්‍යතාව වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 50,000-60,000 ක් පමණ වේ. නමුත් වර්තමානයේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මිරිස් විශාල ලෙස ආනයනය කිරීමට සිදුවී තිබේ.
මිරිස් වගාව සිදු කෙරන ප්‍රධානම නිෂ්පාදන ප්‍රදේශය වශයෙන් වියලි කලාපය හැඳින්විය හැකි වුව ද මෙම බෝගය ශ්‍රී ලංකාව පුරාම වගා කළ හැකි බෝගයක් වශයෙන් හැඳින්විය හැකි ය. 1998දී දියත් කළ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ අත්තනෝමතික නිදහස් කිරීම හේතු කොට ගෙන මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලද අතර ඉන්දියාව ඇතුලූ විදෙස් රටවල ආනයනය කෙරන බෝග පිරී යාමෙන් මිරිස් ඇතුලූ බොහොමයක් දේශීය බෝගවල සිග්‍ර පසුබෑමක් ඇති විය. මේ හේතුවෙන් නිසි කලට නිසි මිලට අලෙවි කර ගැනීමේ අපහසුතාවය මත බොහෝ ගොවීන් මිරිස් වගාවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී ඇත.
දේශිය නිෂ්පාදන දිරි ගැනිවීමේ ජාතික මෙහෙයුම "අපි වවමු රට නගමු, 2005-2010 & 2010-2015” යන තේමාව යටතේ පුත්තලම, මොණරාගල, කුරුණෑගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මිරිස් වගාව නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
සාමාන්‍යයෙන් අක්කරයක් වගා කිරීම සඳහා මිරිස් බීජ කිලෝ 01 ක් අවශ්‍ය වේ. මිරිස් වගා කාල වන්නේ මහ කන්නයේදී අහස් දියෙන් වගා කරන්නේ නම් ඔක්තෝබර් මාසයේද මහ කන්නයේ වාරි ජලයෙන් වගා කරන්නේ නම් දෙසැම්බර් ජනවාරි මාසවලද, යල් කන්නයේදී වාරි ජලයෙන් වගා කරන්නේ නම් අපේ‍්‍රල් මැයි මාස වලදී පැළ සිටුවීම යෝග්‍යය.
මාස 5 ක් පවතින මිරිස් වගාවක් සඳහා සම්පූර්ණ ජල අවශ්‍යතාව හෙක්ටයාර් සෙන්ටිමීටර් 120 ක් හෙවත් අක්කරයකට අඩි 4 කි. පළමු මාස දෙක තුළ දී දින 4 - 5 වරක් බැගින් ජලය යෙදීම ප‍්‍රමාණවත්ය. මල් හා කරල් ලපටි අවස්ථාවන්හිදී වගාවට ජල හිඟයක් ඇති නොවීමට වගබලා ගත යුතුය. මල් හා කරල් හැලීම එමඟින් වළක්වා ගත හැකිය. කිසි විටෙකත් පාත්ති ජලයෙන් යට කිරීම නොකළ යුතුය. ප‍්‍රධාන වශයෙන් දියමලන් කෑම, ඇන්ත‍්‍රැක්නෝස් රෝගය, සිටු මැරීම, කොළ පුල්ලි රෝගය, පාමුල කුණුවීම පත‍්‍ර සිහින්වීමේ තත්ත්වයද ඇතිවේ. මේ හැර පැලමැක්කා, කුඩිත්තා, මයිටා, සුදු මැක්කාගේ හානි නිසා කොළ කොඩවීම ඇතිවේ. මෙය මිරිස් වගාවේ ඇති ප‍්‍රධාන ගැටලුවකි. මේ හැර කරල් විදින දළඹුවාගේ හානියද දක්නට ලැබේ. මේවා රසායන ද්‍රව්‍ය යොදා පාලනය කර ගත හැක.
සිටුවා දින 70 - 80 කට පසුව අස්වැන්න නෙලීම කළ හැක. හොඳින්මෝරා ඇති තද කොළ පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක. වියළි නිෂ්පාදනය සඳහා රතු පැහැ වී ඇති කරල් නෙලා ගත යුතුය. ප‍්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 - 10 ක් අතර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 - 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක. සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ ග‍්‍රෑම් 3 - 4 කින් වියලි මිරිස් කිලෝ ග‍්‍රෑම් එකක් ලබා ගත හැක. හොඳින් මෝරා ඇති තද කොල පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක.
වියළි මිරිස් නිෂ්පාදනයට රතු පැහැවී ඇති කරල් නෙලා ගත යුතුය. ප‍්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 - 10 ක් අකර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 - 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක. සාමාන්‍යයෙන් අමු කරල් 3 - 4 kg කින වියළි මිරිස් 1kg ලබා ගත හැක. ජල සම්පාදනයෙන් නඩත්තු කරන වගාවකින්, අක්කරයකට වියලි මිරිස් 800 – 1,200 kg ක් එනම් හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 2,500 – 3,000 ක් පමණ ද ලබගත හැක.
අහස් දියෙන් වගා කරන්නේ නම් අක්කරයකට කිලෝ ග‍්‍රෑම් 400 - 600 (හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 1,000 – 1,500) ක් පමණ ලබාගත හැක.වියළි මිරිස් ගබඩා කිරීම සඳහා හණ ගෝනි යොදා ගන්නේ නම් වඩා හොඳයි. ගෝනිවලට තද කර පිරවීම නොකරන්නේ නම් යහපත්ය. ගෝනියක් 2/3 ක් පමණ පිරවීම යෝග්‍යය. මිරිස් ගෝනි පොළොව සමඟ ස්පර්ශ වනසේ ගබඩා නොකළ යුතුය. මසකට වඩා ගබඩා කරන්නේ නම් වරින් වර නැවැත වියළිය යුතුය. මාස 3 කට වඩා ගබඩා කර තැබූූ විට වර්ණය අඩු වේ. එවිට වෙළෙඳපොළ වටිනාකම ද අඩුවේ.
අක්කරයක මිරිස් වගා කොට හොඳින් නඩත්තු කළහොත් ආසන්න වශයෙන් වියලි මිරිස් 1000kg ක් පමණ ලබාගත හැක. කිලෝ එකක් රු: 150/= කට පමණ අලෙවි කළත් රුපියල් 150,000.00 ක පමණ ආදායමක් උපයා ගත හැක.
මිරිස් වගාවට නව තාක්ෂණය යොදාගැනීම තුළින් ගොවියාට ලැබෙන ප්‍රතිලාභ කිහිප ගුණයකින් වර්ධනය කරයි. විශේෂයෙන් විසිරුම් ජල තාක්ෂණ (Sprinkle Irrigation) තුළින් වගාව සඳහා ජලය යෙදීම අවම කාලයකින් සහ උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කළ හැකිය. ජලය යෙදීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය 50% කින් ඉතුරු කරගත හැකි අතර ජල නාස්තිය අවම වීම නිසා ජල සම්පත ආරක්ෂා කරගැනීමටත්, ගතවන කාලය අවම නිසා ගොවින්ගේ කාලය ද ඉතුරු වේ. එම කාලය වෙනත් වගාවක් සඳහා යොදාගැනීමට ද හැකි වීම නිසා නව තාක්ෂණය යොදා ගැනීම තුළ අත්වන වාසි සහගත තත්ත්වය ඉහළ මට්ටමක පවතී.
Deleteකෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන විශේෂ මිරිස් නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදී කහල්ල, මිල්ලගොඩ සහ පරවහගම යන ප්‍රදේශවලදී ආරම්භ කෙරිණි. අක්කර 07ක් පමණ මිරිස් වගාව සිදුකරන මෙම මිරිස් නිෂ්පාදන ගම්මානයෙන් අපේක්ෂිත වියළි මිරිස් අස්වැන්න කිලෝ ග්රෑම් 50,000ක් පමණ වන අතර ඉන් වගාව සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනයට කිලෝ ග්රෑම් 20,000ක් පමණ යොදගැනීමට අපේක්ෂිතයි.
මිරිස් වැවීමෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබූ ගොවියෝ සිටිති. මෙන්න ලින්ක් එකක්. මිරිස් කරලෙන් වගාව අරඹා කිරුළ දිනූ වයඹ ගොවිරජා
බටු (වම්බටු, තලන බටු ආදී ඕනෑම එකක්) වැවීමද හරියට දැනගෙන කළොත් සාර්ථක වනු නිසැකය. දේශීය බීජ වර්ග අස්වැන්න අඩු වුවත් රෝග වලට හොඳින් ඔරොත්තු දෙයි. බීජ යොදා වුවද සාර්ථකව කරන ගොවියෝ සිටිති. බටු වගාව සදහා බීජ දමන්නේ නමි හෙක්ටයාර් එකකට බිජ 80,000 ක් පමණ අවශ්‍ය වේ. නමුත් තවාන් පැළ සිටුවන්නේ නම් පැළ 10,000ක් ප‍්‍රමාණවත් වේ.
වම්බටු දේශීය හා විදේශීය වෙළඳපලේ ජනප්‍රිය එළවළුවකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා කරන අතර අනුරාධපුර, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල බහුවල වගා කරයි. වගා බිම් ප්‍රමාණය සැලකූවිට එළවළු බෝග අතුරින් 2වන ස්ථානය හිමිවන්නේ වම්බටු වලටය. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා කිරීමේන හෙක්ටයාර් එකකට ටොන් 15 - 18 දක්වා අස්වැන්න ගත හැකිය.
ඔබ මිරිස් ගැන පෙන්වාදුන්න කාරණය වටිනවා, මම කලකට පෙර කෘෂිකර්මය ගැන ඉහල උපාදි ඇති අයකුගෙන් අපුරු කාරණයක් දැනගත්ත, ඔහු ගේ කෘෂි පිටයේ මහාචර්ය වරයා ඔහුට උගන්වා ඇත්තේ රසායන යොදා කරන කෘෂි ක්‍රමයයි, උපාදිය ලැබූ මේ තැනැත්තා තම මහාචර්ය වරයා හමුවීමට ඔහුගේ නිවසට ගොස් තියනවා මෙහිදී ඔහු දුටු දෙයින් පුදුම වෙලා.
Deleteඔහු දැක ඇත්තේ කුමක්ද අදාළ මහාචර්ය වරයා පච්චපෙරුමාල් තම කුබුරේ වගාකරගෙන අපනයනය සදහා බෝග වර්ග කුරුදු, මිරිස් ආදිය සදහා කිසිදු කෘෂි රසායනයක් නොමැතිව කරන ආතර ඔහු සමත්වෙලා තියනවා මෙහෙ මිල වගේ 16 ගුණයක් ලාබ ලන්බන්න.
මේ සිදුවීම වී ඇත්තේ 1980 ගණන් වලමැද බයේ පමණය. මේ මහාච්ර්යවරයා කිසිවිටකත් තමා වගාකරන සහල් හැරුනහම කිසිදු සහලක් මිලදී නොගත් බවයි ඔහු මට කිව්වේ.
මේ රසායනික කොතරම් විනාශකාරී දැයි දන්නේ මේවයේ සිටින අන්තිම උගත්තුයි.
කෘෂි ක්‍රමයට අදාළ නොවුනත් ඉංග්‍රීසි බෙහෙත් වලත් සේදුවන්නේ මෙයයි කරුනාකර් මෙය බලන්න https://www.youtube.com/watch?v=bGNn_prJXhg
මෙහිදී මේ ලෝක ප්‍රසිද්ද දොස්තර ගෙන් අසනවා ඔබ ඔබේ දරුවන්ට වැක්සින් එඅන්නත් ලබාදුන්නද කියල.
පිළිතුරැ :- මම ගෙදර ගියාම දොස්තර් ඔස් නෙමෙයි මිස්ටේර් ඔස් මගේ බිරිද කමතිනෑ දරුවන්ට එන්නත් දෙනවට එනිසා මම දුන්නේ නෑ
මිරිස් වගාවට නව තාක්ෂණය යොදාගැනීම තුළින් ගොවියාට ලැබෙන ප්‍රතිලාභ කිහිප ගුණයකින් වර්ධනය කරයි. විශේෂයෙන් විසිරුම් ජල තාක්ෂණ (Sprinkle Irrigation) තුළින් වගාව සඳහා ජලය යෙදීම අවම කාලයකින් සහ උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කළ හැකිය. ජලය යෙදීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය 50% කින් ඉතුරු කරගත හැකි අතර ජල නාස්තිය අවම වීම නිසා ජල සම්පත ආරක්ෂා කරගැනීමටත්, ගතවන කාලය අවම නිසා ගොවින්ගේ කාලය ද ඉතුරු වේ. එම කාලය වෙනත් වගාවක් සඳහා යොදාගැනීමට ද හැකි වීම නිසා නව තාක්ෂණය යොදා ගැනීම තුළ අත්වන වාසි සහගත තත්ත්වය ඉහළ මට්ටමක පවතී.
Deleteකෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන විශේෂ මිරිස් නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදී කහල්ල, මිල්ලගොඩ සහ පරවහගම යන ප්‍රදේශවලදී ආරම්භ කෙරිණි. අක්කර 07ක් පමණ මිරිස් වගාව සිදුකරන මෙම මිරිස් නිෂ්පාදන ගම්මානයෙන් අපේක්ෂිත වියළි මිරිස් අස්වැන්න කිලෝ ග්රෑම් 50,000ක් පමණ වන අතර ඉන් වගාව සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනයට කිලෝ ග්රෑම් 20,000ක් පමණ යොදගැනීමට අපේක්ෂිතයි.
මිරිස් වැවීමෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබූ ගොවියෝ සිටිති. මෙන්න ලින්ක් එකක්. මිරිස් කරලෙන් වගාව අරඹා කිරුළ දිනූ වයඹ ගොවිරජා
බටු (වම්බටු, තලන බටු ආදී ඕනෑම එකක්) වැවීමද හරියට දැනගෙන කළොත් සාර්ථක වනු නිසැකය. දේශීය බීජ වර්ග අස්වැන්න අඩු වුවත් රෝග වලට හොඳින් ඔරොත්තු දෙයි. බීජ යොදා වුවද සාර්ථකව කරන ගොවියෝ සිටිති. බටු වගාව සදහා බීජ දමන්නේ නමි හෙක්ටයාර් එකකට බිජ 80,000 ක් පමණ අවශ්‍ය වේ. නමුත් තවාන් පැළ සිටුවන්නේ නම් පැළ 10,000ක් ප‍්‍රමාණවත් වේ.
මිරිස් වගාවට නව තාක්ෂණය යොදාගැනීම තුළින් ගොවියාට ලැබෙන ප්‍රතිලාභ කිහිප ගුණයකින් වර්ධනය කරයි. විශේෂයෙන් විසිරුම් ජල තාක්ෂණ (Sprinkle Irrigation) තුළින් වගාව සඳහා ජලය යෙදීම අවම කාලයකින් සහ උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කළ හැකිය. ජලය යෙදීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය 50% කින් ඉතුරු කරගත හැකි අතර ජල නාස්තිය අවම වීම නිසා ජල සම්පත ආරක්ෂා කරගැනීමටත්, ගතවන කාලය අවම නිසා ගොවින්ගේ කාලය ද ඉතුරු වේ. එම කාලය වෙනත් වගාවක් සඳහා යොදාගැනීමට ද හැකි වීම නිසා නව තාක්ෂණය යොදා ගැනීම තුළ අත්වන වාසි සහගත තත්ත්වය ඉහළ මට්ටමක පවතී.
Deleteකෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන විශේෂ මිරිස් නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදී කහල්ල, මිල්ලගොඩ සහ පරවහගම යන ප්‍රදේශවලදී ආරම්භ කෙරිණි. අක්කර 07ක් පමණ මිරිස් වගාව සිදුකරන මෙම මිරිස් නිෂ්පාදන ගම්මානයෙන් අපේක්ෂිත වියළි මිරිස් අස්වැන්න කිලෝ ග්රෑම් 50,000ක් පමණ වන අතර ඉන් වගාව සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනයට කිලෝ ග්රෑම් 20,000ක් පමණ යොදගැනීමට අපේක්ෂිතයි.
මිරිස් වැවීමෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබූ ගොවියෝ සිටිති. මෙන්න ලින්ක් එකක්. මිරිස් කරලෙන් වගාව අරඹා කිරුළ දිනූ වයඹ ගොවිරජා
බටු (වම්බටු, තලන බටු ආදී ඕනෑම එකක්) වැවීමද හරියට දැනගෙන කළොත් සාර්ථක වනු නිසැකය. දේශීය බීජ වර්ග අස්වැන්න අඩු වුවත් රෝග වලට හොඳින් ඔරොත්තු දෙයි. බීජ යොදා වුවද සාර්ථකව කරන ගොවියෝ සිටිති. බටු වගාව සදහා බීජ දමන්නේ නමි හෙක්ටයාර් එකකට බිජ 80,000 ක් පමණ අවශ්‍ය වේ. නමුත් තවාන් පැළ සිටුවන්නේ නම් පැළ 10,000ක් ප‍්‍රමාණවත් වේ.
වම්බටු දේශීය හා විදේශීය වෙළඳපලේ ජනප්‍රිය එළවළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා කරන අතර අනුරාධපුර, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල බහුවල වගා කරනු ලැබේ. වගා බිම් ප්‍රමාණය සැලකූවිට එළවළු බෝග අතුරින් 2වන ස්ථානය හිමිවන්නේ වම්බටු වලටය.
Deleteමුහුදු මට්ටමේ සිට මීටර් 1300 දක්වා උච්චත්වයක වසර පුරාම වම්බටු වගා කළ හැක. උඩරට වියළි කලාපයේ වම්බටු වගාව සඳහා යෝග්‍ය වන්නේ මැයි සිට අගෝස්තු දක්වා කාලයයි. උඩරට තෙත් කළාපය වම්බටු වගාව සඳහා යෝග්‍ය නොවේ. වම්බටු වැඩි උෂ්ණත්වය යටතේ ශුෂ්ක ප්‍රදේශවලද වගා කළ හැකිය. දිවා සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 27 - 32 පමණද, රාත්‍රී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 21 - 27 යෝග්‍ය වේ. ශීත දේශගුණ තත්ත්වවලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වූ පැල ඇති වේ.
වම්බටු ඕනෑම පසක වගා කළ හැකි බෝගයක් වුවද සාමාන්‍යයෙන් සාර්ථක වම්බටු වගාවක් සඳහා පාංශු පී.එච්. අගය 5.5 - 6.8 පරාසයක තිබිය යුතුය. සැහැල්ලු සිට මධ්‍යම වයනයක් ඇති හොඳින් ජල වහනය වන පසක් යෝග්‍ය වේ. මෙම බෝගයේ මුල් පද්ධතිය ගැඹුරට නොවිහිදෙන බැවින් නිතරම ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ. ක්ෂුද්‍ර පෝෂකවල අවශ්‍යතාව ඉතා පහළ මට්ටමක පවතී. එම නිසා ඌනතාවයන් ඇති වන්නේ කලාතුරකිනි.
වම්බටු, බීජ ඉතා කුඩා වීම හේතුවෙන් බීජ කෙළින්ම සිටුවීම සුදුසු නොවේ. බීජ තවාන්කර ලබාගන්නා බීජ පැල සිටුවිය යුතුය. තවාන් මඟින් බීජවල ප්‍රරෝහණය සඳහා යහපත් පාංශු තත්ත්වයන් ලැබෙන නිසා ශක්තිමත් හා නිරෝගී පැල වැඩි සංඛයාවක් ලබාගත හැකවේ. ඒකාකාරීව සහ හොඳන් බීජ ප්‍රරෝහණය සිදුවන නිසා බීජ සඳහා වන වියදම අවම කරගත හැක. නාස්තිය අවමවේ. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් හා ජෛවීය සාධකවලින් ඇතිකරන බලපෑම් අවමකර ගැනීමට හැකිවේ.
පාංශු ජීවානුහරණය (මෙහිදී සිදු කරන්නේ බීජ පැලවලට හානි සිදු කරන පසේ ජීවත්වන්නාවූ පාංශු දිලීර සහ බැක්ටීරියා මෙන්ම බීජ පැලවලට හානි කරන කෘමීන් හා නෙමටෝඩාවන් වැනි කුඩා ජීවීන් හා වල් පැලෑටි බීජ විනාශ කිරීමයි.) අත්‍යාවශ්‍ය වේ.
ජීවානුහරණය සඳහා විවිධ ක්‍රම භාවිතා කරණු ලැබේ. භෞතික ක්‍රම (පිලිස්සීම මඟින් ජීවානුහරණය/ සූර්යතාපය මඟින් ජීවානුහරණය. රසායනික ක්‍රම (පාංශු දිලීරනාශක භාවිතයෙන් ජීවානුහරණය).
හෙක්ටයාරයකට බීජ ග්‍රෑම් 350ත් 375ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් බටු බීජ ග්‍රෑම් එකක බීජ 200ක් පමණ අඩංගුය.
වල් පැලෑටි පාලනය - වම්බටු පැල සිටුවා සති 2. 4. 7. 9 . 12 යන අවස්ඨාවලදී වල් පැල ඉවත් කිරීම කළ යුතුය.
රෝග සහ පළිබෝධ පාලනයට නිර්දේශිත පරතරයට පැල සිටුවීම, මීටර් දෙකක් පමණ උසට පොල් අතු වැනි දෙයකින් ආවරණය කිරිම, හානියට ලක් වී ඇති ඵල හා කරටි කඩා වලලා දැමීම හෝ පුළුස්සා දැමීම, අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන කොටස් විනාශ කර දැමීම, නිසියාකාරව ජල සම්පාදනය කිරීම මඟින් ශාකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම, රසායනික ද්‍රව්‍යය අඩුවෙන් යෙදීමෙන් ස්වභාවික විලෝපිකයන් හා පෝෂිතයින් ආරක්ෂා කිරීම, අවට වල් පැලවලින් තොරව පවත්වාගෙන යාම, නියමිත කන්නයේදී පමණක් බෝග වගා කිරීම, විසිරුම් ජල සම්පාදන ක්‍රම යොදාගැනීමෙන් පත්‍රවල සිටින පළිබෝධ ගහනය අඩු කිරීම, කොළ හකුලන දළඹු කීටයින් තදින් ගොටු ගසා ඇති පත්‍ර කඩා විනාශ කිරීම, කාණු පද්ධතිය මනා ලෙස සකස්කර ජල වහනය දියුණු කිරිම, රෝගි ශාක ගලවා විනාශ කිරිම, නිසි ලෙස තවාන් පාලනය කිරිම, තවාන් ජීවාණුහරනය කිරිම කළ යුතුයි.
සොලනේසි කුලයට අයත් නොවන වෙනත් බෝග සමඟ බෝග මාරුව මගින් වඩා සාර්ථක ප්‍රතිපල ලැබේ. අස්වනු නෙලීමේදී හා ප්‍රවාහණයේදී යාන්ත්‍රික හානි අවම වන ආකාරයට කටයුතු කිරීමෙන් රෝග ආසාදනය වීම වළක්වා ගත යුතුයි.
හෙක්ටයාර් එකකට ටොන් 15 - 18 දක්වා අස්වැන්න ගත හැකිය. මෙම අස්වැන්න නෙලීම වාර 8 - 10 මගින් ලබාගත හැකිය. පසු අස්වනු අවම කිරීමට නරක්වු හා කෘමි හානිවලට ලක්වු ගෙඩි ඉවත් කරන්න.
එදා ලංකාව පාලනය කළ විදේශිකයින් ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අපේ කෘෂි ආර්ථිකය තේ පොල් රබර්වලට සීමා කළා. ඒ නිසා අපිට බජිරි පවා කන්න සිද්ධ වුණා. මේ නිසා ඩී.ඇස් සේනානායක 1948-49 ගොවි ජනපද ඇතිකරල දේශීය වී වගා කරන ව්‍යාපාරයකට ගියා. හැබැයි ඒ කාලෙත් වමේ ව්‍යාපාරයෙන් ගොවි ජනපද ඇතිකිරීම සම්බන්ධව විවිධ විරෝධතා ආවා. ඒ නිසා ගම්මට්ටමේ සංවිධාන ශක්තියකට ගොවිජන පද හරහා බාධාවක් එල්ල වේවි කියන බය වමට තිබුණ. විරුද්ධ වෙන්න හේතුව ඒකයි. 1925 නාච්චාදූවෙන් තමයි ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ වෙන්නෙ. නමුත් වී වගා වැඩපිළිවෙළ එතැනදී අසාර්ථක වුණා. ඒත් ලංකාවෙ ගොවීහු ගම්මට්ටමින් වී වගාව කවදත් අත්හැරියෙ නැහැ.
ReplyDelete1953 දී විදේශීය මහාචාර්යවරයෙක් වෙච්ච මූම (Prof. J.C. Moomaw) කෘෂිකර්මාන්තයට උපදෙස් දෙන්න ලංකාවට එනකොට Ford ට්‍රැක්ටරය ගෙනාව. “උඹලගෙ හරක් හැටකින් කරන වැඩේ අපේ එක Mechanical හරකගෙන් කරන්න පුළුවන්” කියල මූම කිව්ව. ඩී.ඇස්. සේනානායක ට්‍රැක්ටරේ ළඟට ගියා. කෝ මේකගෙ තණකොළ කන කට, ට්‍රැක්ටරේ මැදට ගියා. කෝ මේකගෙ කිරිගන්න බුරුල. ඒකත් නෑ. පිටිපස්සට ගියා කෝ ගොමදාන තැන. ඩී.ඇස්. කිව්ව මට උඹලගෙ හරකාගෙන් වැඩක් නැහැ කියලා. මූමට යන්න කිව්ව.
ඩී.ඇස්. එළවපු මූම 1960 දී සේනානායකගෙන මරණයෙන් පස්සෙ ලංකාවට එනව. ඇම්.ඩී. ඛණ්ඩ, සී.පී. ද සිල්වා කෘෂිකර්ම ඇමතිවරු හැටියට මේ කාලෙ කටයුතු කළා. මේකත් එක්ක දේශීය කෘෂිකර්මයෙ දැවැන්ත පෙරළියක් වෙනවා. අපේ මිනිස්සු දේශීය වී වගාව අත හරිනවා. සමාගම් ඇවිල්ල පෝර දෙනවා. අයි ආර් 8 සහ තායිවාන් කීයල වී වර්ග දෙකක් ලංකාවට හඳුන්වා දුන්නා. අයි ආර් 8 මිටි ගොයමක්. හරිම ලස්සනයි. අස්වැන්න ගොඩක් ආව. හැබැයි පෝරදාන්න ඕන. පුංචි පෝර පැකට් එකක් දුන්නෙ සීනී වගේ පෝරක්. හැබැයි අවුරුද්දයි ගියෙ ලංකාවෙ කවදාවත් තිබුණෙ නැති හිතාගන්න බැරි දිලීර ආසාදනයක් ආව. මේකෙන් තමයි පළමු විපත ඇතිවුණේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමාගම්වලට අහුවෙල හිටියෙ. ඒව ගණන් ගත්තේ නැහැ. වැඩිවන ජනගහනයට වැඩි අස්වනු කියල අලුත් වී වර්ග ජනප්‍රිය කළා. දිලීර ගොයමට එන්න පටන් ගත්ත. මේ නිසා 1960 දී පළමු වරට ඇමෝනියම් සල්ෆේට් කුඹුරට දානව. විදේශිකයන් මේව ජනතාව අතරට ගෙනිච්චෙ සමුපකාර ව්‍යාපාරෙන්. සමුපකාරෙන් පොහොර ගත්තු රිසිට් එක තිබුණෙ නැත්නම් ගොවියගෙ වී ටික සමුපකාරයට ගන්නෙ නැහැ. 1963, 1964 වෙද්දී මේ තත්ත්වය වැඩි වුණා.ගොවියො හැමෝම දේශීය වී වගාව අතහැරල අලුත් වී වගාවට ගියා. ඒ එක්ක පෝර, කෘෂිරසායන ආව. පෝර භාවිතයත් එක්ක පස නිසරුවෙනව.
අපි පසට යෙදුවෙ NPK නයිට්‍රජන්, පොස්පරස්, පොටෑෂ් හැබැයි පසේ සමතුලිත බව රැකෙන්න නව මූල ද්‍රව්‍ය 18ක් 19ක් විතර අවශ්‍යයි. ඒව NPKවල නැහැ. මේ නිසා වෙච්ච විපත තමයි අපේ පසෙන් මූලද්‍රව්‍ය ගණනාවක් අතුරුදහන්වීම. දැන් අපිට කියනව ඒ අතුරුදහන් වෙච්ච මූල ද්‍රව්‍යයක් පසට දාන්න කියලා. මේ හින්ද දැන් පෝර නැතුව බැරි වෙලා. විදේශීය වී වගාවත් එක්ක අපේ වගා කලාවත් වෙනස් වෙනවා. දේශීය වී වගා කරපු කාලෙ දින 45ක් වතුර දුන්නා. දැන් දවස් 15යි 20යි. දැන් වී ඉහළ ඉවරවෙන කොට වල්පැළ හැදෙනවා. එතකොට වල් මර්දනයට රසායනික ද්‍රව්‍ය ගහන්න ඕන. යල කන්නය මාර්තුවල පටන් ගන්න ඕන. මාස් කන්නය වප් මාසෙ. ඒ අනුව තමයි අපේ වගා කන්න හැදුණෙ. ඉර හඳ අපිට බලපෑවා. කෘෂිරසායන සමාගම් මේ චක්කරේ වෙනස් කළා. මේ අය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්ත.
සමාගම්වලට යට වෙච්ච වැඩපිළිවෙළක තමයි රජයන් පවා හිටියෙ. අපි කළේ “තෙල් ලාභ කරව්!, පොහොර ලාභ කරව්!” කියමින් බහුජාතික සමාගම් පොහොසත් කරපු එක. පසුකාලීනව තෙල්, පොහොර එපා කියන සටන් පාඨය අතට ගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හිටපු උපවංශ කියන විද්‍යාඥයා ගොවිපළක් ආරම්භ කළා. එතැනදී තේරුණා අපි අල්ලගෙන ඉන්නෙ වැරදි තැනකින් කියල. අපේ පස මැරිල. පස ඝාතනය වෙලා කියලා. එතනදී අපිට පිළිගන්න සිද්ධ වුණා. ඒ ඝාතනය වෙච්ච පසේ මොනව වගා කළත් වැඩක් නැහැ. අපි දැන් පස හදා ගන්න ඕන. පර්යේෂණ විදියට යම් යම් විද්‍යාඥයින් සම්ප්‍රදායික භෝග ඇසුරින් අපේ ස්වභාවික ගොවිපළවල් යම් සාර්ථක තත්ත්වයකට ගෙනැල්ල තියෙනව. වස වර්ග නැතුව දිලීර නාශක, වල් නාශක නැතුව අපිට වගාකරන්න පුළුවන්.
Respect!
Delete:D
අපි හැමදාම හිතන්නෙ අපිට කිසිම දෙයක් වෙනස් කරන්නම බැහැ කියලා. එහෙම හිතුවොත් අපිට මේවා කවදාවත් වෙනස් කරන්න ලැබෙන්නේ නැහැ. රජය මගින් යම් කිසි ක්‍රියාත්මක වැඩපිලිවෙලක් පටන් ගැනීම වඩා සුදුසුයි.
ReplyDeleteඋදා: කෙසෙල් වෙළෙන්දන්ට කාබයිඩ් ගැසීම ගැන නිසි රෙගුලාසි පනවලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කෙසෙලේගෙඩි ඉදවන ස්ථාන බලා ඒවා වටලලා නියමිත ස්ටෑන්ඩර්ඩ්ස් වලට තියෙනවාද කියන එක චෙක් කලොත් කෙසෙල් ගෙඩි බිස්නස් කරන අය කලින්ට වඩා බය වෙලා වඩා සැලකිලිමත් වේවි. කාබයිඩ් ගහන්නෙම නැහැ කියන්න බැරිවුනත් ඔවුන් ටිකක් අඩුවෙන් භාවිත කරන්න සහ කලින් තරම් කාබයිඩ් නාවන්න උත්සාහ කරන් නැහැ. මෙතන අක්‍රමිකතා නැතුවාම නෙමෙයි. උදාහරණ ලෙස සමහර නිවෙස්වල ලොකු වලවල් තියාගෙන දුම් ගහනවා කියලා පෙන්වලා නිළධාරින් රවටන රවටන්න පුලුවන්.
අවාසනාවට ලංකාවෙ ඉගෙනගත් මිනිස්සු හරි අකමැතියි ඒප්‍රන් එකක් ඇඳලා අහු මුලු අස්සෙ රිංගන්න. ඔවුන් නිවෙස් වල කෙසෙල්ගෙඩි පරීක්ෂා කරන්න එන්නෙ පුල් සූට් ගහලා. ඉතිං එයාල ආකල්පීයව වගේම බාහිරවත් රැකියාවට ගැලපෙන විදියට පෙනුම පවා වෙනස් කරන්න ඕනි.
ඒ වගේම ඉතාම අපිරිසිදුවට පාසැල් සඳහා කෑම හදන තැන් පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට ගිහිපු ඔත්තුවක් අනුව ඇවිත් හදමින් සිටි ආහාර පවා සීල් කරලා ඒවා විනාස කරල ඉන් පසු නැවත කෙටි ආහාර සකස් කිරීම පටන් ගන්න පෙර තිබිය යුතු අවශ්‍යතා ගැන ස්ටෑන්ඩර්ඩ්ස් නියම කරනවා. ඉතිං අර මනුස්සයා ඒ වැරදි හදාගන්න කල් ආයෙත් කෙටි ආහාර හදන්න බැහැ. මෙතනදි තිබෙන තවත් අඩුපාඩුවක් තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආදී සෞඛ්‍ය අධීක්ෂණ කන්ඩායම් වලට රජය යොදන මුදල සහ සම්පත්.
මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ ඒ සමාන්තර රාජ්‍ය නිළදාඅරීන් මගින් ගොවීන්ද වගාවන්ද පරීක්ෂා කල හැකියි. නමුත් නහය දිව සම සරීරය පමණක් අරං ගිහින් මේක කරන්න අමාරුයි. ඒ සඳහා නවීන දැනුම වගේම ඒ පහසුකම් ඒ අයට ලැබෙන්නට ඕනි. ඒ අවස්ථාවලදී ගොවීන්ට නියම වන දඩ ආදිය වෙත්නම් අනිවාර්යෙන් එයින් කොටසක් අර වැටලීම් කරන අයට ලැබෙන්නට ඕනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇටෙන්ඩන්ට්, හෙදියො, දොස්තරලා ට සාපේක්ෂව අඩු වරප්‍රසාද තමයි ලබන්නෙ. මොකද ඔවුන් ස්ට්‍රයික් කලා කියලා ලෙඩ්ඩු මැරෙන්නෙ නැති නිසා ඔවුන්ගේ වැටුප් සදහා කරන අරගල ආන්ඩුව සලකන්නෙ නැහැ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක බොහෝදෙනෙක් ඉදිරිගාමී ආකල්ප තියෙන පරිඝනක දැනුම නවීන දැනුම ප්‍රායෝගික වැඩ ගැන උනන්දු අය. නමුත් සාමාන්‍ය සමාජය සහ රජය ඔවුන් දෙස බලන්නෙ මහ කරදරකාරයො පිරිසක් විදියට පමණයි.
දැනට තිබෙන ප්‍රායෝගිකම ක්‍රමය විදියට මම දකින්නෙ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ ඊට සමාන්තර සේවයක් මගින් ආහාර නිෂ්පාදනය ඇසුරුම හා බෙදාහැරීම මීට වඩා විධිමත්ව සහ ප්‍රායෝගිකව අධීක්ෂනයට ලක් කිරීම. ඒ සඳහා රජයත් හුදු මහජනයාත් එහි අවශ්‍යතාවය වටහාගත යුතුයි.
ගොවීන් බොහෝවිට කෘෂීරසායන අපිට සහ කෘෂි රසායන කඩකාරයට ඕනි විදියට භාවිත කරන නමුත් කිසිම රජයේ වගකිව යුතු හස්තයක් මේවා නියාමනය කරන්න හෝ පාලනය කරන්න නිසි බලපෑමක් කලේ නැහැ. මිනිස්සු ඉබේ සංවර වෙයි කියල හිතන එක මෝඩ කමක්. කිසිම වාසියක් නැතුව බලපෑමක් නැතුව ඉබේ හොඳ බබ්බු වෙන මිනිස්සු ඉන්නෙ සුරංගනා කතා වල.
Eලවලු ගොවියො බොහෝ වෙලාවට වැටෙකොලු දවස් තුනෙන් තුනට කඩනවා. බණ්ඩක්කා දවස් දෙකෙන් දෙකට අස්වනු නෙලනවා. කරිවිල සතියට දවසක් කඩනවා. මුල් වර අස්වනු හටගත්තාම අපි අස්වනු නිසිකලට නෙලුවෙ නැත්නම් නැවත අස්වනු හටගැනීමේදි අස්වැන්න බාල වීමක් සිදු වෙනවා. ඉතිං මේ විදියට දවස් දෙක තුුනෙන් එලවලු කඩන්න වෙන වගාවක කෘමිනාශක පොතේ විදියට ගහන්න ක්‍රමයක් නැහැ. දවස් දාහතරක් යනතෙක් අස්වනු අවස්ථා හතරක් පහක් මෙට්‍රික් ටොන් කිහිපයක අස්වැන්න අපතේ යවන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. බොහෝ කෘමිනාශක ලේබල් වල තියෙන්නෙ කෘමිනාශක ඉස දින දාහතරකට පසු අස්වනු නෙලාගන්න කියලා. ඒක මොන තරම් ප්‍රාෙයා්ගිකද? අපිට අස්වනු හටගන්න කලිං තෙල් ගහල තියන්න බැහැ මැස්සට. විශේෂයෙන් වම්බටු වගේ බෝගයකට පනුවො බෝ වුනාම අස්වනු නෙලන කාලසීමාවේදීම කෘමිනාශක යොදන්න වෙනවා. බණ්ඩක්ක වලට අද තෙල් ගහල හෙට කඩනවා..එහෙම නැත්තං බණ්ඩක්ක කඩලා විසි කරන්න වෙනවා මුර හතක් විතර කාලෙ හරියනකල්.
මේක කෘෂිකර්මයට අදාල අනෙක් දේවල් පාලනය නොකර කෘෂි රසායන පමණක් පාලනය කරන එක ටිකක් අමාරු වැඩක්. කෙනෙක් එලවලු වගාකරන එක රැකියාවට කරන කොට ඒක එයාට තනිකර කනාමුට්ටි සෙල්ලම වගේ එකක්. ඝොවීන්ට විත්‍රක නෙවෙයි රටටම හරිහමන් සැලැස්මක් මාවතක් නැහැ. ගොවියො වවන එලවලු වලට නිසි මිලක් නැහැ. ඔවුන් ආයෝජනය කරන මුදලින් අපිට ලැබෙන මුදල මොනම විදියකින් වත් කලින් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. අපි මේ සතියෙ තෙල්පෝර ගහල මිල තියෙන කාලෙට අස්වැන්න වැඩිපුර ටිකක් බාගත්තෙ නැත්තං ඊලග සතියෙ අනික් මැහි වලිනුත් පලදාව ඇවිත් දඹුල්ලෙත් බඩු හැදිලා අපේ අස්වැන්න දෙන්න වෙන්නෙ හෙන අඩුවට. පෝර එහෙම වැඩ කරන්න කල් යනවා කියල කස්ටිය කියයි. ඒත් හොදට වතුර ගහපු හරි වැස්ස තිබුන කාලෙකදි යූරිය ගහල සතියෙන් වගාවෙ තියෙන කහපාට කොළ පාටට හැරෙනවා.