Saturday, May 14, 2016

ශ්‍රී ලංකා ටෙලිකොම් ලබාදෙන - Smartline (FTTx) පිළිබද මගේ අදහස් - (review about Smartline (FTTx))


තොරතුරු තක්ෂණය පැත්තෙන් අපට සතුටු වියහැකි නව පහසුකමක් තමයි fiber optic (ප්රකාශ තන්තු) මගින් ලබාදෙන අන්තර්ජාල සම්බන්දය මෙහි විශේෂත්වය නම් 100Mbps download වේගයක් ලැබෙන අතර 50Mbps Upload ලබාදීමයි.

මෙහි ඇති වැදගත් කම තමයි මේ වනවිට ඔබ SLT පැකේජයක් පාවිච්චි කරනවානම් උපරිම ලෙස 19 Mbps download වේගයක් ලැබෙන විට ඔබේ Upload වේගය 1 Mbps  වලටත් අඩුවීමයි.

පහත දැක්වෙන්නේ මගේ සම්බන්දතාවය මගින් ලැබෙන වේගයයි.


අපි මතක තබාගත්යුතුයි මෙහි වාසි අවාසි.

වාසි

01. ඉතා වේගයෙන් විශාල ගොනුවක් අන්තර්ජාලයෙන් ප්‍රවාහනය කිරීමේ පහසුව
02. විශාල ගොනුවක් බාගත කිරීමේ පහසුව.
03. ඉහල තත්වයේ අන්තර්ජාල අද්දැකීමක් (Google Hangouts, SKYPE) වැනි සේවාවන් ලබාගැනීමේදී පැහැදිලි බාදාවකින් තොර සේවාව.
04. ශ්‍රී ලංකාවේ සිට විදෙශ රටක පරිගණකයකට සම්බන්ද වී remote desktop connection මගින් ඔබේම පරිගණකයේ සිට අදාළ කාර්ය කිරීමේ හැකියාව.
05. මේ සම්බන්දය නිවසේ හෝ කර්යාලයේ ඕනෑම ස්ථානයක ට රැගෙන යන්න පුළුවන් ඉට හේතුව මෙම fiber optic කේබලය කිලෝමීටර් 2කක් පමණ දුරට වේගයේ අඩුවිමකින් තොරව ගෙනයන්න පුළුවන්.

06. ඉතා සංකීර්ණ 3D Animations (ත්‍රිමාන සජීවිකරණ ) නිර්මාණ ඔබට ශ්‍රී ලංකාවේ සිට කැනඩාව, ඇමරිකාව වැනි රටකට සම්බන්ද වී පහසුවෙන් වැඩකරන්න පුළුවන්.

* මෙන්න මේ තත්වය නිසා තමයි ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට මෙතරම් උත්සාහ ගන්නේ මොකද ශ්‍රී ලංකාවේ තම සේවකයන් ස්තානගත කලහම ඔවුන්ට ලොව විවිද රටවලට සේවය සපයන්න පුළුවන්, මෙය ශ්‍රී ලංකාවට සම්පුර්ණයෙන් අවාසි සහගත නැති උනත් මෙහි වාසි ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් රජයට නොමැතිවීමෙන් සිදුවෙන්නේ ශ්‍රී ලංකාවට ලැබියයුතු විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවේ බැංකු කරමයට වත් නොපැමිණ ඉන්දියාවට යාමයි.

දැන් අපි මෙම සම්බන්දතාවයේ අවාසි බලමු.

අවාසි

01. සම්බන්දය Fiber උනත් ඔබට ලැබෙන data ප්‍රමාණය උදාහරණ (    Web Family Plus / Web Family) 60 GB වීම. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තව ටිකක් මෙසේවාව පාවිච්චි කරන අයට data ප්‍රමාණය වැඩි කලානම් වටිනවා.

02. අදික වේගයක් තිබෙම නිසා ඔබ වැරදිලාවත් ඔබට අවශ්‍ය නැති youtube එකක් click කලොත් විශාල data ප්‍රමාණයක් ඉවර වීම.

03. ගෙවල් වල බොහෝවිට අද දරුවන්ට TAB සහ ඔවුන්ටම අන්තර්ජාල පහසුකම් ලබාදීලා තියනවා මෙහිදී අදික වේගය නිසා මාසයට ලබාදෙන data ප්‍රමාණය ඉවර කිරීමයි වෙන්නේ

* මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් පාවිච්චි කරන උපක්‍රමයක් වියහැකියි වේගයෙන් ඔබේ data ඉවර උනහම ඔබට අලුතින් මිලදී ගැනීමට සිදුවෙනවා.

දැන් මිට යන මිල http://www.sltnet.lk/en/personal/broadband/ftth/new-connection-charges

ඔබට පැරණි SLT සම්බන්දයක් ඇත්නම් ඔබට යන්නේ මේ මිලෙන් බාගයයි.

SLT ලබාදෙන මොඩම් එක




 
 බාහිරින් ලැබෙන සම්බන්දය
 
මෙහෙම ලොකුවට පෙනුනත් ඇතුලේ තියෙන්නේ කෙස් ගහක් තරම් සිරුම් විදුරු තන්තුවක්.

* ඉහත වේගය පාලනය කිරීමට උපක්‍රම කීපයක් තියනවා වෙලාව ලැබුනොත් කියල දෙන්නම්.