Tuesday, May 15, 2018

ලෝකප්ප්‍රකටව පතුරවන HIV බොරුව



ඇත්තටම ඉහත Peter Duesberg කියන්නේ HIV කියා වයිරසයක් නැතිබව නෙමෙයි ඔහු කියන්නේ HIV නිසා AIDS වැළදෙනවා කියල කීමට කිසිම පදනමක් නැතිබව විතරක් නෙමෙයි HIV සදහා දෙන ඔසුවලින් AIDS වල සදහන් රෝග ලක්ෂණ පහළවන බවයි.

මෙය දීර්ග වැඩසටහනක් නමුත් හැකියාව ඇති අය මෙය බලා දැනුවත් වෙන්න.
මෙතක් HIV වයිරසය වෙනම වෙන්කරගැනීමක් මෙලොව සිදුකර නෑ 

මෙනිසා HIV වයිරසය ශරීර ගතවී  ඇද්ද යන්න සොයන ක්‍රමය වී ඇත්තේ HIV වයිරසය නිසා  ඇතිවෙ යයි විද්යාඥයයන සිතන  ප්‍රතිදේහ ඇත්නම් පමණි.

මෙහිදී ලෝකයේ ඕනෑම වෙන රෝගයක් ඇතිවිට  ඊට අදාළ ප්‍රතිදේහ ඇත්නම් එය සලකන්නේ අදාළ රෝගය සුවවූ බවට ලක්ෂණයක් නමුත් HIV වලදී එය රෝගය ඇතිබවට ලක්ෂණයක් ලෙසයි හදුන්වන්නේ.

දැන් පසුගිය සතියේ ඉකොනොමැට්ට ගේ අඩවියේ අපුරු සොයාගැනීමක් එළිදක්වල තිබුන https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification 

එනම් Video Shows How HIV Infects Cells During Sex ලෙසයි එහි මාතෘකාව වුනේ එනම් ලිංගික සංසර්ගයේදී සයිල වලට HIV ආසාදනය වන්නේ කෙසේද යන්නයි.

මෙය ලෝක ප්‍රවුර්තියක් වියයුතු අවස්තාවක   

මෙතෙක් කිසිම සොයාගැනීමක් මේවන විට සිදුවී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙය වේගයෙන් සමාජමාද්‍ය කීපයක දමමින් සමාජගත කරමින් පවතී http://www.techtimes.com/articles/227218/20180508/scientists-show-hiv-infecting-cells-during-sex-intercourse-in-this-2-second-video.htm

මෙය ඔවුන් හදුන්වා දෙන්නේ "Most people know that HIV can be transmitted during sexual intercourse, but a new video takes this a step further by actually showing the process." (එච්.අයි.වී. ආසාදනයක් ලිංගික සංසර්ගය ඇති බව බොහෝ දෙනා දන්නවා. නමුත් නව වීඩියෝවක් මේ ක්රියාවලිය සැබවින්ම පෙන්වයි.) ලෙසයි ඔවුන් මෙය ප්‍රචාරය කරන්නේ.

නමුත් ඔබම සොයාබලන්න මේගැන වැදගත් ජනමාද්‍ය වාර්තා කිරීමෙන් වැලකි සිටිනවා පමණක් නෙමෙයි නමක් දිනු   විද්යාඥයයන් මිට මුනිවත රකිනවා. 

මේවගේම දෙයක් මිට පෙර 2009 කලවිට (මා පෙර ලිපියකින් http://lankasithuwili.blogspot.com/2018/05/hiv_5.html පෙන්වා දුන්න ) කාලයාගේ අවෑමෙන් කිසිම සද්දයක් නැතිව යටපත්වුනා.  



4 comments:

  1. මේ ලිපි කියවද්දී සිතෙනවා අපි මේ මහ පොළොවේ මොනතරම් අනාරක්ශිතද කියලා.ආහාරපාන,බේත් වැනි දේ කවුරුත් ගන්න විදියට අපිටත් ගන්න වෙනවා.මේ දේවල් හැර යන්නත් බෑ.මිනිස්සු කොම්පැණි ඉදිරියේ හද්ද අසරණ වෙනවා.මෙයට විකල්පයක් නොමැතිද ?

    ReplyDelete
    Replies

    1. Lalith,

      මේක හරියට දුෂ්ට චක්‍රයක් වගෙයි, මොකද බලයට පත්වන කිසිම රජයකට මෙය බොරුවක් බව කියන්න බෑ. හිතන්න අද බලයේ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේගැන පරීක්ෂණයක් කර එළිදක්වනවා මේ බොරුව නිසා විශාල මිනිස් ජිවිත වලට හානි වූ බව, ඔබත් මමත් දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වරදට සම්බන්ද නෑ කියල නමුත් ඔහු මෙය ලෝකයට හෙලිකල වහාම සිදුවෙන්නේ ඇමරිකාවට බිලියන ගණන් ලෝකයටත් හානියට පත්වුන තම රටවාසින්ටත් වන්දි ගෙවීමටයි.

      එතකොට එකදිනකදී විරයක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් දින කීපයකදී ඇමරිකානු ආර්ථිකය බංකොලොත් කිරීම වෙනුවෙන් දුෂ්ටයෙක් වෙනවා.

      Delete
  2. ලංකා සිතුවිලි,

    අන්තර්ජාලයට ඔබමෙන් පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට විකල්ප ප්‍රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි.

    අපිට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි යූටියුබ් ලින්ක් දැමීම එතරම් වැඩක් නැති දෙයක්. ඔබටත් රොබට් විල්නර් මෙන් HIV ආසාදිතයෙකුගේ රුධිරය එන්නත් කරගෙන පෙන්විය හැකිනම් එය සටහන්ව ඇති යූටියුබ් වීඩියෝවක් බලන්න අමාරුවෙන් හෝ කාලය හොයා ගන්නම්. රොබට් විල්නර් මෙන් මාස පහමාරකට පසු මිය නොගොස්, ප්‍රතිකාර රහිතව HIV පොසිටිව් තත්ත්වයෙන් අවුරුදු දහයක් පහළොවක් ඔබ ජීවත් වී පෙන්වුවොත් ඔබට ඔබේ මතය තහවුරු කරන්න පහසු වෙයි.

    රොබට් විල්නර් මිය ගියේ හෘද රෝගයකින්. රොබට් විල්නර් HIV වෛරසය සිරුරට ඇතුළු වී මාස පහක් වැනි කෙටි කලකින් AIDS වල ප්‍රතිඵලයක් ලෙස මැරෙන්නේ නැහැනේ. AIDS තත්ත්වයට එන්නමත් වසර ගණනාවක් යනවා. ඔබ HIV වෛරසය එන්නත් කර ගන්නවානම් ඔබට ඔබේ මතය තහවුරු කිරීමට ලැබෙන තුරු හෘද රෝගයක් හෝ අකල් මරණයකට හේතුවන වෙනත් රෝගයක් නොහැදී වසර පහළොවක් විස්සක්වත් ජීවත් වෙන්න ලැබෙයි කියා මම ප්‍රාර්ථනා කරනවා. (හෘද රෝග කියා දෙයක් ඇත්තටම තිබෙනවානම්) කුමන්ත්‍රණ කතාවකුත් කියයි කියලා මම හිතුවා.

    ReplyDelete
    Replies
    1. //සමහර විට විකල්ප ප්‍රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි. //

      මෙහි කිසිම විකල්ප ප්‍රතිකාරයක් නෑ

      //අපිට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ//
      එහෙනම් ඔබේ විවේචනය පදනම් විරහිතයි මොකද ඔබ අදහස් ඉදිරිපත් කරන්නේ මා පෙන්වාදෙන තොරතුරු වලට අවදානය යොමුනොකර, හරියට පොතක පිටකවරය බලා විවේචනය කරනවා වගේ

      ඔබ නොදන්නවට කිසිම රෝගයක් නැතිව කිසිම HIV ඔසුවක් පාවිච්චි නොකරන පුද්ගලයන් ගැන ඔනෑ තරම් තොරතුරු තියනවා මේ තියෙන්නේ වසර 8 යනතුරු සිටින දරුවෙක් සහ මෙහිදී සදහන් වෙනවා තව කීපදෙනක්
      https://www.youtube.com/watch?v=sf1H-VV0yEw

      සමාවෙන්න ඔබට YOUTUBE බැලීමේ වෙලා නෑ නේ.
      "නිදාගෙන ඇති කෙනෙක් ඇහැරවන්න අපහසු නෑ නමුත් හොරට නිදාගෙන ඇති අය ඇහැරවන්න බෑ "

      Delete