Wednesday, April 13, 2016

රසායනික සමාගම් වෙනුවෙන් හෙලුවෙන් කඩේ යන වික්ටර් අයිවන්.



ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මොළ හෝදන ජන මාධය



මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අය්වන් ගේ මේ ලිපිය කියවන්න
http://ravaya.lk/?p=13095

දැන් මම ඔහු කරන මුලාකිරිම  පෙන්වාදෙන්නම්

01.
රාවය උපුටාගැනීම "හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "

ඔහු රසායනික පොහොර වල සන්කයාලේකන ගැන කතාකරන ආතර කෘමිනාශක වල එම අගය ගැන කතා නොකරයි



විනාඩි 8 කුත් තප්පර  30 අත්හැර  බලන්න.

ලෝකයේ කෘමි නාශක පාවිච්චියෙන් හෙක්රයරයක් සදහා එකක 10 පැවතිය යුතු අගය ශ්‍රී ලංකාවේ පාවිච්චිය 187කි මෙය ලෝකයේ වැඩිම කෘමිනාශක බාවිතයයි.
ජැමෙය්කව දෙවැනි තැන ගන්නේ  171 ක් පාවිච්චියෙන්  කොස්ටාරිකාව 170කුත් ජපානය 162කුත් එල්සැල්වදෝරය 155 වැනි අගයක් ගන්නවා.

ඔහු ඉතා කපටි ලෙස මෙහි අන්තර්ගතයේ වගකීමෙන් නිදහස් වීමට යොදනලද අපුරු උපක්‍රමය "කැනඩාවේ ජීවත් වන ලංකාවේ මහාචාර්යවරයෙකු (චන්ද්‍රා ධර්මවර්ධන) මේ ප‍්‍රශ්නය ගැන ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. "

ලෙස කුලියට ලියන  තව මහාචර්ය වරයකු ගේ නමක් මගින් තමනට චෝදනාවක් පැමිණි විට  ගැලවීම නිර්මාණය කරගනී.

 02.

රාවය උපුටාගැනීම
"කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගන්නේ විවිධ අසූචි වර්ග, මුත‍්‍රා වර්ග, ශාක කොටස් හා විවිධ අපද්‍රව්‍යයන්ය. ඒ මගින් මීතේන් හා කාබන් ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීමක් සිදුවේ. අනෙක් අතට පරිසරය දුගඳ කිරීම හා මැස්සන්ගේ වර්ධනයට එය හේතුවේ. ලංකාව සියලූ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදාගන්නා තැනකට ගියහොත් විය හැකි ප‍්‍රතිඵලය කුමක්ද? නිපදවන කෘෂි නිෂ්පාදනයේ පරිමාව පහළ වැටෙනු ඇත. කෘෂිකර්මයෙන් උපයාගත හැකි ලාභයද විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. මීතේන්වලින් හා කාබන් ඩයොක්සයිඞ්වලින් පරිසරය මහා පරිමාණයෙන් දූෂණය වනු ඇත. ඒ සමග රට මැස්සන්ගෙන් පිරුණු හා දුගඳ හමන රටක් බවට පත්වනු ඇත." 

පුදුමේ කියන්නේ මොහුට ජලයට කෘමිනාශක එක්වීමෙන් ඇතිවන විස වීම පස නිසරුවිමෙන් වන විනාශය ගැන නො තෙරිම්මයි.

මෙවැනි දෙයක් කියන්න පුළුවන් දේශීය කෘෂිකර්මය ගැන මෙලොදෙයක් නොදන්නා මෝඩයකුට හෝ ජනතාව නොමග හරින්න හදන කපටියකුට පමණයි.

මම කිසිවිටකත් වික්ටර් අයිවන් මෝඩයෙක් ලෙස සිතන්නේ නෑ  ඔහු ජනතාව නොමගහැරීමට උත්සාහ කරන කපටියෙක් බවනම් මට විස්වාසයි.

පහත දැක්වෙන්නේ ඉන්දියාවේ සොබාවික ගොවිතැන කරන ආකාරයයි. ඔබට පෙනෙනවා ඇති පරිසරය දුගද හමමින් මැස්සන් බහුලව සිටින තැනක් නෙමෙයි මේ පාරිසරික ගොවිතැන,

කොටස 01.


 
කොටස 2

මෙහිදී ඉන්දියානු ගොවි මහතා කියන්නේ අක්කර 30 සදහා අවශ්‍ය කරන ජීවම් මෘතම් නමැති ශුද්‍ර ජීවි දියරය නිපදවීමට උවමනා වන්නේ එක ගවයකුගේ මුත්‍රා සග ගොම බවයි.
මෙය නිපදවීමට වතුර ලීටර් 200ක බැරලයකට ගොම කිලෝ 10 දමා ගවමුත්රා ලීටර් 10 කුත් කිලෝ 2 ක් ධානය වර්ගයක පිටි (මට මේ කාන්තාව කියන දේ හරියට තෙරුන්නේ නැති නමුත් http://farminginthecity.blogspot.com/2015/04/preparing-jeevamrutham-and-fun-that.html මනින් සොයාහත්ත ) සහ කිලෝ 2කක් සක්කර (හෝ හකුරු ), පස් මිටක් යොදා   දවසට තුන්වරක් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට හැදිගාන්න, පය 48 උවමනකරනවා මෙය පිලියල වීමට සහ මේ සකස්කරගත් මිශ්‍රණය අදාළ බෝගය සකසන පොලවට දැමීම සතියක් තුල අවසන් කලයුතුයි.

කුබුරක්නම් අදාළ කුබුරට වතුර සපලන වතුර සමග මිස්රවීමට හරියි.  


මිට අමතරව මේ මිනිසුන් නොකියන කතාවක් තියනවා ඒතමයි වික්ටෙර් අයිවන් කියන "ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි."

කතාව විශ්ලේෂණය කල යුතු වෙනවා වකුගඩු රෝගවලට හෙතුවන්නේ ආසනික් අද පවන්තින පොහොර සහ කෘමිනාශක වල අදික ලෙස මෙය පවතිනවා, මේ ආසනික් කිවුල් ජලය සමග සංයෝග වූ විටයි වකුගඩු රෝග උත්සන්නව  ඇති වන්නේ නමුත් සාමාන්‍ය මට්ටමට් පැවතුනත් විවිද රෝග තත්ව වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

ටිකක් හිතන්න අද පුද්ගලික ආරෝග්‍ය ශාලා සදහා විසාල ඉල්ලුමක් පවතිනවා වගේම වේගයෙන් පුද්ගලික ආරෝග්‍ය ශාලා බිහිවෙනව,අද අපට නව තක්ෂණය ලැබී ඇත්නම් සහ මිනිසුන්  රෝග සුව කර ගන්නවානම් පුද්ගලික අංශයට මෙවැනි ඉල්ලුමක් ලැබුනේ කෙසේද ? ඊට ගෙතුව මුළු රටම ලෙඩුන් බවට පරිවර්තනය වෙමින් පවතින  බවයි.

මිට වසර 15  ට පෙර කුඩා දරුවන් අතර දියවැඩියාව මෙතරම් නොතිබුණි  දැන්  අවුරුදු 10 වස්වල දරුවන්ගෙන් 10% දියවැඩියා රෝගින් වුයේ කෙසේද ?
බොහෝදෙනා කියයි ඊට හේතුව දරුවන් ශරීරය වෙහෙසා සෙල්ලම් නොකිරීමයි කියල (එකේ තරමක ඇත්තක් තිබුනත් ) දවසම ශරීරය වෙගෙසන ගොවියන්ටත් මේ රෝග තිබිමෙන් පැහැදිලි වන්නේ මෙය ට ආහාරමය ගෙතුවක් ඇති බවයි  

මේවාට මේ සමාගම් වල ඉහල නිලදාරීන් කිසිදු ලැජ්ජාවක් නැතිව බොරුකීමට පෙලබෙයි


මෙහි සිටින්නේ මොන්සේන්ටෝ සමාගමේ ග්ල්ය්ෆොසෙට් ප්‍රවර්දකයෙක් ඔහු කියනවා ඔහු ආර්ජන්ටිනාවේ පිළිකා ඇති වීමට ග්ල්ය්ෆොසෙට් බලපා නැති බවත්, එසේ කියා ඔහු කියනවා ග්ල්ය්ෆොසෙට් කාලක් පමණ බිව්වත් කිසි හානියක් නැතිබව, මේ අවස්ථාවේදී වැඩසටහන් හසුරවන්නා අසනවා අපලග තියනවා ග්ල්ය්ෆොසෙට්  ඔබ කැමතිද බිල පෙන්වන්න කියල, ඔහු එකවර කියන්නේ තමන් මෝඩයෙකු නොවන බවයි.    
 
කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අපට නොහැකියි කාබනික පොහොර නිපදවන්නේ ශුද්‍ර ජිවිනුයි.
අපට හැක්කේ කාබනික ද්‍රව්‍ය සැපයීම පමණයි.  මෙහිදී ශ්‍රී ලංකාවට ටොන් ගණනින් කාබනික ද්‍රව්‍ය යෙදීම ප්‍රායෝගික නෑ.  


මෙහිදී අප තේරුම් ගතයුතුයි පසේ N P K ලෙස හදුන්වන නයිරජන්, පොස්පරස් සහ පොටෑසියම් මේ ම සුද්‍රජිව් දියරය මගිනුත්, ගිනිසීරියා පත්‍ර  වැනි ශාක පත්‍රත් යොදාගන කුබුරට දැමීම කල හැකියි. මෙමගින් උවමනා  පොහොර  ඕනැතරම් ලබාගත හැකියි. 

මෙහිදී අපට කොම්පෝස්ට් පොහොර ටොන්ගනනක් දීමට උවනමා නෑ, මෙහි වැදගත් කම වනේ අදාළ පසේ සුද්‍රජිවී ක්‍රියාකාරිත්වය පටන්ගත් විට සහ දේශීය බිජ යොදාගැනේ නම් ලැබෙන අස්වැන්න රසායනික පොහොර දමා විනාශකරන ලද පසකින් ලැබෙන අස්වැන්නට වඩා බෙහෙවින් වැඩි බවයි.

මෙහිදී අප බිජ ගැන දැනුවත් වියයුත්තේ අද මහාපරිමාණයෙන් පවතින බිජ නිපදාවා ඇත්තේ මොන්සේන්ටෝ සමාගම සහ වෙනත් බිජ නිපදවන බහුජාතික සමාගම් වලිනුයි. (අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇත්තෙත් බොහෝවිට මේ බිජයි ) මෙනිසා මේ  දේශීය බිජ වගාවට සොයාහැනීම බෙහෙවින් අපහසු වැඩකි.

දැනට තිබෙන ජාන වෙනස් කල බිජ සදහා වැඩි වතුර ප්‍රමාණයකුත් අදික වසවිස ප්‍රමාණයකුත් උවමනා වෙනවා යම්විදියකින් මේ බිජ කාබනික පොහොර යොදා වවන්න ගියොත් අන්තිම අසාර්ථකයි.

මේ හේතුව නිසා පැරණි දේශීය බිජ අපට උවමනා වෙනව මේවාගේ ගුණයත් අස්වැන්නත් අදික වන ආතර කෘමි හානි අවමයි යම් කෘමි හානියක් පැමිණියොත් කොහොබ වැනි ශාක වලින් සකස්කරන ලද දියරයක් ඉසීම ප්‍රමාණවත්, මේ ගොයම් ගසුත් විශාලයි මෙනිසා වල් පල වලින් හානි සිදුවෙන්නේ නෑ 


03.



ඉහත දැක්වෙන්නේ අර්සනික් මගින් වන විනාශය ගැන පැහැදිලි කරන දේශනයක් බොහෝදෙනා මෙවැනි පැය ගණන් වන දේශනා ඇසීමට ප්‍රිය නෑ, හේතු කීපයක් මත 01. Data ඉවරවෙයි කියන බයට සහ 02. කාලය පිළිබද ප්‍රශ්නයට.

මටනම්   Data ගැන ලොකු කරදරයක් නැතත් කාලය ගැන ප්‍රශ්නයක් තියනවා හැබැයි මම ඔබ බොහෝදෙනා අනුගමනය කරන ක්‍රම වලට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චිකරනවා කාලය සොයාගැනීමට, මම බොහෝවිට රුපවාහිනි බැලීම වසර 20 ක  පමණ සිට නොකරන ආතර වැදගත්ම වැඩසටහන් බලන්නේ youtube වලට දමල තියනවනම් පමණයි.

මේ ක්‍රමය නිසා ඕන දේත් එපා දේත් බැලීම ට මට සිදුවෙන්නේ නෑ.
   

දැන් නැවතත් මාතෘකාවට යොමුවුනොත් මේ වැඩසටහනේ ඉතා වැදගත් දෙයක් Dr Andrea Foster (

Geochemist _)

 

මෙහිදී වැදගත් කරුණු කීපයක් පෙන්වාදෙනවා බලන්න 57.19 (විනාඩි 75කුත් ත්ප්පර 19 )

 කියනවා  සමහර පැළෑටි තියනවා ආසනික් අදාළ පැලයට උරාගන්නවා තවදුරටත් 01:00:38

(පැය 1 තප්පර 38 දී ) අසන්නේ ආසනික අන්තර්ගත කෘමිනාශක පාවිච්චි කරනවා 

කොහොමද එතකොටඉවත්කරන්නේ කියල මෙහිදී ඇය පිලිගන්නවා ඇමරිකාවේ වෙනත් 

කොටසක මෙය පාවිච්චි කලත්  හැමතැනම පාවිච්චි නොකරන බව, දැන් ශ්‍රී ලංකාවට අදාළ 

මෙන්න මේ කොටසයි මොකද ආසියාවේ රටක් වන අපි මේ අසනික් අඩංගු කෘමිනාශක 

පාවිච්චි කරනවා.


මිට අමතර මේ දේශනයෙන් කියවුනා ආසනික් පොලවේ විවිද ආකාරයෙන් තිබෙන බවත් මේ අසනික් අපට

හානි නොකරන බවත් නමුත් සමහර රසායනික ක්‍රියාවලි නිසා අවුරුදු දහස් ගණනක් පොලව

 තුල තියන ආසනික්  ජලයට දියවිය හැකි බවත්, මේ රසායනික ක්‍රියාවලි ඇතිවීමට අප පසට 

එක්කරන කෘමිනාශක කොතරම් හේතුවී ඇද්ද යන්න කිසිදු පර්යේෂණයක් මෙවනත්ක් රජය 

සිදුනොකරයි.



ඉහත අබියෝගය ජයගත හැකිනම් අපට මේ වසකන ජිවනක්ර්මය නැතිකර් ගැනීමට හැකියි.  

21 comments:

  1. Superb Post ! Thanks for the explanation ! Now Victor Ivan also has been joined the party along with Viyangoda & the experiments. This NGO people are such losers. What a pity !

    ReplyDelete
    Replies
    1. Anonymous,

      //Now Victor Ivan also has been joined the party along with Viyangoda & the experiments.//

      It was not just now, he was always promoting these chemical companies, however these people has many faces.

      Delete
  2. මෙන්න මෙහෙමයි එක්සත් රාජධානිය කාබනික පොහොර භාවිතාකරන්නේ.
    https://www.gov.uk/guidance/managing-sewage-sludge-slurry-and-silage
    අපේ රටෙත් පොහොර භාවිතය පිළිබඳව දත්ත සහ වාර්තා තියෙනවානම් කොච්චර හොඳද?
    https://www.gov.uk/government/collections/fertiliser-usage
    https://www.gov.uk/guidance/fertiliser-recommendations-for-crops

    ReplyDelete
    Replies
    1. Kandyan,

      සුභ නවවසරක් වේවා !!

      ශ්‍රී ලංකාවේ මේ වස භාවිතය ගැන කිසිම දැනුවත් කිරීමක් මේ සමාගම් කරන්නේ නෑ මොකද එහෙම කලොත් ඔවුන්ට විකිණිය හැකි ප්‍රමාණය අවම වෙනවා. හොවින් කරන්නේ වස කඩේට ගිහින් හොදම පොහොර මොකද්ද කියල අහන එක එතැනදී බෝතලයක් විකුණන තැන බෝතල් 2 කක් විකිණීමයි කරන්නේ, මේ ගැන කඩ හිමියාත් බහුජාතික සමාගමත් දන්නවා නමුත් නොදන්නවා වගේ සිටිනවා නුගත් ගොවියන් විශාල ලෙස කුබුරට මේ විස ගසනවා

      Delete
  3. නියමයි මචෝ..... වික්ටර් අයිවන්ගේ රෙදි ගැලෙව්වට... සෑහෙන ගානක් නැතිව ඔහොම ලියන්න බෑ....

    ඒ විතරක් නෙමෙයි පොරට වයිල්ඩ් බෝ වගේම ඉත්තෑමස් කන දොල දුකකුත් ඇවිල්ලා... පව් ඕයි...

    ReplyDelete
    Replies
    1. මාත ලැබුවාවූ නවවසර ඔබටත් පවුලේ අයටත් සුබම සුබ අවුරුද්දක් වේවා.

      // සෑහෙන ගානක් නැතිව ඔහොම ලියන්න බෑ...//
      මේ මිනිස්සු ඉන්නේ ජනතාවගේ මිත්‍රයෝ වගේ ඔවුන් ගේ සමහර ලියවීම ඉතා ජනතා හිතවාදී ලිපි වෙනවා මේ නිසා අපිට හිතන්න පුළුවන් මොවුන් අපට ඇති ආදරේට මේවා ලියනවා කියල නමුත් ඔවුන් කරන්නේ එක්තරා වෙළදාමක් ඉතා සියුම්ව මේ දේවල් දකින්න බැරි උනොත් මේ මිනිස්සු දාගෙන ඉන්න වෙස්මුනට යටින් තියන යක්ෂ මුණ දකින්න බැරිවෙනවා.

      මොසුන්ගේ හැමදෙයක්ම විව්වේචනය කල නොහැකියි මොකද සමහර ලිපි ජනතාවට හිතකර වෙනවා නමුත් මට තේරිලා තියන දේ සාමාන්‍ය මිනිසාගේ බුධිය රටේ ජනමාද්‍ය මගින් හිරිවට්ටල තියෙනෙන්.

      මට මේක හොදට පේනවා මාද්යට බාහිරව මෙදිහා බැලීමට මම පුරුදු වී සිටින නිසා.

      Delete
  4. රාවයේ පළවූ ඔහුගේ ලිපිය කියවූවා.මේ මිනිහට පිස්සුද කියල හිතුණා.වැඩකට නැති මනස්ගාත වලට මුළු පිටුවක්ම වැයකරලා.සංරක්ෂිත වන සතුනුත් මරාගෙන කාපල්ලා කියන තරමට මිනිහා පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. jay-c z,

      සුභ අලුත් අවුරුද්දක්වේවා!

      //සංරක්ෂිත වන සතුනුත් මරාගෙන කාපල්ලා කියන තරමට මිනිහා පිරිහිලා.//

      ඔහු තමන්ව හදුන්වාගන්නේ ගාන්ධි වාදියෙක් විදිහටයි.

      Delete
  5. //නිහාල් ප‍්‍රනාන්දු ඔහුගේ ‘ගොවි අත්පොතේ’ සඳහන් කර තිබෙන ආකාරයට රසායන පොහොර කිලෝ ග‍්‍රෑම් 250ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණය ටොන් 10කි. එවිට අනුපාතිකය 1ට 40කි. //

    ඛේස්ත්‍රයට කිසිම පොහොරක් නොදමන කල ගස් වැල් වැවෙන්නේ පසේ සිටිනා ජීවීන් පරිසරයට නිදහ්ස් කරනා පරිවුර්තීට ද්‍රව්ය වල ආදාරයෙනි. කෘතිම පෝර දැම්ම විගස පසේ සිටිනා බොහෝ ජීවීන් මිය යයි...

    කෘතිම පෝර වලින් නිදහස් කරනා අනුපාත ලබා ගැනීමට නම් එකට එකක් ස්වබාවික පෝර වලින් ලබාගැනීමට නම් විශාල කාබනික පොහොර ප්‍රමානයක් ලබා දිය යුතුය...

    ස්වබාවික පෝර ගසක මූල පද්දතිය සමග සහජීවනයෙන් සිටියා වටිනා ජීවීන් ගේ ප්‍රවර්දනය ද ඉහල දමයි...එහෙත් කෘතිම පෝර ලබා දෙන රසායන ලබා දෙන්නේ අහල පහල සිටිනා සියලු ජීවීන් වනසා දමා ය.

    ස්වබාවික පෝර වලින් අහල පහල ජීවෙන් වැනසීමක් සිදු නොවන අතර ඔවුන් ගේ ප්‍රවර්දනයට ආදාර දෙයි.... එම ජීවීන් ගේ පරිවර්තීය ක්‍රියා වලින් නිදහස් කරනා ශාක වර්දනය රිජු ලෙස වැඩි කරනා රසායන නිසා වවනා ගහ කොල හොඳින් වැඩේ... එවැනි පසුබිමක් මත කෘතිම පොහොර වලින් නිදහස් කරනා N P K ආදී රසායන එම ප්‍රමානයෙන් ම ස්වබාවික පෝර වලින් ද ලැබිය යුතුය යන ත්‍රකය මෝඩ තර්කයකි!

    // රසායනික පොහොර වීල්බැරෝවක ප‍්‍රමාණයක් අවශ්‍ය කරන ගොවිපළකට කාබනික පොහොර වීල්බැරෝ 40ක් අවශ්‍යය. රසායනික පොහොර කිලෝ ග‍්‍රෑම් 250ක් හදන්නට යන නිෂ්පාදන වියදමට වැඩි නිෂ්පාදන වියදමක් කාබනික පොහොර ටොන් 10ක් හදන්නට වැයවේ. එවිට කාබනික ගොවිතැනේද වැඩි මිලක් වැය කිරීමෙන් පසුත් ලැබෙන්නේ අඩු ආදායමකි.//

    ලූනු සහ ලීක් එකම ගොඩට දමා (onion and leeks) ගනන් හැදුවාම මෙවන් අත්බූත උත්තර ලැබේ

    //අනෙක් වැදගත් කාරණය වනුයේ රසායනික පොහොර පරිසරයට ඇති කරන හානියට වැඩි හානියක් කාබනික පොහොර ඇති කිරීමය. කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගන්නේ විවිධ අසූචි වර්ග, මුත‍්‍රා වර්ග, ශාක කොටස් හා විවිධ අපද්‍රව්‍යයන්ය. ඒ මගින් මීතේන් හා කාබන් ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීමක් සිදුවේ.//

    එම අපද්‍රව්ය පාවිච්චියට ගත්තත් නොගත්තත් එම මීතේන් වැනි දැ සැදීම නතර කල නොහැකිය...

    // අනෙක් අතට පරිසරය දුගඳ කිරීම හා මැස්සන්ගේ වර්ධනයට එය හේතුවේ.//

    වික්ටර් අයිවන් ගේ පුකට මැහුම් දමා ඇති නිසා ඔහු මිනිස් බෙටි ගැසීම නවතා ඇති ලෙසක් පෙනේ..


    //ලංකාව සියලූ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදාගන්නා තැනකට ගියහොත් විය හැකි ප‍්‍රතිඵලය කුමක්ද? නිපදවන කෘෂි නිෂ්පාදනයේ පරිමාව පහළ වැටෙනු ඇත. කෘෂිකර්මයෙන් උපයාගත හැකි ලාභයද විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. මීතේන්වලින් හා කාබන් ඩයොක්සයිඞ්වලින් පරිසරය මහා පරිමාණයෙන් දූෂණය වනු ඇත. ඒ සමග රට මැස්සන්ගෙන් පිරුණු හා දුගඳ හමන රටක් බවට පත්වනු ඇත. //

    සියලු රටවැසියන් ගේ සහ රට හරකුන් ගේ පුකට මැහුම් දැමීමෙන් මේ ප්‍රස්නය විසඳිය හැකිය!

    ReplyDelete
    Replies
    1. සරසා තුමාට සුභම සුභ නවසවරක් වේවා !!

      මේ මනුස්සය රටේ උගතුන් මෙහෙම මුලාකරනවානම් අහිංසක ගොවින් ව කොච්චර ඉක්මනට මේ සමාගම්වල අයට රවට්ටන්න පුලුවන්ද ?

      දැනට මේ සම්බන්දයෙන් පළවූ වැඩසටහනක් සිංහලයට පරිවර්තනය කරනව අවසන් වූ පසු පොස්ට් එක දමන්නම්. එහි පෙන්වා දෙනවා නවීන විද්‍යාව ලෙස වන්දනාමාන කරන විද්‍යාව ට විශාල වැරදීමක් වී ඇති බව බටහිර උගතුන් පිළිගන්න ආකාරය.

      Delete
  6. ලංකා මා මේක පස්සේ දවසක මගේ බ්ලොග් එකේ උඹේ නමත් එක්ක දාන්නද? මොකෝ මේක මීට වඩා කතා බහට ලක් විය යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මාතා,

      කිසි ප්ර්හ්ස්නයක් නෑ ඕන දෙයක් උපුටා ගන්න.
      මේ සිදුවෙන දේ ගැන දැනුවත් වීමයි වැදගත් වන්නේ, මම මේ කෘෂිකර්මය ගැන සෑහෙන සෙවීමක් කළා.

      එහිදී මම දැක්ක වැදගත් ම දේ අද දිරුණු රටවල රසායනික ද්‍රව්‍ය වලින් බැහැර වෙමින් පවතිනවා විතරක් නෙමෙයි ඔවුන් අර්සනික් අඩංගු සියලු රසායන ද්‍රව්‍ය තම රටවල තහනම් කරනවා උදාහරණයක් උතුරු ඇමරිකාව.

      මෙහිදී කාබනික කෘෂිකර්මයට කෙලින්ම ඔවුන්ට යන්න බැරි ප්‍රායෝගික හේතුවක් බටහිර තියනවා ඒ තමයි පාරිසරික කෘෂිකර්මයේදී වැඩිම පලදාවක් ලැබෙන්නේ මිශ්‍ර බෝග වගාවෙන්, එතකොට එකම ස්ථාන වල බෝග කීපයක් වැවීමට සිදුවෙනවා.

      නමුත් මහාපරිමාණයෙන් කරන විට යන්ත්‍ර මගින් පලදාව නෙලීම ඔවුන්ට අබියෝයයක් වෙනවා මෙනිසයි ඔවුන් එක බෝග වගාවට සිමා වී තියෙන්නේ නමුත් ඔවුන් වේගයෙන් රසායනික වලින් ඉවත් වෙනවා. මේ දැනුම කණගාටුදායක ලෙස අපගේ කෘෂි විශ්වවිද්‍යාල වල අප්ඩේට් වෙලා නෑ අපරටේ පර්යේෂණ ගාර තියාගෙන අමු බොරුවක් කරමින් පඩි ගැනිමකුයි සිදුවෙන්නේ.

      ඊලග ලිපිය මිට වඩා වැදගත් වෙනවා මෙහිදී ඔය වික්ටර් අයිවන් ල කින්නේ මොනතරම් යල්පැනගිය මෝඩ අදහස් රොත්තක් ද කියල මේවා බලන කියවන උදවිය තේරුම් ගනී.

      Delete
    2. හොඳ ලිපියක් තමා මාතා. අවුරුදු කාලේ ගොඩක් මිස් වුණා මටත්.

      Delete
    3. ලංකා සිතුවිලි. මාතලන් හරහා ආවේ. මෙහි පලකලා.
      http://nelumyaya.com/?p=5585

      Delete
  7. Glyphosate ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනුත් පිළිකා කාරකයක් විය හැකි බවට අනතරු අඟවලයි තියෙන්නේ. එහෙම අවස්ථාවක RoundUp තහනම වඩා නුවනට හොඳයි. ඒ වගේම මම හිතනවා ඒකට විකල්පයකුත් හඳුන්වා දුන්නා නම් හොඳයි කියල. Monsanto තමන්ගේ වෙළඳාම ගෙනියන්නේ වික්ටර් අයිවන් හිතනවට වඩා සංකීර්ණ විදිහට. එක විදිහකින් ඔවුන් එක වරක් ඔවුන්ගේ නිෂ්පාදන පාවිච්චි කල අයව අකමැත්තෙන් හො රඳවා ගන්නවා වගේම අනික් අතින් ඔවුන් ගේ නිෂ්පාදන ගන්නවන්න වක්‍රව බලපෑම් කරනවා.

    මමත් මේ ගැන ලිපි දෙකක් ලිව්වා කියවල බලන්න.
    http://sammathayenobbata.blogspot.com/2016/03/blog-post_21.html
    http://sammathayenobbata.blogspot.com/2016/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. හිරණ්‍ය,

      විකල්ප හදුනාදීම කරල තියනවා නමුත් මේ ප්‍රශ්නය විසදීමට එම විකල්ප ප්‍රමාණවත් නෑ අතුරලියේ රතන හිමියන් කරන දේ හොදයි නමුත් රජය පැත්තෙන් වසර ගණනක් පස විනාශ කල පොළොවක කාබනික ගොවිතැන කරනවා කියන්නේ අබියෝගයක් අප සකස් කිරීම කියන්නේ කල්යන අපහසු කාර්යක් නමුත් මිට ජිවම්මුර්තම් වැනි ශුද්‍ර ජීවි තරලයක් යොදාගන්න පුළුවන්. සහ මෙවැනි ක්‍රම ගණනාවක් තියනවා.

      Delete
  8. මචෝ,

    බොහොම වටිනා ලිපියක්..
    මමත් මේක මගේ fb එකේ ශෙයා කළා.

    වීරයෙක් වෙච්ච චරිතයක් පිස්සෙක් වෙච්ච එක ගැන බොහොම කනගාටුයි. ඒ සිද්ධිය උඹ අපිට පෙන්නුවා එක බොහොම සන්තෝසයි...

    ReplyDelete
    Replies
    1. විභීෂණ II,

      මචෝ වික්ටර් අයිවන් කියන්නේ වීරයෙක් හෝ පිස්සෙක් නෙමෙයි ඉතා දක්ෂ අවස්තාවදියෙක්.

      ඔහු සමහර විට ඉතා දියුණු වැඩපිළිවෙලවල් ගැන කතා කරනවා මේ වායේ ගතයුතු දේවල් සෑහෙන්න තියනවා, මිනිස්සු හිතනවා මේ ඉන්නේ අපේ ගැලවුම් කරුයි කියල එහෙම වෙන්නේ මේ වගේ අය කියන්නේ ඇත්ත බෝරු කලවමට. අපට බැරිවුනොත් මේ සිදුවෙන දේ පිළිබද පරිපුර්ණ අදහසක් ගැනීමට අප දන්නෙම නැතිව උගුලක පැටලෙනවා.

      Delete
  9. පැරණි බීජ ලබාගත හැකි ස්ථානයක් දන්නවද?දැන් පැරණි ගස්ලබු බීජයක් වත් සොයා ගන්න නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔබ 0714073405 මගින් වැඩි විස්තර සොයාගන්න. ඔවුන් තිලක් කන්දේගම මහතා සමග පැරණි බිජ ප්‍රවර්දනයේ දී සිටි.
      නැත්නම් තිලක් කන්දේගම මහතාගේ ගොවිපොළ අමතා විස්තර සොයාගන්න 066-3005542

      Delete