Sunday, May 20, 2018

ඉදිරි දශකයේ වෛද්යවිද්‍යාව මුහුණදෙන විශාලම අභියෝගය සහ බොරුවට අඩන වෛද්යවරු



ඉහත දැක්වෙන්නේ අද ලෝකයේ ප්‍රතිජීවක ඔසු නොහොත් Antibiotics වලට සිදුවී ඇති දෙයයි,
මේ ඉන්නේ මහාබ්‍රිත්නයේ ප්‍රධාන වෛද්ය නිලධාරීනියයි

මේ වීඩියෝවට යොමුවීමට පෙර අපි බලමු සරලවම මේ ප්‍රශ්නයට හේතුව කුමක්ද කියල.

දැනට නවීන සමාජය පුරුදු වී ඇත්තේ ඕනෑම සුළු අසනිපයකදිම  වෛද්යවරු හමුවට යාමයි ඔවුන් විස්වාස කරන්නේ ඉක්මනින් රෝගයට ප්‍රතිකාර ගත් වහාම රෝගය සුවකිරීම පහසු බවයි.

මෙහිදී විශේෂඥ වෛද්ය වරයෙක් ලෙස සාමාන්‍ය මිනිසුන් සිතා සිටින්නේ ඉතා වේගයෙන් අදාළ ලෙඩ සුවකරන වෛද්යවරයායි, මෙහිදී සිදුවන්නේ කුමක්ද ?
මේ වේගයෙන් ලෙඩ සුවකිරීමට පාවිච්චි කරන්නේ ඉතා බලසම්පන්න ප්‍රතිජීවක ඔසු නොහොත් ( Antibiotics ) මෙහිදී මිනිසුන් ආඩම්බරයෙන් කියන්නේ
උදාහරණ : මේ දන්නවද මෙයා අපේ පොඩි එකාගේ අසනිපයට අහවල් specialist ලගට ගියානේ එක වේලෙන් ලෙඩේ හොදයි.

මෙතන සිදුවි ඇත්තේ ඉතාම සැර  ප්‍රතිජීවක ඔසුවක් අදාළ රෝගියාට ලබාදීමයි, මෙමගින් වෙන්නේ අදාල රෝගය වේගයෙන් යටපත් වීමත් කාලයත් සමග දිගින් දිගටම මේ ප්‍රතිජීවක ඔසු පාවිච්චිය නිසා කිසිම බෙහෙතක් ඔරොත්තු නොදීමයි එනම් ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන බැක්ටීරියා (superbug) ඇතිවීමයි.

මෙහිදී ඔබ සැවොම දැනගත යුත්තේ නවීන වෛද්යවිද්‍යාව කොච්චර දියුණු යයි කිව්වත් යම්විදියකින් ප්‍රතිජීවක නොමැති අවස්තාවක කිසිම වැඩක් නැති තත්වයට පත්වීමයි.

අනෙක් මුලික කරුණ නම් නවීන ප්‍රතිජීවක  නිපදවීමට සමාගම්  විශාල මුදලක් ආයෝජනය කිරීමට  මැලි වීමයි, තව තේරෙන විදියට කිව්වොත් පසුගිය වසර 40ට කිසිම ප්‍රතිජිවකයක් අලුතින් සොයාගෙන ඉදිරිපත් කර නැතිබවයි.

දැන් මේ දොස්තර නෝනලා අඩමින් වගේ කියන්නේ රජය පුද්ගලික සමාගම් වලට ප්‍රතිජීවක සොයාගැනීම සදහා පහසුකම් සපයා දියයුතු බවයි.

දැන් බලමු පෙන්සිලින් සොයාගත් දොස්තර Alexander Fleming කිව්වේ මොනවද කියල ?   

In 1945, Alexander Fleming


The  discoverer of penicillin, warned the public that doctors were abusing penicillin by using it in patients who did not need it. He said, "In such cases, the thoughtless person playing with penicillin is morally responsible for the death of the man who finally succumbs to infection with the penicillin-resistant organism. I hope this evil can be averted."

මෙහිදී Alexander Fleming කියනවා සාමාන්‍ය දොස්තරවරු හැම සුළු අසනිපයකටම  penicillin දීමෙන් අවසාන ලෙස penicillin  වලට ඔරොත්තු දෙන බැක්ටීරියා නිසා මියයන ජිවිත වෙනුවෙන් වගකිවයුතු බව.



දැන් මිනිසුන් හැටියට තේරුම් ගන්න ඕනේ අපේ ආහාර පුරුදු සහ ගති පැවතුම් වෙනස් කරගන්න එහෙම බැරි උනොත් පහසුවට take away ආහාර රටාවට පුරුදු වුනොත් වයස 55 පමණ වනවිට පුද්ගලික ආරෝග්‍යශාල වලට ඉතුරු කරපු තුට්ටු දෙක පුජාකර මේ ලෝකයෙන් චුත වීමයි.

මෙහිදී ප්‍රතිජිවක ගැන කියනකොට වෛද්යවරු විතරක් නෙමෙයි ඒවා පාවිච්චි කරන්නේ පලතුරු එළවලු සහ සතුන් සදහාත් විශාල ලෙස අපරටෙත් ප්‍රතිජිවක පාවිච්චි කරනවා.

මෙන්න මේ නිසයි තම ගෙවත්තේ හැකිපමණ එළවලු පලතුරු වගාකරන අතර මේ ප්‍රතිජිවක පාවිච්චි කරයි කියල සැක සියලු ආහාර වලින් වැළකීමයි නුවනට හුරු. 

 

4 comments:

  1. ලෝකයේ ඉන්න ධනපති පන්තිය,රාජකීයයෝ ආදීහු ආහාර හා බෙහෙත් ගැන ඉතා පරිස්සම් වෙනවා නේද?රසායන වලින්තොර ආහාර ගන්න හැටි මා දැක තියෙනවා.බටහිර රටවල හිටපු කාලේ පොහොසත් අය තම ඉඩකඩම්වල තමන්ටම වවපු ආහාර ගන්න හැටි දැක්කා.අසනීපයකට ගන්නෙත් යුරෝපයේ කැලෑ කොළ,පළතුරු ආදියෙන් හදපු බේත්.(උණට,කැස්සට ආදී ලෙඩවලට)වරක් ඇමරිකානු පුවත්පත් වාර්තාකාරිණියක් ඉතාලි ෆියට් සමූහයේ අයිතිකරු ගැන පොතක් ලියන්න ඉතාලියේ ඉන්නවා.ෆියට් කර්මාන්ත ශාලාවේ සිට දිවා ආහාරයට ඔහුත් සමග යන්න ඇයට ආරාධනා කරනවා තම නිවසට.ගමන හෙලිකොප්ටරයෙන්.ඇය හිතනවා ලොවේ ඉන්න සුපිරි ධනපතියෙකුගේ පොහොසත් ආහාර රටාව ගැන.කෑම මේසයේදී දකින්න ලැබිලා තියෙන්නේ ඉතා සරල දුප්පත් ආහාර ටිකක්.සලාද කොළ,මේදය රහිත යෝගට් වැනි දේ.ඇය පුදුම උනාලු.එංගලන්ත රජ පවුලත් තම වගාබිමේ වවපු දේ නේද පරිහරණය.

    ReplyDelete
    Replies

    1. Lalith,

      මේගැන මම ලිපියක් ලිව්වා.

      http://lankasithuwili.blogspot.com/2016/08/blog-post.html

      මෙතැන තියන ලස්සනම දේ චාර්ල්ස් කුමාරයා තම රසායන වලින් තොර වත්ත පාලනයට දෙන්නේ cambridge university එකේ ඉහලින්ම සමත්වූ උපාධිධරියකුට මෙහිදී පලිබෝද නාශනය සම්පුර්ණයෙන්ම කරන්නේ විලෝපිතයන් මහින් මේ විලෝපිතයන් ගෙනෙන්නේ විවිද වර්ගයේ මල් වගාකිරීමෙන්
      මේ තක්ෂණය අපේ සිංහල හේන් අගාවෙත් තිබුන බව තිලක් කන්දේගම මහතා පෙන්වාදෙනවා

      Delete
    2. ඔබ ලියා ඇති ස්වභාවික වගාව ගැන ලිපිය දැන් බැලුවා.(ලින්ක් එක දී ඇති ලිපිය)ඔබගේ අදහස් ඉතා නිවැරදියි.ඒ වගේම ඇමරිකාවේ ඉන්න ආචාර්ය තුමා සහ අනෙක් උගත් මහත්වරු කියන අප සිතින් වටහා ගත යුතු ඇත්ත,ඔබ අපට මනාව වටහා දෙනවා.ඔබ කරන මේ සේවය උතුම්.මම තව එක උදාහරණයක් දෙන්නම්.මා ටික කාලයකට පෙර ඉංග්‍රීසි කතා කරන රටක ජීවත් උනේ.එම රටේ රෝහලක වැඩ කෙරුවා හිතවත් ඩොක්ටර් කෙනෙක්.ඔහු සුදු ඇමෙරිකානු ජාතිකයෙක්.ඉපදිලා තියෙන්නේ කැලිෆෝනියාවේ.නිල් ඇස් ඇති මේ හිතවත් මහත්මයා අපිට ඔහුගේ නිවසේ කෑමට කතා කෙරුවා.එහෙ ගියාම ඔහු තම එලවලු කොටුව බලන්න යමු කීවා.ඔබට කියන්න මේ ශීතල රටේ රස්නේ කාලේ,ඔහු මනාව වවලා ගොටු කොළ,පතෝල,සලාද,රෝස්මෙරි,බැසිල් ආදී නොයෙක් දේ.මට දෙතුන් වරක්ම කීවා වවාගෙන කන්න කියලා.ලීස්,සළාද මොකුත් පිටින් ගන්න එපාමයි කීවා.ඒ විතරක් නොවේ.ලුණු කනවිට ඉතා අඩුවෙන් හිමාලයන් ස්වාභාවික ලුණු පමනක් කන්න කීවා.එම ලුණු මිල ඉහලයි,හරි මිහිරි රසක් එනවා කෑමට එක්කෙරුවාම.ස්වභාවික දේ පමණක්ම ගන්න කියා කීපවිටක් සිනාමුසුව කියා දුන්නා.ඔබත් මහත්මයා අපව දැනුවත් කරමින් අපට දීර්ඝායු ලබන්න කියා දෙනවා.ඔබටත් නීරෝගී සුවය සහ දීර්ඝායු ලැබේවා !

      Delete
    3. ස්තතියි Lalith,

      //මට දෙතුන් වරක්ම කීවා වවාගෙන කන්න කියලා.//

      මෙහෙම කියන්නේ ඇයි කියන දේ අපේ රටේ බොහෝදෙනාට තේරුම් නොයාම අපව ශතවර්ෂ ගණනක් මානසික වහලුන් ලෙස තබාගැනීම නිසා සිදුවූ කරුණක්.

      මගේ ලිපි කියවන අය සිතන්න පුළුවන් මම වෛද්යවරුන්ට විරුද්ද කෙනෙක් කියල නමුත් ඉදිරි ලිපි වලින් ඔබ දකී වෛද්යවරු 2 කොට්ටාසයක් සිටිනවා මුලිකව මේ සිදුවන දේ ගැන දැනුවත් අය (මේ අය බහුතරය නෙමෙයි ) මේ සිදුවෙන දේ ගැන නොදැනුවත් අය (මේ තමයි බහුතරය ) දැන් ඔබ සිතයි මේ ගැන දැනුවත් අය හරි නිශ්ශබ්දයි නේ කියල ඇත්තටම මේ අයත් කොටස් 2 ඉන්නවා දැනුවත්ව නිශ්ශබ්ද පිරිස සහ දැනුවත්ව වියන්ගයෙන් (implied ) කියන පිරිස දැනුවත්ව කෙලින්ම බය නැතුව ඉදිරියට එන පිරිස.

      අදාළ දොස්තර වරයා සාමානය MBBS උපාදියක් තියාගෙන මේ ඇත්ත කියන්න ගියොත් ඔහු හෝ ඇය දන්නවා තමන්ගේ රැකියාව නැතිකිරීමට ඉහල බලදාරීන්ට හැකි බව, ඉහල PhD එකක් තියන විශාල බලසම්පන්න කෙනෙක් මෙවැනි දෙයක් ඇමරිකාව වගේ රටක උවත් කිව්වනම් ඔහුට ජීවිතය නැතිවෙන්න පුළුවන්, ඉදිරි ලිපියකින් මෙවැනි ඇත්ත කිව්ව දොස්තර වරුන්ගේ ජිවිත සැක කටයුතු ලෙස නැතිවූ හැටි පෙන්වන්නම්.

      වියන්ගයෙන් (implied ) දැනුවත් කරන අපුරු දෙයක් ඔබට බලන්න පුළුවන් https://www.youtube.com/watch?v=bGNn_prJXhg

      Delete