Saturday, January 30, 2016

පවතින දේසපාලනය තේරුම් ගැනීම.



මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රථම වෙඩිමුරය අද පත්තුවී ඇත.
දැන් බොහෝ දෙනාට මයිත්‍රී පාලනය නිතිය ක්‍රියාත්මක වන අවංක පාලනයක් ලෙස ලෝකයට පෙන්වාදීමට, යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පෙන්වාදීමට පුළුවන්, මෙය ලියන මමත් චන්දය දුන්නේ   මයිත්‍රී පාල සිරිසේන මහතාටයි, මෙහිදී වැදගත්ම දෙය මෙතන පවතින දේශපාලනය තේරුම් ගැනීමයි.

මුලින්ම මහින්ද රාජපක්ෂ යනු කවුදැයි බලමු :-
ශ්‍රී ලංකාවේ වසර 30 පමණ පැවති යුද්ධය වසර 3 කින් අවසන් කල අසහාය නායකයයි.මුලින්ම ඔහුට අපි මේ ගැන කෘතන්ය විය යුතුයි, මක්නිසාද? දිනපතා මරුන සිංහල සහ දෙමල මිනිසුන් අද මියනොයන නිසයි, දකුණේ මව්වරුන් අද සහනයෙන් සිටින්නේ මහින්ද මුලික වී ගත් තීන්දු නිසයි (මමනම් යුධ්දය දිනීම ගැන වැඩි ගවුරවයක් ලබාදෙන්නේ ඝෝටාභය රාජපක්ෂ මහතා ටයි)
මෙසේ දිනාගත් රට තුල ඔහුගේ පිරිහීම ඇතිවන්නේ ඔහු විසින් සිදුකල මහාපරිමාණ දුෂණ වංචා සහ අශිලාචාර ගෝලයන්  පාලනය නොකිරීම වැනි කරනා නිසයි.

නව රජය පත්වූ පසු දිගින් දිගටම සිදුකරන ලද විමර්ශන වලින් මහින්ද මිට සම්බන්ධ බව සොයාගන්න ලද අතර මේවනවිට ඔහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඔහු ලබා ඇති යුද ජයග්ග්‍රහණය මගින් ඇතිකරන ලද කිර්තිනාමය නිසා  බව පැහැදිලියි,  බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහුට කෘතන්ය විය භාවය  ඇති බැවින් තම රජය අපහසු තාවයට පත් කරගැනීමට වත්මන් ජනාධිපති වරයා කිසිදු කැමැත්තක් නැත්තේ මේ නිසයි.
             
    මයිත්‍රී පාල යනු ඉතා කපටි මිනිහෙක් බව ඔබට පහත තොරතුරු බැලුවහම පැහැදිලි වෙයි.

01.   මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?
ඔහු මැතිවරණයට පෙර තමා ලග මත්ද්‍රව්‍ය ගෙන්වීමට වගකිවයුතු දෙසපලන්නයන් ගේ නම් ලැයිස්තුවක් තිබෙන බව පැවසුවා. මැතිවරණය දින්න!  සිදුඋනේ කුමක්ද ඔහුට නිසි ආරක්ෂාවක් රජයේ ඉහල මට්ටමින් ලබා දුන්නේ නෑ, ඔහුට මාද්‍ය අදාළ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස බලකරන අතර හදිසියේම
ඔහුගේ නිලය අහෝසි උන බවයි සදහන් උනේ, මිට ජනතාවගේ සහ මාද්‍යයේ පීඩනය රජය වෙත යොමු වූ විට සිදුඋනේ කුමක්ද ?

අගමැතිතුමාගේ නියෝගයෙන් ඔවුව තනතුරේ පිහිටවන ලද බව සදහන් උනා.

ඉන්පසු සිදුවුනේ ඔහු ඉවත් කිරීමට තිලක් මාරපන මහතා සම්බන්ද බවට ලිපියක් ඉදිරිපත් උනා, මෙන්න මෙතන තමයි අපි කල්පනා කල යුත්තේ
දැන් තිලක් මාරපන මහතා මෙයට සම්බන්ද නම් මෙය ඔහුගේ උවමනාවකට සිදුවූ දෙයක් ලෙසයි අපි මෙය දැක්කේ, මේ අතර සිදුවූ අපුරුම දෙයනම්
තිලක් මාරපන මහතා තම දුරයෙන් ඉල්ලා අස්වීමයි.

දැන් සිදුවුනේ කුමක්ද? තිලක් මාරපන මහතා නිලයේ නැති අතර  වෛද්‍ය නිලංග සමරසිංහට ඔහුගේ දුරයේ සිටීමට දින කීපයක් හැකි උනා, පුදුමය නම්
හදිසියේ දැන් වෛද්‍ය නිලංග සමරසිංහට එම දුරයෙන් ඉවත් කිරීමයි.

දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ටිකක් සිතන්න තිලක් මාරපන මහතා ගේ ඇගේ දැලි ගාල මේ රටේ ඉහලම පාලනය ගෙනයන මිනිසුන් පාරිශුද්ධ නායකයන්වී ඇති බව නොවේද ?

02.   ජනතාව ප්‍රතික්ෂේප කල මිනිසුන් පර්ලිමෙන්තුවට ගෙන්වා ඇමතිකම් ලබාදුන් අයුරු මතකද ?

03.   රිෂාඩ් බදුර්දීන් වැනි මහින්දගේ කාලේ අනවසරයෙන් කැලෑ කපපු සොරුන් අපුරුවට ලංකර ගෙන සිටින අයුරු කොහොමද ?

04.   සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගෙන එන බව කියා අද කරන්නේ කුමක්ද?

05.   සියල්ලටම වඩා ලගදි සිදුවූ නාඩගම “හිරුනිකා  කොලම “ ඔබට මතකද පුද්ගලයකු පැහැර ගැනීමට වරද කරුවූ ඇය පැය 2න් නිදහස් වීම.

06.   අබිලිපිටියේ තරුණයාගේ සිදුවීම තව උදාහරණයක්

07.   තව කරුණක් තියනවා  එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ද්‍යා එක්නැලිගොඩ ජිනීවා වලට ගොස් සදහන් කලේ අපේ හමුදා රසායනික අවි පාවිච්චි කල බවයි මෙය සම්පුරන අසත්‍යක් වන අතර එක්නැලිගොඩ වෙනුවෙන් කතාකරන අය සහ රජය මේ ගැන නුගමනය කරන්නේ නිහඩ් ප්‍රතිපත්තියක්.

මෙහෙම වැඩකරන මයිත්‍රී පාල දැන් කරන්නේ කුමක්ද ? අද යෝශිත අත්අඩංගුවට ගෙන ඇත, මිට ආසන්නම ගෙතුව මාදකින විදියට ඝෝටාභය ඉදිරි මැතිවරණයෙන් කරලියට ඒම සහ නව පක්ෂයක් ලියාපදිංචි වීමයි, මේ සිදුවන්නේ නිතිය ඉෂ්ට කිරීම නොවන අතර මහින්දට කරන තර්ජනයකුත්, එකාබද්ද විපක්ෂයේ බලය දියකර හැරීම හැර වෙන කුමක්ද ?

නමුත් මෙම ක්‍රියාවලිය  සම්පුර්ණයෙන් නරකක් ලෙස මම නොදකින්නේ, ඉදිරියේදී මේ රජය මහින්ද ගිය පාරේ ගියොත් අනිවාර්යෙන්   මයිත්‍රී පාලට විශාල විනාශයක් සිදුවීම වැළක්විය නොහැකියි.
මේ නිසා ඉදිරියේ මහින්දට විරුද්ද සියලු චෝදනා ගෙන ඔහුව යටපත් කිරීමට සිදුවනු ඇති, මයිත්‍රී පාල මතක තබා ගතයුත්තේ යම්විදියකින් මහින්ද ගිය පාරේ යාමට යහපාලනයට උපකාර කල ච්න්දදායකයන් කිසිවිට නොඉවසන බවයි මොකද පෙර කිව්වා සේ මහින්දට ඇති දේශපාලන ප්‍රාග්ධනය මයිත්‍රී පාල ට කිසිවිට නැති අතර ඉදිරියට ඇත්තේ ආර්ථික ලෙස ඉතා අපහසු තීරණ ගැනීමට වෙන කලකුයි.

මෙහිදී  ඔහුට හැකි උපරිම ලෙස දුෂණය අඩු ක්‍රමයක් අනුගමනය නොකලොත් ඔහුට පමණක් නෙමෙයි යහපාලන රජයම සිදුවුයේ කුමක්ද කියාවත් සොයාගත නොහැකි වනු ඇති.

ජනතාව ලෙස මේ අවස්ථාවේ මේ සිදුවෙන ක්‍රියාවලිය දෙස ඇස ගසා සිටියුත්තේ රටේ ආර්ථිකය මිනිසුන් කීපදෙනෙකු හසුරවන සුදුවක් බවට මේවන විටත් පත්වී ඇති නිසයි.
මගේ පුද්ගලික අදහස නම් මහින්දගෙන් කිසිවිටක පළිගත යුතු නැති අතර ඔහු වංචාවෙන් ලබාගෙන ඇති ධනය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සිදුකල යුතුයි.


අවසාන ලෙස වසර 30 යුද්දයෙන් පසු රටේ සැලකියයුතු සන්වර්දනයක් මහින්ද කලබව පිළිගත යුතුයි. මේ නිසා සියලු දෙනාම බුද්ධිමත්  ලෙස කටයුතු කිරීමට හැකි වේවි කියල ප්‍රර්ථනා කරමු.             

13 comments:

  1. ඕක මෛත්‍රිපාලට ඉතරක් තියෙන ලෙඩක් නෙමෙයි. ලංකාවේ ති බහුතරයකට තියෙන ලෙඩක්.

    එකෙකුටවත් අළුතෙන් හිතන්න බෑ, අළුත් ටීම් එකක් එක්ක යන්න බෑ. වෙනස් වෙන්න කැමති නෑ. වෙනස් වෙන්න බයයි. සිරිසෙනට ඉතරක් නෙමෙයි, ලංකා සිතුවීලිට තියෙන්නෙත් ඒ ලෙඩේ.. ඒ ඉතරක් නෙමෙයි රනිල්ලා උනත් එහෙමයි. රනිල්ට කොන්දක් නෑ මුදල් ඇමතිකම හර්ෂට දෙන්න. හර්ෂ නාගත්තා නම් රවීට දෙන එක වෙනම දෙයක්. හර්ෂලාට දෙන්න බය සාම්ප්‍රදාය. වෙන කිසි හේතුවක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මාතා,
      // වෙනස් වෙන්න කැමති නෑ. වෙනස් වෙන්න බයයි. සිරිසෙනට ඉතරක් නෙමෙයි, ලංකා සිතුවීලිට තියෙන්නෙත් ඒ ලෙඩේ//
      වෙනස් වීම ගැන කිව්වහම හොදට සහ නරකට වෙනස් වෙන්න පුළුවන්, ඉස්සල්ල හොදට වෙනස්වෙනවද නරකට වෙනස්වෙනවද කියල තීරණය කරන්නේ සිදුවෙන සිදුවීම ජාලය බලල.
      අපි අන්තර්ජාතිකව වෙළද ගිවිසුමකට යන්නේ අපට වාසි ඇත්නම් සහ විදේශික රටක් ගිවිසුමට අප සමග අතිකර ගන්නේ ඔවුන්ට වාසියක් ඇත්නම් පමණයි.
      ඔඅබ ඔය කියන බය නැති ගිවිසුම් ඇයි අපි ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය සමග අතිකර නොගන්නේ ?
      ඊට හේතුව ඒ රටවල් ඊට කැමති නෑ මොකද ඔවුන්ට අවාසියි මේ ගනුදෙනුවේදී, එතකොට ඔබ කියන්නේ මේ දිවුණු රටවල් අපට බයයි කියලද මාතා ?
      ඉන්දියාව සමග ගනුදෙනුවට උවමනාව ඇත්තේ අපට නෙමෙයි ඉන්දියාවට
      අලුතින් කලයුතු දේවල් ගැන මේ අඩවියත් අනුන්ගේ අඩවි වලත් මා අදහස් දක්වල තියනවා ඒ දේවල් කිසිවක් මෙතෙක් සිදුවී නෑ.
      ඔබ ඉස්සල්ල පෙන්නලා දෙන්න මෙමෙ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි මේ මේ අංශවලින් තියනවා අවාසි මේ මේ අන්ශ වලින් තියනවා නමුත් අපි මෙම ගිවිසුමට යායුතුයි මොකද අවාසි වලට වඩා වාසි නිසා කියල කරුණු සහිතව පෙන්වා දෙන්න.
      මෙන්න පටන්ගනිමක් ලෙස http://www.cepaepa.com/what-is-cepa/ මේකෙන් පටන්න්ගන්න
      අපි අපේ සම්ප්‍රදායක මෝඩ සිරිත් කැඩිය යුතුයි නමුත් ඊට ඉස්සල්ල මේ සිරිත් මොනවද කියල දැනගත යුතුයි මොකද කඩන්නේ මොනවදකියල නොදැන කැඩුවොත් මොනවා කැඩෙයි ද කියල කියන්න බැරි නිසා.

      Delete
    2. අපි ඔය බිය ගැන ලිව්වේ 2010 තරම් ඈත... මේ හිඟන රට මහා ළොකු රටක් කියලා හිතාගෙන ඉන්න තාක් කල් දියුණු වෙන්න නම් හම්බ වෙන්නේ නෑ.. ඛොහෙන් හරි මක්කා හෝ ලැබෙන දෙයකින් ගොඩ යනවා මිසක්... හොඳම උදාහරණ ඩුබායි හා සිංගප්පූරුව..

      ඕන් පහළ ඇති ලින්ක් එක කියවලා බලන්න..

      http://maathalan.blogspot.com/2010/06/debts-disaster.html

      Delete
    3. යෝෂිත අත් අඩංගුවට ගත්තෙ ඇයි කියලා ඔය පහළ තියෙන ලින්ක් එකෙන් යවන්න...

      http://www.gossip99.com/2016/01/true-story-behind-yoshitha-rajapaksa.html#.Vq3gtymsrJU.facebook

      Delete
    4. මාතා,

      මචෝ මේක විතරක් නෙමෙයි තව මිට වඩා බරපතල දේවල් සොයාගෙන බොහෝ කල්, මේ කිසිදෙයක් ගොතන ලද දේවල් නෙමයි මෙරට පට්ටලෙස හුරන්කෑව වැඩවල ඉතා සුළු හුණු බෙට්ටක් වගේ සුලු දෙයක් තමෙයි මේ, කරපු වැරදි දිග හැරුනොත් අවුරුදු 50 ක් 60 ක් මහඋලු ගෙදර ලගින්නයි වෙන්නේ.
      මහින්දට විරුද්ධව කිසිවක් සිදුනොවුන නිසා ඔහු ත් ඔහුගේ පිරිසත් බය නැතිව “කෝ වංචාවක් කරලා තියනවනම් අත්අඩංගුවට ගන්න එපැයි “ කියමින් වහසි බස් දොඩවමින් මයිත්‍රි ට විහිලු කරමිනුයි සිටියේ. මේ ක නිකම් කොටුව අතට ගැනීම විතරයි තාම ගැහුවේ නෑ.
      මෙය මම හොදක් ලෙස දකින්නේ බැරිවෙලාවත් ඉදිරියේ මහින්දට බලය ගියොත් සිදුවන දේ මයිත්‍රි දන්නවා.

      Delete
    5. මාතා,//සීපා ගිවිසුමට අනුව ඉන්දියාවට 20 ක් ලැබෙන විට අපට 80 ක් ලැබේ. තවත් මොනවාද?. කවදත් ගල් ආඳන් වන ඉන්දියානූ කාරයන්ගේ උගුල් වලට අසූ නොවී, අපට වැඩි වාසී අත්වන ලෙසින් ගිවිසුම සකසා ගැනීම කළ යුත්තෙ අපයි. //

      යකෝ මේ මගුල තමයි මම උබට මෙච්චර ලියල පහැදිලි කරනෙනේ, ඉන්දියාවේ ගල් ආඳන් මෙල්ල කරන්න ද ඩිජිටල් කියන වචනේ තේරුම නොදන්නා ඇමතිකෙනෙක් වන හරින් ව යවන්නේ ?
      අපිට “රී” ගන්නයි වෙන්නේ මේවගේ මැටි මොල්ලු යෝදාගෙන ගිවිසුම් හදල.
      ඔච්චර හොද ගිවිසුම රනිල් රෙද්ද අස්සේ ගහගෙන ඉන්නැතුව දාන්න කියපන් කෝ එලියට

      Delete
    6. බයියන්ගේ ගුලි නොකා කළබල වෙන්නේ නැතිව ඉන්නකෝ...

      හරීන් ගියාට හරීන් නෙමෙයි තීන්දු ගන්නේ...

      Delete
    7. //හරීන් ගියාට හරීන් නෙමෙයි තීන්දු ගන්නේ...//
      එක නම් ඇත්ත මාත, හරින් වෙනුවෙන් මෝඩි තීරණ ගනී 

      Delete
  2. /* එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ද්‍යා එක්නැලිගොඩ ජිනීවා වලට ගොස් සදහන් කලේ අපේ හමුදා රසායනික අවි පාවිච්චි කල බවයි මෙය සම්පුරන අසත්‍යක් වන අතර  */

    ඇය කීවේ රසායන අවි පාවිච්චි කළා ද යන්න ගැන සැමියා සොයමින් සිටි බව නේද ?

    එවැනි අවි භාවිතා නොකළ බව අප නිසැකව දන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. රසික මේ කියන්නේ https://www.youtube.com/watch?v=QxnqWxyNxms
      හමුදාව මෙම අවි පාවිච්චි කලානම් මෙලහට රතු කුරුසය, ඇම්නස්ටි, හුමන් රයිට් වොච්, වැනි අන්තර්ජාතික ආයතන චෝදනා කරනවා සාක්කි ඇතිව. මොන චෝදනා කලත් මෙම ආයතන මෙම චෝදනාව නොකලබව ඔබට මතක ඇති.

      Delete
    2. ඔක්කෝම අවි යම්කිසි රසායනයක් අඩංගු අවි කියලා තර්කයක් ගේන්නත් පුළුවන්...

      Delete
  3. ඔබ කියා ඇති කරුණු අකුරක් නෑර සත්‍ය.
    ඔය රසායනික අවි කතාව නම් ඉතාම භයානකයි. ඇමරිකාව ඉරාකය ආක්‍රමනය කලෙත් මේ වගෙ බොරු චෝදනාවක් කරලයි. රසායනික අවි චෝදනාව දරුස්මාන් වාර්තාවෙත් නෑ. දෙමළ ඩයස්පෝරාවෙන් එහෙම චෝදනාවක් කරන්නෙත් නෑ. ප්‍රගීත් සහ බිරිද මෙවැනි චෝදනවක් කිරීම අතිශයින්ම භයානක වෙන්නෙ එවැනි සංදර්භයක.
    ඇත්තෙන්ම මහින්ද හොරාකාපුව යළි සොයාගැනීමයි කල යුත්තෙ.
    අපට දෙමළ වෛරයක් නැති සේම අස්වාභාවික දෙමළ ප්‍රේමයකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය,
      මේ ආණ්ඩුව පට්ට පිස්සුවක් කෙලින්නේ, රටේ මිනිසුන්ට මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ. කොටසක් මහින්දට ගොට්ට අල්ලනවා කොටසක් රනිල් ට කඩේ යනවා. රට උගස් තියනවා, කිසිම ජන මාද්යක් මේගැන වචනයක් කතාකරනේ නෑ.
      ඒ අස්සේ මේ ගෑනි සල්ලි හම්බ වෙනවනම් ඕන කෙනෙක් පාවල දෙයි

      Delete