Sunday, January 24, 2016

ඉන්දියන් පරිඝනක වැඩසටහන් කරුවන් ශ්‍රී ලංකාවට ගෙන එමෙන් අපට දියුණු විය හැකිද?




මුලින්ම අපි බැලිය යුත්තේ අද පවතින තත්වයේ ශ්‍රී ලංකාවේ තොරතුරු තක්ෂණය පවතින ස්ථානයයි,

බොහෝදෙනා නොදැන සිටියාට ශ්‍රී ලංකාව තුල ඉතා හොද අන්තර්ජාල පහසුකම් පවතී, මා කියන්නේ ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් වල පවතින තත්වය ත් ශ්‍රී ලංකාවේ ඇති තත්වයත් ගැන සංසන්දනය කලවිට මුලිකවම වැඩිම අන්තර්ජාල සේවාව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතා හොද සේවයක් ලබාදෙයි (මෙනිදී කොළඹ දී ලබාදෙන සේවය තරම් පිට්පලාත් වල ලබා නොදුන්නත් ) දත්ත සම්ප්‍රේෂණ වේගය Data Transfer speed අද වනවිට ඇමරිකාව බ්‍රිතාන්‍ය ADSL  තරම් වේගයට සමාන වේගයට පමිණ ඇත.


ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් සමග සැසදීමේදී අසිමිත දත්ත දරිතාවක් එම රටවල පාරිබෝගිකයන්ට  තිබුනත් ශ්‍රී ලංකාවේ එයට ප්‍රමාණ පවතී උදාහරණ Web Family සම්බන්දයට ලබාදෙන්නේ 40 GB ප්‍රමානයකුයි. මෙය එක්තරා සීමාවක් උවත් විදේශ සමග තොරතුරු හුවමාරු කරන පුද්ගලයකුට තම වෙළදාම කළහැකි වේ.


දැන් බලමු ප‍රිගණක ගතකිරීමෙන් ආයතනයකට ලබා ගත හැකි වාසි.

සිතන්න ඔබට සුළු පරිමාන සිල්ලර වෙළද සලක් පවතිනවා, ඔබට පරිගණක ගත කිරීමෙන් ලැබිය හැකි වාසි මොනවද ?


01.  ඔබට වහාම ඔබ සතු භාණ්ඩ තොගය කොපමණදැයි දැනගත හැකි වීම

02.  දවසේ ආදායම දැනගත හැකි වීම

03.  ඔබට වැඩිම ඉල්ලුම ඇත්තේ මොනවට දැයි දැනගැනීම

04.  වැඩිම පාඩු සිදුවන්නේ මොනවාදැයි දැනගැනීම

05.  සොරකමක් සිදුවී ඇත්නම් වාහාම දැනගැනීම.

වැනි මුලික කාරනා පවතී මෙම විස්තර ගැන තොරතුරු වහාම ලබාගැනීම නිසා විශාල කාලයන් ඉතිරි කරවාගැනීම වගෙම ආර්ථික අතින් විශාල ධනයක් දියුණු කරගත හැක.

දැන් මෙවැනි ක්‍රමයක දුස්කරතා මොනවාදැයි බලමු.


01.  මෙවැනි පරිගණක මෘදුකාංගයක් ආයතනයක් මගින් කරවාගැනීමට උත්සාහ කලොත් අවම වසයෙන් ලක්ෂ 4 වත් වැය කිරීමට අද පවතින තත්වය මත සිදුවේ.

02.  මෙය ක්රියාකරවන්නට යම් පුහුණුවක් ලැබිය යුතු වේ.


අද වනවිට ශ්‍රී ලංකාවේ සුළු සහ මදයම පරිමාන  ආයතන මෙය නොකරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි අදාළ මිල ගෙවීමට නොහැකි වීමයි, මෙසේ ඉහල මිලක් පැවතීමට මුලිකම හේතුව නම් පරිගණක ක්‍රමලේක කරුවන්  (computer programmers ) ගේ අඩුවයි.

බොහෝ දෙනා විවිද වැඩසටහන් ඉගන ගත්තත් හරියට වැඩේ දන්න අය බොහෝවිට විදේශ ගතවීම නිසා විසාල රිත්තකයක් රට තුල පවතී.


දැන් අපි රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පිලියමක් ලෙස යෝජනා කරන්නේ ඉන්දියාවෙන් පරිගණක ශ්‍රමිකයන් ගෙන්වා මේ රිත්තකය පිරවීමයි.


මෙහදී සිදුවෙන්නේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ මෙ ක්ෂේස්ත්රයේ  සිටින ශ්‍රී ලන්කියයන්ගේ රැකියා නැතිවෙයි කියල ම කියන්න බැරි වුනත් බොහෝදෙනාට දැඩි තරගයකටත් අඩු වටුපකටත් වැඩකිරීමට සිදුවෙයි මිට අමතරව සිදුවිය හැකි දෙයක් තමයි නව රැකියා අවස්ථා විශාල කර්මාන්ත අංශයක් ඇතිවීම නිසා විවුර්ත වීමයි, නමුත් මෙහිදී ශ්‍රී ලාකියයන් තෙරුම් ගතයුතු යතාරථයක් තිබෙනවා එනම් ඉන්දියානුවන් වෙලදාමේදී ඉතා ආත්මාර්ථ කාමී ලෙස ක්‍රියා කිරීමයි මෙයට මම පුද්ගලික උදාහරණයක් දෙන්නම්.


මිට වසර 8ට පමණ පෙර මගේ ගනුදෙනු කරුවකු සිටියා ඇමරිකාවේ Massachusetts වල ඔහු වසර ගනානාවකට පෙර 1970 පමණ කාලයේදී පැරණි ක්‍රමයට නානකාමර සදහා උවමානා උපකරණ අලවි කිරීමයි සිදුකලේ මුලදී එංගලන්තයෙන් ආනයනය කරන ලද මේ භාණ්ඩ පසුව ඔහු ඇමරිකාවේ නිපදවීමට පටන් ගත්ත, තව දශක කීපයකින් තම ආයතනය දීයුණු කල ඔහු 1990 දශකයේ දී පමණ ඔහුගේ නිෂ්පාදන කර්මාන්තය නතර කිරීමට තීරණය ගෙන තිබුනේ ඇමරිකාවේ මිල වැඩි වීම නිසයි.


මීට ඔහු සොයාගත් ක්‍රමයන් නම් ඉන්දියාවට ගොස් නිෂ්පාදකයකු සොයා ගැනීමයි, ඔහුට දැන් අපුරු අඩුමිලට ඉතා හොද භාණ්ඩ ලබාගැනීමට හැකිඋනා, මෙසේ කාලයක් යනවිට ඔහු තම වෙබ් අඩවිය හොදා අලවි කල අතර 2007 දී මා ඔහු හදුනාගන්න විට මෙම අඩවිය තිබුනේ ඉතා දුරවල තත්වයකයි නමුත් ඔහු www.ebay.com මගින් සාර්ථකව වෙළදාම සිදුකරමින් පැවතුනා.


ඉදිරි වසර 3 කදී මාසයකට ඩොලර් 20000 ක අලවියක් සිදුකල හැකි අඩවියක් බවට පරිවර්තනය කිරීමට අපට හැකිඋන අතර ප්‍රශ්නය ඇතිවුනේ මේ කාලයේ දීයි, පෙර භාණ්ඩ නිෂ්පාදනය කල ඉන්දියානුවාට පුතෙක් සිටියා ඔහු සිදුකලේ තම පුත්‍රයා ඇමරිකාවට යවා අදාළ නිෂ්පාදනය තම පුත්‍රයා ලවා අලවී කිරීමයි, ඉතා අඩුමිලට තම ඉන්දීය පියාගෙන් ලැබුන භාණ්ඩ ඇමරිකාවේ www.ebay.com වල දමා  අලවි කිරීමේදී මගේ ගනුදෙනු කරුට සිදුවූ දෙය ඔබට හිතාගත හැකියි.

ඉහත පාඩම ශ්‍රී ලාංකිකයන් (රනිල් වික්‍රම සිංහයන් ) නොදන්නා බව නම් මට කිසිදු සැකයක් නෑ, ඉන්දියානුවන් කිසි ලෙසක ශ්‍රී ලාංකිකයන් ට රැකියා ලබා නොදෙන අතර ශ්‍රී ලංකාවේ ගොඩනැගී පවතින යටිතල පහසුකම් ඉතා  සුලු මුදලට ලබාගැනීම පමණක් කරනවා ඇත.

ඉන්දියානුවන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ සංස්කෘතිය දැනගැනීම අත්‍යවශය බව මතක තබාගත යුතුයි.

දැන් මම පෙන්වාදෙන්නම් තොරතුරු තක්ෂණය යොදා මේ ප්‍රශ්නයට විසදුම් ලබාදෙන ආකාරය.

දැන් රජය කල යුත්තේ තමා සතුව විශාල රැකියා ප්‍රමාණයක් ලබාදී ඇති උපාදිධාරීන් යෝදාගෙන පහත ක්‍රමයට මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමයි.


01.  රජය විසින් ආයතන දියුණු කිරීමට අවශ්‍ය කළමනාකරණය පිළිබද දක්ෂතා ඇති උපාදිදහරින් 100 තෝරාගෙන වෙනම ආයතනයක් පිහිට වීම, මෙහි මුලික කාර්ය විය යුත්තේ සුළු සහ මද්‍ය පරිමාන ආයතන සදහා පරිඝනක ක්‍රම හදුන්වාදීමයි. මෙහිදී කිසිවෙක් අලුතින් බදවා නොගත යුතු අතර සිටින අය පමණක් යෙදවිය යුතුයි.

02.  දැන් ඉතා සහන මිලට සුලුපරිමාන ආයතනයක හිමිකරුවෙක් පැමිණ තම ආයතනයට මෙවැනි ක්‍රමයක් උවමනා බව පැවසු විට අදාළ නිලදාරියා කලයුත්තේ උවමනාකරන සියලු තොරතුරු සටහන් කර ගැනීමයි දෙවනුව තම ආයතනය වෙත පැමිණෙන අදාළ නිලදාරියා ආයතනයේ සිටින පරිඝනක ක්‍රමලේකයේ (computer programmer) ට අදාළ තොරතුරු සැපයිය යුතුයි.

03.  ප්‍රශ්නය පැනනගින්නේ දැනුයි මොකද  computer programmer’s ලගේ අඩුවයි අපේ මුලික ප්‍රශ්නය යට හේතුව. දැන් මිට අපුරු විසදුමක් පවතී https://www.freelancer.com ඉතා අඩුමිලට අදාළ කාර්ය  කරව ගත හැකි ඉන්දියානුවෙක් සොයා ගත හැකියි. දැන් මේ විශේෂ හැකියාව ඇති පුද්ගලයන් මේ ආකාරයෙන් සොයාගැනීම මගින් අපුරුවට ඉන්දියානුවන් මෙහෙ ගෙන්වල වැඩ ගැනීම වෙනුවට අඩුව තියෙද්දී අත පුච්ච නොගෙන කිරීමයි කල යුත්තේ.


මා ඇසුවා සුජීව සෙනසිංහ මහතා කියනවා




            
මේහිදී ලිදේ ඉන්න ගෙම්බෝ මෙරටේ මෝඩ දෙසපලන්යයන් පමණයි IT අංශයේ මිනිසුන් මේ ගැන හොදින් දනී.


බැරිවෙලාවත් ඉන්දියාවේ IT මෑන්ස්ල මෙහෙ ආවොත් අපිට නැතිවෙන්නේ  IT විතරක් නෙමෙයි බොහෝ අංශ අපට නැතිවෙනවා මොකද, ලිදෙ ඉන්න ගෙම්බෝ වගේ සිටියට ලෝකයේ කෘෂිකර්ම යේ සිට සියලු නිෂ්පාදන අංශ IT සමග සම්බන්දයි.


      IT ගැන ඔපමණ කැක්කුමක් තියනවානම් රජය කල යුත්තේ PAYPAL වැනි පහසුකම් මගින් මුදල් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වලට පහසුකම් දීමයි

මේගැන පැරා ලිපියක් ලිව්වා.

http://www.w3lanka.com/2016/01/blog-post_19.html   


දැන් මම කෙටියෙන් කියන්නම් ඇයි PAYPAL මෙච්චර වැදගත් කියල, කාරනා කීපයක් නිසා මෙය වැදගත් වෙනවා

01.  PAYPAL මගින් ගෙවන්නාට ආරක්ෂාව ලබාදෙනවා (ඔහුගේ ණය පත් අංකය විදේශිකයකු අතට යාමේ අවදානම නැතිවීම, වන්චාවකදී PAYPAL වලට පමිනිලිකර අදාළ මුදල ලබාගැනීමට හැකි වීම )

02.  ඇමරිකානු වැසියකුට ශ්‍රී ලංකාවට මුදල් එවීමට සිදුවූ විට TT ක්‍රමයට එවනවානම් ඉතා විශාල මුදලක් සහ කාලයක් වැයවීම, ඩොලර් 100 වැනි සුළු මුදලක් වැයවන ගනුදෙනු කිරීමට පවතින ක්‍රමවලට විශාල වියදමක් යාම, paypal මගින් යන්නේ ඉතා අඩු මිලකුත් අඩු කාලයකුයි.

03.  රජය විසින් තම බැංකු විද්‍යුත් වාණිජ පහසුකිරීමට (Payment Gateway) පහසුකම් ඇතිකිරීම දැනට වසරකට සම්පත් බැංකුව රුපියල් 60000 වැනි මුදලක් අයකරන නිසා මෙය ප්‍රායෝගික නොවන තත්වයට පත්ව ඇත. (Payment Gateway මගින් සිදුකරන්නේ විදෙශිකය්යකුට තම ණයපත් මගින් අන්තර්ජාලය මගින් මුදල් ගෙවීමට පහසුකම් සලසා ඇති පරිගනකයකුයි )

04.   රජය මුලික වී Payment Gateway ක්‍රමයක් ඇතිකිරීම මගින් දකුණු ආසියාවටම මෙම පහසුකම ලබා දිය හැකිනම් ලැබෙන ආදායම මැනිය හැක්කේ ඩොලර් බිලියන වලින්.

මෙවැනි දේ සිදු නොකර දැන් කරන්නේ නිකන් ඇස් බැන්දුමක් පමණයි. 
                           

5 comments:

  1. උඹලගේ මේ හුඹස් බියට අද ජනාධිපති තුමා හොඳ පිළිතුරක් දුන්නා... නිව්ස් බලපන්...

    ReplyDelete
    Replies
    1. මාත,
      මගේ ඉතාම සරල ප්‍රශ්නයයි මේ, එක තමයි PAYPAL මගින් වාණිජ බැංකුවට මුදල් යැවීම ට පහසුකම ලබාදෙන්න බැරි ආණ්ඩුව කොහොමද ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්වල දියුණු කරන්නේ ?
      අනෙක් අතට මාත ඩිජිටල් (Digital) කියන වචනයේ තේරුම නොදන්නා මිනිහෙක් අමතිකමක් ලබාදෙන මෙරජය කොහොමද ඉන්දියාවේ ක්‍රියාකාරිත්වය ගැන දැනගන්නේ, යකෝ මේ යක්කුන්ට ඩිජිටල් කියන එකේ තේරුම දන්නෑ නමුත් ඉතාම දියුණු විද්‍යුත් වාණිජ ගැන කතාකරනවා.
      මම මේ අංශයේ වසර 16 ක අද්දැකීම් තියන නිසයි කියන්නේ, සිදුවෙමින් යන දෙය ගැන හොදට දන්නවා, ශ්‍රී ලංකාවේ ADSL තක්ෂණය නොමැති අවදියක සිට leased line මගින් ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවේ පරිගණක යොදා විද්‍යුත් වානිජ් අංශයේ බොහෝ තොරතුරු හදාරලා වගේම ඉතාම සාර්ථක විද්‍යුත් වානිජයට අදාලව ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සමග කටයුතු කරපු කෙනෙක් විදියට මට කියන්න පුළුවන්
      PAYPAL පහසුකම සහ online tracking පහසුකම ඇති තැපැල් සේවයක් ඇතිකරන්න, උබ පුදුම වෙයි අවුරුද්දු 2කින් ශ්‍රී ලංකාව ලබන දිවුනුව.
      මෙහෙ ඉන්දියානුවන්ව දාගෙන ගූ ගාගන්න ඉස්සර වෙලා ඔය සරල කාරනා දෙක සිරිසේන ගොයියට කියල කරවපන්.
      මේ පහසුකම් 2 පමණක් ඇතිකිරීමෙන් ඩොලර් බිලියන 4 වාර්ෂික ආදායමක් මුල් වසරේ ලබාගන්න බැරි උනොත් ඉන්දියානු වෙක් නෙමෙයි ඕන කාල කන්නියෙක් ගෙනල්ල ඕන රෙද්දක් කරගත්තාවේ.
      දැනට ඔය 2 විතරක් හොදටම ඇති.

      Delete
    2. //උඹලගේ මේ හුඹස් බියට අද ජනාධිපති තුමා හොඳ පිළිතුරක් දුන්නා //
      මාත මචෝ, මතකද උබ මෙතුමගේ කොදු ඇට පෙළ ගැන මිට ටිකකලකට ඉස්සර විශ්ලේෂණයක් කොලා.

      Delete
  2. ඉන්දියන් කාරයෝ අවොත් පළවෙනි අභාගේ බ්ලොග් වලටයි / සෝෂල් මීඩියා වලටයි තමා, එතකොට අපට වැඩ කරන්නත් වෙයිනේ. ඒවා ඔක්කොම සිංහල ඩයස්පෝරා කාරයින්නේ බුත්තියටම යයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,

      හෙහ් හේ, එකනම් ඇත්ත, මේකේ මට පෙනෙන එකම හොදේ තමයි මහන්සිවී වැඩකිරීම!
      ලංකාවේ මේ අංශයේ සිටින ඉහලම මොළ විදේශ ගතවෙයි, සාමාන්‍ය ය ලැබෙන තරගය නිසා මහන්සිවී වැඩකරයි
      දුර්වල අය තමිල්නාඩුවේ වඩේ බදින්න යයි (උන් ආවහම සමහර විට මෙහේ ඉදලම වැඩේ බදින්න පුළුවන් ) හැබැයි පුතේ
      ඉන්දියන් කාරයකුගෙන් මුදල් ගැනීම ඉතා අපහසු බව මට කිව්වේ ඇමරිකාවේ පදිංචි මාමා කෙනෙක්.

      https://www.youtube.com/watch?v=ZtbyVFLl_7U
      "Indian's cannot live without a bargain Chinese people cannot give you a bargain"

      Delete