Saturday, January 9, 2016

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ජාතියේ දියුණුව සදහා




//
දිවයින අනුග්‍රහයෙන් http://www.divaina.com/2016/01/10/nimna07.html

මෙසේ නෞකාවල ඉන්ධන තබා ගැනීම වෙනුවට ඒවා ගොඩබිම ටැංකිවල තැන්පත් කොට සුරක්‍ෂිත කිරීමටත්, පසුව ක්‍රමානුකූලව බෙදා හැරීමටත් සුදුසු යෑයි සිතූ ඉංග්‍රීසිහු 1930 දී පමණ ත්‍රිමලේ වරාය අසළම චීන වරාය (CHෂභA ඊAශ) ගොඩබිම කැලය අක්‌කර අටසිය පලහ (850) පමණ පෙදෙසක ඉන්ධන තෙල් ටැංකි එකසිය එකක්‌ (101) ඉදි කළහ.

ටැංකි ගණන එකසිය එකකි. (101) සිලින්ඩරාකාර ටැංකියක ධාරිතාව මෙට්‌රික්‌ ටොන් 12500 කි. ටැංකි පද්ධතිය තුළ ඉන්ධන ලීටර් එක්‌ කෝටිය ඉක්‌මවා ගබඩා කළ හැක. ටැංකියේ උස මීටර 14.5 කි. (දාහතර හමාරකි) ටැංකියේ විෂ්කම්භය මීටර් 35 (තිස්‌ පහක්‌) වන අතර පරිධිය මීටර් 110 (එකසිය දහය) කි. පොම්ප පද්ධතියේ දිග කිලෝමීටර් දෙකකි. භූ ගර්භය තුළ නල එළා තිබේ. එකල මෙම ටැංකි ආරක්‍ෂාව සඳහා කඳු මුදුන්වල කාලතුවක්‌කුද? මහ මුහුදේ පෙර මග නැව්බල ඇණිද ගැඹුරු මුහුදේ සබ්මැරීනද, ටැංකි භූමි භාගය තුළ සෙබළුන් සහිත දැඩි ආරක්‍ෂාවද පවත්වා ගෙනගොස්‌ ඇත.

//

ඉහත උපුටාගැනීම කලේ අද දිවයින පුවත්පතෙනුයි, මෙහි සදහන් නොවූ කරුණක් පවතී එනම් මෙම තෙල් ටැංකි නිමාව ඇත්තේ සුදු යකඩින් වීමයි, එනම් අදත් ඉතා අඩුමිලක් යොදවා ප්‍රතිසංස්කරණය කල හැකි වීමයි.

හම්බන්තොට වරායේ තිබුන මුලික ප්‍රශ්නය තමයි මෙවැනි ගබඩා සංකීර්ණයක් නොමැතිවීම, ඇත්තටම ශ්‍රී ලංකා රජය මෙය ප්‍රති සංස්කරණය කර පාවිච්චියට ගන්නවානම් දැනට ඉතිරිව ඇති 97 ඇත්තටම 99 පාවිච්චි කල හැකි මට්ටමේ පැවතුනත් 2 ඉන්දියාවට බදු දී ඇත.

තිරිකුනාමල වරායේ බොරතෙල් පිරිපහදු කිරීම පටන් ගත්තොත් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උප්පාදනය කළහැකි වනු ඇත. මෙයින් ලැබෙන මුදලින්
හම්බන්තොට වරායේ ඉතිරි වැඩ කටයුතු නිමවීමට හැකිවනු ඇති.     

4 comments:

  1. ලාංකික.............

    ලංකාව කියන්නේ පෙරදිගට ඒන මුහුදු මාර්ගයේ තියෙන ඉතාම වැදගත් පිහිටීමක්..... අපි මොනවා කතා කරත්, මහා සැලසුම් ගැන කිව්වත් අපි රටක් විදිහට තාම දේශපාලනිකව බෙදිලා ගහබැණ ගන්නවා විතරයි.... අපිව පහුකරගෙන යන නැව් වලින් හම්බකරගන්න අපිට තාම බැහැ.... කොළඹ, හම්බන්තොට, ත්‍රී මලේ කියන තැන් තුන අැති රටට හොද අාදායමක් ගේන්න....

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,

      //මහා සැලසුම් ගැන කිව්වත් අපි රටක් විදිහට තාම දේශපාලනිකව බෙදිලා ගහබැණ ගන්නවා විතරයි//

      එක තමයි කියන්නේ. මට පුදුම දෙසපලකයෝ කරන රැවටීම ගැන නෙමෙයි, මෙරටේ මහජනතාව කියන එවුන් දක්වන නොදැනුවත්කම ගැනයි, බලන්න අද මෙවැනි දෙයක් ගැන අඩුගානේ පුවත්පතක ලිපියක් පලවන්නේ අවුරුදු ගණනකට එකක් නැත්නම් දෙකක්.

      මටනම් පෙන්නේ මෙරටේ උගතුන්ට රට දියුණු කිරීමට උවමනා බුද්ධිය ලැබෙන්නේ නෑ සමහර විට මෙය නිදහස් අධ්‍යපනයේ ප්‍රශ්නයක්ද ? කියන්න මමනම් දන්නේ නෑ

      Delete
  2. සුද්දා තෙල් ටැංකි හැදුවේ ලෝක 2 යුද්දේ දී එයාලගේ සුවිශාල නාවික හමුදාවේ භාවිතයට, ජපනාට ඉංදියන් සාගරයේ ආධිපත්‍ය ගියා නම් සුද්දාගේ තෙල් සැපයුම අඩාල වෙනවා, ඒ නිසා වසර කීපයකට අවශ්‍ය ඉන්ධන ගබඩා කරගන්න ඇති.
    ඇමරිකාවේ වගේ විශාල තෙල් සංචිත තියාගන්න නම් ඔය ටැංකි සුදුසුවෙයි,ටැංති ගලවගෙන ගිහින් හම්බන්තොට හයි කරන එක ලංකාවට වඩා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,

      ඇත්තටම කිව්වත් වගේ මේවා කීපයක් ගලවගන ගිහිල්ල හම්බන්තොටට උවමනා තෙල් ටැංකි හැදුවනම් වටිනවා.
      හම්බන්තොට වරායට ඇති ලොකුම ප්‍රශ්නය මේ තෙල් ටැංකි සහ බොරතෙල් පිරිපහදුවට යන වියදමයි.

      මේ ටැංකි අදත් බාවිතා කිරීමට සුදුසු තත්වයේ තිබෙන්නේ මේවා සුදු යකඩින් අබ්යන්තරය නිමවා තිබීම නිසයි.
      ඇත්තටම දැනටත් මෙයින් 2ක් ඉන්දියාව බද්දට අරගනයි තියෙන්නේ.

      Delete