Saturday, January 16, 2016

මහින්ද රාජපක්ෂ යුගය සහ රනිල් මයිත්‍රී යුගයේ හොද, නරක සහ ඉදිරිය.



ශ්‍රී ලංකාව වසර 30 ක යුද්ධය නිසා ආසියාවේ ආර්ථික ලෙස දියුනු වියහැකි හොදම තැන සිටි අපට අද සිදුවී ඇත්තේ ආර්ථික ලෙස ඉතා අසරණ මට්ටමකට පත්ව සිටීමටයි.

නමුත් මේ පැමිණි ගමනේ අපි ලබපු ජයග්ග්‍රහණ පිළිබද පසුවිපරමක් කලයුත්තේ ඉදිරියට යාමට උවමනා මාර්ගය පිලියල කරගැනීමටයි.

මගේ වයස 7 පමණ කාලයේ සිට පටන්ගත් මෙම කාලකන්නි යුද්ධය නිසා රටේ පැවතුනේ ඉතා අහිතකර වාතාවරණයක්, මිනිසකුට වෙළදාමක් කර දියුණු වීමට උත්සාහ කලත් රටතුල ඇතිවුන වියවුල් පරිසරය නිසා කලකදී අමාරුවෙන් දියුණු කල වියාපාරය අන්තයටම විනාශවී යාම සිදුවුණා.
මේ වටාපිටාව පමණක් නෙමෙයි අප රටට නවීන තක්ෂණය සහ එම තක්ෂණය සදහා උවමනා දැනුම ලැබුනේ ඉතා සෙමිනුයි, මිට හේතුව සියලුම දැනුම පැවතියේ ඉංග්‍රීසි මාධය තුල වීම නිසා, අදාළ සිංහල පරිවර්තන ලැබීමට දශක ගණනක් ගතවුනා ඒ වෙනවිට අධාල දැනුම ලෝකයෙන් ප්‍රතික්ෂේප වී අවසන්,
මෙහිදී අපි ඉතා ඉහලින් කියන දෙයක් තමයි සාක්ෂරතාවය අපේ  98.1% පමණ ඇති බව මෙය ඇත්තටම මිට වඩා ගැබුරින් බැලිය යුතු වෙනවා, මොකද්ද මේකේ තේරුම ? මෙයින් අදහස් වන්නේ ලියන්න සහ  කියවන්න ඇති හැකියාවයි.

නමුත් මොනවද ලියන්න සහ කියවන්න පුළුවන් හෝ මොනවද ලියන්නේ සහ අපි කියවන්නේ ?
මෙයට උත්තරය නම්  මේ පිරිසෙන් 70% පමණ මේ හැකියාව ඇත්තේ සිංහල භාෂාවෙන් ලියවූ දේවල් කියවිමටයි, මෙහි ප්‍රශ්නය මේ තත්වය ප්‍රංශයේ සහ රුසියාවේ ත්  තිබුනත් අපරට ඔවුන් සමග සංසන්දනය කල නොහැක්කේ, ඉංග්‍රීසියෙන් පලවන සියල්ලම ඉතා කෙටිකලකදී තම මවු භාෂාවට පරිවර්තනය වන නිසා, නමුත් ශ්‍රී ලංකාවේ මෙය සිදුවීමට වසර 10ට වඩා සමහර දේවල් වසර 20ක්  තව සමහර විෂයන් කිසිවිටක සිංහලයට පරිවර්තනය වී නෑ

මෙවැනි තත්වයක් තුල මෙරටට සැලකිය යුතු විදේශ ආයෝජනා නොපැමිණීම නිසා ආර්ථිකයට ලැබිය යුතු දායකත්වය නොලැබී ගියා.

දැන් නැවත 2001 යුගයට ගිය විට රනිල් වික්‍රමසිංහ අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ කොටි සංවිදානය සමග කෙසේ හෝ එකගතාවකට  පැමිණ රටේ ආර්ථිකය නංවා ගැනීමයි, ඔහු විශාල මිලක් ගෙවා තේරුම් ගත් පාඩම තමයි රට තුල නිත්‍ය සාමයක් නොමැතිව අපට ඉදිරියට යානොහැකි බව.
ඉන්පසුව 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙනවා.

ඔහුත් උත්සාහ කරන්නේ මේ මිනීමරු සංවිදානය සමග ඩීල් එකක් දාගනිමයි, ඇත්තටම ඔහු දිගටම මේ වැඩේ කරනවා මිට හෙතුව කොටි සංවිදානය හමුදාමය ලෙස විනාශ කල නොහැකි බවට මුල් බැස ගෙන තිබු මතයයි. මෙම කාලය තුලදී කොටි සංවිදානය කොයි මොහොතක හෝ පහර දෙන බව දැනගත් පුද්ගලයා ඝෝටභය රාජපක්ෂ මහතායි, මෙනිසා ඔහු උවමනා අවිආයුධ සදහා උවමනා ධනය කෙසේ හෝ තම සහෝදරයට බලපෑම් කර ලබාගන්නවා.

කාලයක් මෙසේ පවතින විට ඩීල් එක වරදින්නේ ටිරාන් අලස් විසින් කොටින්ට ගෙවියයුතු කප්පම් නොවීම නිසයි, ඇත්තටම පිත්තල හන්දියේදී කරපු පහරදීම නොවන්නට ප්‍රබාකරන් අදත් ජීවත්වීමට ඉඩ තිබුන, මේ සිද්ධියෙන් රාජපක්ක්ෂ වරු තීරණය ගන්නවා කොටි ඉවර කිරීමට, ඇත්තටම එපමණක් නෙමෙයි ඔවුන් දැනගන්නවා ටිරාන් අලස් කොටින්ට ගෙවන කප්පම නොගෙවා යටිමඩි ගසා ඇතිබව. මෙනිසා ඔහුව පසුව අත්අඩංගුවට ගන්නවා.

මෙහෙම තමයි නිර්භීත මහරජාණන් බිහිවන්නේ.

නමුත් මෙහිදී ඝෝටභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ හැකියාව ගැන යමක් නොකිව්වොත් කුහක කමක් වෙනවා, අද රට ඉතා අකාර්යක්ෂම බව බොහෝ දෙනාට දැකිය හැකියි, මේ තත්වය තුල  යුද්ධයක් ජයගැනීමට නොහැකි බව තේරුම්ගත් ඝෝටභය රාජපක්ෂ මහතා අපුරු දෙයක් කරනවා එනම් ඔහු ත්‍රිවිද හමුධාවත් පොලිසියත් මනාව සම්බන්ධීකරණය කරනවා මිට උවමනා තැනදී අධි තක්ෂණය යෙදීමට ඔහු පසුබට වෙන්නේ නෑ.

කොළඹ සිට ඈත වන්නියේ සිදුවන සිදුවීම් සජීවීව නැරබිය හැකි ක්‍රමවේද වගේම ලෝකයේ විවිධ රජයන් සමග කොටි සන්විදානයේ  තොරතුරු ලබාගනිමට උවමනා සියලු ක්‍රමවේද ඔහු සලසා ගන්නවා.

මෙහිදී තව වැදගත් දෙයක් තමයි යුධ හමුදාවට උවමනා බලවත්ම පුද්ගලයා වන සරත් ෆොන්සේකා (මොහු පිළිබද හිටපු සෙන්පති ජානක පෙරේරා පවසා තිබුනේ, "මා නම් සරත් ෆොන්සේකා පුද්ගලයකු ලෙස අකමැතියි නමුත් මේ යුද්දය දිනීමට නම් ඔහු හමුදාපති වීම අනිවර්ය" බවයි ) සහ නාවික හමුදාවට උවමනා වසන්ත කරන්නාගොඩ පිලිබදව ඇති අර්බුදය කළමනාකරණය කලේ  ඝෝටභය රාජපක්ෂ මහතා  වීමයි.

මෙහිදී ඝෝටභය රාජපක්ෂ මහතාගෙන් ඉගනගත යුතු පාඩම නම් සියලු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම ට ඔහු යොදාගත් ක්‍රමවේදයයි.
මෙම ක්‍රියාවලිය නිසා වසර 30ක යුද්ධය වසර 3 කින් ඉවර කිරීමට හැකි උනා.

දැන් බලමු යහපාලන රජය දෙස, මුලින්ම කිවයුත්තේ මයිත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ දේසපාලන ප්‍රාග්ධනය අතින් ඉතා දිලිදු පුද්ගලයෙක් ඔහුට මෙම තනතුර ලැබුනේ රනිල් ගේ (ටොයියන් ) චන්ද සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (බයියන්ගේ ) චන්ද වලින් සහ තරුණ පරපුරේ වෙනසක් උවමනා චන්ද වලින්, මෙනිසා මයිත්‍රීපාල සිරිසේන මහතා ට චන්දය දුන් අය ලේසියෙන් ඇන්දවියහැකි පුද්ගලයන් නෙමෙයි, ඔහු ලගදි රජ පාර්ට් එකට සින්දුව දැම්ම වගේ මුට්ටිය දමා බැලුවේ ඔහුටත් මහින්ද කරපු සෙල්ලම කළහැකිද බලන්න, සිදුවුනේ මුට්ටිය කුඩු වීමට පහර වැදීමයි. මෙනිසා ඔහුට මහින්ද දාපු ගොන්පාර්ට් දැමිය නොහැකියි.

දැන් බලමු අපේ රාජ්‍ය සේවය සම්බන්ධීකරණය කරන්නේ කෙසේද කියලා

අපි රජයේ ආයතනයකට වැඩක් කරගැනීමට හිතන්න ඔබට උවමනායි ගෙයක් සදා ගැනීමට සැලැස්මක් අනුමත කරගන්න, මෙහිදී ඔබ උවමනා මුදල ගෙවූ පසු ඉඩම පරික්ෂා කිරීමට පැමිණෙන නිලදාරියාට පුළුවන් වීඩියෝ කැමරාවක් මහින් උවමනා චයාරුප සහ වීඩියෝ දර්ශන ලබාගන්න ඉන්පසු ඔහු අදාළ ගනුදෙනු කරුගේ නමින් ඇති ගොනුවේ එම තොරතුරු තැම්පත් කරගෙන තම ආයතනයට ගොස් Database  (දත්ත ගබඩාව ) තුල තැම්පත් කරනවා ඉන්පසු සිදුවන්නේ අදාළ ඉහල නිලදාරීන් එකින් එක මෙවැනි සැලසුම් අනුමත කිරීමයි,

දැන් වරදවා සිතන්න එපා මේසදහා විශාල පරිගණක දැනුමක් උවමනයි කියල, මේ බ්ලොග් ලියන අය  දන්නවා comment moderate කරනවානම් කිසිවෙක් දැමු කොමෙන්ට්, එකින් එකින් එක අනුමත කරන්න යන්නේ අදාල කොමෙන්ටුව කියවීමට යන කාලය පමණයි.

මෙවැනි මෘදුකාංග සැකසීම මොරටුව සරසවියට ලබාදුන්නානම් ඔවුන් අපුරුවට කරයි. ලෝකයේ අතිවිශාල සමාගම් සදහා මොරටුව සරසවියේ උපාධිදාරීන් සෑම වසරකම ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමක් බව දන්නේ අතලොස්සක් පමණයි.

මෙවැනි ක්‍රමයක් මගින් රටේ මාස ගණන් කල්යන ලිපිගොනු අස්ථාන ගතවන සහ කඩදාසි සදහා ඉහල මිලක් සහ ගබඩා කිරීමට විශාල පිරිවැයක් අවම කල හැකියි.

මෙය මුලිකවම සිදුවිය යුතුයි,

දෙවනුව සිදුවිය යුත්තේ ඉතා ඉහල ඉගැනුමක් ඇති රට ගැන හැගීමක් ඇති මිනිසුන් තානාපති සේවයට පත්කිරීමයි, මිට අමතරව විදේශ සේවය සදහාත් ඉතා ඉහල ඉගැනුමක් ඇති මිනිසුන් පත්කළ යුතු වෙනවා, මිට අමතරව මේ සියලු දෙනාගේ වැඩ පිලිබද evaluation සිදුකල යුතු වෙනවා.

    
    Evaluation (එක් එක් පුද්ගලයා දක්වන දායකත්වය ) ගැන කතාකිරීමේදී Google සමාගමේ වැඩපිළිවල අපුරුයි, මිට වසර කීපයකට කලින් මට Lionbridge ආයතනය මගින් Google ආයතනයේ ශ්‍රී ලංකාව තුල ඇති වෙබ් අඩවි Google වල index වීමේදී නිසි අඩවියට සුදුසු තැන ලැබී තිබෙ දැයි බැලීමට ආරම්භ කල වැඩසටහනේ  සාමාජිකයකු වීමට හැකි උනා , ශ්‍රීලංකාව තුල වසර 5 සිටි පුරවැසිබාවය ඇති පුද්ගලයන්ට Online exam  මගින් තෝරාගැනීමක් කළා , මෙම වැඩසටහනට මාව තොර ගත් අතර ඔවුනේ ගේ ශ්‍රී ලංකික වැඩපිළිවල සිත්ගන්නා සුළුයි.

මෙය සිදුවන්නේ ඔබට වෙබ් අඩවි ලැයිස්තුවක් ලැබෙන අතර ඔබ විසින් අදාළ අඩවිය පරික්ශා කර, " ටික්" එකක් මහින් අදාළ වෙබ් අඩවිය ගැන තොරතුරු ලබාදිය යුතු වෙනවා මෙහිදී ඔබට අමතරව තව ශ්‍රී ලාංකිකයන් 9කු මෙයට සහබගිවනවා, ඔබට අනෙක් අය සමග පුද්ගලික තොරතුරු හුවමාරු කල නොහැකි අතර අදාල අඩවිය පිළිබද තමතමන් ගේ අදහස්   ප්‍රකාශ කල යුතු වෙනවා.

මෙහිදී ඔබ වැඩකරන පැය ගණන ඔබ වාර්තා තැබිය යුතු අතර පැයකදී පරික්ෂා කල අඩවි  ප්‍රමානය මත සහ ඔබ කොතරම් දුරට නිවැරදිව අදහස් දක්වනවාද යන්න අනෙක් 9 ගෙ අදහස් සමග සංසන්දනය කරනවා. මෙය මගින්    google අඩවිය බලා පොරොත්තු වන්නේ ඉතාම නිවැරදි වගේම සොයන්නාට වැදගත් තොරතුරු ලබාදීමයි.

මෙහිදී අතිවිශාල පිරිසක් වැඩකලත් හැම දෙනාම උත්සාහ කරන්නේ තමාට හැකි උපරීම වේගයෙන් වඩා නිවැරදිව කරන වැඩේ කිරීමයි.

ඇත්තටම මෙවැනි වැඩ පිලිවලවල් නිසා විශාල ආයතනවල අකාර්යක්ෂම තාවයන් දුරු කල හැකියි.

නැවත ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට යොමුවීමේදී ලෝකය ගැන යාවත්කාලින දැනුම ඇති පුද්ගලයන්ට කල හැකි කාර්ය විශාලයි.

 පුවතක් දැක්ක රජය සිංහල දෙමල සන ඉංග්‍රීසි ප්‍රවර්දනය කරන බව,  මා දකින්නේ මේ ක්‍රියාව මෝඩ ක්‍රියාවක් බවයි මොකද මේ සම්පත් සියල්ලම ඉංග්‍රීසි ප්‍රවර්ධනයට යෙදුවනම් වැදගත් වෙනවා, නිකන් බොරුවට සිංහල මිනිසුන් දෙමල ඉගනගැනීම ට යනවට වඩා දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගන ගත්විට අදහස් හුවමරුකිරීමට පහසු වීමට අමතරව ලෝක දැනුම ලබාගත හැකි වෙනවා.

මිට අමතරව අපුරු දේවල් තාක්ෂණික ලෝකයේ සිදුවෙනවා.
මගේ මිත්‍රයෙක් පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවරයි ඔහු මේදිනවල නිවසේ ඉදිකිරිම වල යෙදී සිටිනවා, ඔහුගේ වැඩවල යෙදෙන කම්කරුවන් පෝලන්ත ජාතිකයන් ඔවුනට ඉංග්‍රීසි බෑ, අගේ මිත්‍රය අදහස් හුවමාරු කල විදිය මට පැහැදිලි කළා.

එනම් https://translate.google.com/?hl=en&tab=wT#auto/eo/hello
ගොස් voice detection යොදා ඔබ ඉංග්‍රීසියෙන් කියන දෙය පෝලන්ත භාෂාවට පරිවර්තනය වෙනවා, මෙහිදී ඔහු සිදුකලේ "speaker phone" දමා
අදාළ  පුද්ගලයාට ඇසෙන්න සැලසීමයි, නැවත පෝලන්ත භාෂාව දමා ඉංග්‍රීසියට පරිවර්තනය කලවිට අදහස් හුවමාරු කල හැකියි.
මෙය ඕනෑම android phone එකක් මහින් කළහැකි වීම විශේෂයි.

මෙවැනි තක්ෂණය පවතින විට අපි එයින් ප්‍රයෝජන ගැනීම සිදුකල යුතු වෙනවා.

අවසාන ලෙස කිව යුත්තේ මෙම ප්‍රශ්න නිරාකරණය කිරීමට තාක්ෂනික සහ ප්‍රායෝගික යෝජනා අපිට හැකි ලෙස ඉදිරිපත් කිරීම මගින් කළහැකි සුළු හෝ බලපෑම අප රට වෙනුවෙන් කලයුතු බවයි.                  

                                       

11 comments:

  1. මහින්ද කොටි එක්ක ඩීල් දැම්මා නන් කොටි චන්ද වර්ජනය කරන්නෙ නෑ. මහින්දට චන්දය දම්මනවා.

    ReplyDelete
    Replies
    1. Shenal Mendis,

      ඇත්තටම පිරිපාහරන් ට බෑ සිංහල දෙසපලන්යයකුට ප්‍රසිද්ධයේ සහයෝගය දක්වන්න, 1994 දී ඔහු චන්ද්‍රිකාටවත් එසේ සහයෝගය දැක්වුයේ නෑ, එසේ සහයෝගය දැක්වීම ඔහුගේ මිනීමරු වියාපරයට ඉතා හනිදායකයි.

      මිට අමතරව ටිරාන් අලස් https://www.youtube.com/watch?v=2DQ64bDD3Yk ප්‍රසිද්ධියේ කිව්වේ මෙයයි
      මහින්ද සමග එසේ විරුද්ද වූ ඔහු පසුව 2015 ජනවාරි 8 පැවති මැතිවරණය සදහා සහයෝගය දැක්වුයේ මහින්දටයි, ඔහුට මෙපමණ චෝදනාකර නැවත මහින්ද ට සහයෝගය දැක්වීමට ලැජ්ජාවක් වත් මහින්දට ඔහු මෙලෙස දැඩි අපහස යක් සහ චෝදනාවක් කල පසු නැවත ඔහුගේ සහයෝගය ලබාගැනීමට ලැජ්ජාවක් වත් තිබුනේ නෑ.

      මේක තමයි දෙසපාලනයේ නියම සොබාවය

      Delete
    2. දෙමළ මිනිස්සු මහින්දට චන්දෙ දැම්මා කියල ප්රභාකරන් ප්රසිද්දි‍යේ මහින්දට සහයෝගය දැක්වුවා වෙනවද? ප්රභාකරන් ඩීල් එකක් දාන් හිටියනන් මහින්දට චන්දෙ දම්මන එකනේ අඩුම රිස්ක් එක තියෙන වැඩේ චන්දෙ වර්ජනය කරනවට වඩා? ප්රභාකරන් එච්චර ‍මෝඩද? අනික ඩීල් එකෙන් වැඩේ කරන් යන්න පුලුවන් නන් ප්රභාකරන් යුද්ධ කරනවාද?

      සල්ලි දෙන්න පරක්කු උනා කියල බෝම්බකාරයෙක් එව්වා කියල ඇහුවමයි මචන්.

      Delete
    3. Shenal,

      //දෙමළ මිනිස්සු මහින්දට චන්දෙ දැම්මා කියල ප්රභාකරන් ප්රසිද්දි‍යේ මහින්දට සහයෝගය දැක්වුවා වෙනවද? ප්රභාකරන් ඩීල් එකක් දාන් හිටියනන් මහින්දට චන්දෙ දම්මන එකනේ අඩුම රිස්ක් එක තියෙන වැඩේ චන්දෙ වර්ජනය කරනවට වඩා? ප්රභාකරන් එච්චර ‍මෝඩද?//

      කොටිසන්විදානය කියන්නේ මිනීමරු සන්විදානයක් මේ සංවිදානය නඩත්තු වන්නේ එහි සාමාජිකයන්ගේ මොළ සේදීම මගිනුයි, සාම සාකච්චා නිසා කොටි සංවිදානයට සැලකියයුතු පාඩුත් සිදුවුනා (මේ යුගයේ ඔවුන් අවිආයුද හා අනෙකුත් උපකරණ ලබාගැනීම ඔවුන්ට වාසිටට සිටිය ) පාඩුව තමයි ඉහල කොටි නායකයන් සහ සමහර සාමාජිකයන් ට දකින්න ලැබුන ලෝකය කියන්නේ මොකද්ද කියල මෙනිසා පිරිපාහරන් භය වුනේ යුද්දයට වඩා සාමයටයි, ඔබට මේ කාලය ගැන මතක් කලයුතුයි එනම් කරුණා වෙන් වූ යුගයයි, මේ කාලයේ බැසිල් රාජපක්ෂ ටිරාන් අලස් මාර්ගයෙන් දමපු ඩිල් එක තමයි දෙමල චන්ද වර්ජනය කිරීම, මතක තියාගන්න ටිරාන් අලස් මෙසේ චෝදනා කලවිට එය අසත්‍ය බව කියන්න මහින්ද ඉදිරිපත් වුනේ නෑ විතරක් නෙමෙයි පසුකාලයේ තමාගේ රජයට සම්බන්දකර ගන්නවා.

      // සල්ලි දෙන්න පරක්කු උනා කියල බෝම්බකාරයෙක් එව්වා කියල ඇහුවමයි මචන්. //

      මෙතන කිසිම පරක්කුවක් උනේ නෑ සිදුවුනේ මහින්ද ටිරාන් ට ලබාදුන් මුදල් ටිරාන් කොටින්ට ලබා නොදීමයි. මෙහිදී මහින්ද හිතුව ඔහු කප්පම් ගෙවූ බව, කොටි හිතුව ඔවුන්ව රැවටු බව (මතක තියාගන්න කොටි මහින්ද සමග අදහස් හුවමාරු කලේ ටිරාන් මගින් බව ) නමුත් පිත්තල හන්දියේ බෝම්බයෙන් පසු මහින්ද තේරුම් ගන්නවා කොටින්ට කප්පම් මුදල් ටිරාන් නොගෙවා ඇති බව, මේ නිසයි ඔහුව අත්අඩංගුවට ගන්නේ.

      අනෙක් අතට කොටි අල්ලපු රටේ අගමැති මරපු එකේ මේක මොන කජ්ජක්ද ?

      ඇන්ටන් බාලසිංහම් සදහන් කරනවා රනිල් කපටි නරියෙක් බවත් මහින්ද ප්‍රශ්නයක් නැති බවත් "Speaking at a London ceremony, Mr. Balasingham while saying that President Mahinda Rajapakse was “alright” described UNP leader Ranil Wickremesinghe as a dangerous fox. http://www.sundaytimes.lk/051204/news/2.html "

      Delete
    4. පිරපාහරන් ට බෑ කියන්න මහින්දට චන්දය දෙන්න කියල කියන්න මොකද ඔහුට නොහැකියි සිංහල නායකයකුට සහයෝගය දක්වන්න, (1994 මැතිවරණයේ කොටිසමග සාකච්චා කරන බව කියපූ චන්ද්‍රිකාට සහයෝගය දක්වන්න කියල පිරපාහරන් නොකියපු බව මතක තබාගන්න), නමුත් ඔහුට පුළුවන් කිසිවෙකුට චන්දය පාවිච්චි නොකරන්න කියල කියන්න. එතකොට ඔහුට මහින්දව බලයට ගැනීමට හැකිවන අතර සිංහල නායකයකයකුට සහයෝගය දැක්වුවා කියන චෝදනාව ඔහුට තම සන්විදානයෙන් එල්ල වීමට ඇති අවදානම නැති වෙනවා. "එක ගලෙන් කුරුල්ලෝ දෙනෙක් මරාගත්ත "

      Delete
    5. කොටින්ට වෙච්ච පාඩුව ලන්කා හමුදාවටත් උනා. ඒ නිසා යුදමය අතින් ඒක ඒ තරන් වලංගු තර්කයක් නෙමේ. හැබැයි ඊට වඩා කොටින්ට වෙච්ච වාසි වැඩියි. 2002 වෙනකොට නොනවතින යුද්ධය නිසා කොටි හතර ගාතින් වැටිලා හිටියෙ, ලන්කා හමුදාවට හරි නායකත්වයක් ලැබුනා නන් කොටි ඉවර වෙන්නෙ 2002 දී. රනිල්ගේ සාමෙ නිසා උනේ වැටිලා හිටපු කොටින්ට ආපහු පාරක් ශක්තිමත් වෙන්න ඉඩක් හැදිච්ච ‍එක විතරයි.

      මොකක්ද මචන් ඒ ඩීල් එක? මම දැම්මා නන් ඕක දාන්නෙ මහින්දට කොටිලවා චන්ද දම්මා ගන්න. එතකොට මහින්ද දිනන එක ශුවර්. රිස්ක එකක් නෑ. මෙතන දී ඩීල් එක ඇත්ත නන් ඒක ඔප්පු කරන්න ඕනි ටිරාන් අලස් මයි. මොකද මහින්ද නැති දෙයක් කොහෙන් ඔප්පු කරන්නද?

      මේ තරන් තාක්ශනය දියුණු කාලෙක කොටි මහින්ද එක්ක ගනුදෙනු කලේ ටිරාන් හරහාම විතරයි කියන එක පිලිගන්න බෑ මචන්. ජෝක් එකක් වගේ.

      මරා‍‍ගෙන මැරෙන බෝම්බ කාරයො කියන්නෙ කඩෙන් ගන්න පුලුවන් සැ‍ෂේ පැකට් වගේ නෙමේ මචන්. උන්ව හදන්න සෑහෙන කාලයක් යනවා වගේම ඉන්නෙත් ටික දෙනයි. ඉතින් එහෙම එකෙක්ව සිල්ලර කාරනාවකට යොදවයි කියල හිතන්න බෑ මිලිටරි කෝනෙන්. විහිලු කාරයන්ට නන් එහෙම කියන්න පුලුවන්.

      මහින්දට චන්දෙ දෙන්න එපා කියල ප්රභා මාර රිස්ක් එකක් අරන් තියෙන්නෙ... හදිසියේ 2005 මහින්ද පැරදුනානන් ‍මොනා වෙයිද?

      Delete
    6. //ලන්කා හමුදාවට හරි නායකත්වයක් ලැබුනා නන් කොටි ඉවර වෙන්නෙ 2002// මෙ කාලයේ තමයි ශ්‍රී ලංකා ආර්ථිකය රින වුනේ, චන්ද්‍රිකා කෙලින්න පුළුවන් ඔක්කොම පිස්සු කෙලලා අන්තිමට මේ බලන්න http://www.sundaytimes.lk/010429/frontm.html ඔබට මතකද අග්නිකිල මෙහෙයුම චන්ද්‍රිකා ඉන්දියාවෙන් ආධාර ඉල්ලුව යාපනේ සිටින හමුදාව ඉවත් කිරීමට පහසුකම් සලසන ලෙස.

      චන්ද්‍රිකාගේ කාලේ තමයි සාම සාකච්චා සදහා වැද වැටුනේ, මේ ගෑනි මෙලගදී කියනවා 75% යුද්දය දිනුවේ තමන් ගේ කාලයේ බව.
      ඔබට මතක නැද්ද මංගල සමරවීර කියනවා තමන් බුද්දාගමේ මිසක් යුධ්දාගමේ නෙමෙයි කියල, මෙය කිව්වේ ඔබ ඔය කියන 2001 දී මැතිවරණය පරදිනන පෙරයි.

      //මොකක්ද මචන් ඒ ඩීල් එක? මම දැම්මා නන් ඕක දාන්නෙ මහින්දට කොටිලවා චන්ද දම්මා ගන්න. එතකොට මහින්ද දිනන එක ශුවර්. රිස්ක එකක් නෑ.//
      මෙතන කොටි කිසිවිටකත් සිංහල දෙසපලන්යයකුට සහයෝගය දක්වන්න කියල දෙමල වැසියන්ට කියන්නේ නෑ මොකද සිංහලයන් කියන්නේ ඉතා නරක මිනිසුන් කොටසක් කියන මතය තමයි ගෙන ගියේ, නමුත් කොටින්ට සාම සාකච්චා සදහා මෙකාලයේ එකග වීමට සිදුවෙන්නේ ලෝක දේශපාලන හේතු නිසා
      2001 සප්ත්ම්බර් 11 ට පසු ලෝක දෙසපාලනයේ මෙවැනි සංවිදාන වලට ලෝකය පුරා තහංචි පනවන විට කොටි සංවිදානය උපක්‍රමික ලෙස සාම සකච්චාවලට කැමති වෙනවා.

      //මේ තරන් තාක්ශනය දියුණු කාලෙක කොටි මහින්ද එක්ක ගනුදෙනු කලේ ටිරාන් හරහාම විතරයි කියන එක පිලිගන්න බෑ මචන්. //

      ඔබට මතකද පිරපාහරන් කිසිවිටකත් දුරකථන තාක්ශනය වත් තමන් යොදාගැනීමට පරිස්සන් උනා මොකද ඔහු සිටින තැන සොයාගැනීමට මෙම තක්ෂණය ප්‍රයෝජනයට ගන්න බව ඔහු දැනසිටිය.

      මෙවැනි ගනුදෙනු විශාල පිරිසක් යොදවල කරන්නේ නෑ මොකද පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න රහසිගත බාවය අඩුයි.

      ඔප්පු කිරීම ගැන කිව්වම ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්න බවට කොහෙවත් ඔප්පුවී නෑ නමුත් ලෝකෙට කරුණු අනාවරණය උනා මේකත් එහෙම තමයි.


      //මරා‍‍ගෙන මැරෙන බෝම්බ කාරයො කියන්නෙ කඩෙන් ගන්න පුලුවන් සැ‍ෂේ පැකට් වගේ නෙමේ මචන්. උන්ව හදන්න සෑහෙන කාලයක් යනවා වගේම ඉන්නෙත් ටික දෙනයි. ඉතින් එහෙම එකෙක්ව සිල්ලර කාරනාවකට යොදවයි කියල හිතන්න බෑ මිලිටරි කෝනෙන්. //

      ඔවුන් සිල්ලර කාරණාවකට නෙමෙයි යෙදෙව්වේ ඝෝටභය රාජපක්ෂ මහතා ගාතනය කිරීමටයි, මේ මුළු කාලයේම ඝෝටභය රාජපක්ෂ සිදුකලේ අවිආයුධ එක්රැස් කිරීමයි, කොටි එය දැන සිටිය.

      //මහින්දට චන්දෙ දෙන්න එපා කියල ප්රභා මාර රිස්ක් එකක් අරන් තියෙන්නෙ... හදිසියේ 2005 මහින්ද පැරදුනානන් ‍මොනා වෙයිද?//

      මම හිතන්නේ ඔබ අදහස් කලේ "මහින්දට චන්දය දෙන්න කියල" ගත්ත රිසක් එක, ඔව් රනිල් බලයට පත් වුනානම් පිරපාහරන්ට තවම ජිවත් වීමට ඉඩ තිබුන, නමුත් පිරපාහරන් සාමයට විශාල බයක් දැක්වුවේ තම සංවිදානය ලෝකයේ සිදුවන දේ දැනගැනීම නිසා යුධ මානසිකත්වය නැතිවන නිසා.



      Delete
  2. සුද්දොත් අහනවා අපි ඇයි දෙමළ ඉගෙන ගන්නෙ නැත්තේ කියලා.. එකෙක් අහන්නේ නෑ සුළුතරය වන දෙමළා ඇයි හින්ගල ඉගෙන නොගන්නේ කියලා. උතුරෙ මහ ඇමටියා නාහෙන් අඬනවා එයාලට හින්ගලෙන් ලියුම් එනවා කියලා. බහුතරයකගේ භාෂාව ඌට තේරෙන්නේ නැත්නම් ඒක මහා වුලක්. උන් කැනඩා ගියාම දෙමළෙන්ද දන්නේ නෑ ළියුම් එන්නේ. මේවා ජාතිවාදය නෙමෙයි.. නමුත් විය යුතු දේ.. ඒ දේවල් කතා කරන්න මහින්දටවත් කොන්දක් නෑ.. චම්පිකයා ඉතරයි ඒ මතයේ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. මාතා,

      මුන් ඔක්කොම කරන්නේ මෙරටේ මෝඩ මිනිස්සුන්ව අන්දන එකයි සිංහල සහ දෙමල මුලික ජාතින් දෙකේම බහුතරයක් ගෝත්‍රිකයෝ සහ අන්තිම මෝඩ මිනිසුන් කොටසක්, මාතා මට වෙලවකට හිතෙනවා මේ මිනිසුන් ට මෙහෙම උනේ ඉංග්‍රීසි කියවීමේ හැකියාව වත් නොලබූන නිසා කියල මොකද, ලෝකේ වෙන දේවල් ගැන දන්නවනම් මිනිසුන් මිට වඩා බුද්ධි මත ලෙස කටයුතු කරයි.

      බලන්න විග්නේශ්වරම් කියන්නේ ඉහලටම ඉගනගත් අධිකරණ විනිශ්ෂකරුවෙක් ඔහු දන්නවා මොනාද දැවෙන ප්‍රශ්න කියල, නමුත් මොහු කරන්නේ තමන්ගේම මිනිසුන් රැවටීමයි, රටකට ගිය කල.

      Delete
  3. කොටින්ට සල්ලි දුන්න කතාව නම් ටිකක් සුරංගනා කතාවක් වගෙ. ප්‍රේමදාස මහත්තය ලේන්සුව වැනුව කතාව වගෙයි.
    ඇයි අපි දෙමළ ඉගෙන ගන්න ඕන කියන ප්‍රශ්නයනම් මටත් තියනවා.මාතලන් හරි. මේ කතා සී ඒ චන්ද්‍රපේම කොලපාට සමාජය කියන පොතේ ලස්සනට පෙන්නුවා.කැනඩාවෙදි ප්‍රශ්නයක් නොවන භාෂාව මෙහෙදි ප්‍රශ්නයක් වෙන්නෙ දෙමලු හිතනවා උන්ව පාලනය කරන්න සිංහලයන් සුදුසු නෑ කියල. ඒ මානසිකත්වයයි ඔය මතුවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිව්වෙනි මානය,

      ටිරාන් අලස් මේ චෝදනාව ගෙනාවේ මහින්ද බලසම්පන්න ජනාධිපති පුටුවේ සිටින විටයි. ඔබ හිතනවාද රටේ බලවත්ම පුද්ගලයාට බොරුවෙන් චෝදනා කරන්න පෙලබේවි කියා තනි මිනිහෙක් සහ මෙය සරල බොරුවක් නෙමෙයි කෙලින්ම ඇසින් දුටු සාක්ෂියක්, එවැනි දෙයක් කීමට මිනිසෙකු එඩිතර වන්නේ එහි සත්‍යනම් පමණයි.

      මොකද නියම අධිකරණ ක්‍රමය තුලදී ඔහුව ප්‍රශ්න කල විට ඇත්ත එළිවෙන නිසා. නමුත් සිදුවුනේ කුමක්ද නැවත මහින්ද ඔහුව තමා ලගට ගැනීමයි. ඔබකියන සුරංගනා කතාවක් නම් මහින්දට කරන්න තිබුනේ ටිරාන් ව දිගටම අධිකරණ ක්‍රියාවලිය තුල සිරකර බොරුව ඔප්පු කිරීමයි එය සිදු නොවුනේ ඇයි, බලවත් මහින්ද ටිරාන් ඉදිරියේ දෙකට නැමුණේ ඇයි ?

      තව එකෙක් ටිරාන් කිසිවිටකත් පසුව හෝ කිව්වේ නෑ තමා කිව්වේ බොරුවක් කියල.

      භාෂාව සම්බන්ද දෙය නම් දෙමල ජනයාගේ ප්‍රශ්නයක් නෙමෙයි එය දෙමල දේසපාලනය පිළිබද ප්‍රශ්නයක්, ශ්‍රී ලංකාවේ සිංහලයන්ට දෙමල ඉගනීමට කිසිසේත් උවමනා නෑ මොකද මෙහෙ ඉන්න එවුන් තමිල්නාඩුවට යන්න පොරකන්නේ නෑනෙ යන්න පොරකන්නේ ඉංග්‍රීසි කතාකරන රටවලට, අනෙක් අතට ලෝක දැනුම තිබෙන එකම මාධ්‍ය ඉංග්‍රීසි, සිංහල වත් දෙමල වත් නෙමෙයි, මෙනිසා අපි දෙමල අයට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීමත් මෝඩ වැඩක්, සිදුකල යුත්තේ දෙගොල්ලන්ටම ඉංග්‍රීසි ඉගැන්වීමයි. මෙහිදී සම්පත් ඉතිරි කරගැනීමත් භාශාව දියුණුවත් යන දෙකම කලහැකියි.

      Delete