Sunday, January 24, 2016

ඉන්දියන් පරිඝනක වැඩසටහන් කරුවන් ශ්‍රී ලංකාවට ගෙන එමෙන් අපට දියුණු විය හැකිද?




මුලින්ම අපි බැලිය යුත්තේ අද පවතින තත්වයේ ශ්‍රී ලංකාවේ තොරතුරු තක්ෂණය පවතින ස්ථානයයි,

බොහෝදෙනා නොදැන සිටියාට ශ්‍රී ලංකාව තුල ඉතා හොද අන්තර්ජාල පහසුකම් පවතී, මා කියන්නේ ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් වල පවතින තත්වය ත් ශ්‍රී ලංකාවේ ඇති තත්වයත් ගැන සංසන්දනය කලවිට මුලිකවම වැඩිම අන්තර්ජාල සේවාව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතා හොද සේවයක් ලබාදෙයි (මෙනිදී කොළඹ දී ලබාදෙන සේවය තරම් පිට්පලාත් වල ලබා නොදුන්නත් ) දත්ත සම්ප්‍රේෂණ වේගය Data Transfer speed අද වනවිට ඇමරිකාව බ්‍රිතාන්‍ය ADSL  තරම් වේගයට සමාන වේගයට පමිණ ඇත.


ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් සමග සැසදීමේදී අසිමිත දත්ත දරිතාවක් එම රටවල පාරිබෝගිකයන්ට  තිබුනත් ශ්‍රී ලංකාවේ එයට ප්‍රමාණ පවතී උදාහරණ Web Family සම්බන්දයට ලබාදෙන්නේ 40 GB ප්‍රමානයකුයි. මෙය එක්තරා සීමාවක් උවත් විදේශ සමග තොරතුරු හුවමාරු කරන පුද්ගලයකුට තම වෙළදාම කළහැකි වේ.


දැන් බලමු ප‍රිගණක ගතකිරීමෙන් ආයතනයකට ලබා ගත හැකි වාසි.

සිතන්න ඔබට සුළු පරිමාන සිල්ලර වෙළද සලක් පවතිනවා, ඔබට පරිගණක ගත කිරීමෙන් ලැබිය හැකි වාසි මොනවද ?


01.  ඔබට වහාම ඔබ සතු භාණ්ඩ තොගය කොපමණදැයි දැනගත හැකි වීම

02.  දවසේ ආදායම දැනගත හැකි වීම

03.  ඔබට වැඩිම ඉල්ලුම ඇත්තේ මොනවට දැයි දැනගැනීම

04.  වැඩිම පාඩු සිදුවන්නේ මොනවාදැයි දැනගැනීම

05.  සොරකමක් සිදුවී ඇත්නම් වාහාම දැනගැනීම.

වැනි මුලික කාරනා පවතී මෙම විස්තර ගැන තොරතුරු වහාම ලබාගැනීම නිසා විශාල කාලයන් ඉතිරි කරවාගැනීම වගෙම ආර්ථික අතින් විශාල ධනයක් දියුණු කරගත හැක.

දැන් මෙවැනි ක්‍රමයක දුස්කරතා මොනවාදැයි බලමු.


01.  මෙවැනි පරිගණක මෘදුකාංගයක් ආයතනයක් මගින් කරවාගැනීමට උත්සාහ කලොත් අවම වසයෙන් ලක්ෂ 4 වත් වැය කිරීමට අද පවතින තත්වය මත සිදුවේ.

02.  මෙය ක්රියාකරවන්නට යම් පුහුණුවක් ලැබිය යුතු වේ.


අද වනවිට ශ්‍රී ලංකාවේ සුළු සහ මදයම පරිමාන  ආයතන මෙය නොකරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි අදාළ මිල ගෙවීමට නොහැකි වීමයි, මෙසේ ඉහල මිලක් පැවතීමට මුලිකම හේතුව නම් පරිගණක ක්‍රමලේක කරුවන්  (computer programmers ) ගේ අඩුවයි.

බොහෝ දෙනා විවිද වැඩසටහන් ඉගන ගත්තත් හරියට වැඩේ දන්න අය බොහෝවිට විදේශ ගතවීම නිසා විසාල රිත්තකයක් රට තුල පවතී.


දැන් අපි රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පිලියමක් ලෙස යෝජනා කරන්නේ ඉන්දියාවෙන් පරිගණක ශ්‍රමිකයන් ගෙන්වා මේ රිත්තකය පිරවීමයි.


මෙහදී සිදුවෙන්නේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ මෙ ක්ෂේස්ත්රයේ  සිටින ශ්‍රී ලන්කියයන්ගේ රැකියා නැතිවෙයි කියල ම කියන්න බැරි වුනත් බොහෝදෙනාට දැඩි තරගයකටත් අඩු වටුපකටත් වැඩකිරීමට සිදුවෙයි මිට අමතරව සිදුවිය හැකි දෙයක් තමයි නව රැකියා අවස්ථා විශාල කර්මාන්ත අංශයක් ඇතිවීම නිසා විවුර්ත වීමයි, නමුත් මෙහිදී ශ්‍රී ලාකියයන් තෙරුම් ගතයුතු යතාරථයක් තිබෙනවා එනම් ඉන්දියානුවන් වෙලදාමේදී ඉතා ආත්මාර්ථ කාමී ලෙස ක්‍රියා කිරීමයි මෙයට මම පුද්ගලික උදාහරණයක් දෙන්නම්.


මිට වසර 8ට පමණ පෙර මගේ ගනුදෙනු කරුවකු සිටියා ඇමරිකාවේ Massachusetts වල ඔහු වසර ගනානාවකට පෙර 1970 පමණ කාලයේදී පැරණි ක්‍රමයට නානකාමර සදහා උවමානා උපකරණ අලවි කිරීමයි සිදුකලේ මුලදී එංගලන්තයෙන් ආනයනය කරන ලද මේ භාණ්ඩ පසුව ඔහු ඇමරිකාවේ නිපදවීමට පටන් ගත්ත, තව දශක කීපයකින් තම ආයතනය දීයුණු කල ඔහු 1990 දශකයේ දී පමණ ඔහුගේ නිෂ්පාදන කර්මාන්තය නතර කිරීමට තීරණය ගෙන තිබුනේ ඇමරිකාවේ මිල වැඩි වීම නිසයි.


මීට ඔහු සොයාගත් ක්‍රමයන් නම් ඉන්දියාවට ගොස් නිෂ්පාදකයකු සොයා ගැනීමයි, ඔහුට දැන් අපුරු අඩුමිලට ඉතා හොද භාණ්ඩ ලබාගැනීමට හැකිඋනා, මෙසේ කාලයක් යනවිට ඔහු තම වෙබ් අඩවිය හොදා අලවි කල අතර 2007 දී මා ඔහු හදුනාගන්න විට මෙම අඩවිය තිබුනේ ඉතා දුරවල තත්වයකයි නමුත් ඔහු www.ebay.com මගින් සාර්ථකව වෙළදාම සිදුකරමින් පැවතුනා.


ඉදිරි වසර 3 කදී මාසයකට ඩොලර් 20000 ක අලවියක් සිදුකල හැකි අඩවියක් බවට පරිවර්තනය කිරීමට අපට හැකිඋන අතර ප්‍රශ්නය ඇතිවුනේ මේ කාලයේ දීයි, පෙර භාණ්ඩ නිෂ්පාදනය කල ඉන්දියානුවාට පුතෙක් සිටියා ඔහු සිදුකලේ තම පුත්‍රයා ඇමරිකාවට යවා අදාළ නිෂ්පාදනය තම පුත්‍රයා ලවා අලවී කිරීමයි, ඉතා අඩුමිලට තම ඉන්දීය පියාගෙන් ලැබුන භාණ්ඩ ඇමරිකාවේ www.ebay.com වල දමා  අලවි කිරීමේදී මගේ ගනුදෙනු කරුට සිදුවූ දෙය ඔබට හිතාගත හැකියි.

ඉහත පාඩම ශ්‍රී ලාංකිකයන් (රනිල් වික්‍රම සිංහයන් ) නොදන්නා බව නම් මට කිසිදු සැකයක් නෑ, ඉන්දියානුවන් කිසි ලෙසක ශ්‍රී ලාංකිකයන් ට රැකියා ලබා නොදෙන අතර ශ්‍රී ලංකාවේ ගොඩනැගී පවතින යටිතල පහසුකම් ඉතා  සුලු මුදලට ලබාගැනීම පමණක් කරනවා ඇත.

ඉන්දියානුවන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ සංස්කෘතිය දැනගැනීම අත්‍යවශය බව මතක තබාගත යුතුයි.

දැන් මම පෙන්වාදෙන්නම් තොරතුරු තක්ෂණය යොදා මේ ප්‍රශ්නයට විසදුම් ලබාදෙන ආකාරය.

දැන් රජය කල යුත්තේ තමා සතුව විශාල රැකියා ප්‍රමාණයක් ලබාදී ඇති උපාදිධාරීන් යෝදාගෙන පහත ක්‍රමයට මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමයි.


01.  රජය විසින් ආයතන දියුණු කිරීමට අවශ්‍ය කළමනාකරණය පිළිබද දක්ෂතා ඇති උපාදිදහරින් 100 තෝරාගෙන වෙනම ආයතනයක් පිහිට වීම, මෙහි මුලික කාර්ය විය යුත්තේ සුළු සහ මද්‍ය පරිමාන ආයතන සදහා පරිඝනක ක්‍රම හදුන්වාදීමයි. මෙහිදී කිසිවෙක් අලුතින් බදවා නොගත යුතු අතර සිටින අය පමණක් යෙදවිය යුතුයි.

02.  දැන් ඉතා සහන මිලට සුලුපරිමාන ආයතනයක හිමිකරුවෙක් පැමිණ තම ආයතනයට මෙවැනි ක්‍රමයක් උවමනා බව පැවසු විට අදාළ නිලදාරියා කලයුත්තේ උවමනාකරන සියලු තොරතුරු සටහන් කර ගැනීමයි දෙවනුව තම ආයතනය වෙත පැමිණෙන අදාළ නිලදාරියා ආයතනයේ සිටින පරිඝනක ක්‍රමලේකයේ (computer programmer) ට අදාළ තොරතුරු සැපයිය යුතුයි.

03.  ප්‍රශ්නය පැනනගින්නේ දැනුයි මොකද  computer programmer’s ලගේ අඩුවයි අපේ මුලික ප්‍රශ්නය යට හේතුව. දැන් මිට අපුරු විසදුමක් පවතී https://www.freelancer.com ඉතා අඩුමිලට අදාළ කාර්ය  කරව ගත හැකි ඉන්දියානුවෙක් සොයා ගත හැකියි. දැන් මේ විශේෂ හැකියාව ඇති පුද්ගලයන් මේ ආකාරයෙන් සොයාගැනීම මගින් අපුරුවට ඉන්දියානුවන් මෙහෙ ගෙන්වල වැඩ ගැනීම වෙනුවට අඩුව තියෙද්දී අත පුච්ච නොගෙන කිරීමයි කල යුත්තේ.


මා ඇසුවා සුජීව සෙනසිංහ මහතා කියනවා




            
මේහිදී ලිදේ ඉන්න ගෙම්බෝ මෙරටේ මෝඩ දෙසපලන්යයන් පමණයි IT අංශයේ මිනිසුන් මේ ගැන හොදින් දනී.


බැරිවෙලාවත් ඉන්දියාවේ IT මෑන්ස්ල මෙහෙ ආවොත් අපිට නැතිවෙන්නේ  IT විතරක් නෙමෙයි බොහෝ අංශ අපට නැතිවෙනවා මොකද, ලිදෙ ඉන්න ගෙම්බෝ වගේ සිටියට ලෝකයේ කෘෂිකර්ම යේ සිට සියලු නිෂ්පාදන අංශ IT සමග සම්බන්දයි.


      IT ගැන ඔපමණ කැක්කුමක් තියනවානම් රජය කල යුත්තේ PAYPAL වැනි පහසුකම් මගින් මුදල් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වලට පහසුකම් දීමයි

මේගැන පැරා ලිපියක් ලිව්වා.

http://www.w3lanka.com/2016/01/blog-post_19.html   


දැන් මම කෙටියෙන් කියන්නම් ඇයි PAYPAL මෙච්චර වැදගත් කියල, කාරනා කීපයක් නිසා මෙය වැදගත් වෙනවා

01.  PAYPAL මගින් ගෙවන්නාට ආරක්ෂාව ලබාදෙනවා (ඔහුගේ ණය පත් අංකය විදේශිකයකු අතට යාමේ අවදානම නැතිවීම, වන්චාවකදී PAYPAL වලට පමිනිලිකර අදාළ මුදල ලබාගැනීමට හැකි වීම )

02.  ඇමරිකානු වැසියකුට ශ්‍රී ලංකාවට මුදල් එවීමට සිදුවූ විට TT ක්‍රමයට එවනවානම් ඉතා විශාල මුදලක් සහ කාලයක් වැයවීම, ඩොලර් 100 වැනි සුළු මුදලක් වැයවන ගනුදෙනු කිරීමට පවතින ක්‍රමවලට විශාල වියදමක් යාම, paypal මගින් යන්නේ ඉතා අඩු මිලකුත් අඩු කාලයකුයි.

03.  රජය විසින් තම බැංකු විද්‍යුත් වාණිජ පහසුකිරීමට (Payment Gateway) පහසුකම් ඇතිකිරීම දැනට වසරකට සම්පත් බැංකුව රුපියල් 60000 වැනි මුදලක් අයකරන නිසා මෙය ප්‍රායෝගික නොවන තත්වයට පත්ව ඇත. (Payment Gateway මගින් සිදුකරන්නේ විදෙශිකය්යකුට තම ණයපත් මගින් අන්තර්ජාලය මගින් මුදල් ගෙවීමට පහසුකම් සලසා ඇති පරිගනකයකුයි )

04.   රජය මුලික වී Payment Gateway ක්‍රමයක් ඇතිකිරීම මගින් දකුණු ආසියාවටම මෙම පහසුකම ලබා දිය හැකිනම් ලැබෙන ආදායම මැනිය හැක්කේ ඩොලර් බිලියන වලින්.

මෙවැනි දේ සිදු නොකර දැන් කරන්නේ නිකන් ඇස් බැන්දුමක් පමණයි. 
                           

Saturday, January 16, 2016

මහින්ද රාජපක්ෂ යුගය සහ රනිල් මයිත්‍රී යුගයේ හොද, නරක සහ ඉදිරිය.



ශ්‍රී ලංකාව වසර 30 ක යුද්ධය නිසා ආසියාවේ ආර්ථික ලෙස දියුනු වියහැකි හොදම තැන සිටි අපට අද සිදුවී ඇත්තේ ආර්ථික ලෙස ඉතා අසරණ මට්ටමකට පත්ව සිටීමටයි.

නමුත් මේ පැමිණි ගමනේ අපි ලබපු ජයග්ග්‍රහණ පිළිබද පසුවිපරමක් කලයුත්තේ ඉදිරියට යාමට උවමනා මාර්ගය පිලියල කරගැනීමටයි.

මගේ වයස 7 පමණ කාලයේ සිට පටන්ගත් මෙම කාලකන්නි යුද්ධය නිසා රටේ පැවතුනේ ඉතා අහිතකර වාතාවරණයක්, මිනිසකුට වෙළදාමක් කර දියුණු වීමට උත්සාහ කලත් රටතුල ඇතිවුන වියවුල් පරිසරය නිසා කලකදී අමාරුවෙන් දියුණු කල වියාපාරය අන්තයටම විනාශවී යාම සිදුවුණා.
මේ වටාපිටාව පමණක් නෙමෙයි අප රටට නවීන තක්ෂණය සහ එම තක්ෂණය සදහා උවමනා දැනුම ලැබුනේ ඉතා සෙමිනුයි, මිට හේතුව සියලුම දැනුම පැවතියේ ඉංග්‍රීසි මාධය තුල වීම නිසා, අදාළ සිංහල පරිවර්තන ලැබීමට දශක ගණනක් ගතවුනා ඒ වෙනවිට අධාල දැනුම ලෝකයෙන් ප්‍රතික්ෂේප වී අවසන්,
මෙහිදී අපි ඉතා ඉහලින් කියන දෙයක් තමයි සාක්ෂරතාවය අපේ  98.1% පමණ ඇති බව මෙය ඇත්තටම මිට වඩා ගැබුරින් බැලිය යුතු වෙනවා, මොකද්ද මේකේ තේරුම ? මෙයින් අදහස් වන්නේ ලියන්න සහ  කියවන්න ඇති හැකියාවයි.

නමුත් මොනවද ලියන්න සහ කියවන්න පුළුවන් හෝ මොනවද ලියන්නේ සහ අපි කියවන්නේ ?
මෙයට උත්තරය නම්  මේ පිරිසෙන් 70% පමණ මේ හැකියාව ඇත්තේ සිංහල භාෂාවෙන් ලියවූ දේවල් කියවිමටයි, මෙහි ප්‍රශ්නය මේ තත්වය ප්‍රංශයේ සහ රුසියාවේ ත්  තිබුනත් අපරට ඔවුන් සමග සංසන්දනය කල නොහැක්කේ, ඉංග්‍රීසියෙන් පලවන සියල්ලම ඉතා කෙටිකලකදී තම මවු භාෂාවට පරිවර්තනය වන නිසා, නමුත් ශ්‍රී ලංකාවේ මෙය සිදුවීමට වසර 10ට වඩා සමහර දේවල් වසර 20ක්  තව සමහර විෂයන් කිසිවිටක සිංහලයට පරිවර්තනය වී නෑ

මෙවැනි තත්වයක් තුල මෙරටට සැලකිය යුතු විදේශ ආයෝජනා නොපැමිණීම නිසා ආර්ථිකයට ලැබිය යුතු දායකත්වය නොලැබී ගියා.

දැන් නැවත 2001 යුගයට ගිය විට රනිල් වික්‍රමසිංහ අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ කොටි සංවිදානය සමග කෙසේ හෝ එකගතාවකට  පැමිණ රටේ ආර්ථිකය නංවා ගැනීමයි, ඔහු විශාල මිලක් ගෙවා තේරුම් ගත් පාඩම තමයි රට තුල නිත්‍ය සාමයක් නොමැතිව අපට ඉදිරියට යානොහැකි බව.
ඉන්පසුව 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙනවා.

ඔහුත් උත්සාහ කරන්නේ මේ මිනීමරු සංවිදානය සමග ඩීල් එකක් දාගනිමයි, ඇත්තටම ඔහු දිගටම මේ වැඩේ කරනවා මිට හෙතුව කොටි සංවිදානය හමුදාමය ලෙස විනාශ කල නොහැකි බවට මුල් බැස ගෙන තිබු මතයයි. මෙම කාලය තුලදී කොටි සංවිදානය කොයි මොහොතක හෝ පහර දෙන බව දැනගත් පුද්ගලයා ඝෝටභය රාජපක්ෂ මහතායි, මෙනිසා ඔහු උවමනා අවිආයුධ සදහා උවමනා ධනය කෙසේ හෝ තම සහෝදරයට බලපෑම් කර ලබාගන්නවා.

කාලයක් මෙසේ පවතින විට ඩීල් එක වරදින්නේ ටිරාන් අලස් විසින් කොටින්ට ගෙවියයුතු කප්පම් නොවීම නිසයි, ඇත්තටම පිත්තල හන්දියේදී කරපු පහරදීම නොවන්නට ප්‍රබාකරන් අදත් ජීවත්වීමට ඉඩ තිබුන, මේ සිද්ධියෙන් රාජපක්ක්ෂ වරු තීරණය ගන්නවා කොටි ඉවර කිරීමට, ඇත්තටම එපමණක් නෙමෙයි ඔවුන් දැනගන්නවා ටිරාන් අලස් කොටින්ට ගෙවන කප්පම නොගෙවා යටිමඩි ගසා ඇතිබව. මෙනිසා ඔහුව පසුව අත්අඩංගුවට ගන්නවා.

මෙහෙම තමයි නිර්භීත මහරජාණන් බිහිවන්නේ.

නමුත් මෙහිදී ඝෝටභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ හැකියාව ගැන යමක් නොකිව්වොත් කුහක කමක් වෙනවා, අද රට ඉතා අකාර්යක්ෂම බව බොහෝ දෙනාට දැකිය හැකියි, මේ තත්වය තුල  යුද්ධයක් ජයගැනීමට නොහැකි බව තේරුම්ගත් ඝෝටභය රාජපක්ෂ මහතා අපුරු දෙයක් කරනවා එනම් ඔහු ත්‍රිවිද හමුධාවත් පොලිසියත් මනාව සම්බන්ධීකරණය කරනවා මිට උවමනා තැනදී අධි තක්ෂණය යෙදීමට ඔහු පසුබට වෙන්නේ නෑ.

කොළඹ සිට ඈත වන්නියේ සිදුවන සිදුවීම් සජීවීව නැරබිය හැකි ක්‍රමවේද වගේම ලෝකයේ විවිධ රජයන් සමග කොටි සන්විදානයේ  තොරතුරු ලබාගනිමට උවමනා සියලු ක්‍රමවේද ඔහු සලසා ගන්නවා.

මෙහිදී තව වැදගත් දෙයක් තමයි යුධ හමුදාවට උවමනා බලවත්ම පුද්ගලයා වන සරත් ෆොන්සේකා (මොහු පිළිබද හිටපු සෙන්පති ජානක පෙරේරා පවසා තිබුනේ, "මා නම් සරත් ෆොන්සේකා පුද්ගලයකු ලෙස අකමැතියි නමුත් මේ යුද්දය දිනීමට නම් ඔහු හමුදාපති වීම අනිවර්ය" බවයි ) සහ නාවික හමුදාවට උවමනා වසන්ත කරන්නාගොඩ පිලිබදව ඇති අර්බුදය කළමනාකරණය කලේ  ඝෝටභය රාජපක්ෂ මහතා  වීමයි.

මෙහිදී ඝෝටභය රාජපක්ෂ මහතාගෙන් ඉගනගත යුතු පාඩම නම් සියලු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම ට ඔහු යොදාගත් ක්‍රමවේදයයි.
මෙම ක්‍රියාවලිය නිසා වසර 30ක යුද්ධය වසර 3 කින් ඉවර කිරීමට හැකි උනා.

දැන් බලමු යහපාලන රජය දෙස, මුලින්ම කිවයුත්තේ මයිත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ දේසපාලන ප්‍රාග්ධනය අතින් ඉතා දිලිදු පුද්ගලයෙක් ඔහුට මෙම තනතුර ලැබුනේ රනිල් ගේ (ටොයියන් ) චන්ද සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (බයියන්ගේ ) චන්ද වලින් සහ තරුණ පරපුරේ වෙනසක් උවමනා චන්ද වලින්, මෙනිසා මයිත්‍රීපාල සිරිසේන මහතා ට චන්දය දුන් අය ලේසියෙන් ඇන්දවියහැකි පුද්ගලයන් නෙමෙයි, ඔහු ලගදි රජ පාර්ට් එකට සින්දුව දැම්ම වගේ මුට්ටිය දමා බැලුවේ ඔහුටත් මහින්ද කරපු සෙල්ලම කළහැකිද බලන්න, සිදුවුනේ මුට්ටිය කුඩු වීමට පහර වැදීමයි. මෙනිසා ඔහුට මහින්ද දාපු ගොන්පාර්ට් දැමිය නොහැකියි.

දැන් බලමු අපේ රාජ්‍ය සේවය සම්බන්ධීකරණය කරන්නේ කෙසේද කියලා

අපි රජයේ ආයතනයකට වැඩක් කරගැනීමට හිතන්න ඔබට උවමනායි ගෙයක් සදා ගැනීමට සැලැස්මක් අනුමත කරගන්න, මෙහිදී ඔබ උවමනා මුදල ගෙවූ පසු ඉඩම පරික්ෂා කිරීමට පැමිණෙන නිලදාරියාට පුළුවන් වීඩියෝ කැමරාවක් මහින් උවමනා චයාරුප සහ වීඩියෝ දර්ශන ලබාගන්න ඉන්පසු ඔහු අදාළ ගනුදෙනු කරුගේ නමින් ඇති ගොනුවේ එම තොරතුරු තැම්පත් කරගෙන තම ආයතනයට ගොස් Database  (දත්ත ගබඩාව ) තුල තැම්පත් කරනවා ඉන්පසු සිදුවන්නේ අදාළ ඉහල නිලදාරීන් එකින් එක මෙවැනි සැලසුම් අනුමත කිරීමයි,

දැන් වරදවා සිතන්න එපා මේසදහා විශාල පරිගණක දැනුමක් උවමනයි කියල, මේ බ්ලොග් ලියන අය  දන්නවා comment moderate කරනවානම් කිසිවෙක් දැමු කොමෙන්ට්, එකින් එකින් එක අනුමත කරන්න යන්නේ අදාල කොමෙන්ටුව කියවීමට යන කාලය පමණයි.

මෙවැනි මෘදුකාංග සැකසීම මොරටුව සරසවියට ලබාදුන්නානම් ඔවුන් අපුරුවට කරයි. ලෝකයේ අතිවිශාල සමාගම් සදහා මොරටුව සරසවියේ උපාධිදාරීන් සෑම වසරකම ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමක් බව දන්නේ අතලොස්සක් පමණයි.

මෙවැනි ක්‍රමයක් මගින් රටේ මාස ගණන් කල්යන ලිපිගොනු අස්ථාන ගතවන සහ කඩදාසි සදහා ඉහල මිලක් සහ ගබඩා කිරීමට විශාල පිරිවැයක් අවම කල හැකියි.

මෙය මුලිකවම සිදුවිය යුතුයි,

දෙවනුව සිදුවිය යුත්තේ ඉතා ඉහල ඉගැනුමක් ඇති රට ගැන හැගීමක් ඇති මිනිසුන් තානාපති සේවයට පත්කිරීමයි, මිට අමතරව විදේශ සේවය සදහාත් ඉතා ඉහල ඉගැනුමක් ඇති මිනිසුන් පත්කළ යුතු වෙනවා, මිට අමතරව මේ සියලු දෙනාගේ වැඩ පිලිබද evaluation සිදුකල යුතු වෙනවා.

    
    Evaluation (එක් එක් පුද්ගලයා දක්වන දායකත්වය ) ගැන කතාකිරීමේදී Google සමාගමේ වැඩපිළිවල අපුරුයි, මිට වසර කීපයකට කලින් මට Lionbridge ආයතනය මගින් Google ආයතනයේ ශ්‍රී ලංකාව තුල ඇති වෙබ් අඩවි Google වල index වීමේදී නිසි අඩවියට සුදුසු තැන ලැබී තිබෙ දැයි බැලීමට ආරම්භ කල වැඩසටහනේ  සාමාජිකයකු වීමට හැකි උනා , ශ්‍රීලංකාව තුල වසර 5 සිටි පුරවැසිබාවය ඇති පුද්ගලයන්ට Online exam  මගින් තෝරාගැනීමක් කළා , මෙම වැඩසටහනට මාව තොර ගත් අතර ඔවුනේ ගේ ශ්‍රී ලංකික වැඩපිළිවල සිත්ගන්නා සුළුයි.

මෙය සිදුවන්නේ ඔබට වෙබ් අඩවි ලැයිස්තුවක් ලැබෙන අතර ඔබ විසින් අදාළ අඩවිය පරික්ශා කර, " ටික්" එකක් මහින් අදාළ වෙබ් අඩවිය ගැන තොරතුරු ලබාදිය යුතු වෙනවා මෙහිදී ඔබට අමතරව තව ශ්‍රී ලාංකිකයන් 9කු මෙයට සහබගිවනවා, ඔබට අනෙක් අය සමග පුද්ගලික තොරතුරු හුවමාරු කල නොහැකි අතර අදාල අඩවිය පිළිබද තමතමන් ගේ අදහස්   ප්‍රකාශ කල යුතු වෙනවා.

මෙහිදී ඔබ වැඩකරන පැය ගණන ඔබ වාර්තා තැබිය යුතු අතර පැයකදී පරික්ෂා කල අඩවි  ප්‍රමානය මත සහ ඔබ කොතරම් දුරට නිවැරදිව අදහස් දක්වනවාද යන්න අනෙක් 9 ගෙ අදහස් සමග සංසන්දනය කරනවා. මෙය මගින්    google අඩවිය බලා පොරොත්තු වන්නේ ඉතාම නිවැරදි වගේම සොයන්නාට වැදගත් තොරතුරු ලබාදීමයි.

මෙහිදී අතිවිශාල පිරිසක් වැඩකලත් හැම දෙනාම උත්සාහ කරන්නේ තමාට හැකි උපරීම වේගයෙන් වඩා නිවැරදිව කරන වැඩේ කිරීමයි.

ඇත්තටම මෙවැනි වැඩ පිලිවලවල් නිසා විශාල ආයතනවල අකාර්යක්ෂම තාවයන් දුරු කල හැකියි.

නැවත ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට යොමුවීමේදී ලෝකය ගැන යාවත්කාලින දැනුම ඇති පුද්ගලයන්ට කල හැකි කාර්ය විශාලයි.

 පුවතක් දැක්ක රජය සිංහල දෙමල සන ඉංග්‍රීසි ප්‍රවර්දනය කරන බව,  මා දකින්නේ මේ ක්‍රියාව මෝඩ ක්‍රියාවක් බවයි මොකද මේ සම්පත් සියල්ලම ඉංග්‍රීසි ප්‍රවර්ධනයට යෙදුවනම් වැදගත් වෙනවා, නිකන් බොරුවට සිංහල මිනිසුන් දෙමල ඉගනගැනීම ට යනවට වඩා දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගන ගත්විට අදහස් හුවමරුකිරීමට පහසු වීමට අමතරව ලෝක දැනුම ලබාගත හැකි වෙනවා.

මිට අමතරව අපුරු දේවල් තාක්ෂණික ලෝකයේ සිදුවෙනවා.
මගේ මිත්‍රයෙක් පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවරයි ඔහු මේදිනවල නිවසේ ඉදිකිරිම වල යෙදී සිටිනවා, ඔහුගේ වැඩවල යෙදෙන කම්කරුවන් පෝලන්ත ජාතිකයන් ඔවුනට ඉංග්‍රීසි බෑ, අගේ මිත්‍රය අදහස් හුවමාරු කල විදිය මට පැහැදිලි කළා.

එනම් https://translate.google.com/?hl=en&tab=wT#auto/eo/hello
ගොස් voice detection යොදා ඔබ ඉංග්‍රීසියෙන් කියන දෙය පෝලන්ත භාෂාවට පරිවර්තනය වෙනවා, මෙහිදී ඔහු සිදුකලේ "speaker phone" දමා
අදාළ  පුද්ගලයාට ඇසෙන්න සැලසීමයි, නැවත පෝලන්ත භාෂාව දමා ඉංග්‍රීසියට පරිවර්තනය කලවිට අදහස් හුවමාරු කල හැකියි.
මෙය ඕනෑම android phone එකක් මහින් කළහැකි වීම විශේෂයි.

මෙවැනි තක්ෂණය පවතින විට අපි එයින් ප්‍රයෝජන ගැනීම සිදුකල යුතු වෙනවා.

අවසාන ලෙස කිව යුත්තේ මෙම ප්‍රශ්න නිරාකරණය කිරීමට තාක්ෂනික සහ ප්‍රායෝගික යෝජනා අපිට හැකි ලෙස ඉදිරිපත් කිරීම මගින් කළහැකි සුළු හෝ බලපෑම අප රට වෙනුවෙන් කලයුතු බවයි.                  

                                       

Saturday, January 9, 2016

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ජාතියේ දියුණුව සදහා




//
දිවයින අනුග්‍රහයෙන් http://www.divaina.com/2016/01/10/nimna07.html

මෙසේ නෞකාවල ඉන්ධන තබා ගැනීම වෙනුවට ඒවා ගොඩබිම ටැංකිවල තැන්පත් කොට සුරක්‍ෂිත කිරීමටත්, පසුව ක්‍රමානුකූලව බෙදා හැරීමටත් සුදුසු යෑයි සිතූ ඉංග්‍රීසිහු 1930 දී පමණ ත්‍රිමලේ වරාය අසළම චීන වරාය (CHෂභA ඊAශ) ගොඩබිම කැලය අක්‌කර අටසිය පලහ (850) පමණ පෙදෙසක ඉන්ධන තෙල් ටැංකි එකසිය එකක්‌ (101) ඉදි කළහ.

ටැංකි ගණන එකසිය එකකි. (101) සිලින්ඩරාකාර ටැංකියක ධාරිතාව මෙට්‌රික්‌ ටොන් 12500 කි. ටැංකි පද්ධතිය තුළ ඉන්ධන ලීටර් එක්‌ කෝටිය ඉක්‌මවා ගබඩා කළ හැක. ටැංකියේ උස මීටර 14.5 කි. (දාහතර හමාරකි) ටැංකියේ විෂ්කම්භය මීටර් 35 (තිස්‌ පහක්‌) වන අතර පරිධිය මීටර් 110 (එකසිය දහය) කි. පොම්ප පද්ධතියේ දිග කිලෝමීටර් දෙකකි. භූ ගර්භය තුළ නල එළා තිබේ. එකල මෙම ටැංකි ආරක්‍ෂාව සඳහා කඳු මුදුන්වල කාලතුවක්‌කුද? මහ මුහුදේ පෙර මග නැව්බල ඇණිද ගැඹුරු මුහුදේ සබ්මැරීනද, ටැංකි භූමි භාගය තුළ සෙබළුන් සහිත දැඩි ආරක්‍ෂාවද පවත්වා ගෙනගොස්‌ ඇත.

//

ඉහත උපුටාගැනීම කලේ අද දිවයින පුවත්පතෙනුයි, මෙහි සදහන් නොවූ කරුණක් පවතී එනම් මෙම තෙල් ටැංකි නිමාව ඇත්තේ සුදු යකඩින් වීමයි, එනම් අදත් ඉතා අඩුමිලක් යොදවා ප්‍රතිසංස්කරණය කල හැකි වීමයි.

හම්බන්තොට වරායේ තිබුන මුලික ප්‍රශ්නය තමයි මෙවැනි ගබඩා සංකීර්ණයක් නොමැතිවීම, ඇත්තටම ශ්‍රී ලංකා රජය මෙය ප්‍රති සංස්කරණය කර පාවිච්චියට ගන්නවානම් දැනට ඉතිරිව ඇති 97 ඇත්තටම 99 පාවිච්චි කල හැකි මට්ටමේ පැවතුනත් 2 ඉන්දියාවට බදු දී ඇත.

තිරිකුනාමල වරායේ බොරතෙල් පිරිපහදු කිරීම පටන් ගත්තොත් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උප්පාදනය කළහැකි වනු ඇත. මෙයින් ලැබෙන මුදලින්
හම්බන්තොට වරායේ ඉතිරි වැඩ කටයුතු නිමවීමට හැකිවනු ඇති.     

Friday, January 8, 2016

Mondragon සමුපකාරය : නවීන ලෝකයේ රැකියා සුරක්ශිත භාවය ඇති එකම වියාපාර ක්‍රමය.





Mondragon සමුපකාර ක්‍රමය ඇතිවන්නේ ස්පාන්යේ බාස්ක් BASQUE  නමැති කොටසේදියි, 1941 දී මෙමෙ ප්‍රදේශයට පැමිණි José María Arizmendiarrieta නමැති කතෝලික පියනම ගේ මුලිකත්වයෙන් තමයි ආරම්භ වන්නේ Mondragon සමුපකාර  මුලින්ම ආරම්භ වන්නේ 1956 දියි. අතිශයෙන් දිලිදු ප්‍රදේශයක් වූ මෙය ලෝක යුද්ධ සහ ප්‍රදේශ යුද්ධ වලින් හෙම්බත්වී අන්ත දිලිදු මිනිසුන් සමුහයක ගේ ජනාවාස වූ මෙම ප්‍රදේශය ට පැමිණි  Arizmendiarrieta පියතුමා පැහැදිලි කරනවා සේවකයන් කලයුත්තේ ඔවුන්ගේම සමුපකාරයක් පිහිටවීම බව, මක්නිසාද යත් ප්‍රාග්ධනය ඇති මිනිසුන් කිසිවිටකත් එම ප්‍රදේශයට නොඑන නිසා, ඔහු අපුරු ක්‍රමයක් යෝජනාකරනවා මෙහිදී ප්‍රග්ධනය සේවකයන් ගෙන ආයුතු වෙන අතර පවත්වාගැනීම සහ සියලු තීරණ ගැනීම සේවකයන් විසින් සිදුකරනවා, මෙම ක්‍රමයේ වැදගත් කම සරලව කිව්වොත් විශිෂ්ට ගනයේ සාර්ථකත්වයයි

01. ශතවර්ෂ බාගයකට වඩා කල් පැවතීම.
02. ඔවුන්ට 85000 සාමාජිකයන් සිටිනවා
03. මිට අමතරව 15000 කුත් 25000 කුත් අතර සේවකයන් සිටිනවා
04.  85000 සාමාජිකයන් තමයි මෙහි අයිතිකරුවන්, තිරනගන්නන් සහ මෙය පවත්වාගන්න අය
05. මේ 85000 න් 43.7% ස්ත්‍රීන් වනවා
06.  Mondragon සමුපකාර වියාපරයට පාසැල් සහ විශාල විශ්ව් විද්‍යාල තිබෙනවා
07. මේ පාසල් වල 9320 පමණ ඉගන ගන්න අතර 3500 පමණ   Mondragon විශ්ව් විද්‍යාල වල ඉගනුම ලබනවා
08. මෙම විශ්ව් විද්‍යාල වල නිෂ්පාදනය, බැංකුකරණය, සුපිරි වෙළදසැල් ක්‍රමය ඉගැන්වීම සිදුකරනවා
09. අධි තක්ෂණික පර්යේෂණ විද්‍යාගාර පවත්වාගන්නවා
10. ඔවුන් රට තුල විකුණන දේවල් වලට වඩා භාණ්ඩ අපනයනය සදහා නිෂ්පාදනය කරනවා
11. General Motors වැනි ක්ර්මනත සදහා කොටස් නිපදවීම
12. විදුලි මෝටර් රථ සදහා ඉහලම තක්ෂණය ලබාදීම
13.  බාස්ක් BASQUE ප්‍රදෙශයේ විශාලම කර්මාන්තය වන අතර ස්පාන්යේ 7 වැනි විශාලම ආයතනයයි.  
14. ඔවුන්ගේම බැංකු පවත්වාගන්නවා
15. වසරක ආධායම ඩොලර් බිලියන 40 පමණ
16. ආයතන 77ක් විදෙශ වල ක්‍රියාත්මක වේ ඇමරිකාවේ 5 සමග
17. 62% අලවිය ස්පාන්යෙන් පිට සිදුකරන අතර
18. සුපිරි වෙළදසල් සදහා සේවකයන් 42000 සේවය කරයි එහි නම Eroski

දැන් අපි බලමු ඔවුන් ආයතනය පවත්වන ආකාරය.

 වැදගත්ම තීරණ ගන්නේ ඔවුන්ගේ මහසභා රැස්වීම තුල අතර මෙහි ඇති විවිද ආයතන තනි තනි ආයතන ලෙස පාලනය වෙයි ,
වසරකට වරක් පැවැත්වෙන මහසභා රැස්වීමට සියලු සාමාජිකයන් පැමිණිය යුතු අතර  ඔවුන් එහිදී වැදගත්ම තීරණ කීපයක් ගනී ඒවා නම්.

01. ප්‍රධාන කළමනාකරුවා පත්කරගැනීම, ඔහුට පහලින් ඇති ආයතනවල කළමනාකරුවන් පත්කිරීම ආයතනයේ සාමාජිකයන් (බොහෝවිට සේවකයන් කරනු ලබයි )

02. මෙහිදී සාමාජිකයන් විසින් ප්‍රධාන කළමනාකරුවා පසුගිය වසරේ ආයතන පවත්වාගැනීම මහින් කොපමණ දිවුනුවක් ආයතනය ලබා ඇද්ද නැද්ද ? යන්න  මෙම සාමාජිකයන්   ප්‍රධාන කළමනාකරුවා ගේ වැඩ පිලිවල පරික්ෂා කරනු ලබයි

03. මෙම සාමාජිකයන් විසින් ආයතනය ඉදිරියට යායුතු ආකාරය ගැන තරණය කරයි එනම්
        1. කුමන පාරිබෝගිකයන් සදහා නිපදවනවද ?
        2. කොහොම නිෂ්පාදනය කලයුතුද ? කුමන තක්ෂණය උපයෝගී කර ගත යුතු ද ?
        3. මෙහිදී හරිම වැදගත් තීරණයක් ගනී එනම් කිසියම් තාක්ෂණික භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුලින් ම සලකා බලන්නේ ඉහලම ගුණත්වය තිබෙනවද  යන්නයි මේසදහා ඔවුන් ටෙන්ඩර් කැදවන අතර හොදම තත්වයේ භාණ්ඩ අඩුම මිලට මිලදීගැනීම සිදුකරයි.
         4. සාමාජිකයන් විසින්ම පාලනයට නීති ඇතිකර ගනී

දැන් බලමු වැදගත්ම කොටස

එනම් ගෙවීම් සිදුකරන්නේ කෙසේද ? යන්න

01. දල ලාභයෙන් 10% ඔවුන් වෙනම සංචිතයක තැම්පත් කරයි
02. 45% අදාළ ආයතනය දිවුණු කිරීමටත් ප්‍රග්ධනය භාණ්ඩ මිලදී ගැනීමට යොදවයි
03. ඉතිරි 45% සියලු සාමාජිකයන් ට බෙදාහරි. නමුත් මෙම මුදල එවෙලේම සේවකයාට බෙදා නොදෙන අතර අදාළ සේවකයා නමින් වූ ගිනිමකට බැර කිරීම සිදුකරයි මෙය සංචිතයක තැන්පත් කරන අතර මෙය තමයි සේවකයාගේ අර්ථසාධක අරමුදලට එකතු කරනු ලබන්නේ
04. සෑම වසරකම බෝනස් මුදලක් ලැබෙන අතර එම මුදල ඔබ මෙතක් තැම්පත් කර ඇති මුදලින් 7% ගෙවයි.

දැන් සෑම සේවකයකු වෙනුවෙන් ඇති 45% සංචිතය යොදා ආයතනය පුළුල් කිරීම , විශ්ව විද්‍යාල පටන්ගැනීම, බැංකු පටන්ගැනීම, පර්යේෂනාගාර ඇරබීම  වැනි දේවලට යොදයි.

වැදගත් ම කරුණ නම් මෙම ආයතනවල වැඩිම ආදායම ගන්න පුද්ගලයා ලබන වැටුප  සහ අඩුම ආදායම ලබන පුද්ගලයා අතර පරතරය 4.5 ගුණයකට වඩා වැඩි නොවිය යුතුයි එනම් අඩුම වැටුප ලබන්නා මෙන් 5 ගුණයක් වැඩිම වැටුප ලබන්නාට නොලැබිය යුතුයි.

විශේෂ අවස්ථාවල මෙම පරතරය 6.5 ගුණයක් දක්වා පවත්වයි.

මෙනිසා ආධායම් බෙදීයාමේ විෂමතා මෙහි නැති බැවින් හිගන්නන් දකින්න නැත.

මෙහිදී තව නීතියක් වන්නේ තම ආයතන අතර තරග කාරිත්වය ඇති නොකිරිමයි.

තව අපුරු දෙයක් සිදුවෙනවා, වනම් හිතන්න කිසියම් ආයතනයක වෙළදාම අඩුවී අදාළ භාණ්ඩය තවදුරටත් බාවිතා නොකරන තත්වයට පත් වුනෝත්  එනම් පාරිබෝගික ඉල්ලුම නැති වූ විට සේවකයන් කප්පාදු කිරීම සිදුකරන්නේ මේ ආකාරයෙනුයි.

සෑම සේවයයකුගේ කාර්යක්ෂම තාවය ගණනය කර ඔවුන්ට කිසියම් ලකුණු ප්‍රමාණයක් දෙන අතර සේවක කප්පාදු අවස්ථාවක දී අඩු ලකුණු ඇති අය ඉවත්කරනු ලබන අතර මේ පිරිසෙන් වයසින් වැඩි අය විශ්‍රාම යවන අතර අනෙක් පිරිස වෙනත් ආයතන වලට මාරු කරනු ලබයි මෙම ක්‍රමය නිසා කිසිම සේවකයකු   ගේ රස්සාව නැතිවී නැති බව ඔවුන් සදහන් කරන්නේ ආඩම්බරයෙන්.      


මෙහිදී ඉතා වැදගත් කරුණක් පවතී, එනම් මෙම සේවකයන්ට කිසිවිටක රැකියා නැතිවන්නේ නැත, හිතන්න අධාල ආයතනය වසා චීනයෙ ආයතනය පටන්ගැනීම නොවන්නේ මෙහි අයිතිකරුවන් සේවකයන් වන නිසා.    




 


 

  

Tuesday, January 5, 2016

George Soros සේතු සමුද්‍රම් සහ රනිල් වික්‍රමසිංහ.



 අද වනවිට ඉහත මාතෘකා මාධ්‍ය තුල සංසරණය වීම දැකිය හැකිය.

මුලින්ම George Soros ගේ ඉතිහාසය බලමු.

01. එංගලන්ත බැංකුව හිගමනේ යාමට ආසන්න තත්වයට පත්කළ තනි මිනිසා ලෙස මොහුව හදුන්වයි, මෙය තුල එක්තරා අතිශෝක්තියක් පැවතියත් මිට මුලික වුයේ යුරෝපයේ විනිමය යාන්ත්‍රණයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වුනේ ජෝර්ජ් සෝරස්  සිදුකල සුදුවක් නිසා, ඔහු ගේ hedge fund යොදවා කලින් මුදල් ආයෝජනය කර තිබුන, බ්‍රිතාන්‍ය රජයට උවමනා වුනා පවුම සදහා ඇති ඉල්ලුම වැඩිකිරීමට මේසදහා පොලී අනුපාතය ඉහල නැංවීම සිදුකලා, කලදුටු කල වල ඉහගැනීමේ දක්ෂයෙක් වූ  George Soros තමා සතු ආයෝජන විකුණා දැමුවා, මෙනිසා ඔහු ලැබූ ලාබය ඩොලර් බිලියන 1 ලෙසයි සදහන් වෙන්නේ.

02.     (http://www.wsj.com/articles/SB10001424052970203476804576614442587262696)

ප්‍රංශයේ දී ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කිරීම නිසා ප්‍රංශ ඉහලම අධිකරණය තුල වැරදි කරුවකු වූ පුද්ගලයෙක්.

03.  Billionaire George Soros behind major push for marijuana legalization (මර්ජුවාන නිතිගතකිරිම පිටුපස සිටින මිනිසා ) https://www.rt.com/usa/soros-mpp-times-marijuana-189/

04. 1997 දී අග්නිදිග ආසියාවේ මුල්‍ය අර්බුදයට George Soros දායක වුනේ විනිමය ගනුදෙනු මගින් මැලේසියාවත් තායිලන්තයත් විශාල අර්බුදයකට ගිය අතර බොහොමිනිසුන් සියදිවි නසාගන්න තත්වයට පත් වුනා.   මිට මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමෙඩ් මහතා රුජුවම චෝදනා කලේ මොහුටයි.

05. මෙහිදී මොහු පාවිච්චි කරන තව උපක්‍රමයක් නම් සමාජවාදීන් මිලදී ගැනීම සහ සමාජවාදී  වෙස්මුහුණක් පැළද තමයි  ශ්‍රී ලන්කාවට පැමිණෙන්නේ




දැන් අපි බලමු ඔහු අනුගමනය කරන ක්‍රමවේදය.

01. චායා රජයක් පිහිටවීම, මේ සදහා මානුශික වාදී අදාර යොදාගැනීම මෙය සිදුකරන්නේ උවමනා කරන වෙස්වලාගැනීම සදහායි
02. මාධ්‍ය පාලනය තමාසතු කරගැනීම හෝ තමන්ම මාධ්‍ය ආයතන පටන් ගැනීම.
03. සමාජය තුල රජයට විරුද්ධ වාතාවරණයක් ඇතිකිරීම සහ රජය දුර්වල කිරීම
04. මැතිවරණයක් පැමිණිවිට ජනතාව නොසන්සුන් කිරීම මෙහිදී මතිවරනය තුල වංචා සිදුවී ඇති බව කියමින් විශාල ජන අරගල ඇතිකිරීම.
05. අවස්සන් ලෙස තමා ආධාර කරන පුද්ගලයාට බලය ලබාදීමයි  

මොහු ඇතිකරන open society foundation මගින් තමයි මෙය සිදුකරන්නේ, එතකොට අපේ කුඩා (අ)මුතු ඇටයේ මොකද සිද්ධ වෙන්නේ ?
මෙන්න පින්වතුනේ http://www.dailymirror.lk/84709/george-soros-open-society-to-start-work-in-sri-lanka

ඔහු ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නෙමෙයි ඔහු දැනටමත් ඇවිල්ල වැඩ පටන්ගෙන ඉවරයි, අපේ දැනුවත් භාවය කොතරම් ඉහලද කියනවනම් ඔය පත්තරේ කිසිම කොමෙන්ටුවක්  නැතිවීමෙන් පැහැදිලියි





   මෙහිදී ඔබ මතක තබා ගත යුත්තේ මෙම වැඩසටන ප්‍රචාරය වන්නේ Fox News Channel වන අතර ඔවුන්නුත් අහිංසකයන් නොවෙයි, නමුත් මේ විශාල තෝරු දෙදෙනා ප්‍රසිද්ධියේ රෙදි ගලවා ගැනීමේදී අපට ඔවුන්ගේ උපක්‍රම මැනවින් දැකිය හැකියි.



තව කරුණක් නම් ඔහු ජනාධ්පති ඔබාමාගේ ප්‍රභල ආධාරකරුවකු වීමයි.

ආයෝජන සදහා මෙවැනි භයානක මිනිසුන් ගෙන එන්නේ ඇයි ?
මට පෙනෙන විධියට රනිල් සිදුකරන්නේ ඇමරිකාව ගහන පදයට නැටීමයි.

දැන් අපි සේතු සමුද්‍රම් වෙත යොමුවෙමු :-

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් සම්බන්ධ කිරීමෙන් ශ්‍රී ලාංකිකයන් වන අපට ඇති වන වාසිය කුමක්ද ?

01. ඉන්දියාවට විකිනීමට අපට ඇත්තේ මොනවාද ?

02. යාපනය ආසන්නයෙන් මුහුදු මාර්ගයක් ඇතිකලවිට මෙතෙක් කොළඹ වරායට පැමිණි නැව් වැඩි පහසුකම් ඇති ඉන්දියාවේ වරායවල් වලට යනබව මේ මෝඩ සිංහල දේශපාලන්යයන්ට තේරෙන්නේ නැද්ද?

03. ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සම්බන්ධ වී නොතිබි තිබුනත් විදේශ ආක්‍රමණ ගණනාවකට මුහුණ දුන් අපි මේ තරමින් වත් බේරී සිටින්නේ ඔය මුහුදු තිරයෙන් වෙන්වූ නිසා, දැන් සිදුවන්නේ හරියටම 30 වසරක යුද්ධයක් අවසාන වූ  පසු දකුණු ඉන්දියාවේ මිනිසුන් මෙහි ගෙන්වාගෙන නැවත යුද්ධයක් පටන්ගනිමටයි.

මට පෙනෙන විදියට මෙවැනි යුද්ධයක් මහින් නැවත ඇමරිකාවේ ආයුධ විකිනීමට වෙළද පොලක් ඇති කරගන්නා අතර මෙම කලාපය යුධ කලාපයක් වීම නිසා චීනය දුරස් කිරීමත් යන කාරනා දෙකම එක ගලක් ගැසීමෙන්  ඇමරිකාවට කල හැකි වනු ඇති.

අපි ඉන්දියාව සමග ගනුදෙනු කිරීමට පෙර අප අපේම කියා නිෂ්පාදන අප රට තුල ඇති කර ගත යුතුයි. බොහෝවිට විනිමය අනුපාතය පිරිහෙන විට රටේ මුදල් ඇමති කියන්නේ මෙය අපනයන සදහා හොදමිලක් ලබාගත හැකි බවයි. නමුත් ප්‍රයෝගිකව අපනයන ප්‍රවර්දනය අතිශයෙන් නොදිව්නු මට්ටමේ පවතී.

පසුගිය කාලයේ ආනයන ආදේෂණයට පැමිණි http://www.orangeelectric.biz/ වැනි ආයතන ඉහල දක්ෂතා පෙන්වමින් අපනයන කිරීමටත් හැකි උනත් මහා පරිමාණයෙන් කලයුතු වූ මෙවැනි කර්මාන්ත නොමැතිව රට ඉන්දියාවට විවුර්ථ වීම අතිශයෙන් භයානක වනු ඇති.

අනෙක් කාරණය ඉන්දියානුවන් ගැන මේ රටේ මිනිසුන් ගේ නොදැනුවත් බවයි, ශ්‍රී ලාංකිකයන් මෙන් ඉන්දියානුවන් අපේ නිෂ්පාදන මිලදී නොගනු ඇති ඔවුන් සැමවිට ඉන්දියානු නිෂ්පාදන සදහා වැඩි කැමැත්තක් දක්වනු ලැබේ. අනෙක් කාරණය ඉන්දියානුවන් කිසියම් භාණ්ඩයක් වර්ජනය කලොත් ශ්‍රී ලංකික නිෂ්පාදකයාට යන එන මන් නැතිවෙයි.

නමුත් ශ්‍රී ලාංකිකයන් කිසිවිටක මෙවැනි දේ නොකරන බව දශක කීපයක් මෙරටේ ජිවත් වූ කෙනෙකුට තේරුම් ගත හැකි වනු ඇති.

අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ ගැන යමක් කිවයුතුයි.

එනම් ඇමරිකාව පෙන්වාදෙන ඕනෑම ක්‍රියාමාර්ගයකට අනුකුලතාවය ඔහු දක්වනු ඇති, ඔහුට නවීන ලෝකය පිළිබද මනා වැටහීමක් තිබෙන බව කිව්වත් අද තොරතුරු ත්ක්ෂණයෙන් කළහැකි බොහෝ දේ පිළිබද ඔහු යාවත්කාලින වී නැතිබව PAYPAL මගින් වාණිජ බැංකු වලට විදේශ මුදල් ගෙන්වා ගැනීම වැනි ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මුලිකම විදි පිළිබද ඔහු දක්වන නොදැනුවත් කම සහ මෙය ක්‍රියාත්මක කිරීමට දක්වන අලස භාවයෙන් පැහැදිලියි.

අවසාන ලෙස මහින්දගේ යුගයේ සිදුවූ විශාල මෝඩ වැඩ අතර සිදුවූ වටිනාම දෙය, හම්බන්තොට වරායයි අපි දක්ෂ නම් කලයුත්තේ තෙල් පිරිපහදු කිරීමට සමත් විශාල තෙල් ටැංකි සංකීර්ණයක් ඇති කිරීමයි, යම් විදියකින් සේතු සමුද්‍රම් පටන්ගත් තොත් මෙම වරායට කරපු මුළු ආයෝජනයම වතුරේ යනු ඇති.

ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා සිදුකල යුතු සියලුම බලපෑම අපි රජයට සිදුකලයුතුයි.                   

Friday, January 1, 2016

රනිල් වික්‍රමසිංහයන් ගේ මනස තේරුම් ගැනීම.




 
පහත දැක්වෙන්නේ මහාචර්ය Richard Wolff නමැති වාමාංශික ආර්ථිය විද්‍යාත්නයා ගේ දේශනයකුයි.



මෙය වැදගත් වන්නේ ඇමරිකානු ඉතිහාසයේ සැගවුන කොටසක් ඔහු මතුකරන නිසයි, මා මෙය නැරබිමේ දී
සිතුනේ රනිල් වික්‍රමසිංහ ඇමරිකානු ඉතිනාසය ගැන කොපමණ දැනුවත් ද යන්නයි, තව විදියකින් කිව්වොත්
රනිල් වික්‍රමසිංහ ගේ මනස දැනගැනීමටත් ඔහු ඉදිරියට කරන්න යන ප්‍රතිසංස්කරණ ගැන දැනගැනීමට උවමනා
කෙනෙකුට සිදුවෙන්නේ ඇමරිකානු ඉතිහාසය ගැන දැනගැනීමටයි.

ඉහත දේශනය පැයකට වැඩි නිසා ඔබ බොහෝ දෙනා මෙය නොබලනු ඇති, නමුත් ඔබ මෙය නැරබුවොත් මා පහත විස්තර
කරන විස්තරයට වඩා වැඩියමක් තේරුම් ගනු ඇති.

දැන් අපි මාතෘකාවට යොමුවෙමු, Richard Wolff ඇමරිකානු ඉතිහාසය ගැන කරන විස්තරයේදී ඔහු කියනවා ඇමරිකාව මුල් යුගයේ
ඉතා සශ්‍රික රටක් ව තිබුන බව, මේ රට දියුණු වීමට උවමනා එකම අඩුව වී තිබුනේ රටේ අවශ්‍ය තරමට සේවකයන් නොමැතිවීමයි, කොටසක්
අප්‍රිකානු වහලුන් යොදන අතර තව කොටසක් යුරෝපයෙන් ඇමරිකාවට ගෙන්වාගැනීමට රටේ සිටි ප්‍රාග්ධනය හිමි මිනිසුන් යොදන උපායනම් වැඩි
වේතන ලබාදෙමින් ඇමරිකාවට යුරෝපියන් ගෙන්වාගනිමයි.

මෙම ක්‍රියාවලිය නිසා ඇමරිකානු සේවකයකු ගේ වැටුප වැඩිවූ අතර වැඩි වැඩියෙන් සංක්‍රමිකයන් යුරෝපයෙන් ගෙන්වා ගැනීමට ඇමරිකාව සමත් වෙනවා.
ශතවර්ශ කීපයකින් පසු 1920 දශකය පමණ වනවිට ඇමරිකාවේ ජනගහනය අධික නගර වල රැකියා ලබාගැනීමට තරගයකට මුහුණ දෙන ඇමරිකානුවන්ට අඩු පඩියට රැකියා කිරීමට සිදු වෙනවා.

මෙසේ කාලයක් යනවිට ධනපති සුලුතරයකුත්  අඩු ආදායම් ලබන බහුතරයකුත් ඉතිරිවෙනවා මෙකාලයේ තමයි The Great Depression (1929-39)  ලෙස නම් කෙරුණ ඇමරිකාවේ විශාල ආර්ථික අවපාතය සිදුවන්නේ, මෙහිදී  Richard Wolff පෙන්වාදෙනවා අපුරුදෙයක් (මේක තමයි මා මුලින් කිව්වේ රනිල් වික්‍රමසිංහයන් ගේ මනස තේරුම් ගැනීමට ඇමරිකානු ඉතිහාසය උවමනායි කියල ) එනම් මේ කාලයේ ඇමරිකානු ජනාධිපති වන්නේ  Franklin D. Roosevelt යි.

මේ කාලයේ වාමාංශික නායකයන් ලෝකයේ අනෙක් රටවල බලවත් වූ යුගයයි, ඇමරිකානු වාමාංශික නායකයන්  ජනාධිපති Franklin D. Roosevelt මුණගැසී පවසනවා, රටේ ජනතාව පවතින දේසපාලන ක්‍රමය ගැන ජනතාව ඉතා අප්‍රසාදයෙන් පවතින බවත් මෙය නිවැරදි කිරීමට පියවර නොගත්තොත් විප්ලවයක් ඇති කරන බවටත් අනතුරු අගවනවා, මෙය සිදුකරන්නේ මිලියනයක් පමණ සාමාජිකයන් සහිත වුර්තිය සමිති වියාපරයකින් නිසා ජනාධිපති තුමා   බයට පත්වෙනවා, මොකද මෙම වාමාංශික නායකයන් පවසනවා ඔබ අපේ ඉල්ලීමට එකග නොවුනොත් ජනතා බලය යොදා ජනාධිපති කමෙන් නෙරපා දමන බව.

ධනවත් පවුලක සාමාජිකයකු වන  Franklin D. Roosevelt තම රටේ සිටින ධනවත් ප්‍රාග්ධනය හිමි වියාපාරික පිරිස අමතා කියනවා යම් විදියකින් විප්ලවයක් අතිඋනොත් ඔබල සතු සියලු සම්පත් නැතිවන බවත් මේ අර්බුදයෙන් ගැලවීමට ඔබට මුදල් සැපයීමට සිදුවන බව, මෙය ඔහු කියන්නේ මහත්වරුනි මේ මිනිසුන් මිලියන ගණනකට රැකියා නෑ, මේ නිසා රජයට නොහැකිවී තිබෙනවා බදු එකතු කිරීමට, නමුත් මට සිදුවී තිබෙනවා මේ මිනිසුන්ට කුමක් හෝ ලබාදෙන්න එසේ නොකලොත් විප්ලවයක් ඇති වෙයි, නමුත් දැන් රජයට කිසිවක් කල නොහැකියි මුදල් නැති නිසා කළහැකි එකමදෙය ඔබෙන් මුදල් ගෙන මොවුන්ට ලබාදීමයි, දැන් ඔබට රනිල් වික්‍රමසිංහයන් මතක්වුනානේද ? බලන්න වසර 90 ට වඩා පැරණි ඇමරිකානු ඉතිහාසය වික්‍රමසිංහයන් යොදාගන්න අයුරු.       


අපි මතක තබාගත යුතුයි 1917 පමණ රුසියන් විප්ලයව පවති බව, මේ නිසා කොටසක් බියට පත්වන අතර කොටසක්  Franklin D. Roosevelt සමග දැඩිලෙස උරණ වෙනවා.

මෙහි ප්‍රතිපලය වන්නේ අදාළ වාමන්ශික නායකයන්ට ජනාධිපති   Franklin D. Roosevelt කියනවා ඔබට සහන සලසනවා ඒ වෙනුවට ඔබගේ මේ විප්ලවය සම්පුර්ණයෙන් අත්හැරිය යුතු බව, මිට වාමාංශික නායකයන් එකග වෙනවා. මෙය සිදුකරන්නේ ආදායම බෙදාහැරීමට බදු ක්‍රමයක් ඇති කිරීමයි.

ඔහු සිදුකලේ වියාපාර සග ධනවතුනගෙන්  විශාල ලෙස බදු අයකිරීමයි. මෙය යොදා social security system (සමාජ ආරක්ෂණ ක්‍රමයක් ) ඇති කිරීම සිදුකරනවා, තවත් ඔහු කියනවා වයස 65 ට වැඩි සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් දෙන බව, ඔහු මෙය ලබාදෙනවා, මෙතනින් නතර නොවන ඔහු කියනවා මම unemployment compensation (රැකියාවක් නැතිවීම් නිසා කිසියම් කාලයකට ඉදිරි රැකියාව ලැබෙන තුරු වැටුපක් ) ලබාදෙනවා ඉන්පසු ඔහු අවම වැටුපක් නියම කරනවා, මිට අමතරව ඔහු කියනවා යම්විදියකින් පුද්ගලික අංශයට රැකියා ලබාදීමට නොහැකි නම් තමා ෆෙඩරල් රජය මගින් රැකියා ඇතිකරනබව ඔහු ඇතිකළ රැකියා ප්‍රමාණය  මිලියන 15ක්, මෙය සිදු කලේ රටේ පෝසත් පුද්ගලයන් ගෙන් මුදල් රැගෙනයි, 1944 දී සෑම පුද්ගලයකුගෙන් ඩොලර් 1 ගන්න විට සමාගම් වලින් ඩොලර් 1.50 ලබාහ්ගන්නලදී (මෙහිදී Richard Wolff පෙන්වාදෙනව අද වනවිට පුද්ගලයකුගෙන්  ඩොලර් 1  බදු ගන්නාවිට සමාගම් වලින් ගනු ලබන්නේ ශත 20 පමණ බව )       ජනාධිපති නියමකරන ඉහලම බදු ප්‍රමාණය වන්නේ 100%, ඉහලම ආදායම උපයන්නන් ගෙන්, එනම් ඩොලර් 25000 වසරකට උපයනවා නම් ඊට වැඩිවන සියලුම මුදල් රජයට ගන්නවා නමුත් මෙම තීරණයට කොන්ග්‍රසය  කැමතිකරවා ගැනීමට 94% දක්වා බදු ගෙවීමට එකග වෙනවා. 

මෙවැනි තීරණ ගැනීම දේසපාලන සියදිවි හානිකරගැනීමක් කිව්වත් ඇමරිකාවේ සිටින ජනප්ප්‍රිය ම ජනාධිපති  Franklin D. Roosevelt  බවයි Richard Wolff පෙන්වා දෙන්නේ.

ඉහත සදහන් ඉතිහාසය බොහෝ ඇමරිකානුවන් නොදන්නා බවයි ඔහු සදහන් කලේ, මෙහිදී   Franklin D. Roosevelt  මියගිය වහාම මෙම බලවත් සමාගම් සිදුකලේ විශාල ලෙස මුදල් යොදවා දෙසපාලනයයන් මිලදී ගැනීම සහ මාධ්‍ය මිලදී ගැනීම මගින් ජනමතය පෙරලීමයි මිට අමතරව මිට මුල් වූ වියාපාර වල දුර්වලතා  හදුනා ගෙන විනාශ කිරීම සිදු කරනවා.

දැන් 1980 වසර වනවිට මෙම සමාගම් සොයාගන්නවා  ලෝකයේ අඩු පඩියට වැඩ කරන රටවල් පවතින බව ඔවුන් සිදුකරන්නේ අදාළ වියාපාර ලෝකයේ විවිධ රටවලට ගෙනයාමයි.

මිනිසා ඇමරකානු සාමාන්‍ය මිනිසාගේ ජීවිතය අදුරු වීම ගැනයි ඔහු කතා කරන්නේ, මිට අමටරව ඔහු පෙන්වා දෙනවා චීනය බලවත් වී ඇති ආකාරය.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් වන අපට අදාළ කොටස නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගන්නා තීරණයි, මා සිතන්නේ නෑ  Franklin D. Roosevelt  ගිය මග ඔහු ගනී කියල නමුත් මා විස්වාස කරනවා ඔහු මේ උත්සාහ කරන්නේ රටේ සලකියයුතු බදු මුදලක් වියාපාර වෙත ටික කලකට නමුත් පැටවීමයි.
එසේ නැතිව මේ යන විදියට ලෝකයෙන් ණය ගැනීමට නොහැකි උනොත් අපරට විශාල අර්බුද වලට යනු ඇති.

මා දකින දෙය නම් රනිල් කියන්නේ සිංහල මිනිසකුගේ මනසින් තේරුම් ගත නොහැකි වීමට මුලික හේතුව ඔහු ගුරු කොට ගන්නේ ඇමරිකානු ඉතිහාසය සහ බටහිර සන්ස්කෘතියයි.

මෙම වැඩසටහන බැලුවනම් ඔබට තේරෙයි ඔහු ඇමරිකාවේ ඇති කාබන් කොපියක් මෙහි ඇතිකිරීමට යන බව, වෙනස නම් මෙය අද ඇමරිකවේ ඇති වාතාවරණය ගැන සිතා නෙමෙයි, ඔහු ඊට යොදාගන්නේ දශක ගනනකට පෙර දැනුමයි, නමුත් මෙය ඇමරිකාවේ තිබුන තත්වයක්.          
                     

Monday, December 28, 2015

මධ්‍යස්ථ මතධාරියා ගේ සමුගැනීම



මෙය ලියන්න හිතුනේ මෙම බ්ලොග් අවකාශය තුල හරවත් යමක් ඉදිරිපත් කල බ්ලොග් කරුවකුගේ සමුගැනීම ගැන මට සිතෙන දෙය විස්තර කිරීමටයි.
ඇත්තටම අද සමාජය ගැන බැලුවහම ඉනිසුන් සිදුකරන්නේ රැල්ලට යාමයි, මෙම රැලි නිර්මාණය කරන්නේ ඉතා උගත් වගේම මිනිස් මනස පිළිබද පුළුල් අවබෝදය සහිත වියාපාරික පැලැන්තියක්, ඔවුන්ට උවමනා සිතන්න බැරි මිනිසුන් සමුහයක්, මෙය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමයි ලෝකයේ ඇමරිකාව වැනි දියුණු රටවල සිදුවෙනවා.

මේ ක්‍රියාවලිය ඉතා සාර්ථකයි අද සමාජය මුළුමනින්ම ක්‍රියාත්මක වන තත්වයට පැමිණ අවසන්. අද ඉතුරුවෙලා ඉන්නේ හිතන්න පුළුවන් මිනිසුන් ගෙන් ඉතා සුළුතරයක් පමණයි ඔවුන් කට ඇරියම  මධ්‍යස්ථ'ට වෙච්ච දෙය තමයි වෙන්නේ (මෙය වෙන්නෙත් අදාළ අඩවිය ජනප්‍රිය වීම ඇරබු විට බවයි මගේ අදහස )     

මෙහිදී මධ්‍යස්ථ මතධාරියා සමග එකග නොවන තැනුත් පවතින බව කිවයුතුයි "බටහිර නොවන සංස්කෘති එහිදී හෙළා දකිනු ලැබේ." ඇත්තටම සිංහල රජබස කල S. W. R. D. Bandaranaike ක ගැන රසිකගේ අඩවියේ http://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html (Lankika Sithuwili29 December 2015 at 14:41) කොමෙන්ටුවකින් සදහන් කළා.

මෙහිදී මා පෙන්වා දුන්නේ සිංහල ජාතිය ගැන කතාකරමින් සිදුකරන ලද මහා රැවටීම ගැන කියන්නයි.

ඔබ හිතන බුධිමත් සංවාද කලකට මේ බ්ලොග් අවකාශයේ ඇති නොවනු ඇති, මගේ නම් මුලික අරමුණ ඉදිරිපත් කරන කරුණු වලින් කීප දෙනෙක් වත් කරුණු සොයන පුද්ගලයන් බවට පත් කිරීමයි, දැනට මට ඇනෝ ප්‍රහාර නොලැබී ඇත්තේ මේ අඩවිය ජනප්ප්‍රිය නොවී ඇති නිසා බවයි මගේ අදහස.
ඉදිරියදී තෙවැනි ප්ර්ශවයකට අපහාසයක් වෙන කොමන්ටු දැමීමකදී හෝ අසබ්ය වචන භාවිතයක් සිදුඋනොත් හැර කුමන හෝ පුද්ගලික මඩ ගැසීමක් සිදු වුනෝත් හැර  මා එය වාරණය නොකරමි.

සංවාද ගැන කීමේදී කිවයුතු යමක් තිබෙනවා, එනම් බොහෝ අය කොමෙන්ටුවක් එකතු කිරීමට බොහෝ කල් යනවා, මේ ලියන මමත් වසර කීපයක් බොහෝ බ්ලෝග් කියවා ඇතත් කොමෙන්ට් කිරීමට පෙලබුනේ  කාලයකට පසුවයි.

ඉතින් මම සිතනවා බොහෝ අය මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නවා.

මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ පුද්ගලිකව අනෙක් අය හදුනාගන ඇති නිසයි, මගේ යෝජනාවනම් ලියන දෙයක් අන්වර්ථ නාමයකින් ලියන්න ඔබේ අදහස ලෝකයට ලබාදෙන්න කිසිවිටක පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගන්න එපා, මෙම බ්ලෝගය ඔබ ලියන බව කියන්න එපා මෙමගින් ඔබට පහසුවෙන් මෙය කළහැකි අතර මානසික පීඩනයක් ඇති නොවනු ඇති.

මම මෙතක් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන අතර මටම පනවගෙන ඇති වාරණයක් නම් අන්වර්ථ නාමයකින් ලියන නිසා කිසිවෙකුට පුද්ගලිකව අපහාස නොකිරීමයි.

අවසාන ලෙස කිව හැක්කේ මෝඩයන් බොහෝ සිටියත් නුවන ඇති අය ටිකක් හෝ  සිටින බවයි, පරමාර්ථය වියයුත්තේ විමර්ශානාත්මකව සිතන මිනිසකු ඇති කිරීමට උදව් වීමයි.