Thursday, February 15, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයන් හදුනාගනිමු. පළමු කොටස




රාවය පුවත්පත බොහෝදෙනා සිතාසිටියේ ඉතා අවංක ජනතා අදහස් නියෝජයන කරන පාලකයන්ට බය නැති ස්වාදීන පුවත්පතක් ලෙසයි

නමුත් වෙස්වාලගෙන ජනතාව නොමග අරින ආකරය ගැන මම මිට කලකට පෙර ලිපියක් පලකලා  මෙතනින් බලන්න.

දැන් නැවත කතාවට එමු වික්ටර් අයිවන් ගෙන් පසු රාවයේ කතෘ බවට පතවන්නේ නීතිවේදියකු වන කේ. ඩබ්ලිව්. ජනරංජන මහත්මායි, දින කීපයකට කලින් ඔහු තම කතෘ භාවයෙන් ඉවත් වී මෙන්න මේ ලිපිය පලකරනවා http://ravaya.lk/?p=170625

මේ ලිපිය සමග රාවයේ රෙදි අපුරුවට ගැලවෙනවා,

ජනරන්ජන ගේ වචන වලින්,

//අයිවන් කියන්නේ, සුදර්ශන ගුණවර්ධනගේ රාජ්‍ය නොවන සංවිධානයේ (රයිට්ස් නව්) අධ්‍යක්‍ෂවරයකු හැටියට මා සිටි බව ‘පසුව දැනගත් බව’යි. මෙය අසත්‍යයකි. පසුව දැනගන්නට දෙයක් නැත. 2008දී රාවයේ වැඩබලන කර්තෘ හැටියට එකතුවන විටම රයිට්ස් නව්හි ප‍්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්‍ෂ ධුරයේ වැඩකළ බව මම ඔහුට කීවෙමි. //

මේ අනුව අපට තේරුම්ගන්න හැකි වෙන්නේ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිදාන මෙම ආයතන වලට ඉත්තන් පත්කරන අයුරුයි.


//රයිට්ස් නව් ආරම්භයේ සිටම, එහි ව්‍යාපෘතියක් ලෙස, මුදල් ගෙවා රාවය පුවත්පතේ ‘සමබිම’ නමින් පිටුවක් කළ යුතු බව යෝජනා කරන්නේද මාය. ඒ නිසා විදේශ එන්ජී ඕ අරමුදල්වලින් රයිට්ස් නව් හරහා, මාසයකට සැලකිය යුතු මුදලක් රාවයට සමබිම නිසා ලැබුණේය. අදත් එයින් මාසිකව ලැබෙන මුදල රාවයේ ආදායමෙන් සැලකිය යුතු කොටසකි. රාවය හැමදාම එන්ජී ඕ සමග වැඩ කළේය. ඒවායින් මුදල් ගත්තේය. රාවයේ ආචාර ධර්ම හැදුවේත්, ‘ජන විවිධත්වය’ පොතට පාදක වුණු විශේෂ ජනකොටස් සොයාගොස් ලිපි සම්පාදනයට රාවයේ මාධ්‍යවේදීන්ට මුදල් ගෙව්වේත් එන්ජී ඕ මුදල්වලිනි. //

ජනතාව ඉදිරියේ සුදු පිරුවට අදිමින් විවිද බහුජාතික සමාගම් වලට කඩේ යමින් කරන මේ නාඩගම දැන් පෙන්නෙන්න ගන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි අද සමාජ මාධ්‍ය වල ඇති දියුණුව නිසයි.

//ඇත්ත. මම කාලයක් එක්ස් කණ්ඩායමේ පන්තිවලට සහභාගිවෙමින් සිටියෙමි. මා එක්ස් කණ්ඩායමේ සමීපතමයකු නිසා මගේ පත්වීමේ ලිපියේ මේ වාක්‍යය ඇතුළත් කොට තිබුණි. ‘පුවත්පත මොනම දේශපාලන පක්‍ෂයක හෝ කණ්ඩායමක අතකොළුවක් බවට පත් නොකළ යුතුය.’ 2008 තරම් ඈත කාලයක පුරවැසි බලයක් හෝ වෙනත් එවැනි දේශපාලන ව්‍යාපාරයක් ඇතිවේයැයි අනාගත වාක්‍ය කියන්නට අයිවන්ට බැරිවුණු නිසා, මේ තහංචිය දැම්මේ එක්ස් කණ්ඩායමේ දේශපාලනයට අදාළව පමණකි. එසේම, අද දක්වා මම ඒ එකඟතාවෙන් මිදුණේ නොවෙමි. එපමණක් නොව, 2014 අවසාන භාගයේ සිට මා සම්බන්ධවුණු ‘පුරවැසි බලයේ’ හෝ කිසිම දේශපාලන කාරණයක් ගැන වචනයක්වත් මම රාවයේ ලියා නැත්තෙමි. කළ එකම දෙය නම්, එහි රැස්වීම් ගැන දැන්වීමක් හෝ ප‍්‍රවෘත්තියක් නොමිලේ පළකිරීම පමණකි.//

මේවා බැලීමෙන් පෙනෙන්නේ කුමක්ද ? මේ අන්ත්ර්ජාතින සංවිදාන රටේ ජනතාවගේ සමීප ජනමාද්‍ය පාවිච්චි කරමින් කරන මහාපරිමාණ ජනතාවගේ මොළ සෝදමින් කරන රැවටීමයි.       

පුරවැසි බලය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරමින් අන්තවාදී මුස්ලිම් ජනපද කරණයට උදව් දෙමින් රට අන්තයට ගෙන යන්නේ මේ ආර්ථික ඝාතකයන් විසිනුයි.

//රාවයට කළ විශාලතම විනාශය ලෙස පෙන්වන්නට අයිවන් උත්සාහ දරන්නේ මගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයයි. 2014 අවසාන භාගයේ මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව පුරවැසියන් පෙළගැස්වීමේ අදහසක් මත අපි පුරවැසි බලය ගොඩනැගුවෙමු. ඒ අදහස මා මුලින්ම කී කිහිප දෙනා අතර අයිවන්ද කෙනෙකි. අපේ පළමු රැස්වීම 2014 දෙසැම්බර් 2වැනිදා හයිඞ් පිටියේ පවත්වන්නට එම පිට්ටනිය වෙන්කරගන්නට පුරපති මුසම්මිල්ට කතා කළේද අයිවන්ය. රාජපක්‍ෂ පාලනයට එරෙහිව හැකි සෑම දේශපාලන පෙරමුණක්ම එකම පුරවැසි වේදිකාවකට ගෙනඒම අපේ අරමුණ විය. ජවිපෙ නායකයාගේ සිට ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා චන්ද්‍රිකා කුමාරතුංග දක්වා සියලූ නායකයෝ, හයිඞ් පිටියේත් අවට මාර්ගවලත් සෙනග පිරී සිටි ඒ වේදිකාවට ආරාධනා ලදහ. //

මේ බලන්න විදෙශ රාජ්‍ය නොවන සංවිදාන හරහා මුදල් පොම්පකරණ ආකාරය.
අප සිතාසිටින බටහිර පමණක් නෙමෙයි මෙවැනි සංවිදාන වලට මුදල් යොදවන්නේ, සිංගප්පුරුව වැනි රටක් උනත් මෙවැනි වැඩ සදහා මුදල් යොදවනවා මොකද අස්ථාවර ශ්‍රී ලංකාවක් කියන්නේ දියුණු සිංගප්පුරුවක් වන නිසා.

//

මගේ දේශපාලනය පුරවැසි දේශපාලනයකි. එය රාවයේ දේශපාලනයටද එකහෙළා ගැළපෙන, හැංගි හොරා නොව ප‍්‍රසිද්ධියේ කරන එකකි. මා දන්නා රාවයද කිසිදාක අපක්‍ෂපාතී, මධ්‍යස්ථ පුවත්පතක් ලෙස පැවතියේ නැත. මගේ වටහාගැනීම අනුව රාවයේ තිබුණේ, යම් මතයක් දරමින්, ඊට වෙනස් මත දරන්නන්ටද ඉඩ දීමේ පිළිවෙතකි. එය සංවාදශීලී වන්නේ ඒ අරුතෙනි. අද දක්වාම මම එම පිළිවෙතින් වෙනස්වී නැති බව වගකීමෙන් කියමි.
කර්තෘ හැටියට මට පුරවැසි දේශපාලනය කරන්නට එපායැයි කියන අයිවන් කළ පක්‍ෂ දේශපාලනය ගැන හැමෝම දන්නවා ඇත. ඒ ගැන මෙහි ලිවිය යුතු නොවේ.

//

ටිකක් හිතන්න අන්තර්ජාතික කුමන්ත්‍රණ ගැන කිව්වහම වික්ටර් අයිවන් සහ ජනරන්ජය යන අය මිට පෙර ආදාල කතාව කියන කෙනාව විහිලුවට ලක්කරයි, ඔහු හැමදේම කුමන්ත්‍රණ වලටම බැර කරමින් ගැලවීමට උත්සාහ කරන ජෝකර් කෙනක් ලෙස අර්ථගන්නවන අතර තමා ඉතා පිරිසිදු ජනතාවට හිත්යිශි මිනිසුන් ලෙස තමන්ව අලවි කරගැනී.

විදේශ රාජ්‍ය නොවන සංවිදාන වලින් මුදල් ගනිමින් එම සංවිදාන වල සිදුවන ක්‍රියාවලිය රාවය තුලින් පැහැදිලි වෙතැයි සිතීම ලෝක විහිළුවකි.
නමුත් බුද්ධිමත්ව බැලීමේදී


//
රාජපක්‍ෂ පාලනය බිඳදමා මේ ආණ්ඩුව පත්කිරීමට රාවය විශාල මැදිහත්වීමක් කෙළේය. මමත් කර්තෘ මණ්ඩලයේ අනෙක් සාමාජිකයෝත් එකී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, එහෙත් ඉතාමත් බලවත් ඒකාධිකාරී පාලනය බිඳදැමීම සඳහා හැකි සෑම ආකාරයෙන්ම ලියුවෙමු. කතාකළෙමු. අවසාන කාලයේ අයිවන්ද ඒ මතයටම ආවේය. මේ බලන්න.: ‘දැන් රටේ ජනතාවට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කාර්යක්ෂම හා සාධාරණ පාලනයක් සඳහා හා සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලූ ආයතන ක‍්‍රම බිඳවැටී මුළු රටම එක පුද්ගලයකුගේ දැඩි ආධිපත්‍යයකට නතුවූ අශීලාචාර වටාපිටාවකය… ආණ්ඩුව රට ප‍්‍රතිසංවිධානයට ලක් කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට තරයේ විරුද්ධය. ඒ මගින් රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය ආණ්ඩුව අහිමි කරගෙන තිබෙන අතර පවත්වන්නට නියමිතව තිබෙන මැතිවරණ දෙකෙන්ම ආණ්ඩුව පරාජය කොට රට ප‍්‍රතිසංවිධානයකට ලක් කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට බර තබා ක‍්‍රියාකරන ආණ්ඩුවක් ඇති කර ගැනීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වී ඇතැයි කිව හැකිය.’ (වික්ටර් අයිවන්, 2014 නොවැම්බර් 3, රාවය) මේ කතාවේ දේශපාලනයක් නැතිද?
//

මේ රෙදි ගලවාගෙන නටන නැටුමින් අපට කලාතුරකින් නමුත් දැනගන්න හැකි වන්නේ මෙම මාද්‍ය අපව නොමග යවන විදියයි.

මහින්ද රාජපක්ෂ රජය අති විශාල දුෂණ වල නිරත වූ බව සම්පුර්ණ ඇත්තක්, නමුත් ඔහුව බටහිර බලවතුන්ට ඉවත්කිරීමට උවමනා කරන්නේ ඔහු දුෂණ වල නිරත වූ නිසා නෙමෙයි. ඔහු තම සහෝදරයාගේ සමග රටේ වසර 30 යුද්ධය වසර 3 කින් අවසන් කරනවා බටහිර රටවල් දැනගන්නවා LTTE පරාජය කරනවා කියන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කිරීමට ලැබෙන්නේ නෑ කියල.

බොහෝදෙනා කියනවා සුද්ද තව මොනවා මේ හිගන ශ්‍රී ලංකාවෙන් ගන්නද කියල, මෙහෙම කියන මෝඩ මිනිසුන් ලෝක ඉතිහාසය ගැන අල්පමාත්‍ර දැනුමක් වත් නැති උදවියයි, බ්‍රිතන්‍ය අගමැති Sir Winston Churchill කියනවා ශ්‍රී ලංකාව (Ceylon ) ජපන් ආක්‍රමණයට ගොදුරු උනොත් ඔවුන්ට ආසියාවේ යුද්ධය අතහරින්න වන බව, බ්‍රිතන්‍ය විසින් තිරිකුනාමලේ තෙල් ටැංකි 101 ස්ථාපිත කරන්නේ ශ්‍රී ලංකාව වැදගත්ම රටක් නිසයි, මෙවැනි විශාල ආයෝජනයක් බ්‍රිතන්‍ය ඉන්දියාවේ හෝ පාකිස්තානේ හෝ බුරුමයේ නොකර ශ්‍රී ලංකාවේ කරන්නේ ස්ථානීය වැදගත්කම දන්නා නිසයි.

මේ ස්ථානීය වැදගත් කම දැනට වසර 70 ට වඩා අද ඉතා වැදගත් වෙයි, චීනයේ ඩොලර් බිලියන ගණනක ණය පහසුකම් ලබා දෙන්නේ මේ ගැන ඉතා හොද අවබෝදයක් ඔවුන්ට තිබෙන නිසයි, මහින්ද රාජපක්ෂ කල වැදගත්ම ආයෝජනය හම්බන්තොට වරායයි ඔහු එහි මුදල් උපයන කොටස වන බොර තෙල් පිරිපහදුව අවසන් නොකර විවිද අනෙක් සංවර්දන වැඩ කිරීමෙන් උනේ මෙම වරාජය ගත්ත ණය ගෙවීමට ක්‍රමයක් නොමැති වීමයි. යම්විදියකින් බොරතෙල් පිරිපහදුව මෙයට ඇතුලත් උනානම් අද ශ්‍රී ලංකාවේ සමස්ථ ජාතික ආදයෙමෙන් 40% වැනි කොටසක් මුල් අවස්ථාවේම ලැබෙන බව සදහන් උනා.

අවාසනාවට මෙය නිසිපරිදි කිරීමට මහින්දට ගේ රජයට නොහැකි උනා, මේ බටහිරට ක්‍රියාවලිය විනාශ කිරීමට උවමනා උනේ යම් විදියකින් මේ රට දියුණු වෙනවා කියන්නේ ආසියාවේ බලය චීනයට යනවා කියන එකයි එහෙම උනොත් ඇමරිකාවටත් ඉන්දියාවටත් අදාළ අවස්තාව නොලැබී යනවා කියල ඔවුන් දැන සිටිය, කෙනෙක් අහයි ඇයි ඇමරිකාවට පුළුවන් නේ ශ්‍රී ලංකාවේ ආයිජනය කරන්න කියල ? උත්තරය තමයි ඔවුන්ට මුදල් නෑ මෙවැනි අතිවිශාල ආයෝජනයක්ට යන්න නමුත් ඔවුන්ට විශාල ආයෝජනයක් නොකර ශ්‍රී ලංකාව තම ග්‍රහණයේ තියාගන්න මේ රටේ අස්ථාවර දිලිදු රටක් කිරීම තමයි ඔවුන් ගේ උපාය මාර්ගය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින බටහිර ඒජන්තයයි, ඔහු ඔහොම උද්දච්ච විදියට හැසිරෙන්නේ ඔහුට බටහිර බලවතුන් බලයේ සිටීමට ආධාර කරන නිසයි, ඉදිරි කාලයේ ඔබ දකීවි රනිල් දිගටම තම තනතුර රැකගන්නා ආකාරය බැරිවෙලාවත් ඔහුගේ තනතුර නැති උනොත් ඔහු සමාන පුද්ගලයෙක් තමයි පත්වෙන්නේ.

මා සිතන ආකාරයට රනිල්ව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත් ඉතා අපහසු වෙනවා, යම් විදියකින් ඉවත් උනොත් ඔබ දකීවි සිංහල ජනයාට ඉතා සමීප නායකයෙන් තමයි බිහිවෙන්නේ, නමුත් රැවටෙන්න එපා ඒ ඉන්නේ බටහිර ඒජන්තයෙක් තමයි.       

2014 දී අතිශයෙන් බලවත් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුධව එලියට එන මෛත්‍රීපාල, මහින්දට විරුද වන්න බලය ඔහුට ලැබෙන්නේ කොහොමද කියල කල්පනා කරන්න, ඔහුට ඉන්දියාවේත් ඇමරිකාවෙත් සහයෝගය නැත්නම් ඔහු මෙවැනි තින්දුවක් නොගන්නවා ඇති, ඔහුව මැතිවරණ පරාජයකදී ආරක්ෂා කරන බවට පැහැදිලි ආරක්ෂණයක් සහ අති විශාල මුදල් නොලැබෙන්න ඔහු මේ වැනි තීන්දුවක් ගන්න සිහිනෙකින් වත් නොසිතනු ඇති .

බලයට පත්වන ඔහුට මුලිකවම උපකාර වන්නේ නව පරපුරේ දුෂණ විරෝධී තරුණ පිරිසත් සුළුජාතික චන්දත් බව මයිත්‍රී දැන සිටියත් ඉදිරියේ මහින්ද ගේ දුෂණ චෝදනා වලට දඩුවම් නොදුන්නොත් මේ පිරිස තමාගෙන් ගිලිහෙන බව ඔහු දැන සිටියත් මහින්දට දඩුවම් දීම මහින් මහින්ද පාක්ෂිකයන් ගේ සහ සිංහල චන්ද සියල්ලම වගේ මයිත්‍රී ට අහිමි වන බව ඔහු තේරුම් ගණන්ව, මෙනිසා ඔහු කරන්නේ රටේ මින්සුන් රවටමින් දේසපාලන ගේමක් ගැසීමයි, මෙහිදී ඔහුට රට  සංවර්ධනය කිරීමට කිසිම සැලසුමක් නොතිබිම තත්වය තව නරක අතට පත්කලා.       

ඉතිරිය දෙවැනි කොටසින් පැහැදිලි කරමි
             

4 comments:

  1. NGO samaga heluwen

    ReplyDelete
    Replies
    1. මේක අද සිංහලයන් වෙනුවෙන් පෙනීසිටින දෙසපාලුවන්ටත් අදාලයි පාටලී රණවක ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න

      Delete
  2. ඔබ දාන දේවල නොගැලපීමක් තියෙනවා. බහු ජාතික සමාගමක් ගැන කිව්වත් අදාළ උපුටනයේ එහෙම සමාගමක් ගැන නෑ. මුස්ලිම් ජනපද කරණයක් ගැන කිව්වත් ජනපදකරණයකට අදාළ දෙයක් එතනත් නෑ.

    ReplyDelete
    Replies
    1. // බහු ජාතික සමාගමක් ගැන කිව්වත් අදාළ උපුටනයේ එහෙම සමාගමක් ගැන නෑ. මුස්ලිම් ජනපද කරණයක් ගැන කිව්වත් ජනපදකරණයකට අදාළ දෙයක් එතනත් නෑ.//

      මේකට තමයි මොලයක් කියල දෙයක් ඕනේ වෙන්නේ රාවය පෙනීසිටියේ බලපෑම් වලින් තොර නොබිය මාද්‍යක් ලෙසයි.

      {රයිට්ස් නව් ආරම්භයේ සිටම, එහි ව්‍යාපෘතියක් ලෙස, මුදල් ගෙවා රාවය පුවත්පතේ ‘සමබිම’ නමින් පිටුවක් කළ යුතු බව යෝජනා කරන්නේද මාය. ඒ නිසා විදේශ එන්ජී ඕ අරමුදල්වලින් රයිට්ස් නව් හරහා, මාසයකට සැලකිය යුතු මුදලක් රාවයට සමබිම නිසා ලැබුණේය. }

      මෙවැනි මුදල් ලබාගන්න අතරේ අදාළ සංවිදාන වල ප්‍රතිපත්ති වලට විරුද්ධව අදහස් පළකිරීමක් කරන්න පුලුවන්ද ?

      මෙතන මෙවැනි සන්විදානවලින් මුදල් ලබාගන්න පසුබට නොවෙන වික්ටර් අයිවන් බහු ජාතික සමාගමකින් මුදල් නොගෙන ඉන්නේ ඇයි, මුලද්ර්මවාදී මුස්ලිම් සංවිදාන වලින් මුදල් ලැබෙනවානම් එය බාරනොගෙන ඉන්නේ ඇයි ?

      ටිකක් හිතන්න පුරුදු වෙන්න. මතක තියාගන්න රාවය කියන පත්තරේ පෙනීසිටියේ අතිශයෙන් පිරිසිදු කිසිවෙකුට නොනැමෙන පුවත් පතක් ලෙසයි අද ජනරන්ජනම එහෙම නොවන බව කියනවා, වික්ටර් අයිවන්ගේ ලිපියෙනුත් පෙන්වන්නේ රාවය ඔය කියන තරම් ස්වාදීන නොවන බව විතරක් නෙමෙයි තමනුත් මුදලට විකිනෙනේව කියන දෙයයි.

      බහු ජාතික සමාගමක් කියන්නේ මෙවැනි දේවල් වලට මුදල් විසිකරන ආයතන බව තේරුම් ගැනීමට ඔබට බුද්ධිය මුහුකුරවා තිබිය යුතුයි.

      Delete