Sunday, February 11, 2018

පොහොට්ටුව දිනීම ජනතාව ගේ ජයක් වන්නේ ඇයි ?



මම  මේ ප්‍රථම අවස්තාවටයි අදහස් ප්‍රකාශ කරන්නේ චන්දයෙන් පසු කිසිම අදහසක් ප්‍රකාශ කලේ  නෑ, මේ තමයි මගේ ප්‍රථම අදහස් දැක්වීම චන්දයෙන් පසු, මා විසින් පොහොට්ටුවට චන්දය ප්‍රකාශ කල වහාම ශ්‍රී ලංකා දකුණු පළාතට සුළු නිවාඩුවක් සදහා ගියා, පසුගිය දවස් 2 ම මුහුදේ කිමිදෙමින් කාලය ගතකරන අතරේ මගේ පෑඩ් එකෙන් චන්දය සදනා මිනිසුන් අදහස් පළකරගන්න ආකාරය දැක්කත්, පෑඩ් එකේ මගේ password නොතිබීම නිසා අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි උනා. 

මා සිතන ආකාරයට මයිත්‍රීපාල දැනගෙන සිටියා ඔහු පරදින බව නමුත් ඔහුට උවමනා කලේ ඔහුගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්විදානයත් කියන ලාංචන 2ක  වන අතත්, බුලත්කොලයත් යොදා පැරණි ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් රවටන ගමන් වංචාවට විරුද්ද මෝඩ පිරිස් වල චන්දය කඩා ගන්නයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයට පළවැනි තැන පොහොට්ටුවට දෙවැනි තැන සහ ඔහුට  3වැනි තැන ලැබෙනු ඇති බව ඔහු සිතුවා නමුත් ඒවගේම රනිල් ගේ කපටි මොලේ වැඩකලේ එක්සත් ජනතා නිදහස් සංවිදානය 2ට බෙදුනම තමන්ට කල්ල මරේ බවයි, මේ දෙකම කණගාටු දායක ලෙස වැරදි ඇතිබව ඔබට රහසක් නෙමෙයි.     
මගේ කලින් බ්ලොග් පොස්ට් එක උනේ  "මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?"

කියන පොස්ට් එකට මාතලන් තුමා තියපු කොමෙන්ටුවයි මේ

"ලංකා වගේ කෙනෙක් මේ තත්වෙට පත් උනා කිව්වම නිකං ඔල්මොරොන්දම් පිස්සු පීකුදු වෙලා යනවා..."

ප්‍රවීන බොල්ග් අඩවි රචකයකු වන අපේ ඉයන් තුමා කිව්වේ

"මම දකින විදිහට 2015 ජනවාරි මහින්දට එරෙහිව ඡන්දය දුන් අයෙක් එජාපයට හෝ ජවිපෙට ඡන්දය නොදුන්නත්, චන්දය කටුගානවා හැර මහින්දට දෙන්නේ නැහැ. ඔබ exception එකක් වෙන්න ඇති."

ඊට පස්සේ ඔහු මට මෙහෙමත් අබියෝග කරනවා
"එහෙම වෙනවද කියන එක තව දවස් 10 කින් දැනගන්න පුළුවන් වෙයි. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි"

දැන් දවස් 12 ට පස්සේ ඉයන් තුමාට දැකගන්න ලැබිල ඇති මම කිව්වේ ඇත්ත කියල.

චන්දෙ ප්‍රතිපල නිකුත් වෙන්න පටන්ගත්තාම පැරාගේ අඩවියේ මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා

"මිනීමරු රාජපක්ෂට කැමති මෝඩයින් මේ රටේ තාමත් ඉන්නවා... දැන් තව ටිකකින් මෙතෙන්ට එන ලාංකිකසිතුවිලි කියාගන්නා පුද්ගලයාට අනුව එක්නැලිගොද කොටියෙක් නිසා ඔහුව මැරීම සාධානරයි... ඔන්න දියුනු ස්‍රිලන්කා කාරයින් හිතන විදිහ"

මා ගැන කිව්වොත් දේසපාලන ලෝකයේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති කෙනෙක්, මම මහින්දටත් චන්දය දීල තියනවා රනිල්ටත් චන්දය  දීල තියනවා හැබැයි කිසිම දවසක ජනතා විමුක්ති පෙරමුණට චන්දය දීල නෑ ගිය 2015 පාර්ලිමේන්තු  මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙන්න හිතුවත් නැවත ඔවුන්ගේ මානසික මට්ටම සහ ක්‍රමවේදය ගැන සිතුවම මම එම අදහස ඉවත් කර ගත්ත.


මම අද සිතනවා ශ්‍රී ලංකික ජනතාව දෙසපාලනමය ලෙස ඉතා දියුණු මට්ටමක තියනවා කියල, ඇයි මම එහෙම කියන්නේ ?

මෙය තේරුම් ගැනීමට අපට ඇමරිකාව දෙසට මදක් නැබුරු වෙන්න වෙනවා, ලෝකය නිදහස් චින්තනය අන්තයට ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් ලෙසයි ඇමරිකාව සලකන්නේ "Land of opportunity" දියුණු වීමට විවිද අවස්ථා තියන රටක් ලෙසයි ඇමරිකාව සලකන්නේ, එහෙම රටක ආර්ථික දේසපාලන ක්‍රමය ප්‍රශ්නයකින් තොරව වැඩකරන්නේ ඇයි ?

ඇමරිකාවේ අපේ වගේ පාලකයෝ ජනතාව නොසලකා ඉන්නේ නෑ එයට හේතුව ඔවුන් අවංක නිසා නෙමෙයි, හිතන්න පාලකයන් ජනතා මතය කන් නොදුන්නා කියල සිදුවෙන ඊලග සිදුවීම ජනතාව උද්ගෝෂණ වලට යොමුවීමයි, අපරටේ මෙන් එරටේ ජන උද්ගෝෂණයක් ඇතිවූ වහාම හැකි ඉක්මනින් එය විසදීමට ඇමරිකානු ආණ්ඩුව පියවර ගන්නවා ඇයි ඒ ?

උද්ගෝෂණ වලින් පසු අවස්තාව සිවිල් කැරලියි, යම්විදියකින් සිවිල් කැරැල්ලක් ඇතිවුනොත් ඇමරිකානු රජයට සටන් වදින්න වෙන්නේ නිරායුද සිවිල් වැසියන් සමග නෙමෙයි ආයුධ සන්නද්ධ ජනතාවක් සමගයි සටන් වදින්න වෙන්නේ, ඇමරිකානු  වියවස්තාවේ 2 වෙනි සංසෝදනයට අනුව ජනතාවට ලැබෙන අයිතිවාසිකමක් තමයි "The Second Amendment rights" " (A well regulated Militia, being necessary to the security of a free State, the right of the people to keep and bear Arms, shall not be infringed.")

"රටේ සන්විදානාත්මක හමුදාවක් තිබීම නිදහස් රජයේ ආරක්ෂාවට උවමනා අතර ජනතාවගේ  පුද්ගලික  අවි දැරීමේ අයිතිය අහෝසි නොවිය යුතුය "

මෙනිසා කිසිදු විදියකින් ඇමරිකානු ව්යවස්ථාවට අනුව සාමාන්‍ය වැසියන් නිරායුධ කිරීමට අවසරයක් නොලැබේ.

මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? යම් විදියකින් ජන උද්ඝෝෂණ මට්ටමට කරුණක් පැමිණි විට පාලකයන් සද්ද නැතුව සිටියොත් ඊලග අවස්ථාව වන්නේ රජයේ හමුදාවට ආයුධ සන්නද්ද මහජනයා සමග ගැටීමට සිදු වීමයි, ඇමරිකාව කොච්චර දියුණු උනත් රටේ මහජනයා සමග සිවිල් යුද්දයක් ඇතිවූ විට රජයේ හමුදා වලට පාලනය ගිලිහීමට වැඩි කාලයක් ගත නොවෙයි.

මෙවැනි අනතුරක් තියන ඇමරිකාව හැම විටම ප්‍රශ්නයක් උඩුදිවීමට කලින් ඉතා වේගයෙන් විසදනු ලබනවා. මිට ඔවුන්ට Palan A , Plan B, Plan C  ලෙස විසදුම විකල්ප කීපයක් තියනවා.

මෙනිසා ඇමරිකානු ජනාධිපති කියන්නේ කොච්චර බලයක් තිබුනත් තම ජනතාවගේ කැමැත්ත ගැන අවදියෙන් සිටිනව.

මෙහෙම දියුණු රටක උනත් සොරකම වංචාව සිදුනොවෙනවා නෙමෙයි නමුත් මිනිසුන්ගේ මනස අපුරු ආකාරයට සෝදලා තියනවා, මේවා ගෙඩිය පිටින් ශ්‍රී ලංකාවට එන මේ සංකල්ප අහුලගත්තු මිනිසුන් අපට උගන්වන්නත් උත්සාහ කරනවා.

මම ඇමරිකාවේ වෙන දුෂණයට අපුරු උදාහරණයක් දෙන්නෙම්.

ඔබ ඇමරිකානු රජය සේවකයකුට අල්ලසක් දෙනවා කියන්නේ එරටේ නීතියට අනුව දඩුවම් ලැබෙන අපරාධයක් ලෙසයි සලකන්නේ මෙහිදී Bribe අල්ලසක් පිළිකුල් සහගත වරදක් ලෙස සලකන මෙරටේ විශාල ආයතන මේ දේම මහාපරිමාණයෙන් කිරීමට කොන්ග්‍රස් සභිකයකු ට තමන්ගේ පුන්යාදාර සමාගම තුලින් ඩොලර් කොටි ගණන් ලබාදීම මගින් එරටේ පනත් සමාගම් වලට වාසි අන්දමින් වෙනස් කිරීම, ඔවුන් හදුන් වන්නේ අල්ලස් ලෙස නෙමෙයි "Lobbying" ලෙසයි මෙය ( interest representation is the act of attempting to influence the actions, policies, or decisions of officials in their daily life, most often legislators or members of regulatory agencies)
කිසියම් උවමනාවක් වෙනුවෙන් පෙනීසිටින පිරිසක් රජයේ නීති වෙනස්කරවා ගැනීමට රජයේ තීරණ වෙනස් කිරීමට පනත් වෙනස් කිරීමට පෙලබවිම ලෙසයි මෙහිදී සදහන් වෙන්නේ, මේවා මොන වචන වලින් සදහන් උනත් සිදුවෙන්නේ මහාපරිමාණ අල්ලස් දීමක් පමණයි. නමුත් මෙය වරදක් ලෙස එරට මිනිසුන්වත් එම රජයන් වත් නොසැලකීමට හේතුව ජනතාවගේ මොළ කාලාන්තරයක් තිස්සේ සේදීමයි.


මෙනිසා අතිවිශාල වංචා මෙ දියුණු රටවල සිදුඋනත් සාමාන්‍ය මට්ටමේ දී සොරකම් නැති නීතිගරුක සමාජයක් මේ රටවල දැකගත හැකියි.
මෙය දකින කල්පනා ශක්තිය නැති මෝඩ උගතුන් මෙරට්වල් ඉතා දියුණු යයි කියමින් පුරසාරම් දොඩවයි.

දැන් අපේ රට දිහා නැවත යොමුවුනොත් අප රට තුල ඇත්තේ ආයුධ  සන්නද්ධ පුරවැසියන් පිරිසක් නෙමෙයි මෙනිසා පාලකයා දන්නවා මොන පිස්සුව නටල විකාර කලත් ජනතාවට උපරිමයෙන් යම් විරෝධතා කළහැකි උනත් කිසිවිටක ජනතාව රජයට විරුද්ධව අවි ඔසවන්නේ නැති බව, මෙනිසා ලංකාවේ දෙසපාලකයට සොබාවික බයක් හට නොගනී, දැනට වයස 40ට වැඩි අයට මතක ඇති 1989 කැරලි අවදියේ රජයේ ජනාධිපති වරයා ආයුද සන්නද්ධ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට බැගෑපත් උන විදිය, අවි බිමතබා සකව්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත හැකි බව රටේ ජනාධිපති කිව්වා ඔබට මතක ඇති, එහෙම උනේ පාලකය තුල මර බිය ඇතිවීම නිසයි.

දැන් අපි අපේ පවතින තත්වය දිහා බලමු මම යෝජනා කරන්නේ නෑ මහජනයාට අවි ලබාදෙන්න කියල, රටේ පාලකයන් එවැනි දෙයක් කරන්නේ නෑ (පාතාලයට අවි දීම වෙනම කතාවක් ) නමුත් ජනතාවට අපුරු අවස්තාවක් තියනවා. මෙදාපාර ජනතාව අපුරුවට තම බලය නිසි ලෙස පාවිච්චි කල බවයි මගේ අදහස.

ඉදිරියේදී මයිත්‍රී ටත් රනිල් ටත් තම බලය රැක ගන්න ඕනේ නම් රටේ ජනතාවට සාධනීය සන්වර්දනයක් කරා ගෙනයන්න වෙනවා, මොකද ඉදිරියේ රනිල් තම මෝඩ වැඩ දිගටම ක්‍රියාත්මක කලොත් රටේ ජනාධිපතිට එය නිශේධ කිරීමට සිදු වෙනවා, එහෙම නොකර සිටියොත් ජනාධිපතිගේ සියලුම ආරක්ෂාව නැති වෙනවා මොකද ජනතා මතය ඔහුට විරුධව යන නිසා.

 අගමැති ගේ පැත්තෙන් උපරිම සාධනීය වැඩක් මහජනයාට කලොත් විතරයි ඔහුට ගොඩ ඒමක් තින්නේ, දැන් එට්කා වැනි ගිවිසුම් අකුලාගෙන ජනතාවට දැනෙන වෙනසක් ඔහුට කරන්න වෙනවා, මේ උත්සාහයේ පොහොට්ටු පක්ෂයට විරුද්ධ වීමට උත්සාහ කලොත් රනිල්ට දක්ෂ වෙන්න වෙනවා තමා රටට සන්වර්දනයක් කරනවා මහින්ද එයට බාදා කරනවා කියල පෙන්වන්න, අනෙක් අතට මහින්දත් ලකුණු දාගන්න ජනතාවට මොනවිදියෙන් හරි සහන ලබාදීමට ඉදිරියට එයි.

මෙහි පාඩු ලෙස මහින්ද දුෂණ චෝදනාවලින් බේරෙන ගමන්ම රනිලුත් තමන්ට ඇති දුෂණ වලින් බේරෙනු ඇති "you scratch my back i'll scratch yours " ලෙස කසාගනිමින් වැඩ කරගනී.

අවසාන වශයෙන් රටේ ජනතාව දැන් හිතන්න පුරුදු වී ඇති බව ගැනනම් සතුටුයි!!                                 
       

20 comments:

  1. ලාංකික සිතුවිලි,

    අප ඇතුළු බහුතර ජනතාව විසින් 2015 ජන. 08 හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා ගෙදර යැවු පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය පවා පරදවමින් තෙවසරක් තුළ අධික වේගයකින් දූෂණයේ කප් ගැසූ වත්මන් අන්ත දූෂිත අශීලාචාර කුජීත යහපාලන රෙජීමයේ සැබෑ අණ දෙන නිලධාරී රනිල්, මෙවරත් අගමැතිකමින්වත්, පක්ෂ නායකත්වයෙන්වත්, ඉවත් නොවීමට තීරණය කර ඇතැයි ස්ථීරව පෙනේ.

    දැන් 2020 තමන්ට ලැබෙන අවසන් අවස්ථාව බව රනිල් දනී, ඉතින් 2018 පෙබ. 10 සැබෑ ජනතා විප්ලවය දැකීමෙන් මේ වන විට වික්ෂිප්ත වී සිටින ගෝත්‍රිකත්වයෙන් මරා කල්ලියද පරදවන පට්ට ගෝත්‍රික වැඩවසම් යූ.එන්.පී අමන හොර මුල ද දන්නා පරිදි 2020 වන විට රනිල් ගේ වයස 71කි, 2025 වන විට රනිල් ගේ වයස 76කි.

    වයස 76 දී ඡන්දය ඉල්ලීමට රනිල්, මහින්ද මෙන් තරුණකම රැකගත් අයෙකු නොවේ. රටේ ඡන්ද වලින් 1/3ක් ගත නොහැකි තමන්ට ජනාධිපතිවරණයකින් ජයගන්නවා තබා, එජාප අපේක්ෂකයා වීමට පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම පවා අසීරු බව රනිල් දනී. එම නිසා, රනිල් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට විශාල ඉඩක් තිබේ. එයට ජවිපෙ සහාය අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇති අතර සිරිසේන ද ඊට ඉඩ දීමට සැලකිය යුතු ඉඩක් තිබේ. ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. එම නිසා මීට දෙමළ සන්ධානයේ වුවද උදව් ලැබීමට ඉඩක් පවතී. (දැනට විධායක ජනාධිපති සතු පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ආදිය ව්‍යවස්ථාදායක සභාවට හිමිවන ආදී තත්වයක දී, දෙමළ සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය දීමට ඉඩක් පවති.)

    ඒ නිසා අද ඇතමුන් කථා කරන ගෝඨා 2020 වැනි ව්‍යාපෘති කිසිදිනෙක ක්‍රියාත්මක නොවන ව්‍යාපෘති වීමේ විශාල ඉඩක් පවතී. එම නිසා 2020 පැවැත්වෙන්නේ මහමැතිවරණයක් පමණක් වීමට ඉඩ ඇත. පොහොට්ටු වාදීන් (මරාවාදීන් - ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ) කණ්ඩායම් මෙන්ම මෙවර යහපාලන හොර මුලත් ජවිපෙ බොරු වැලත් කුජීත ලෙස කිච කර දැමීමට පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ නිදහස්මතධාරී අප ඇතුලු අත්‍යන්ත බහුතර (සියයට 60-70% ක් ඉක්මවූ) පාවෙන ඡන්ද දායකයින් මේ තත්වය සැලකිල්ලට ගත යුතුය. මේ පිළිබඳව ලාංකික සිතුවිලිගේ අදහස කුමක්ද? එක්සත් ජනපදය වැනි රටවලට ෆෙඩරල් ව්‍යවස්ථාව අති සාර්ථක වුවත් දැනටත් දැඩිලෙස කුලල් කා ගන්නා බෙදී වෙන්වී කුඩා කොටසක එක් ජාතියකට නායකත්වය දී ලොකු පොරක් වීමේ මානසිකත්වයෙන් සිටින ලාංකික දේසපාලුවන් සමග ෆෙඩරල් යනු යුගෝස්ලාවියාව, ඊස්‍රායෙලය බඳු අවුල් ජාලයක පෙර නිමිත්තකි. ඉතින් ඔබ මේ ගැන දරන මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. AnonymousFebruary 11, 2018 at 11:29 PM,

      මෙතන රනිල් කියන්නේ කවුද කියල සරල දැනීමක් ඇතිකරගන්න ඕනේ, රනිල් ඇත්තටම නියෝජනය කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල ඒජන්තයකු හැටියටයි, බොහෝදෙනා නොදන්නවා උනාට ඔහුගේ පියත් ඒවැනි බටහිර ගැති ඒජන්තයකු තමයි, හැබැයි එකෙක් කියන්න ඕනේ රනිල්ට මෙරටේ පරිපාලනය ගැන යම් අවබෝදයක් ඇති එකම නායකයා ඔහු පත්කරලා තියන අමත්‍යංශ ලේකම්ලා සහ මයිත්‍රී පත්කරලා තියන මිනිසුන් බලපුවහම ඔබට වෙනස තේරෙයි, මෙතන රනිල් සිටිය යුත්තේ අර්ධ බලයක් ඇතුවයි මොකද රනිල් ට වැඩි බලයක් නැත්නම් ඔහුට බටහිර ගැති ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බෑ අනෙක් අතට බටහිරින් මහින්දට ආපු බලපෑම් ඔහුට එන්නේ නෑ.

      මෙනිසා ජනතාවට උවමනා ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට බලකිරීමට අපි දක්ෂ වියයුතුයි.

      Delete
  2. ඔය බයිලා නෙමෙයි බං.... මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක නැතිවෙන්න ගහනවා..

    මහින්දටත් දුන්නේ ජනෙල් ගැට්ටේ එල්ලෙන්නම...

    ඒකයි මම කියන්නේ ජනතාව බුද්ධිමත් කියලා...

    ReplyDelete
    Replies
    1. මාතා
      ". මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක නැතිවෙන්න ගහනවා.."

      එහෙම නම් ඉතින් උබ වගේ ජෙප්පොන්ට චන්දය දෙනවනේ ඉතින් දීල තියන්නේ කාටද ? මචෝ මට දැනට අවුරුදු 42 වෙනවා මම ඇස් දෙකෙන් දැක්ක ජෙප්පො කරපු දේවල් උන් හිතන හැටි මේ රටේ මිනිසුන්ට අදත් හොද මතකයක් තියනවා වැදගත්ම දේ උන් අදත් හිතන්නේ 1989 හිතපු විදියටයි එක මෙරටේ මිනිස්සු දන්නවා.

      මහින්ද කියන්නේ හොරෙක් තමයි හැබැයි උන්ද රටට යමක් කළා ගෝඨාභය මිණිමරන්න ඇති නමුත් ඔහුත් රටවෙනුවෙන් වැඩක් කළා එක එහෙම නෙමෙයි කියන්න කුහක වෙන්න ඕනේ නෑ, රනිල් කියන්නේ කවුද කියල උඩ කොමෙන්ටුවේ දාල තියනවා, මිනිසුන්ට හොදම විකල්පය තෝරගන තියනවා.

      Delete
    2. මම උඹලා කියන්න ලියන්න කලින් මහින්ද හා ඝෝඨා කළ හොඳ දේ අපමන ලියා තිබෙනවා..

      ඒ වගේම උඹලා ඔක්කෝටම කලින් ඝෝඨා 2020 ජනපති කරමු කියලා ලියලත් තියෙනවා..

      ජෙප්පන්ට දුන්නේ මට රිදුන නිසා නෙමෙයි... මේ ඉන්න ඔක්කොම උන්ට වඩා උන් ගෝවා වගේ හොඳ නිසා...

      ඒක අහක ගිහින් නෑ...

      Delete
    3. මචන් මාතා,

      '//ජෙප්පන්ට දුන්නේ මට රිදුන නිසා නෙමෙයි... මේ ඉන්න ඔක්කොම උන්ට වඩා උන් ගෝවා වගේ හොඳ නිසා... //

      උබට මතකද ගියපාර පාර්ලිමේන්තු මැතිවරණයේ ජෙප්පන්ගේ ආකර්ශනිය ලැයිස්තුව, උබට මතකද අවංක මිනිහෙක් හිටිය මායාදුන්නේ කියල අන්තිමට එතුමා ඉල්ලා අස්වුණා, මේපාර ඒ දේ වෙන එකක් නෑ හැබැයි ජෙප්පෝ නවීකරණය වෙලා නෑ මෙරටේ ප්‍රශ්නය දුෂණය විතරක් නෙමෙයි නවීන ලෝකය තුල දියුණු විදික්‍රම පාවිච්චි කරන්න ඕනේ උබ කියනවා වගේ එට්කා ගහල ඩිල් දාල නෙමෙයි Samsung සමාගම දියුණු කල විදිය හොයල බලපන් දකුනුකොරියාවට ජර්මනියේ Siemens සමාගම ආයෝජනය කිරීමට ගිය උත්සාහය ප්‍රතික්ෂේප කරලා ඒ රට Samsung දියුණු කල විදිය ටිකක් හොයපන්.


      අද කෘමි නාශක නැතුව වවන එක ගැන කතාවෙනව නමුත් මිට විසදුම නොමෙලේ රජයේ වියදමින් ගොවීන්ට පොහොර ක්කෘමි නාශක දීම නෙමෙයි උබ කියන විදියට කුබුරු විකුණලා එළවලු පිටරටින් ගෙන එකත් නෙමෙයි, කරන්න ඕනේ දේශීය බිජ වර්ග ගොවීන්ට ලබාදීමයි, ජලය අවම පරිහරණය වන රසායනික පොහොර උවමනා නැති දේශීය බිජ තියනවා ඉහල පලදාවක් දෙන, රජය නොකළේ මේ බිජ ගොවින්ට ලබාදීම නොකර රසායනික පොහොර උවමනා බිජ ගොවීන්ට ලබාදීමයි ඉන්පසු පොහොර සහනාදරය නතර කිරීමයි.

      මේවා හරියට තේරුම් නොගෙන එක එකාට චන්දය දීල වැඩක් නෑ මචෝ!

      Delete
    4. මුම්බායි වලටත් වඩා අඩු ජනම් එකක් ජිවත් වෙන රටක ඕවා දවල් හීන..

      රටින් ගෙනත් මේ දවස්වල අල දෙනවා කිලෝ එක 50/- යි...
      නුවරෑළියේ ගොවීන් බේර ගන්න කියලා උන්ගේ අල උන් කියන ගානට අරගෙන අපි කන්න ඕන..

      මේ රටට ගැලපෙන් එකම ක්‍රමය සිංගප්පූරු සහ ඩුබායි ක්‍රමය..

      රනිල්ලා මහින්දලා ට්‍රයි එකක් දෙන්නේ ඒකට..

      මේ රටේ ඉන්නේ නිකං කන්න බලාගෙන ඉන්න කාළකන්නි..

      ඇත්තටම උන්ට නිකං කන්න දීලා... බිස්නස් ඔක්කෝම සුද්දන්ට දුන්නත් පාඩු නෑ...

      Delete
    5. එක නෙමෙයි මාතා වෙන්නේ ඕනේ, මෙරටේ අල නිෂ්පාදන වියදම අඩුකරන එකෙයි එක කරන්නේ පිටරටින් ආනයනය කරලා නෙමෙයි, රටේ දේශීය පසට සුදුසු බිජ තියනවා අඩුවියදමින් වැඩි පලදාවක් ගන්න රසායන පොහොර නොදමන බිජ තිබෙනවා මේවා මහාපරිමාණ වගාවෙන් පුළුවන් වියදම අඩුකරන්න දැන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ පර්යේෂණ ආයතනවල ඉන්න මහාචාර්ය වරු බහුජාතික සමාගම් වල සේවය කරන ගමන් මේ රටේ දේශීය කෘෂිකර්මය දියුණු කරන විදිය කියනවා, ඔවුන් කිසිදිනක මෙරටේ ක්‍රියාත්මක කළහැකි දේශීය කෘෂිකර්මය ක් ඇති කරන්න දෙන්නේ නෑ.

      Delete
  3. චන්ද අවුරුදු ධන රින වැරද්ද.
    දෙකක් මයිනස් තිබ්බාම කෙලවුනා
    දෙකක් ප්ලස් තිබ්බාමත් කෙලවුනා

    ReplyDelete
  4. Replies
    1. මේ තියන විදියට මෙහෙම වෙන එකත් සතුටු වෙන්න ඕනේ

      Delete
  5. //පෑඩ් එකේ// කිව්වම හිතුනේ අමුතු දෙයක්. he he

    ReplyDelete
  6. හොඳ ලිපියක්. ජේවීපී එකට තමයි හැබයි 2020 රිමෝට් එක තියෙන්නේ. මතලන්ගේ චන්දෙ අපතේ ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ජවිපෙ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ඩිල් දාල ඉන්න පක්ෂයක් හොදම උදාහරණය ඔවුන් මලික් සමරවික්‍රම සමග කරන ගනුදෙනුව.
      මේ නිසා ජනතා විමුක්ති පෙරමුණට විශ්වාසය ලැබෙයි කියන්න බෑ නමුත් ඉදිරි වසර 2ක කාලයේ මම චන්දය ප්‍රකාශ කල විදිය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් එය තීරණය වෙන්නේ මොවුන් පාඩමක් ඉගනගත්තද නැද්ද කියන එක මතයි.

      Delete
  7. "අවසාන වශයෙන් රටේ ජනතාව දැන් හිතන්න පුරුදු වී ඇති බව ගැනනම් සතුටුයි!!"

    I do not think so. This is simply the votes for MR's personality.

    ReplyDelete
    Replies
    1. In my situation MR's personality was not my rational, in 2015 I did voted for yahapaalanaya but this time it was Pohottuwa. This vote for me is like playing a CHESS game.

      Delete
  8. බඩ දාගෙන ලියපු දිග කමෙන්ට් එක අතුරු දහන් උනා කියහන්කෝ.. 😓

    ReplyDelete
    Replies
    1. ටික්ක,

      මොකද බන් උනේ, මම කෙමෙන්ට් මොඩරේට් කරලා තියනවා මිනිසුන්ට අපහස වෙන එක වලක්වන්න ඒ හැර උබේ වෙන කමෙන්ට් එකක් නම් නෑ

      Delete
    2. අවුලක් නැහැ මචං. ඒක ගොඩක් කාලය අරන් ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රෙක්සිට්, එංගලන්තෙ මට දැනෙන සංක්‍රමණික වෙනස්කම් එක්කම අපේ දේශපාලනය ගැන මට තේරෙන විදිහට ලිව්ව දිග කමෙන්ට් එකක්. මම මැක් කම්පියුටර් වලින් ලියන නිසා https://www.google.com/intl/si/inputtools/try/ මේකෙන් ලියල කොපි පේස්ට් කරද්දි මොකක්හරි උනා. මම කමෙන්ට් එකට දෙවෙනියට ලිව්ව උබ ලියන අකුරු ලොකු කරපං කියල. එතකොටම හුටස් ගාල කමෙන්ට් දෙකම ගියා. අවුලක් නැහැ. මේ මැතිවරණයේදි උබ කියපු ගොඩක් දේවල් හරි ගියා... 👊🏽

      Delete