Friday, January 26, 2018

මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?





මාතලන්ගේ "නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...? - Hanged and Died Till Win"
කියවපු මට මේ ටික කොමෙන්ටුවක් නොදා කෙලින්ම පොස්ට් එකක්ම  දාන්න හිතුන

උඩ තියන මාතෘකාව දැක්කම මම මහින්දට කඩේ යන්න හදනවා කියල කියයි, මම වැඩිය පොස්ට් ලියල නැති උනාට විවිද අයගේ අඩවි වල මගේ අදහස් කොමෙන්ටු කරලා තියනවා.

මගේ අදහස් කියවපු අය  දන්නවා ඇති මම මුල ඉදලම මහින්දගේ ඒකාධිපති රජයට පහර ගහපු බව සහ යහපාලනයට සහයෝගය දක්වපු බව, යම් විදියකින් මට අතීතයට ගිහින් මගේ චන්දය වෙනස් කරගන්න පුලුවන්නම් මම යහපාලනයට දුන්න චන්දය ඒ විදියටම දෙනවා එකට හේතුව මහින්ද නිර්මාණය කල රට බිහිසුණු අනාගතයක් ඇති තත්වයට ගෙනයාමට හොදටම ඉඩ තිබු නිසයි.

දැන් එහෙනම් අහයි මොන ලබ්බකට පොහොට්ටුවට චන්දය දෙන්න යන්නේ කියල ? පොඩ්ඩක් ඉවසන්ඩලා !!! එක තමයි මේ කියන්නේ 

ගිණුම්කරණයේදී අපි සලකාබලන වැදගත් ලියවිල්ලක් තමයි ශේෂපත්‍රය එහෙම නැත්නම් "Balance sheet" එක

දැන් අපි බලමු මේ යහපාලානේ ශේෂපත්‍රය (එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ) :--

යහ පාලනය බලයට පැමිණීම නිසා රටට ඇතිවීමට තිබුන ආර්ථික සම්බාධක පැනවීම නතර උනා මෙය යහපාලනයේ දකින වැදගත්ම සාධනීය ලක්ෂණයයි,
මිට හේතු උනේ මේ යහපානනයේ විදේශ ප්‍රතිපත්තියේ දක්ෂ බව නෙමෙයි යහපාලනය බලයට ගෙන එන්න සහයෝගය දුන්නේ මෙරටේ ජනතාව විතරක් නෙමෙයි  ඉන්දියාවත් ඇමරිකාවත්  ඇතුළු බටහිර රටවල් උවමනා කරන ආවරණය ලබාදුන්නා.

මම හොද උදාහරණයක් දෙන්නම් ඔබට මතකද මහින්දගේ කාලයේ ඔහුට විරුද්ද උන අයට සිදුවුණ දේ ? ඔබට මතකද බලවත්ම තනතුර දරපු සරත් ෆොන්සේකා ට අත්වුන ඉරණම ? මෙවැනි භයානක වැඩ කරන මහින්ද වැනි කෙනෙකුට එරෙහිව යන්න ඇමතිකමක් කල සිරිසේනට රැකවරණය දුන්නේ කවුද ? මගේ තක්සේරුව නම් ඇමරිකාවේ සහ ඉන්දියාවේ ආරක්ෂණයක් සිරිසේනට නොලැබුණා නම් ඔහු කිසි දිනක මහින්දට විරුද්ද වන්නේ නෑ
මේ ක්ලිප් එක බලන්න



හිතන්න මේ කියන්නේ මොනවද කියල සහ දැන් ඔහු කියන්නේ මොනවද ?

දැන් අපි දුෂණ නැවතීම පැත්තෙන් බැලුවොත් යහපාලනය මහින්දගේ පාලනයෙන් වෙනස් වෙන්නේ අතිවිශාල සොරකම් කීප දෙනෙකු සිදු කිරීමත් මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් රටේ අතිවිශාල ජනතාවක් සමග කිරීමත් කියන දෙයයි.

මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් කලේ අතිවිශාල සන්වර්දනයක් සමගයි යහපාලනය තුල නම් මේ කියන අතිවිශාල සංවර්දනය දෘශ්‍ය මාන නොවේ.
මේ අතින් යහපාලනය තම ලකුණු විශාල විදියට කපාගෙන හමාරයි   


දැන් බලමු ජනතා විමුක්ති පෙරමුණේ තත්වය (ශේෂපත්‍රය)  :- 

//අර අනිත් වේසිගේ පුතාලා ගානක් උන්ගේ සාක්කුවේ දාගෙන හදන,
පාලම් පාරවල් බෝක්කු ටිකවත් හරියට හැදෙයි..//

ඉහත මාතලන්ගේ අඩවියේ මාතගේ අදහස් තමයි පලකරලා තියෙන්නේ, අපිට පිරපාහරන් කියන මිනීමරුවා සිංහලයන්ට මතක සති 2කයි කියන කියමන මනාව ඔප්පු කරපු දෙයක් තමයි ඔය.

ඔබට මතකද ජනතා විමුක්ති පෙරමුණට විශාල මන්ත්‍රී ආසන ප්‍රමාණයක් සමග අමාත්‍යංශ කීපයක් ලැබුන, ඔබට මතකද ඔවුන් එයින් මොනවද කලේ කියල ?
ඔවුන් කල එක දෙයක් තමයි චන්ද්‍රිකාගේ රජයේ ඇමති දුර සිමා කරලා රට පාලනය කිරීම මෙයින් ඔවුන් මේ මිනිසුන්ට ගෙවපු දීමනා කෙටිකාලයකට අඩුකලා තමයි නමුත් රටට කල සේවයක් නෑ.

 ඔබට මතකද විමල් විරවංශ, නන්දන ගුණතිලක, පුබුදු ජාගොඩ වැනි අය ඉතා අවංක මුණක් දාගෙන ඔය පක්ෂයේ සිටිය, දැන් කෝ මේ අය ?

//මොකෝ උන්ගේ පක්ෂයේ විනයක් තියෙන නිසා..//

ඔය විනය නම් බොහෝවිට මෙරටට කොඩිවිනයක් උන බව නම් මතකයි

දැන් බලමු මහින්ද රාජපක්ෂ (මහරජානෝ) ගේ ශේෂපත්‍රය :-

මොහු 2004 දී බලයට එනවිට රටට සුනාමිය ආව, ඔහු මුලින්ම සුනාමි මුදල් වලට විදපු එකෙයි කලේ
 , හැබැයි ඔහු බලයට එනවිට වසර 30 ක යුද්දයක් තිබුන සුද්ද රට දාල යනකොට ඉතුරුකරපු පාරවල් සහ රේල් පාරවල් ටික දියුණු කරන්න තියා සුද්ද කරලා දීපු ටිකවත් පවත්වන්න බැරි තත්වයකයි රට තිබුනේ යුද්දයෙන් රට පන අදිමින් තිබුන, හමුදාවට තරුණයන් බැදීම නතර වෙලා තිබුන, ග්‍රාමාරක්ෂක රැකියාව කල අය හැදින්වුයේ ගම්බට්ටන් කියල, මෙනිසා ආත්ම ගරුත්වයක් ඇතිව එම රක්ෂාව කල නොහැකි මට්ටමක තිබුන, මෙහෙම තත්වයක තමයි ආරක්ෂක ලේකම් තනතුරට මහින්දගේ සොහොයුරු ඝෝටාභය පැමිනෙන්නේ.

ඔහු පැමිණි පසු හමුදාවට නව ජීවයක් දෙනවා



ඔහු රටේ හාමුදාව වුර්තිය මට්ටමට ගේන්නේ හමුදාව පුහුණුවට පමණක් යොදල නෙමෙයි ඔහු රටේ ම යුද මානසිකත්වයක් ඇතිකරනවා මොකද එහෙමෙ මනස සකස් කරන්නේ නැතුව නව බදවාගැනීම් කරන්න බැරි බව ඔහු දැනගන්නවා.

මෙහෙම කියන්නේ 1995 කාලයේ චන්ද්‍රිකා යුගයේ එක් පැත්තකින් රටේ සාමයට  අදාළ මානසිකත්වයක් ඇතිකරන ගමන් රටේ යුද්දයක් කිරීමට උත්සාහ ගැනීම නිසා සිදුවන්නේ සාමයත් නැති මිනිසුන් මැරෙන කාලකන්නි වටපිටාවක් ඇතිවීමයි, මංගල සමරවීර එක්පසක සිට "සුදු නෙළුම පිපුනා" වැනි නපුන්සක ගීත ගයන විට අනෙක් පසින් ජෙනරාල් රත්වත්තේ ලවා අසර්ථක යුද්දයක් කරවනවා. 

පසුව රනිල් ගේ සාම ගිවිසුමෙන් රටම සොහොන් පිට්ටනියක් වෙන්න තිබුන මොහොත සාර්ථක ලෙස යුද්දය කිරීම නිසා වසර 3ක වැනි කෙටිකලකදී ලෝකයේ ප්‍රවීනයන් දිනන්න බැහැයි කියපු යුද්දය දිනනවා.
       
ඉන් පසු මෙයින් උද්දාමයට පත්වන මහින්ද හිතනවා තමන්ට කල නොහැකි කිසිවක් නෑ කියල විසාල ලෙස දුෂණ වල නියැලෙනවා, නමුත් මේ හැම දුෂණයක් වගේම කරන්නේ රටට වටිනා යටිතල පහසුකම් නිර්මාණය කරමින්, කියමනක් තියනවා "කිබුල කන එක ඉවසන්න පුළුවන් නමුත් කොහිල කටු ඇනීම ඉවනන්න බෑ " කියල මේ වගේ මේ විශාල දුෂණ ඉවසුවත් මර්වින් සිල්වා මිනිසුන් ගස්බදීම සහ අදාළ ගස්බදීම මහින්දගේ කමිටුවක් විසින් අදාළ සමුර්ධිලාබිය තමන්ව උවමනාවෙන් ගස්බැදගත් බව යයි කීමෙන් රටේ බුද්ධිමත් මිනිසුන්ගේ මනසට සමච්චල් කරන බව නොතෙරෙන තරමට මහින්ද මෝඩයෙක් උනා. 


මෙහෙම තත්වයක් තිබියදී ඇයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ  ?

මම මේ තත්වය දකින්නේ චෙස් ලෑල්ලක ඉත්තන් හසුරවන විදියට. මහින්ද බලවත් වෙනවා කියන්නේ රනිල් මයිත්‍රී දුර්වල වෙනවා කියන දේටයි, මේ චන්දයේ මහින්දගේ බලය වැඩි උනාම එය ඔහු පාවිච්චි කරනවා තමන්ගේ පවුලේ දුෂණ චෝදනා වහගන්න නමුත් මෙයින් සිදුවෙන අනික් දේ තමයි මයිත්‍රී ඇතුළු පිරිස තුල මරබයක් ඇතිවෙනවා සොරකම් කිරීමට, මොකද ඔහු දන්නවා බලය ගිලිහෙන අවස්ථාවේ තමන්ට දඩුවම් ලැබෙන බව මෙනිසා රනිල් මයිත්‍රී දෙපලට යම් සංයමයකින් රට පාලනය කිරීමට සිදුවෙනවා.

මිට අමතරව අපට විදේශ බලපෑම් ගැනත් යමක් තේරුම් ගන්න තියනවා, මෙය අපේ රට තුලින් පිට උදාහරණයක් පෙන්වන්නම්.

මෙය කියවන අය හේටිය Haiti කියන රට දන්නවා ඇති අපේ රටෙත් හමුදා සෙබළු Haiti වල එක්සත් ජාතික හමුදාවේ සේවය කරනවා, හැබෑට මේ අය මොකද කරන්නේ ? උතුරු Haiti වල තියනවා පස් වර්ගයක් මෙය ධන නිදානයක් වන්නේ මේවයේ රත්රන්, රිදී ගුවන් යානා වලට උවමනා කරන  ලෝහ, ඉතා ඉහල සන්ද්රන වලින් තියනවා, හිටපු පාලකය මේවා තම රටට උවමනා බව කිව්වම ඔහුව කුමන්ත්රණයක් මගින් ඉවත් කරනවා ඉන්පසු බලයට පත්වූ නායකයා එකග වෙනවා මේ සම්පත් බහුජාතික සමාගම් වලට කොල්ල කෑමට ලබාදීමට දැන් අපේ රටේ හමුදාවත් කරන්නේ මේ කොල්ලකන පතල්  මුරකරන එකයි. 

ඇමරිකාව ප්‍රධාන එක්සත් ජාතීන් ගේ බලවතුන් තමරටවල බහුජාතික සමාගම් වෙනුවෙන් ලෝකයේ රටවල ආර්ථිකය විනාශ කරන අයුරු අපුරුවට පෙන්වපු තැනක් තියනවා ඒ කටත් Haiti වලම උදාරහරනයක් බලමු.

බිල් ක්ලින්ටන් බලයට අපු වහාම  Haiti වල රජයට උපදෙස් දෙනවා සහල් ආනයන සදහා බදු වලින් සම්පුර්නයන් නිදහස් කරන්න. එහෙම කලාම බිල් ගේ රජය කරන්නේ ඇමරිකානු අකෙන්සා (බිල් ක්ලින්ටන් ගේ මැතිවරණ කලාපයේ ) ගොවීන්ට සහල් අපනයනය කිරීමට අවස්තාව ලබාදීමටයි මේවයේ මිල   Haiti  වැසියන්ට දරන්න පුළුවන් ආකාරයට ගැනීමට ඇමරිකානු බදු ගෙවන්නන් ගේ මුදල් පාවිච්චි කරනවා.

මෙහම කරලා  Haiti  සහල් වල මිලට වඩා අඩුමිලට ඇමරිකානු සහල් සහ තිරිගු Haiti  වලට විකුනනවා සිදුවන්නේ Haiti  වල ගොවින් ගොවිතැනින් ඉවත්වීමයි පහත ක්ලිප් එකෙන් පෙන්වන්නේ බිල් ක්ලින්ටන් වරදට සමාව යදින ආකාරයයි



එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආවොත් සිදුවෙන්නේ කිසිම තරගයක් නැතුව මේ ලෝක බලවතුන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමයි .

දැනටමත් හර්ෂ දසිල්වා කියන්නේ ගොවින් ශක්තිමත් කිරීමට ඉඩම් විකිණීමේ බලය දෙන්න කියල වෙන මොකවත් නිසා නෙමෙයි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි, මෙය ලෝක මට්ටමින් සිදුවෙන්නක්  අපට යහපාලනයත් සමග අහන්න ලැබුන වචනයක් තියනවා එක තමයි මෙගාපොලිස් කියන වචනය, මේ වචනය ආවේ කොහෙන්ද කියන දේ කිසිවෙක් ප්‍රශ්න කලේ නෑ එක්සත් ජාතීන්ගේ සංවිදානයේ AGENDA 21 ගැන නිවැරදි සෙවීමක් කලානම් ඔබට දැනුවත් වීමට ලැබෙයි, මේ සංකල්ප ශ්‍රී ලංකික දෙසපලන්යයකුගේ මනසේ ඇතිවූ දේවල් නෙමෙයි ඔබට මතක ඇති මෙගාපොලිස් කියන වචනය දෙසපලකයෙක් නිර්වචනය කලේ විශාල පොලිසියක් කියල මට මතක විදියට මෙය සිරසේ විකාශනය උනා 




අද ශ්‍රී ලංකාවේ සම්මත වන සියලුම වගේ පනත් වල මුලික සැලසුම් පමණක් නෙමෙයි බොහෝවිට මුලික ලියවිලි පවා සකසන්නේ එක්සත් ජාතීන්ගේ සන්විදානය ප්‍රධාන බහුජාතික සමාගම් වලින් තමන් සම්මත කරන්නේ මොනවාද කියලවත් මේ දේසපාලුවෝ දන්නේ නෑ.

යම් විදියකින් රනිල්ට වැඩි බලයක් ලැබුනොත් සිදුවෙන්නේ ඉවක් බවක් නැතිව මේ විදේශ බලවේග වලට අප යටවිමයි.

රනිල් ට බය නැතුව  ඉන්න පුළුවන් වෙලා තියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි රනිල් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයා, මෙනිසා ඉදිරියේ ඔබ දකියි ඔහු බැදුම්කර නඩුවෙන් නිදහස් වෙන ආකාරය.     

යම්විදියකින් මහින්දට බලය ලැබෙනවා කියන්නේ සිරිසේනට පීඩනයක් ලැබෙනවා කියන දෙයි, සිරිසේනට පීඩනයක් ලැබෙනවානම් ඔහු රනිල්ට ඕනේ විදියට නටන්නේ නෑ, මෙනිසා රනිල් ව පාලනය කිරීමට මහින්දට බලයක් ලැබීම වැදගත්.

මහින්ද කියන්නේ කියන්නේ රනිල්ට විරුද්ද කෙනෙක් නොවුනත් ඔහු සිරිසේනට විරුදැයි මහින්දව ඕනේ වෙනවා සිරිසේනවත් රනිල් වත් බැලන්ස් කරන්න.

මෙහිදී මේ පාර්ශව 3ම ජනතා කැමැත්ත පවත්වන්න උත්සාහ ගන්න නිසා ජනතාවට වැඩි ආරක්ෂාවක් තියනවා.

යම් විදියකින් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවනම් සිරිසේනට බලය නැති වෙයි කියන පීඩනය ඇතිවෙන්නේ නෑ බොහෝවිට සිරිසේන සමග සන්දානයකට උනත් යන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් ඕනෑම විදේශ බලවේගයකට මේ පිරිස නටවන්න පුළුවන්, එහෙම උනොත් ජනතාවගේ කැමැත්ත අදාළ වෙන්නේ නෑ.

මෙන්න මේ කරුණ නිසයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ.         









23 comments:

  1. ලංකා වගේ කෙනෙක් මේ තත්වෙට පත් උනා කිව්වම නිකං ඔල්මොරොන්දම් පිස්සු පීකුදු වෙලා යනවා...

    විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ තනියෙන් නැගිටින්න බෑ කියලා ලංකා දන්නේ නැති උනාට මහින්ද දන්නවා..

    එයා ගෝල්පේස් එක ඉස්සරහා ආමි එකේ ඉඩන් සින්නක්කර විකුනන්නේත්,
    පරණ පර්ලිමේන්තුව ඉස්සරහා මූද ගොඩ කරලා ඒකත් චීනට සින්නක්කර දෙන්නෙත්..
    වෙල්ලස්සේ ඉඩම් ඇමරිකන් කාරයට දෙන්නෙත් ඒ නිසා..
    මේ සියල්ලටම මාතලන් කැමතියි..
    මොකෝ සිඳුවිය යුත්තේ එයයි..
    අපේ කාළකන්නි දන්නේ පත ලොස් වී වගාව ඉතරයි..
    උන් අළුත් දේකට කැමති නැති කාළකන්නි ජාතියක්...


    ලංකා මෙතන මඟුලක් කතා කරනවා... අපි නොදන්න මහින්ද

    ReplyDelete
    Replies
    1. මාතා,

      මෙහෙමයි මචෝ

      //විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ තනියෙන් නැගිටින්න බෑ කියලා ලංකා දන්නේ නැති උනාට මහින්ද දන්නවා..//

      මෙතන මම තනියෙන් නැගිටින කතාවක් කියල නෑ, මෙතන කියල තියෙන්නේ රනිල්ට බලය ලැබුනොත් මේ විදේශීය බලවේග වලට ඕනේ විදියට නටනවා කියන එකයි. යම් විදියකින් ඔහුට විරුද්ද බලවේගයක් තිබුනොත් විතරයි win-win situation එකට යම් තරමින් හරි යන්න පුළුවන්.

      මේවා විමල් විරවංශ ගේ කුමන්ත්රණ නියායන් නෙමෙයි ඇත්තටම මේ ලෝකයේ සිදුවුන දේවල්.


      https://www.youtube.com/watch?v=hn9wujK0ho4&t=59s

      බොලිවියාවේ තමයි වතුර විකිනීමට මීටර් සවිකිරීම වෙන්නේ, මෙයට හේතුව ලෝක බැංකුව යොදන පීඩනයයි, උබට තේරුනේ නැති උනාට ලෝක මට්ටමින් කරන මේ කුමන්ත්රණය සංකීර්ණ උනත් තේරුම් ගැනීම පහසුයි. මේ රටවල් කරන්නේ දිලිදු රටක සම්පත් සුරගන්න ඕනේ උනාම මේ රටවලට දිගින් දිගටම ආදාර කරනවා මේ ආදාර යන්නේ මේ රටවල සම්පත් සංවර්දනයට නෙමෙයි මේ රටවල පාලකයන්ගේ ගිණුම් වලට සහ ණයදෙන රටේ තවත් ආයෝජකයන්ගේ ගිණුම් වලට එහෙම උනාම රට විශාල ණය උගුලක හිරවෙනවා ඉන්පස්සේ තමයි සොබාවික සම්පත් වලට මිල නියම වන්නේ බොලිවියාවේ වතුර වලට මීටර් සවිකරලා ජනතාවට වතුර දෙනවා අවසානයේ ජලයට පෙට්‍රල් වලට සමාන මිලක් ගෙවන්න වෙනවා, මිනිසුන් පාරට බහිනවා හමුදාව විදේශීය ආයෝජකයන් වෙනුවෙන් මේ මිනිසුන්ට පහර දෙනවා අවසානයේ ලක්ෂ ගණන් මිනිසුන් පාරට පැමිණිලා අදාළ හමුදා නායකයාව අල්ලාගෙන පෙතිගහල මරල තමයි ප්‍රශ්නය විසදෙන්නේ.

      මේ කිව්වේ සුරංගනා කතා නෙමෙයි.

      //විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ//

      අම්මගේ රෙද්දේ විශ්ව ගම්මානය යකෝ එංගලන්තය brexit vote එකෙන් උනේ මොකද්ද ? අද ට්‍රම්ප් කරන්නේ මොනවද ඉදිරියේ ප්‍රංශය Fuck it කිව්වම
      තොට පෙනෙයි විශ්ව ගම්මානයේ දිග පළල

      Delete
  2. ලංකා සිතුවිලි!

    මට හරි පුදුමයි ඔබගේ මේ පොස්ට් එක ගැන. පැහැදිලිවම මට ලංකාවේ දේශපාලනය ගැන කිසිම අදහසක් නැති උනත් මේ දකින අහන දේවල් එක්ක බලනකොට ඔබට කොහේ හරි (සමාවෙන්න මම මේ වැරද්දක් පෙන්නල දෙන එකවත් ඔබට අවවාද කරනවවත් නෙමෙයි) වැරදිලා වගෙයි. ඒත් මේ පොලිටිකල් ඇනලිසිස්ට් ල කියන විදිහට පොහොට්ටුව දිනන්න වැඩි ඉඩකඩක් තියෙනවලු.

    ඔබ හිතනවද පොහොට්ටුවට දින්නොත් ඒකෙන් මයිත්‍රී ට ලොකු බලපෑමක් කරල වත්මන් ආණ්ඩුව වංචා දුෂණ වලින් ඉවත් වෙයි කියල?

    හපෝ නැහැ ලංකා. දැනට උනත් ලංකාවේ නිල නොවන ජනාදිපති තමයි මහින්ද රාජපක්ෂ. අද වෙනකං එක හොරකමක් හොයාගන්න බැරි උනේ සාක්කි නැති නිසා නෙමෙයි. එදා හිටි තමන්ගෙ සුවච කීකරු බලු කුක්කන් තවමත් මේ රාජ්‍ය යාන්ත්‍රනය ඇතුලෙ එහෙම්මම ඉන්න නිසා.

    ඔය බැඳුම් කරේ උනත් එච්චරයි.

    හැබැයි යම්කිසි විදිහකින් ජෙප්පො දින්නොත් ගමට යම්කිසි දෙයක් කරයි කියල අනිත් ප්‍රදාන පක්ෂ දෙකට වැඩිය විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඔව් ජෙප්පොත් දැනට මේ කැම්පස් උද්ගෝෂණ මෙහෙයවල රටේ සංවර්දනයට එදිනෙදා ජිවිතයට යම්කිසි බලපෑමක් කරනව තමයි. ඒත් හොරුන් දුෂිතයන් එක්ක සලකල බැලුවොත් මොවුන් අඩුවෙන් හොරකම් කල හොරු රැලක් කියල කියන්නත් මම බය නැහැ.

    දැන් මේ රටට ඕන අඩුවෙන් හොරකම් කරල වැඩි වැඩක් කරන මිනිස්සු ටිකක් කියලයි ලංකා මගෙ හැඟීම.

    උදාහරණ හැටියට මයිත්‍රී මේ දවස්වල ස්ටේජ් වල හූ තියන්නෙ හරියට පහුගිය අවුරුදු තුනම නිදාගෙන ඉඳල නරක හීනයක් දැකල ඇහැරිච්ච පොඩි එකෙක් වගේ.

    රනිල් ලංකාව වේගවත් සංවර්දනයකින් ලංකාව සිංගප්පුරුවක් කොරනව කියල කියන්නෙ මහ බැංකුව මහදවල් කොල්ලකාල ඉදිරි අවුරුදු 20ක් විතර වෙනකං ඒ හොරකමේ අලාභය ගෙවන්න ඉෂ්ට සිද්ද කරල.

    අන්තිමට පොහොට්ටුව ගැන කියන්න තියෙන්නෙ, පහුගිය දශක දෙකකට කිට්ටු වෙන්න රට පාලනය කරල රට හපයක් වෙන්නම හපල විසිකරල, නැවතත් රට බත බුලතින් සශ්‍රීක කරන්න එයාලට බලය දෙන්න කියනව වගේ දෙයක්.

    මේ අයගෙ තියරියට අනුව ශ්‍රී ලංකාව කියන්නෙ මෙයාලගෙ ලැබ් එකේ ඉන්න මීයෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      ස්තුති ඔබේ අදහසට මම මගේ නියාය කොමෙන්ටුවකින් මාතලන්ගේ අඩවියේ දැම්ම, කෙටියෙන් කිව්වොත්.

      ජෙප්පෝ බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? නෑ !!
      මයිත්‍රීපාලට පීඩනයක් නැත්නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? නෑ !!
      ජනතාවට වැඩදායි දේවල් කිරීමට මයිත්‍රී ගේ උත්සහයක් නැත්නම් රනිල්ගේ සොරකම් නැවත්වීමට ඔහුට උවමනාවක් ඇතිවෙයිද ? නෑ !!!

      දැන් බලපන් පොහොට්ටුව බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? ඔව් !
      මයිත්‍රීපාලට පීඩනයක් එනවා නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? ඔව් !! (ඔහු අදත් බැදුම්කර මගඩිය මෙච්චර වත් පරීක්ෂණ කිරීමට කටයුතු කලේ ඔහු දුෂණයට විරුද්ද නිසා නෙමෙයි ජනප්‍රසාදය නැතිඋනොත් ඔහුට උන්හිටිතැන් නැතිවන නිසා )

      පොහොට්ටුව බලයට ආව හැටියේ ඔහු දැඩි ලෙස පරිස්සම් වෙනවා ඉදිරියේ කිසිම සැලකියයුතු සොරකමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ නොදීමට.

      දැන්වත් මගේ ලොජික් එක තේරෙනවද ?

      //හැබැයි යම්කිසි විදිහකින් ජෙප්පො දින්නොත් ගමට යම්කිසි දෙයක් කරයි කියල අනිත් ප්‍රදාන පක්ෂ දෙකට වැඩිය විශ්වාසයෙන් කියන්න පුළුවන්. //

      ජෙප්පෝන්ට යම් බලයක් ලැබුනේ අද ඊයේ නෙමෙයි රනිල්ගේ වගේම චන්ද්‍රිකා රජය තුලත් ඔවුන්ට සැලකියයුතු පර්ලිමේන්තු බලයක් ලැබුන ඇමතිමන්ඩලය 40ට සිමාවෙන්නේ මේ කාලයේ නමුත් ඔබට සැලකියයුතු සන්වර්දනයක් දකින්න ලැබුනද ?
      ඔවුන් වැව පිළිසකර කරනවා කිව මොනවද උනේ?

      ජෙප්පෝ කියන්නේ රටේ දිගින් දිගටම ප්‍රශ්න ඇතිකරමින් තම පැවැත්ම තහවරු කරගන්න පක්ෂයක් දෙමල පක්ෂ වල සහ ජෙප්පෝ අතර වැඩි වෙනසක් නෑ .

      // ඒත් හොරුන් දුෂිතයන් එක්ක සලකල බැලුවොත් මොවුන් අඩුවෙන් හොරකම් කල හොරු රැලක් කියල කියන්නත් මම බය නැහැ.//

      ඔබට මතකද විමල් විරවංශ කියල කෙනෙක් හිටිය ඔහුට උනේ මොකද්ද ? ඔබ මට කියන්න සැලකියයුතු රාජ්‍ය බලයක් ලබපු අදත් ජෙප්පෙක් වෙලා ඉන්න නායකයෙක්, අන්තිමට සෝමවංශ අමරසිංහත් ජෙප්පන්ට විරුද්ද උනා. උන්ද මරුන නිසා ජෙප්පෝ ජාම බේරගත්ත.

      //දැන් මේ රටට ඕන අඩුවෙන් හොරකම් කරල වැඩි වැඩක් කරන මිනිස්සු ටිකක් කියලයි ලංකා මගෙ හැඟීම.//

      කියනකොට එහෙම කිව්වත් කරන්න ගියවිට ඔය අඩුම හොරකම කියන දේ වෙන්නේ නෑ ටිකක කවුරුත් හොරකම් කරනවා.


      //උදාහරණ හැටියට මයිත්‍රී මේ දවස්වල ස්ටේජ් වල හූ තියන්නෙ හරියට පහුගිය අවුරුදු තුනම නිදාගෙන ඉඳල නරක හීනයක් දැකල ඇහැරිච්ච පොඩි එකෙක් වගේ.//

      අන්න වැදගත් තැනකට ආව ඔහු දන්නවා ඔහුගේ බලය නැතිවෙනවා කියන්නේ තම පවුලට ඉතා නරක කාලයක් බව.


      //රනිල් ලංකාව වේගවත් සංවර්දනයකින් ලංකාව සිංගප්පුරුවක් කොරනව කියල කියන්නෙ මහ බැංකුව මහදවල් කොල්ලකාල ඉදිරි අවුරුදු 20ක් විතර වෙනකං ඒ හොරකමේ අලාභය ගෙවන්න ඉෂ්ට සිද්ද කරල.//

      රනිල්ව බැලන්ස් කරන්න ජෙප්පෝ ඉදිරිපත් උනේ නෑ රනිල් සහ අනුර කුමාර අතර ඩීල් එකෙක් තියනවා.

      //අන්තිමට පොහොට්ටුව ගැන කියන්න තියෙන්නෙ, පහුගිය දශක දෙකකට කිට්ටු වෙන්න රට පාලනය කරල රට හපයක් වෙන්නම හපල විසිකරල, නැවතත් රට බත බුලතින් සශ්‍රීක කරන්න එයාලට බලය දෙන්න කියනව වගේ දෙයක්.//

      මහින්ද බලය ඉල්ලන්නේ තම පවුලට ඇති දුෂණ චෝදනා වහගන්න තමයි එකේ වචන දෙකෙක් නෑ, ඔහු දුෂණ කලේ රනිල් වගේ කීපදෙනක් සමග එකතුවෙලා නෙමෙයි විශාල පිරිසක් සමග එකෙතුවෙලා නමුත් ඔහු රටට විශාල සන්වර්දනයක් සිදුකලා, යුද්දය වසර 3 වැනි කලකින් අවසන් කළා හිතන්න වසර 30 කින් බැරිවුණ දේ 3කින් කලේ කොහොමද ? රනිල් චන්ද්‍රිකා යුගවල සිදුවුනේ මේ යුද්දය වවාගෙන කෑමයි, මහින්ද එක නැතිකළා, මේ ඇත්ත කුහක නොවී පිළිගන්න වෙනවා.


      මහින්දට යම් බලයක් ලැබෙනවා කියන්නේ රනිල්ට සොරකම් කරන්න ලේසි වෙන්නේ නෑ මොකද මහින්දගේ පිරිස මේ සොරකම් හුවාදක්වන විට සිරිසේනට සිදුවෙනවා ඊට විරුද්ද පියවර ගන්න එහෙම නොවුනොත් චෝදනාව යන්නේ රටේ ජනාධිපතිට මෙනිසා සිරිසේන රනිල්ව බැලන්ස් කරනවා මහින්ද සිරිසෙනවා බැලන්ස් කරනවා.

      ඉදිරියේ රට සංවර්දනය කිරීමට උවමනා යෝජනා ජනතාව ලෙස ඉදිරිපත් කරලා මේ පාර්ශව ඒ යෝජනා තුලින් තරග කරවල ජනතාවට වැඩිම වාසිය ලබාගන්න තමයි ඕනේ.

      මේක තමයි ජනතාවට ලැබෙන අවස්තාව පාලකයන් ව බෙදා පාලනය කිරීමට divide and rule

      Delete
    2. Lanka sithuwili......
      ++++++++++++++++

      Delete
    3. ලංකා සිතුවිලි,

      JVP භූමිකාව ගැන වැඩිදුරටත් විමසා බැලීම බෙහෙවින් වැදගත්, මන්දයත් ජවිපෙ දූෂණ විරෝධී වෙස්මුහුණ පිටුපස ඇති රටට එරෙහි දේශපාලනය ඉතා සූක්ෂම එකක් නිසා එය හඳුනාගැනීමට වැඩි දේශපාලන අවබෝධයක් අවශ්‍ය නිසා.

      ප්‍රධාන පක්ෂවල විගඩම් තරම් පැහැදිලි ලෙස ජවිපෙ තක්කඩි දේශපාලනය රටට නොපෙනෙයි. මේ නිසාම ඔවුන්ගේ දූෂණ විරොධී වෙස්මුහුණ පිටුපස ඇති සැබෑ මුහුණ කුමක්දැයි වටහා ගත යුතුය. මෙහි ඇත්තේ ඒ සඳහා ඔබ විසින් සිහියට නඟා ගත යුතු මෑත ඉතිහාසයට අදාළ දේශපාලන සිදුවීම් කීපයක් පමණි.

      පසුගිය ඉතිහාසය පුරාම ජවිපෙ මේ රටට එරෙහිව දියත් කළ දුෂ්ට මෙහෙයුම් සාර්ථක වූයේ නම් අද මේ රට තිබෙනු ඇත්තේ කොතැනද යන්න අප මේ මැතිවරණයේදී කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.

      01. 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිස් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීමට එහි විජාතික බලවේගවල ඔත්තුකාර නායකයන්ට හැකිවිය. එය ජවිපෙ නායකයන් එජාපය සමග සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමක් බව එකල එජාප හිතවාදී මාධ්‍යවල හැසිරීමෙන්ද මනාව තහවුරු වූ අතර, මේ ඉවත් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ජාතික බලවේග නියෝජනය කළ කඳවුරෙන් තීරණාත්මක ලෙස බිඳී ගියේය.

      03. 2008න් පසු මේ නායකයන් දිගින් දිගටම ජවිපෙ මෙහෙයවන ලද්දේ එජාපය ප්‍රමුඛ විජාතික බලවේගවල න්‍යායපත්‍රයට අනුවය. එතැන් සිට ජවිපෙ සටන් පාඨ, ක්‍රියාමාර්ග, සතුරන් මිතුරන් සියල්ල උඩු යටිකුරු වූ අතර එහි ජයග්‍රාහී සමයේ ජවිපෙ පරම සතුරන් වූ බොහෝ දෙනා 2008 බිඳීමෙන් පසු ජවිපෙ මිතුරන් බවට පත්විය.

      Delete
    4. 02. යුද්ධය ඉතා තීරණාත්මකව පැවති 2008 වසරේ අග භාගයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී ජවිපෙ එජාපය හා එක්ව ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කළේය. ඔවුන්ගේ දුෂ්ට ප්‍රයත්නය සාර්ථක වූයේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටන මුළුමනින්ම කඩාකප්පල් වනු ඇති අතර එය වලක්වා ගත හැකි වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු ඒ වනවිට ජවිපෙන් ඉවත් වී සිටි නිසාය.

      03. එතැනින්ද නොනැවතී ජවිපෙ දිගින් දිගටම යුධ ජයග්‍රහණයට එරෙහිව අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළේය. ව්‍යාජ ලෙස යුද්ධය වෙනුවෙන් පෙනී සිටිමින්, යුද මෙහෙයුම් සිදුකරන දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා හැකි වෙර යොදා කටයුතු කළ මේ පිරිස, යුධ ජයග්‍රහණයට එරෙහිව විශාල වශයෙන් බොරු ප්‍රචාරද පතුරුවා හරිනු ලැබූහ. 2009 මැයි 18 වැනිදා දක්වාම ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බවට බොරු පතුරුවමින් ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතය නොනවත්වා සමාජගත කිරීමය. ඉසුරු ප්‍රසංග විසින් රචිත "බිඳුණු වම් අත" කෘතියේ මේ කාරණය නිදසුන් සහිතව මනාව පෙන්වා දී තිබේ. ජවිපෙ මේ දුෂ්ට මෙහෙයුම සාර්ථක වූයේ නම්, තවමත් මේ රට එකිනෙකා මරා ගන්නා, තැන තැන බෝම්බ පිපිරෙන කාළකණ්ණි රටක් වනු ඇති බව අප කිසිවිටෙතක් අමතක කළ යුතු නැත.

      Delete
    5. 04. 2010 ජනාධිපතිවරණය වනවිට ජෙනරාල් ෆොන්සේකා නැමති ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවා වෙමින් එජාපය බලයට ගෙන ඒමේ තක්කඩි මෙහෙයුමට ජවිපෙ සෘජුවම දායක වූහ. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු කොඩි සහ කොළ කොඩි සහිත වේදිකා ඉදිවිය. 2015 ජනාධිපතිවරණයේදී වටේ කැරකෙමින් එජාප මෙහෙයුමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ 2010 දී සෘජුවම ඒ වෙනුවෙන් පෙනී සිටි බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.

      05. මෙවැනි ද්‍රෝහී ක්‍රියාමාර්ග හරහා ජවිපෙ ජනබලය මෙන්ම අභ්‍යන්තර ශක්තියද දිගින් දිගටම පහත වැටිණි. රටට ආදරය කරන බලවේග ජවිපෙ වෙතින් දුරස් වෙමින්, ඒ වෙනුවට එන්ජීඕ මතධාරී විපරිත කල්ලි කණ්ඩායම් ජවිපෙ වටා රොක් වන්නට වූහ. විශාල සාමාජික පිරිසක් ජවිපෙ හැර ගිය අතර, සිය අතීත අභිමානවත් භූමිකාව වෙනුවට එය ඉතා වේගයෙන් රට ඉදිරියේ නිවට හා විහිළුකාර පක්ෂයක් බවට පත්විය.
      2010 මහ මැතිවරණය මේ පරිහානියේ තීරණාත්මක අවස්ථාවකි. එය කොතෙක්ද යත් මේ මැතිවරණයේදී එජාපය හා එක්ව තරග කිරීමට ජවිපෙ විශාල උත්සාහයක් දැරූ බව අද බොහෝ අයට අමතකය. ප්‍රසිද්ධ ප්‍රකාශ පවා නිකුත් කරමින් දියත් කළ මේ ඇඬියාවට එජාපයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලත් තැන, ඔවුන්ගේ පිළිවෙත වූයේ ජෙනරාල් ෆොන්සේකා මුල් කරගත් ව්‍යාජ සන්ධානයක් අටවා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමය. ඒ ඔස්සේ 2004 දී ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු ආසන තිස්නවය 2010 වනවිට හතර දක්වා පහත වැටිණි. රටේ සැබෑ ජයග්‍රහණවලට එරෙහිව යමින් ඔවුන් ගෙන ගිය ද්‍රෝහී දේශපාලනයේ ප්‍රතිපලය එය වූ අතර ජවිපෙ ඔත්තුකාර නායකයන්ට අවශ්‍ය වූයේද ජවිපෙ එවැනි ඛේදජනක ඉරණමක් කරා ඇදගෙන යාමය.

      06. එතැන් සිට මහින්ද විරෝධය ජවිපෙ එකම සටන් පාඨය බවට පත්විය. අධිරාජ්‍යවාදයට, බෙදුම්වාදයට, යටත්විජිතකරණයට එරෙහිව අතීතයේදී සෑම පෙරමුණකම අරඹා තිබූ සියලු සටන් අත හැර දැමූ මේ අමන රැළ එතැනින්ද නොනැවතී එම බලවේගවල සෘජු ආරක්ෂකයෙක් බවටද පත්විය. ජිනීවා මෙහෙයුම් ආදිය හමුවේ ජවිපෙ හැසිරීම සහ එන්ජීඕ සංවිධානවල හැසිරීම අතර වෙනසක් නොවීය. රටේ ජාතික ජයග්‍රහණවලට අදාළ සෑම ප්‍රශ්නයකදීම ඔවුන් කටයුතු කළේ ඒ ආකාරයෙනි.
      මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ද්‍රෝහී බලවේගවල මෙහෙයවීමෙන් දියත් වූ අසත්‍ය ප්‍රචාර ආදියේ හොඳම ප්‍රකාශකයෙක් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් තමන් සතු අල්ප බලය එජාපය වෙනුවෙන් උපරිම ලෙස ක්‍රියාවේ යෙදවූහ.

      විසාල ලෙස දුෂණ කල රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි සාධාරණ විවේචන පමණක් නොව අතිශය අසාධාරණ විවේචන හා ගල් පැලෙන බොරු දිවා රූ පතුරුවමින් කාලයක් තිස්සේ රනිල් බලයට ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරූ මේ පිරිස 2015 ජනාධිපතිවරණයේදීද තම උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළහ. රනිල් වික්‍රමසිංහ නැමති අතිශය විනාශකාරී නායකයාට රට ගොදුරු කිරීම සඳහා වැඩිපුරම බොරු ගෙතූ වාමාංශික ගොබෙල්ස් වූයේ අනුර දිසානායකය.
      අනුර දිසානායකගේ එජාප ගැති පිළිවෙතට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පවා ජවිපෙ අතහැර යනුයේ මෙවැනි පසුබිමක් තුළය. එයට ජවිපෙ ප්‍රතිචාරය වූයේ සෝමවංශට මානසික රෝගයක් තිබේය යන මතය තම පක්ෂ සාමාජිකයන් අතර පතුරුවා හැරීමය.

      යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ජවිපෙ සෑම තීරණාත්මක අවස්ථාවකදීම ආණ්ඩුවේ වැඩපිළිවෙල හා මතවාදය ආරක්ෂා කළේය. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම වැනි දුෂ්ට ජිනීවා මෙහෙයුම් ආදියේ සිට ආණ්ඩුවේ සෑම පනතකටම ජවිපෙ ජන්ද හය නොමසුරුව පුද කෙරිණි. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහර දෙමින්, බොරු ආණ්ඩු විරෝධී රංගනයක් පෙන්වුවද ඔවුන්ගේ සැබෑ පිළිවෙත වූයේ එයය.
      ඒ සියල්ලට වඩා ජවිපෙ කළ ලොකුම පාවාදීම වූයේ රනිල්ගේ විනාශකාරී නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය. ත්‍රස්තවාදයට එරෙහිව මේ රට ලබාගත් සියලු ජයග්‍රහණ නැවත පාවාදෙන, ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩා දමන, අන්ත ජාතිවාදී බෙදුම්වාදී බලවේගවලට කප්පම් දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ යහපැවැත්ම මරණීය අනතුරකට ඇදහෙලන, බෙදී වෙන්වී එකිනෙකා මරාගන්නා රටක් නිර්මාණය කරන මේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම තරම් ද්‍රෝහීකමක් තවත් නැති බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.

      මෙහි ඇත්තේ ජවිපෙ සැබෑ දේශපාලනය කුමක්දැයි වටහා ගැනීමට තුඩු දෙන කාරණා කීපයක් පමණි. අද රණවිරු දඩයමට උඩගෙඩි දෙමින්, අතුරුදන්වූවන්ගේ කාර්යාල පිහිටුවීමට ජන්දය භාවිතා කරමින්, බැඳුම්කර මහ හොරාගේ සූක්ෂම දේශපාලන ආරක්ෂකයා ලෙස කටයුතු කරමින්, එන්ජීඕ කල්ලි හා එකපතේ වළඳමින්, අන්ත ජාතිවාදීන්ගේ පරගැති ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ රට ගෙන යන්නට උත්සාහ දරන්නේ කොතැනටද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. අද බොරු දූෂණ විරෝධී මුහුණක් පෙන්වා ඔවුන් ලබා ගන්නා සෑම ඡන්දයක්ම අනාගතයේදී මේ රටට එරෙහි මෙවන් ද්‍රෝහී මෙහෙයුම් සඳහා නොමසුරුව භාවිත වන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. මේ මැතිවරණයේදී ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඒ නිසාය.

      Delete
    6. Anonymous,

      ඔබේ අදහස් දැක්වීමෙන් අතීත ජනතා විමුක්ති නායකයන් රටට අවංකව සේවය කල බවක් අදහස් වෙනවා. ඔබ කල්පනාවෙන් බැලුවොත් මේ නායකයන් සියලුදෙනාම පාහේ බලවත් රටවල් වල ඉත්තන් ව පැවතිය.

      මම උදාහරණයක් දෙන්නම් සෝමවංශ අමරසිංහ ශ්‍රී ලංකාවෙන් පලායන්නේ මහජන චීනයට හෝ රුසියාවට හෝ කියුබාවට නොවෙයි එක්සත් රාජදානියටයි ඔහු එහෙ වසර 20ට වැඩි කාලයක් නිරුපද්‍රිතව සිටිනවා, ලෝකයේ දක්ෂම ඔත්තු සේවයක් සිටින එක්සත් රාජදානිය වාමාංශික නායකයෙක් ට වසර ගණනක් තම රටේ ඉන්ඩ දෙයිද ?

      ඔබ කියනවට වඩා මේ තත්වය ගැබුරුයි, ලෝකයේ මෑත දශක කියයේ සිදුවුණ එකම වෙනස ඉහත ක්‍රියාවලිය මේ විශාල බලවත් රටවල් වල රජයන් මෙහෙයවනවා වෙනුවට විශාල බහුජාතික සමාගම් මෙහෙයවීමයි. මෙහිදී සිදුවෙන්නේ අප වැනි රටවලට ලෝක බැංකුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල වැනි ආයතන ණය දෙනවිට විශාල කොමිස් මුදලක් අදාළ රටේ පාලකයන්ට ලබාදී ඉතිරි සියලුම මුදල් මේ ණය දෙන රටවල් වල සමාගම් වලට ලබාදීම සිදුවෙයි, අවසානයේ සිදුවෙන්නේ රටේ මහජනයාට මේ ණය මුදල් සහ පොලි ගෙවීමයි, මේවා ගෙවාගන්න බැරි වෙනකොට රටේ සම්පත් කුණුකොල්ලයට මේ බහුජාතික සමාගම් අත්පත් කරගැනීම කරයි.

      දැන් මේ වටාපිටාවේ ජනතාවිමුක්ති පෙරමුණත් විකිණී අවසානයි, ඔවුන් මේවාට සහයෝගය දෙන්නේ නිහඩව සිටිමිනුයි, ඔබට පසුගිය පනත් සම්මත වීම් වලදී මේවා දැකගන්න ලැබෙන්න ඇති.

      මෙහිදී විමල් විරවංශ කියන්නේ තවත් එක් රූකඩයක් පමණයි, බදුර්දීන් අර ගස් කපන්න ගත්තේ බැසිල් ඉන්න කාලේ ඔබට මතකද වචනයකින් හෝ ඉට විරුද්ද උනා.

      එදා රනිල් ට කිව්වේ ක්ලීන් දෙසපාලකයක් කියල නමුත් අද එහෙම කවුරුත් කියන්නේ නෑ ඒවගේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ අවංක කම.

      දැන් මම මහින්ද ගැනත් වචනයක් කියන්න ඕනේ ඔහුත් කලේ වංචා දුෂණ තමයි නමුත් අඩුගානේ යමක් රටේ මිනිසුන්ට ඉතුරු උනා, බලය නිසා ඔහු දැක්කේ නෑ ඔහුට වෙන්නේ මොනාද කියල අවසානයේ ඔහුගේ බලය අහිමි උනා.

      අද මම පොහොට්ටුවට චන්දය දෙන්න කියන්නේ ඔහු අවංක නිසා වත් රටට ආදරේ නිසාවත් නෙමෙයි, මෙයින් ලැබෙන බලය ඔහු පාවිච්චි කරන්නේ තම පවුලට ඇති දුෂණ චෝදනා වලින් නිදහස් වීමටයි. නමුත් ඔහුට බලය ලැබීමත් සමග මයිත්‍රී ට දැඩි පීඩනයක් වැටෙනවා මෙනිසා ඔහුට සිද්ද වෙනවා රනිල් කරන ඕනෑම පාවාදීමක් බල රහිත කරන්න මොකද යම්විදියකින් රනිල් සමග මේ විදියට ඉදිරියට ගියොත් මහින්ද බලවත්වීම තුල මයිත්‍රී ට බලය අහිමි වීමට විශාල හැකියාවක් තියනවා ඔහු කිසිවිටක එයට ඉඩ නොදීමට නම් ඔහුට සිද්දවෙනවා ජනතාව වෙනුවෙන් යමක් කරන්න.

      මතක තියාගන්න බලයේ සිටින කිසිම කෙනෙක් රටේ ජනතාව ට ආදරය දක්වනවා කියනවනම් සහ ජාතිමාමක අය සිටිනවා කියල හිතනවානම් ඔහු ඉන්නේ ලොකු මුලාවක, හැබැයි මේ ප්‍රතිවිරුද්ද පිරිසට නිසි ලෙස බලය පැවරීමෙන් නම් ජනතාවට සෙතක් වෙනවා කියල මම විශ්වාස කරනවා.

      Delete
  3. //ලංකා වගේ කෙනෙක් මේ තත්වෙට පත් උනා කිව්වම නිකං ඔල්මොරොන්දම් පිස්සු පීකුදු වෙලා යනවා...// X2

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? නෑ !!
      මයිත්‍රීපාලට පීඩනයක් නැත්නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? නෑ !!
      ජනතාවට වැඩදායි දේවල් කිරීමට මයිත්‍රී ගේ උත්සහයක් නැත්නම් රනිල්ගේ සොරකම් නැවත්වීමට ඔහුට උවමනාවක් ඇතිවෙයිද ? නෑ !!!

      දැන් බලපන් පොහොට්ටුව බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? ඔව් !
      මයිත්‍රීපාලට පීඩනයක් එනවා නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? ඔව් !! (ඔහු අදත් බැදුම්කර මගඩිය මෙච්චර වත් පරීක්ෂණ කිරීමට කටයුතු කලේ ඔහු දුෂණයට විරුද්ද නිසා නෙමෙයි ජනප්‍රසාදය නැතිඋනොත් ඔහුට උන්හිටිතැන් නැතිවන නිසා )

      පොහොට්ටුව බලයට ආව හැටියේ ඔහු දැඩි ලෙස පරිස්සම් වෙනවා ඉදිරියේ කිසිම සැලකියයුතු සොරකමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ නොදීමට.

      දැන්වත් මගේ ලොජික් එක තේරෙනවද ?

      Delete
    2. විසාල ලෙස දුෂණ කල මහින්ද විසින් යටපත් කළ දෙමළ අරගලය සහ ස්ත්‍රී අරගලය යළිත් මුවහත් කිරීම යහපාලනයේ වගකීමයි. ස්ත්‍රී අරගලය නිවසට ගෙන ගොස් නිවෙස සටන් බිමක් කළ යුතුයි.

      Delete
    3. හරි පුදුමයි නේ යහපාලනය නාමයෙන් බලයට පත්වෙච්ච මිනිසුන් මහදවල් හොරකම් කරද්දී ඔල්මොරොන්දම් උනේ නැති අය කොහොමද මන් මෙහෙම කිව්වා ම ඔල්මොරොන්දම් වෙන්නේ ?

      Delete

    4. AnonymousJanuary 29, 2018 at 1:50 AM

      // විසාල ලෙස දුෂණ කල මහින්ද විසින් යටපත් කළ දෙමළ අරගලය සහ ස්ත්‍රී අරගලය යළිත් මුවහත් කිරීම යහපාලනයේ වගකීමයි. //

      ස්ත්‍රී අරගල කරන්නේ මොනවා ලබාගන්නද ? දෙමළ ජාතිය අරගල කරන්නේ තම දෙමල නායකයන් යටතේ තව තවත් පිඩාවට පත්වෙන්නද ?

      උතුරේ මහා ඇමති දෙමල මහා ඇමති දෙමල ජනයා වෙනුවෙන් කලේ මොනාද ? බැසිල් නම් උතුරේ මහාමාර්ග ටික වත් හැදුව, කෙනෙක් කියයි බැසිල් මෙවයින් කොමිස් ගැහුවා කියල නමුත් බැසිල්ට තිබුනනේ දකුණේ මේ සංවර්දනය කරලා කොමිස් ගහන්න නමුත් සිංහල නායකයන් තරම් වත් දෙමල නායකයන් දෙමල ජනතාවට සේවය කලේ නෑ.

      Delete
  4. Maathalan/ Tikka/ Udaya Disanayake මෙම රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙන සිටිමට පටන් ගෙන ඇති අතර වාමාශිකයින් විසින් රට මේ තරම් ආගාධයකට තල්ලුකර දමා ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා රජය මේ තරම් අර්බුධයට ගොස් ඇති බවත් ප්‍රකාශකර සිටියි. පැවති ආණ්ඩුවලට සහ දැනට තියෙන රනිල් මෛත්‍රී යහපාලන නඩයට ණය ගැනීමට සිදුවී ඇත්තේ මහින්ද/ වාමාංශිකයින්ගේ වරදින්ය. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී ඇත්තේ වාමාංශිකයින්්ගේ තිබෙන දුර්වලතාවයන් නිසාය. රාජ්‍ය සේවයට පැවති ආණ්ඩු විසින් කිසිදු සොයා බැලීමකින් තොරව මිනිසුන් පත්කරවාගෙන ඇත්තේද, තමන්ගේ සහචරයින්ට ආණුඩුවේ ආයතනවල තනතුරු ලබාදී ඇත්තේද වාමාංශිකයින්ගේ ඉල්ලීම පරිදිය.

    මෙවැනි ගැටලු විසදීමට Maathalan/ Tikka/ Udaya Dissanayake සොයාගෙන තියෙන හොදම දෙයනම් රනිල් මෛත්‍රී යහපාලනයයි.

    නැවත මහින්ද ඇතුලු පිරිස අතට බලය ලැබිම වැලැක්වීම සදහා මෙම ආණ්ඩුව මොනදේ කලත් එය හොද ලෙස අප කල්පනා කල යුතුය. මහින්ද ඇතුලු පිරිස / සියලුම වාමාංශික දේශපාලන පක්ෂ විනාශකර දැමිමෙන් තොරව මෙම රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුවට කිසිවක් කල නොහැක.

    ඒ නිසා ජනතාවනි, මහින්ද/ වාමාංශික දේශපාලනික භාවිතාවන් විනාශ කිරීම සදහා සියල්ල පසෙකලා සංවිධානය වන්න..........!!! AMEN !!!

    ReplyDelete
  5. ලොජික් එක තේරෙනවා බොස් හැබැයි මේක ලංකාවනේ. දේශපාලනේදී සදාකාලික සතුරන් නැහැ කියලා මේ ලඟදි සිග්නල් හිනාව දාගෙන සිරා මහත්තය කියනවා මම බලාගෙන. සිරා ලොක්කා හෙමින් හෙමින් පොල් පැලේ පැත්තට හැරෙනවා වගේ. මට හිතෙන්නේ නම් මෙහෙමයි. පොහොට්ටුව දිනනවා. ඊට පස්සේ සිරා මරා සෙට් වෙලා මුලින්ම අලින්ට ෂොට් එක දෙනවා. ඊට පස්සේ හුදී ජනයාට ෂොට් එක දෙනවා. හුදී ජනයාට ඉතිං ඕවා ගානක් නෑනේ. ටික කාලයයිනේ ඕවා මතක. හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙ තත්වය තව පැහැදිලි කළා http://lankasithuwili.blogspot.com/2018/02/blog-post.html

      Delete
    2. Udaya Dissanayake,
      සිරාට මහින්ද එක්ක සෙට්වෙන්න බැරි ඇයි කියල දීර්ග විදියට විග්‍රහ කරන්න පුළුවන් ඉඩ ලැබුන විට කරන්න බලන්නම්

      Delete
  6. ඔබ ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටිමේ සීමාව අනුව ඉදිරියේදි ඔවැනි ප්‍රකාශයන් කල හැකි බව කල්පනාවීම ආශ්චර්යයක් නොවේය. ඔබලාගේ සීතීම අනුව පළමුව කලයුත්තේ මහින්දට අවස්ථාව ලබා නොදිමය. ඒ වෙනුවට ඔහුගේ වැඩපිලිවෙල වෙනත් කෙනෙකු කලාට කම් නැත.

    ණය වෙමින් සහ නැවත එම ණය ගෙවීම සදහා ණය වෙමින් මෙම ක්‍රමය පවත්වා ගෙන යාම සිදු කරන්නේ බහුතරයක් ජනතාවගේ එකගතාවය ඇතුවය. එබැවින් බහුතරයක් ජනතාවගේ ආකල්ප හා දැක්ම වෙනස් කරන්නේ නැතුව වාමාංශිකයින්ට හෝ වෙන කාට හෝ මෙම පවතින තත්වය වෙනස්කල නොහැකිය.

    ReplyDelete
    Replies
    1. // ඔබලාගේ සීතීම අනුව පළමුව කලයුත්තේ මහින්දට අවස්ථාව ලබා නොදිමය. ඒ වෙනුවට ඔහුගේ වැඩපිලිවෙල වෙනත් කෙනෙකු කලාට කම් නැත. //

      ඔබ මගේ පොස්ට් එක හරියට කියවල නෑ. මම මෙතන පැහැදිලිවම කියන්නේ පොහොට්ටුවට චන්දය මම දෙන්නේ ඇයි කියන දෙයයි.
      මම පැහැදිලිව කියනවා මේ ලබන බලය මහින්ද තම පවුලට විරුද්දව ඇති වංචා වසාගැනීමට පාවිච්චි කරන බව, එහෙම තියෙද්දී මම කියන්නේ පොහොට්ටුවට චන්දය දෙන්න කියල මයිත්‍රී පාල ජනාධිපතිට දැඩි පීඩනයක් යොදන්න.

      මේ පීඩනය නිසා ඔහුට සිදුවෙනවා රනිල්ගේ ගැති ප්‍රතිපත්ති වලට රට පාලනය කිරීම නතර කිරීමට එහෙම කරන්න වෙන්නේ ඔහු සමග ඇති ජන බලය රැකගන්න. මේක තමයි මගේ සරල නියාය.

      මෙවැනි වෙනසකට පස්සේ රටේ ජනයාට වාසි සහගත බොහෝ තීන්දු තීරණ ගනු ඇති.

      Delete
  7. මැතිවරණ කාලයක් තුළදී කවරෙක් හෝ පොලිස් අණ නොතකයිනම් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි. මැතිවරණ නීතිය උල්ලංඝනය කරන අයගේ ඔලුටම වෙඩි තබන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී ඇත.

    2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපතිවරයාගේ අවසරය ඊට නොලැබුණ නිසා එම නීතිය ක්‍රියාත්මක නොවුවද, සේනාධිනායකවරයා වන වත්මන් ජනාධිපතිවරයාගේ අවසරය ඊට ලැබී ඇති නිසා මැතිවරණ නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුගේ ඔලුවටම වෙඩි තැබීමට පොලිසියට අයිතිය තිබේ.

    දූෂිත රාජපක්ෂ පල් හොරාගේ කාලයේදී හොරුන්ට තක්කඩියන්ට මැතිවරණ නීතිය කඩා යහතින් ඉඳීමට ඉඩ ලැබුනත් යහපාලනයේදී නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේ. අප යහපලනයෙන් ලැබූ ජයග්‍රහණය මෙයයි.

    ReplyDelete
    Replies
    1. //දූෂිත රාජපක්ෂ පල් හොරාගේ කාලයේදී හොරුන්ට තක්කඩියන්ට මැතිවරණ නීතිය කඩා යහතින් ඉඳීමට ඉඩ ලැබුනත් යහපාලනයේදී නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේ. අප යහපලනයෙන් ලැබූ ජයග්‍රහණය මෙයයි.//


      "යහපාලනයේදී නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේ" කියන දේ වෙනවා නම් මෙලහට රටේ අගමැති හිරේ ඉන්න ඕනේ අර්ජුන මහේන්ද්‍රන් හිරේ ඉන්න ඕනේ අර්ජුන ඇලෝසියස් හිරේ ඉන්න ඕනේ නමුත් එහෙම වෙලා නෑ.

      මෙතන තියන්නේ රගපෑමක් විතරයි දැනටමත් දප්පුල ලිවේර යසන්ත කෝදාගොඩ වැනි පළපුරුදු නිලදාරීන් ඉවත් කර දුර්වල නිලදාරින්ට මේ නඩුව පවරලා ඉවරයි. මෙතන කරන්න හදන්නේ නිතිය ක්‍රියාත්මක වන බව පෙන්වන්න කරන රගපෑමක් විතරයි.

      Delete