Saturday, April 15, 2017
Google ආයතනයේ උප කොන්ත්‍රාත්තුව
බොහෝ කලකට පසු මම පොරොන්දු වූ ලිපිය ලියන්න හිතුව Lionbridge ආයතනය මාර්ගයෙන් මම Google ආයතනය වෙනුවෙන් කරපු වැඩකොටස ගැන විස්තර කරන්න.
මෙය සිදුවුනේ 2007 දී පමණ, මම මේ ලිපිය කොටස් 2ට විස්තර කරන්න හිතුව.
01. Google ආයතනය කරන කාර්ය ගනපැහැදිලි කරන්න
02. මගේ දායකත්වය ගැන පැහැදිලි කරන්න.
Google ආයතනය කරන කාර්ය ගනපැහැදිලි කරන්න :-
මේ ගැනනම් බොහෝ දෙනාට හොද අදහසක් ඇති නමුත් අන්තර්ජාලය ගැන මට මුල්ම අද්දැකීම් ලැබුනේ 1997 දී පමණ එතකොට අප බොහෝදෙනාට තිබුනේ dial up connection සම්බන්දතාවයක්, අද වගේ නෙමෙයි මේ කාලේදී මොඩෙම් කියන උපකරණය පාවිච්චි කරලා අදාළ දුරකථන සමාගමට දුරකථන ඇමතුමක් ලබාගැනීම මහින් තමයි අන්තර්ජාලයට සම්බන්ද වන්න පුළුවන්, විශාල වියදමක් යන මෙම ක්‍රියාවලිය කොච්චර මිල අධිකද කියනවනම් උසස්පෙළ අවසන් කර විවිද පාටමාලා කරන මේ යුගයේ සාමාන්‍ය ගෙදර දුරකථන ගාස්තු රුපියල් 2000 පමණ වුනා, නමුත් මම අන්තර්ජාලය පාවිච්චි කිරීමත් සමග රුපියල් 7500 ක බිලක් ලැබුන මට මතක හැටියට. දැන් ඉන්න අයට තියන පහසුකම් අනුව මම මේ කියන කතාව සුරංගනා කතාවක් වගෙයි.
ශ්‍රී ලංකාවේ ADSL සම්බන්දය ලබාදීමට කලින් leased line සම්බන්දයක් මහින් අන්තර්ජාල ගතවීමට මා වාසනා වන්ත උනේ මම පුද්ගලික ආයතනයක වැඩකිරීම පටන්ගත් නිසයි. මෙහිදී මට පැවරුනේ අන්තර්ජාලය මහින් අදාළ ආයතනයේ භාණ්ඩ විදේශ වලට විකිනීමට පහසුකම් සලසන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි.
මා මේ ආයතනයට බදවාගත් වහාම මට පවරුනේ අමුතුම වැඩක් එනම් අදාළ ආයතනයට තම භාණ්ඩ විකිනීමට උවමනා වෙළදපොල සොයන්නයි, මා බදවාගත්තේ තවත් කෙනෙකු සමගයි අප දෙදෙනාට අලුත්ම වර්ගයේ P 3 ප්‍රොසෙසරයක් සහිත 64MB RAM සහිත Compaq වර්ගයේ පරිගණක 2 ලබාදුන්නා මේ ආයතනයට 64kbps leased line එකක් දීල තිබුන, ඒ කියන්නේ ඕනෑම වෙලාවක අන්තර්ජාල ගතවීමේ හැකියාව මට ලැබුන.
මට ලැබුනේ එවක වැඩියෙන්ම පාවිච්චි කල yahoo.com වෙබ් අඩවියට ගොස් විවිද වියාපාරික තොරතුරු සොයන්නයි.
එවක GOOGLE ආයතනය ජනප්ප්රිය වීමට හේතුව තමයි එහි වේගය සහ YAHOO වලට සාපේක්ෂව තොරතුරු වල ඇති විශ්වාසනීය බව, search engine එකක නැත්නම් සෙවූම් යන්ත්‍රයක් (උදා GOOGLE ) තුල යමක් සොයන්න දැම්මහම ප්‍රථම ප්‍රතිපල 10 තමයි වැදගත්ම ස්ථාන වන්නේ මේ ස්ථාන ලබාගන්න එවක විවිද ආයතන සහ පුද්ගලයන් විවිද උපක්‍රම පාවිච්චි කළා එක ක්‍රමයක් තමයි "keyword stuffing" කියල කියන්නේ.
එනම් Google ආයතනය තම සේවුම් යන්තරයට වෙබ් අඩවියක් ඇතුලත් කල වහාම අදාළ පිටුවේ ඇති වැදගත් වචන "Keywords" ප්‍රමාණය අනුව google අඩවියේ ඔබේ වෙබ් අඩවිය කුමන තැන ස්ථාන ගත වියයුතුද කියන දේ තීරණය කරනු ලබනවා, මෙනිසා ඔබ වියාපාරය අදාළ අංශය තුල ඉහලම ලැයිස්තු ගතකිරීම 10 හෝ 20 අතරට එන්න තිබුනේ විශාල තරගයක්.
උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබ BMW වර්ගයේ වාහන විකුණන ආතතනයක් කියල හිතන්න. ඔබේ අලවි ආයතනය තියෙන්නේ ශ්‍රී ලංකාවේ, දැන් ඔබට උවමනා කරනවා ශ්‍රී ලංකාවේ කවුරු හරි Google අඩවියට ගොස් "BMW car price in sri lanka" වැනි සෙවීමක් කලවිට ප්‍රථම අඩවි 10 අතරට ඔබේ අඩවිය එනවනම්, ඔබට හිතන්න පුළුවන් කොච්චර ගනුදෙනු කරුවන් සොයන්න පුලුවන්ද කියල.
මෙහිදී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු තමාගේ රටට අදාළ මිල හෝ මේ රටේදී මෙය කොච්චර වෙනවද කියන දේ බැලීමට අදාළ සෙවුම් වගන්තියේ මුලට හෝ අගට "sri lanka" වචනය යොදනවා.
මෙවැනි ලයිස්තුවේ ඉහල සිටිනවා කියන්නේ ඔබට අතිවිශාල ආදායමක් උපයන්න පුළුවන් මාර්ගයක්.
මේ නිසා වෙබ් අඩවි නිර්මාණය කරන අය අදාළ වියාපරයට අදාළ සියලු වචන තම වෙබ් පිටුවල යොදන්න පෙලබුනා මෙහෙම කරපු මුල් කාලයේ ඉතා හොදින් තම අඩවිය Google තුල ස්ථාන ගත කලත් මෙය Google ආයතනය පැත්තෙන් බැලුවේ වෙන විදියකටයි, එනම් ඔවුන් බැලුවේ ඔවුන්ගේ Google වෙබ් අඩවිය පාවිච්චි කරන මිනිසුන්ට ඇති වැදගත්කම කුමක්ද කියලයි මොකද බොහෝදෙනා මෙවැනි අසම්මත ක්‍රම වලින් ඉහල ලැයිස්තු ගතකිරීමක් ලබාගන්න විට යමක් හොයන්න මෙයට එන මිනිසුන්ට මුහුණදෙන්න උනේ සම්පුර්ණ වෙනස් තත්වයකටයි එනම් ඔවුන් යමක් සොයන්න උත්සහ කර ලැබෙන මුල් ප්‍රතිපල 10 ට කිසිම වැදගැම්මක් නැති අඩවි රාශියක් ලැබීම නිසා විශාල කාලය නාස්තියක් කරන්න උනා, තමාට උවමනා කරුණ සොයාගැනීමට, මෙනිසා Google ආයතනය වෙබ් අඩවි පාලනය කරන අයට නිතිමාලාවක් ගෙනාව.
ඔබට මෙම https://www.youtube.com/user/GoogleWebmasterHelp/videos
අඩවිය මහින් තව දැනුවත් වීමට හැකියි.
මගේ දායකත්වය :-
මේ නීති උල්ලංගනය කරන අයගේ වෙබ් අඩවි වාරණය කිරීමට හෝ නාමාවලියේ ඉහල ස්ථානයක් සිට පහල ස්ථානයකට දැමීමට ඔවුන් ක්‍රම වේද සැලසුවා
මෙමගින් සිදුවුනේ මෙය පරිහරණය කරන අයට තමාට උවමනා තොරතුරු වේගයෙන් සොයාගැනීමට මාර්ගයක් සැලසීමයි.
මේවගේම වෙබ් අඩවි නඩත්තු කරන්නන් ට අබියෝග රැසක් එල්ලවුනා ඉහල ස්ථානයක රැදීසිටින්න.
Google ආයතනය ආකාර 2ක ලයිස්තු ගතකිරීම කරනු ලැබුවා
01. මුදල් ගෙවා ලැයිස්තු ගත කිරීම (Google paid search)
02. නොමිලේ ලැයිස්තු ගත කිරීම (Google Organic rankings)
මෙහිදී මුදල් ගෙවන ක්‍රමය ගැන කිව්වොත් ඔවුන්ගේ ක්‍රමයක් තියනවා Google AdWords කියල මෙහිදී කිසියම් වචනයක් Google අඩවියේ ඉහලින් පෙන්වන්න අවස්තාව දෙනවා මෙහිදී කවුරු හෝ එම ලින්කුව Link හරහා ඔබේ අඩවියට එනවනම් ඩොලර් 0.50 සිට ඩොලර් 2 වැනි මුදලක් අදාළ වචනයට ඇති ඉල්ලුම අනුව අයකරනු ලබනවා.
උදාහරණයක් විදියට ඔබට උවමනා කරනවා BMW i8 sports cars එකක් ශ්‍රී ලංකාව තුල පමණක් අලවිකරණය කරන්න, ඔබට හැකියාව තියනවා " BMW i8 in Sri Lanka" ලෙස සොයන ඕනෑම ශ්‍රී ලංකාව තුල සිටින කෙනෙකුට පමණක් පෙන්වන්න මෙහිදී අදාළ ඉල්ලුම අනුව එක අයකු අදාළ ලින්කුව (LINK ) තුලින් ඔබේ අඩවියට එන සෑම විටම ඩොලර් 0.5 සිට 2 පමණ මුදලක් අයකරනු ලබනවා.
මෙවැනි Google AdWords campaign එකක් කොච්චර මිල අධිකද කියනවනම් මගේ සේවාදායකයන් සිටිනවා මසකට ඩොලර් 3000 පමණ වියදම් කරන. මෙය විශාල මුදලක් ලෙස පෙනුනත් ඔබ තේරුම් ගනී දවසකට මේ මුදල වියදම් කරන ආයතනත් ලෝකයේ තිබෙන බව.
දැන් මෙය කියවන අයට දල අදහසක් ඇති මොනතරම් විශාල මුදල් සම්බාරයක් Google ආයතනය උපයනවද කියල.
දැන් මුදල් නොගෙවා ඉහල ස්ථානයක් ලබාගැනීමේ වැදගත්කම මම ඔබට කියල දෙන්න ඕනේ නෑ නේ, නමුත් මුදල් නොගෙවා ඉහල ස්ථානයක් ලබාගන්න නම් අපි අවන්කවම හිතන්න ඕනේ අපේ වෙබ් අඩවියට එන මිනිසුන් ට උපරිම වාසියක් ලැබෙන අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද කියල.
මිට වඩා බොහෝ කරුණු තිබුනත් මම මෙපමනින් සිමාකරනවා මොකද Google ආයතනයේ Lionbridge සමාගම ඔස්සේ මම කල දේ පැහැදිලි කරන්න ඕනේ නිසා.
2007 දී Lionbridge ආයතනය සදහන් කළා ඔවුන් විශේෂ විබාගයක් පවත්වන බව සහ පැයට EURO 12 පමණ මුදලක් ලබා දෙන බවත් පැය 20 පමණ සතියකට වැඩකලයුතු බවත් සදහන් උනා.
මට මේ වෙනවිට තරමක විවෙක කාලයක් තිබුන නිසා මම මේ විබාගය කළා, මෙහිදී මුලික සුදුසුකම් උනේ වසර 5 පමනසිට ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම සහ තව සුදුසුකම් කීපයක් ඉල්ලා සිටිය.
කෙසේ වෙතත් මෙම විබාගය සමත්වූ විට ඔවුන් Lionbridge ආයතනයේ කලයුතු වැඩ ගැන උපදෙස් මාලාවක් සමග GOOGLE ආයතනය සමග සම්බන්ද වෙන ක්‍රමවේදය අපට කියාදෙනු ලැබුවා.
දැන් මට පැවරුන මුල්ම වගකීම උනේ දිනකට මට වෙබ් අඩවි ගණනාවක් පිළිබද මගේ ඇගයීම කලයුතු උනා මේ අඩවි ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි උනා, මෙහිදී මට ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල පුරුදු, වැඩිම පිරිසක් යන වෙබ් අඩවි සහ අද්‍යාපනය සදහා මොන අඩවි පාවිච්චි කරනවාද කියල මනා හරස්කඩක් දකින්න පුළුවන් උනා.
මෙය තරමක සංකීර්ණ ක්‍රියාවලියක් වැඩි විස්තර දැනගන්න උවමනා අයට මෙමගින් දැනගන්න පුළුවන්
https://static.googleusercontent.com/media/www.google.com/en//insidesearch/howsearchworks/assets/searchqualityevaluatorguidelines.pdf
මට ලැබුන වෙබ් ලිපිනයන් වලින් කිසියම් සෙවුමක් කලහම ලැබෙන ප්‍රතිපල සතුටු දායක නම් මට අදාළ කොටු සලකුණක් තුල මගේ චන්දය සටහන් කලයුතු උනා, ඉන්පසු ශ්‍රී ලංකාවේ මා සමග මේ වැඩසටහනට තෝරාගත් අනෙක් පුද්ගලයන් 9 දෙනෙකු සමග අදහස් පලකල යුතු උනා මේ අදහස් වලින් ඔබට තේරුනොත් ඔබේ අදහස වැරදියි කියල ඔබ ට නිවැරදි කිරීමට අවස්තාව ලැබෙනවා මෙහිදී පුද්ගලයන් සම සමව එකග වී සහ විරුද්ද වී ඇත්තම් එහි සිටින ඉහල නිලදාරියා (Moderator) වඩා නිවැරදි අදහස ඉදිරිපත් කරනවා.
දැන් මෙතන Google ආයතනය කොච්චර විශාල උනත් සෑම පුද්ගලයෙක්ම කොච්චර අඩවි ප්‍රමාණයක් කොපමණ කාලයකදී කොච්චර නිවැරදිව සංගණනය කරනවද කියන කාරණය සොයාගන්නවා ඔබේ පලදායිතාව අඩුනම් ඔබට අනතුරු අගවනවා. මෙහිදී පුද්ගලයෙක් පෙලබෙනවා තම උපරිම කැපවීමෙන් වැඩකරන්න, මෙහිදී ඔබට විශාල දැනුමක් ලැබෙනවා, ලෝකයේ නව ප්‍රවණතා ගැන දැනුවත් වෙනවා වගේම තවත් ඔබට වඩා දක්ෂ මිනිසුන් අතර තරගයක් කරමින් තමාගෙන් ලබාදෙන්න පුළුවන් උපරිමය කරනවා.
මෙහිදී Google ආයතනයට වැදගත් නෑ ඔබ වැඩකරන්නේ ඇලවෙලාද පුටුවක ඉදගෙනද treadmill එකක ඇවිදින ගමන්ද කියන දේ, ඔබ දක්ෂලෙස වැඩ නොකලොත් ඔබ දන්නෙම නැතුව ඉවත් කරනු ලබනවා.
මෙහිදී ඔවුන් ගණනය කරනවා ඔබ කොච්චර වෙලාවක් සේවය කරනවද කියල, මෙහිදී Invoice එක පිළියක කරන්නේ ඔබවිසිනුයි ඔබ ඔවුන්ට අදාළ Invoice එක යවපුවහම ඔබේ ශ්‍රී ලංකික ගිණුමට අදාළ මුදල බැර කරනු ලබනවා.
මම නම් කලේ නේවාසික විදේශ ගිණුමක් විවුර්ත කර අදාළ මුදල මගේ ගිණුමට ගෙන්වා ගැනීමයි. මෙහිදී මගේම EURO ගිණුමක් ලබාගන්න මට හැකි උනා මොකද ඔවුන් ගෙවීම කලේ අයර්ලන්තයේ සිටයි.
දැන් බොහෝ දෙනා කියන දෙයක් තමයි රජයේ ආයතන හරි විශාලයි නේ කොහොමද මේ මිනිස්සුන්ගේ පලදායිතාව මනින්නේ කියන කාරණය, දැන් අපි බලමු රජයේ ආයතනයක මේ ක්‍රමය පාවිච්චි කරන්නේ කොහොමද කියල.
පසුගිය කාලේ මේ රජයේ අගමැති කතා උනා කොහොමද බලවත් ඇමතිකෙනෙක් නිර්මාණය කරන්නේ විදේශීය ආයෝජකය්න්නේ වැඩ ප්‍රමාද නොවී වේගයෙන් කරන්න කියන කාරණාව.
මම උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබට කර්මාන්තශාලාව ක් සදහා ආයෝජනයක් කරන්න උවමනයි කියල, මුලින්ම ඔබට ආයතනයේ සැලැස්ම අනුමත කරගන්න ඕනේ, ඔබට මෙවැනි ක්‍රමයක් ඇත්නම් ඔබ අදාළ ප්‍රාදේශීය සබාවට ගිහින් ඔබේ සැලැස්ම ඉදිරිපත් කරනවා මෙහිදී ඔබ කිසියම් මුදලක් ගෙව්වහම වහාම ඔබට අනුක්රමික අංකයක් ලැබෙනවා ඔබේ සැලැස්ම වහාම විනාඩි 5 ඇතුලත පරිගණකයකින් scan කරනු ලබනවා, දැන් විශාල ලිපිගොනු තැපැල් කිරීමක් මුකුත් නෑ, අනුමත කරන නිලදාරිය අදාළ සැලැස්ම තම පරිගණකය තුලින් බලා එක්කෝ අනුමත කරනවා නැත්නම් අනුමත කරන්නේ නෑ එසේ නොකරනවානම් අදාළ නොකිරීමට හේතු සටහන් කර පරිගණක ගොනු ගත කරනවා.
දැන් සතියක් වගේ කලකින් ඔබ අදාළ ස්ථානයට අනුක්ක්රමික අංකය දුන්න විට එවෙලේම දැනගන්න පුළුවන් ඔබ ගේ සැලැස්ම අනුමත වෙලාද නැද්ද යනවග මෙහිදී අදාළ නිලදාරියා අද්ක්ෂයෙක් නම් වහාම ඉහල නිලදාරින්ට ඔහුව හදුනාගන්න පුළුවන් GOOGLE ආයතනයේ කළා වගේ වැඩේ හරියට කරන්නේ නැත්නම් රැකියාවෙන් ඉවත් කිරීමට පුළුවන්, මිට අමතරව මේ නිලදාරියා ඉතා දක්ෂ ලෙස මේ වැඩේ කරනවානම් ඔහුට රැකියාවේ උසස් වීමක් ලබාදෙන්නත් පුළුවන්.
වැදගත්ම දේ මෙවැනි පරිගණක ක්‍රමයක් ඇතිවිට රයයේ විවිද ආයතන වල වැඩක් කරගන්න ගියහම වහාම තොරතුරු ලබාගැනීම මගින් විනාඩි කීපයකින් වැඩේ කරන්න පුළුවන්.
මේ ක්‍රමයේ දී අල්ලස් ගැනීම වගේ දෙයක් වෙන්න පුළුවන් කලාතුරකින් විතරයි එසේ උනොත් ඉක්මනින් හදුනාගන්න පුළුවන්, කිසියම් ආයතනයක් අසාදාරන ලෙස යමක් කරනවානම් අධිකරණය වෙත ගොස් පැය ගණනකින් ප්‍රශ්න විසදන්න පුළුවන්. මේ ක්‍රමය තමයි සිංගප්පුරුව අනුගමනය කරන්නේ.
මෙහි වැදගත් ම දේ මිනිසුන් 10 වැඩකලත් 1000 වැඩකලත් 100000 වැඩකලත් කිසිදු ප්‍රමාදයක් ඇති නොවීමයි, මිට අමතරව බොහෝ සේවකයන්ට නිවසේ සිටම වැඩ කිරීමට පහසුකම් දෙන්න පුළුවන් මෙමගින් අනවශ්‍ය ලෙස නගර වලට දිනපතා මිනිසුන් පැමිණීම වලක්වන්න පුළුවන්.
මෙය ට ඇති මුලිකම අපහසු කම තමයි ඉංග්‍රීසි නොදන්නා රාජ්‍ය සේවකයන් පිරිසක් ඇතිවීම, රජය කඩිනමින් මේ සේවකයන්ට ඉංග්‍රීසි දිරුණු කරන වැඩපිළිවලක් ඇතිකරන අතර අද සිංහලෙන් අදහස් දැක්වීමට පහසුකම් දියුණු වී ඇති නිසා අදාළ ලෙස සිංහල හෝ පාවිච්චි කිරීමට වැඩපිළිවලක් යොදනවානම් ඉතා වැදගත් කර්යක් වෙයි.
අන්තර්ජාලය තුල විදේශ වලට විකුනන්න පුළුවන් සේවයන් විශාලයි නමුත් මේ මොනවත් හරියට කරන්න බැරි හැමදේටම රජය අතගහල හැමදේම ප්‍රමාද කරන නිසයි, මෙනිසයි රජය කර්යක්ෂම වෙන්න ඕනේ.
මේගැන විවේචන තියනවනම් කරුනාකර ඉදිරිපත් කරන්න මම පෙන්වාදෙන්නම් ලෝකයේ මේ ක්‍රමයක් ප්‍රායෝගිකව කරන විදිය.
Subscribe to:
Post Comments (Atom)
හම්මේ හිතාගන්ඩවත් බැ
ReplyDeleteඅටමෝ, මේ මම දන්නා දේවලින් 1/100 පමණයි නමුත් Google ආයතනය ගැන මම 1/100000 වත් මම දන්නේ නෑ මේක තමයි ඇත්ත.
Deleteහැබැයි උබට එකක් කියන්න ඕනේ අද Google MAPS වලින් අපි ප්‍රයෝජනය ගන්නවා ඉදිරි දිනයක් එයි හිතන්න ඔබ නුවර එලිය පැත්තේ වාහනයක යනවා ඔබට ඕනේ වෙනවා ඉතා අපහසුවෙන් සොයන්න ඕනේ භාණ්ඩයක් මිලදී ගන්න, ඔබට පහසුවෙන් ලගම ඇති තැනකින් අදාළ භාණ්ඩය සොයාගන්න පුළුවන් නමුත් මේවා විකුණන ආයතන Google AdWords මගින් වෙළද දැන්වීම මිලදී ගනී. අවසානයේ අතිවිශාල විදේශ විනිමයක් මෙම ආයතනය ලෝකය පුරාම තම ඇති දක්ෂ ක්‍රම වලින් සොයයි.
ගූගල් ආයතන විතරක් නෙවෙයි. අන්තර්ජාල සේවා සපයන බොහෝ මහාපරිමාණ හා මධ්‍යපරිමාණ ආයතන තම පාරිහෝගිකයින්ගේ අන්තර්ජාල හැසිරීම් එකතු කරනවා. මේ සඳහා ඔවුන් දක්වන හේතුව තමයි තම පාරිභෝගිකයින්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මේ දත්ත උපයෝගීවන බව. නමුත් මේ එකතුකර ගන්න දත්තවලින් බොහෝමයක් කෙලින්ම පෞද්ගලිකත්වයට සම්බන්ධ දත්ත. වෙනත් ආකාරයකට කියනවනම් කෙනෙක්ගේ රුචි අරුචිකම් පිලිබඳ දත්ත. යුරෝපයේ නම් මෙවැනි දත්ත පිළිබඳ තරමක් දැඩි නීති පවතිනවා.
Deleteනමුත් මෑතදී අමෙරිකානු කොන්ග්‍රස් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් (ISP) විසින් එක් රැස්කරන දත්ත තුන්වන පාර්ශවයන්ට විකිනීමට අවසර ලබා දෙන පනතක් සම්මත කලා.
මෙයින් ඇතිවන සමාජීය බලපෑම් අප හිතනවාට වඩා ඉතා විශාල විය හැකියි. ඔබ වෙලඳ සංකීර්ණයකට ගොඩවන විට, එහි සිටින වෙලඳ සේවිකාව ඔබ පෙරදින රාත්‍රියේ සොයා බලුවේ කුමන ආකරයක ඇඳුම් ගැනදැයි දැන සීටීම ඔබට පහසුවක් වෙන්නටත් සේම ඔබව අපහසුතාවයකට පත් වීමටත් හේතුවක් විය හකියි.
වඳුරන්ට හා දැලිපිහි බහුල ආසියානු හා අප්‍රිකානු රටවල්, මොන විදිහට මේ දත්ත පාවිච්චි කරයි කියලා හිතන්න පුළුවන් ද ?
(උදා ලංකාවේ රූපවාහිනී නාලිකා හා CCTV කැමරා )
Asanga,
Deleteමට නම් පුද්ගලික තොරතුරු එකතු කිරීම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නමුත් GOOGLE ආයතනය මිනිසුන්ට අවශ්‍ය සියලුම වර්ගයේ තොරතුරු සේවයන් ලෙස සපයන්න ගත්තම, ඔවුන් මෙයට ආදායම් උපයන්න ක්‍රම විදිත් එකතු කරනවා.
උදාහරණ GOOGLE නැතිවම බැරි සේවයක් කරපුවහම ඔවුන් මුදල් එකතුකරන AdWords නමැති ගෙවා ලැයිස්තුගත කිරීම හදුන්වා දුන්න. මෙය ශ්‍රී ලංකාව තුල පටන්ගත්ත පමණයි නමුත් ඇමරිකාවේ සුලු වියාපරිකයෙකුටත් මෙය නැතුවම බැරි සේවයක් වෙලා මම කියපු සේවාදායකය දවසකට ඩොලර් 150 සිට 250 මේසදහා වැයකරනවා, හබැයි ඔහුට ඒ වගේම අදායමක් ලැබෙනවා.
මෙම ක්‍රම කොච්චර සාර්ථකද කියල මනින්න Google Analytics වැනි සේවයකින් පුළුවන්
උදාහරණ :- ඔබ මිලදී ගත් "Keyword" එකට කොච්චර වියදම් උනාද එයින් ඔබට කොපමණ භාණ්ඩ විකුණාගන්න පුළුවන් උනාද කියන අපට අද රුපවාහිනි ප්‍රචාරණයෙන් හොයන්න බැරි දේවල් නුලට හොයන්න පුළුවන්.
නමුත් මෙයින් දීර්ග කාලීනව අපවැනි රටවලට වෙන්නේ මේවයේ සේවය ගත්තහම දන්නෙම නැතුව ඇති විශාල විදෙශ විනිමයක් රටින් බැහැර වීමයි මේවා නවත්තන්න බෑ නමුත් කනගාටුවට කරුණ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලින් මෙවැනි දියුණු තාක්ෂණික මෙවලම සමග තරග කරන කිසිදු විකල්පයක් නැති වීමයි.
:D
ReplyDelete:)
Deleteඅර ඉස්සර සයිලන්ට් සහන් කියලා බ්ලොග් ලිව්වේ උබද බං? සුදිකගේ ඩොස් ගේම් එකත් මතක් උනා කියහන්කෝ මේ පොස්ට් එකේ භාගයක් කියවද්දී.
ReplyDeleteAnonymousApril 16, 2017 at 12:12 AM,
Deleteමේක තමයි මගේ පලවෙනි සිංහල බ්ලොග් එක !