Monday, May 1, 2017

මයිත්‍රී රනිල් ඇදගෙන නෑම




ලිපිය පටන් ගැනීමට පෙරම මම කුමන පක්ෂයකට පසුගිය 2015 ජනවාරි 8 චන්දය දුන්නාදැයි කීම වැදගත් වෙන්නේ ඇත්ත තත්වය ස්වාදීනව විස්තර කිරීම නිසා මෙය බලන පුද්ගලයන් පාට කන්නාඩි වලින් බලා කියන දේ ගැන අවදානය නොකරන නිසයි.

මම 2015 ජනවාරි 8 යහපාලන රජයට චන්දය දුන්නෙමි, මෙය ගැන අදත් මම කනගාටු නොවෙන්නේ හිටපු රජය පැවතුනානම් ඉදිරියේ ඇති අබියෝග හමුවේ දැඩි මර්දනයකට යන නිසයි.

නමුත් දැන් සිදුවෙන දේ ගැන අවංක විග්ග්රහයක් කරන්න ඕනේ දැනට ඇතිවෙලා තියන තත්වය සහ එයින් ගොඩ එන්න කරන්න ඕනේ මොනාද කියන දෙයයි.

යහපාලනය බලයට ගෙන එන්න උදව් කලේ මුලිකවම නව තරුණ චන්දදායකයන් පිරිසයි, මිට හේතුව මේ තරුණයන් විසින් සමාජමද්‍ය වලින් දැනුවත් වී තම දෙමාපියන් වැඩිහිටියන් ගේ චන්දත් යහපාලනය වෙත යොමු කිරීමයි. මේ පිරිස පාරස්ම්පරික පිරිස වගේ දිගින් දිගටම රැවටිය නොහැකියි.

අද වෙනවිට යහපාලන රජය නිර්ලජ්ජිත විදියට පොරොන්දු කඩකරමින් සිටි දැනට ඔවුන්ට මර්ධනය දියත්කිරීමට නොහැකි වී ඇත්තේ දේසපාලන අස්ථාවර බව නිසා මිස වෙන කිසිවක් නිසා නෙමෙයි.

දැන් මැයි දිනයේ සාර්ථකත්වය ගැන බලමු.

මාද්‍ය බොහෝවිට කියන්නේ සියලු පක්ෂ සෙනග ගෙන්වාගනිමෙන් සාර්ථක වූ බවයි, ඇත්තටම මෙය ඇත්තද ?

මම දකින්නේ මෙය විශාල මුසාවක් බවයි, බලයේ සිටින එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතාව ගෙන්වාගැනීමට පාවිච්චි කරන ලද්දේ අනියමින් බලහත් කාරය පාවිච්චි කරලයි

පහත ලිපිය මෙයට සාක්කියක් වෙනු ඇති.


මහින්ද රාජපක්ෂ ගේ රැලිය ට මිනිසුන් ගෙන්වා ගැනීමට මත්පැන් මුදල් දෙන්න ඇති නමුත් මෙපමණ සෙනගක් ගෙන්වා ගෙන තියෙන්නේ කිසිදු වර්ප්ප්‍රසාදයකින් තොරවයි, මෙය තමයි තිත්ත ඇත්ත. 


මෙය අවංකව දකින්න බැරි රජයේ ජනමාද්‍ය ඊයේ කරපු විහිලු  සහගත දෙයක් තිබුන, මම රුපවාහිනී ප්‍රවුර්ති බලද්දී පෙන්නුවේ මහින්දගේ රැලියට බේබද්දෝ කීපදෙනෙක් සහ ඉතා සුළු පිරිසක් සහබාගිවී ඇති බවයි, මෙය රජයේ මද්යකින් දැනට වසර 30ට පමණ පෙර කලානම් සාර්ථක වෙන්න තිබුන නමුත් අද අන්තර්ජාලය ඇති ලෝකයේ මෙවැනි දෙයක් කිරීමෙන් අප්‍රසාදයට පත්වෙන්නේ පවතින රජයයි (මොකද රජයේ නිරුවත ලෝකයටම අනාවරනය වෙනවා මොහොතකින්ම )   

දැන් මේ තත්වය යමක් කමක් තේරෙන මෙ රජය බලයට ගෙනඒමට උදවවුන නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියන්නේ මෙහෙමයි  



මෙම අදහස දකින අජිත් පැරකුම් ජයසිංහ මහතා (පැරා ) කෝපයට පත්වී මෙහෙම කියනවා 



පැරා කියන්න උත්සාහ කරන්නේ වත්මන්  තත්වය ගැන කතා නොකර රාජපක්ෂගේ බලය මර්දනය කිරීමට කරන්න ඕනේ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි, ඔහු වියන්ගයෙන් කියන්නේ මේවා ප්‍රසිද්දියේ කතාකිරීමෙන් මහින්ද තවත් බලවත් වෙන බවයි.

දැන් අපි බලමු ඇයි මෙහෙම උනේ කියල, මිට මුලික හේතුව මහින්දගෙන් බලය ගත් මිනිසුන්ට උවමනා කලේ මහින්ද නතරකල තැනින් සොරකම පටන් ගැනීමයි. රජයේ දේපල කුණුකොල්ලයට විකිණීම මහින් තමාට ලැබෙන කොමිස් කුට්ටිය ගැන සිහින බලපු වත්මන් රජයට එය කරන්න බැරිවුනේ යහපාලනයේ සලුපිලි කිලිටි නොකරගන මෙය කරන්න ඇති අපහසුවත් පක්ෂ 2ට බලය බෙදීම නිසා විශාල පිරිසක් සනසන ගමන් සොරකමට උවමනා මුලික උපකරණය වන ජනතා සහයෝගය නොමැති වීමයි.

මෙනිසා හම්බන්තොට වරාය වැනි මුදල් ආකාරයක් අලාබ ලබන වරායක් සේ තබාගන්න ඕනේ වුනා 
01. අලාබ ලබන බව කියාල විකුනන්න 
02. ලාබ ලබන තත්වයට ගෙනත් ණය නොගෙවීම නිසා ණය බර වැඩිවීම.

කියන කාරනා දෙක හේතුවුනා, රජයේ ආයතනයක් ලාබ ලබන තත්වයට ගෙන ආව කියන්නේ එය විකුණා කොමිස් කුට්ටියක් ලබාගැනීමට නොහැකි වෙනවා කියන දෙයයි , කිසියම රජයේ ආයතනයක් ලාබ ලැබුවත් එම ලාබය මංකොල්ල කෑවත් එය විකුණා ලබන කොමිස් කුට්ටියට වඩා ඉතා අඩුවෙනවා.

මෙනිසා රජය පෙලබෙන්නේ නෑ පවතින සංවර්දන වියාප්පෘති අවසන් කරන්න නමුත් ඔවුන් හරි උනන්දුයි නව සංවර්දන වියාප්පෘති පටන්ගැනීමට මොකද එමගින් ලොකු කොමිස් කුට්ටියක් ලබාගන්න පුළුවන් නිසා.

දැන් උතුරු මැද අධිවේගී විය්ප්පෘති සදහා මුදල් වෙන්කරන්න පුළුවන් රජයට හැකියාවක් නෑ හම්බන්තොට වරායට වැඩිපුර දොබකර සහ තෙල් පිරිපහදුවක් ඉදිකරලා  ඉවර කරන්න, මොකද මේවා හදපු ගමන් වරායේ ආදායම වැඩිවෙනවා ඒ කියන්නේ මේවා විකුනන්න බැරි වෙනවා අලාබ ලබනබව කියමින්.

මහින්ද උනත් කලේ මේ සෙල්ලමම තමයි ඔහු හම්බන්තොට වරාය හදල මත්තල ගුවන් ටෝටුපලක් පටන්ගත්ත. ඔහු ඒ මුදල් හම්බන්තොට ඉවර කලානම් වරාය ආදායම් උපදවනවා එහෙම උනානම් ඔහුටත් විකුනන්න බැරි වෙනවා.

මේක තමයි ඇත්ත යතාර්ථය. 

යහපාලන රජය බලයට ගෙනා ජනතාවගේ මුලික උවමනාව පැවතුන රජයේ දුෂකයන්ට දඩුවම් දීම සහ නව සංවර්දන වැඩවලින් තමන්ට රැකියා ලබන අතර බදු බර අඩුකර ගැනීමයි, මේ බලාපොරොත්තු එකින් එක බිදවැටීම සිදුවූ වහාම රජය සමග සිටින ජනතාව රජයෙන් ඉවත් උනා, දැන් සිරිසේනටත් රනිල්ටත් මොලේ කළදක් වත් තියනවනම් කරන්න ඕනේ මුලිකම දේ මහින්ද බාගෙට ඉවර කල  වැඩවලින් මුදල් උපයන්න වැඩපිළිවලක් යොදන එක, එහෙම කලොත් ඉදිරියේ ණය බර නිසා ජනතාවට දරන්න වෙන බදු බර අඩුකර ගන්න පුළුවන් වෙයි, මිට අමතරව විදේශවලට කරන දේශීය අපනයනත් ප්‍රතිඅපනයනත් වේගවත් කිරීමට වැඩපිළිවලක් උවමනා වෙනවා.

රුජු විදේශ ආයෝජය ගෙනඒමට විනිවිද බාවයන් යුතු වැඩපිළිවලක් උවමනා කරනවා, මෙය ඉතා කික්මනින් කරන්න බැරිඋනොත් මහින්දගේ ප්ර්ශවය විසින් සංවිදානය කරන දැවැන්ත උද්ගොෂණයකින් රටේ බලය ගිලිගෙන්න ගතවෙන්නේ මහින්දට වසර 30 යුද්දය නිමකරලා වසර 6කින් බලය ගිලිහුනාට වඩා වේගවත් ලෙස සිරිසේනටත් රනිල්ටත් බලය නැතිව යන එකයි. 

                   


         

7 comments:

  1. ලාංකික සිතුවිලි,

    ඔබ නිවැරැදියි. නමුත් ලංකාවේ පවතින ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ වම් අතින් දකුණු අතටත් දකුණු අතින් වම අතටත් ගහන්නෙ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒව ඡන්ද පොරුන්දු විදිහට දෙන කොටම ඒව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් නොගත්තහම වෙන්නෙ අර එළුව පස්සෙ ගිය එකාට වෙච්ච දේ. අවුරුදු දෙකෙන් දෙයි ද? හතරින් දෙයිද? පහෙන් දෙයිද කිය කිය මාන බලනව.

    ලක්දිව 1948න් පසු පශ්චාත් නිදහස් ඉතිහාසය පුරා කවදාවත් එකම පැලැන්තියේ ප්‍රභූන් අනෙකට දඩුවම් දීල නෑ, මුග්ධ ජේ.ආර්. සිරිමාගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීම වැනි තක්කඩි ජල්තර හැරුණු කොට.

    උදා: චන්ද්‍රිකා කලින් හිටපු 1977-94 එජාප මිනීමරුවන්ට, වධකයින්ට, හොරුන්ට මැරයන්ට දඩුවම් දුන්නද? රනිල් චන්ද්‍රිකාගෙ 1994-2001 හොර මැරකම් වලට දඩුවම් දුන්නද? මහින්ද 2002-04 රනිල්ගෙ රවීලගෙ හොර මැරකම් වලට දඩුවම් දුන්න ද? නෑනෙ.

    කියන දේ හා සැබෑවට වෙන දේ අතර වෙනස තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන ලාංකික. මේ වනවිට රාජ්‍ය බලය දරණ හවුල් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටී. මහින්ද රාජපක්ෂ විසින් කූටප්‍රාප්තියට පත්කළ අශීලාචාර ප්‍රජාතන්ත්‍රවිරෝධීත්වයෙන් ගොඩ එන්නට තබා සිටින තැන හෝ රැක ගන්නේ අසීරුවෙනි. යම් යම් ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රගතියක් අත්කර ගන්නට සමත්ව ඇතත් සමස්තයක් ලෙස ආණ්ඩුව අසාර්ථකත්වයේ මුදුන් පෙළටම පැමිණ තිබේ.

    රාජ්‍ය දේපළ තමනුත් කොල්ලකමින් සියළු දෙනාට ස්වල්පය බැගින් කොල්ල කන්නට අවස්ථාව ලබාදුන් රාජපක්ෂ සංස්කෘතියට දේශපාලනිකව මුහුණදීම අසීරු බව සත්‍යයකි. එහෙත් ස්වභාවික ආපදා කළමනාකරණය කර ගැනීම, පවුල් පාලනයට තිත තැබීම, දූෂණ වංචා අවම කර ගැනීම හා නීතිය ක්‍රියාත්මක කරලීමේ දී අපක්ෂපාතීවීම යන කාරණා වල දී ආණ්ඩුව අන්තිම අසාර්ථක වුණි.

    එමෙන්ම පැවැති පාලන ව්‍යුහයට අලුතින් කළමනාකරුවන් පත් කර ගැනීමත් එතෙක් කළ නාස්තිය හා දූෂණය අලුත් කළමනාකරුවන් යටතේ උපක්‍රමිකව කරගෙන යෑමත් හැර අලුත් යමක් නොවීය. “අපේ ආණ්ඩුවක් තියෙන්නේ” යැයි කියමින් ග්‍රාමීය යූඑන්පීකාරයන් කරන්නට පටන් ගත්තේ ග්‍රාමීය සංවර්ධනයේ මර්මස්ථානයන්ට රිංගා එතෙක් රාජපක්ෂගේ ගෝලයන් කළ දේ දිගටම කරගෙන යෑමය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරන ග්‍රාමීය සංවර්ධන වැඩ කටයුතු වලට පුරුදු පරිදි මැදිහත් වූ යූඑන්පීකාරයන් කොන්ත්‍රාත්කරුවන් මගින් මහජන මුදල් කොල්ල කන්නට පටන් ගත්තේ එතෙක් පැවැති දුර්භික්ෂයට ක්ෂණික පිළියම් යොදන්නට මෙනි.

    එසේම මහජනතාවට පටි තද කරන්නැයි කියමින් දේශපාලකයන්ට සුපිරි පහසුකම් භුක්ති විදින්නට අවශ්‍ය වූයේ එතෙක් රාජපක්ෂ ගෝලයන් කී කරුණුම විළිලැජ්ජාවකින් තොරව ඇද බාමිනි. කොළඹට ආසන්න දොම්පේ/ කැලණියේ යූඑන්පී මන්ත්‍රීවරුන්ට පවා කෝටි ගණන් වටිනා සුපිරි වාහන නොමැතිව මහජන සේවය කරන්නට නොහැකි යැයි ආඩපාලි කීවේ විළිලැජ්ජා නැතිව ය.යහපාලන ආණ්ඩුව මුළු එකක් ලෙස රාජපක්ෂ පාලනයට සංස්කෘතික විකල්පයක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුහුණු මාරුවකින් රාජපක්ෂ කළදේම යළි කරන්නට ය.

    එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලනය කළේ තම පුද්ගලික මනාප සංඛ්‍යාව තහවුරු කර ගැනීමට පමණි. සමාජ සේවා වැඩ හා දේශපාලන අල්ලස් දීම් මගින් සම්ප්‍රද්‍රායික ලෙස තම ඡන්ද ගොඩ ආරක්ෂා කර ගැනීම මිස තම ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හා සමාජ සංවර්ධනයක් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවුණි.

    රටේ එදිනෙදා දේශපාලන සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් ඔවුන් සතුව නොතිබූ බව රූපවාහිනී දේශපාලන සකච්ඡාවන්ට එන ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනි. ආණ්ඩුවේ පැවැතම ආරක්ෂා වන්නේ සමාජය තුළ ශක්තිමත් දේශපාලන කතිකාවකින් බව තේරුම් නොගත් ඔවුහු මහජනතාව නිතරම දේශපාලනිකව දැනුවත් කිරීමට තැත් නොකළේ ය. දේශපලනික කරුණු අරඹයා අතාර්කික විකාර කතා මිස හරවත් යමක් කීවා නම් එසේ කළේ අතලොස්සකි. බහුතර යූඑන්පී මන්ත්‍රීවරු කසාය බිව් ගොළුවන් සේ තමන්ට හිමි වරප්‍රසාද බුක්ති විදිමින් මන්ත්‍රී රස්සාව කළා.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ වේගයෙන් වර්ධනයවන ජනතා ප්‍රසාදය ඇතිවීමට වත්මන් සභාග රජයේ විසුළු ක්‍රියාකලාපය හේතුභූත වී ඇත. මා එහි සම්පූර්ණ වගකීම පවරන්නේ මෛත්‍රීපාල ට ය. 95% වඩා ශ්‍රී ල නි ප පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන විසිරුවා හැර එම සුළු දේශපාලුවන් නන්නත්තාර කොට ඡන්දයත් දින නියමයක් නොමැතිව කල්දමා තිබීමෙන් ඔහු තමන් ගේ ජනපදනම මිනී වලට තල්ලු කල අතර වෙනදා ජනතා නියෝජිතයන් ව සිටි දහස් සාංඛ්‍යාත පලාත්පාලන මන්ත්‍රීන් පැරදී කුජීත වී සිටි මහින්ද ගේ තුරුලට තල්ලු කලේය. සැබෑ ජනපදනමක් නැති සෝලන්ගාරච්චිලා, එස්බීන්ලා, සොයිසලා තිලන්ගලා මහින්ද සමරසින්හලා වැනි තක්කඩින්ගේ ලණු කෑ මෛත්‍රීපාල ජනතාව සමග සිටි නියෝජිතයන් ව ආසන සන්විදායක කමෙන් ද පන්නා දමා පිරිහී සිටි යල්පැනගිය පුදගලයින් පත්කර නැති අවුලකුත් හදා ගත්තේය.

      මෛත්‍රීපාල යටතේ තමන් ගේ පලාත් පාලන ආයතන එජාප බලයට නතු වන බව එම ප්‍රාදේශීය දේසපාලකයන් දැන ගත්තේය. තමන් අත ඇති බලය එජාපයට පූජා කරන්නට කැමැත්තෝ නිදහස් පක්ෂයේ සිටිත් ද??

      මේ අවස්තාව දූෂිත සටකපට බැසිල් රාජපක්ශ ට තමන් ගේ බලය පතුරුවා හරින්නට තෝතැන්නක් විය. මහින්ද බලයේ සිටිද්දීම ප්‍රාදේශීය දේශපාලකයන් වැඩ කලේ බැසිල් සමග ය. ඔවුන් ට ප්‍රතිපාදන ලබා දුන්නේ බැසිල්ය. ඔවුන් ගේ දුක් කම්කොටලු සහ පැමිනිලි වලට සවන් දුන්නේ බැසිල්ය. ඔවුන් සමග ඩීල් දැමීම ඔහුට කජ්ජක් නොවීය.

      මේ නව දේශපාලනික අර්බූදයේ දී පාලක එජාප ය තමන් ගේ පලාත්පාලන ආයතන නියෝජිතයන් හට ලබා දුන් නිසිදු දෙයක් නොවීය. රනිල්, මලික්, රවී සහ කිරිඇල්ල කෝටි ගනනින් සොරකම් කරද්දී අනෙකුත් මැති ඇමැතිවරුන් ට කුඩා දෙයක් වත් දෙයක් සපයා ගන්නට රනිල් ඉඩ තිබ්බේ නැත. පලාත් පාලන නියෝජිතයන් හට තමන් වටා සිටිනා ජනතාවට ඉතා කුඩා සැලකීමක් වත් කරන්නට අවස්තාවක් රනිල් ගෙන් ලැබුනේ නැත.

      Delete
    2. කිසිම ආකාරයකස්ථාවර සන්වර්දන කටයුත්තක් සිදු නොවනා තත්වයක දී පෙර දී ඉදිකිරීම් කර්මාන්තයේ යේදී සිටි බොහෝ කොන්ත්‍රත් කරුවන් ද එජාප පලාත් පාලන නියෝජිතයන් ගනනකට ගන්නේ නැති තත්වයක් ඇති වී තිබේ.

      පොහොට්ටුව ලකුණ යටතේ කපටි බැසිල් ක්‍රියාත්මක වුනේ එවැනි පසුබිමක ය. නිර්භයව ඉදිරියට පැමිනෙන්නට මහින්ද ට පසුබිම සැදුවේ බැසිල් ය. ඔහු ගේ පදනම මෛත්‍රීපාල විසින් නිර්මානය කල අසහනයට පත් ශ්‍රී ල නි ප පලාත් පාලන නියෝජිතයන් ය.

      රැලිය ට ගාලු මුවදොර ඉල්ලීම මේ පලාත්පාලන නියෝජිතයන් සමග එක් ව ගත් තීරණයක් විය. එතැන් පටන් එහි සියලුම කටයුතු, අදියරෙන් අදියර නිසි තැනැත්තා ට බාර දී ඔඋන් ලවා එම වගකීම් ඉටුකර ගත්තේ බැසිල් ය.

      කොටන් ඇද්ද බැසිල් ට අවශ්‍ය සියලු උදවු උපකාර දෙන්නට එකාබද්ධ විපක්ෂ කල්ලියේ සියලුම දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සිට, පලාත් සභා මන්ත්‍රීලා සිට, පලාත් පාලන නියෝජිතයන් ගේ සිට මරණාදාර සමිති, කුලඟන සමිති දක්වා සියලුම දෙනා සැදී පැහැදී වුන් හ... හැම විටම තමන් ගේ දෙයක් ම මෙන් සියලු කැපකිරීමක් ම කිරීමට ඔවුන් සමත්වූහ.

      වේදිකා නිර්මාණයේ දී ගොසින් රහසිගතව නිරීක්ශනය කල මා දැක්කේ එවන් තත්වයකි.

      අනිවාර්යයෙන් ම රාජ්ය අනුග්‍රහය ඇති ව පැවැත්වූ අනෙක් මැ‍යි රැළි දෙකට ම බැසිල් වන් සන්විදාකයකෙක් ඉන්නට ඇත. සියලු දේ මනාව සන්විදානය වන්නට ඇත.එහෙත් එම රැළි දෙකම අභිභවා ගාලු මුවදොර පිටියේ පැවැති රැලිය ඉදිරියට ආයේ ඇයි???

      සියලුම දේ නිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක කරමින්, සැම දෙනාම සහභාගී වෙමින්, සැවොම තම වගකීම් ඉටුකරමින් සැකැසුනු මේ මහා යාන්ත්‍රනය ඉදිරියට ගියේ මහින්දගේ ප්‍රකට පෞරුෂය නිසා ම ය. මිනිසුන් එක් රැස් කිරීමේ කාන්දම මහින්ද විය.

      බැසිල් ගේ සන්විදානයෙන් ගෙන්වන්නට යෙදුනු බස් වලට මිනිසුන් නැග්ගේ මහින්ද නිසා ය. බැසිල් ගේ උදවිය විසින් නිර්මානය කල ගාලු මුවදොර පිටියේ සන්දර්ශනය මිනිසුන් ගෙන් පිරුනේ මහින්ද නිසා ය.

      යුද්දය නිමා කර තමන් ට නිදහසේ ජීවත් වන්නට සලසාදුන්, තමන් ට පාරක් හදාදුන්, තමන් ගේ ගම නගරය අලන්කාර කල, තම පාසැලට නව විද්‍යාගාර, බිල්ඩිම්, පිහිනුම් තටාක සාදාදුන්, තමන් ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෝහල, අදිකරන ගොඩනැගිලි, තනාදුන් නවව ශ්‍රී ලන්කාවක් බිහිකල මහින්දව අමතක කරන්න ට මිනිසුන් සූදානම් නැත. එමෙන්ම නාමල්ලා, මර්වින්ලා, සජින් වාස්ලා, සරණ ගුණ වර්ධනලා වැනි බලය අතට ගෙන යකා නැටූ මීහරකුන් දැන් කරලියේ නැත. බූරුවංෂ ආණ්ඩුවේ සිටියදී විකාරයක් වුණත් විපක්ෂයේදී සෑහෙන බලවත් හඬකි. පරණ සිද්ධි කෙමෙන් මිනිසුන්ට අමතක වෙන්නේ 2002-03 වැට් බදු වංචාව ඇතුළු හොරකම්, 1988-89 භීෂණ යුගය අමතක වී ගියාටත් වඩා වැඩි වේගයකිනි.

      සිවු දෙසින් ම ඔපපාතිකව පහලවී සිටිනා නවීන දේසපාලන විචාරකයන් මෝඩ කතා කියද්දී, එම කතා අසමින් ම මහා ජනතාවක් මහින්ද බලන්නට ගාලු මුවදොර පිටියට යෑම එක අතකින් දෛවයේ සරදමකි.

      ජනතා බලයට පිටුපානා බලයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැති බව එම දේසපාලන ඔස්තාද්ලා දන්නේ නැත. නීති රීති වෙනස් කරමින්, සිරිකොත බලය අල්ලාගෙන සිටින පහළ මට්ටමේ පාක්ෂිකයින්ට කන් නොදී උඩඟු වෙසින් සිටින රනිල් සහ තග න්‍යායෙන් ශ්‍රී ල නී ප යේ සභාපති වූ මෛත්‍රීපාල මෙන්ම පැරදී අනුන්ගේ ඡන්ද පදනමින් හොර පාරෙන් පාර්ලිමේන්තු රිංගා ගත් ඔහුගේ කේවට්ටයින් ලඟ ජනතාව නැත. දේශපාලන වශයෙන් සක්‍රීය නිදහස් පාක්ෂිකයා ඇත්තේ ඔවුන් ට අවශ්‍ය මිනිසා සමග ය. ඒ මිනිසා මහින්ද රාජපක්ෂය. මේ යථාර්ථය තේරුම් නොගෙන බහුබූත කළොත් එහි වාසියත් ඔහුටය. දැන්වත් මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළොත් එජාප-මෛත්‍රී පිළට යම් තරමකින් තත්වය පාලනය කරගතහැකි වනු ඇත. නැත්නම් කාටත් සොරි ඩොට් කොම් ය.

      Delete
    3. AnonymousMay 2, 2017 at 5:34 AM

      ඔබේ විග්‍රහය සමග 100% එකග වෙමි.

      //නමුත් ලංකාවේ පවතින ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ වම් අතින් දකුණු අතටත් දකුණු අතින් වම අතටත් ගහන්නෙ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒව ඡන්ද පොරුන්දු විදිහට දෙන කොටම ඒව තේරුම් ගන්න ඕන.
      //

      මම මෙය මුලින්ම දැනගනි යහපාලනයට චන්දය දුන්නේ ඊට හේතුව යම්විදියකින් මහින්ද ගෙනගිය ප්‍රතිපත්තිය ගෙනගියානම් ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන්වී මට අමතරව බලවත් රජයක් යටතේ රටේ මිනිසුන්ව දැඩිලෙස පිඩා කරන තත්වයකට පත්කරනවා.

      // උදා: චන්ද්‍රිකා කලින් හිටපු 1977-94 එජාප මිනීමරුවන්ට, වධකයින්ට, හොරුන්ට මැරයන්ට දඩුවම් දුන්නද? රනිල් චන්ද්‍රිකාගෙ 1994-2001 හොර මැරකම් වලට දඩුවම් දුන්නද? මහින්ද 2002-04 රනිල්ගෙ රවීලගෙ හොර මැරකම් වලට දඩුවම් දුන්න ද? නෑනෙ.//

      මේ උදාහරණය මෙහෙමම මම මීටපෙර ඉදිරිපත් කරලා තියනවා මෙය තමයි උනෙත් ඉදිරියට වෙන්නෙත්.

      //මේ වනවිට රාජ්‍ය බලය දරණ හවුල් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටී.

      . 95% වඩා ශ්‍රී ල නි ප පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන විසිරුවා හැර එම සුළු දේශපාලුවන් නන්නත්තාර කොට ඡන්දයත් දින නියමයක් නොමැතිව කල්දමා තිබීමෙන් ඔහු තමන් ගේ ජනපදනම මිනී වලට තල්ලු කල අතර //

      මෙය නිවැරදියි නමුත් මෙතන තියන ප්‍රශ්නය මයිත්රිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම නායකයා ලෙස පිළිගන්න මොහොතෙම එක්සත් ජාතික පක්ෂයත් පිටස්තරයක් ලෙස පිලිගනිමයි.


      //කොටන් ඇද්ද බැසිල් ට අවශ්‍ය සියලු උදවු උපකාර දෙන්නට එකාබද්ධ විපක්ෂ කල්ලියේ සියලුම දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සිට, පලාත් සභා මන්ත්‍රීලා සිට, පලාත් පාලන නියෝජිතයන් ගේ සිට මරණාදාර සමිති, කුලඟන සමිති දක්වා සියලුම දෙනා සැදී පැහැදී වුන් හ... හැම විටම තමන් ගේ දෙයක් ම මෙන් සියලු කැපකිරීමක් ම කිරීමට ඔවුන් සමත්වූහ.
      //

      ඉදිරියේ අසන්විදනාත්මක මේ රජය බරපතල අසීරු තාවලට පැමිණෙයි.

      //පරණ සිද්ධි කෙමෙන් මිනිසුන්ට අමතක වෙන්නේ 2002-03 වැට් බදු වංචාව ඇතුළු හොරකම්, 1988-89 භීෂණ යුගය අමතක වී ගියාටත් වඩා වැඩි වේගයකිනි.//

      මෙහෙම දෙයක් තිබුනත් ඉදිරියට මිනිසුන්ට තොරතුරු ගලායාම නිසා හිතුවට වඩා අමාරුවෙයි.

      Delete
  2. අවුරුදු 68ක් තිස්සේ අපිව රැවටුවා....
    අපි නිකටම හිතමු රටේ මැති ඇමති සෙට් එකට අවුරුද්දට වියදම රටේ ආදායමෙන් 1/10 කියලා.. රනිල් ප්‍රමුඛ UNP නඩය පොරකෑවෙ ඕකටයි.. ඒ වෙනුවට දුන්නෙ කපටිකම ද්‍රොහිකම ර‍ට බෙදිම විනාස කිරිම..

    අඩුම තරමේ මහින්දයා අර කියපු හිගන්නාගෙ තුවාලෙ වත් සුව කලා ඒ අතින්.. මෑන් අතින් වුන වැරදි ගොඩක් ලොකුවට මාකට් කලා රනිල්ලා ඒකයි ඔයා ඔය දක්වලා තියන දැනුවත් කිරිම් ඔයාට ලැබුනෙ...

    අද දැං වෙනකං ඉතිහාසය අරගෙන බලන්න.

    UNP JVP PA පක්ෂ වලින් කරන ලද බැංකු මංකොල්ල කෑම් රට ගිනිතැබීම, ත්‍රස්තවාදය ඇති කිරිම් මිනිස් ජිවිත හානි වලින් ප්‍රතිශතයක් මට දෙන්න....

    සැ.යු: මහින්දට නගන හොරකම චෝදනා කිසිවක් ඔය කියන එකදු පක්ෂයක්වත් ඔප්පු කර නැති බැවින් එම චෝදනාද ඉහත පක්ෂ අතර බෙදා දෙන්න...

    මගේ පුද්ගලික අදහස
    මහින්ද යුද්දෙ ඉවර කලා යන හැම පාරක්ම හදලා දුන්නා ලයිට් දුන්නා පිරිසිදු කලා.. හරිම ලස්සනට. ගෑස් වැඩි වුනා ප්‍රෙට්‍රල් වැඩි වුනා. ඔව් ඒක හරි ඒත් අර කියන හැම දෙයක්ම කලා...

    අද මචං කුණු හැමතැනම පල් වෙනවා එක පාරක් හැදෙන්නෙ නැහැ. හැබැයි පෙට්‍රල් ගෑස් අඩුයි.

    ඉතින් ඕකම සාක්ෂි නැද්ද මහින්ද කලේ සංවර්ධනයක් කියලා..

    ReplyDelete
    Replies
    1. උෟණපූර්ණය:
      එතකොට අරගලය මං අර කියපු 1/10 බෙදා ගැනීමෙ සටන ඒක අවුරුදු 68ක් තිබ්බා ඉදිරියටත් තියනවා.
      මහින්ද ඒ අතින් යමක් කලා හැම මිනිහෙකුටම,

      මැයි රැලිය..
      බලෙන් සහභාගි කරගත්ත කට්ටියත් අඩු කලොත් UNP UPFA මැයිරැලියේ සාර්තකත්වයත් මැන ගන්නම පුලුවන් වෙයි...

      Delete
    2. AnonymousMay 3, 2017 at 8:23 AM
      //UNP JVP PA පක්ෂ වලින් කරන ලද බැංකු මංකොල්ල කෑම් රට ගිනිතැබීම, ත්‍රස්තවාදය ඇති කිරිම් මිනිස් ජිවිත හානි වලින් ප්‍රතිශතයක් මට දෙන්න....//

      මේවයේ ප්‍රතිශත වලට වඩා වැදගත් වන්නේ මේ වෙන්නේ මොකද්ද කියලයි, මහින්දට සංවර්දන වැඩ කරන්න පුළුවන් උනේ බලවත් දේශපාලන පක්ෂයත් ඒකාධිපති ක්‍රමයත් යොදාගන කරපු වැඩපිළිවෙල නිසයි, එහිදී ඔහු පටන්ගත් සියලු සංවර්දන වැඩවලින් ඔහු කෝටි ගණන් වංචා කළා හැබැයි ජනතාවට යමක් ලැබුන, නමුත් රනිල් මයිත්‍රී කියන්නේ එහෙම ස්තාවර රජයක් නෙමෙයි කිසිම සන්වර්දන් වැඩක් කරන්න බෑ එකිනෙකා කකුලින් අදිනවා, මෙනිසා රනිල් කරන්නේ ඔහුගේ සමාජ මිතුරන් යොදාගන සංවර්දන වැඩවලින් කරන්න බැරි හොරකම් වෙන විදියකින් කිරීමයි, මෙතන ප්‍රශ්නය තියෙන්නේ ජනතාවට කිසිවක් නොලැබීමයි.

      ශ්‍රී ලංකාවේ වෙලා තියෙන්නේ සිදුවෙන්නේ මොකද්ද කියල මිනිසුන් දැනුවත් වෙලා නෑ අපි හරියට ඉන්නේ සෙලින්කෝ සමුහ වියාපාරයේ ගෝල්ඩන් කි වල ආයෝජනය කල ආයෝජකයෝ රැලක් වගේ අදාළ සමාගම බංකොලොත් වෙද්දී ඉහල ආයෝජන කල මිනිසුන් සියදිවි නසාගත්ත.

      ඇත්තෙන්ම මේ රජය සුදු කෙලිනවයි කියල මම කියන්නේ, හම්බන්තොට වරාය පාදුලබන බව පෙන්වල චීනයට විකිණීම මහින් ලබන මුදලින් වසර කීපයක් රජය දුවන්න කරන වෑයමයි, බැරිවෙලාවත් හම්බන්තොට වරාය සම්පුර්ණ කල මුදල් උපයන මට්ටමට ආවනම් මෙය විකුනන්න බැරිවෙයි ජනතා විරෝදය නිසා නමුත් වසර කීපයකින් ආර්ථික අපහසුතාවලින් ගොඩ එන්න පුළුවන් වෙයි.

      කොහොම උනත් මෝඩ ජනතාවකට කපටි පාලකයන් ලැබුනම මෙහෙම ඉතුරු වෙන එකත් ලොකු දෙයක්.

      Delete