Friday, February 17, 2017

සමාජයේ දෙබිඩි පිළිවෙත



මෙහි දැක්වෙන්නේ තරුණියකගේ මාලයක් පැහැරගත් මිනිසෙකුට පහර දෙන ආකාරයයි.


මට මෙය දැකීමේදී ඉතා ජුගුප්සා ජනක හැගිමකුයි ඇතිඋනේ.
ටිකක් හිතන්න මේ මිනිහ වරදක් කරලා තියනවා, මේ වරදේ පරිමාව සමහර විට රුපියල් 50000 ට වැඩි හෝ අඩු විය හැකියි. අද මහබැංකුවේ වංචාවෙන් දවසකට රුපියල් කොටි ගණනක් දැනටත් අහිමි වෙමින් පවතිනවා, අපි හරියට ගණන් හදල බැලුවොත් වසරකට රජයට වන හානිය රජය බදුවලින් පියවන කොට එක පවුලකට රුපියල් 20000 ට වඩා මුළු රටටම පාඩු වෙනවා කාලයත් සමග මේ අගය වැඩි වෙනවා,  නමුත් මේ චන්ඩි කිසිවෙක් අර්ජුනටවත් මේවට සම්බන්ද මිනිසුන් ටවත් ග්ස්බන්දින්නේ නෑ නේද ? කෝ ඉතින් මේ චන්ඩි ? 

මේකට තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමි කිව්වේ "උස්තැන් දැක හැකිලෙන්නේ  මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ "  අද මේ සමාජයම ඉතා නිවට බවට පත්වෙලා.
අනෙක් අතට මේ වගේ මිනිසුන් තමයි සාමාජ වයිරය ඇතිකරගෙන මිනිසුන් මරණ භයානක මිනීමරුවන් වෙන්නේ.


මේ රට පාලනය කරන මිනිසුන් තේරුම් ගන්න ඕනේ දුමින්ද දිසානායක කෝටිගණන් සබිතගේ ස්වාමි පුරුෂයාට කුලී ගෙවමින් කෘෂි කර්මය විනාශ කරන අතර මේවගේ සාපරාදී වැඩ කරන මිනිසුන් යහතින් ඉදිද්දී ඉහත සදහන් අසරණයෙක් (ඔහු සොරෙක් බව ඇත්ත නමුත් ඔහු වැනි අයට සමාජයේ ඉහලට යන්න සමාජයක් රජයක් විදියට ගන්න සහ ගත්ත ක්‍රියාමාර්ග මොනවද ?) පහර දීමට එඩිතර වුන මිනිසුන් අර්ජුන මහේන්ද්‍රන් ට විරුද්ධව පෙළපාලි ගොස් බලපෑම් කළා නම් නරකද?


9 comments:

  1. අගනා අදහසක් ලන්කා සිතිවිලි තුමෝ!

    ReplyDelete
  2. මර්වින් නැති ඒකේ පාඩුව :D

    මේ අපරාධ කාරයන් මොන ආණ්ඩුවක් ආවත් ඇතුලට යන්නේ නැති බව, අපේ දේශපාලන කතාව තුල ඔප්පුකරලා තියෙනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. රටේ ක්‍රමය වෙනස් කිරීමේදී ජනතාව සහ රටේ බුද්ධිමතුන් සිතන්න ඕනේ මිනිස් මනස වැඩකරන විදිය. රටේ මිනිසුන් බලාපොරොත්තු වෙනවා දෙසපාලකයෝ මහජනතාව ගැන පමණක් සිතමින් වැඩකරයි කියල, මේ නිසා මන්ත්‍රී වරුන්ට ඉහප වටුපක් ගෙවන මන්ත්‍රී වරයකු වෙනුවෙන් සිදුකරන නවශය ආරක්ෂාව ඉවත් කර ඒ මුදල මන්ත්‍රී වරයාගේ ආදායම වැඩිකිරීමට යොදා රටේ නිතිය දැඩිලෙස ක්‍රියාත්මක කලානම් අපේ රටේ මිට වඩා දියුණු වෙයි.

      Delete
  3. පහත් තැනින් යයි ගලා ජලේ

    ReplyDelete
    Replies
    1. මාතා, කවදත් කොතනත් වෙන්නේ එහෙම තමයි ලංකාවේ වෙනස ඉතා පාදඩ විදියට ක්‍රියාත්මක වීම පමණයි.

      Delete
  4. මාලෙ ගත්තනං මාලෙ අයිතිකාරයට වෙන පාඩුව....? එහෙනං අපිත් අනේ පව් කියල නිකං ඉඳියි

    ReplyDelete
  5. මාලෙ ගත්තනං මාලෙ අයිතිකාරයට වෙන පාඩුව....? එහෙනං අපිත් අනේ පව් කියල නිකං ඉඳියි

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූශා,

      මාලේ ගත්තනම් පාඩුව මාලේ අයිතිකාරයට විතරයි, නමුත් මොහුට පහර දෙන අයට පාඩුවක් නෑ, මහබැංකු වන්චාව නිසා රටටම පාඩු වෙනවා නමුත් කවුරුත් ඒ හොරුන්ට පහර දෙන්නේ නෑ

      Delete