Saturday, February 18, 2017

ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය

මේ ලිපිය ලිවිමට හේතු 2 ක් තියනවා
01.  ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය පෙන්වාදෙන්න
02. අජිත් ධර්ම ලියන https://kolambagamaya.blogspot.com/2017/02/blog-post_15.html අඩවියේ Jude නමැති මහතකු පලකල අදහස් වැඩිදුරටත් විස්තර කිරීමට. මෙය කොමෙන්ටුවක් ලෙස දමනවාට වඩා පොස්ට් එකක් ලිවීමෙන් හොද අදහසක් දෙන්න පුළුවන් වෙයි කියල හිතනවා.

මුලින්ම ලෝකයේ මේ විසාල ඔවුෂධ සමාගම් පර්යේෂණ කර කිසියම් බෙහෙතක් නිපදවන විට අප සිතනවා මෙය සතුන්ට ලබාදීලා කාලාන්තරයක් පරික්ශා කරලා කැමැත්තෙන් පරීක්ෂණ වලට සහබාගිවු මිනිසුන්ට ලබාදීලා කාලාන්තරයකට පසුව තමයි මේ බෙහෙත් වෙළදපොලට එන්නේ කියන අදහසක් අපේ මිනිසුන්ට තියනව.

පහත වීඩියෝව මගින් ඔබට මෙහි ඇත්ත තේරුම් ගන්න පුළුවන්



ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මහතා එවක colleen boyle (Centers for Disease Control and Prevention) ආයතනයේ ප්‍රදාන තනතුර දරපු දොස්තර වරියගෙන් අහනවා වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් (vaccinated vs unvaccinated ) අතර ඔටිසම් වැළදීම ගැන පර්යේෂණ කොපමණ තිබෙනවද කියල, මෙහිදී ඇය සබාව නොමගයවන්න කියන්නේ මෙවැනි පර්යේෂණ ගණනාවක් කල බවයි, ඉන් පසු පොසි අහනව CDC ආයතනය කියක් කලාද? කියල ඇය කියනවා අඩුම වශයෙන් 2 කක් කල බව, අවසාන වශයෙන් පොසි අහනවා "ඔබ දැන් විශ්වාසයෙන් කියන්නේ වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් අතර  ඔටිසම් වලදීම ගැන පරීක්ෂණ කල බවද ?" කියල නිෂ්ඨිතව අහන කොට තමයි ඇය කියන්නේ එහෙම පරීක්ෂණයක් සිදුවී නැති බව, මෙහිදී පොසි කියනවා ඔබ මගේ විනාඩි 5ක් නාස්තිකලා කියල නැවත අහනවා දොස්තර Poul Thorsen ගැන http://www.ageofautism.com/2012/11/wanted-by-the-feds-poul-thorsen-who-helped-pull-off-cdc-vaccine-autism-heist.html

මොහු ඔටිසම් ගැන කල පර්යේෂණ 24 න් 22ට සහබාගි වී තියනවා මොහු අමරිකාහු රජයට උවමනා විශාලම අපරාද කාරයෙක්.
මෙන්න මෙහෙම තමයි ලෝකයේ නවීන විද්‍යාව යොද්දාගන්නේ.

දැන් අජිත් ගේ අඩවියේ JUDE මහතා කියන්නේ මොකද්ද බලමු.

//You have asked whether the tests relating to drugs are done here in Sri Lanka. My answer is most probably because we have good doctors or researchers and we don't have restriction as found in the US.//

අපේ ලංකාවේ මෙය සිදුවෙන විදිය ගැනනම් අපුරුදෙවල් මම දැනුවත් වෙලා තියනවා, මගේ මව ඔවුෂදවේදිනියක් ඇය විශ්‍රාම යන විට රජයේ විශාලම රෝහලක ඉන්වෙන්ට්‍රිය බාරව සිටියා. ඇගේ සමකාලීනයන් රජයේ ඔවුෂද තත්ව  පරික්ෂා කරන ආයතනය තුල සේවයට ගියා දැන් වසර කීපයකට පෙර මෙහෙම ගිය කෙනෙක් මගේ මව සමග කියල තිබුනේ සමහර බෙහෙත් අනුමත කරවාගැනීමට ඔවුන්ට මානසිකව කොපමණ බලකිරීමක් උසස් නිලදාරීන් යොදනවද කියල, එක නිලදාරිනියක් කියල තියනවා තමන්ට ජිවිතේ නැතිකරගන්න තරමට බලපෑම් එන බව.

//Once a research was done for a soft-drinks company and the results were sent to the organization that provided money for the research. The researcher could not divulge anything relating to the research yet he said to a friend (in the same field) that he will never even look at those soft-drinks. //

මේ තියෙන්නේ අනික් ලෝක ප්‍රසිද්ද ලෙඩේ, එනම් මෙවැනි පර්යේෂණ කිරීමට අරමුදල් ලබාදෙන්නේ අදාළ ඔසුව නිපදවන සමාගමයි, මේ සමාගමට තමයි අයිතිය තියෙන්නේ අවසාන ප්‍රතිපල ප්‍රසිද්ධ කිරීමට නමුත් මේක සිදුකරන විද්යත්නයන්ට කිසිම අයිතියක් නෑ මෙහි තොරතුරු එලියට දෙන්න එහෙම කලොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්.

ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් නෙමෙයි පෙනේ අහන්නේ කෙලින්ම හොරාගෙනුයි.

//When Genetically engineered food was prohibited in Sri Lanka the US ambassador spoke against it. Why? They don't sell us such food. //
මෙන්න අපුරු සිද්ධියක් ශ්‍රී ලංකාවේ ජානමය වශයෙන් දියුණු කල ආහාර තහනම් කල විට ඇමරිකානු තානාපති වරයා බලපෑම් කිරීමෙන් පසු එම තහනම ශ්‍රී ලංකා ඇමතිවරයා ඉවත් කර ගන්නවා. මෙහිදී JUDE මහතා කියනවා ඔවුන් අපට මේ ආහාර විකුනන්නේ නැති බව, නමුත් මේවා අපට විකුණනවද නැද්ද කියල අපි දන්නේ නෑ මොකද මේවා අමරිකාවෙවත් ලේබල් කිරීමක් වෙන්නේ නෑ, මා දන්නා තරමට මෙය ඕස්ට්‍රේලියාවේ නම් කරනවා.

යම් විදියකින් තහනම් කරලා තියෙද්දී කිසියම් ඇමරිකානු සමාගමක් ශ්‍රී ලංකාවට අපනයන කරන්නේ GMO අහාර බව වාර්තා උනොත් අනාගත දිනකදී ඇමරිකානු සමාගමට වන්දි ගෙවන්න සිදුවීමේ අවදානමෙන් වලකා ගැනීමයි මේ වී ඇත්තේ.

//Now we don't have our papaw and the seeds for pumpkins grown in remote chenas are from Malaysia. //

ඔව් මේ තියෙන්නේ red lady ලෙසින් හදුන්වන මේ ගස්ලබු බීජයක් රුපියල් 19 ක් පමණ උනා මේවයින් බිජ නිපදවන්න බෑ මේවා ජානමය ලෙස දියුණු කල බිජයි එච්චර විතරක් නෙමෙයි අපේ ගොයමට ගන්න වී වර්ගත් ජානමය ලෙස දියුණු කරලා තියනවා. උදාහරණයක් විදියට Round UP වලට ඔරොත්තු දෙන්න නම් එය ජානමය ලෙස දියුණු කරන්න ඕනේ.

ඉදිරි ලිපියකින් මම පෙන්වන්නම් මෙම ඔවුෂද සමාගම් සහ ලෝකයේ ආහාර නිපදවීමට සහබාගි වෙන මොන්සේන්ටෝ වැනි සමාගම එකම අයිතිකරුවන් සමුහයක් සහ එකම තාක්ෂණික බාවිතයන් යොදමින් ලෝකයම කොල්ලකන ආකාරය ගැන දීර්ග ලිපියක් සපයන්නම්.  
           


No comments:

Post a Comment