Monday, February 27, 2017

නිර්මාණශීලි ලෙස රට බංකොලොත් කරන යහපාලනයේ ඔස්තාර්ල.



මෙම ලිපිය යහපාලනයේ හොද නරක සහ විනාශකාරී ප්‍රවණතා සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහින්ද යුගයේ ලබාගත් අතිවිසාල ණය වල වාරික සහ පොලිය ගෙවීම ආරම්බ වී ඇත, ඉතා විශාල අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් දායාද කල මහින්ද පාලනයෙන් පසු යහපාලනය කරනවා කියමින් පැමිණි සොරු රැලක් පෙන්වන නාටකය ගැන විස්තර ඔබ සැමට එකින් එක පෙන්වාදීමට කැමැත්තෙමි.

මිට මාස ගණනාවකට පෙර මෙම රජය අතිවිශාල වෙනස් කම් නොකරුවොත් තව මාස ගණනක් අත්තුලත රට බංකොලොත් වෙන බව මම මිට පෙර පෙන්වා දීමට උත්සහ කෙරුවෙමි.

දැන් කියන්නේ එම වෙනස්කම් මෙරජය කිරීම පටන් ගැන ඇති බවයි, කනගාටු දායක කරුණ නම් මේ වෙනස්කම් වලින් තාවකාලික සහනයක් සහ දිර්ගකාලින වන්දි ගෙවන්න වෙන්නේ කොහොමද කියල මම පෙන්වාදෙන්නම්.

තාවකාලික සහනය :- 
ඉදිරි අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි  කිසියම් සමාහමකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඊට ගෙවීම කරන විට රදවාගමිමේ බද්දෙන් 10% ගෙවියයුත්තේ අදාළ කොන්ත්‍රත්තුව ලබාදුන් සමාගම කොන්ත්‍රාත්තුව ලබාගත් සමාගම වෙනුවෙන් දෙශිය ආදායම් බදු දෙපාර්තමේන්තු වට  බදු ගෙවිය යුතු වන ආතර කොන්ත්‍රත්තුව ලබාගත් සමාගම 6% ඉතිරි බද්ද මුදල් ලබාගැනීමත් සමග ගෙවියයුතුයි.

මෙනිසා ඉදිරියේදී බදු පහරහැරිම  ඉතා අපහසු වන ආතර මින්පසු බදු ගෙවීමේදී මුදල් ලබාගන්න සමාගම වෙනුවෙන් බදුමුදලක් මුදල් ගෙවන සාමාගම විසින් ගෙවන නිසා අවසාන වශයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සෑම සමාගමක්ම කොතරම් ආදායමක් ලබල තියනවද අයවියයුතු බදු නිසිපරිදි ගෙවා ඇද්ද යන්න පහසුවෙන් සොයාගන්න පුළුවන්.

මෙනිසා ඉදිරියේ දී රුජු බදු ප්‍රමාණය ඉහල යනු ඇති.

දැන් මෙහි ඇති දිර්ගකාලින අවාසි ගැන කියමි.
මුල්ම අවාසිය නම් මෙතෙක් රටවිරුවන් ලෙස ආදායම් උපයපු විදේශ ගත සියලු සේවකයන්ගේ ආදායම මත බදු පැනවීමයි  මෙය ලියන ලියුම් කරු ඇතුළු බොහෝදෙනා ශ්‍රී ලංකාවට ඩොලර් ආදායමක් උපයාදී ඇති අතර ශ්‍රී ලංකා රජයේ මෙතක් බදු ප්‍රතිපත්තිය වුයේ විදේශ විනිමය ඉපයීම මත කිසිදු බද්දක් අය නොකිරීමයි.

දැන් ඉදිරි අප්‍රේල් මාසයේ සිට අප සියලු දෙනාට 16% බද්දක් ගෙවන්න වෙනවා.

මේ ක්‍රමය නිසා ආර්ථිකයට තාවකාලිකව පහසුවක් ලැබුනත් අප වැනි බොහෝ මිනිසුන් මින් ඉදිරියට කරන්නේ සිංගප්පුරුව හොන්කොන් වැනි රටවල විදේශ ගිණුම් විවුර්ත කර ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ මුදල් නතර කරන එකයි. මෙනිසා ඉදිරි වසර කීපයේදී ශ්‍රී ලාංකිකයන් විදේශ ගිණුම් වලට මුදල් ලබාගෙන සියලු ඉතුරුම් විදේශ වල කිරීමට පුහුණු වූ පසු ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය ඉදිරි වසර කීපයේදී ඩොලරයට රුපියල් 250 ට වඩා ගෙවීමට වීමෙන් රට කබලෙන් ලිපට වැටෙනු ඇති.

මෙවැනි ආර්ථික තීරණ ගැනීමේදී රටට විදෙශ විනිමය උපදවන පිරිසට බදුසහන දී රැකගන්නවා විතරක් නෙමෙයි තම වියාපාර දියුණු කිරීමට නොමිලේ උපදෙස් වගේම සියලු පහසුකම් ලෝකයේ දියුණු වෙන රටවල් සපයනවා, අවාසනාව ඉතා අපහසුවෙන් වියපාර කරන අපවැනි පිරිසට සහන ලාබදීම (PayPal හෝ අන්තර්ජාතික මුදල් හුවමාරුව පහසු කරන Payment gateway ක්‍රමයක්වත් ඇතිකිරීමට අපහවූ වූ රජය ) මේ කරමින් ඉන්නේ රත්රන් බිත්තර දමන කිකිළිය මැරීමයි.
 

11 comments:

  1. චන්දේ දීලා හරක් ටිකක් රට පාලනේ කරන්න පත්කරගත්තට හොඳ වැඩේ හිටන්!

    ReplyDelete
    Replies
    1. සරසා තුමෝ,
      චන්දෙ නොදී මහින්දව පත්කර ගත්තනම් හරිද හිටන් ?

      එහෙනම් අද වෙනකොට මහින්ද කියයි මාව තුන්වෙනි පාරටත් ජනතාව පත්කරලා තියෙන්නේ මම කියන දේ ජනතාව ඉස්මුදුනින් පිළිගන්න නිසා කියල සජින් වාස් වගේ බුද්ධිමතුන් ලගින් තියාගන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 250 විතර කරලා, ගෑස් සිලින්ඩරය රුපියල් 3000 විතර කරලා හාල් කිලෝව රුපියල් 200 විතර කරලා (ඔහු හිටපු කාලෙත් රුපියල් 90ට ගියා හිටන් ) ජවුසම් නටන්න ගන්න කොට ජනතාවට මෙලෝ පොල් නෙමෙයි එලෝ පොල් පෙනෙනවා.

      එච්චර විතරක් නෙමෙයි අන්ත්ර්ජාතික්ව සම්බාදක පැනවෙන කොට සනීපෙට තියෙයි.

      ඔබ කියන විදියට මහින්ද තව වසර කියයක් පාලනය කලානම් සුකිත මුදිත වෙනවනම් මොන එහෙකටද අවුරුදු 2කක් තියාගන චන්දෙට ගියේ ? ඔහු මිනිසුන්ගේ අතමිට සරු කළා නම් ඉතිරි අවුරුදු 2 න් මිනිස්සු චන්දෙ දෙනවනේ.
      ඇත්ත තත්වය තමයි සරසා තුමෝ ඔහු දැනගත්ත ඉදිරියේ ණය වාරික සහ පොලිය ගෙවන්න උනානම් සහ අන්තර්ජාතිකව සම්බාදක ආවනම් රටේ තත්වය අන්ත වනබව මෙනිසා ඔහු හැකිපමණ බලය තහවරු කරගන මිනිසුන්ට පීඩනය මුදාහරින්න තමයි හිතුවේ නමුත් වැඩේ මිස් ෆයර් උනා. ඕකයි ඇත්ත.

      Delete
  2. @ Lankika sithuwili,

    මෙන්න බැඳුම්කර වංචාවේ විස්තරය;

    මෙතනින් බලන්න;

    https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

    මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ මරා, බැසිල්, නාමල් ඇතුලු හොර රැලයි. යහපාලනයට එල්ල වන්නේ අමූලික බොරු චෝදනායි. මෙම නියෝගය 2015 ජනවාරි 08ට පෙර දී ඇත්තේ හිටපු ජනාධිපති හිජකුදිපාම ජඩ මරා නමැති මහජරා චෞරාධිපති ජඩයායි. ඔබ වත්මන් රජයට පහර දෙන්නේ කුමන පදනමකින් ද? මේ රට කෑවේ රාජපක්ෂ හොර රැලයි.

    ReplyDelete
    Replies
    1. ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.

      ඔහු මේ බව කියා සිටියේ ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

      තමන්ද එය දුටුවේ මාධ්‍ය හරහා බවද සදහන් කල මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එය කවුරුන් විසින් නිකුත් කලේදැයි තමන් නොදන්නා බවද පැවසීය

      Delete
  3. මචන්. එතකොට අපි අපේ එකවුන් එකට නොදා වෙන කාගේ හරි එකවුන් එකකට සල්ලි එව්වොත් ඒකටත් 16% ගෙවන්න ඕනද?

    ටිකක් පැහැදිලි කරනවද?

    👊🏽

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      ඔව් මෙච්චර කල් අපි යමක් අපනයනය කළා නම් අපනයන ආදායම මත කිසිම බද්දක් අයකළේ නෑ, නමුත් දැන් වෙලා තියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන සියලු මුදල් මත බදු පැනවීමයි, මේ නිසා ඔබ මුදල් ඔබේ මිතුරකු ගේ ගිණුමට එව්වත් ඒ මත 16% බද්දක් පැනවෙනවා අප්‍රේල් මාසයේ සිට.

      ඔවුන්ගේ පරිගණක ක්‍රමය යාවත්කාලින කරන තුරු western union, MoneyGram වැනි ක්‍රම වලින් බදු අයකිරීම සමහර විට පමා වෙයි නමුත් මේවයින් මුදල් ගන්නේ බැංකු හෝ වියපාර මහින් නිසා අනිවාර්යෙන් බදු ගසනු ඇති.

      මිට අමතරව මිනිස්සු පුරුදුවෙයි උන්ඩියල් වැනි ලෝක ප්‍රකට කලුසල්ලි හුවමාරු කරන ක්‍රම වලින් මුදල් යවන්න.
      උන්ඩියල් වැනි නීතිවිරෝදී ක්‍රම බොහෝදෙනා පාවිච්චි කරන විට තව පිරිසක් සිංගප්පුරුවේ අනේවාසික විදේශ ගිණුම් විවිර්ත කර ලබාහන්න විසා හෝ මාස්ටර් කාඩ් මහින් ශ්‍රී ලංකාවේ ATM හරහා මුදල් නිටියානුකුල විදියට ලබාහ්ගනී මෙනිසා වෙන්නේ ශ්‍රී ලංකාවට එන විදේශ විනිමය නැතිවීමයි.

      මේකයි මම කිව්වේ මෙය දිර්ගකාලිනවා සියදිවි නසාගනිම්ක් කියල.

      Delete
    2. මචෝ ඉක්මන් පිළිතුරට බොහොම ස්තුතියි. දැන් උදේ පාන්දර නිසා තව ටිකකින් මෙහෙන් වැඩි විස්තරත් අරගෙනම උබට කොමෙන්ට් කරන්නම්. තැන්ක්ස් මචෝ 👊🏽

      Delete
  4. බොහොම ස්තුතියි ලංකා මචන්. මම මේ ගැන ඇහුව මගේ ලෑන්ඩ්ලෝර්ඩ් ගෙන්. දෙමල මනුස්සයෙක්. ලන්ඩන් වල බිස්නස් කරන ප්‍රොපටිස් ගොඩක් තියෙන මනුස්සයෙක්. මල්ටි මිලියනයර් කෙනෙක්. අඩුම තරමේ බුවාගෙ කාර් එකේ number plate එක දැක්කහම කොහොම සල්ලි කාරයෙක්ද කියල හිතාගන්ට පුළුවන්. සිංහල හොඳට කතා කරන ජාතිවාදී නැති මනුස්සය. ඔයා කියපු දේවල් මම කතා කලා මේ දැන්.

    උබ හරි මචන්. ඔය tax එක april වල ගේනවා. පස්සේ මම ඇහුව මොකක්ද මේ උන්ඩියල් කියන්නෙ කියල. ඇත්තටම කියනවනම් මම දැනගෙන හිටියේ නැහැ. මොකද මම මගේ සල්ලි ගණුදෙනු ලංකාවේ සල්ලි වලින් කරන දේවල් මම කරන්නෙ america වේ ඉන්න මගේ සහෝදරිය එක්ක විතරමයි. එයා තමයි මම විශ්වාස කරන එකම කෙනා. අනික මගේ අම්ම තාත්තත් අවුරුද්දකට සැරයක්වත් america යන නිසා ඒ ගනුදෙනු අපි කතාබස් කරගෙන කරගන්නව.

    ඔය උබ කියන උන්ඩියල් සීන් එක ගැන අරයගෙන් ඇහුවහම කිව්වේ, මල්ලි ලක්ෂ 50ක් වෙනකන් මෙහෙන් cash වලින් හෝ bank transfer එකකින් කලොත් පැය 48ක්‍ ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම pounds, dollers වලින් හෝ රුපියල් වලින් ගෙනල්ල දෙනව කියල. අනික 0% commission. rate එකත් බොහොම වැඩියි ලු.

    මම ඇහුව මම ලංකාවට සල්ලි වැඩිය යවන්නේ නැහැ. එත් එහෙම යවනවානම් මොකක්ද guarantee එක කියල.

    මට හිනා වෙලා කිව්වේ.. "මල්ලි ඔයා මගේ ගෙදරක ඉන්න මනුස්සය. ඔයා සිංහල කියල මට වෙනසක් නැහැ. අපි tamil මිනිස්සු. මගේ වගේම අනිත් දෙමල බිස්නස් කාරයන්ගේත් බිස්නස් එංගලන්තේ වගේම යුරෝපෙත් කැනඩා වලත් amaerica වලත් තියෙනව. අපි අපේ ගනුදෙනු කරන්නෙ අපි වගේම බිස්නස් කරන ලංකාවේ දෙමල මිනිස්සු එක්ක. මේක අපේ network එකක්. පස්සෙ අපේ අයම මේක බිස්නස් එකක් කරගත්ත. පස්සෙ ෆේස්බුක් එක වගේම නැගල ගියා. මේක අපේ අය හැදුවේ අපේ ලෙහෙසියට. " කියල.

    හැබැයි මචන් මම හිතන්නෙත් නැහැ ඔව්ව ට්‍රයි කරන්ට. මොකද මෙහෙ බෑන්ක් fuck කරගත්තොත් ලයිෆ් එකම fuck කරගත්ත වගේ තමයි. හදිස්සියක්ම උනොත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ.

    හැබැයි ඉතින් මුන් හිතනවානම් සංවර්දිත රටවල ඉන්න මිනිස්සු කෙසේ වෙතත් මැදපෙරදිග ඉන්න මිනිස්සු target කරල කරනවානම්, උනුත් මේකට විකල්පයක් හොයාගන්නවාමයි.

    එහෙම කලොත් මයිත්‍රී රනිල් ලොක්කන්ටත් අයියනායක දෙවියන්වහන්සේ නොහොත් robinhood ගේ පියා වන harn උත්තමයාගේ පිහිටයි...!!

    ශාන්ති..!!

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      //හැබැයි මචන් මම හිතන්නෙත් නැහැ ඔව්ව ට්‍රයි කරන්ට. මොකද මෙහෙ බෑන්ක් fuck කරගත්තොත් ලයිෆ් එකම fuck කරගත්ත වගේ තමයි. හදිස්සියක්ම උනොත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ.//

      මචන් මේක තනිකරම ඉතා ආර්ක්ෂිත ක්‍රමයක් වගේම බැංකුවක් හරහා නෙමෙයි ගනුදෙනු සිදුව්න්න්නේ මෙනිසා මේක ලෝකයේ තියන අංක 1 කළු සල්ලි සුදුකරන ක්‍රමයක්.

      මේ ජාලය ඉතා සංකීර්ණ වගේම ඉහලින් සිටින අය සැම රටකම දෙසපාලකයෝ එක්ක සම්බන්ද නිසා මේ ක්‍රමය ආර්ක්ෂිත ලෙස වෙනවා.
      උබ ඉන්නේ UK වල නිසා මම කියන්නම් එහෙ කරන විදිය, ඔහේ ඉන්නවා අදාළ මුදල් ලබාගන්න ඒජන්තයන් ඔවුන්ට ඔබ පවුම් 1000 ක් දුන්න නම් ඔබේ අම්මගේ ශ්‍රී ලංකාවේ සම්පත් බැංකුවේ ගිනුම් අංකය සහ නම දුන්නම අදාළ ගිණුමට ශ්‍රී ලංකා මුදල් ත්ම්පත්වෙලා තියනවා ශ්‍රී ලංකාවේ රුපියල් 200,000 ට අඩු තැම්පත් කිරීම් වලට අනන්‍යතාවය ඉදිරිපත් කරන්න ඕනේ නෑ.

      ලංකාවේ රජයේ තියන මෝඩකම කියන්නේ මේ ගැන දන්නා සුළු පිරිස අන්තර්ජාතිකව ගනුදෙනු කල පිරිසක් පමණයි දැන් මේ රජය කරන තකතීරු වැඩ වලින් මෙවැනි ක්‍රම බොහො මයක් ගැන මිනිසුන් දැනුවත් වෙනවා, මෙහි තියන අනතුර තමයි මෙය නීතිවිරෝදී උනත් නිතියානුකුලව මම අර සිංගප්පුරුවේ කල විදියට කරන්න පුළුවන් බව මිනිසුන් සොයාගත්තම මුළු රටට එන ඩොලර් බිලියන 6 එකවර නැතිවෙනවා. එදාට තමයි මේ ආණ්ඩුව හොද පාඩම ඉගනගන්නේ.

      උපරිම විදියට මේ ආණ්ඩුව මේ ක්‍රමය අවුරුද්දක් කරයි හැබැයි මිනිසුන් මේ ක්‍රම පටන්ගත්තාම නැවත බැංකු වලට යොමුකරන්න බෑ

      Delete
    2. ඔව් මචන්. මම තව ටිකක් හොයල බැලුව. උබ මේ කියල තියෙන දේ 200% ඇත්ත.

      මේ ක්‍රමය ආරක්‍ෂිත නොවන ඒත් ආරක්‍ෂිත ක්‍රමයක්. මේ ටැක්ස් එක නිසා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන එකත් ලැබෙන්නෙ නැතිව යනව.

      අනික බන් අපිට පිස්සුවක් තියෙනවද ලක්ෂයක් එවල රුපියල් 16,000/- නැතිකරගන්ට ඈ..??

      ඊට වැඩිය හොඳයි කපුටන්ට මාරි බිස්කට් අරන් දෙන එක. 🤣🤣🤣..

      මුන් කෙලවගෙන ඉවරයි බන්. රට කාල බීල රීල චප්ප කරල තියෙන්නෙ දැනටමත්.😡

      Delete
  5. අහම්බෙන් හමුවු බ්ලෝග් එකක් ගොඩාක් වට්නදේවල් එකතු කරගත්තා... බොහෝ පින්

    ReplyDelete