Monday, April 4, 2016

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට සිදුවූ දේ



මේ බ්ලොග් අඩවියට කොඑම්ටුවක් දමන ඇනෝ  වරයෙක් ඉතා වටිනා විස්තරයක් දමා තිබුන.
මම කල්පනා කළා මෙම කොමෙන්ටුව නව පොස්ට් එකක් ලෙස ඵල කරන්න.

ඊට පෙර ලෝකයේ රසායනික කෘෂිකර්මය ගැන යමක් කිවයුතුයි, එනම් මේ රසායනික ද්‍රව්‍ය ක්රිශික්ර්මයට පැමිණියේ කෘෂීකර්මය තුල ඇති ගැටළුවක් විසදීමට නෙමෙයි ලෝක යුද්ද දී පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කල රසායන ගාර සදහා නව වෙලදපොලක් සොයාගැනීම සදහායි.

දැන් ඇනෝ මොමෙන්ටුව (AnonymousApril 4, 2016 at 10:23 AM)

  ස්තුතියි ඇනෝ ඔබට !!

    එදා ලංකාව පාලනය කළ විදේශිකයින් ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අපේ කෘෂි ආර්ථිකය තේ පොල් රබර්වලට සීමා කළා. ඒ නිසා අපිට බජිරි පවා කන්න සිද්ධ වුණා. මේ නිසා ඩී.ඇස් සේනානායක 1948-49 ගොවි ජනපද ඇතිකරල දේශීය වී වගා කරන ව්‍යාපාරයකට ගියා. හැබැයි ඒ කාලෙත් වමේ ව්‍යාපාරයෙන් ගොවි ජනපද ඇතිකිරීම සම්බන්ධව විවිධ විරෝධතා ආවා. ඒ නිසා ගම්මට්ටමේ සංවිධාන ශක්තියක‍ට ගොවිජන පද හරහා බාධාවක් එල්ල වේවි කියන බය වමට තිබුණ. විරුද්ධ වෙන්න හේතුව ඒකයි. 1925 නාච්චාදූවෙන් තමයි ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ වෙන්නෙ. නමුත් ‍වී වගා වැඩපිළිවෙළ එතැනදී අසාර්ථක වුණා. ඒත් ලංකාවෙ ගොවීහු ගම්මට්ටමින් වී වගාව කවදත් අත්හැරියෙ නැහැ.

1953 දී විදේශීය මහාචාර්යවරයෙක් වෙච්ච මූම (Prof. J.C. Moomaw) කෘෂිකර්මාන්තයට උපදෙස් දෙන්න ලංකාවට එනකො‍ට Ford ට්‍රැක්ටරය ගෙනාව. “උඹලගෙ හරක් හැටකින් කරන වැඩේ අපේ එක Mechanical හරකගෙන් කරන්න පුළුවන්” කියල මූම කිව්ව. ඩී.ඇස්. සේනානායක ට්‍රැක්ටරේ ළඟට ගියා. කෝ මේකගෙ තණකොළ කන ‍කට, ට්‍රැක්ටරේ මැදට ගියා. කෝ මේකගෙ කිරිගන්න බුරුල. ඒකත් නෑ. පිටිපස්සට ගියා කෝ ගොමදාන තැන. ඩී.ඇස්. කිව්ව මට උඹලගෙ හරකාගෙන් වැඩක් නැහැ කියලා. මූමට යන්න කිව්ව.

ඩී.ඇස්. එළවපු මූම 1960 දී සේනානායකගෙන මරණයෙන් පස්සෙ ලංකාවට එනව. ඇම්.ඩී. ඛණ්ඩ, සී.පී. ද සිල්වා කෘෂිකර්ම ඇමතිවරු හැටියට මේ කාලෙ කටයුතු කළා. මේකත් එක්ක ‍දේශීය කෘෂිකර්මයෙ දැවැන්ත පෙරළියක් වෙනවා. අපේ මිනිස්සු දේශීය වී වගාව අත හරිනවා. සමාගම් ඇවිල්ල පෝර දෙනවා. අයි ආර් 8 සහ තායිවාන් කීයල වී වර්ග දෙකක් ලංකාවට හඳුන්වා දුන්නා. අයි ආර් 8 මිටි ගොයමක්. හරිම ලස්සනයි. අස්වැන්න ගොඩක් ආව. හැබැයි පෝරදාන්න ඕන. පුංචි පෝර පැකට් එකක් දුන්නෙ සීනී වගේ පෝරක්. හැබැයි අවුරුද්දයි ගියෙ ලංකාවෙ කවදාවත් තිබුණෙ නැති හිතාගන්න බැරි දිලීර ආසාදනයක් ආව. මේකෙන් තමයි පළමු විපත ඇතිවුණේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමාගම්වලට අහුවෙල හිටියෙ. ඒව ගණන් ගත්තේ නැහැ. වැඩිවන ජනගහනයට වැඩි අස්වනු කියල අලුත් වී වර්ග ජනප්‍රිය කළා. දිලීර ගොයමට එන්න පටන් ගත්ත. මේ නිසා 1960 දී පළමු වරට ඇමෝනියම් සල්ෆේට් කුඹුරට දානව. විදේශිකයන් මේව ජනතාව අතරට ගෙනිච්චෙ සමුපකාර ව්‍යාපාරෙන්. සමුපකාරෙන් පොහොර ගත්තු රිසිට් එක තිබුණෙ නැත්නම් ගොවියගෙ වී ටික සමුපකාරයට ගන්නෙ නැහැ. 1963, 1964 වෙද්දී මේ තත්ත්වය වැඩි වුණා.ගොවියො හැමෝම දේශීය වී වගාව අතහැරල අලුත් වී වගාවට ගියා. ඒ එක්ක පෝර, කෘෂිරසායන ආව. පෝර භාවිතයත් එක්ක පස නිසරුවෙනව.

අපි පසට යෙදුවෙ NPK නයිට්‍රජන්, පොස්පරස්, පොටෑෂ් හැබැයි පසේ සමතුලිත බව රැකෙන්න නව මූල ද්‍රව්‍ය 18ක් 19ක් විතර අවශ්‍යයි. ඒව NPKවල නැහැ. ‍මේ නිසා වෙච්ච විපත තමයි අපේ පසෙන් මූලද්‍රව්‍ය ගණනාවක් අතුරුදහන්වීම. දැන් අපිට කියනව ඒ අතුරුදහන් වෙච්ච මූල ද්‍රව්‍යයක් පසට දාන්න කියලා. මේ හින්ද දැන් පෝර නැතුව බැරි වෙලා. විදේශීය වී වගාවත් එක්ක අපේ වගා කලාවත් වෙනස් වෙනවා. දේශීය වී වගා කරපු කාලෙ දින 45ක් වතුර දුන්නා. දැන් දවස් 15යි 20යි. දැන් වී ඉහළ ඉවරවෙන කොට වල්පැළ හැදෙනවා. එතකොට වල් මර්දනයට රසායනික ද්‍රව්‍ය ගහන්න ඕන. යල කන්නය මාර්තුවල පටන් ගන්න ඕන. මාස් කන්නය වප් මාසෙ. ඒ අනුව තමයි අපේ වගා කන්න හැදුණෙ. ඉර හඳ අපිට බලපෑවා. කෘෂිරසායන සමාගම් මේ චක්කරේ වෙනස් කළා. මේ අය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්ත.

සමාගම්වලට යට වෙච්ච වැඩපිළිවෙළක තමයි රජයන් පවා හිටියෙ. අපි කළේ “තෙල් ලාභ කරව්!, පොහොර ලාභ කරව්!” කියමින් බහුජාතික සමාගම් පොහොසත් කරපු එක. පසුකාලීනව තෙල්, පොහොර එපා කියන සටන් පාඨය අතට ගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හිටපු උපවංශ කියන විද්‍යාඥයා ගොවිපළක් ආරම්භ කළා. එතැනදී තේරුණා අපි අල්ලගෙන ඉන්නෙ වැරදි තැනකින් කියල. අපේ පස මැරිල. පස ඝාතනය වෙලා කියලා. එතනදී අපිට පිළිගන්න සිද්ධ වුණා. ඒ ඝාතනය වෙච්ච පසේ මොනව වගා කළත් වැඩක් නැහැ. අපි දැන් පස හදා ගන්න ඕන. පර්යේෂණ විදියට යම් යම් විද්‍යාඥයින් සම්ප්‍රදායික භෝග ඇසුරින් අපේ ස්වභාවික ගොවිපළවල් යම් සාර්ථක තත්ත්වයකට ගෙනැල්ල තියෙනව. වස වර්ග නැතුව දිලීර නාශක, වල් නාශක නැතුව අපිට වගාකරන්න පුළුවන්.

අපි හැමදාම හිතන්නෙ අපිට කිසිම දෙයක් වෙනස් කරන්නම බැහැ කියලා. එහෙම හිතුවොත් අපිට මේවා කවදාවත් වෙනස් කරන්න ලැබෙන්නේ නැහැ. රජය මගින් යම් කිසි ක්‍රියාත්මක වැඩපිලිවෙලක් පටන් ගැනීම වඩා සුදුසුයි.

උදා: කෙසෙල් වෙළෙන්දන්ට කාබයිඩ් ගැසීම ගැන නිසි රෙගුලාසි පනවලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කෙසෙලේගෙඩි ඉදවන ස්ථාන බලා ඒවා වටලලා නියමිත ස්ටෑන්ඩර්ඩ්ස් වලට තියෙනවාද කියන එක චෙක් කලොත් කෙසෙල් ගෙඩි බිස්නස් කරන අය කලින්ට වඩා බය වෙලා වඩා සැලකිලිමත් වේවි. කාබයිඩ් ගහන්නෙම නැහැ කියන්න බැරිවුනත් ඔවුන් ටිකක් අඩුවෙන් භාවිත කරන්න සහ කලින් තරම් කාබයිඩ් නාවන්න උත්සාහ කරන් නැහැ. මෙතන අක්‍රමිකතා නැතුවාම නෙමෙයි. උදාහරණ ලෙස සමහර නිවෙස්වල ලොකු වලවල් තියාගෙන දුම් ගහනවා කියලා පෙන්වලා නිළධාරින් රවටන රවටන්න පුලුවන්.

අවාසනාවට ලංකාවෙ ඉගෙනගත් මිනිස්සු හරි අකමැතියි ඒප්‍රන් එකක් ඇඳලා අහු මුලු අස්සෙ රිංගන්න. ඔවුන් නිවෙස් වල කෙසෙල්ගෙඩි පරීක්ෂා කරන්න එන්නෙ පුල් සූට් ගහලා. ඉතිං එයාල ආකල්පීයව වගේම බාහිරවත් රැකියාවට ගැලපෙන විදියට පෙනුම පවා වෙනස් කරන්න ඕනි.

ඒ වගේම ඉතාම අපිරිසිදුවට පාසැල් සඳහා කෑම හදන තැන් පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට ගිහිපු ඔත්තුවක් අනුව ඇවිත් හදමින් සිටි ආහාර පවා සීල් කරලා ඒවා විනාස කරල ඉන් පසු නැවත කෙටි ආහාර සකස් කිරීම පටන් ගන්න පෙර තිබිය යුතු අවශ්‍යතා ගැන ස්ටෑන්ඩර්ඩ්ස් නියම කරනවා. ඉතිං අර මනුස්සයා ඒ වැරදි හදාගන්න කල් ආයෙත් කෙටි ආහාර හදන්න බැහැ. මෙතනදි තිබෙන තවත් අඩුපාඩුවක් තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආදී සෞඛ්‍ය අධීක්ෂණ කන්ඩායම් වලට රජය යොදන මුදල සහ සම්පත්.

මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ ඒ සමාන්තර රාජ්‍ය නිළදාඅරීන් මගින් ගොවීන්ද වගාවන්ද පරීක්ෂා කල හැකියි. නමුත් නහය දිව සම සරීරය පමණක් අරං ගිහින් මේක කරන්න අමාරුයි. ඒ සඳහා නවීන දැනුම වගේම ඒ පහසුකම් ඒ අයට ලැබෙන්නට ඕනි. ඒ අවස්ථාවලදී ගොවීන්ට නියම වන දඩ ආදිය වෙත්නම් අනිවාර්යෙන් එයින් කොටසක් අර වැටලීම් කරන අයට ලැබෙන්නට ඕනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇටෙන්ඩන්ට්, හෙදියො, දොස්තරලා ට සාපේක්ෂව අඩු වරප්‍රසාද තමයි ලබන්නෙ. මොකද ඔවුන් ස්ට්‍රයික් කලා කියලා ලෙඩ්ඩු මැරෙන්නෙ නැති නිසා ඔවුන්ගේ වැටුප් සදහා කරන අරගල ආන්ඩුව සලකන්නෙ නැහැ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක බොහෝදෙනෙක් ඉදිරිගාමී ආකල්ප තියෙන පරිඝනක දැනුම නවීන දැනුම ප්‍රායෝගික වැඩ ගැන උනන්දු අය. නමුත් සාමාන්‍ය සමාජය සහ රජය ඔවුන් දෙස බලන්නෙ මහ කරදරකාරයො පිරිසක් විදියට පමණයි.

දැනට තිබෙන ප්‍රායෝගිකම ක්‍රමය විදියට මම දකින්නෙ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ ඊට සමාන්තර සේවයක් මගින් ආහාර නිෂ්පාදනය ඇසුරුම හා බෙදාහැරීම මීට වඩා විධිමත්ව සහ ප්‍රායෝගිකව අධීක්ෂනයට ලක් කිරීම. ඒ සඳහා රජයත් හුදු මහජනයාත් එහි අවශ්‍යතාවය වටහාගත යුතුයි.

ගොවීන් බොහෝවිට කෘෂීරසායන අපිට සහ කෘෂි රසායන කඩකාරයට ඕනි විදියට භාවිත කරන නමුත් කිසිම රජයේ වගකිව යුතු හස්තයක් මේවා නියාමනය කරන්න හෝ පාලනය කරන්න නිසි බලපෑමක් කලේ නැහැ. මිනිස්සු ඉබේ සංවර වෙයි කියල හිතන එක මෝඩ කමක්. කිසිම වාසියක් නැතුව බලපෑමක් නැතුව ඉබේ හොඳ බබ්බු වෙන මිනිස්සු ඉන්නෙ සුරංගනා කතා වල.
 

එලවලු ගොවියො බොහෝ වෙලාවට වැටෙකොලු දවස් තුනෙන් තුනට කඩනවා. බණ්ඩක්කා දවස් දෙකෙන් දෙකට අස්වනු නෙලනවා. කරිවිල සතියට දවසක් කඩනවා. මුල් වර අස්වනු හටගත්තාම අපි අස්වනු නිසිකලට නෙලුවෙ නැත්නම් නැවත අස්වනු හටගැනීමේදි අස්වැන්න බාල වීමක් සිදු වෙනවා. ඉතිං මේ විදියට දවස් දෙක තුුනෙන් එලවලු කඩන්න වෙන වගාවක කෘමිනාශක පොතේ විදියට ගහන්න ක්‍රමයක් නැහැ. දවස් දාහතරක් යනතෙක් අස්වනු අවස්ථා හතරක් පහක් මෙට්‍රික් ටොන් කිහිපයක අස්වැන්න අපතේ යවන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. බොහෝ කෘමිනාශක ලේබල් වල තියෙන්නෙ කෘමිනාශක ඉස දින දාහතරකට පසු අස්වනු නෙලාගන්න කියලා. ඒක මොන තරම් ප්‍රාෙයා්ගිකද? අපිට අස්වනු හටගන්න කලිං තෙල් ගහල තියන්න බැහැ මැස්සට. විශේෂයෙන් වම්බටු වගේ බෝගයකට පනුවො බෝ වුනාම අස්වනු නෙලන කාලසීමාවේදීම කෘමිනාශක යොදන්න වෙනවා. බණ්ඩක්ක වලට අද තෙල් ගහල හෙට කඩනවා..එහෙම නැත්තං බණ්ඩක්ක කඩලා විසි කරන්න වෙනවා මුර හතක් විතර කාලෙ හරියනකල්.

මේක කෘෂිකර්මයට අදාල අනෙක් දේවල් පාලනය නොකර කෘෂි රසායන පමණක් පාලනය කරන එක ටිකක් අමාරු වැඩක්. කෙනෙක් එලවලු වගාකරන එක රැකියාවට කරන කොට ඒක එයාට තනිකර කනාමුට්ටි සෙල්ලම වගේ එකක්. ඝොවීන්ට විත්‍රක නෙවෙයි රටටම හරිහමන් සැලැස්මක් මාවතක් නැහැ. ගොවියො වවන එලවලු වලට නිසි මිලක් නැහැ. ඔවුන් ආයෝජනය කරන මුදලින් අපිට ලැබෙන මුදල මොනම විදියකින් වත් කලින් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. අපි මේ සතියෙ තෙල්පෝර ගහල මිල තියෙන කාලෙට අස්වැන්න වැඩිපුර ටිකක් බාගත්තෙ නැත්තං ඊලග සතියෙ අනික් මැහි වලිනුත් පලදාව ඇවිත් දඹුල්ලෙත් බඩු හැදිලා අපේ අස්වැන්න දෙන්න වෙන්නෙ හෙන අඩුවට. පෝර එහෙම වැඩ කරන්න කල් යනවා කියල කස්ටිය කියයි. ඒත් හොදට වතුර ගහපු හරි වැස්ස තිබුන කාලෙකදි යූරිය ගහල සතියෙන් වගාවෙ තියෙන කහපාට කොළ පාටට හැරෙනවා.

28 comments:

  1. ඒ මහත්තයට අමතක වෙච්චි දෙයක් තමයි, තේ පොල් රබර් මෑතක් වෙනකන් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙච්චි එක.... වී වගාව කියන්නේ මේ රටට වර්තමානයේ කිසි සේත්ම ගැලපෙන්නේ නැති වගාවක්... ඊට ලාබයි ඔය ගොවියෝ වෙනත් බෝග වගාවට යොමු කරලා සහල් රටින් ගේන එක.. මොකෝ ආන්ඩුව හිතන්න ඕන උන්ට වඩා වටින්නේ ගොවියද ජනතාවද කියලා..

    කාබනික පොහොර ගැන ඔහු දරන මත හා එකඟයි...

    ReplyDelete
    Replies
    1. මාතා,
      //ඒ මහත්තයට අමතක වෙච්චි දෙයක් තමයි, තේ පොල් රබර් මෑතක් වෙනකන් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙච්චි එක//

      මේකත් අපට පටවපු දෙයක්, නිකන් හිතන්න ශ්‍රී ලංකාවේ තේ, පොල්, රබර් වෙනුවට විශාල ලෙස කුළුබඩු වැව්වා කියල, එහම උනානම් එහි ආදායම තේ, පොල්, රබර් වලට වඩා කිපගුනයක් විශාලයි.

      සුද්ද තේ බලෙන් පටවපු නිසා අපි තේ මුලික අපනයනය වෙනවා නමුත් අපි කුළුබඩු සදහා මෙය කලානම් ආදායම විසාලයි.

      මට මතකයි අපි කුඩා කාලයේ මගේ තාත්තගේ පවුලට අයත් අක්කර 10ක ඉඩමක කුරුදු වගාකරලා තිබුනේ අනෙක් එළවලු අතරයි කිසිදු විශේෂ සත්කාරයක් කලයුතු වුනේ නෑ.

      //වී වගාව කියන්නේ මේ රටට වර්තමානයේ කිසි සේත්ම ගැලපෙන්නේ නැති වගාවක්//

      සම්පුර්ණයෙන් එකගයි දැනට සිදුවෙන වී වගාව සම්බන්දයෙන් නමුත් පාරම්පරික වී සම්බන්ධයෙන් කතාව ඔයිට වෙනස් පවුලේ කාට හරි දියවැඩියාව තියනවනම් එක සතියක් සුවදැල් සහල් කාල දියවැඩියාව ච්ක්කරන්න බලන්න වෙනස.

      දේශීය සහල් වල ඉතා හොද ගුණයෙන් යුතු සහල් තියනවා මේවා ශ්‍රී ලංකාවේ ප්‍රවර්දනය කල යුතුයි.

      ඇමරිකාවේ කල පර්යේෂණයකින් කෘමිනාසක 7ක් පමණ ඇමරිකානු වසියකුගේ රුදිරයේ තිබෙන බව හෙළිදරව් වෙනවා.

      ඇමරිකාව කියන්නේ ආහාර නීති ගැන ඉතා දැඩිව පවත්වන රටක් එහෙම රටේ මෙහෙමනම් අපි ගැන කුමන කතාද ?

      සහල් වල ඇති ක්රිමිනාශක බැලීමට අද වෙලදපොලේ උපකරණ තියනවා මේවා ගෙනල්ල අපේ දැන් තියන සහල් පරික්ෂ කලොත් ඇපත් නෑ

      Delete
    2. කුළු බඩු කොහොමත් අපේ රටේ තිබුනා... කුළු බඩු නිසා තමයි හැම එකාම මෙහේ ආවේ.... අදටත් අපේ රටේ කරන්න පුළුවන් දේ වල් අපේ උන් දන්නේ නෑ.. ඔය පහලා සා රස දාලා තියෙන කොමෙන්ට් එකෙන් ඒක පේනවා නේ.. උගත් උනුත් ඔහොම නම් හරක් ගැන කතා කරලා වැඩක් නෑ නේ... කුළු බඩු මහා පරිමාණයෙන් නිපදවලා වැඩක් නෑ... එහෙම උනා නම් ඒවට තියෙන මාකට් එක අඩු වෙලා ගාන අඩු වෙනවා. සුද්දා ඒක ප්‍රමෝට් නොකලේ ඒකයි. සුද්දට බැනලා වැඩක් නෑ.. මාතක ගාමන්ට් වලින් මුල් තැනට ආවා මිසක්..(එක දැන් මැද පෙරදිග සේවයට ගිහින්) අදත් බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ තේ පොල් රබර් කර්මාන්තයෙන්...

      ඔය කුළු බඩු එහෙනම් අපේ උන් ප්‍රවර්ධනය කරන්න එපාය. කරන්නේ නෑ.. හේතුව මිළ බහින නිසා... ළෝක කුරුඳු පරිභෝජනයෙන් 80% කටත් වඩා අපේ...

      Delete
    3. මචෝ මාත,

      මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

      ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ.

      යකෝ කුරුදු මිටි බැදලා රට පටවන එක නෙමයි අපනයනය කියන්නේ, අපේ උන් කරනේ මේවගේ මාරි මෝඩ වැඩ, මේ වයෙන් විවිද කුළුබඩු නිපදවන්න පුළුවන්, කෘතීම රසකාරක වලට වඩා සොබාවිකව හදන මෙවැනි රසකාරක සදහා පර්යේෂණ කරන ආයතන ඇති කරලා අපනයන වර්දනය කරන්න ඕනේ විවිද අලුත් නිශාදන යොදාගන.

      අද මේවා කරන මොලේ ඇති මිනිසුන් ඉන්නවා, මේ අය ඔය ගොවියෝ කියන අන්ත දිළින්දෝ නෙමෙයි.

      Delete
    4. // මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

      ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ. //

      ඔබ වැරදිය!

      සත්ය කුරුඳු True Cinnamon ( Cinnamomum verum ) සපයන්නේ ස්‍රි ලන්කාවෙන් පමනය!

      ඓන්දුනීසියාව චීනය සහ වියට්නාමය වැනි රටවල් සපයන්නේ කුරුඳු ආදේශකයක් වන කැසියා ය Cinnamomum burmannii.

      Delete
    5. එකෙන් පැහැද්ලිලියි ලෝක වෙළදපොලෙන් 1% වත් අපට කළහැකි දේ කර නැති බව. අපි හැමදාම සුද්දට බැනල වැඩක් නෑ ඇයි මේ බෝග වලට ගොවියන් පෙලබෙන්නේ නැත්තේ මාදන්නා තරමින් වෙනත් බෝගයක් සමග මෙය වගාකළ හැකි නේද ?

      Delete
    6. // මාදන්නා තරමින් වෙනත් බෝගයක් සමග මෙය වගාකළ හැකි නේද ?//

      Yes!

      Delete
    7. ලන්කා සිතුවිලි තුමාට කුරුඳු ගැන ගොඩාක් දේ ඉගෙන ගන්න අන්තර්ජාලයෙන් පුලුවනි...
      අපට ආවේනික පිරිසිඳු කුරුඳු වගා කරන්නේ ලන්කාවේ පමනි!

      එයට හොඳ වෙලෙඳපොලවල් ලබාදී කුරුඳු තැලීමට නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වාදී ගොඩ දැමීම රජය කල යුතු දෙයකි...

      ඔබතුමා ජීව වායුව ගැනත් ටිකක් හොයා බලන්න... එවිට මීටත් වඩා කොයිල් වෙන්න ඇහැකි!

      Delete
    8. සරසා තුමෝ,

      තවම මම වතුරට බැස්ස විතරයි බලමු තව මාස කීපයක්

      Delete
    9. ලන්කාවේ කුරුඳු සමග වෙනත් වැවිල්ලක් නොකරන බව වැවිලිකරුවෙකු ගෙන් අසා දැනගත්තා...

      ඔහු කියන්නේ කුරුඳු ගස සියලු පොහොර උරා ගන්න අතර පඳුරක් ලෙස වැඩෙන නිසා අනෙක් බෝගයකට ඉරු රැස් නොවැටීමේ ප්‍රවනතාවයක් ද තියෙනා බවය!

      Delete
    10. සරසා තුමා,

      මම මේ ප්‍රශ්නය මුලින් ඇසුවේ මගේ කුඩාකල මතකයක් තිබුන නිසා, පස්සර ප්‍රදේශයේ මගේ පියාගේ පවුලේ වත්තේ අනෙක් වගාවන් අතර කුරුදු තිබුනා.

      නමුත් මම පසුගිය දිනවල කල අද්යන වලින් තේරුම් ගත්තේ රසායනික ගොවිතැනෙ දී ඔබ තක්කාලි වවනවානම් තක්කාලි පාත්තියක මිරිස් ගසක් තිබුනොත් එය වල් පැලයක් ලෙස සලකන බවයි.

      මට දැන් ටිකෙන් ටික තේරෙනවා සිදුවී ඇත්තේ කුමක්ද කියල.

      Delete
  2. // වී වගාව කියන්නේ මේ රටට වර්තමානයේ කිසි සේත්ම ගැලපෙන්නේ නැති වගාවක්... //

    එම නිසා වී ගොවියන් වී වගාකිරීමෙන් ඈත් කොට පාන් බනිස් සහ පේස්ට්‍රි වගාව වැනි වානිජ වටිනාකමකින් යුතු වගා වලට යොමු කල යුතු බව ස ර ස තුමා යෝජනා කර සිටී!

    ReplyDelete
    Replies
    1. Well said. A nice response to that brainless bugger who commented above.

      Delete
    2. ඇයි උඹ දැක්කේ නැද්ද රත්නශීලී වික්‍රමනායක කියලා ගොනෙක් කියලා තිබුනා පාන් ගෙඩිය රුපියල් 400 ක් කරන්න කියලා... ඒ ගොනා දන්නවද දන්නේ නෑ පාන් ප්‍රධාන ආහරය ලෙස ගන්න මිනිස්සු සහ රොටි ප්‍රධාන ආහරය ලෙස ගන්න මිනිස්සු කොච්චරක් මේ රටේ ඉන්නවද කියලා....

      වී බැරි නම් ඕන අලයක් වවා ගත්තට කමක් නෑ ස්වෝත්සාහයෙන් නියම ගොවියෝ විදියට.... මුන් ඇව්ල්ලා තනිකර හිඟන්නෝ රැලක් නේ ආන්ඩුවෙන් ජීවත් වෙන... මෙහම රටක් කවදා දියුණු වෙයිද...?

      Delete
    3. මාතා,

      //රත්නශීලී වික්‍රමනායක කියලා ගොනෙක් කියලා තිබුනා පාන් ගෙඩිය රුපියල් 400 ක් කරන්න කියලා.//

      මචෝ එතුමාගේ නම අරියසිල වික්‍රමනායක, උන්නැහැ කියන්නෙත් උබකියන දේ තමයි එකියන්නේ සහනාදාර දෙන්න එපා කියල, තිරිගු පිටි සදහා විශාල සහනාදරයක් නිසා තමයි රුපියල් 400 ක් යන පාන්රත්තල රුපියල් 60 ට දෙන්නේ හැබැයි මේ සහනාදරයේ වැඩි කොටසක් දරන්නේ ඇමරිකාවයි ඉතිරිය ශ්‍රී ලංකා රජය දරනවා.

      මෙන්න උන්ද දැනුවත් කරනවා https://www.youtube.com/watch?v=HGeSPTJOnPM

      Delete
    4. ඌ හදන්නේ තුන් වේලට බත් කවන්න....

      Delete
  3. වී වගාව කිසි සේත්ම සම්පුර්ණයෙන් අත නොහැරිය යුතුය.අලුත් බිම් අස්වැද්දීම නවතා ඒ බිම් වල වෙනත් ආර්ථික බෝග වැවීම සුදුසුය.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් අත් හරින්න ඕන නෑ.... තමන්ගේ වියදමෙන්, මහන්සියෙන් වගා කරලා ලාබයකුත් ලබා ගන්න පුළුවන් දෙයක් නේ...දැනට ආන්ඩුව වී වගාව වෙනුවෙන් නොකරන්නේ පාරිභෝගිකයට සහල් මිලදී ගන්න සහනාධාරයක් නොදෙන එක විතරයි..

      Delete
    2. මාතා,


      //දැනට ආන්ඩුව වී වගාව වෙනුවෙන් නොකරන්නේ පාරිභෝගිකයට සහල් මිලදී ගන්න සහනාධාරයක් නොදෙන එක විතරයි//

      උබ කියන දේ ලොකු ඇත්තක් තියනවා, මම දැක්ක එක ගොවියෙක් කියනවා ඔහුට සරමක් ගන්නවත් මුදලක් ඉතිරි කරගන්න බැරිඋන බව, යකෝ මේ හිගන්නෝ තොගයක්නේ හදල තියෙන්නේ.

      මෙහෙ අපි වසදාපු එළවලු දහස් ගණන් දීල මිලදිගන්නවා, මේ යක්කුන්ට සරමක් ගන්න බැරි තරම් හිගන්නෝ කරලා, ලස්සනම වැඩේ දෙන්න තියන සහනාදාර ඔක්කොම දෙනවා.

      මට නම් හිතන්න බෑ මේ වෙන දේ ගැන. හාල් කිලෝව රුපියල් 90ක් වෙනවා මුන්කියනවා රුපියල් 40ට වී විකුනන්න බෑ කියල, ඇයි හතිලව්වේ ගොවින් කීපදෙනෙකු එකතුවෙලා පොඩි විමොලක් දැම්මනම් ඉවරනේ මොකද්ද හත්වලාමේ මේ කරන්නේ ?

      Delete
    3. ඇත්තෙන්ම අද සිටින්නේ අමුතුම ගොවියන් පිරිසක්,මේ බහුතරය තමන්ගේ ගොවිබිමට කිසියම් ආදරයක් සැලකිල්ලක් නොදක්වන,අවසානයේ තමන්ට ලැබෙන අස්වැන්න ගැන පමණක් සිතන මිනිස් සමුහයක් වීම නිසයි බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ.තමන් නිපදවන්නේ මිනිසුන්ගේ ආහාරයක් යන්න ගැනවත් ඔවුන් කල්පනා කරන්නේ නැහැ,මෙය වී ගොවියාට පමණක් පොදු දෙයක් නොවේ සියලු ආහාර බෝග වගා කරන්නන්ට අදාළ දෙයක්......

      Delete
  4. /මේ රසායනික ද්‍රව්‍ය ක්රිශික්ර්මයට පැමිණියේ කෘෂීකර්මය තුල ඇති ගැටළුවක් විසදීමට නෙමෙයි ලෝක යුද්ද දී පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කල රසායන ගාර සදහා නව වෙලදපොලක් සොයාගැනීම සදහායි./

    අපේ ලංකාට පහල වෙන සිතුවිලි වල හැටියට නාතත් අනාත වෙන්ටයි යන්නේ, ඉස්සර හට තව මොන වගේ හෙලිදරව් කරන්න ද බලාපොරොත්තුව. මේක දැන් රාවනා කතන්දර වලට වඩා ෆන් වේගනයි යන්නේ. අර සා රස කීවට බයෝ ගැස් වගේ අනං මනං හේම ගැන හේම දැන්මම සර්ච් කරන්න යනව නෙවේ, ටිකක් ඉවසල ඉන්න මම මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි, මගෙ ෆන් එක නැතිවෙයි කියල බයයි.

    ReplyDelete
  5. ඇණයා Nut Man,

    ඔබතුමා ෆන් එකේ දැනට https://www.youtube.com/watch?v=KiIr3pAvt7M
    මේක හපහප ඉන්න.

    ReplyDelete
    Replies
    1. මේකත් හපන්න හොදයි https://www.youtube.com/watch?v=bZ92TRkdF0k

      Delete
    2. ඇණයා,

      රසායනික ද්‍රව්‍ය කිව්වහම නියම ෆන් එකක් තියනවා මෙවැනි කතා ඇහුවහම.
      https://www.youtube.com/watch?v=9HzSOrbvNUQ

      Delete
  6. //මචෝ මාත,

    මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

    ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ.

    යකෝ කුරුදු මිටි බැදලා රට පටවන එක නෙමයි අපනයනය කියන්නේ, අපේ උන් කරනේ මේවගේ මාරි මෝඩ වැඩ, මේ වයෙන් විවිද කුළුබඩු නිපදවන්න පුළුවන්, කෘතීම රසකාරක වලට වඩා සොබාවිකව හදන මෙවැනි රසකාරක සදහා පර්යේෂණ කරන ආයතන ඇති කරලා අපනයන වර්දනය කරන්න ඕනේ විවිද අලුත් නිශාදන යොදාගන.

    අද මේවා කරන මොලේ ඇති මිනිසුන් ඉන්නවා, මේ අය ඔය ගොවියෝ කියන අන්ත දිළින්දෝ නෙමෙයි.// මේවගේ දේවල් තමයි උඹයි සාරස්යයි එකෙතුවෙලා ආපහු ගේන්න හදන මහින්දට කරන්න තිබ්බේ යුද්දේ දිනුවට පස්සේ ... ඒ වෙනුවෙට එයා පුතාල , මල්ලිලා ඉස්සරහට දාලා යුද්දේ අවසන් කරපු එක වවාගෙන කෑවා .. යහපාලන කියලා ආණ්ඩුවක් ඇතිවෙන්න හේතුව ඒක තමයි .. හැබැයි උඹලා සාරසලා වගේ එවුන් පොර ටෝල්ක් දිදී ඔය කියන කිසි දෙයක් නොවෙන්න තමයි උඹලාගේ සිතිවිලි හදාගෙන ඉන්නේ .. මුට්ටිය දානවා වගේ පෙන්නුවට කරන්න හදන්නේ මොකක්ද කියලා පෙනෙනවා.. ඔය දේශානුරාගය ව්හචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපල්ලා..ගොන් ආතල් නොදී...

    ReplyDelete