Tuesday, February 2, 2016

යහපාලනය මහා මංකොල්ලයට සැරසෙයි. වරාය පිවිසුම් ගාස්තු 4000% වැඩි වෙයි.





 
ඉදිරි දින කියපෙදේ රටේ භාණ්ඩ වල මිල 100% පමණ වැඩිවීමේ පෙරනිමිති පහල වෙමින් පවතී, අදවනවිට ශ්‍රී ලංකාවට සියලුම භාණ්ඩ ආනයනය කරන අතර ඉහත ගාස්තු  මගින් වැඩිවන මිල භාණ්ඩයේ මිලට ව්කතු වීමට නියමිතයි.

රාජ්‍ය අංශයේ ඔරොත්තු නොදෙන වැටුප් වැඩිවීම අද ගෙවීමට මුදල් සම්පාදනය කරන්නේ වැඩිකළ මුදල වගේ කීප ගුණයක් අයකිරීම මගිනුයි.

රටේ මිනිසුන්ට ඉදිරි මස කියප්යකින් රජය කෙලින පිස්සුවෙ ප්‍රතිඵල  ඇස්පනාපිට දැකීමට ලැබීම කණගාටු විය යුතු ගෙතුවෙක් නොව සතුටු වේය යුතු හේතුවකි. මක්නිසාද මෙවැනි වේගවත් මැටි මෝල් තීන්දු නිසා ජනතාව පාරට බැසීම මගින් රටේ දෙසපලන්යයන් මෙතක් ඉගනගැනීමට නොහැකි වූ පාඩම ඉගන ගනු ඇති.

මෙම ගාස්තු වහාම අඩු නොවුනොත් ශ්‍රී ලංකාව පුරවැසියන්ට රටක් බංකොලොත් වීමේ අද්දැකීම  ඉතා වේගයෙන් තේරුම් ගත හැකි වනු ඇති.

12 comments:

  1. තනි තරුව, ලොකු පුතා සහ ස ර ස තුමා හැර සින්හල බොග් අවකාසේ අනෙකුත් සියලු කස්ටිය චන්දේ දුන්නේ යහපාලනේට ය.

    දැන් සනීපද?

    ReplyDelete
    Replies
    1. මන් කලින් කිව්වා වගේම මේක එකම පිරිසකගේ වැඩක්, මහින්ද සමග හිමිට පික්පොකට් ගැහුවා වගේ නෙමෙයි එකවර සියල්ලටම තේරුනාම සිදුවන්නේ මිනිසුන් පාරට පැමිණීමයි.
      මට රට මතක නෑ ඔබට මතකනම් කියන්න,
      ඒ රටේ ආන්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රී වරු හමුදාව විසින් බස් රථයකට නංවනුලබනවා, බලෙන් මෙසේ තෙරපවා බසයට නංවන මේ පිරිස ට කියනවා සිටිය යුත්තේ විනාඩි 5 පමණ බව.
      සියලුදෙනා දැඩිව තෙරපවා බසයට ඇතුල් කලවිට මෙෂින් තුවක්කු මගින් වෙඩිතබා මරා දමනව.
      මෙවැනි සිදුවීමකට ශ්‍රී ලංකාව ඉතා ආසන්නයි.

      Delete
    2. සරසා තුමෝ,
      මම චන්දය දුන්නේ යහපාලනයට තමයි, මට නැවත 2015 ජනවාරි 8 ට ගියොත් චන්දය දෙන්නේ යහපාලනයට බව මතක තියාගන්න, මොකද දන්නවද ? මේ දේ මිට වඩා බයානක විදියට තමයි මහින්ද යටතේ වෙන්නේ, ඔහු දැනන් හිටිය මෙය ගැන එක තමයි අවුරුදු 2 ට කලින් චන්දය තිව්වේ.
      අද යහපාලනයට මාරුවීමේ දී කරපු හෙට්ටුකිරිම නිසා මිනිසුන්ට සටන් වදින්න පුළුවන් වෙලා තියනවා.
      01. අන්තර්ජාතිකව පැනවීමට නියමිත සම්බාදක වලින් ලබන පිඩාවත්
      02. මහින්දගේ මිනීමරු රැලේ නියම සොරුපය දැනගැනීමත් කියන දෙකම එකට සිදුවෙනවා.

      අද මිනිසුන්ට සටන්කිරීමට හැකියි, සිරාට බෑ පිස්සු කෙලින්න, නමුත් මිනිසුන් දක්ෂ වියයුතුයි මෙයින් ප්‍රයෝජන ගන්න.

      ඔබ වගේ මහින්දට කඩේ ගිහින් එක කරන්න බෑ

      මගේ අඩවිය කියවන අය දන්නවා ඇති යහපාලනය ගැන බලයට පත්වීමට පෙර මම කියපුව පොඩ්ඩක් හොයල බලන්න මොන තරම් දේ ඇත්ත වෙලා තියනවද කියල.

      සනීපද කියන දේට උත්තරය කබල සනිපයි ලිපට වඩා. යහපාලනය කියන කබල මහින්ද පාලනය කියන ලිපට වඩා හොදයි.

      Delete
  2. මොන පාලනේ ආවත් වෙනසක් නැ ජනතාව අන්දන එක තමා කරන්නේ,
    හැබයි හිටපු හැටියට ඔයින් ගියා මදැයි කියලාත් වෙලාවකට හිතේනවා

    ReplyDelete
    Replies
    1. අඩව්ව,
      මිනිස්සු කියනවා “මුන්ට වඩා අරුන් හොදයි” කියල නමුත් මුන් දෙගොල්ලම එකයි ආණ්ඩු මැරුවේ වෙනස තමයි සොරකම කරගන ආපු වේගයට කරන්න බැරිවීම, මේ වෙලාවේ මිනිස්සු පීඩනය යොදනවානම් ජනතාව ලෙස බොහෝ වාසි අත් කර ගත හැකියි.

      Delete
  3. මමත් යහපාලනේට ඡන්දෙ දීපු කෙනෙක්.සයිබර් එකේ හැංගිලා නෙමෙයි කෙලින්ම පෙරමුනට ගිහින් යහපාලනය වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. මට ඕන වුනේ සමාජ නිදහස.සුළු ජාතිකයන්ගෙ ,කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂාවන ශක්තිමත් සිවිල් සංවිධාන සහිත සමාජයක්.දැන් නීතිය බොහෝ දුරට ක්‍රියාත්මක වන බව පේනව. 100% ක් ම සතුටුදායක නෑ. මාත් ආපහු ජනවාරි 8 ට ගියොත් ආයෙත් ඡන්දෙ දෙන්නෙ යහපාලනයට තමයි. හැබැයි හොරුන්ට දඩුවම් දීම මීට වඩා වේගවත් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය,
      // සුළු ජාතිකයන්ගෙ ,කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂාවන ශක්තිමත් සිවිල් සංවිධාන සහිත සමාජයක්.//
      මහින්ද කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි ඉතාම හොද අවස්ථා වාදියෙක්. නමුත් ඔහු තරමක මෝඩයි.
      මම මේ යහපාලනයේ වංචනික වැඩ ගැන චන්දයට පෙරත් මා සදහන් කළා, මොවුන් යම්කිසි නිතියානුකුල බවක් පෙන්වන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි මයිත්‍රී ට නෑ මහින්දට තියන කිර්තිනාමය, යුද්ධය දිනිම මගින් ලබා ගත්තු,
      මේ නිසා ඔහුට සිදුවෙනවා නිතියානුකුල ක්‍රමයක් තුල යම්තරමකට ගමනක් යන්න.
      නමුත් ඔබ තව මාස කීපයක් බලන්න මේ තත්වය වෙනස් වෙයි දැනටම සරත් ෆොන්සේකා සම්බන්ද කර ගන්නේ ඉදිරියට පවතින තදබල පාලනයට ගමන් ගන්න.
      මිනිසුන් ලෙස තවම සංවේදී නෑ රටේ තිබෙන ඇත්ත ප්‍රශ්න පිලිබදව “වරාය පිවිසුම් ගාස්තු 4000% වැඩි වීම “
      අපි සියලුදෙනාට දැඩිව බලපානවා නමුත් මෙය දැනට සැගවුන ප්‍රවුර්තියක් පමණයි.
      මේ විදියට නම් රටේ මිනිසුන් සංවේදී වන්නේ ඉදිරියට දැඩි පාලන වලට මුහුණ දීමට සිදුවනු ඇති.

      Delete
    2. //මට ඕන වුනේ සමාජ නිදහස.සුළු ජාතිකයන්ගෙ ,කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂාවන ශක්තිමත් සිවිල් සංවිධාන සහිත සමාජයක්// සිව්වෙනි මානය මේ කියන්නේ එක්නැලිගොඩ නෝනගේ අයිතිවාසිකම් හැර අනිත්වා වෙන්න ඇති.. :)

      Delete
    3. සිව්වෙනි මානය මේ කියන්නේ එක්නැලිගොඩ නෝනගේ අයිතිවාසිකම් හැර අනිත්වා වෙන්න ඇති.//
      එක්නැලිගොඩ, ඥානසාර මේ දෙකම නූල් සූත්තර. මේව උනුසුම් පුවත් මවනවා. මේ දෙන්නම වීරයො නෙමෙයි. දෙන්නම නටවන්නෙ එකම පිරිසක්. ඇයි අපි මේ නැටවිල්ලට අහුවෙන්නෙ. බලය බෙදීම මගින් සුළුජාතීන්ගෙ ප්‍රශ්න විසදන්න ඕන. ඒක වෙනම දෙයක්. නමුත් රටට එරෙහිව බරපතල චෝදනා කිරීම සිංහල දෙමල මුස්ලිම් හැමෝම එරෙහි වියයුත්තක්.යුධ අපරාධ චෝදනා කියන්නෙ හැමෝම එක්වෙලා මූන දෙන්න ඕන ප්‍රශ්නයක්. ඒකීය පුද්ගලයන්ගෙ කදුළු වැඩක් නෑ.

      Delete
  4. නයට ගෙනල්ලා පාටි දානවට වැඩිය තියෙන විදියට අමාරුවෙන් කන ප්‍රතිපත්තිය හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,
      අද වනවිට මොනවද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නේ? හැම දේම පිටරටින් නේද ගේන්නේ, ණයට ගේන්නේ මේ රටේ නිෂ්පාදනය නොකරන නිසානේද ?
      ප්ලාස්ටික් භාජනයේ සිට අදින ඇදුමට උවමනා නුල පවා ගේන්නේ පිය්ටරටින් නේද ?
      වවන හාලේ බිජ ටිකත් ගේන්නේ පිටරටින් නේද ? යොදාගන්න පෝරටිකත් ගේන්නේ පිටරටින් නේද ?
      මෙරටේ කිසිම නිෂ්පාදන කර්මාන්තයක් පටන් නොගෙන මේ කරන විගඩමෙන් සිදුවන්නේ රටේ භාණ්ඩ මිල දිගටම වැඩිවීම නෙමෙයිද?
      ඔබට කියන්න පුළුවන් මේ ප්‍රතිපත්තිය නිසා දේශීය නිෂ්පාදකයෝ නව කර්මාන්ත අරබයි කියල, නමුත් අද කියන දේ හෙට වෙනස් කරන රජයක් ගැන කිසිවකු විශ්වාස නැති නිසා දේශීය ආයෝජකයෝ මේවට ආයෝජනය නොකිරීමයි වෙන්නේ.
      අවසානයේ මිල විශාල ලෙස වැඩිවීමයි වෙන්නේ.

      Delete