Friday, February 26, 2016

අද ලෝකයේ නිදහස් වෙළද ගිවිසුම් කාවෙනුවෙන්ද ?




අපේ නවතම සාකච්චාව ETCA ගිවිසුම පිලිබදවයි, මිට කැමති අය ඉතා ප්‍රගතශීලි  ටෝයියන් වන අතර මෙයට අකමැති අය මෝඩ ප්‍රතිගාමී  බයියන් ලෙස වර්ගීකරණය කරනු ලබයි.
ලෝකයේ මෙවැනි ගිවිසුම් ඇති වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ඉතා දිරුණු රටක් ලෙස බොහෝදෙනා පිළිගන්නා ඇමරිකා එක්සත් ජනපදයත් මෙවැනි ගිවිසුම් වලට සහබාගි වෙනවා, මෙහිදී බොහෝදෙනා සිතන්නේ තම රටවැසියා ගේ දියුණුව මෙමගින් ඇතිවන බවයි.

දැන් බලමු ඇමරිකාවේ මෑතදී අත්සන් කල (Trans-Pacific Strategic Economic Partnership Agreement)

කවුරුන් විසින් කාවෙනුවෙන් සිදුකලාද කියල මෙම ගිවිසුමට කෙටියෙන්


 

මෙයින් සිදුවෙන්නේ ඇමරිකාව ලෝකයේ විසාල බහුජාතික සමාගම් වලට විකිණීමේ ක්‍රියාවලියයි මෙමගින් බහුජාතික සමාගම් වලට බලය ලැබෙනවා අදාළ ගිවිසුමට එළබි රටේ නිතිය වෙනස් කිරීමට, සහ තම භාණ්ඩයේ මිල ඉතා විශාල ලෙස වැඩි කිරීමට පමණක් නෙමෙයි අන්තර්ජාල නිදහස සිමා කිරීමටත් දැනටමත් නීති ගෙනවිත් අවසානයි

 

   
මෙම ගිවිසුම් ඉතා රහසිගතව අනුමත්කර්වාගැනීම ලෝකය පුරා දැන් වනවිට සිදුවෙමින් පවතිනවා, මොකද රටවැසියන් මෙවැනි ගිවිසුම් වලට අනුමැතිය ලබාදීමේදී රටට අවාසි ගිවිසුම් වලට යෑම වලක්වන නිසා.
ඇත්තටම අපේ  ශ්‍රී ලංකාව ගැන වූ ගිවිසුම අත්සන් කරන්නේ  දියුණු අනාගතයක් සදහා පියනැගීමට කරන දෙයක් නම් කලයුත්තේ මේ පිළිබද විවුර්ත සංවාදයකට එලබිමයි, ඊයේ හිරු නාලිකාවේ හර්ෂ ඇමතිතුමා පිළිගත්තා දැනට නිලදාරීන් මන්ත්‍රී වරුන්ට ලබාදී ඇති පිටපත නිවැරදි නොවන බව, මේ කියන්නේ කුමක්ද ? රජයට ඇයි බැරි එළිපිට සිදුකරන්න යන මාහා දියුණුව සදාහා පවතින සැලසුම හෙළි කරන්න.
මිට මුලින්ම කලයුතු සරල දෙය නම් අප ඉන්දිය්යාව ට අපනයනය කරන්නේ  මොනවාද ? ඉන්දියානුවන්ට ශ්‍රී  ලංකාවට ආනයන කිරීමට දෙන්නේ මොනවාද කියන සරල භාණ්ඩ සහ සේවා ගැන විස්තරයක් ජනතාවට ලබාදියයුතුයි.
මෙය කිරීමට සැලසෙන්නේ කේක් ගෙඩිය මත අයිසින් දැමීමෙන් අනතුරුවයි, උදාහරණ ඉන්දියාව ප්‍රදානයක් ලෙස ලබාදෙන ගිලන්රථ සේවය ලබාදෙන්නේ මිට උවමනා අල්ලසක් ලෙසයි.
අද මෙහෙම තත්වයක් තියන ලෝකයේ සිංගප්පුරුව වැනි රටවල් මෙවැනි ගිවිසුම් වලට එලබ්න්නේ       
{ India Govt decries CECA violation by Singapore” (Business Standard, Feb 17), which said “Those of you planning to make it big in Singapore might be in for a setback. Singapore recently made certain changes to its Employment Pass Framework law to reduce inflow of foreign workers significantly to create more job opportunities for local professionals. The move is expected to impact even those Indians working there at present across various sectors.

The step has irked India as the new law does not give India a preferential treatment incorporated in the Comprehensive Economic Partnership Agreement (CECA) between the two countries, operational since 2005. This stance by the Singapore Government is expected to affect Indians working as middle-level managers, executives and technicians.

}

ඉහත තොරතුරු අනුව සිංගප්පුරුව දැන් සිදුකරන්නේ තම රටට විදේශ වලින් පැමිණෙන වුර්තිකයන් සිමා කිරීමයි, මේ මගින් ඔවුන් තම රට වාසීන්ට වැඩි රැකියා අවස්ථා ලබාදීමට අරමුණු කරයි.
අප රටේ 30000 ක්‌ උපාධිදාරීන් රැකියා ඉල්ලමින් උද්ගෝෂණය කරන වාතාවරණයක අපි ඉන්දියානුවන්ට වෙළදාම විවුර්ත කිරීමට කතා කරමු.
   
දැන් මේ වෙළදාමෙන් සිදුවෙන ආර්ථික වෙනස් වීම් බලමු.
මෙම වෙළද ගිවිසුම්මේ මුලික අරමුණ ඉන්දියාවට ට කරන අපනයන වලින් ලැබෙන ආදායම ඉන්දියාවෙන් ආනයන කිරීමට යන වියදමට වඩා වැඩි  කිරීම නෙමෙයි, උදාහරණයක් ගමු
හිතන්න ශ්‍රී ලංකාවේ නිපදවනවා ප්ල්ස්සටික් බදුනක් මෙය රුපියල් 200 වෙනවා දැන් අපි මෙය ඉන්දියාවෙන් ආනයනය කරනවා රුපියල් 50 ට දැන් වෙන්නේ කුමක්ද ? බැලුබැල්මට ශ්‍රී ලංකික පාරිබෝගිකයාට රුපියල් 150 ක ලාබයක් වෙනව, මෙයට ඔහු සතුටුයි, නමුත් අර ගෙවපු රුපියල් 50 ඩොලර් වලට පරිවර්තනය වෙලා රටින් පිටවෙනවා. දැන් අපට ආනයන වියදම ඉහල යෑම සිදුවෙනවා අපේ ඩොලර් සංචිතය පිරිහෙනවා, දැන් රුපියල් 50ට   ප්ල්ස්සටික් බදුන මිලදී ගත්ත පුද්ගලයට සිදුවෙනවා වෙළදපොලෙන් තමාට උවමනා අනෙක් භාණ්ඩ මිලදී ගන්න, මේ භාණ්ඩ ආනයනය කරනවානම් සිදුවෙන්නේ කුමක්ද වැඩි වැඩියන් රටේ විදේශ විනිමය වැය වීමයි, දැන් විනිමය අනුපාතිකය පිරිහෙනවා රුපියල් 130 ට වූ ඩොලරයක් මිලදී ගැනීමට දැන් රුපියල් 145 ගෙවීමට සිදුවෙනවා මෙනිසා ආනයනය කරන සියලු භාණ්ඩ වල මිල කිපගුනයකින් වැඩි වෙනවා, දැන් ඔබට වැටහෙනවා ඇති නිසි අපනයන විදියකින් විදේශ විනිමය සෙවීමේ ක්‍රමයක් නැතිව ආනයනය මුලික කරගන වෙළදාමට යෑම කෙටිකාලින සහනයකුත් දිර්ගකාලින මහා විනාශයකුත් වන බව.
සරලව කිව්වොත් රුපියල් 200 භාණ්ඩය රුපියල් 50ට ගැනීම නිසා ඇත්ත වාසිය පාරිබෝගිකයාට ගැනීමට උවමනානම් අපට වෙනත් භාණ්ඩයක් අපනයනය කිරීමෙන් ආදායම උපදවන්න වෙනවා.
මේ සරල සත්‍ය නොදැන සිහින මවමින් ඉන්දියාවෙන් අඩුමිලට භාණ්ඩ ගැනීමේ සිහිනයේ සිටින අයත් මේ ගිවිසුම කිසිවිටකත් අත්සන් නොකලයුතුයි කියන අයත් සිතිය යුත්තේ අප කරන්න යන්නේ කුමක්ද කියන කාරණය පැහැද්ලිලිව දැනගැනීමට රජයට බල කල යුත්තේ මුලිකව අපනයන ලැයිස්තුවන් ආනයන ලැයිස්තුවන් ලබා ගැනීමයි, මෙය නොමැතිව මේ ගැන කරන ඕනෑම කතාවක් වංචාවක් සහ සකකටයුතු දෙයක් ලෙස බැලීමට පුරුදුවිම අප කාටත් හොදයි.         

6 comments:

  1. මේවා නොකර ගොඩ එන විදියක් කියන්නකෝ අර පේ පැල් වගේ...

    එතකොට අපි ඒවා යොමු කරන්නම් දන්න කියන අයට..

    ReplyDelete
    Replies
    1. මාතා, ගියපාර ලිපියෙන් http://lankasithuwili.blogspot.com/2016/02/10.html කිව්වේ ඕක තමයි,
      එකේ තියනවා තොරතුරු තක්ෂණය සම්බන්ද සැලකියයුතු අංශ මේවායෙන් ලංකාවේ උවමනා කරන වුර්තිකයෝ නැති අංශ තමයි 75% වඩා තියෙන්නේ මේ වා තමයි වැඩිම ආදායමක් ලබාගන්න පුළුවන්,
      මා ඉදිරිපත් කල අංශ ඉතා ප්රාතමිකයි මිට වඩා ඉතා සංකීර්ණයි නිවැරදි වර්ගිගරණය, ප්‍රශ්නය තියෙන්නේ මම ඉදිරිපත් කල ප්‍රාථමික වර්ගීකරණය වත් සාකච්චාවට අරගෙන නෑ.
      මිට ආණ්ඩුව පමණක් නෙමෙයි වගකිව යුත්තේ රටේ වුර්තිකයනුත් වගකිව යුතුයි ඔවුන්ට උවමනා මෙය අත්සන් නොකිරීම මගින් මස්රාත්තලම තබා ගැනීමට, නිවැරදි සාකච්චාවට ගියානම් අපට WIN – WIN ක්‍රමයකට යන්න පුළුවන්, හැබැයි එක තරමක අබියෝගයක් මේ අබියෝගයට වුර්තිකයෝ කැමති නෑ.
      අනෙක් පැත්තෙන් උබල වගේ අය මේක කොහොම හරි කරන්න කියල කියනවා නමුත් තවම රජය මුලික සාකච්චාවට වත් අකමැතියි, රජය සිදුකරන්නේ ජනතාවගෙන් මෙය සගැවිමයි.
      මම කලිනුත් කියල ඇති අපට හරිහමන් තානාපති සේවාවක් නෑ කියල, හරි මිනිස්සු හරි තැන සිටියානම් අපට චිනේ බඩු ලංකාවට ගෙනත් ඉන්දියාවට අගය දියුණු කර ප්‍රති අපනයනය කරන්න පුළුවන්, මෙය තමයි උබල හිතන සහ හරි මිනිස්සු හිටියොත් ලබාගතහැකි සාදනිය පැත්ත නමුත් මැටිමෝල් විදියට කලොත් සිද්ද වෙන්නේ ගින්දරට පෙට්‍රල් දානවා වගේ වැඩක්.
      දැනට කරන්න පුළුවන් වැදගත්ම දේ හර්ශ සිල්වා වැනි දක්ෂ පුද්ගලයන්ට නිසි තනතුරු ලබාදීමයි, එහෙම නැතිව හොරු හතලිහ එක්ක මොන ගිවිසුන් ද ? මෙන්න මේ නිසා තමයි මම මිට විරුද්ද එහෙම නැතුව මේ ටොයි බයි කතා මට සත පහක වැඩක් නෑ

      Delete
  2. මෙතුවක් කල් ටොයියෙක් ව සිටි ලන්කා සිතිවිලි තුමා හදිසියේම රූපාන්තරනය වී බයියෙක් බවට පත් වීම පිලිබඳව සින්හල බොග් අවකාසේ ලියාපදින්චි එකම බයියා වන ස ර ස තුමා ගේ බලවත් විරෝදය...

    ReplyDelete
    Replies
    1. Sa rasa තුමෝ,
      ඔබතුමා හිත්න්හිටියට මහින්ද රාජපක්ස බයියෙක් කියල ඇත්ත එක නෙමෙයි මහින්ද තමයි නියම ටොයියෙ නමුත් ඔහු බයියන් රැලක් රවටගන ඉන්න දක්ෂ උනා.
      අද ඔහුට දේශපාලනය කරන්න සිදුවෙලා තියෙන්නේ තම පවුල විසින් කරපු මහාපරිමාණ දුෂණ වසාගැනීමට උවමනා බලය ලබාගන්නයි, මයිත්‍රී කැමතියි කිසිවක් සිදු නොවූ අයුරින් මේක යටයනවාම් නමුත් ඔහුව බලයට ගෙආඅපු පිරිස සුදානම් නෑ මහින්දට සමාව දෙන්න, මයිත්‍රී, මහින්දව ආරක්ෂා කරනවා කියන්නේ මයිත්‍රී ට අදික පීඩනයක් සහ මහින්දට එල්ලවන පිලිකුල ඔහුට එල්ලවෙනවා, මේකට ඔහු කැමති නෑ.
      හොද සිහියෙන් බලන්න මහින්දගේ දුෂණ තමයි මේ මතුවන්නේ, මයිත්‍රී නොහිටින්න මහින්ද ගේ අනාගතය ඉතා අවාසනාවන්තයි.

      Delete
  3. //මයිත්‍රී නොහිටින්න මහින්ද ගේ අනාගතය ඉතා අවාසනාවන්තයි. //

    සිජ්ජ වෙලා තියෙන්නේ ඔය කියනා තත්වය නොවන බව දන්නෝ දනිති!

    වර්තමාන ගොවියා ට ලැබෙන වී මිල, දලු මිල, රබර් මිල ඉතා අඩු වෙලා කොටස් වෙලෙඳ පොල කඩාවැටෙන්නේත් මහින්ද ගේ දූශන හින්දද මේ ආන්ඩුවෙ ගොන් නොහැකියාව හින්දද?

    වී මිල රුපියල් විසි ගනන් වල තියෙද්දී හාල් මිල රුපියල් සීය ලඟ කැරකෙන්නේ මහින්ද ගෙ අමල්ලි ගේ අරලිය මෝල හින්දද?

    ReplyDelete
    Replies
    1. Sa rasa තුමෝ,

      ඔබට මතකද 2014 දෙසෙම්බර් මාසයේ හාල් කිලෝව රුපියල් 90 ට ගියා ?
      ඔබ කියන අරලිය මෝල දීර්ග කාලින ව රටේ හාල් මිල අඩුකිරීමට බාදාවක් බව ඇත්තක් නමුත් මෙසේ මිල වැඩිවෙන්නේ තනිකරම රජයේ අකාර්යක්ෂම තාවය නිසා නෙමෙයි.
      ඉදිරි මාස කීපයේ රටට ඩොලර් බිලියන 1ක් ණය පොලිය සහ වාරික ලෙස ගිවීමට සිදුවෙන්නේ රනිල් මයිත්‍රී ගත්ත ණය වලට නෙමෙයි නේද මහත්තයෝ ?
      මේ කරනලද සංවර්දනය මුදල් ජනනය කරන අංශ (හබ්බන්තොට වරාය සම්පුර්ණ නොකර මත්තල ගුවන් තොටුපොල සහ ක්‍රීඩා පිටි සදහා වැය නොකර එක විශාල වියප්ප්රුතියක් මුදල් උපයන තත්වයට ගෙනාවනම් අද මෙවැනි පීඩනයක් නෑ නේද ?) වල ආයෝජනය නොකර තනිකරම රස්තියාදුකාර විදියට වියදම් කර සිදුක්ර්ගන්නාලද අලකලංචියක් තමයි මේ.

      Delete