Friday, January 1, 2016

රනිල් වික්‍රමසිංහයන් ගේ මනස තේරුම් ගැනීම.




 
පහත දැක්වෙන්නේ මහාචර්ය Richard Wolff නමැති වාමාංශික ආර්ථිය විද්‍යාත්නයා ගේ දේශනයකුයි.



මෙය වැදගත් වන්නේ ඇමරිකානු ඉතිහාසයේ සැගවුන කොටසක් ඔහු මතුකරන නිසයි, මා මෙය නැරබිමේ දී
සිතුනේ රනිල් වික්‍රමසිංහ ඇමරිකානු ඉතිනාසය ගැන කොපමණ දැනුවත් ද යන්නයි, තව විදියකින් කිව්වොත්
රනිල් වික්‍රමසිංහ ගේ මනස දැනගැනීමටත් ඔහු ඉදිරියට කරන්න යන ප්‍රතිසංස්කරණ ගැන දැනගැනීමට උවමනා
කෙනෙකුට සිදුවෙන්නේ ඇමරිකානු ඉතිහාසය ගැන දැනගැනීමටයි.

ඉහත දේශනය පැයකට වැඩි නිසා ඔබ බොහෝ දෙනා මෙය නොබලනු ඇති, නමුත් ඔබ මෙය නැරබුවොත් මා පහත විස්තර
කරන විස්තරයට වඩා වැඩියමක් තේරුම් ගනු ඇති.

දැන් අපි මාතෘකාවට යොමුවෙමු, Richard Wolff ඇමරිකානු ඉතිහාසය ගැන කරන විස්තරයේදී ඔහු කියනවා ඇමරිකාව මුල් යුගයේ
ඉතා සශ්‍රික රටක් ව තිබුන බව, මේ රට දියුණු වීමට උවමනා එකම අඩුව වී තිබුනේ රටේ අවශ්‍ය තරමට සේවකයන් නොමැතිවීමයි, කොටසක්
අප්‍රිකානු වහලුන් යොදන අතර තව කොටසක් යුරෝපයෙන් ඇමරිකාවට ගෙන්වාගැනීමට රටේ සිටි ප්‍රාග්ධනය හිමි මිනිසුන් යොදන උපායනම් වැඩි
වේතන ලබාදෙමින් ඇමරිකාවට යුරෝපියන් ගෙන්වාගනිමයි.

මෙම ක්‍රියාවලිය නිසා ඇමරිකානු සේවකයකු ගේ වැටුප වැඩිවූ අතර වැඩි වැඩියෙන් සංක්‍රමිකයන් යුරෝපයෙන් ගෙන්වා ගැනීමට ඇමරිකාව සමත් වෙනවා.
ශතවර්ශ කීපයකින් පසු 1920 දශකය පමණ වනවිට ඇමරිකාවේ ජනගහනය අධික නගර වල රැකියා ලබාගැනීමට තරගයකට මුහුණ දෙන ඇමරිකානුවන්ට අඩු පඩියට රැකියා කිරීමට සිදු වෙනවා.

මෙසේ කාලයක් යනවිට ධනපති සුලුතරයකුත්  අඩු ආදායම් ලබන බහුතරයකුත් ඉතිරිවෙනවා මෙකාලයේ තමයි The Great Depression (1929-39)  ලෙස නම් කෙරුණ ඇමරිකාවේ විශාල ආර්ථික අවපාතය සිදුවන්නේ, මෙහිදී  Richard Wolff පෙන්වාදෙනවා අපුරුදෙයක් (මේක තමයි මා මුලින් කිව්වේ රනිල් වික්‍රමසිංහයන් ගේ මනස තේරුම් ගැනීමට ඇමරිකානු ඉතිහාසය උවමනායි කියල ) එනම් මේ කාලයේ ඇමරිකානු ජනාධිපති වන්නේ  Franklin D. Roosevelt යි.

මේ කාලයේ වාමාංශික නායකයන් ලෝකයේ අනෙක් රටවල බලවත් වූ යුගයයි, ඇමරිකානු වාමාංශික නායකයන්  ජනාධිපති Franklin D. Roosevelt මුණගැසී පවසනවා, රටේ ජනතාව පවතින දේසපාලන ක්‍රමය ගැන ජනතාව ඉතා අප්‍රසාදයෙන් පවතින බවත් මෙය නිවැරදි කිරීමට පියවර නොගත්තොත් විප්ලවයක් ඇති කරන බවටත් අනතුරු අගවනවා, මෙය සිදුකරන්නේ මිලියනයක් පමණ සාමාජිකයන් සහිත වුර්තිය සමිති වියාපරයකින් නිසා ජනාධිපති තුමා   බයට පත්වෙනවා, මොකද මෙම වාමාංශික නායකයන් පවසනවා ඔබ අපේ ඉල්ලීමට එකග නොවුනොත් ජනතා බලය යොදා ජනාධිපති කමෙන් නෙරපා දමන බව.

ධනවත් පවුලක සාමාජිකයකු වන  Franklin D. Roosevelt තම රටේ සිටින ධනවත් ප්‍රාග්ධනය හිමි වියාපාරික පිරිස අමතා කියනවා යම් විදියකින් විප්ලවයක් අතිඋනොත් ඔබල සතු සියලු සම්පත් නැතිවන බවත් මේ අර්බුදයෙන් ගැලවීමට ඔබට මුදල් සැපයීමට සිදුවන බව, මෙය ඔහු කියන්නේ මහත්වරුනි මේ මිනිසුන් මිලියන ගණනකට රැකියා නෑ, මේ නිසා රජයට නොහැකිවී තිබෙනවා බදු එකතු කිරීමට, නමුත් මට සිදුවී තිබෙනවා මේ මිනිසුන්ට කුමක් හෝ ලබාදෙන්න එසේ නොකලොත් විප්ලවයක් ඇති වෙයි, නමුත් දැන් රජයට කිසිවක් කල නොහැකියි මුදල් නැති නිසා කළහැකි එකමදෙය ඔබෙන් මුදල් ගෙන මොවුන්ට ලබාදීමයි, දැන් ඔබට රනිල් වික්‍රමසිංහයන් මතක්වුනානේද ? බලන්න වසර 90 ට වඩා පැරණි ඇමරිකානු ඉතිහාසය වික්‍රමසිංහයන් යොදාගන්න අයුරු.       


අපි මතක තබාගත යුතුයි 1917 පමණ රුසියන් විප්ලයව පවති බව, මේ නිසා කොටසක් බියට පත්වන අතර කොටසක්  Franklin D. Roosevelt සමග දැඩිලෙස උරණ වෙනවා.

මෙහි ප්‍රතිපලය වන්නේ අදාළ වාමන්ශික නායකයන්ට ජනාධිපති   Franklin D. Roosevelt කියනවා ඔබට සහන සලසනවා ඒ වෙනුවට ඔබගේ මේ විප්ලවය සම්පුර්ණයෙන් අත්හැරිය යුතු බව, මිට වාමාංශික නායකයන් එකග වෙනවා. මෙය සිදුකරන්නේ ආදායම බෙදාහැරීමට බදු ක්‍රමයක් ඇති කිරීමයි.

ඔහු සිදුකලේ වියාපාර සග ධනවතුනගෙන්  විශාල ලෙස බදු අයකිරීමයි. මෙය යොදා social security system (සමාජ ආරක්ෂණ ක්‍රමයක් ) ඇති කිරීම සිදුකරනවා, තවත් ඔහු කියනවා වයස 65 ට වැඩි සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් දෙන බව, ඔහු මෙය ලබාදෙනවා, මෙතනින් නතර නොවන ඔහු කියනවා මම unemployment compensation (රැකියාවක් නැතිවීම් නිසා කිසියම් කාලයකට ඉදිරි රැකියාව ලැබෙන තුරු වැටුපක් ) ලබාදෙනවා ඉන්පසු ඔහු අවම වැටුපක් නියම කරනවා, මිට අමතරව ඔහු කියනවා යම්විදියකින් පුද්ගලික අංශයට රැකියා ලබාදීමට නොහැකි නම් තමා ෆෙඩරල් රජය මගින් රැකියා ඇතිකරනබව ඔහු ඇතිකළ රැකියා ප්‍රමාණය  මිලියන 15ක්, මෙය සිදු කලේ රටේ පෝසත් පුද්ගලයන් ගෙන් මුදල් රැගෙනයි, 1944 දී සෑම පුද්ගලයකුගෙන් ඩොලර් 1 ගන්න විට සමාගම් වලින් ඩොලර් 1.50 ලබාහ්ගන්නලදී (මෙහිදී Richard Wolff පෙන්වාදෙනව අද වනවිට පුද්ගලයකුගෙන්  ඩොලර් 1  බදු ගන්නාවිට සමාගම් වලින් ගනු ලබන්නේ ශත 20 පමණ බව )       ජනාධිපති නියමකරන ඉහලම බදු ප්‍රමාණය වන්නේ 100%, ඉහලම ආදායම උපයන්නන් ගෙන්, එනම් ඩොලර් 25000 වසරකට උපයනවා නම් ඊට වැඩිවන සියලුම මුදල් රජයට ගන්නවා නමුත් මෙම තීරණයට කොන්ග්‍රසය  කැමතිකරවා ගැනීමට 94% දක්වා බදු ගෙවීමට එකග වෙනවා. 

මෙවැනි තීරණ ගැනීම දේසපාලන සියදිවි හානිකරගැනීමක් කිව්වත් ඇමරිකාවේ සිටින ජනප්ප්‍රිය ම ජනාධිපති  Franklin D. Roosevelt  බවයි Richard Wolff පෙන්වා දෙන්නේ.

ඉහත සදහන් ඉතිහාසය බොහෝ ඇමරිකානුවන් නොදන්නා බවයි ඔහු සදහන් කලේ, මෙහිදී   Franklin D. Roosevelt  මියගිය වහාම මෙම බලවත් සමාගම් සිදුකලේ විශාල ලෙස මුදල් යොදවා දෙසපාලනයයන් මිලදී ගැනීම සහ මාධ්‍ය මිලදී ගැනීම මගින් ජනමතය පෙරලීමයි මිට අමතරව මිට මුල් වූ වියාපාර වල දුර්වලතා  හදුනා ගෙන විනාශ කිරීම සිදු කරනවා.

දැන් 1980 වසර වනවිට මෙම සමාගම් සොයාගන්නවා  ලෝකයේ අඩු පඩියට වැඩ කරන රටවල් පවතින බව ඔවුන් සිදුකරන්නේ අදාළ වියාපාර ලෝකයේ විවිධ රටවලට ගෙනයාමයි.

මිනිසා ඇමරකානු සාමාන්‍ය මිනිසාගේ ජීවිතය අදුරු වීම ගැනයි ඔහු කතා කරන්නේ, මිට අමටරව ඔහු පෙන්වා දෙනවා චීනය බලවත් වී ඇති ආකාරය.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් වන අපට අදාළ කොටස නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගන්නා තීරණයි, මා සිතන්නේ නෑ  Franklin D. Roosevelt  ගිය මග ඔහු ගනී කියල නමුත් මා විස්වාස කරනවා ඔහු මේ උත්සාහ කරන්නේ රටේ සලකියයුතු බදු මුදලක් වියාපාර වෙත ටික කලකට නමුත් පැටවීමයි.
එසේ නැතිව මේ යන විදියට ලෝකයෙන් ණය ගැනීමට නොහැකි උනොත් අපරට විශාල අර්බුද වලට යනු ඇති.

මා දකින දෙය නම් රනිල් කියන්නේ සිංහල මිනිසකුගේ මනසින් තේරුම් ගත නොහැකි වීමට මුලික හේතුව ඔහු ගුරු කොට ගන්නේ ඇමරිකානු ඉතිහාසය සහ බටහිර සන්ස්කෘතියයි.

මෙම වැඩසටහන බැලුවනම් ඔබට තේරෙයි ඔහු ඇමරිකාවේ ඇති කාබන් කොපියක් මෙහි ඇතිකිරීමට යන බව, වෙනස නම් මෙය අද ඇමරිකවේ ඇති වාතාවරණය ගැන සිතා නෙමෙයි, ඔහු ඊට යොදාගන්නේ දශක ගනනකට පෙර දැනුමයි, නමුත් මෙය ඇමරිකාවේ තිබුන තත්වයක්.          
                     

6 comments:

  1. මෙහේ බදු ගහන්නේ මොකටද කියන දේ හොයලා බලන්න ඕන. ජනතාවට එයින් ලැබෙන දේ ගැන හොයන්න ඕන.. බජට් එකෙන් හොඳ ප්‍රොපෝසල්ස් ගොඩක් ගෙනවා. ඒවා දීර්ඝ කාලිනව හොඳ යෝජනා.. ඒත් මහ එකා අමු බයියෙක් උන් කල රටකට මොන අනාගතයක්ද...?

    ReplyDelete
    Replies
    1. මාතා,

      මේ බජට්ටුවේ ගේම් ගොඩක් තියනවා, මේ අතර ජනතාව පැත්තෙන් ගත්ත වැදගත් පියවර කීපයක් තියනවා
      මුලිකම දෙය නම් ඩිජිටල් හැදුනුම් පතක් මගින් සියලුම ආදායම් මාර්ග හදුනාගත හැකි වීම, මෙය රජය සිදුකරන්නේ සමාජවාදයට කැමති නිසා නෙමෙයි, ඉදිරියේ ලෝකයෙන් ණය ලබාගැනීම දුෂ්කර වන අතර මෙතක් කරන ලද පලදායි නොවන ආයෝජන වෙනුවෙන් ගන්නා ලද ණය ගෙවීම ආරම්භ වනවා, මිට අරමුදල් සම්පාදනය කිරීමට ඇති එකම විදිය මෙයයි. මෙය නොකලොත් ජනතා නැගිටිමකදී සියලු ගේම් අවසන් වනු ඇති.

      මට උවමනා කලේ රනිල් විසින් මේ උපක්‍රමය ඇතිවන පීඩනය අවම කිරීමට යොදන අයුරුයි.

      Delete
  2. me lipiya liyana lada pgalaya Ranil ganawath ohuge parapura ganwath ranil ithihasaye kara athi de ganath nodanna bayyek bawa pene.

    idiri masa 06 thuladi Ranilge niyama swbawaya obata penewee

    ReplyDelete
    Replies
    1. රන්සකු,

      මා දන්නා උදවිය නම් බයියෙක් බව සදහන් කලොත් හිනාවෙවී.

      කෙසේ වෙතත් රනිල්ගේ පරම්පරාව ගැන මට වැදගත් නෑ නමුත් ඔහු හිතන විදිය ඉතා වැදගත්, රනිල් කියන්නේ තනිකරම සුද්දෙක් කියල කිව්වොත් වැරදියි මොකද සාමාන්‍ය සුද්දන් සිතන විදියට නෙමෙයි ඔහු හිතන්නේ, නමුක් ඔහුට ඇත්තේ බටහිර ගැති මනසක්, ඔහු අපුරුවට Niccolò Machiavelli ගේ The Prince ග්‍රන්ථය පරිහරණය කරන බව නම් පෙනේනවා ඔහු 2002 යුගයේ කල වැරදි අද නොකිරීමෙන් මෙය පැහැදිලියි.

      රනිල් සිතන විදිය බැලුවොත් ඇමරිකාවේ අන්ත දක්ෂිනාංශික උගතුන් සිතන විදියට මදක් සමානයි.

      ඔබ ඉදිරි මාස 6 ගැන සදහන් කලා http://lankasithuwili.blogspot.com/2015/12/6.html මා මිට කලකට පෙර ලියපු ලිපිය.
      නමුත් ඔබ දැනගත යුත්තේ දැනට දශක කීපයකට පෙර හැසිරුණ දරුණු විදියට ඔහුට මෙවර හැසිරිය නොහැකියි.
      ඔහු අති දක්ෂ ලෙස මෙය දැනට තුලනය කරන බව කියන්න ඕනේ.

      Delete
  3. ඔබ විවිධ මාතෘකා කරලියට ගේනවා, හරිම වැදගත්. රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් අපේ ආර්ථිකය මෙහෙයවනවාට ඔබ මනාප නෑ වගේ. බයියොත්, ජෙප්පොත් එහෙම කරනවා, මොකද එයාලා කැමති අපේ ආර්තිකයට කෙලවෙනවාට, එතකොට එයාලාට බලයට එන්න හැකි වේ යයි එයාලා සිතන නිසා, ඔබ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      // රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් අපේ ආර්ථිකය මෙහෙයවනවාට ඔබ මනාප නෑ වගේ. //

      රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් සිටින බවනම් එකගයි! නමුත් ඔහු මෙහෙයවන්නේ ජනතාවගේ පැත්තෙන් වාසි සහගත අයුරින් නෙමෙයි, මට උවමනා වුනේ ඔහු ජනතාවට සුළු සනනයක් ලබාදෙන ගමන් තම කෝටිපති සගයන් බේරාගන්නා ආකාරය පෙන්වා දීමටයි.

      මෙහිදී ජනතාව මොඩ නම් ජනතාවට දීර්ග කාලයකදී දැඩි දුෂ්කර තාවයකට පත්වීමට සිදුවනු ඇති. නමුත් දක්ෂ ලෙස ජනතාව ක්‍රියා කලොත් ඔවුන්ට විශාල ජයග්ග්‍රහණ ලබාගත හැකිවනු අති.

      දැන් වරදවා තේරුම් ගන්න ඒපා ජනතාව දක්ෂ වෙනවා කියන්නේ පඩි වැඩි කිරීමට සහ බදු අඩු කිරීමට රජය පෙලබවිම නෙමෙයි, ජනතාව දක්ෂ වෙනවනම් ඔවුන් දිර්ග කාලයකදී තම රැකියා සුර්ක්ෂිත වන්නේ කෙසේදැයි බලනු ඇති, ඔවුන් හම්බන්තොට වරාය වැනි වරාය වල තෙල් ගබඩා කිරීමට සහ පිරිපහදු හැකියාවන් ඇති කිරීමට රජයට බලකරනු ඇති. සේතු සමුද්‍රම් වැනි මෝඩ වැඩ නැවතීමට බලකරනු ඇති.

      ප්‍රශ්නය මේ බලකිරීම කෙසේවෙතත් මේ පිළිබද අද කතිකාවක්වත් නොවීමයි.

      //බයියොත්, ජෙප්පොත් එහෙම කරනවා, මොකද එයාලා කැමති අපේ ආර්තිකයට කෙලවෙනවාට//
      ඔබ මෙතැනදී නිවැරදියි! නමුත් ඒ අර්ථයෙන් නෙමයි මම කියන්නේ.

      Delete