Wednesday, September 27, 2017

ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක වීරයෙක් ද? දුෂ්ටයෙක්ද ?



පසුගිය දිනක පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාව හදුන්වාදී ඇත්තේ මහා යුග පුරුෂයකු ලෙසයි, මෙතනින් බලන්න, අපට තවම හරි වැරදි තේරුම් ගැනීමට තවම දුෂ්කර වී අත්තේ අපේ විචාර බුද්ධියේ ඇති බලවත් අඩුව නිසයි, අපට හැකියාව නෑ කෙනෙකුගේ කතාවත් ඔහුගේ ක්‍රියාවත් අතර වෙනස තේරුම්ගන්න.

එංගලන්තයේ ලොව පිළිගත් University of Oxford වල ඉහල අධ්‍යාපනයක් ලබපු මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පර්ලිමෙතුවට ඇමතිවරයෙක් ලෙස තේරී පත්වෙලා කල්පනා කරනවා තම ඉදිරි අනාගතය ඉහල තනතුරක් වන අගමැති කම ගන්න ඕනේ නම් එක්සත් ජාතික පක්ෂයේ සිට එය කල නොහැකි බව (වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් මාද්‍යවේදියකු අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට ඇගේ ස්වාමියා කල්පනා කලේ කියල, ඇයගේ පිළිතුර වෙන්නේ ඩි එස් සේනානායක මැතිතුමා තම ස්වාමියාට අගමැති දුරය ලබාදීමට කෙනෙහිලි කම කල නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ බවයි )

මෙයින් පේනවා ඔහු කොතරම් අවස්තාවදියෙක් ද කියල ඔහු කොච්චර කපටියෙක්ද කියනවනම් ආරිය සිංහල ඇදුම අදින්නේ රටේ මිනුසුන් රවටන්නයි, ඉන්පසු ඔහු දෙසපාලකයෙක් ලෙස අඩුම වියදමක් යන ක්‍රමයක් වන ජාතිවාදය පාවිචිචි කරනවා, එනම් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි, මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට එම වර්ප්ප්‍රසාදය නැතිව යනව මෙය මනාව සිරසේ දවස වැඩසටහනට සම්බන්ද වෙමින් සිඩ්නි චන්ද්‍රසේකර මහතා මනාව පැහැදිලි කරනවා.



මෙහිදී ජෙය ශ්‍රී රංග මහතා කියනවා තමා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටින කල ජනාධිපති චන්ද්‍රිකා පැමිනිල තියනව කතාවක් පැවැත්වීමට එහිදී කතාව අතරතුර

චන්ද්‍රිකා :- එස් බි coincidence කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල අහල තියනවා

ආයි අහනනවලු      එස් බි productivity කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල ?

රංග අයිත් මතක්කරනවා අනුර බණ්ඩාරනායක මහතා විරුද්ද වෙලා තියනවා මහින්ද රාජපක්ෂ ට අගමැති කම දෙනවට එහිදී ඔහු කියල තියනවා අක්ක මහින්ද කියන්නේ street fighter කෙනෙක් ඔහුට අගමැති කම වගේ තනතුරක්  දරන්න බෑ කියල.

දැන් ටිකක් කල්පානාවෙන් බලන්න සිංහල ජාතියට අපමණ සේවයක් කිරිමයට කැපවුන  ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තම දරුවන්ව යවල තියෙන්නේ සිංහල පාසල් වලට නෙමෙයි ඉංග්‍රීසි මාද්‍ය තුලින් උගන්වන පාසල්වලට තම දරුවන් යවන අතර රටේ පොදු දරුවන්ට ලැබෙමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකිරීමයි කරලා තියෙන්නේ,



භාෂා ප්‍රශ්නයේදී සිංහල  භාෂාව රජ බස කල ඔහු බලයට එනවිට රහසින් දෙමල පක්ෂ සමග ගිවිසුමක් ගසනවා දෙමල භාෂාවට නිසි තැන දෙන්න, නමුත් ඔහු අවංක දෙසපලකයකු නම් ජනතාව ඉදිරියේ තමා කරන්න යන දේ කියල බලය ලබාගන්න තිබුන ඔහු එසේ නොකර කරපු දෙයින් වෙන්නේ මොකද්ද ?
සිංහල ජනයා විරුද්ද වෙනවිට අදාළ ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දමිමයි.

එතනින් නතර නොවෙන ඔහු බෞද්ධ ස්වාමින් වහන්සේලා රාජ්‍ය සේවකයෝ බවට පත්කරන්නේ ගුරුවරුන් ලෙස මුදල් ලබන පිරිසක් කිරීමට අවසර දීම   මගින්.

ඔහු කරන ලද වැඩවලින් වසර 30 කට වැඩි යුද්ධයක් අතිවීමට අමතරව බෞද්ධ සංස්කෘතියටත් සිදු වුයේ හානියක් බව තේරුම් ගැනීමට අදත් මිනිසුන්ට අපහසු වීම නම් කණගාටුදායක දෙයකි.

9 comments:

  1. වීරයෝ දුෂ්ඨයෝ වනවා සේම, දුෂ්ඨයෝ පසුව වීරයෝ වෙති!

    ReplyDelete
    Replies
    1. හරියට සරත් ෆොන්සේකා වගේ!




      ලිඛිතා,
      එදා සිංහලයන්ට සරත් ෆොන්සේකා වීරයෙක් නමුත් අද දුෂ්ඨයෙක් එකට හේතුව ඔහුගේම ක්‍රියාවයි.
      අද සරත් ෆොන්සේකා LTTE ඩයස්පෝරාවට වීරයෙක් නමුත් සිංහලයන්ට දුෂ්ඨයෙක් එකෙත් වරද ඔහුගේම තමයි !

      Delete
    2. සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි.. අපේ දේශපාලන ඉතිහාසය තුල ඉන්න 99.99%ක්ම ඒ වගේ තමයි. ඒ අතරේ එක්කෙනෙක් වෙනුවෙන් විතරක් කතාකරන්න බැහැනේ...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. AnonymousSeptember 27, 2017 at 6:40 AM,

      අදහස් ප්‍රකාශ කිරීමේදී සිලාචරව අදහස් ඉදිරිපත් කරන්න පුද්ගල අපහාස වලට මේ අඩවිය ඉඩදෙනු නොලැබේ.

      Delete
  2. ඔහු ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් නේ. මෝඩ මිනිස්සු රවටලා චන්දෙ ගන්න කරපු ගැලරි ප්‍රතිපත්ති ඔහු ජීවත්ව සෑහෙන කාලයක් බලයේ හිටියනම් ක්‍රමයෙන් වෙනස් කරන්න තිබුනා නේද?
    ඔහුගේ අකල් මරණයෙන් පසු ආ ආවේග මත අනුප්‍රාප්තිකයින් මගින් ඔහු ගේ ඔක්කොම ප්‍රතිපත්ති දේවත්වයෙන් සලකලා ක්‍රියාත්මක වුන එක නිසා වරදින්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      //ඔහු ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් නේ.//

      එක තමයි ප්‍රශ්නය.

      //මෝඩ මිනිස්සු රවටලා චන්දෙ ගන්න කරපු ගැලරි ප්‍රතිපත්ති ඔහු ජීවත්ව සෑහෙන කාලයක් බලයේ හිටියනම් ක්‍රමයෙන් වෙනස් කරන්න තිබුනා නේද?//
      ඔහු මෝඩ මිනිසුන් රවටල පසුව නිවැරදි කරන්න හිතන් හිටියනම් ඔහුට එතෙක් දිලිදු පාසල් වල දරුවන්ට උගන්වමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය දිගටම දෙන්න තිබුන නමුත් සිදුඋනේ එතෙක් ක්‍රමිකව පැවති ක්‍රමයත් විනාශ වීමයි.

      ඔහු විතරක් නෙමෙයි ඔහුගේ බිරිද වන සිරිමාවෝ බණ්ඩාරනායක ගේ කාලයේ තමයි රාජ්‍ය සේවයට දෙසපාලුවන් ට ඇගිලි ගහන්න පුළුවන් ක්‍රමය හැදුවේ ඊට මුල්වුණේ කොල්වින් ආර් ද සිල්වා කියන රටම ප්‍රසිද්ධ නීතිඥ වරයා. මේ වගේ බුද්ධිමත් මිනිසුන් තමයි මේ රට විනාශ කරන ක්‍රමයේ අත්තිවාරම දැම්මේ.

      හැමවිටම බලන්න ඕනේ මිනිසුන්ගේ කතාවත් ඔවුන්ගේ ක්‍රියාවත් දිහා, ඔබ ටිකක් බලන්න සිංහල අද්‍යාපනය ගැන පුදුම කැක්කුමෙන් කතාකරන මිනිසුන්ගේ දරුවන් බොහෝවිට බටහිර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබන අයයි.

      ස්වාමින් වහන්සේලාට ගුරුපත්වීම ලබාදීම ගැන ඉල්ලීම කරන්නේ w දහනායක මහතා විසින් නමුත් එවීට බණ්ඩාරනායක මහතා කියල තියෙන්නේ "ගොය්යෝ මේ වැඩෙන් උබටයි මටයි දෙන්නටම අපායේ යන්නයි වෙන්නේ " මේ නිසා ඔහු දැනසිටිය මෙයින් වෙන්නේ මොකද්ද කියල, ඔබ කියනවා වගේ ඔහු මෝඩයෙක් නෙමෙයි, හැබැයි එක දෙයක් කියන්න ඕනේ ඔහුට උවමනා උනේ ධනය එකතුකිරීමට වඩා කිර්තියත් බලයත් එකතු කිරීමයි.

      Delete
  3. මේ කථාවට එකඟයි. මේකෙන් පොඩ්ඩක් එහාට ගියොත් ඩී.එස් සේනානායක ගෙන් පසුව එයාගෙ පුතාට නායකකම දෙන්න ගිය එකේ ප්‍රතිඵලයක් තමයි මේක.

    එක්සත් ජාතික කියල හැදුව පක්ෂය හැම ජාතියකටම ඇතුලත් වෙන්න පුළුවන්ව තිබ්බ පක්ෂයක්. ඒක තමයි ෆෙඩරල්වාදී චෙල්වනායගම්ට විරුද්ධව තිබ්බ පක්ෂය. එවක ජාතිවාදී නොවුන දෙමල ජනයා හිටියෙ එ.ජා.පෙ එක්ක. ඊට පස්සෙ තමන්ගේ අභිවෘද්ධියට බණ්ඩාරණායක ගේ ආර්ත්මාර්ථකාමී ක්‍රියාවක් තමයි සිංහල ජනයාගෙ ඡන්ද ගන්න අළුත් පක්ෂය හැදුවෙ. ඊට අමතරව එල්ලෙන්න වැලක් විදිහට තමයි එතකොට ලෝකයේ පැතිරෙමින් තිබ්බ සමාජවාදය අමුණගෙන එතකොට පොහොසත් රටක් වුණ ලංකාව විනාස කලේ. ඊට කලින් සමාජවාදය ගැන කථාකරපු ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයට කල නොහැකිවූ දේ සිංහල ජාතිවාදයට අමුණලා ජනසතුකරණ වගේ පෞද්ගලික අයෝජන රජයට අරගෙන කාබාසිනියා කලේ.

    එයාගේ නෝනා හරහා ආපු ඉඩම් සීමාකරණයෙන් සිංහල ධනපති පන්තියත් විනාස කරල දැම්ම.

    ReplyDelete
  4. ඉයන්,

    හරියට හරි, මේ රටේ ජාතිකත්වය ඉදිරියට ගෙනල්ල මේ පවුල රටේ මිනිසුන් රවට්ටපු බව අදත් තේරුම් ගැන ඉන්නේ කියෙන් කී දෙනාද ?
    කියනකොටනම් හොහොමද බණ්ඩාරනායක ශ්‍රීමතානෝ, මම බණ්ඩාරනායකට වඩා කළු සුද්දෙක් ලෙස අර්ථ දක්වන ජෝන් කොතලාවල මහතාට ගරු කරනවා, බොහෝදෙනා නොදන්නවා උනාට ඔහු තමයි ත්‍රිපිටකය සිංහල ප්‍රරිවර්තනය කිරීමට රජයක් ලෙස ආධාර කලේ, 1989 දශකය දක්වා මේ ක්‍රියාවලිය දික්වෙනවා.

    ReplyDelete