Monday, September 18, 2017

කලූ සල්ලි සුදු කිරීමේ නිතියානුකූල ක්‍රමය.



දැනට සමාජයේ වෙන දේවල් කල්පනා කරමින් සිටින විට මේ ක්‍රමය ගැන මට කල්පනා උනා, කනගාටුවට කරුණ නම් ලංකික වන මට මේ ක්‍රමයේ නිර්මාතෘ වීමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්න බැරි වී තිබෙන්නේ මෙය මුලින්ම  සොයාගැනීමේ ගවුරවය හිමිවන්නේ වෙනකෙනෙකුට නිසයි, නමුත් මෙය සොයාගත් වෙනකෙනා මේ ලාංකික ට ආර්ථික විද්‍යාව  දශක දෙකකට පෙර උගන්වන ලද ගුරු දේවයෙක් වීම නිසා සියුම් ආඩම්බරයක් හටගනී.

වටේ නොගිහින් දැන් මාතෘකාවට එමු, ලෝකයේ වගේම අපේ රටෙත් යම් පුද්ගලයකුට මුදලක් ලැබී ඇත්නම් අදාළ මුදල උපයන ලද ක්‍රමය නිසි අවස්ථාවල පෙන්වා දිය හැකි විය යුතුය, නමුත් අද ශ්‍රී ලංකාවේ මම දකින තරමට ලෝකයේ බොහෝ රටවල ධනපතියන්ට සමාන ධනයක් තියන මිනිසුන් සිටියත් අදාළ ධනය තමා කැමති විදියට වියදම් කල නොහැකි වී ඇත්තේ අදාළ මුදල උපයන ලද ආකාරය පෙන්වන්න බැරි කමයි, යම් විදියකින් තමා රුචි පරිධි අදාළ මුදල් වියදම් කිරීමට ගියොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොටු වීමට වැඩි කලක් ගත නොවෙයි.

පසුගිය සති කීපයේදී මේ ප්‍රශ්නය මනාව නිරාකරණය කල හැකි ක්‍රමයක් මගේ ගුරු  බන්දුල ගුනවද්දනයන් විසින් හෙළිකරන ලදී. දැන් නිතිය දන්නා උතුමන් මට පහත විස්තර කරන්න යන ක්‍රමය නීති විරෝදී බව ඔප්පු කරන්නේ කෙසේදැයි පවසත් වා.

ඔබ හිතන්න ඔබට රුපියල් කොටි 100 තිබෙනවා මෙය ඔබට නිතියානුකුල මුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ නම් මුලින්ම ඔබ නමින් පුණ්‍යාධාර  පදනමක් විවුර්ත කරන්න, ඉන්පසු ඔබ හිතවත් සීලය ගැන කිසිම අවබෝදයක් නැතත් ආර්ථිකය ගැන අවබෝදයක් ඇති භක්ෂුන් වහන්සේලා කීපනමක් පාරේ මුදල් සම්මාදන් කිරීමට යැවීමයි කලයුතු, ඉන්පසු අදාළ පන්සලේ නායක ස්වාමින් වහන්සේට රුපියල් ලක්ෂ 5 වැනි මුදලක් දී ඉතිරු කොටි 99.95 ඔබේ පදනමට බැර කිරීම මහින් සත 5ක බද්දක් නොගෙවා විශාල කළු මුදලක්  සුදුකිරිම කළහැකි වනු ඇති.

මෙවැනි ක්‍රමයක් මගින් මුදල් විසුද්ධිකරණය ට අධාල කිසිම නීතියකින් දඩුවම් කල නොහැකි වන්නේ මෙමුදල ඔබවහන්සේලාට ලැබුනේ කෙසේදැයි ඇසුවහම මෙය ශ්‍රද්ධාවත් මිනිසුන් අපේ පාත්‍රා වලට දමාගියා (අර අලිපැටියා පන්සලේ දමාගියා ) කිව්වා වගේ නිදහසට කරුණු  දැක්විය  හැකි අතර අදාල නිලදාරීන් නිරුත්තර වනු ඇති,  මෙසේ ලබාගත් මුදල් ඔබට කැමති දෙයක් මිලදීගැනීමට යොදවන්න හැකි වෙයි.

ඉදිරි අවුරුදු කිපයේ විවිද පුද්ගලයන් මේ ක්‍රමය පාවිච්චි කිරීම පටන්ගත්තාම අපේ වගකිවයුතු නායක ස්වාමින් වහන්සේලාට ඇති මහජන ගරුත්වය සිදියාමත්  තමන්ට ලැබෙන ලාබ සත්කාර අඩුවීමත් සිදුවෙන විට ස්වාමින්වහන්සේලා සම්මාදමේ යැවීමට විරුද්දව ඉදිරියට එනු ඇති, එවිට මේසේ කරන  ස්වාමින් වහන්සේලා කියයි ඇයි දැන් මේගැන විරුද්ද වෙන්නේ? බන්දුල ගුනවද්දනයන් මෙය පටන්ගත්ත වෙලාවේ ඔබවහන්සේලා කොහෙද හිටියේ කියල ?

බුදුරජානන් වහන්සේ සදහන් කරනවා මුදල් පරිහරණය කරන කෙනා පංච කාමයම පරිහරණය කරන බව.
ස්වාමින් වහන්සේ නමක් මද්‍යාන 12.00 පෙර පිණ්ඩපාතයේ යනවනම් මිනිසුන්ට ආහාර පුජා කළහැකි අතර මද්‍යාන 12.00  පසු පත්‍රය රැගෙන යනවනම් සිනි තේකොල හෝ තෙල් වැනි පන්සලට ප්‍රයෝජනවත් දෙයක් පුජාකළ හැකි උනත් කිසිවිටක මුදල් පුජකිරිම සුදුසු නොවෙයි.
වසර 2500 පෙර ස්වාමින්වහන්සේලට පනවන ලද නීති අතර රටේ නීතියට කිකරුවිමත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ලෝකයේ ප්‍රයෝගිකම දහම බුදුදහම නිසයි.  
           

2 comments: