Friday, March 31, 2017

හම්බන්තොට වරාය කියන්නේ මොකද්ද ?

මම හිතාගෙන සිටියේ Lionbridge මගින් Google ආයතනයේ මට ලැබුන අද්දැකීමක් ලියන්න , එම ලිපිය ටිකක් දීර්ග ලෙස ලිවීමට සිදුවෙනවා මොකද පෙන්වාදෙන්න ඕනේ කොහොමද අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් ප්‍රායෝගිකව පරිපාලනය කරන්නේ කියන කාරණය. , මිට මගේ බ්ලොග් අඩවිය කියවන කෙනෙකුත් ඉල්ලා සිටිය. මම හිතං හිටියේ එම ලිපිය ලියන්න උනත් ඉට වඩා වැදගත් ලිපියක් ලිවියයුතුයි කියල මට හිතුන. මේ සතිය ඇතුලත් Lionbridge  ගැන ලිපිය ලියන්නම්.

    දැන් මම හිතන්නේ අපි රටක් ලෙස අවදානය යොමුවිය යුතු වැදගත්ම දෙයක් ගැන සිතිය යුතුයි ඒ තමයි හම්බන්තොට වරාය, ඉතා ඉක්මනින් මෙය ශ්‍රී ලංකාවට නැතිවෙනවා කියන දේ අපේ මිනිසුන්ට තවම තේරිලා නෑ.

මුලින් මෙහි ඇති වැදගත්කම බලමු. මෙය පිගිටල තියෙන්නේ ඉන්දියන් සාගරයේ ක්ර්යබහුලම තැනක. ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකියයුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් නමුත් තවම මේ වරායෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙන්නේ මම හිතන්නේ පාලකයන්ට උවමනා කරනවා මෙය අලාබ ලබන සුදු අලියෙක් ලෙස පෙන්වල හැකි ඉක්මනින් විකුණලා අතිවිශාල කොමිස් කුට්ටියක් තම සාක්කු වලට දමාගන්න.

දැන් පිගිටීම බලමු    


දැන් ඔබට මෙමගින් පේනවා වගේ මෙතෙක් සිංගප්පුරුවට ලැබුන වැදගත්කම තයිලන්තයේ ක්‍රාඇල මගින් නැතිවෙනවා (Kra Canal) ඉන්පසු ශ්‍රී ලංකාව පසුකල පසු වරාය පහසුකම් සදහා තායිලන්තයේ තමයි මුලික වෙන්නේ.

ශ්‍රී ලංකාවට මේ නිසා ස්වර්ණමය  අවස්තාවක් තමයි ලැබිල තියෙන්නේ ඒ වගේම ඉතා අනතුරු දායක තත්වයක තමයි අපි ඉන්නේ, අනතුර කියන්නේ ශ්‍රී ලංකාව විශාල මුල්‍ය අර්බුදයක සිටිනවා මෙයින් තාවකාලිකව ගොඩඑන්න හම්බන්තොට වරාය චීනයට විකුනන්න තමයි යෝජනා වෙන්නේ.

දැන් අපි පොඩ්ඩක් හම්බන්තොට වරාය ඉතාම විශාල ලෙස පහසුකම් සහිත දියුණු වරායක් වෙනවනම් සිදුවෙන්නේ මොකද්ද කියල බලමු

01. හම්බන්තොට වරාය චීනය ලබාගත්තට පසු ඔවුන් විශාල ලෙස දියුණු කරයි, එහෙම වෙනවනම් මුලින්ම වෙන්නේ වෙන මුක්ක් වත් නෙමෙයි කොලබ වරාය බංකොලොත් වීමයි, යම්විදියකින් කොලබ වරාය නැවත ආර්ථික ලෙස ස්තාවර වෙන්නේ හම්බන්තොට වරාය තමන්ගේ මුළු ධාරිතාවෙන් වැඩකරන විට පමණයි.

02. මෙය චීනය ලබාගැනීම නිසා ආර්ථිකයට නරකම වෙනවා කියන්න බෑ නමුත් අපි මේ දෙන්න හදන්නේ ඉතා සැලකියයුතු මුදලකින් ක්‍රියාකාරී තත්වයට පත්කර ජාතියට අතිවිශාල ධනයක් නිපදවන්න පුළුවන් ආයතනයක් බව බොහෝදෙනා දැනුවත් වී නෑ

ටිකක් කල්පනාකලොත් මහබැංකු ගනුදෙනුවෙන් ශ්‍රී ලාකා රජයට වුන පාඩුව අපි මේ වරායේ තෙල්පිරිපහදු සහ ටැංකි ඉදිකිරීමට යෙදුවනම් මේ වෙනකොටත් අතිවිශාල ආදායමක් ජනනය කරන්න තිබුන.

මේ රජය ට උවමනා වෙලා තියෙන්නේ නැවත නැවතත් මේ වරාය පාඩු ලබන බව පෙන්වල චීනයට විකිණීමයි, මෙහිදී අපුරු සෙල්ලම් තියනවා ඔබ දකින්න ඇති අර්ජුන රණතුංග මිට විරෝදය පලකලා, මෙය සිදුවෙන්නේ රටට ආදරය නිසා බව බොහෝදෙනාට පෙනුනත් මෙව තුල තියෙන්නේ තමන්ගේ කොමිස් මුදල වැඩිකිරීම මිසක් වෙන මුකුත් නෙමෙයි.

මම එහෙම කියන්නේ ඇයි ? සියුම්ව කල්පනා කරන්න ඔහු කියන්නේ නෑ තෙල් පිරිපහදු අතිකර වරාය දියුණු කිරීම ගැන ඔහු මෙතන කරන්නේ නහයෙන් අඩන එකයි මේ අඩන වාරයක් ගානේ තම කොමිස් කුට්ටිය වැඩිවෙනවා.

මම මහින්ද ව දැඩිලෙස විවේචනය කරලා තියනවා නමුත්  මම මහින්ද පරදින්න ඉස්සරත් කිව්වා ඔහු කරපු හොදම දේ මේ වරාය ගොඩනැගීම තමයි කියල        

බුද්ධියක් තියන කෙනෙකුට ඔය පෙන සිතියම දැක්කම මම කියන දේ තේරුම් යයි කියල මට හිතෙනවා 

ජනතාව හාම්පුතුන් වියහැකිව සිටියදී වහල් සේවය තෝරාගන්නවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් වහලුන් උනත් මේ ගනුදෙනුව නිසා කෙටිකලකින් අපට ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් නේද සහ චීනය විසින් හම්බන්තොට විවුර්ත කරන වියාපර වලින් අපටත් යමක් ලැබෙයි නේද කියන දේ ආර්ථික ඔස්ත්ර් ල අපට කියල දෙයි. 

ඔව් එක ඇත්ත තමයි එක විදියකින්, මොකද රටට සැබෑ ලෙස ආදරය කරන දෙසපාලකයන් නෑ, මෙවැනි ධනනිදානයකින් ප්‍රයෝජන ගන්න ශක්තිමත් අවංක දෙසපාලකයන් සහ දක්ශ නිලදාරීන් වගේම හොද තානාපති සේවයක්  උවමනා කරනවා, මෙවැනි පුද්ගලයන් නැත්නම් කළහැකි දේ තුට්ටු දෙකට විකිණීමයි.

අපි මතක තියාගන්න ඕනේ මේ විකුනන්නේ වරායක් පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ආර්ථික මර්මස්තානයක්, මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ  

අලුත් එකතු කිරීම :- http://www.divaina.com/2017/04/01/news26.html

මෙහෙම වෙන රටක හම්බන්තොට ගැන කවර කතාද

15 comments:

  1. මම හිතනවා මේක දෙගොල්ලන්ටම වාසිදායක ගිවිසුමකින් චීනයට හරි වෙන කාට හරි දෙන එක හොඳයි කියලා.නැතිනම් මොකද වෙන්නේ දැන් කොලඹ වරායට වගේ දේශපාලකයෝ තමන්ගේ හෙන්චයියලා පුරෝලා ඕක නැති කරලා දානවා.අපිට කළමනාකරණය කරන්න බැරි දේවල් කරන්න පුළුවන් අයට දීලා දානා එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. Manoj,
      සිංගප්පුරුවේ කරලා තියන්නේ රජයේ ආයතනයට දක්ෂ පුද්ගලයන් පත්කර ගැනීමයි මෙය කොච්චර දියුණුද කියනවනම් ලෝකයේ වරායවල් 9ක් පාලනය කරන්නේ සිංගප්පුරුවයි.

      රජයට ඕනේ නම් පුළුවන් කළමනාකාරිත්වය පුද්ගලික අංශයට දෙන්න ටෙලිකොම් වල උනෙත් ඒකයි, නමුත් දැන් ප්‍රශ්නය තියෙන්නේ එක නෙමෙයි මෙය විකිණීමෙන් (අරුරුදු 90 ට වෙනරටකට බදුදෙනවා කියන්නේ විකුනනවා තමයි ) අදාළ මුදල් සොයාගැනීමයි

      Delete
  2. ලාංකික සිතුවිලි,

    හොඳ පෝස්ටුවක්, මීට පිළිතුරක් පසුව ලියන්නම්. නමුත් පැරාගේ බ්ලොගයේ ඔබ දැමූ කමෙන්ටුවට උත්තරය මෙහි නැවත සටහන් කරන්නේ පැරා වැනි රජයේ කුලී ලියන්නකු මෙය කපා දමාවි යැයි බිය නිසයි.

    //ඇත්තටම ලාංකික සිතුවිලි ඔය "දෙමළ ජනයාට දෙමල වීම නිසාම තියෙනවයි කියන ප්‍රශ්න" කියන එකත් තනිකර මායාකාරී ප්‍රෝඩාවක්. ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන් උනත් ඒවා අතිශයෝක්තියෙන් පුම්බා මහා බිල්ලෙක් මවා තිබේ. නමුත් ඇත්තටම ගැඹුරෙන් සලකා බලද්දි ඇති දෙයක් නැහැ.

    මේකත් හරියට සුද්දා ලංකාව පාලනය කල සමය "අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිංහල බෞද්ධ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වුණා" කියන පට්ට පල් බොරුව වගේ. සුද්දා ලාංකිකයන්ට ප්‍රාජාතන්ත්‍රවාදය, වඩා සාධාරණ නීති, අධිකරණ ක්‍රමයක්, උපත මත පදනම් වූ කුලභේද ජාතිබේද නොමැති ක්‍රමයක්, හොඳ අධ්‍යාපනයක්, බටහිර රෝහල් සහ හොඳ සෞඛ්ය පුරුදු, නවීන පහසුකම්වලින් සමන්විත රටක් සහ ජාත්‍යන්තර සබඳතා අපට ලබා දුන්නා. නමුත් අපි 1948න් පසු ගොස් තිබෙන්නේ ආපස්සට, ඉතින් නිදහස සමරා ඇති ඵලය කිම?

    ඉංග්‍රීසි පාලන යුගයේදී උතුරේ දමිළ ජාතිකයින් වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ලබාගත් අතර ඒවා ඉත කාර්යක්ෂම මෙන්ම සටකපට සහ වර්ගවාදී ලෙස යොදාගනිමින් ඔවුන් ප්‍රබල ජනකොටසක් ලෙස සෙසු ජනවර්ග පසුකරමින් වර්ධනය කරගත්තා. නමුත් ක්‍රමක්‍රමයෙන් 1880-1930 පමණ කාලයේ පැවති සිංහල බෞද්ධ පුනරුදයත් සමග සිංහලයෝද ජාතිවාදී පදනමින් වර්ධනය වෙමින් මීට අභියෝග එල්ල කලා. 1931 සර්වජන ඡන්ද පදනම සහ සිංහල ජාතිවාදී ව්‍යාපාරවල නැගීඑන බලය හමුවේ ඔවුන් උපක්‍රමශීලීව ගොඩනගාගත් වර්ගවාදී බලය පිරිහෙනු දුටු ඔවුන් මුලින්ම 1947 දී 50-50 (පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 50% තනිකර උතුරේ දමිළයින්ටත් ඉතුරු 50% අන් ජනවර්ගවලටත් ඉල්ලා සිටියා.) කෙසේ නමුත් ඒ වෙනුවට වෙනම රාජ්‍යක් හෝ කැනඩාවේ ක්විබෙක් මෙන් ස්වයං පාලනයක් ඉල්ලීමට තරම් උතුරේ දමිළ නායකයින් බුද්ධිමත් වූවා නම් එකල ඔවුන්ට එය බොහෝ දුරට ලැබෙන්නට තිබුණා බ්‍රිතාන්‍යයින්ගෙන්.

    පසුව දිගින් දිගටම උතුරේ දමිළ ජාතිවාදය පමණක් වැපිරූ දමිළ දේශපාලුවන් 1970දී නිදහස් පක්ෂය සමග එකව යාපනය නගරයට විශාල සේවයක් කළ යාපන නගරාධිපති "ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා" මහතාව ඝාතනය කළේ එවකට තරුණ ජාතිවාදී මදාවියෙකු වූ "වේළුපිළ්ළෛ පිරපාහරන්" ලවායි. ඒ ඔහු උතුර දකුණ යාකරන පාලමක් වීම වලකන්නටයි. 1970 දහකය යාපන වැසියන්ගේ ඉතා සමෘධිමත් යුගයක්. ඇත්තෙන්ම දුරෛයප්පා මහතා වැනි දක්ෂ දකුණේ සහාය ගෙන උතුර වැඩිදියුණු කළ හැකි ජනතාවාදී නායකයින් උතුරෙන් බිහිවීමෙන් පමණක මේ ප්‍රශනය විසඳිය හැකියි. රාජපක්ෂ කල්ලිය නොකළෙත් ඒකයි. විනයාහමූර්දි මුරලිතරන් හෙවත් කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්දා, කුමාරන් පත්මනාතන් වැනි ජඩයින් වෙනුවට බුද්ධිමත් දක්ෂ කාර්යශූර දේශපාලන නායකයෙක් උතුරට හඳුන්වාදුන්නානම් මේ කාලකණ්ණි ජඩයින් උතුරට කරන හානිය වැලැක්වීම මෙන්ම උතුරේ ජනයාට සැබෑ සංවර්ධනයක් ලබාදීමට තිබුණා.

    උතුරේ උමා මහේසුවරන්ගේ සිට පිරපාහරන් ඇතුලු සටන්කාමීන් සාර්ථක කැරලක් කළ හැකි යැයි විශ්වාසය ගොඩනගා ගත්තේ දකුණේ විජේවීර ගේ 1971 කැරැල්ල දැකීමෙනුයි. මේ නිසා උතුරේ හොරබඩු ජාවාරමෙන් යැපුනු පාතාල පිරිසක් එක්ව උතුරේ ජාතිවාදී ප්‍රචාර සහ 1983 අවාසනාවන්ත කලු ජූලිය දඩමීමා කරගෙන ගහපු කැරැල්ලක් තමයි උතුරේ අරගලය. යුධමය වශයෙන් ඔවුන් විජේවීරට වඩා බෙහෙවින් සාර්ථක වූ අතරම ඉන්දියාව ඇතුළු විදෙස් සහය ලබාගැනීම අතින් ඉතා ඉදිරියෙන් සිටියා.//

    මේ පිළිබඳ ලාංකික සිතුවිලිගේ මතය දැනගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
  3. ගෝත්‍රිකයෝ ඉන්න තාක් මේ රට හදන්න බෑ. රටේ මෝඩ ගෝත්‍රික හැත්ත ඕකුන්ව පන්නලා රටේ වටිනා කියන ඉඩම්, දේපොල, ඛනිජ නිධි ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට විකිණිය යුතුයි.

    අනෙක උතුර නිකන් තියාගෙන ඉන්නවට වඩා හොද නැද්ද ඉන්දියාවට ඩොලර් බිලියන්යනයකට විකුණන එක. අපිට හොද ගානක් හම්බෙනවා, හොදට කාලා ඇදලා ඉන්න පුලුවනි තව අවුරුදු 2-3ක් ගේමක් නැතිව ශපාන් එකේ. රනිල් වික්‍රමසිංහ වැනි උගත් බුද්ධිමත් වැදගත් නායකයෙක්ට රටේ 2/3 බලයක් තිබෙන නිසා ඕවා විකුණා දමා කාලකණ්ණි මළපෙරේත හොර මරාගේ ණය උගුලෙන් රට බේරා දෙනු නිසැකය.

    ReplyDelete
  4. ඇත්තටම ඇනෝ,

    ඔබේ කියනදේ සමග බොහෝදුරට එකගයි, නමුත් {ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන්} ගැන කිව්වම 1971 මැතිනිය විසින් දිස්ත්‍රික් කොටා ක්‍රමය නිසා යාපනයේ බොහෝ සිසුන්ට විශ්වවිද්‍යාල අද්‍යාපනය නැතිවුනා, නමුත් මෙහි විශාලම පාඩුව උනේ කොලබ වැනි නගරවල සිටින සිංහල සිසුන්ටයි මොකද වැඩිම ගම්බද සිසුන් අඩු ලකුණු ගෙන විශ්ව විද්‍යාල වලට එනකොට කොලබ සහ නගරවල වැඩි ලකුණු ගත් සිංහල සිසුන්ට එම අවස්තාව නැතිවුනා, කෙසේ වෙතත් ප්‍රායෝගිකව සිදුවුනේ මෙය දෙමල ජනයාට වූ අසාරරනයක් ලෙස පෙන්වාදීමයි.

    දෙමල දෙසපලකයන් දසක ගණනක් සිට ජනතාවට සේවය කිරීමට කිසිම පළපුරුද්දක් නෑ, තියන එකම දක්ෂකම ජාතිවාදය අවුළුවා බලය ගැනීමයි, මේකයි මම කිව්වේ උතුරු පළාත් සබාව කිසිවක් කර නැති බව.

    අවන්කවම බැලුවොත් දෙමල වීම නිසා ම කිසිම අසාදාරනයක් වී නෑ, ඇත්තටම සියල්ල වෙන්නේ සිංහලෙන් කිවත් අදත් ශ්‍රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය භාෂාව ඉංග්‍රීසි, අද්‍යාපනය ලබන විද්‍යා විද්යාව ඉංජිනේරු ආදී අංශ ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි වලින්.

    මම ඉංග්‍රීසි භාෂාව ට අකමැති නෑ මම පුද්ගලිකව සිතනවා ඉංග්‍රීසි භාෂාව මුලික භාෂාවක් උනානම් ලෝකය සමග ගනුදෙනු අපට පහසුවෙන්න තිබුන.

    සරලව කිව්වොත් දෙමල ජාතිකයට දෙමල වීම නිසා කිසිම අසාදාරනයක් වෙලා නෑ කියන තර්කය බැලුවහම 1983 විශාලම හානිය උනේ දෙමල ජනයාට ඔවුන් ගේ ධනය සොරකම් කලේ සිංහල මංකොල්ලකාරී කල්ලි විසින් (මේවා රජය විසින් කලබව කියනවා ) නමුත් අපි අවංකව හිතන්න ඕනේ කිසිම පුද්ගලයකු මෙතෙක් වැරදි කරු වෙලා නෑ නේද ?

    නමුත් රජයක් විදියට සහ සිංහල මිනිසුන් විදියට දෙමල මිනිසුන් පාගා දැමීමක් නොකළ බව සාදරනව බලනවිට පේනවා. සිදුවුනේ දෙමල දේසපාලුවන් ජාතිවාදය වපුරවා තම ජනතාව බිල්ලට දීමයි, ඔවුන් එදා කලෙත් අද කරන්නෙත් එකයි.

    දෙමල ජනතාව ඔවුන්ගේ කුලක්‍රමය මගින් අදත් තමන්ගේම මිනිසුන් පාගාදමන බව බොහෝදෙනා දන්නේ නෑ දන්නා අයත් නොදන්නවා වගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලාංකික,

      ඇත්තෙන්ම උතුරේත් දක්ෂ ජාතිවාදී නොවූ ක්‍රියාශීලී ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා වැනි දේශපාලකයින් සිටියා, නමුත් කිසිදු වැඩක් බැරි උසස් යැයි සම්මත කුලවල ප්‍රභූ දෙශපාලුවන් දමිල ජාතිවාදී වර්ගවාදය අවුස්සමින් සිංහලයා දෙමළ ලේ බොන රාක්ෂසයකු මෙන් පෙන්වමින් කිසිදු වැඩක් නොකර සිය තනතුරු පමණක් රැකගෙන දස දහස් ගණන් අහිංසක දමිළයින් වලපල්ලට ගෙනයෑමට මුල් වූවා.

      Delete
  5. //මම හිතාගෙන සිටියේ Lionbridge මගින් Google ආයතනයේ මට ලැබුන අද්දැකීමක් ලියන්න , එම ලිපිය ටිකක් දීර්ග ලෙස ලිවීමට සිදුවෙනවා මොකද පෙන්වාදෙන්න ඕනේ කොහොමද අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් ප්‍රායෝගිකව පරිපාලනය කරන්නේ කියන කාරණය. , මිට මගේ බ්ලොග් අඩවිය කියවන කෙනෙකුත් ඉල්ලා සිටිය. මම හිතං හිටියේ එම ලිපිය ලියන්න උනත් ඉට වඩා වැදගත් ලිපියක් ලිවියයුතුයි කියල මට හිතුන. මේ සතිය ඇතුලත් Lionbridge ගැන ලිපිය ලියන්නම්.//

    බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි මිතුර. මේ ඉල්ලීම කළේ මායි. ඇත්තටම බ්ලොග් වල සංවාද විය යුතු වැදගත් කරුණු මේවායි. නැතුව සම්මාන කියමින් දේශපාලුවන්ගේ අණ්ඩ-කෝෂ චූෂක තක්කඩියන් බ්ලොග්කරුවන් කඩේ යවා තමුන්ගේ ගාන කපාගැනීමත් ඔවුන් හා දේශපාලනික ප්‍රතිවිරුද්ධ වෙතත් කල්ලි උන් සමග මරාගැනීමත් නෙවෙයි.

    ඇත්තෙන්ම සැබෑ බ්ලොග්කලාව ඔබ වැනි ටික දෙනෙකුන්වත් මෙසේ හරවත්ව ගෙනයාම ගැන සතුටුවෙමි. මෙම ලිපියත් ඉතා විශිශ්ටයි. ඔබේ ලිපිය නිදහසේ ලියන්න. අප එම පෝස්ටුවද කියවා සාකච්ඡා කරමු. ඔබට ජය.

    ReplyDelete
  6. Not relevant to this, but was going through some of your articles about paypal. Do you work for an IT company or run your own?

    ReplyDelete
    Replies
    1. Thanks. You might have a lot of experience in starting up such a venture of your own. Would like to see more articles on that. Btw, is there any advice you'd like to offer to newcomers? People planning to start up their own businesses or startups in IT?

      Delete
    2. //is there any advice you'd like to offer to newcomers? People planning to start up their own businesses or startups in IT?//

      Yes I do have few things, next article when I have time I will provide some sort of Idea relating give small idea relating how Google works and how I manage to learn its managerial techniques.

      Delete
    3. Thanks. Looking forward. I kind of got some hang on making websites based on WordPress, but not sure what's the best way to market my self and build a client base. If it's ok for you, is there an email or a way to contact you via blogger profile?

      Delete
  7. //මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ //
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. ලාංකික සිතුවිලි,

    පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය April 03 සිට ආරම්භ කර ඇත.

    රස එෆ් එම් නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත. මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් (CSN - Carlton Sports Network) මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගමට නතුවී තිබුණි.

    බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන මෙම රස FM නාලිකාවේ තේමා පාඨය ‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.

    මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ (Chennel 04) නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.

    ‘සියත‘ මාධ්‍ය ජාලයද, ස්වර්ණවාහිනී ශ්‍රී FM ඇතුළු EAP මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය. ඉදිරියේදී හිරු ටීවී ඇතුළු ඒබීසී ජාලයත්, සිරස සහ දෙරණ මාධ්‍ය ජාලත් හැර අන් සියලු මාධ්‍ය ජාල/ නාළිකා මෙම යෝජිත නව මාධ්‍ය ජාලය විසින් මිලදී ගනු ඇතැයි පැවසේ. මේ ගැන ලාංකික සිතුවිලිගේ මතය මොකක්ද?

    ReplyDelete