Monday, February 8, 2016

සිංහල සංස්කෘතියේ ක්‍රියාකාරිත්වය.


මුලින්ම මෙය ටෝය්යන් භය වීමට හේතුව බලමු :-

සිංහල  සංස්කෘතිය කියන්නේ බුදු දහමේ ආභාෂය ලබපු වසර දෙදහස් පන්සිය ගනනක් පැරණි රටේ මිනිසුන්ගේ චින්තනයට විශාල බලපෑමක් කරන සිංහල මිනිසුන්ගේ සිතන විදිය මෙහෙයවන චින්තන ක්‍රමයකි, මා මුලින්  “බුදු දහමේ ආභාෂය ලබපු” කියන වදන් පෙළ එක්කාසු කලද මෙය සමහර අවස්ථාවල බුදු දහමට පරස්පර දේවලුත් සිදුකරනවා උදාහරණ :- භක්ෂුන් වහන්සේ නමකට ජෝතිස්ශය බුදුරජානන් වහන්සේ  තහනම් කර ඇති බව බොහෝ සිංහල ජනයා නොදන්නා තරමට මෙය සාමාන්‍ය කරණය වී ඇත. මේ නිසා ලොකුවට සිංහල බෞද්ධයා කියල සදහන් කලත් බෞද්ධ විරෝදී ක්‍රියාවල සිංහලයා සමහර විට සහභාගී වෙයි.

මුල් මාතෘකාවට යොමුවුනොත් අපි  අද රට පාලනය කරන වික්‍රමසිංහයන් සිංහල බෞද්ධයා ට භය වීමට ඉතා වැදගත් කාරනාවක් පවතී, දෙසපලන්යකු වන ඔහු මේ ගැන බලන්නේ තමාට මේ බලවේගය පාලනය කල හැකිද නොහැකිද යන්නයි. රටක රජය තීරණ ගැනීමේදී අදාළ තීරණයට එරෙහි වියහැකි සමාජ කණ්ඩායම් කීපයක් සිටි

01.   රටේ උගත් බුද්දිමතුන්
02.   විවිද වුර්තින්වල යෙදෙන වුර්තිය වේදීන්
03.   රටේ ජනමාද්‍ය ජනමද්යවෙදින්
04.   රටේ විවිද ජාතින් ගොඩනගාගන ඇති සංවිදාන සහ ආගමික අංශ
05.   සිංහල බෞද්ධයා සහ සිංහල සංස්කෘතික ජාතික බලවේග
06.   රටේ පොදු මහජනයා

07.   ඔබ කල්පනාවෙන් බැලුවොත් ඉහත “01. රටේ උගත් බුද්දිමතුන්”, “02 විවිද වුර්තින්වල යෙදෙන වුර්තිය වේදීන්” ඉතා පහසුවෙන් පාලනය කලහැකියි ඔවුන්ට වරප්ප්‍රසාද ලබාදුන් විට ඔවුන් නිහඩ වනු ඇති
දෙවැනි අබියෝගය එල්ලවනේ 03. රටේ ජනමාද්‍ය ජනමද්යවෙදින් ගෙන් නමුත් මේ පිරිසත් මිලදී ගැනීම හෝ තර්ජනය කර නිහඩ කල  හැකියි.
 තුන්වනුව 04  රටේ විවිද ජාතින් ගොඩනගාගන ඇති සංවිදාන සහ ආගමික අංශ මේවා එරෙහි වන්නේ තම ජාතියට හෝ සංවිදානයට අහිතකර යමක් සිදුවන්නේ නම් පමණයි. මෙනිසා මේ කොටසත් පාලනය කල හැකියි.

සිංහල බෞද්ධයා සහ සිංහල සංස්කෘතික ජාතික බලවේග යනු ඉතා සන්කිර්ණ වගේම විශාල පිරිසක් සිටින සංවිදානය නොවූ පිරිසක් වුවත් මොවුන් අතර “සිංහල බෞද්ධ” නාමය යොදාගෙන විවිද බලවේග සහ පැවිදි ස්වාමීන් වහන්සේලා මුලික වී ක්‍රියාත්මක වෙයි, මෙහි ඇති විශේෂත්වය් නම් කිසියම් වැඩසටහනකදී  මේ පිරිස දැඩි විරොදයක් ඇතිකළ විට 06 රටේ පොදු මහජනයා
අතර බහුතරය වන සිංහලයන් මිට බලවත් ලෙස මෙයට එක්වීමේ  වීමේ ප්‍රතිවිපාක ලෙස රාජ්‍ය බලය අහිමිවීම ට විශාල අවදානමක් නිර්මාණය වී පවතීමයි.

දැන් බලමු බයියන් මෙය යොදාගන්නා අයුරු :-

ඇත්තම කියනවානම් මහින්ද කියන්නේ බයියකු නෙමෙයි ඔහු ජිවන පැවැත්මෙන් ඉහලම ටෝය්යෙකි නමුත් ඔහු ඉහත සදහන් කල සිංහල බලවේග අතර  බයියකු ලෙස පෙනීසිටීමට අතිවිශිස්ට හැකියාවක් නිර්මාණය කරගන්නේ වසර 30 ක් යුද්දය අවසාන කිරීම නිසයි.

මහින්ද බයියන් ගේ නායකයා ලෙස පෙනීසිටි විට ඔහුට විරුද්ධ වන සියලු දෙනා ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමේ මනා හැකියාවක් ඔහුට තිබුන. මෙනිසා රටට අහිතකර මොනවා මහින්ද සිදුකලත් සිංහල ජාතික බලවේග නොදැක්ක වගේ සිටියේ ඔහුන්ට තම පිරිස ඉදිරියේ ද්‍රෝහීන් ලෙස ලේබල් වීමට නිබුන හය නිසයි.

නමුත් පසුගිය 2014 වසර අවසාන වනවිට රජයේ සිටි පාටලී චම්පක වැනි සිංහල බාලවේග වල අය තම පිල වෙනස්කරමින් අපුරු රංගනයක් යෙදුනා. ඔවුන් දැන සිටිය මහින්දගේ කාලය අවසාන බව මොකද යම් විදියකින් මහින්ද දිනුවානම් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් තිබුන, මහින්දගේ මේ බයි චින්තනය සදහා චීනය මහෝපකාරී උනා, මොකද චීනය තමයි මහින්දට උවමනා ප්‍රාග්ධනය ලබාදුන්නේ (චීනයට තමාගේම වැඩසටහනක් තිබුනත් ) මහින්දට උවමනා උනේ සංවර්දනය නමින් වූ ඇස්බැන්දුම යෝදාගෙන කෙසේ හෝ බලයේ සිටීමට, නමුත් ඔහු අවබෝද කරගත්ත 2016 දී ලබාගත් ණය වලින් විශාල වාරික මුදලක් ගෙවියයුතු බවත් බටහිරින් එල්ලවන සම්බාදක නිසා රටතුල නොසන්සුන් තාවයක් ඇති උනොත් ඇතිවන අහිතකර තත්වය පාලනයට කලින්ම මැතිවරණ පවත්වා බලය තගවරු කිරීම තමාට ශක්තියක් ඇති කරනු ඇති බවයි.

මහින්ද යුගයේම සියලු පුරවැසියන් සදහා ඩිජිටල් හැදුනුපත් ඇතිකිරීමට සැලසුම් තිබුණ බව අද දන්නේ  ඉතා සීමිත පිරිසක්, ඔහු දන සිටියා මේ යනවිදියට පාලනය ගෙනයා නොහැකි බව යම් විදියකින් ආදායම සොයාගැනීමට ක්‍රමයක් සම්පාදනය කලයුතු බව ඔහු දැනසිටිය, මේ නිසා රටේ බදු ක්‍රමය වෙනස් කිරීමට සිදුවන බව දත් ඔහු මේවා ඉතා ජනතා විරෝදය ඇතිවන වැඩ බව දැන මේවා ක්‍රියාත්මක කිරීමට පෙර කෙසේහෝ බලය තහවරු කිරීමටයි උත්සාහ ගත්තේ.

අද වනවිට මහින්දට බලයට එමට හැකියාවක් නැත්ත්ත් ගොටාභය මහතාට මේ සදහා විශාල ඉඩක් පවතී.
අද වනවිට මහින්ද ප්ර්ශවයට උවමනා  ගොටාභය මහතාට මහතා මහින් බලය ගැනීමයි, මෙය සිරිසේන දන්නා නිසා අදවනවිට මහින්ද ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඇත්ත වශයෙන්ම FCID මුල්‍ය අපරාධ විමර්ශන අංශය ඇති නරක ලක්ෂණයක් ලෙස දක්වන්නේ  දෙසපලනයයන් විසින් නියම කරන පුද්ගලයනට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී සාමාන්‍ය පොලිසියට නැති විශේෂ බලයන් සහ උවමන පිරිස් මෙම ආයතනයට ඇති බවට කදිම සාක්ෂියක් වන්නේ EMAIL මහින් යෝශිත වැරදිකරු බව සොයාගත් සිදුවීමයි.

මෙය කියවන අය මත්ක්කරලා බලන්න EMAIL මහින් කිසියම් අපරාදයකට සම්බන්ධ පුද්ගලයකු මෑතකාලයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වස්තාවක් ඔබට මතකද ?

EMAIL මහින් කිසියම් පුද්ගලයකු අනාවරණය කරගැනීමට අදවනවිට ත්ක්ෂණයක් පවතී, ඔබ යවන සෑම EMAIL පණිවිඩයක්  ම යැවෙන්නේ IP ලිපිනයක් මගින් වන අතර මෙම ලිපිනය මහින් ඉතා පහසුවෙන් පුද්ගලයාව හදුනාගැනීමට හැකියි.

උදාහරණ :- ඔබ මොබිටෙල් අන්තර්ජාල පහසුකමක් යොදා ඔබේ ජංගම දුරකතනයෙන් EMAIL එකක් Y නමැති පුද්ගලයාට යැව්වා කියමු යම්විදියකින් Y ට උවමනානම් එවපු පුද්ගලයාව සොයාගත හැකියි,
එනම් ඔහු email 


හි ඇති කේත මහින්
පහසුවෙන් IP ලිපිනය සොයාගත් පසු මොබිටෙල් ආයතනයෙන් අසනු ලබන්නේ මේ වෙලාවට මේ ලිපිනය කාවෙනුවෙන් නිකුත් කලේද ? කියල, ඉතා පහසුවෙන් අදාළ පුද්ගලයා මේ අනුව සොයා  ගත හැකියි.

ඉහත ආකාරයට පරීක්ෂණ කිරීමට උවමනා පිරිස් ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇත්නම් ඇත්තේ ඉතා සුළු පිරිසකුයි  නමුත් FCID සතුව මෙවැනි පිරිස් පවතී, මේ නිසා මෙය බොරු චෝදනා කිරීමෙන් කරන ලද අත්අඩංගු වට ගැනීමක් නොවෙයි.
මෙහිදී ප්‍රශ්නය වන්නේ මේ ආයතනයේ දෙසපලන්යාට අදාළ සොයාගැනීම් එළිදැක් වීමට හෝ සගවා තබාගැනීමට මෙය පාවිච්චි කල හැකි වීමයි. ඇත්තටම මෙය සිදුකරන්නේ “ තමුසෙලා කටවහගෙන මගේ වඩෙට උදව් කලේ නැත්නම්  අර ෆයිල් ටික එලියට එයි “ වැනි තර්ජනයක් දැමීම පමණයි.

මා දන්නා තරමට මහින්ද සහ ඔහුගේ මුලු පවුලම අතිවිශාල දුෂණ වල යෙදුන අයයි, ඔහු පමණක් නෙමෙයි චන්ද්‍රිකාත් ඒවගේම එක්සත් ජාතික පක්ෂයත් මේ වගේමයි, අවස්තාව නොලැබුන නිසා ජනතා විමුක්ති පෙරමුණ හොද ළමයි වගේ හිටියට බලය ලැබුනොත් ඔවුන් සියල්ලටම අන්ත වෙයි.

දැන් බලමු ටොයි රනිල් කරන්න හදන්නේ මොකද්ද කියල ?

රනිල් දන්නවා ඔහුට සිංහල බලවේග මෙහෙයවන්න බැරි බව යම්විදියකට ඔහු එය කිරීමට උත්සාහ කලොත් සෙසු ජාතින් ඔහුගෙන් ඉවත්වෙනවා. දැන් ඔහුට තමා  වෙත පාලනයට ගැනීමට නොහැකි නිසා මේ පර්යේෂණ පවත්වන්නේ සිංහල ජාතික බලවේගය දියකර් හැරීමට උපායන් යෙදීමයි.

මෙහිදී සිංහලයන් යනු ඉතා මෝඩ පසුගාමී පුද්ගලයන් බව මනසට කාවදින විවිද කළා අංග එකනුකරමින් පවතින්නේ කෙසේ හෝ තමාට උවමනා මේ සිංහල ජහ්ටික බලවේගය දියකර හැරීමටයි.

කල්පනාවෙන් බැලුවොත් රනිල් කියන්නේ සුද්දෙක් නෙමෙයි ඔහු කළු සුද්දෙකුයි.
සුද්දට විශේෂ හැකියාවන් පවතී

උදාහරණ :- යම් ප්‍රශ්නයකදී සුදෙක් Plan A, Plan B, සහ    Plan C ලෙස ප්‍රශ්නයක් විසදන ආකාරය බලන අතර කලුසුද්දෙකු බලන්නේ ලෝකයේ සුද්දෙකුගේ රටේ සාර්ථකව මෙවැනි ප්‍රශ්නයක් විසදා ඇත්තේ කොහෙද, අදාළ විසදුම ගෙඩිය පිටින් ශ්‍රී ලංකාවේ අආදේශ කිරීමයි.

මිට අමතරව මා දකින විසාල ම වවිනාශය සිදුවී ඇත්තේ ලෝක දැනුම ලබාගැනීම සදහා ඇති හොදම මාද්‍ය වන ඉංග්‍රීසි නොදන්නා උගතුන් බිහිකිරීමයි මෙයින්  සිදුකර  ඇත්තේ විබාග සමත් වීම සදහා තම ගුරුවරයාගේ සටහන් කට පාඩම් කිරීමයි, මොවුන්ට  නොහැකියි ලෝක දැනුම කියවා තම ක්‍රියාව සදහා ස්වාදීනව සිතා ප්‍රයෝජන ගන්න.

අනෙක් අතෙන් රනිල් ට අද නවීන ලෝකය ගැන E commerce පිළිබද අවබෝදය ඉතා අල්ප බව මෙතෙක් වසරක් තුල ඔහුගේ ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.

මේ පිලිබද ලිපි ගණනාවක් මම ලියා ඇති බැවින් නැවත ලිවීමට අදහස් නොකරමි.

අද වනවිට රනිල් ට උවමනා කරන්නේ සිංහල ජාතික බලවේගය දියකර හැර කෙසේ හෝ බලයේ සිටීම සදහා කාසමග හෝ ගනුදෙනු කිරීමයි.

අද ඉන්දියාව ශ්‍රී ලංකාවට 2% ඩොලර් බිලියන 1 currency swap ගිවිසුමක් මහින් ලබාගෙන ඇති ආතර ඕනෑම වෙලාවක මේ මුදල ඉන්දියාවට ඉවත් කල හැකියි, මේ මුදල ශ්‍රී ලංකාවේ තබා ගැනීමට ඉන්දියාව ඉල්ලන ඕනෑම කප්පම ක් ගෙවීමට අපි  සුදානම් විය යුතුයි.

සිංහල ජාතික බලවේගය මාදකින ලෙස ඉතා පසුගාමී ලක්ෂණ වලින් යුක්ත වුනත් මේ අවස්ථාවේදී රනිල්ගේ මේ විගඩමට විරුද්ධ වියහැකි එකම බලවේගය බව මතක තබාගත යුතුයි.

මෙනිසා මේ බලවේගය තුල සිටින අය ලෝකයේ පවතින නවීන තක්ෂණය පිළිබද සහ කළමනාකරණ විධි පිළිබද මනාලෙස දැනුවත් වී සිටි නම් “ගෝත්‍රික බලවේගයක්” කියන ලේබලය ඇලවීමට නොහැකි වෙනවා පමණක් නෙමෙයි සාධනීය ලෙස ජනතා අයිති වාසිකම් දිනාගැනීමටත් හැකි වනු ඇති. 

4 comments:

  1. ඔබ කියන දේ සත්‍යයි. ඇත්තටම වෙන්නෙ ඒ දේ තමයි. නමුත් සිංහල ජාතික බලවේගයට එදා තිබූ ප්‍රචාරක හා රාජ්‍ය බලය අහිමිවෙලා එහි ඉදිරිපෙල සිටි අයට හොර නාමෙකුත් වැදිල. දැන් ගොඩ එන්න ටිකක් අමාරුයි. ගොඩ එනවනම් එන්නෙ නව මුහුණුවරකින් නව දැක්මකින් නව නායකත්වයක් එක්ක.

    මහින්ද බයියෙක් නෙමේ. නමුත් ඔහු බයි නායකත්වය ගත්තෙ අද ඊයෙ නෙමෙයි. අසූ ගනන්වල එජාප රජය කාලෙත් ඔහු ප්‍රගතිශීලී දේශීය වීර චරිතයකට ප්‍රවිශ්ඨ වුනා.

    ඔහුගෙ සංවර්ධනය ඇස් බැන්දුමක් තමයි. නමුත් දැන් මොකක්ද විකල්පය

    ReplyDelete
  2. සිව්වැනි මානය fourth dimension, // දැන් මොකක්ද විකල්පය //
    දැන් තමයි මේ රටේ මිනිස්සු වෙනදෙය ගැන ඉතා දැඩිලෙස සැලකිලිමත් විය යුතු, මොකද අද අපට යම් අවකාශයක් තිබෙනවා විරුද්ධ වීමට සහ අපේ විරුද්ද අදහස් ඉදිරිපත් කිරීමට, රජයට පීඩනය යෙදුවොත් රටට වැඩදායි බොහෝ දේ සිදුකරවා ගත හැකියි. නමුත් මෝඩ නම් බොහෝවිට සියල්ල නැතිවෙයි.

    තමාගේ අදහස තම බ්ලොග් අඩවිය මගින් හෝ අනුන්නේ අඩවියක් මගින් හෝ facebook මගින් ඉදිරිපත් ඉදිරිපත් කිරීමයි රටේ මිනිසුන්ගේ වගකීම, හිතන්න එපා මෙයට කිසිම බලයක් නෑ කියල සැලකියයුතු බලයක් මහින් අදහසක් සමාජ ගත කලවිට දෙසපලන්නයන් සවන්දෙනවා

    ReplyDelete
  3. මා දන්නා තරමට මහින්ද සහ ඔහුගේ මුලු පවුලම අතිවිශාල දුෂණ වල යෙදුන අයයි, ඔහු පමණක් නෙමෙයි චන්ද්‍රිකාත් ඒවගේම එක්සත් ජාතික පක්ෂයත් මේ වගේමයි, අවස්තාව නොලැබුන නිසා ජනතා විමුක්ති පෙරමුණ හොද ළමයි වගේ හිටියට බලය ලැබුනොත් ඔවුන් සියල්ලටම අන්ත වෙයි.++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. //සිංහල ජාතික බලවේගය මාදකින ලෙස ඉතා පසුගාමී ලක්ෂණ වලින් යුක්ත වුනත්// ලංකා සිතුවිලිම ඉතින් මේ ජාතියේ තමා ... මේ හාදයා බොරු ජාති මමකත්වයක් දාන අතරේ ඇඟ පුරා තියෙන්නේ ඔය කියන පසුගාමී ලක්ෂණ.. කණ්න්නාඩියක් ලඟට ගිහින් මුණ බැලුවනම් පෙනෙයි නියම සිංහල ජාතික පොරක්...

    ReplyDelete