Wednesday, December 23, 2015

දෙසපාලනය, ජනමාධ්‍ය, ජාතිවාදය සහ ආගමික උමතුව නිසා නිතිපතා රැවටෙන ජනතාව.



ඉහත මාතෘකාව යොදාගත්තේ අද ලෝකයේ සිදුවන මායාව හදුනාගැනීමට  අපහසු කරන පාට කන්නාඩි සමුහය හඳුනාගැනීම, පහසුකරණ උදාහරණ සැපයීම සහ මේ විනාශයෙන් ගැලවීමට අප සිතියයුතු අයුරු දැනගැනීමයි. පහත සදහන් වාර්තා වැඩසටහන වැදගත්  පැතිකඩක් විවර කරනවා.

 


මෙහි මාතෘකාව "how media lies documentary film - CNN CBS FOX NEWS channel distorted contents"
ජනමාද්‍ය බොරුකියන අයුරුත් ( CNN CBS FOX NEWS ) වැනි චැනලයන් තොරතුරු වසන් කර වැරදි තොරතුරු ලෝකයට ලබාදෙන අයුරුයි.

මෙහි පෙන්වා දෙනවා ඊශ්‍රායල ජාතිකයන් පලස්තීන ජාතිකයන් ගේ ඉඩම් මංකොල්ලකන අයුරුත් එම පලස්තීන ඉඩම් වල  ඊශ්‍රායලය  තම ජනාවාස ඉදිකරන ආකාරයත්, මෙසිදුවීම් ඇමරිකානු ජනමාද්‍ය තම ජනයාට වසන්කර කරනු ලබන මාහා වංචාවත් කදිමට විදහා දක්වනවා.

මෙහිදී ඇමරිකානු මාධ්‍ය ආයතන වල ට ඊශ්‍රායලය  රජයත් ඔවුන්ගේ පෝසත් සමාගම් ජාලයත් මුදල් යොදවන ආකාරයත්, අපි ඉතා විශ්වාසයෙන් බලන ඉහත සදහන් ජනමාද්‍ය  ඊශ්‍රායල හමුදා නිලදාරියකු මියගියවිට වීරයෙක් ලෙස ලොවට පෙන්වාදීමත් දහස්ගණනින් මියයන පලස්තීනුවන් ගැන වාර්තාකරණ විට "කීපදෙනෙක් මියගියා" වැනි සැර  බාල කිරීමත් වැනි කාරනා බහුලව දැකිය හැකියි.

මට පෙන්වාදීමට උවමනා කල කාරනා අතර

01. අප සිතාසිටින  ( CNN CBS FOX NEWS )  අපව කොපමණ රවටනවද යන්න
02. අප බටහිර දියුණුයි යයි සිතුවත් කොතරම් ගෝත්‍රික මට්ටමක තිබෙනවාද යන්න ( සිංහලයන්  වන අපි තුලත් මේ  ගෝත්‍රික බව ඇති බව තේරුම් ගන්න )
03. මෙවැනි දෙබිඩි චරිත ගතකරන සියලු රටවල් කොපමණ දිවුණු වුනත් මරණ බියෙන් ගත කිරීමට සිදුවීම සහ සිතේ සැනසීමෙන් ගත කල නොහැකිවීම.

මිනිසුන් ලෙසට අපි විවිද ජාතීන්ට අයිති වෙමු, විවිද ආගම් වලට අයිති වෙමු, විවිද සමාජ ස්තර වලට විවිද කුලවලට අයිති වෙමු. අවංකවම සිතුවොත් ඔබ අයත්වන ඉහත සදහන් කුමන හෝ කුලකයකට විශේෂ වාසියක් ලැබෙනවානම් ඔබ කැමතිද ? අකමැතිද ?

අපි මෙහිදී නොසිතන පැත්තක් තිබෙනවා, එනම් ඔබ අයත් ඉහත කුමන හෝ කුලකයකට රටේ රජයෙන් විශේෂ වාසියක් ලැබෙනවානම් බොහෝවිට එය ලබාදෙන්නේ ඔබ අයත් නොවන කුලකවලට පාඩු සිදුකරවමින්, මේ නිසා අනෙක් අය ඔබේ වාසි ලැබූ කුලකය පිළිබද ඉරිසියාව ඇතිකරගන්නවා, නමුත් මෙය ලබන ඔබ හෝ මම මිට කැමති වෙනවා. අපි කිසි සෙත් සිතන්නේ නෑ මේ ක්‍රියාව ජිවිත දහස්ගණන් විනාශ කරන විනාශකාරී යුද්දයක පෙර නිමිති බව.

මෙහිදී තව වැදගත් සිදුවීමක් වෙනවා එනම් සෑම සමාජයකම සිටිනවා කාරනා වැටහෙන අවංක මිනිසුන්, මේ අය ඉහත සදහන් සෑම කුලකයකම සිටිනවා ඔවුන් සමාජයේ මෙවැනි අසාදාරනයක් සිදුවෙන විට නැගිසිටිනවා. ජනමාද්‍ය හසුරවන බලවේග මුලින්ම සිදුකරන දෙය තමයි මේ මිනිසුන් නිහඩ කිරීම, එය සිදුකරන්නේ කෙසේද ? හිතන්න ඔබ සිංහල ජාතිකයෙක් කියල මාධ්‍ය මගින් පෙන්වනව සිංහලුන්ට අසාදාරනයක් සිදුවෙනවා (ඇත්තටම යම්පමනකට එසේ වෙනවා වෙන්න පුළුවන් ) නමුත් එම ජාතියේ ප්‍රතිවාදියන් ලෙස පෙනීසිටින දමිල ජාතිකයන්ට  සිදුවන විනාශය සිංහල මාධ්‍ය තුල පෙන්වන්නේ නෑ නමුත් මෙය විදේශීය දමිල  මාධ්‍ය තුල පෙන්වනවා, ඇත්තන්ම දමිල මාධ්‍ය විසිනුත් කලේ එම සෙල්ලමමයි.
දැන් මේ දෙපාර් ශවයේම සිටන සාධාරණ මිනිසුන්ට නිහඩ වීමට සිදුවෙනවා, මන්ද ඔවුන් තම ප්‍රතිවාදී මිනිසුන්ට සිදුවන අසාදාරනය තම මිනිසුන්ට පෙන්වාදීමට ගියොත් ඔවුන්ට ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසෙනවා.

මෙහිදී දෙපාර්ශවයේ සිටින ජනතාව රැවටීමයි සිදුවී ඇත්තේ, මෙසේ රවටන්නේ යුද්දයේ පමණක් නෙමෙයි රටේ සියලු ආර්ථික කටයුතු වලදී වර්ග බේදයෙන් තොරව මිනිසුන් ව රවටනු ලබනවා.

ශ්‍රී ලංකාවේ මෙවැනි ගණනය කිරීම සිදුවනවාද යන්න මා දන්නේ නෑ



ඉහත උපුටාගැනීමට අනුව 1950 සිට 1980 දක්වා කාලයේ දී සමාජය පහලම ස්ථරයේ 90% ක ගේ ආදායම ඩොලර් 13222 කින් ඉහල යන්නේ 75% ක වැඩිවීමක් දක්වමින් නමුත් 1980 සිට 2008 දක්වා ඩොලර් 303 ක වර්ධනයක් 1% පමණ, සිදුවී ඇත්තේ.

ඒවගේම ඇමරිකාවේ ඉහලම සිටින 1% ක 1950 සිට 1980 දක්වා ආදායම වැඩිකරගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.4 පමණ වන අතර එය 80% පමණ වැඩිවීමක් දැන් 1980 සිට 2008 දක්වා ඉහත 1% ආදායමේ වැඩිවීම ඩොලර් මිලියන 22 කින්  එනම් 403% පමණ වැඩිවී ඇත.

දැන් මෙවැනි වෙනසක් සිදුවනතුරු මෙතරම් උගත් සමාජය රවටා තැබුවේ කෙසේද ?
මෙය සිදුවෙන්නේ රොනල්ඩ් රේගන්  ජනාධිපති වරයා තම දේශපාලන වියාප්පෘතියට උපකාර කල රටේ ධනවත් මිනිසුන්ගේ බදු ප්‍රමාණය අඩු කිරීම මගින් සහ රටේ අනෙක් මිනිසුන්ගේ බදු වැඩි කිරීම මගින් කරන ලද වෙනසයි , මෙය බොහෝ දෙනාට නොතෙරුනේ ඇමරිකානු කොන්ග්‍රස්මණ්ඩලයේ ගෙනෙන ජනතාවට අහිතකර නීති පිළිබද මාද්‍ය සියුම්ව පවත්වාගන යනු ලැබූ වාරණයයි.

මේ වෙනසම ශ්‍රී ලංකාවේ සිදුවී ඇති බව ඔබට වැටහෙනු ඇති නමුත් මෙලෙස කරුණු සහිතව පෙන්වාදෙන්නේ කවුද ?

    
දැන් ආර්ථිකය නිසා  රටේ වැඩි මිනිසුන් කොටසකට අපහසු තාවයක් ඇතිවන මොහොතේ රට හසුරවන බලවතුන් සිදුකරන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී පරිසරයක් නිර්මාණය කිරීමයි. ඔබ සිංහලයකු නම් ඔබට පෙනෙයි මුස්ලිම් මිනිසුන් මෙය කරන බව, මුස්ලිම් මිනිසුන්ට මෙය පෙනෙන්නේ සිංහලයන් කරන බවයි, මෙය මේ දෙපක්ෂයටම පෙන්වන්නේ ජන මාධ්‍ය විසිනුයි, නමුත් ඔබ සිවුම් ව මෙදෙස බැලුවොත් ඔබට වැටහෙයි මෙම ප්‍රශ්නය තුල සිංහල අන්තවාදය පවතින බව උදාහරණ :- බොදුබල සේනාවේ  ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලික වන විට මුස්ලිම් පැත්තෙන් හලලාල්  කිරීමේ හලලාල් සහතික නිකුත් කිරීමේ පිස්සුව ඇතිඋනේ කෙසේද ? මෙච්චර කල් සාමාන්‍ය වතුර බිව්ව සිංහල මිනිසුන් සමග එකපත බෙදාගෙන කාපු මිනුස්න් ට හලලාල් ඕන වුනේ කෙසේද ? මුස්ලිම් මිනිසුන් අමුතුවිදියට අදින්න, රටේ නිතිය නොසලකා හරින්න හැකිඋනේ කෙසේද මේවා පිටිපස්සේ සිටින්නේ කවුද ?

යන ප්‍රශ්න අපි කිසිවිටක අසන්න පුරුදු වී නැත, කල්පනාවෙන් බැලුවොත් මෙවැනි ප්‍රශ්න විවිද පාර්ශව විසින් තම වාසිය සදහා නිර්මාණය කරයි බහුතරය මෙවැනි ප්‍රශ්න ගොන්නක වේලි සිටින කල් රටේ ඉහලම සිටින සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන් පහලම සිටින  සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන් සුරා කෑමයි සිදුවන්නේ.

                  George Carlin ~ The American Dream



ඇමරිකාවේ ආර්ථික අවපාතයක් ඇතිවූ සෑම අවස්ථාවකටම පසු රටේ ආර්ථිකය දියුනුවී විශාල මද්‍යම  පන්තියක් ඇතිවූ බවයි කියවෙන්නේ, නමුත් මෙවර එය එසේ සිදු නොවීමට බොහොදුරට ඉඩ ඇත ඊට හේතුව මා දකින ලෙස ප්‍රාග්ධනය සතු මිනිසුන්ට අපහසුවකින් තොරව වැඩිම ඵලදායිතාව ඇති රටේ ආයෝජනය කිරීමේ හැකියාවයි.

අද මුදල් සංසරණය රටවල් අතර දේශ සිමාවන් වලට කොටුනොවී විවිද මාර්ග වලින් විවිද ලෙස ආයෝජනය කලහැක. මෙනිසා ඉදිරියේ ලෝකය ගැන තීරණ ගැනීමේදී ඔබ කිසිදු කුලකයකට කොටු නොවී සිදුවෙන්නේ කුමක්දැයි බැලීමට දක්ෂ වියයුතුයි.

සමාජයක් ලෙස අපි සැමවිටම සැම පාර්ශවයකටම වාසි ලැබෙන තීරණ ගැනීමට පෙළබුනොත් වඩා ආරක්ෂාකාරී සමාජයක් ඇතිකලහැකි වනු ඇති, රාජ්‍ය තීරණ ගැනීමේදී කිසිදු ජාතියක් උසස් හෝ පහත් නොකර සම අයිතිවාසින් ලබා දියයුතුයි.

මෙවැනි සමාජයක් තුල පුරවැසියන් ලෙස වඩා සාදාරන තීරණ ගැනීමට රජයට බල කිරීමයි මිනිසුන් ලෙස කලයුතු වන්නේ.             


 it's called the American dream because you have to be asleep to believe it - George Carlin

ඒකට කියන්නේ ඇමරිකානු සිහිනයයි මොකද ඔබට නිදා ගතයුතු වෙනවා එය විශ්වාස කිරීමට - ජෝර්ජ් කාර්ලන්

 





4 comments:

  1. හාෙද විග්‍රහයක්...........

    ReplyDelete
  2. කරුමේ කියන්නේ මේ ළෝකේ කිසිම රටක එවැනි තත්වයක් නොපැවතීමයි..

    ReplyDelete
    Replies
    1. මාතා,

      //කරුමේ කියන්නේ මේ ළෝකේ කිසිම රටක එවැනි තත්වයක් නොපැවතීමයි..//

      අපේ රටේ කරුමේ කියන්නේ මේ තත්වය තේරුම් ගත් රට ගැන හිතන අවම වශයෙන් තානාපති සේවයක් වත් නොමැති වීමයි.
      ඒ වෙනුවට ඇත්තේ විමල් වීරවංශ වැනි "google වර්ජනය කරන ලෙස" උපදෙස් දෙන https://www.youtube.com/watch?v=yXuLL3LYd4M
      අඳබාල දෙසපලන්යන්.

      ලෝකයේ ඇති මේ තත්වය ගැන අවබෝදය ඇති ඕනෑම කෙනෙකුට තේරුම් යනදෙයනම් අපි කොතරම් මොලය පාවිච්චි කලයුතුද කියල, අවාසනාවට අපේ අධ්‍යාපනය දෙන්නෙත් මෙවැනි මිනිසුන් වීරයන් කිරීමට මිසක මොලය පාවිච්චි කිරීමට නොවෙයි.

      Delete