Monday, December 21, 2015

Edward Snowden යෝද ඇමරිකාව නිරුවත් කල පුංචි කුහුඹුවා !



 Edward Snowden යනු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ {(NSA) National Security Agency} හි සිටි දක්ෂ පරිඝනක විශේෂන්යයෙක් මොහු ලෝකයට හෙළි කරනලද රහස් පිළිබද බොහෝදෙනා තුල දැනුවත් බාවයක් නෑ.

මේ සිදුවීම වුනේ ඇමරිකාවේ උනත් මේ සිද්ධියෙන් ලෝක දෙසපාලනය පමණක් නෙමෙයි ශ්‍රී ලංකික පුරවැසියන් වන අපටත් බලපාන්නේ කෙසේද යන්න ගැන හොද විග්ග්‍රහයක් කරගත හැකියි.
පහත දැක්වෙන්නේ පැයක පමණ දීර්ග වර්තා වැඩසටහනක්

    

මෑත කාලයේ ඇමරිකා එක්ෂත් ජනපද රජය, ඇමරිකාවේ සහ විදේශ වල සිදුකරන නීතිවිරෝදී වැඩ පිළිබද විස්තරයක් පමණක් නෙමෙයි ඔවුන් එම නීතිවිරෝදී ක්‍රියා සිදුකරන ආකාරයත් ලොවට හෙලි කලේ මොහු විසින්.

 ඇමරිකාව වියරුවැටුන සිදුවීමක් වූ මෙය ලෝකයේ කොපමණ බලයක් ඇමරිකාවට ඇත්දැයි දැනගැනීමට මෙය හොද පරීක්ෂණයක් උනා.

සිදුවීම් ජාලය කරලියට පැමිණෙන්නේ 2013 ජුනි 23 හොන්කොන් වල සිටයි එනම්   Edward Snowden විසින් විශාලම ඇමරිකානු රහස් ලෝකයට හෙළිකරනවා, මෙය මෙතක්  ඇමරිකානු ඉතිහාසයෙම මෙවැනි විශාල රහස් පිටකිරීමක සිද්ධියක් සිදුවී නෑ.

එවක පරිගණක ඉංජිනේරු වරයෙක් වූ ඔහු පිටකරන තොරතරු අතර රහසිගතව එකතුකරනලද පුද්ගලයන්නේ අන්තර්ජාල සෙවුම් දුරකථන විස්තර සහ අද අපි භාවිතාකරන සියලු අන්තර්ජාල සේවාවන් අපගේ තොරතුරු රැස්කරන්නේ කෙසේද සහ ඒවා ඇමරිකානු රජයට ලබා දෙන්නේ කෙසේද යන කාරනා විස්තර කරනවා.

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය වඩාත්ම බය වන්නේ රටේ ආරක්ෂක අධිකාරිය මිනිසුන්ගේ සියලුම පුද්ගලික තොරතුරු, නීතිවිරෝධී ලෙස රැස්කර ගනිමින් සිදුකරන ලද අතිවිශාල වංචාව ලොවට ප්‍රදර්ශනය වීමටත් වඩා තම රටේ පුරවසියන්ට හෙළි වීම ගැනයි.

අපි  දැන් බලමු මෙය සිදුකරන්නේ කෙසේද කියා.

හිතන්න මෙතන මේ බ්ලොග් කියවන සියලු දෙනාට පාහේ තිබෙනවා පරිඝනකයක්, ස්මාර්ට් ෆෝනයක්, facebook ගිණුමක් gmail ලිපිනයක්, ඔබ හිතන්න ඔබ මේ සියලු සමාජ මාද්‍ය යොදා සිදුකරන සියලු තොරතුරු අද වනවිට වියාපාරික ලෝකයත් ඇමරිකා එක්සත් ජනපද රජයත් පාවිච්චි කරනවා
ඔබ හිතන්න ඔබට    facebook  සහ  gmail  ඔබ ලබාගන්නේ නොමිලේයි නමුත් මෙම සේවාවන් නොමිලේ සපයන විට ඔබ ගෙවන මිලක් තිබෙනවා එම මිල තමයි ඔබේ අන්තර්ජාලයට එකතුකරන තොරතුරු. මෙහිදී මිනිසකුගේ හෝ ගැහැනියක ගේ මනස වැඩකරන අයුරු දැනගැනීම මෙම සේවා සපයන ආයතනවලට  ඉතා පහසුයි.

එපමණක් නෙමෙයි විවිද රටවල මිනිසුන්ගේ විවිද උවමනා එපාකම් දැනගැනීමත් පහසුයි, google වැනි සමාගමකට අද ශ්‍රී ලාංකිකයන් නගර වශයෙන් මොනවට කැමති දැයි සොයාගත හැකියි, රටක් ලෙස අපි වැඩියෙන් ම සොයන්නේ "SEX" යන අකුරු 3 බව http://www.dailymirror.lk/24551/sri-lanka-is-no-1-nation-in-sex-searches-on-google සදහන් වෙනවා, ඔබ දැනගත් යුත්තේ මේ සියලු තොරතුරු මෙම විශාල සමාගම් ගබඩා කරන බවයි.

මතක තබාගන්න ඔබට රහසක් තබාගැනීමට උවමනානම් කිසිවිටක එය අන්තර්ජාලයට මුදාහැරිමෙන් වලකින්න්න.

වාණිජ ලෝකයේ මෙම තොරතුරු යොදාගන්නේ විවිද භාණ්ඩ සහ සේවා සදහා ඇති ඉල්ලුම සහ සැපයුම වැනි තොරතුරු ලබගෙන අලවි කරණය කිරීමටයි.

    දැන් නැවත Edward Snowden කතාවට යොමු වුනොත්, ඔහු පෙන්වාදෙනවා මෙම අන්තර්ජාල සේවා සපයන ආයතන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ {(NSA) National Security Agency} වලට තොරතුරු රුජුවම ලබාදෙන බව.

මෙහිදී ඔහුගේ මේ හෙළි කිරීම් වලින් පසු ඔහුව දඩයම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාකරනවා, එවක හොංකොං වල සිටින  Edward Snowden වහාම ඇමරිකාවට බාර දෙන ලෙසට උපදෙස් හොංකොං වලට ලබාදෙනවා, මේ අතර චිත්‍රපටි ජවනිකාවක් ලෙස  Edward Snowden සිදුකරන්නේ wikileaks හි Julian Assange සමග සම්බන්දතා ගොඩනගා ගැනීමයි.

Julian Assange පවසනවා  හැකි ඉක්මනින් හොංකොං වලින් පිටවන ලෙස, අවසානයේ හොංකොං සිට රුසියාවට පැමිණීමට Edward Snowden හැකිවන්නේ ඇමරිකාවෙන් එවනලද පිටුවහල් කිරීමේ ලියවිලි වල Edward Snowden ගේ මැද නම වැරදියට ලියා එවීම නිසා, ඉතා හදිස්සිය නිසා ඇමරිකාවට සිදුවූ එම වැරදීම නිසා නිරුපද්ධිතව   Edward Snowden  ට රුසියාවට පැමිණිය හැකි වෙනවා.

නමුත් මොස්කොව් ගුවන් තොටුපලේදී ඔහු දැනගන්නවා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඇති බව, ඔහුව ආරක්ෂා කරිව රැගෙන ඒමටWikiLeaks යොදාගන්නේ  Sarah Harrison නමැති ඔස්ට්‍ර්ලියානු ජාතික මාධ්‍යවෙදිනියයි.

මේ අතර ඇමරිකාව CIA සංවිදානය විසින් කෝපන්හේගන් වෙත ගුවන් යානයක් යවනවා Edward Snowden ව පැහැරගැන ඒමටමේඅතර රුසියාවේ පුටින් ජනාධිපති කරන්නේ Edward Snowden ට රුවියාවට ඇතුළු වීමට අවසර නොදීමයි, මෙනිසා  Sarah Harrison  ටත් Edward Snowden සිදුවෙනවා ගුවන් තොටුපලේ නතර වීමට මාසයක් ඔවුන්ට ජිවත් වීමට සිදුවන්නේ මෙවැනි පරිසරයකයි.

මේ අතර නවතම රහස්  WikiLeaks මගින් එලි දැක්වුනා ඇමරිකානු රජය පුරවැසියන්ගේ තොරතුරු නීති විරෝදිව සොරකම් කරන ආකාරය , මෙනිසා යුරෝපයේ  Edward Snowden  වීරයකු වීමයි සිදුවුනේ මෙනිසා Edward Snowden  විසින් තමාට පුරවැසි බාවය ලබාදෙන මෙන් යුරෝපයේ රටවල් 21 න් ඉල්ලා සිටිනවා, මෙහිදී ඇමරිකාව සිදු කරන්නේ මේ රටවල් වලට බලපෑම් කිරීමයි
මෙහිදී වෙනිස්වෙලවත් බොලිවියාවත් මිට ඉදිරිපත් වෙනවා.

මේ අතර ඔහුව යැවීමට පුද්ගලික ගුවන් යානාවක් යොදාගැනීම අනතුරු දායක බවයි සදහන් වන්නේ මන්ද ඇමරිකාව සුදානම් වෙනවා අදාළ ගුවන් යානාව අහසේදී වෙඩිතබා විනාශ කිරීමට, මේ අතර අපුරු සිදුවීමක් සිදුවනවා එනම් බොලිවියාවේ ජනපති රුසියාවට පැමිණීමයි.

නැවත තම රටට යාමට සැරසෙන බෝලිවියා ජනපති   Edward Snowden ව රැගෙන යනු ඇති බවයි ඇමරිකාව සැක සිතන්නේ, වියානා සම්මුතියට අනුව ජනාධිපති වරයකු ගෙනයන ජෙට් යානාවක් සලකනු ලබන්නේ එම රටේ පවතින ඉගිලෙන ඉඩමක් ලෙසයි, මෙහිදී ප්‍රන්සයත් පෘතුගාලයත් තම රටවලට තෙල් ගැසීමට වත් ගොඩබෑමට අවසර දෙන්නේ නෑ මෙහිදී සිදුවන පුදුම සහගත දෙය නම් අදාළ ගුවන්යානය ඇමරිකාවට හිතවත් යුරෝපා රටක  බලෙන් ගොඩබස්වා පරික්ෂා කිරීමයි. මෙම සිදුවීම ඇමරිකාවට ඉතා ලජ්ජාදායි සිදුවිමක් වෙනවා පමණක් නෙමෙයි ලතින් ඇමරිකානු රටවල දැඩි පිළිකුලට ලක්වෙනවා  මේ සිදුවීම නිසා Edward Snowden ට රුසියාවට ඇතුල්වීමට අවසර ලැබෙනවා.

මේ සිදුවීම බැලුවොත් ඔබට පැහැදිලි වෙයි ලෝකයේ රජයන් හැසිරෙන අයුරු සහ අප විසින් අන්තර්ජාලයට ඇතුළු කලයුත්තේ කවර තොරතුරුද ඒ කොහොමද? කියන වග,  ආරක්ෂාකාරී ලෙස තම අනන්‍ය තාවය හසු නොවන ලෙස තොරතුරු මුදාහැරිම වැදගත් වෙනවා. . මේගැන මිට පෙර ලිපියක සදහන් කළා http://lankasithuwili.blogspot.com/2015/12/how-to-protect-your-anonymity-online.html





      

8 comments:

  1. මොන සෙල්ලම් දැම්මත් හොයා ගන්න පුළුවන් අද.. එකම දේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න ඕන.. ස්නෝඩන් කළෙත් ඒක..

    ReplyDelete
    Replies
    1. මාතා,

      ඇත්තටම තක්ෂණය හරියට පාවිච්චි කරනවානම් හොයා ගන්න බැහැ.
      මේ තක්ෂණය හදල තියෙන්නෙත් ඇමරිකාවම තමයි.

      අද වනවිට Tor Project එක ඇමරිකාවට හිසරදයක් වෙලා.

      Delete
  2. මෙකා ඉන්නවත් දන්නේ නේනේ....
    සුබ නත්තලක්....

    ReplyDelete
    Replies
    1. Mahesh Samantha Kumara,

      එසේම වේවා !!

      පසුගිය දවස් වල විවේක වෙලාවේ බෝග කීපයක කොමෙන්ට් කලා මගේ පොස්ට් එක දාගන්න බැරිවුනා.

      Delete
  3. Replies
    1. රන්සකු,
      මචෝ, බය්යෝ කියන්නේ බත්කන අයට! දැන්නම් තණ කොලත් කනවා.

      Delete
  4. එඩ්වර්ඩ් ළමයා කරපු දේ මේ වෙනකොට කාට කාටත් අමතක වෙලා. ඒකට ප්‍රධාන හෙතුව විදිහට මම දකින්නේ ජනමාධ්‍ය මේක ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදිහට කියපු නැති එකයි. මෙන්න මේ වැඩසටහන මම දකින්නේ ජනමාධ්‍යවේදියෙක් කොහොමද මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් යමක් කියන්නේ කියල. වෙලාව තියනවා නම් බලන්න - https://www.youtube.com/watch?v=XEVlyP4_11M

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුනුත් ලංකාවේ වගේමයි, ඇත්ත යථාර්තය නොදනී.
      නමුත් අමරිකාවේ පොඩි වෙනසක් තියනවා එනම් එරටේ බුධිමතුන් කීපදෙනෙක් වත් මේ ගැන කතා කරනවා
      ශ්‍රී ලංකාවේ සිටින්නේ උගතුන් මිසක් බුද්ධිමතුන් නෙමෙයි මෙනිසා මේ තක්කඩි මිනිසුන් තමන්ගේ වැඩේ කරගන්නවා.

      Delete