Thursday, June 27, 2019

කාලකන්නි රාජ්‍ය සේවය යාවත් කාලීන කිරීමට පිළියම්



මට මේ ලිපිය ලියන්න හිතුනේ
https://www.facebook.com/chathura.ruwan.39/posts/2682366941990328

මාතගේ අඩවියේ බෙදාගෙන තිබුන මේ ලිපිය දැකලයි.

මෙහිදී මට අපුරු දෙයක් මතක්උනා. අප රට මෙතරම් කාලකන්නි වී ඇත්තේ රට කාලකන්නි කරන්නේ කවුද? හෝ කුමන දෙපාර්තමේන්තුවද ?  කුමන නිලදාරියා
විසින්ද ?  කියන කාරනා එකවර සෙවීමට නොහැකි වන නිසයි.

දැන් බලමු මෙය එකවර සොයන ක්‍රමයක් හදන්නේ කෙසේද කියල

 මුලින්ම රජයේ සියලු දෙපර්තෙමේන්තු වලට ඉලක්ක ලබාදිය යුතුයි ඒවගේම අදාළ දෙපාර්තමේන්තුව එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද ? කියල විතරක් නෙමෙයි එක් එක් නිලදාරීන් එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද කියලත් සොයන්න නිසි ක්‍රමවේදයක් නෑ මේ සදහා මුලින්ම ක්‍රමවේදයක් සකස් කලයුතුයි.

දැන් හිතන්න රටවැසියෙකුට උවමනා වෙනවා ඔබ කියන පරිදි ආයෝජනයක් කරන්න

01. මුලින්ම ඔහුගේ සැලැස්ම ඔහු එක රජයේ ආයතනයකට ලබාදෙනවා, මෙසේ ලබාදෙන මුල් අවස්ථාවේම ඔහුට අනුක්ක්‍රමික අංකයක් සහිත රිසිට් පත්ක් ලබාදෙනවා.

02. ඉන්පසු අදාළ රජයේ ආයතනය සිදුකල යුත්තේ මෙම වියාපාරය පටන්ගැනීමට උවමනා සියලුම පර්යේෂණ වාර්තා බලපත්‍ර  සහ නොයෙක් සහතික වලට යන මිල අදාළ ආයෝජකයා දැනුවත් කිරීමයි.

03. ඔහු ඊට කැමති නම් මාසයක් ඇතුලත සියලුම ලියකියවිලි පර්යේෂණ රජය විසින් සිදුකලයුතු වෙනවා

අ) මෙතන තමයි වැදගත්ම දේ සිදුවන්නේ දැන් හිතමු කිසියම් පරිසර වාර්තාවක් ලබාගන්න ඕනේ කියල මුල් නිලදාරිය අදාළ ඇස්තමේන්තුව ලබාදුන් පසුව ආයෝජකය කැමතිනම් ගෙවීමක් කල පසු වහාම උවමනා කරන පර්යේෂණ සදහා රජයේ අදාළ අංශවලට අණ නිකුත්කරනවා එම පර්යේෂණ කිරීමට මෙහිදී කිසියම් කාලයක් ඇතුලත මේ පර්යේෂණ නිමා කිරිය යුතු වෙනවා මේසදහා අදාළ අංශ වල එක එක නිලදාරියට කාලයක් ලබාදෙනවා, අදාළ කාලයේ ඔහු හෝ ඇය විසින් සාර්ථකව ඉදිරිපත් කල වාර්තා සහ එසේ ඉදිරිපත් කල නොහැකි වාර්තා මත ඔහු ට හෝ ඇයට ඉදිරි රැකියාවේ ඉහළයාමට බලපාන පරිදි point system එකෙක් හදුන්වා දෙන්න පුළුවන්.

මෙහිදී සිදුවන්නේ සියලුම නිලදාරින් කරන රාජකාරි ගැන නිසිලෙස ගණනය කිරීමක් සිදුවීමයි කිසිදු නිලදාරියෙක් කැමැති නෑ තමා අක්ර්යක්ෂම බව තම ඉහල නිලදාරීන් දැනගන්නවට, ඒවගේම ඉහල නිලදාරීන් කැමති නෑ අලස නිලදාරීන් තොගයක් තියගනිමට මොකද ඉහල නිලදාරියගේ සේවයත් මේ ආකාරයෙන් ම ගණනය වෙන නිසා.

ආ )  අදාල කාලයේ සියලු සහතික ලබාදීම රජයේ වගකීම උනානම් සහ අදාළ කාලයේ රජය නිසි ලෙස වාර්තා ලබාදී නැත්තම් ආයෝජකයාට වැයවූ මුදලත් වන්දි මුදලකුත් ලබාදීමට රජය බැදී සිටිනවා.

මේ වන්දි මුදල රාජ්‍ය වියදමින් ලබාදිය යුතු නැති අතර මේ මුදල අදාළ වැරදි කල සේවකයන්ගේ විශ්‍රාම වැටුපෙන් කපාහැරිය යුතු වෙනවා.

ඒ කියන්නේ විශ්‍රාම යන අවස්ථාවේ රුපියල් ලක්ෂ 10 පමණ මුදලක් දඩ ලෙස රජයට ලැබිය යුතු නම් රජය අදාළ නිලදාරියාට විශ්‍රාම වැටුප ගෙවන්නේ අදාළ මුදල සමග පොලි මුදල රජයට අය වූ පසුයි.

මෙවැනි ක්‍රමයක් පටන්ගත් වහාම ඔබට දකින්න පුළුවන් කොච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපට ලැබෙයිද කියල.

මෙහිදී අල්ලස් ගැනීම අවම වෙන්නේ අදාළ ආයෝජකයාට එක එක දෙපාර්තමේන්තු පස්සෙන් සහතික ලබාගැනීමට යායුතු නැති නිසයි.           

මෙහිදී කිසියම් රාජ්‍ය සේවකයකුට යම් කාර්යක් කිරීමට බලය නැතිනම් ඔහුගේ ඉහල නිලදාරියාට අදාළ ලිපිගොනුව ලබාදියයුතු වෙනවා මෙසේ ලිපිගොනුව බාර නිලදාරිය තමාට කල හැකි සහ නොහැකි දේ වාර්තා කලයුතු වෙනවා .

මෙහිදී කිසියම් වෙලාවක ආයෝජකය අදාළ කාලසීමාවට පසුව ඔහුගේ අනුක්‍රමික අංකය ලබාදුන් වහාම අදාළ විය්ප්පෘතියට  අවසර දෙන්න හැකිනම් හැකි බවත් නොහැකි නම් ඊට හේතුත් ලබාදිය යුතු වෙනවා එම හේතු පිළිගත නොහැකි නම් අධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමට ආයෝජකයාට පුළුවන්.   

10 comments:

  1. Lanka, I remember about your post 'Kelinma Horagen Pene Ahieema'

    News item today said, CID says no evidence to charge Dr Shafi. This is very fishy, because it's too quick to say that and also says 615 complains received and no one is clinically tested by expert. So CID is ob and gyn specialists now?

    Sorry to post it here

    ReplyDelete
    Replies
    1. If the government has a genuine need to do this all they have to do is select those mothers who are trying to conceive a second child and fail all this time after the first child operated by Shafi.

      As a Government its peanuts for them to spend this amount, right now all parties eyeing at Muslim votes and this is the very reason why this type of thing happens

      By looking at this clip
      https://www.youtube.com/watch?v=hOUMSEo-0V8&fbclid=IwAR3zD-llXgd1tU4FAJPb7rOeoYVxrqvafGh9DKbeRwiMT_mj_vcdElXNqVg

      you will see how bias police going to be regarding this investigation.

      My answer is simple if the government do not posses resources then its no point trying to investigate it over here we have to seek foreign support to do so it will cost money, if a MP can get treatment from SG why is it not possible to test few of these women?

      All this will be a big drama

      Delete
    2. Are you guys so stupid. It is the director of Kurunegala hospital who started all this drama, now opposing these women who are the alleged victims to be clinically tested. That itself shows these are false allegations.

      Delete
    3. AnonymousJune 28, 2019 at 12:52 AM,

      According to Doctors - Sri Lanka do not have resource to conduct this investigation, if they have a genuine concern all they have to do is select several mothers and send them abroad for testing. That is the best method, all other studies are just deception.

      Delete
  2. ඔය කියනා දේ ප්‍රායෝගික නෑ. ඔය ටාගට් දෙන එක හැම රජයේ ආයතනයටම කරන්න බෑනේ. අනික හැම රජයේ ආයතනයකම කාර්ය පටිපාටිය හැදිලා තියෙන්නේ වැඩක් වැරදි විදිහට වෙන එක වළක්වන්න මිසක් ඒක කාර්යක්ෂමව වෙන්න නොවෙයි. ඔයා කියන ටාගට් එක කරන්න ගිහින් ආයතන සංග්‍රහය හෝ/හා මූල්‍ය රෙගුලාසියක් උල්ලංඝනය වුනොත් ටාගට් එක ගත්ත එක විගණන අංශය සලකනවද? නෑනේ. ඔයා ඔතනම දාලා තියෙන වාර්තා/පර්යේෂණ කරන්න ටාගට් දෙන්නෙ කොහොමද?එහෙම වුනොත් මොකක් හෝ වාර්තාවක් එයි, ඒත් ඒකේ අරමුණ ඉ‍ටු වුනාද කියලා බලන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. //ඔයා ඔතනම දාලා තියෙන වාර්තා/පර්යේෂණ කරන්න ටාගට් දෙන්නෙ කොහොමද?එහෙම වුනොත් මොකක් හෝ වාර්තාවක් එයි, ඒත් ඒකේ අරමුණ ඉ‍ටු වුනාද කියලා බලන්නේ කොහොමද?//

      ඕනෑම දෙයක් කිරීමට කිසියම් කාලයක් යනවා ඒ සදහා කාලය ගතවීමට හේතු ගණනාවක් තියන්න පුළුවන් රජයේ තිබෙනවා අංශයක් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අංශය කියල එකක් එහිදී සැලසුම් හදන්නේ යම් කයයුත්තෙක් වේගවත් කිරීමටයි Project management වල network analysis and critical path method වැනි ක්‍රම වලින් යම්දෙයක් කාර්යක්ෂම නොවන්නේ ඇයි කියල සොයන්න පුලුවන්.

      ඒ අනුව අදාල නිලදාරින්ට දඩුවම් හෝ උසස්වීම දෙන්න පුළුවන්

      තමන් ඉක්මනින් නිසි තොරතුරු සැලකිල්ලට නොගෙන අනුමත කරලා තියනවනම් එතනදිත් අදාළ නිලදරියව පහසුවෙන් හදුනාගන්න පුළුවන්. මෙනිසා දේසපාලන මැදිහත්වීම මත ක්‍රියා නොකරනු ඇති මොකද වරදක් කරලා නම් දඩුවම් ලැබෙන්නේ නිලදරියටයි.

      Delete
  3. ඔය කියන විදිහට ඉස්කෝලයක දෙන ටාගට් එක මොකක්ද? ළමයි විභාගයකින් සමත්වන ප්‍රතිශතයක් දාලා ඒක ටාගට් කළොත් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ඉල්ලනවා විභාගය සමත් වෙන්න හැකි ළමයි පමණක් විභාගයට යවන්න. එතකොට ලමයගේ පැත්තෙන් ඒක හරිද?

    ReplyDelete
    Replies
    1. //

      ඔය කියන විදිහට ඉස්කෝලයක දෙන ටාගට් එක මොකක්ද? ළමයි විභාගයකින් සමත්වන ප්‍රතිශතයක් දාලා ඒක ටාගට් කළොත් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ඉල්ලනවා විභාගය සමත් වෙන්න හැකි ළමයි පමණක් විභාගයට යවන්න. එතකොට ලමයගේ පැත්තෙන් ඒක හරිද?

      //

      එහෙම කරන්න බෑ ඉස්කොලේට සිද්දවෙනවා සියලුම ළමුන් විබාග වලට යොමුකරන්න වැඩි ප්‍රතිශතයක් ළමුන් අසමත් වෙනවනම් ඒ කියන්නේ ගුරුවරයාගේ නොහැකියාව. ඔබ දැකල ඇති ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල සමහර විට දක්ෂතා ඇති ගුරුවරු ගියහම වසර ගණනාවකින් උසස්පෙළ සමත් නොවූ පාසල් පවා ජාතික පාසැල් වලට වඩා දක්ෂ ලෙස ක්‍රියාකරනවා.

      Delete
  4. අර රු ලක්ෂ 9කටද කොහෙද හදන්න පුලුවන් කාර් එක හදන එකට බාධා කරනවලු නේද?

    ReplyDelete
    Replies
    1. Pra JayJune,

      ඔව් දැන් බලන්න එතන වෙනදේ, මම ඔය කියපු ක්‍රමවේදය තිබුනානම් අදාළ මහත්මයට තියෙන්නේ අදාළ මොටර්රිය හදපුබව රජයේ අදාළ අමාත්‍යංශයට බාරදීම පමණයි, රජයේ වගකීම තමයි මේසදහා සියලු පරීක්ෂණ කිරීම, දැන් ඔහුට සිදුවෙලා තියෙනේ ඉතා සංකීර්ණ පරීක්ෂණ කිරීමට කොටිගනනක් වැයකර විදේශ වලින් ලබාගැනීමයි, එහෙම කලත් ඔහුට කිසිම සහතිකයක් නෑ ඔහුට ලියාපදිංචිය ලැබෙන බවට.

      මෙහිදී මේසදහා යන මුලු වියදම මුල සිටම රජය දැනුම් දුන්නනම් එම මුදල සාදාරන මුදලක් තුලින් මේ සියල්ල කරන්න තිබුන.
      එහෙම නැත්නම් සියලු පරීක්ෂණ වල මුළු පිරිවැය රජය දරල විදිශීය පරීක්ෂණ කරවල අදාළ වාහන විකිනෙන විට ටිකෙන් ටික අයකරගන්න තිබුන.

      Delete